ආදරේට අදට අවුරුදු 5 යි!
එයා මට කැමතියි කියලා මං මුලින්ම දැනගත්තෙ 2004-08-11 වෙනිදා. වචනයකින් නම් නෙමෙයි, පුංචිම පුංචි සිනහවකින්. ඔන්න ඔහොම සිනහවෙන් පමණක් ආදරේ කර කර ඉඳලා අවුරුදු එකහමාරකට පමණ පස්සෙ තමයි වචනයෙන් ආදරේ කරන්න පටන් ගත්තෙ. ඒක ටිකක් දිග කතාවක්. මගේ ඇක ජීවිත කතාව මං ලිව්වෙත් ඇක ජීවිතේ ජයගත්ත දවසෙනෙ. මගේ ආදර කතාවත් සම්පූර්ණයෙන් ලියන්නං ආදරේ ජයගන්න දවසට.
(ආදරේ ජයගැනීම කියන්නෙ විවාහයනෙ. ඒකට නම් තව අවුරුදු 4ක් 5ක් වත් යයි. ඒ වෙද්දිත් මේ බ්ලොග් සටහන ලියමින් හිටියොත් විතරයි හැබැයි මගේ ආදරාන්දරේ ලියන්න වෙන්නෙ.)
කොහොම නමුත් අද අපේ ආදරේට අවුරුදු 5 ක් සපිරෙනවා. දෙන්නටම කොච්චර සතුටුද කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. ඉතිං එදා ඉඳං අද වෙනකං මගේ හැකියා නොහැකියා හොඳ නරක අඩුපාඩු විඳ ගනිමින් මා සමඟ ජීවිතය බෙදා ගත් ඇයටයි මේ ආදරණිය පද වැල........
ආදරය
සිනහවෙන් ඇරඹී...
වචනයෙන් තිර වී...
හැඟීමෙන් සම වී...
හදවතින් සබැඳී...
ආදරේ මුල් අකුරු මට කියා දුන්
ඔබ සමඟ.... 
විටෙක මවක වී...
විටෙක දුවක වී...
විටෙක සොයුරියක වී...
මට සෙහෙහෙ පුද කළ
ඔබ සමඟ....
විටෙක අඳෝනාවක් වී...
විටෙක හැඬුමක් වී...
විටෙක කඳුළක් වී...
මගෙ දෙනෙත් තෙත් කළ
ඔබ සමඟ...
විටෙක ඇණයක් වී...
විටෙක වදයක් වී...
විටෙක කරුමයක් වී...
මගේ සිත කුපිත කළ
ඔබ සමඟ....
විටෙක රසිකාවියක වී...
විටෙක සුමිතුරියක වී...
විටෙක සොඳුරියක වී...
මා මුව සිනහවෙන් සපිරූ
ඔබ සමඟ....
විරසකය, අස්වැසුම, යලිසමගිය
මගේ ජීවන චක්‍රය කළ
ඔබ සමඟ...
පස් වසක් පුරාවට
මා දිවියේ සෑම මොහොතකටම
සාක්‍ෂිකාරියක වූ
ඔබ සමඟ...
ගෙවූ මේ පස් වසර
වචනයේ පරිනිමි අරුතින්ම
සුන්දරයි අහිංසකයි ලස්සනයි...
පුදන්නට තුති ඔබට
වචන නෑ මට...
ගල් බොරළු කටුපඳුරු මැද
මාසමඟ ආ මේ ගමනට...
එදා සිට මෙවනතුරු
සැමදා එක නදින්
කී ඒ තෙවචනම
කියන්නම් තුති ලෙසින්...
සැමදාම එක ලෙසින්
"මං ඔයාට
ආ ද රෙ යි . . . "
෴
~







ඔබටත් ඇයටත් පතමි සුන්දර දිවියක් ....ජීවත් වෙන තුරාවට ආදරයෙන්
සුභ පැතුම් අයියාට හා අක්කාට
එළ එළ... :D
ආ.. කැම්පස් එකේදි හම්බෙයිනේ.. අල්ලගන්නම්කෝ.... :P
සුභ පතනවා හදවතින්ම හැමදාමත් දෙන්නට සතුටින් ඉන්න.අවංකවම ආදරේ කරන කෙනෙක් කියලා දැනුනා.ගොඩක් සතුටුයි.ඔන්න ආයෙත් සුභ පතනවා දෙන්නගෙම පැතුම් ඉටුවෙන්න කියලා.
subha pathum . . . !
its hard to find ppl who really mean what real love is . . . ? in such a world . . . u guys seems gr8 . . . ! congrats . . . for both of u . . !
deeps නඟාට, රන්දීර මලයට, ගයන්ත මලයට, කනිෂ්ක මලයට, හසී මලයට, දුකා අයියට - ස්තූතියි සුභපතපු හැමෝටම!
@Kanishka
එළ එළ කෝ ඉතිං අල්ලගන්නවා කිව්වට තාම දැකලාවත් නෑනෙ.. මේක හරියන්නෑ, අපි වෙලාවක කතා වෙලාම සෙට් වෙමු ගොඩේදි.. මොකෝ කියන්නෙ? :D
@දුකා
Yap thanx! but if someone ask me "what is love?", I still have no exact answer to give. But I know exactly what love is. It's nothing else, but what I'm getting from her & what I give her. :)
මගෙනුත් සුභම සුභ පැතුම්... :)
අවු 5 ක් ලව් එකක් අදිනව කියන්නේ ලේසී වැඩක් නෙවේ කියලයි මට හිතෙන්නේ. දැන් උඹ ඒක කරලා. සුභ පැතුම්, අපිටත් කසාදෙ කියන්න :P
සුභ පැතුම්..!දෙන්නටම.
මගෙන් සුභ පැතුම් චිරාත් කාලයක් ආදරෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
hoddai hoddai machan adare jayaganna dawasata apitath invitation ekak ewapan ko...........
................wena
හික් හික් හී
සුබ පැතුම් අයියේ
මේ අයියෙ..මේ....මේ..මේ..නෑ එක්කෝ පස්සේ කියන්නම්
එළ එළ! ජයවේවා!!!
නයිස් මචෝ... කරගෙන පලයන්...
ධනික මල්ලි,
ඔබටත් ඇයටත් හැමදාම සතුටින් ඉන්න හදවතින්ම සුභ පතනමි...
Nice machan, your love & poem,
seems you are a lucky person
WISH You both HAPPY Future
me mokakdada openid kiyanne aaaaaaaa subapathum ! mama sanjeewa
එළනේ සහෝ... හදිස්සියට නිකං හදලා බැලැවා. ආසන්න ලෙස තත්පර 155520000 ක් ජීවත් වෙලා තියෙනවා දෙන්නාගේ ආදරේ... ඒක අනන්තය තෙක් ඈතට යන්න සුභ පැතුම්.
දෙන්නගේම අනාගතයට සුභ පැතුම්....
නෙවී සොයුරියට, තිලිණ බුවාට, මලී සොයුරියට, ක්‍රිෂී මලයට, මනුශාන් මලයට, සුදාරක මලයට, ප්‍රසාද් අයියට, රන්සර අයියට, කුෂාන් ලොකු සහෝට, පන්හිඳ ලියන නාමල් සොයුරට, සංජීව සොයුරට, නම් පළ නොකළ දෙන්නට - සුභපතපු හැමෝටම බොහොම ස්තූතියි!
@Thilina
අමාරුයි නම් තමයි බං... මොකට මං මේ කෙල්ලෙක් එක්ක යාළු උනාද කියලා හිතිච්ච අවස්ථාත් නැතුවා නෙවෙයි... ඒත් ඉතිං කොහොමහරි තාම ආදරෙන් ඉන්නවා...
එළ එළ අනිවා කසාදෙ කියන්නම්කො... :D
@මනුශාන්
මොකෝ මේ මේ.. මේ.. ගාන්නෙ? :D
තෙපරබාන්නැතුව කියහංකො මලයණ්ඩියෙ... මොකෝ පුරශ්නෙ?
@සංජීව(3rdAnonymous)
OpenID ගැන මෙතනින් දැනගන්න - http://openid.net
@කුෂාන් ඇස්. වන්නිආරච්චි
බුදු අම්මෝ ලොකු සහෝ මාර වැඩනෙ කරන්නෙ.. මට ඒ තප්පර ගාන කියවගන්නත් බැරි උනා... :D
ඒත් ඉතිං අනන්තයටම නං යන්න බැරි වෙයි සහෝ... අපි හැමෝම ඉපදිලා මැරිලා යන මිනිස්සුනෙ... අනන්තෙට කිට්ටු කරන්නවත් ට්‍රයි එකක් දෙන්නංකො.... :D
(මං වෙනුවෙන් ඒ ගාණ හදලා කිව්වට සහෝට ආයෙත් ස්තුතියි!)
hamotama mama subapathanawa, mage adaretath dan awrudu 6k.
ඔන්න මගෙනුත් සුබක්... ධනික බුවාට.. ආදරේ ගැන කියන්න නම් ආදරේ කරන්නම වෙනවා.. මට තේරෙනවා...
අධ්‍යපනයට ප්‍රේමකරමු
රටටක් ප්‍රේමකරමු
තමාටක් ප්‍රේමකරමු
සැමටම ප්‍රේමකරමු
පාසැල් දරුවන් මෙතනට ගොඩ වක බවද දනිමු
@Anonymous
ස්තුතියි!
@ආගන්තුකයා
එළ එළ බුවා.. ස්තුතියි! :D
ආදරේ කියන්නෙ ඇත්තටම අත්විඳින්න විතරක් පුළුවන් දෙයක්, ඒක විස්තර කරන්න බෑ.
@අබේසේකර
අගනා කියුමක්! මේ ලෝකෙ රඳා පවතින්නෙ ආදරේ මත. අධ්‍යාපනයට, රටට, තමාට, සැමට ආදරය කළොත් ඇත්තටම බිහිවෙන්නෙ සර්වසම්පූර්ණ මිනිසෙක්.
All the Wishes for you both on your loving life.. and nice words on love in the begining.
@caesars
Thanks for your wishes!
magen suba pathum...
oba depalage adarayata :D
@susantha
බොහොම ස්තුතියි! :D
Finally I got on to Your Blog..This is the first thing I read.. Ha ha... I would like to write something in Sinahala..but how??? don't have fonts... congrats and best of luck my friend... Even after 5 years from then, now, my wishes are still with you. God Bless You both...
@mrian
Oh.. Thank u so much my dear friend! U r the one who was with us from the very beginning. Thank u so much for everything & evry help u gave us. We'll never forget ur help. True friends last forever!!! GBU!
I like your love loop
ඔයවගේ Infinite loop දාගන්නේ පරිස්සමින් හරිද Machine එක ස්ටක් වෙන්න ඉඩ තියෙනවා.එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනව
Post a Comment