මෙතෙක් බිහිවූ ත්‍රාස්‍යජනකතම කෙටි චිත්‍රපටය...
ඔය ත්‍රාස්‍යජනකතම කෙටි චිත්‍රපටය ගැන කියන්න කලින් පොඩ්ඩක් කියලා ඉන්නම්කො මේ දවස් වල වත ගොත ටිකක්. ඊටත් කලින් කියන්න ඕනා මෙන්න මේ ටික. මේ සිංහල බ්ලොග් ලිවීමෙනුත් බිහිවෙලා තියෙන්නෙ යම්කිසි විදියක සමාජයක්. ඕනෙම සමාජයක වගේ මේ සමාජයෙත් සමාජිකයින් අතර ඒ කිව්වෙ මේ අපේ සිංහල බ්ලොග් ලියන යාළු මිත්‍රයින් අතරත් මත ගැටුම් ඇති වීම ස්වභාවිකයි. එහෙම වෙන්න එපැයි ඉතිං. මත වලින් ගැටුනම තමයි අපේ පරිකල්පන ශක්තිය දියුණු වෙන්නෙ, අපේ මතවාද තීව්‍ර වෙන්නෙ. ඒවා ඉතිං ඒ අදාල ලිපිය සම්බන්ධව විතරනෙ. තාවකාලික මතගැටුම් විතරයි, ස්ථීර මතගැටුම් අපි කව්රුත් අතර නෑ. ඉතිං මේ හෙළ සමාජය තුල ඉන්න යාළු මිත්‍රයින් අතර අපි එකිනෙකාට ප්‍රයෝජනවත් හෝ රසවත් වන අපේ ජීවිත අත්දැකීම් බෙදා ගැනීමෙ ඇති වැරැද්දක් නැති බවයි මගේ හැඟීම. ඒ නිසයි මේ දවස් වල වත ගොත ටිකක් සහ අතීත ජීවිත අත්දෑකීම ටිකක් මගේ බ්ලොග් සටහනේ ලියන්න හිතුවේ.
විභාග කටයුතු නිමා කරලා මේ දවස් වල ටිකක් නිදහසේ ඉන්නවා. සරසවියේ කට්ටියක් එක්ක සෙට් වෙලා දින තුනක චාරිකාවකුත් ගියා විභාග මානසිකත්වයෙන් මිදිලා පොඩ්ඩක් ඉහිල් වෙන්න. අපි ගියෙ ලංකාවෙ උසම පෙදෙසට. දුම්රියෙන් බැස්සෙම ලංකාවෙ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන්. හෝට්න් තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, දියළුම ඇල්ල, රාවණා ඇල්ල වගේ ලංකාවෙ සුන්දරම තැන් කීපයකම අපිට සැරිසරන්න ලැබුණා. මෙහෙම යද්දි හිතුණ එක දෙයක් තමයි අපේ මේ පුංචි ලංකාව මොනතරම් සොභාසෞන්ධර්යාත්මක විවිධත්වයකින් පිරුණු රටක්ද කියන එක. විශේෂයෙන්ම හෝට්න් තැන්න රක්‍ෂිතයෙ අඩියෙන් අඩියට දේශගුණික ලක්‍ෂණ එකිනෙකට වෙනස්. ඇත්තටම එය පුදුමසහගතයි. ලංකාවෙ සුන්දරතම ප්‍රදේශයක් වන මෙය රක්‍ෂිතයක් කරපු අයට නම් අපි ශ්‍රී ලාංකිකයො හැටියට ජාති ජාතිත් පිං දෙන්න ඕනා. අපේ මේ චාරිකාවේ ඡායාරූප කීපයක් මෙන්න මෙතනින් කැමතිනම් නරඹන්න පුළුවන්.