Type කිරීමේදී පහසුවෙන් සිංහල සහ English අතර මාරුවෙන්න....


පසුගිය දවස් වල මේ බ්ලොගවකාශෙ සැරිසරද්දි මං ඇතැම් තැන් වල දැක්කා බ්ලොග් කර්තෘ වරුන්ගෙන් පාඨකයන් ඉල්ලලා තියෙනවා හැකිනම් ඔය කමෙන්ට් කරද්දි එන Word Verification එක ඉවත් කරන්න කියලා. ඊට හේතුව ලෙස සඳහන් කරලා තිබ්බෙ සිංහල බ්ලොගවකාශෙ ඉඳිද්දි නිතරම සිංහලෙන් යතුරු කරන අතරෙ ඔය Word Verification එකට විතරක් English වලට මාරු වෙන්න සිදුවීම. අපේ මේ සිංහල බ්ලොග් වලට නම් Word Verification දාන ඒක අත්‍යාවශ්‍ය නැති දෙයක් හැටියටයි මාත් දකින්නෙ. මොකද ඕක දාන්නෙ කමෙන්ට් කරන්නෙ මනුශ්‍යයෙක්ද කියන එක තහවුරු කරගන්නනෙ. අපේ මේ සිංහල බ්ලොග් වලට ඉතිං ඕක නොතිබුණා කියලා මහලොකු ගැටළුවක් වෙන එකක් නෑ.

කොහොම නමුත් ඉතිං බ්ලොග් කර්තෘ වරයගෙ කැමැත්ත ඒක නම් අපිට ඒ දේ කරන්න සිදුවෙනවනෙ. ඒ වෙලාවලදි විතරක් නෙමෙයි අපි සිංහලෙන් බ්ලොග් ලිපියක් ලියද්දි උනත් අපිට යම් යම් අවස්ථා වලදි English වලින් යතුරු කරන්න වුවමනා වෙනවා. යතුරුකරණයෙදි සිංහල සහ වෙනත් භාෂා අතර මාරු විය හැකි පහසු ක්‍රමයක් තියෙනව නම් අපේ කාල වේලාව ගොඩක් ඉතුරු කරගත හැකිවේවි කියලා හිතලයි මේ ලිපිය ලියන්න හිතුණෙ. බොහෝ විට මේ දේවල් ගොඩ දෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. නොදන්න අයත් ඇති කියලා උපකල්පනය කරලයි මේ ලියන්නෙ.

"වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි !"

දවසේ කෙටි කතාව

"සෑර් බලන්නකො... චැහ්......!"
"මොකද බං......?"
"චැහ්....! බලන්නකො.... අපේ ෆිලිම් එක හදලා ඉවර වුනා විතරයි මේවා තහනම් කළානෙ..."
"මොනවද බං.....?"
"ඇයි සෑර් දැන් වැඩිහිටියන්ට පමණයි ෆිලිම්ස් තහනං නොවැ...."
"ඉතිං අපිට මොකද බං......?"
"අපිට මොකද අහන්නෙ.........? අපරාදෙ යට කරපු සල්ලි........"
"ඇයි..........?"
"ඇයි සෑර් ඉතිං දැන් අපි හදපු ෆිලිම් එකත්........"
"ඔව්.... ඉතිං..... කව්ද බං කියන්නෙ අපි හදපු ෆිල්ම් එක එහෙම එකක් කියලා....?"
"ඇයි සෑර් අපි හදපු ෆිලිම් එක......"
"ඔව් ඉතිං..... අපි හදපු ෆිල්ම් එක..............?"
"අපි හදපු ෆිලිම් එක වැඩිහිටියන්ට...."
"වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!"

~
නිමි~

ඔන්න Harmony ත් එක්කම රසවිඳින්න - මං live ගයපු සින්දුවක්!

බ්ලොග් එකකින් ඉතිං එළියට දාන්න පුළුවන් ලේඛණ හැකියා විතරක්ම නෙමෙයිනෙ නේ? ඔන්න පොතක්, පත්තරයක්, සඟරාවක් ගත්තොත්නං ඒවායින් එළියට දාන්න පුළුවන් ලේඛණ හැකියා විතරමයි. ඒත් ඉතිං අපි මොකටද මෙච්චර වැඩ දාන්න පුළුවන් බ්ලොග් එකක් ඇතුලෙත් ලේඛණයට විතරක් කොටු වෙන්නෙ. ඉතිං ඔය හින්දා ඔන්න ආයෙමත් කාලෙකට පස්සෙ මං හිතුවා මං ගයපු, මං මාර ආස විදියට ගයපු සින්දුවක් බ්ලොග් එකේ පළ කරන්න.



(මං කලින් පළ සින්දු මෙතනින්, මෙතනින් සහ මෙතනින් නරඹන්න පුළුවන්)


සිංදුව අහන ගමන්ම මේ ටිකත් කියවන්නකො.

ස්වභාවික චලන අවිශදතාවය (Natural Motion Blur) - බවු-ටික-විජ්ජා කුප්පියක්



මේ දැක්වෙන්නෙ පසුගිය දිනෙක මගේ කැමරා ඇස බ්ලොග් අඩවියේ පළ කළ සේයාරුවක්. මේ සේයාරුව මම මගේ කැමරා ඇසට අසුකරගත්තෙ බස් එකේ පා පුවරුවෙ ගමන් කරමින් සිටියදී කියලත් මං ඒ සේයාරුවට යටින් ලියලා තිබ්බා. නමුත් මේක දැක්ක ගමන් ඕගොලන්ටත් හිතෙන්න ඇති මේකෙ නම් කිසිම Motion Blur එකක් නෑනෙ කියලා නේ? අපේ බුධාජීව මලයටත් ඔහොම හිතලා තිබුණානෙ. ඉතිං ඔන්න බුධාජීව මලයයි මායි අතර එතනදි comments වලින් පුංචි කතාබහක් ඇති උනා. ඔය පහතින් දැක්වෙන්නෙ ඒ කතාබහ.

පුංචි රැගක්....

හැමෝම මගේ ජීවිතාන්දරේ කියවන්න ඇතිනෙ. ඊට ප්‍රතිචාර දක්වමින් මට සුභපතපු සහ මාව දිරමත් කරපු සියළුම දෙනාටම මුලින්ම මම ආයෙත් ස්තුතිවන්ත වෙනවා. ඒ ලිපියෙ ප්‍රතිචාර දැක්කමයි මටත් හිතුණේ අපි නොහිතුවට අපේ ජීවිත කතාවකින් තමන්ගෙ ජීවිතේට යමක් ලබාගන්න කී දෙනෙක් ඉන්නවද කියලා. මම ආයෙත් කියන්නෙ ජීවිතේ මොනම වැටීමකින්වත් සැලෙන්න එපා. වැටෙන්න වැටෙන්න නැගිටින්න. ඒ වැටීම් වලින් නැගිටිනකොට අපිට ලැබෙන පන්නරය අපේ ජීවිතය ජය ගන්න අපිට ගොඩක් උදව්වෙනවා. මං හිතන්නෙ මමත් මගේ ජීවිතේ ජයගත්තෙ ජීවිතේ යම් කාල වලදි සිදුවුණ වැටීම් වලින් නැගිටීමේදි ලැබූ පන්නරය නිසාමයි කියලා. ඔබ සැමදෙනාටමත් ජීවිතේ ජය ගන්න මං හදවතින්ම සුභ පතනවා.

ඒ ලිපිය අවසානයෙ මං කිව්වනෙ අපේ CSE Department එකේ වැඩ සඳුදා පටන් ගන්නවා කියලා. ඔන්න ඉතිං අර කැම්පස් ආපු මුල් කාලෙ වගේ dress codeඩුත් ගහගෙන ගියා අද. ඇත්තමයි අද නිකං කැම්පස් එකට ගියෙ හරියට අලුත් කැම්පස් එකකට යනවා වගේ. එච්චරට සතුටුයි. උදේ අපිව Department එකට පිළිඅරගෙන පුංචි පුංචි දේශන වගයක් තිබ්බා. ඒ වැඩ ටික නම් ඉතිං 12 විතර වෙද්දි ඉවර උනා.