Mozilla Thunderbird 3.0 සඳහා සිංහල වදන් සංශෝධන, අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න


පරිගණක භාවිතය සඳහා අපේ මව් භාෂාව භාවිත කරන අප සියළු දෙනාටම Mozilla Thunderbird හි සිංහල වෙළුම පිළිබඳ ආයෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෙ නෑනෙ. ඉතිං මේ සටහන තබන්නේ ලබන නොවැම්බර් මස දී නිකුත් වීමට නියමිත Mozilla Thunderbird 3.0 නිකුතුව පිළිබඳව.

ලබන නොවැම්බර් මස නිකුත් කිරීමට නියමිත මෙම නිකුතුවෙහි සිංහල වෙළුම වැඩිදියුණු කිරීම මේ දින වල මොරටුව සරසවියට අනුබද්ධිත LAKapps ව්‍යාපෘති කණ්ඩායම මගින් සිදුකරමිනුයි පවතින්නෙ. ඊට සමගාමීව මෙම Thunderbird සිංහල වෙළුමෙහි පරිශීලක අතුරුමුහුණත පුනරීක්‍ෂණය කිරීමේ රැස්වීමක් මේ මස 29 වන දින මොරටුව සරසවියේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේදී පැවැත්වීට නියමිතයි.

සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයේදී මහාචාර්ය J.B. දිසානායක මහතා පැවැත්වූ දේශනය

පසුගිය බදාදා (සැප්.2) මොරටුව සරසවි භූමිය තුළ පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූවෙක් ලෙස මේ පිළිබඳ සටහනක් තබන්න හිතාගෙන හිටියත් අද තමයි ඊට ඉඩ කඩක් ලැබුණෙ. විශේෂයෙන්ම මේ සටහන තබන්නෙ මේ සම්මන්ත්‍රණය ට සහභාගී වීමට නොහැකි වූවන් වෙනුවෙන් දෙන්නට දේවල් කීපයක් තියෙන හින්දා.




කනිෂ්ක විසින් කනියාගේ සටහනේ සහ පිටස්තරයා විසින් Out in the open හි මේ සම්මන්ත්‍රණය පිළිබඳ ලිපි පළකරලා තියෙනවා. මෙම සම්මන්ත්‍රණය පිළිබඳව සහ දේශියකරණය පිළිබඳව මගේ මතය මම පිටස්තරයා විසින් මේ පිළිබඳ ලියපු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් පළ කළා. ඉතිං ආයෙමත් මම ඒ පිළිබඳව ලියන්න බලාපොරොත්තු වෙන්නෑ. එහිදී මට සඳහන් කිරීමට නොහැකි වුනු එක් දෙයක් ගැන පමණක් ලියන්නම්.