eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1



කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාර බොහෝමයකින් තේරුණා හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා. ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. මේ තියෙන්නෙ මං මෙතෙක් කල් eBay එකෙන් ගෙන්නවපු පොඩි පොඩි items අපු ලියුම් කවර.




දැන් ටිකක් බය නැති උණාද? මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑ, ඔක්කොම ගෙදරටම ආවා. පුංචි අවුලක් ගියෙ අර fake pen එකේ විතරයි. නමුත් ඒකටත් මට full refund එකක් ලබාගන්න පුළුවන් උනා. ඒ කියන්නෙ eBay එකෙන් ගණුදෙනු කළා කියලා මට අද වෙනකල් සත පහකවත් පාඩුවක් උනේ නෑ. ඔන්න දැන් හරිනෙ. දැන් බය නෑනෙ පොඩ්ඩක්වත්. එහෙනම් කුප්පිය පටන්ගමු.

කලින් ලිපියෙ ප්‍රතිචාර වලදි කියලා තිබුණා හැම තරාතිරමකම අය බ්ලොග් කියවන හින්දා නොදන්නා අයටත් ගැළපෙන විදියට පියවරෙන් පියවර මේ ලිපි පෙළ ලියන්න කියලා. ඉතිං eBay ගැන මුකුත්ම නොදන්න අයට දැනගන්නත් එක්ක මුලින්ම අපි අද පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු.


eBay කියන්නෙ මොකක්ද?
  • eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
  • විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
  • eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
  • සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
  • ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
  • ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.

eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
  • eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.
PayPal කියන්නෙ මොකක්ද?
  • PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි.

සාරාංශයක් වශයෙන් eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න සපුරාලියයුතු අවශ්‍යතා මොනවද?
  1. eBay ගිණුමක් තිබිය යුතුයි.
  2. PayPal ගිණුමක් ගිණුමක් තිබිය යුතුයි.
  3. අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි. (කාඩ් එකේ සල්ලි තිබිය යුතුයි. )

අදට eBay කුප්පිය අවසානයි. දැනට ඔබ eBay සහ PayPal තුළ sign up වෙලා අලුත් ගිණුම් හදාගෙන පුංචි පුංචි අතහදාබැලීම් ටිකක් කරන්න. මෙතෙක් සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මීට අමතරව දැනගත යුතු තවත් මූලිකම දේවල් තියෙනවා නම් ඒවත් අහන්න. එතකොට මං ඒ ප්‍රශ්නත් ඇතුළු කරලා මේ ලිපිය යාවත්කාලීන කරන්නම්. ලිපිය ප්‍රයෝජනවත් උනානම් ඒ ගැන සටහනක් තබලා යන්නත් අමතක කරන්න එපා.

ජොබ්ඇති ජොබ්නැති අපි හැමෝටම ශ්‍රී ලංකාව තුළ ලේසියෙන්ම ලබාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ ගණුදෙනු කළ හැකි Visa card එක වන "සම්පත් Webcard" ගැන තොරතුරු සහ එය PayPal වෙත link කිරීම ගැන තොරතුරු ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.






136 යි ප්‍රතිචාර

Madhawa Habarakada said...

මේක නම් එලම ලිපි පෙළක් වේවි. මටත් මේ ගැන දැනගන්න ඕනෙ කමක් තියෙනව. ebay තුළ භාණ්ඩ විකීණීම ගැනත් ටිකක් කියයි කියල බලාපොරොත්තු වෙනව.

මල්$han said...

ධනික අයියේ ඉක්මනටම ඔයාගෙන් ඉතුරු ලිපි ටිකත් බලාපොරොත්තු වෙනවා...

රොකියා | Udara said...

ගොඩක් හොඳට තේරෙන භාෂාවෙන් ලියලා තියෙනවා. යමක් හරියට කියල දෙන බ්ලොග් කරුවන් අතරෙ ධානික සහෝ ප්‍රසිද්ධයි. නැවත බ්ලොග් ලියන්න ආපු එක ගැන ගොඩක් සතුටුයි.

Thilina said...

එළ එළ..

Thameera said...

එල, හොඳ පැහැදිලි කිරීමක්. වෙබ් කාඩ් එකකටත් ඇප්ලයි කළා, ආවම බලමුකො. :)

උකුස්සා said...

ගෝඩාක් ස්තුතියි සහෝ.. ලිපියනම් A to Z තේරුම්ගන්නම පුලුවන් විදියට ලියලා තියෙනවා. මම අහන්න කැමතියි සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එකෙනුත් ebay එකෙන් භාණ්ඩ මිලදිගන්න පුලුවනි නෙද? ඒ පිලිබදව වැඩි තොරතුරු ටිකක් කියනවද?

නිශාන්ත said...

ඔහොම යං...හොදටම පැහැදිළියි..

Kasun Nadeeshana said...

නියමයි. මාත් දැන්ගෙන හිටියේ නෑ eBay ගෙන මෙච්චරට. ස්තුතියි.

CBTBlogger said...

නියමෙට තේරුනා එල වැඩක්...
තව ඉදිරියට මේක කරගෙන යන්න,කවුරුත් මේකට කැමති වේවි..
අනිත් එක අපි කවුරුත් මේක නොදන්න නිසා මේවගේ හොඳට තේරෙන්න ලියන්න

LishWish said...

මචං ධනික,
වටිනාකම නම් උපරිමයි සහෝ...! දිගටම ලියන්න. මේ ලිපිපෙළ නම් මම අතහරින්නේ නෑ කීයටවත්...!

ජයවේවා.

Meth Visula said...

පුලුවන්තරමි ඉක්මනට ඒකත් දාන්න
ජය වෙීවා

rane said...

ගොඩක් හොදට ලියලා තියනවා...මේ තරම් ඉක්මනට ලියයි කියලා හිතුවේ නෑ...ඉක්මනට ලිවුවට ගොඩක් ස්තූතියි...අනික් ලිපිත් එනකන් අපි බලන් ඉන්නවා..

මම ආසයි අයියා එක්ක චැටක් දාන්න මාව gtalk වලට එකතු කරගන්න.....ranndeera@gmail.com

uditha said...

හොද ලිපියක්
ඔන්න ebay & paypal accounts හදා ගත්ත.paypal වලට sampath web card එක setup කරන හැටි කියා දෙන්නකො.

Prashan Fernando said...

සහෝදරයා ඔයාගේ ලිපිය නම් වටිනවා. ebay වලින් RAM එකක් ගෙන්වා ගැනීම ගැන ඔයා මොකද හිතන්නේ??TAX ගෙවන්න වෙයිද??

Unknown said...

hamotama Credit Cards nane... SO.. Sampath Bank eke Web Card eka ganath kiwwanam hondai neda..?? :) credit card ekak nathuwa duk wena api wage kollonta eka godak watinawa.. :)

Ishan said...

හොද ලිපියක් ස්තුතියි

Unknown said...

උඹ eBay එකන් බඩු ගන්නව කියල දැනගෙන් හිටියට ,කවර ගොඩ දකින්කන් දැනන් හිටියෙ නෑ ඔය තරම් ගොඩක් ගත්තා කියල

Namal Sirimanna said...

commercial bank එකේ debit එකෙන් ඔය වැඩේ කරන්න බැරිද

Unknown said...

I'll just leave this link here =P
http://www.toolhaus.org/

don't bother buying stuff from a seller who's feedback is below 98%

always check feedback [the link above would make things easier for you]

don't assume anything,when in doubt always contact the seller [shipping cost/method,item description,etc..]

ebay is safer than the shops at freakin unity if you've done your homework before getting down and dirty with it ;)

best of luck :)



p.s. mewa okkomath hari ape reguwe inna mahathhoruth hari,sooooo,order karata passe adahana devi kenekuta bharayak ehema unata padu na :P

*sorry bout english+singlish

ධනික | Dhanika said...

ලිපිය පළ කරලා කැම්පස් ගියා, මේ දැනුයි ගෙදර ඇවිල්ලා ආයෙත් ජාලගත උනේ. පොඩ්ඩක් ප්‍රමාද උනාට තරහා වෙන්න එපා. ඔන්න එහෙනම් කට්ටියටම පිළිතුරු පිළිවෙළකට. :)

@Madhawa Habarakada
ස්තූතියි! මං දන්න හැමදේම ඉදිරියෙදි කියන්නම්. :)

@$han
එළ එළ මල්ලි... පුළුවන් ඉක්මණට ලියන්නම්කො.

@රොකියා | Udara
බොහොම ස්තූතියි සහෝ..! මට මාර චරිත සහතිකයක්නෙ දීලා තියෙන්නෙ.. හික්! :D

@Thilina
ප්‍රතිචාරෙට ස්තූතියි මචෝ!

@තමීර | Thameera
ස්තූතියි අයියෙ! ආ ඇත්තද ඕක එන්න සතියක් දෙකක් විතර යයි.

ධනික | Dhanika said...

@උකුස්සා
ස්තුතියි! සහෝට උකුසු ඇස් තිබ්බට අර මං ඊළඟ ලිපියෙන් ලියන දේ ගැන දාපු ඉඟිය දැකලා නෑ වගේ. ඊළඟ ලිපියෙන් කියන්න හිතං ඉන්නෙ ඒ ගැන තමයි.

@නිශාන්ත
ස්තූතියි!

@Kasun Nadeeshana
ස්තූතියි! ඉස්සරහට තව තව දැනගන්නකො. :)

@J.P ලසිදු නදීශාන් තාරුක
ස්තූතියි! පුළුවන් උපරිමෙන් හැමෝටම තේරෙන විදියට ලියන්නම්.

@LishWish
බොහොම ස්තූතියි මචෝ! උඹටත් ජයෙන් ජය!!

@METH GAMAGE
හරි මල්ලි ඉක්මණට දාන්නම්. :)

@රන්දීර වීරකෝන්
මේ දවස් වල නිවාඩුනෙ මල්ලි. ඉක්මණට ලිපි ටික දාන්න පුළුවන්. වැඩිය සින්ඩිය පුරවන්නත් හොඳ නෑනෙ මල්ලි, ඒකයි එක දිගට දාන්නැත්තෙ.
අයියෝ කිසි අවුලක් නෑ දාමු චැට් එකක්. මගේ gtalk එක dhanikaperera.

ධනික | Dhanika said...

@uditha
ස්තූතියි මචෝ! හොඳයි හොඳයි වෙබ්කාඩ් ගැන කියන්නම්කො ඊළඟට. :)

@Prashan Fernando
ස්තූතියි සහෝ! මට 100% sure කරලානම් කියන්න බෑ සහෝ, හැබැයි ගොඩක් දුරට tax වදින එකක් නෑ. RAM එකක් කියන්නෙ සාමාන්‍ය ලියුම්කවරෙක කිසි අවුලක් නැතුව එවන්න පුළුවන් එකක්නෙ.

@KaZun
අයියෝ... ඕකනෙ කියන්නෙ ලිපියක් කියවද්දි අග මුල ඉඳලා අගටම කියවන්න කියලා. දැක්කෙ නැද්ද මං කියලා තියෙනවා ඊළඟ ලිපියෙන් කියන්න යන්නෙ ඒ ගැන කියලා?? :)

@Ishan
ප්‍රතිචාරෙට ස්තූතියි!

@manu
හි හි... eBay රස වැටුනම ඔහොම තමයි.. :D

@නාමල්
බෑ. ඒ ගැන ඊළඟ ලිපියෙදි කියන්නම්.

@m
Thanks for your comment!
Hope to write about all of these, one by one in my next few posts.
රේගුවෙන් හෝ තැපැල් කාර්යාල වලින් අවුලක් වෙන්න පුළුවන් අපි ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ ගෙන්වුවොත් විතරයි. ඒකයි මං ලිපියෙ සඳහන් කරලා තියෙන්නෙ ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ ගෙන්වීම එතරම් නුවණට හුරු නෑ කියලා.

උකුස්සා said...

තැන්කිවු ... තැන්කිවු.... මෙන්න මෙවාගේ සහෝලා ඉන්නවනම් අපිත් යමක් කමක් ඉගන ගන්නොවැ... අනේ සහෝ.. ඉක්මනටම ඉතුරු ලිපියත් දානවද?

උකුස්සා said...

ධනික සහෝ... අපිට ඉතිං ජාල පහසුකම් ලාබෙට ගන්නතරම් වත්කම් නැති නිසා.. එකපාරට ජාලගතවෙලා අවශ්‍ය බ්ලොග් ලිපිටික save කරගෙන පසුව තමයි කියවන්නේ. සහෝගේ වැඩේ නියමට ලියලා තිබුනු නිසා ඉක්මනටම කමෙන්ට් එකක් දැම්මා. අන්තිමටම ලිපිය කියවන විට තමයි සියලු දේ දැනගත්තෙ...

ධනික | Dhanika said...

@උකුස්සා
අම්මේ... ඇති ඇති චාටුව... (විහිලුවක් ඈ) :D
ආ ඒකට කමක් නෑ.. එහෙම තමයි ඉන්නොනෙ.. හොඳ ලිපියක් දැක්කොත් දුටු සැණින් කමෙන්ට් එකක් දාන්න ඕනෙ.. ;)
අපිටත් මහලොකු වතකම් නෑ මචෝ.. මටත් තියෙන්නෙ SLT ADSL 1GB package එකක්!

ධනික | Dhanika said...

අහ්! ඔන්න මගේ බ්ලොග් එකට Followers ලා 99යි. කවුද බලමු 100 වෙනි වාසනාවන්තයා වෙන්නෙ... :)

ධනික | Dhanika said...

ඔව් මේ අවස්ථාවේදී මාගේ බ්ලොග් සටහනේ 100 වෙනි Follower වීමට Prashan වසනාවන්ත වෙනවා! ඔහුට මාගේ උණුසුම් සුභ පැතුම්!!! :D :D

මාර සතුටුයි ඇත්තටම මේ තරම් අඩු කාලෙකදි Followers ලා 100 දෙනෙක් සිටීම ගැන. ඔබ සැමටම ස්තූතියි! :)

Kasun_Pradeepa said...

මාරයි මචන්. දිගටම ක‍රගෙන යන්න.

Tricks to handle MS PowerPoint presentation Smartly said...

ෂා ..... ඔන්න ධනික වැඩ .. මම ලිපිය කියවන ගමන් බැලුවෙ තව මොනවද අහන්න තියෙන්නේ කියලා ඒත් ඔයා නොදන්නම කෙනාගේ මට්ටමේ ඉදලාම ලියලා තියෙනවා..... ඉතිං මොනවද අපි දෙන්නේ
මම පතන්නම් තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා (ශැබායි අපවත් මතක තියාගෙන හරිද)

ධනික | Dhanika said...

@Kasun_Pradeepa
ස්තූතියි මචෝ..!

@Buddhika Karunanayaka
අහ්! බොහොම ස්තූතියි අයියෙ!!
අනිවා අනිවා... එහෙම අමතක කරනවද ඔයාලව... :)

sanjeew said...

ධනික,
අද මට USA වලින් එවපු රැම් එක වැඩ කරන්නෙ නෑ, මම ඒ ගැන කියල සෙලට මේල් එකක් දැම්ම, ඔයා රිෆන්ඩ් එකක් ගත්ත කිව්ව නේද වැඩකරන්නෙ නැති එකකට, ඒක කොහොමද කරේ විස්තරයක් දෙන්න පුලුවන්ද, නැත්නම් රැම් එකට ගිහිපු සල්ලි අපරාදෙ, වැඩ කරන්නෙ නැතිඑක ආපහු යවන්න පුලුවන්ද

budhajeewa said...

ස්තුතියි!

සම්පත් webcard එක PayPal එකට ලින්ක් කරන හැටි ගැන ලිපිය ඉක්මනටම ලියන්න.

ධනික | Dhanika said...

@BEAUTIFUL SRI LANKA
මෙහෙමයි. ඔයා දැන් sellerට කිව්වනෙ විස්තරේ. දැන් seller දවස් 2ක් වගේ ඇතුලත reply කරයි. එක්කො ඔයාට ඔය RAM එක වෙනුවට අලුත් RAM එකක් එවයි, නැත්නම refund එකක් දෙයි. සමහර sellers ලා ඉල්ලනවා වැඩ කරන්නැති item එක ආපහු එවන්න කියලා. එහෙම උනොත් ඔයාට යවන්න වෙනවා. නැත්තං අවුලක් නෑ.
බැරිවෙලාක්වත් sellers දවස් 3, 4ක් ඇතුලත reply නොකළොත් ඔයා case එකක් open කරන්න eBay Resolution Center එකේ මේ ගැන කියලා. එතකොට ඔයාට ඔවුන් උදව් කරයි sellerගෙන් refund එකක් ගන්න.

@Supun Budhajeewa
ස්තූතියි මල්ලි ප්‍රතිචාරෙට! ඉක්මණට ලියන්නම්කො. :)

Unknown said...

Great work. Please continue....

By the i way ecently bought a mini air compressor from ebay. It came to post office without any problem. Weight 4.5kg's. came from UK via royal mail.

In additiona to post office is it taxed at Custom?

sanjeew said...

බොහොම ස්තුතියි ප්‍රතිචාරයට, ඔවුන් කරුණු විමසා මේල් එකක් එවා තිබුනා

ධනික | Dhanika said...

@lohitha
Thanks dude!
Wow! That's a good news for all of us. So can you please tell me that how you got to know that your item has come to the post office?

@BEAUTIFUL SRI LANKA
එළ එළ එහෙනම් අවුලක් නැතිවෙයි. :)

උකුස්සා said...

ධනික සහෝ.... ඊළග පොස්ට් එක තාම දන්නේ නැත්තේ මොකද? මම කිදවසක් බලන් ඉන්නද?

Unknown said...

@Dhanika
Actually the item was posted to my home address. But because of the weight the postman could not bring. Instead post office sent me a notice asking me to come to the post office and collect the parcel. It came to Galle Post office and I called two times to the post office foriegn Parcell section twice as i was too nurvous and it was my first from ebay. However the officers were kind enough to inform the status and even informed me when they recived the parcel. It just took less than 5 minuts to relese the parcel. I have been same post office two years before but things were very much different. It took more than an hour to release a package. Glad to see the improvement.

But i think i have different story for colombo post office. I have heard some incidents of officers tried to get bribes. My advice is if you have to pay a tax you should pay don't try to bribe. There are some items you need to pay tex according to our law. Only disadvantage is that you will loose the price advantage. What i do is i always buy things not available in Sri Lanka or there is big price different. As far as i know the tax are not huge but some officers try to make it and try to get some money. As far as i know there are few people like this. If you feel suspicious why not ask "Inland Revenue Department" and get the assitance of "Commision to Investigate Allegation of Bribery or Corruption"???

ධනික | Dhanika said...

@උකුස්සා
එක දවසක් වත් බලං ඉන්නෙපා. මෙන්න දැම්මා, බලන්න. :D

@lohitha
Thanks a lot for sharing your experience with us.
That is quite true. If we have to pay some tax, we mustn't hesitate to pay it.

Sajith Harshana said...

ගොඩක් හොඳට කාටත් තේරුම් ගන්න පුළුවන් විදියට ලියලා තියෙනවා, ස්තූතියි.

sanju dilshan said...

max work

ධනික | Dhanika said...

@සජිත් ගුණසේකර
බොහොම ස්තූතියි!

@sanju dilshan
Thanks!!

Free Movie & Software Download said...

Mobile phone ekak gaththoth tax kiyak gewanne weida aiya?

ධනික | Dhanika said...

@Free Movie & Software Download
ඒක ඉතිං තීරණය වෙන්නෙ phone එකේ වටිනාකම අනුව තමයි. Mobile phone කිව්වම ඉතිං හාරපන්දාහෙ ඉඳං ලක්‍ෂ ගණන් වෙනකං තියෙනවනෙ... :)

Unknown said...

Thanks Dhanika This is treasure For eBay Beginners {{{{{{{{{{{{{{{{
i have a problem ....

Machan Paypal verifykarala tiyenne UK account ekata web card ekan.
Srilanka dala Account ekak heduwoth account eka credits display wenne na ne?

what can i do to this because i want to be a seller but PayPal Account doesn't display credit.........?????????????

Unknown said...

hi...Dhanika ..........
can you post how to be a seller in eBay....
more people try to become a seller .......
it is help full ...............

Unknown said...

dhanika... i am dimuthu...i want to be a seller but i used sri lanka it has more problem eBay and PayPal...
i made a eBay and PayPal Account use SINGAPORE but tell me can i confirm my web card ...???
and i want to know how i withdrew money to my web card ...is it possible .....
please can you give your contact information..??
are you member in Elakiri web sight...?????
skyrugbycj@gmail.com

ධනික | Dhanika said...

@dimuthu
Thanks for all you comments & sorry for the delay to reply you!

There is no issue with not displaying the credits in Sri Lankan Paypal account. After you confirm the webcard, it is always linked with your Paypal account & whenever you pay from your Paypal account, a money transfer takes place from your webcard to seller's account. That's how it happens.

The issue you are having in selling items is, Sri Lankan Paypal accounts can be used only to send money, not to receive money. That is because Sri Lanka is categorized under the 'Sent only' countries in Paypal.

Actually I have no experience in becoming a seller on eBay, but I think you are going on a correct path. You should be able to confirm the webcard to any Paypal account regardless of the country, since the webcard is an internationally accepted VISA card.

All the best for you! Try going on that way & please don't forget to share your experiences with us if you get succeeded (or not). Thanks!!!

Unknown said...

dhanika ..........
i tried to became a seller using my sri lanka eBay account and PayPal Acc.I listed a item successfully but i saw i list item wrong categorize i try to change it.. it is illegal in eBay ....come to error and they send a message to me.........
"MC010 Notice:eBay Account Limited-Verify Identity"
After 2 days they suspended my eBay account
but i have big problem .....already I have payed 4 item $750........ but 3 item i think already shipped.i have payed to laptop PC but eBay sent a message
"item The bid that you entered for the item (000000000)(this is laptop) has been canceled..."
i don't know what i can do...but i try to appeal suspended Acc... if i appeal i want to my credit card statement and ID copy Fax to them but how i take a bank statement because i used sampath web card... can i take bank statement......?????

ධනික | Dhanika said...

@dimuthu
Looks like you have faced a terrible problem!

Anyway the answer for the question you asked is a 'Yes'. Even though Sampath Bank doesn't issue a regular bank statement for the Webcard, we can ask for a bank statement for a special purpose. I'm sure you'll be definitely able to get a bank statement for your reason.

You can call the Card Centre & know further details about getting a bank statement for a special purpose.

Unknown said...

dhanika ...before i said to you i have payed to laptop PC. They full refund my money.PayPal Acc display Refund transaction.But i don't know that money have refund to my credit card. I read you have refund money from from seller (fake pen)
how money had been refunded to your web card..?

ධනික | Dhanika said...

@dimuth
In my case they didn't transfer the refund to my Paypal account. They just gave me a 'eBay coupon' from which I could buy any item from eBay up to that refunded amount.

In your case you mentioned that your Paypal account displays the refund transaction. That means they have transferred your refunded amount to your Paypal account. Then it should me credited to your webcard, but it takes some time may be a week or more. (Even though Sri Lankan Paypal accounts can't receive money, the refunds from eBay are credited to the webcard.)

But unfortunately you can not withdraw money from the webcard like from debit or credit cards. You will have to spent all your big amount only for your future internet transactions. :)

Unknown said...

i don't want to money withdraw. but my refund money doesn't display yet..you say refund money display after 1 week....if money display my PayPal Acc it is ok because i can buy another item using this money ...
please tell me clearly......
Sri Lankan PayPal accounts can't receive money.
it is ok i know it ....
but i want to know sri Lankan PayPal Acc display the credit....(As my refund money)

Unknown said...

Dhanika ....This is my contact number

0812387696 - Dimuthu

please take a call to me i want to speak with you...........

Unknown said...

THANKS FOR THE POST. I BOUGHT 2 GAMES FROM EBAY.AND I NEED TO KNOW HOW THE ITEM COME TO ME.I MEAN AFTER THE ITEM COME TO SRI LANKA THEN WHAT HAPPENS CAN YOU EXPLAIN.DOES IT COME TO MY HOME?.I'M IN KURUNEGALA.THE 2 GAMES IS IN THE SAME PARCEL AND I THINK THE PAKAGE'S SIZE IS ABOUT 15cm X 14cm X 10cm. WILL IT ARRIVE TO MY HOME.I LINKED MY WEBCARD TO PAYPAL COMPLETELY WITH THE HELP OF YOUR POST.

THANK YOU .

ධනික | Dhanika said...

@dimuthu
I mailed you my contact details.

@gadol bros.
Thanks for your comment!
Nothing to worry, Your items will be delivered to your home by the postman safely.
Have fun with your games! Regards!

Unknown said...

the seller told me that he will ship the item in 1-2 days and said to expect it within 12-28 working days.and do i need to pay tax for this item.

thank you.

Unknown said...

and the seller said that he ships the item via honkong post in Standard Int'l Flat Rate Shipping.

thank you

Unknown said...

dhanika aiye ebay eken item ekak gennaddi address eka danne kohomada kiyala kiyannako.

thawa paypal eken item ekakata gewwuwama apita paypal eken confirm karala email ekak enawane eke address not verified kiyala watenne ai.

mama eabay kuppi 3nama kiyawwa.okkoma danagaththe eken.

thanks

punsisinet said...

ebay sure machan mamat badu 100 witara genat tiyanawa laptop $1180 xbox $250 okkama awa

ධනික | Dhanika said...

@gadol bros.
මල්ලි කලබල වෙන්න එපා. ඔයාට ඔය ඇවිල්ලා තියෙන දේවල් සේරම සාමාන්‍යයි. Address එක not verified කියලා එන එකත් සාමාන්‍යයි. ඒකෙ ගැටළුවක් නෑ. ඔයා PayPal වෙත දුන්නු ලිපිනයට ඔයා ගත්තු භාණ්ඩය සතියක් දෙකක් ඇතුලත ලැබෙයි. බය නොවී ඉන්න. කිසිම අවුලක් නෑ. :)

@punsisinet
ඔව් මචං... අනිවාර්යෙන්ම! ඔයාගෙ ප්‍රතිචාරෙට ස්තූතියි!

Unknown said...

aiye oya kiwwa wagema item eka hong kong wala indala gedaratama awa okkomata giye dawas 4 witharai. mata pudumai wagema mara sathutui.kisima damage ekak naha.oyata pin sidda wenna ebay eken baya nathuwa palweni parata item ekak genna gaththa.

thank you.

ධනික | Dhanika said...

@gadol bros.
ෂහ්! දැන් නම් මාර සතුටින් වගේ...! :D
හොඳයි හොඳයි... මටත් හුඟක් සතුටුයි මං මේ කරන වැඩෙන් ඔයාලා ඵල ප්‍රයෝජන ලබන කොට... ජයවේවා! :)

eBay ගැන 4 වෙනි ලිපිය මෙතනින් කියවන්න.

sachith said...

අයියේ,මම මගේ ලැප ගෙන්නගත්තෙත් ඒකෙන් තමයි.තුනක් විතර වටිනවා.ගියේ එකයි හතලිස් පහයි,ටැක්ස් ගැන වෙනම බලාගන්න වෙනවාන.නැත්නම් බඩු පැකට්.

Vira said...

Mata Portable Hard ekak ganna ona... kamak nadda?

Anonymous said...

hello .... Dhanika .......
මම දෑන් eBay seller කෙනෙක් ...මට USA වල VERIFY eBay SELLER ACCOUNT එකක් තියෙනවා..
හෑබෑය් ඒකට $10 විතර වියදම් උණා.....
ඒක ප්‍රශ්ණයක් නෙවෙය් ....මොකද ඒ ගාන හම්බකරන්න පුලුවන්නෙ......
මට දෑන් eBay වල බඩු ව්කුනන්න පුලුවන්........

ධනික | Dhanika said...

@sachith
මල්ලි මේ කමෙන්ට් එක දැම්මට මමත් සැකෙන් හිටයෙ මේක ඇත්තද බොරුද කියලා. නමුත් එදා මල්ලිව අහම්බෙන් මුණගැහුණු වෙලාවෙ මල්ලි ඔය ලැපත් පෙන්නලා ඒක ගත්ත විදිය කිව්වම තමයි වැඩේ ඇත්ත කියලා තේරුණේ. මාර වාසියක් තමයි මල්ලිට වෙලා තියෙන්නෙ. :D

@vikee
ඇයි කමක් නැද්ද අහන්නෙ? ඔය උඩ කමෙන්ට් එකෙන් මල්ලි කෙනෙක් කියලා තිබුණා නේද එයා eBay එකෙන් ලැපකුත් ගත්තා කියලා. මං ඒ ගත්තයි කිව්ව ලැප ඇස් දෙකෙන්ම දැක්කා. ඉතිං Portable Hard එකක් ගන්න මොකට බයවෙනවද? බය නැතුව ගන්න. බය වෙ‍වී හිටියොත් ඔබට කවදාවත් eBay ගණුදෙනු වලින් ලැබෙන වාසි අත්විඳින්න හැකිවෙන්නෑ. :)

@DIMUTHU
අහන්නත් සන්තෝෂයි! ඔබ ලඟ මගෙ email ලිපිනය ඇත්නම් ඔබ eBay seller කෙනෙක් වුනු විදිය ගැන මාවත් දැනුවත් කරන්න. අපේ පාඨකයො ගොඩ දෙනෙක් මේ පිළිබඳව විමසුවත් මං මේ පිළිබඳව දන්නෙ බොහොම ටිකයි. ඉතිං eBay seller කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා එහෙම ‍වුනු කෙනෙක්ගෙන්ම අහගන්න පුළුවන් නම් ගොඩක් අගෙයි.
ඔබේ eBay වෙළඳාම් වලට මගෙන් උණුසුම් සුභපැතුම්! ජයවේවා!!!

Nuwan said...

මචං හරිම වටිනවා... මන් දැකලා තියන වැදගත්ම ලිපියක්... දිගටම ඔබේ දැනුම අපත් සමඟ බෙදා ගන්න සහෝ...:)

ඔබේ දැනගැනීමට:
ඔබේ ලිපි එහෙම් පිටින්ම කොපි පේස්ට් වෙලා තියනවා මන් දැක්කා සුප්‍රසිද්ද වෙබ් අඩවියක... අඩුමගානේ ඔබට ස්තූති කරලවත් නෑ... මේක කොපි කරලා දාලා උන් ලොක්කෝ වෙනවා... :(

ධනික | Dhanika said...

@Nuwan
බොහොම ස්තූතියි සහෝ ප්‍රතිචාරෙ‍ට!
ඒ ගැන නම් ඉතිං කතා කරලා ඵලක් නෑ සහෝ... ලංකාවෙ මිනිස්සුගෙ හැටි තමයි ඔය... කොයි වෙලාවෙත් බලං ඉන්නෙ අනුන්ගෙ පහනින් එළිය ලබන්න... :(

මං ඔය ගැන වැඩිය හිතන්නැත්තෙ මේකයි සහෝ... මගේ මේ ලිපි පෙළේ අරමුණ අපේ මේ ශ්‍රී ලාංකික ජනතාවගෙ නොදැනුවත්කම නිසා සහ දැනුවත් වුනත් හරිහැටි නොදැන අත්හදා බලන්න තියෙන බිය නිසා අපට අහිමි වන, අන්තර්ජාතික වශයෙන් අපට ලබන්න පුළුවන් වාසි සහ ප්‍රතිලාභ අපේ මිනිස්සුන්ට ලබා දීම... ඒ සඳහා ඔවුන්ව දැනුවත් කිරීමටත් බිය නැති කිරීමටත් තමයි මං මේ ලිපි පෙළ ලියන්නෙ... ඉතිං ඔය විදියට copy paste කරලා අනිත් අය ලකුණු දාගෙන හරි මේ දැනුම අපේ මිනිස්සු අතරට යනවනම් සහ ඒවයින් මිනිස්සු ප්‍රයෝජනයක් ලබනවනම් මට මං කරපු දේ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් සහෝ... කවුරු copy paste කරලා ලකුණු දාගත්තත් මගේ හෘද සාක්ෂියට එකඟව මං දන්නවනෙ මේවා ලිව්වෙ කව්ද කියලා... ඉතිං මට මං ගැන සතුටුයි!

Hareendra said...

an excellent post..thank you very much machan..can you send me your contact details.i have a lot of questions regarding this.thanxxxx

ධනික | Dhanika said...

@Hareendra
Thanks a lot for your comment machan!
If you have any questions please post them here machan, coz your questions & my answers for them will be useful to our other readers as well.

Unknown said...

mama tama learners adai dakka ma oya ga post aka...habai kalin aka aka akana hora aranagana post karala tibuna .....mama dana nati dayak tiyanawa nam oya gan ahanawa,pluwan vedehata answere dana...mama busnissman kanak nam nawa....

mama isuru senevitrathne

ධනික | Dhanika said...

@isuru
ඔබේ ප්‍රතිචාරෙට ගොඩක් ස්තූතියි!
දැනගන්න ඕන දෙයක් තියෙනවනම් ඕන වෙලාවක අහන්න. පුළුවන් ඉක්මණට දන්න තරමින් මං දන්න දේ කියලා දෙන්නම්. ඔබ වැනි අයට උදව් කරන්න ලැබීම සතුටක්! :)

Sameera_Alahakoon said...

ධනික අයියට ජය වේවා.... නියම වැඩක්,..
කියන්න පුලුවන්ද අයියෙ බදු නැතිව අයිය ගෙනාපු ලොකුම පාර්සලය ගැන.... මටත් 2 3 ක් ගෙන්නගන්න ඕන... තාම බයයි... වෙන මුකුත් නෙමේ..ටැක්ස් තමා...

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

ඔන්න මාත් දැන් වැඩේට බහින්නයි යන්නේ. මේවා අපිට හරකට වගේ කියලා දෙනවට තෑන්කූ වේවා !!

අදුරෙන් එලියට said...

lipi tika dakke ada.......niyameta liyanawa.....mata podi aulak awa mekata alertpay account ekka barida?????????

Unknown said...

paypal එකේ ගිනුමක් මට තිවුනත් ඒකට මුදල් දාන්නෙ කොහොමද දන්නැ පුලුවන්නම් කියාදෙන්න.
ජයෙන්ජයම ජයවේවා!!!

ibm said...

සැහේන්න වටිනා ලිපියක්.අදහසක් දාන්න ප්‍රමාද වුනා සමාවෙන්න.ඔබට ජයශ්‍රි!

Unknown said...

Ayya mata podi pro 1k tiyanawa..mata ebay $5 rufund 1k tiyanawa. seller refund transection id kiyala 1k ewwa..mama dan mokada karanna ona...
Pls reply..
Thanks.

Contact me said...

සහෝ.......... බ්ලොග් අවකාශයේ තියෙන වටිනාම බ්ලොග් වලින් එකක් තමයි මේක.බොහොම ස්තුතියි.

http://nadeesh1.blogspot.com/

dumindume said...

ගොඩක් හොදට ලියලා තියනවා..ස්තූතියි

ධනික | Dhanika said...

@Sameera_Alahakoon
බොහොම ස්තූතියි මල්ලි! මං නං ඔය ලොකු ලොකු භාණ්ඩ ගෙන්නන්නෑ මල්ලි. තාම නම් ගෙනාපු ලොකුම භාණ්ඩෙ රු.6000ස් ගානක USB Studio Mic එකක්.

@ඉශාන් තිළිණ
එළ එළ... තමන්ටම හරකා කියාගන්න එකෙක් දැක්කමයි ඔය... හි හි... :P :D

@අඳුරෙන් එළියට
බොහොම ස්තූතියි! ගොඩක් sellersලා (99%ක් විතර) accept කරන්නෙ Paypal මඟින් කරන ගෙවීම් විතරයි. ඒ නිසා Paypal හැර වෙනත් ඒවායින් වැඩක් වෙන්නෑ.

@ruwandhananjaya
සම්පත් webcard ගැන තිබෙන ඊළඟ ලිපිය කියවන්න.

@ibm
අයියෝ කිසි ප්‍රමාදයක් නෑ. බොහොම ස්තූතයි! :)

@Lahi
Seller refund එක එවලානම් ඒක ඔයාගෙ Paypal ගිණුම හරහා ඔයාගෙ කාඩ් එකටම ලැබෙයි මල්ලි. ඒ ගැන තව වදවෙන්න දෙයක් නෑ.

@Contact me
බොහොම ස්තූතියි සහෝ! ඔය වගේ අනුන්ගෙ දේක හොඳක් අවංකව කට ඇරලා කියන අය අද ඉන්නෙ බොහොම ටිකයි සහෝ. ඔබේ ඒ අවංක කමට මම ගොඩක් ගරු කරනවා. ස්තූතියි නැවතත්!

@dumindume
බොහොම ස්තූතියි!

ravinathmadusanka said...

Thnx Dhanika ayya i got my web card.jus now connected it to paypal.thnx a lot
every thing going sommothly.....
;)

networkdisa said...

මරු මරු මට අදයි හරියටම සෙට්උනේ මේ ebay මලය...

Unknown said...

අය්යේ ඔයාගේ බ්ලොග් එකනම් කියල වෙඩක් නේ නියම බ්ලොග් එකක්......& මම ඔයාගේ ලොකු fan කෙනෙක් ;)
තවත් බොහෝදෙ ඔයාගෙන් අපි බලාපොරුත්තු වෙනවා...please eBay sellers ගෙනත් අපිට කියන්නකෝ pleaseeeeeeeeeeeeeeeeeeee

sanka43 said...

niyamayiiii maxxaaa....e bay walin wada karana hati dangena htiya habai mechhcra dangaena hitiye nm naha......

dangena hitiyata wadakuth thibbe naha..mata credit card 1k nahane...:P.....
thatha gawa nm thibba, a vunath eyagen illgannwa boru....mokada eya mae intrenet ganudenu scene walata bayayi...

ayyge e-bay kiuppiyen thama onnn credit card apitath ganna puluwan kiyala danagathhte,,.,,,

me blog ekata man aveth ahmbayenn....ethkota thama danagathhte me wage patta blog uth internet walath thywewa kiyala....

mokada ithn mama internet awata karanne vena vena wadane....:D

ehanan ayye oyata mewage thawa anith ayata danuma denna diriya shakthiya labewaaaiii kiyala pathanawa...

((kohamada mae singlish walin typing parak denne.....sihala unicode walinda???))

Chamila Kanchana Rathnayake said...

Nice lipi pela machan..! Mata thiyena prashne thamai Api dan ebay ekan oya uda liyala thibuna kattiya wage gennanawa kiyamukoo laptop ekak camera ekak wage tikak loku baduwak..! Ethakota aaawa Sri Lanka walin ganna gaanatama wage tax wadunu welawal thiyenawada? ehema naththam awage loku badu tax nathuwa genna ganna widiyak nedda?
Mama mei kiyawapu dewalin therune nam ebay ekan podi badu witharak genna ganna eka nuwanata hurui kiyana ekai..! Aaath mama hariyatama danne naa eka harida kiyala..! mokada Tax ekata ahu wenawanam wadak naane...!

නුවන් ලසන්ත said...

ah, meka denui ahune, ela kiri

CD Athuraliya said...

thanks a lot for sharing! :)

Dayan said...

ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්...... බොහොම ස්තුතියි.... ලොකු භාන්ඩ ගෙනාවොත් (Portable DVD palyer එකක් වගේ ) ගෙවල හරි අපිට එව ගන්න පුලුවන් වෙයිද....ගොඩක් TAX ගෙවන්න වෙයිද....

Unknown said...

Machan Ebay eke sales karana wisthar tikak hadala dhapanko...

Unknown said...

කියලා වැඩක් නෑ මේ වගේ පොරක්නෙ මාත් හෙවුවේ. තෑන්ක්ස් මචං මගේ දැවෙන ප්රශ්නෙට උදව් කළාට

Uswatta Liyanage said...

godak thankkk oyata,

Yasitha said...

මචෝ.. ebay එකෙන් ගෙන්නපු පළමු බඩු ටික කිසි කරදරයක් නැතුව ගෙදරටම අවා. thanks මචං. මේ ලිපි ටික නැත්තන් ඒ දේ කරන ගන්න වෙන්නේ නැ. ජය වේවා..

දගයා said...

මවං මං දැං කඩේ යන්නෙ Compute එකෙන්.
Thanks...!

JanakaRox said...

machan,paypal ekak hadanna giyama api hadanna one mokakda?premium ekak da?personal ekak da?

same said...

e-bay patta aiya man genapu badu awa gedratam yhnx kiyala dunna ta

same said...

thnx aiya man gaththa badu gedratama awa

Network said...

Thank you very much, dhanika

shiwantha said...

ela lipiya ayye oyata godak pin puluwnnam watina badu genena hati methana lapa genapu ekath ekka kathkarala hari danna eka godak watinawa

අසේල said...

හුගක් වටිනවා

Nalaka said...

godak hondy eth ebay ginumak,paypal ginumak, visa account ekak hada ganne kohomada kiyala kiwwe nahane

Dumindu said...

Hi, Normally it says that the items will be shipped on the next day once you make the payment.. I have made a payment but still shipping details did not come? why is that?? DO they even send without shipping details?

OVITIGALA said...

ඇත්තමයි කියන්නේ. මේ බ්ලොග් එක ලියන ඔබත් එක්තරා විදිහක දෙවිකෙනෙක්. මේ බ්ලොග් එක නිසා මම අලුත් මිනිසෙක් වුනා. සොයුර, ඔබට ස්තුතියි.

OVITIGALA said...

ඇත්තමයි කියන්නේ. මේ බ්ලොග් එක ලියන ඔබත් එක්තරා විදිහක දෙවිකෙනෙක්. මේ බ්ලොග් එක නිසා මම අලුත් මිනිසෙක් වුනා. සොයුර, ඔබට ස්තුතියි.

sudesh said...

ඔබට ගොඩක් පිං..ජය ජය ජය වෙ.... මම ගොඩක් දේ දැනගත්තා..

K..Sudaraka said...

macho alertpay walin barida poddak kiyahanko

sandaru said...

niyamai matchan

sandaru said...

niyamai matchoooo.......

Unknown said...

නියමයි සහෝ ඔයාට ගොඩක් ස්තුති මේ පණිවිඩය දැන්මට මට මේ ගැන ගොඩක් ප්ර්සන තියනවා.....සහො මේ ක්රමෙන් mobile 4n 1ක් ගෙන්න ගන්න බැරිවෙයිද?

NALIN RUWANWELLA said...

hondai.hemotma padamak .idiriyatama yanna.good luck.god bless u my dear

NALIN RUWANWELLA said...

good unnaduwek,niyama wedakarayek.ada kale ayata niyama adarse.idiriyatama yanna.god bless u.

Anonymous said...

niyamai sahodaraya e wagema mata kiyanna puluwanda paypal walin card ekak hada gaddi mona wage dewalda thiyenne e kiyanne salli purawaddi eyalata kiyak gewanna onada thawa api masa 3kata sarayak eyalata ape salli eyalagawa thiyana nisa ewata gewanna onada kiyalath

Anonymous said...

mama inne italiye ehema eke me wage rataka inna kenek kohomada oya wage deyak kara ganne kiyalath poddak kiyala denna puluwanda yaluwa me wage post thama godak watinne

usamelaka said...

නියමයි අයියා...මං තවම කියවනවා...

Isuru Ayeshmantha Ekanayake said...

:)

Ishan iluka said...

niyamai aaaaaaaaa loku badu kiyanne kg keeyak wenakn gedarata enawada ?

asurumuni said...

itz very easy ...i get the idea

hashan said...

dhanika aiye..
mama rupiyal 15000ka vitara payments karala tiyenawa e bay ekata sampath web card eken...mama 20000kata wada account ekata damma....eet dan mama item ekak ganna yaddi salli gewanna bari una...mama sampath card centre eken ahuwama eyala kiyanawa negative balance ekak tiyenne kiyala...mata meka hitaganna ba..mehema wenna puluwanda?..mkada mekata karanne?

Kaniya said...

niya deyak oya karane?api wage ayta meka godak watinawa. JAYA WEWA!!!!

Ishan sankalpa said...

ayye pay pal ekakk haduwa mama eth eke address wka malayasia eka wenas karanne kohomda

ravi said...

godak hodai machan ..bohoma sthuthi,,,

Unknown said...

patta ma lepi pelak meka kiyala wadak na elakiri wadak

Unknown said...

dhanika aiye paypal account eka lankawen haduwe ebay ekath ehemai eka aulak weida

suji de silva said...

එල කිරි බ්ලොග් ඒකක්‌ අයියේ !

Samitha Chathuranga said...

niyamai...

Max said...

ගින්දර >>> ගින්දර ලිපි ටික

jay said...

mchn ebay eken badu gennanakota top rate dapu ewa witarada sure.natnam anit ewa dammat ewa ewanaeka sureda

jay said...

mchn ebay walin badu gennanakota top rate dapu ewa witarada sure..

Illusion said...

aiya man e bay eken mokuthma aran na 1st time item 1k ganna yanne,so mata e bay eka gana godak problems have mokada e danne nathi hinda tikak bayai,,e bay eken items gaththu kenekgenma hari de hariyatama ahagaththoth godane e hinda post ekak danawa aniva

mekai prob eka aiya aniva reply ekak denna

1)mn watch ekak ganna yanne eka E4.99 lankawe RS walin RS810.45k wage man mehema baluwe euro to rupees translate karala,,kohamada api ganna item ekaka gana ape lankawe ganen kochchara yanwada kiyala hoyanne kohamada?2 e4.99 bank card eken pay karaddi ita wada kapenna puluwanda??kapeida danne na thama dnne nane ith;Drs810 850k wage kapeida?mata thama card 1k na ammage credit card eken puy karanna hithan inne,,ehema karoth auwlk na neda??thawa anan manan problems thiye me welawe mathak wenne na mathak unama post karnnm aiya aniva reply soon

jay said...

mchb=n ebay walin badu gannakota top rated ea witarada ganna ona.ewa witarada sure?

Dimuth, said...

මේ කුප්පිය නම් ගොඩක් වටිනවා ධනික. බොහොම ස්තුතියි . අපි "used item" ගෙන්වනකොට "ebay" ඒකෙන් ,අපි වංචාවකට අහුඋනොත් "ebay" එකේ කට්ටිය අපිට උදව් කාරවිද ඒකට.?

Dinesh said...

Very Impressive !

Gamesha Padmabandu said...

Thank you very much, this is very helpful.

Unknown said...

Sera lepe pelak.Thanks machan mae keyadena dewal walata

Unknown said...

Aelakire lipe pelak, Mewa keyadenawata Thanks Machan.Jayawewa!!!!

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails