මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ? (eBay කුප්පි #5)


ඔන්න කාලෙකට පස්සෙ eBay සම්බන්ධ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලියන්නයි හදන්නෙ. පසුගිය ලිපියෙන් පොරොන්දු වුනේ මෙවර ලිපියෙන් eBay Auctions වලින් Bid කරලා භාණ්ඩ අරගන්න හැටි ගැන ලියන්න වුනත්, මේ මෑතකදි අපේ පාඨකයෙක්ගෙ ප්‍රතිචාරයකින් අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුණා ඊට කලින් අද මේ ලියන්න යන දේ ගැන ලිව්වොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ eBay වෙතින් අපි මිලදී ගන්නා භාණ්ඩ වැරදිලාවත් අප වෙත නොලැබෙයි සහ අපි order කරන භාණ්ඩයට වඩා වෙනස් භාණ්ඩයක් අප වෙත ලැබෙයි කියන බිය නිසා තාමත් eBay ‍ගණුදෙනු පටන් ගන්න පසුබට වෙන අයත් ගොඩදෙනෙක් ඉන්නවා. ඉතිං ඔක්කොටම කලින් මේ බොරු බිය නැති කරන්න ඕන නිසයි අද මේ පිළිබඳව ලියන්න හිතුවෙ.