eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු (eBay කුප්පි #6)


කොහොමද ඉතිං? ගොඩක් කාලෙකට පස්සෙ නේද? ඔන්න ඉතිං අපිට අද 3 වසරේ මුල්ම mid එක (mid semester exam එක) ඉවර උනා. eBay ගැන ඊළඟ ලිපිය ලියන එක ටිකෙන් ටික කල් ගිය හින්දා mid එක ඉවරවෙච්ච ගමන් කොහොමහරි ලියනවා කියලා හිතාගෙනයි හිටියෙ. ඉතිං ඔන්න කොහොමහරි හිතාගෙන හි‍ටපු විදියටම අද eBay කුප්පි #6 ලියනවා.

eBay ගැන ලියන්න පටන් අරං දැන් මාස 9 කුත් ගතවුනා. කාලෙ යන ඉක්මණ නේද? දැනුනෙවත් නෑ. ඉතිං කොහොමහරි ඒත් අර ඒ දවස් වල ලියපු ලිපි වලට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නම් ඉතිං හරිම සතුටුයි.  මේ මෑතක් වෙනකල්ම මේ බ්ලොග් සටහනේ වැඩිම ප්‍රතිචාර ගණනකට හිමිකම් කිව්වෙ අර ඇක ජීවිතාන්දරේ ගැන ලියපු ලිපිය. ඔන්න මේ ළඟදි දවසක බැලින්නම් අපේ eBay කුප්පි #3 යි, eBay කුප්පි #5 යි දෙකම ඒ ලිපිය පහුකරලා උඩටම ඇවිත්. ඒත් එක්කම පහුගිය දවස් වල මේ බ්ලොග් සටහනේ Followers ලා සංඛ්‍යාවත් 200 පසුකළා. කියන්න ඕනෙ නෑනෙ ඉතිං කොයිතරම් සතුටුද කියලා. ඉතිං ඒ ප්‍රතිචාර එක් කරන, Follow කරන පාඨක ඔබ හැමොන්ටම ගොඩක් ස්තූතියි! ඔබ සමඟ මේ දැනුම බෙදා ගැනීමෙන් මං ලබන එකම සතුට ඉතිං ඕක තමයි.