ජංගම දුරකථනයෙන් සිංහල/දෙමළ වෙබ්පිටු පැහැදිලිව බලන්න - SETT Browser for Android - මාගේ කේවල ව්‍යාපෘතිය!


ආ‍යුබෝවන්! සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අලුත් අවුරුද්දෙ මගේ මුල්ම බ්ලොග් සටහනින් ඔබ සැමට මං තිළිණ කරන්න හදන්නෙ අපූරු පුංචි තෑග්ගක්. ඒ තමයි මගේ පරිගණක මැවිසුරු උපාධියේ තෙවන වසර කේවල ව්‍යාපෘතිය ලෙස මා නිර්මාණය කළ SETT Browser නම් ජංගම දුරකථන අන්තර්ජාල ගවේශකය.





මොකද්ද මේ SETT Browser කියන්නෙ? ඒ ගැන කියන්න කලින් මං ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්.

ඔබ කවදහරි දවසක ඔබේ ජංගම දුරකථනයෙ Web Browser එකෙන් සිංහල බ්ලොග් සටහනකට හෝ වෙනත් මොනයම් හෝ සිංහල වෙබ් අඩවියක් වෙත පිවිසිලා තියෙනවද? සිංහල බ්ලොග් කියවන පාඨකයින් ලෙස ඔබ අනිවාර්යෙන් එසේ කරන්න උත්සාහ කරලා ඇති. නමුත් එලෙස පිවිසි ඔබට දැකගන්න ලැබුනෙ ‍මොනාද? වෙබ් පිටුව පුරාම ඇති කොටු කොටු ටිකක් විතරයි නේද? බලන්න මේ පින්තූරෙ දිහා.