අලුත් අවුරුදු තෑග්ග... Bhasha Dictionary

ආයුබෝවන්! සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඔන්න අලුත් අවුරුද්දෙ කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්නෙ ඔයාලට අලුත් අවුරුදු තෑග්ගක් දෙන්න. SETT Browser එකෙන් පටන් ගත්තු තෑගි දෙන එක තාමත් නැවතිලා නෑ ඕං. ඉස්සරනං තෑගි දුන‍්නෙ මං තනියම මහන්සි වෙලානෙ. දැන් තෑ‍ගි දෙන්නෙ ම‍ගේ පුංචි සමාගමේ හැමොන්ගෙම දහඩිය මහන්සියෙන්. ඒ බවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ.

                       


පහුගිය දවස් වලත් ඒ වගේ දීපු තෑගි දෙකක් ගැන මට මේ බ්ලොග් එකේ ලියන්නත් බැරි උනා.‍ කොහොම නමුත් මේ වෙනකොටත් හැමෝම වගේ ඒ තෑගි වලින් ප්‍රයෝජන ගන්න බව නම් දන්නවා. ඒ ගැන බොහොම සතුටුයි.

මේ බ්ලොග් සටහන හරහා මං ඔයාලට කිව්වෙ SETT Browser සිංහල/දෙමළ වෙබ් බ්‍රව්සරය ගැන සහ Bhasha Helakuru ජංගම සිංහල මෘදු-යතුරුපුවරුව ගැන විතරයි. ඊට පස්සෙ අපි එළිදැක්වුවා සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් තුනෙන්ම ලංකාවෙ නවතම පුවත් කියවන්න පුළුවන් පුවත් කියවනයක්. Bhasha Puvath ලෙසින් මුලින් පුවත් ප්‍රභව 4 කින් එළිදක්වපු එහි 2.0 වන නිකුතුවත් අපි නිකුත් කළා පහුගිය මාසයේ පුවත් ප්‍රභව 30 ක් එක්ක.



ඊට පස්සෙ අපේ 4 වන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක විදියට Bhasha Viyunu ජංගම බ්ලොග් කියවනයත් නිකුත් කළා. ඒක නම් සිංහල බ්ලොග් ලියන කියවන අපි හැමෝන්ටම සුභ ආරංචියක්. මොකද සිංහල බ්ලොග්කරණයේ ජංගම යුගයේ ඇරඹීම සටහන් වෙනවා අපේ මේ Bhasha Viyunu ඇප් එකත් එක්ක. එහි ‍මීළඟ නිකුතුවෙදි අපි තමන්ට කැමති බ්ලොග් අඩවි පමණක් කියවන්න පුළුවන් වෙන විදියට හදන්නයි ඉන්නෙ. හැමෝම හැ‍ම ‍බ්ලොග් එකක්ම කියවන්නෙ නැති නිසා දත්ත භාවිතය අඩු කරගන්න එය හොඳ උපක්‍රමයක් වේවි.



ඉතිං අද මේ අලුත් අවුරුදු තෑග්ග විදියට අපි ඔබට තිළිණ කරන්නෙ Bhasha Dictionary ජංගම සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය. කොළඹ සරසවියෙ භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය සමඟින් අත්වැලබැඳගෙන තමයි අපි ඔබට මේ තෑග්ග තිළිණ කරන්නෙ.


Google Play වෙතින් ලබාගන්න:
 https://play.google.com/store/apps/details?id=lk.bhasha.dictionary


Bhasha Dictionary කියන්නෙ ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හරහා සිංහල-ඉංග්‍රීසි තේරුම් ලබාගන්න පුළුවන් ජංගම ශබ්දකෝෂයක්. මෙයින් ඔබට සබැඳිව (online) වගේම නොබැඳිව (offline) උනත් සිංහල-ඉංග්‍රීසි වචන පරිවර්තනය කරගන්න පුළුවන්. (ඒ කියන්නෙ මෙය භාවිතා කිරීම අන්තර්ජාලයට සම්බන්ධ වී තිබීම අත්‍යවශ්‍ය නෑ.) හැබැයි ඉංග්‍රීසියෙන් සිංහලට හරවන්න නොබැඳිව පුළුවන් උනත් සිංහලෙන් ඉංග්‍රීසියට හරවන්න නම් සබැඳිව ඉන්න ඕනෙ. ඒ වගේම සබැඳිව පරිවර්තන හොයන කොට ඔබට ඇතැම් වචන වල සිංහල, ඉංග්‍රීසි වගේම දෙමළ පරිවර්තනද ලබාගන්න පුළුවන්.



Bhasha Dictionary හි තවත් විශේෂත්වයක් තමයි ඔබට වචන පැවසීමෙන් වුනත් තේරුම් හොයන්න පුළුවන් වීම. "කියන්න... සොයන්න..." කියලා අපි සඳහන් කරලා තියෙන්නෙ ඒකයි. මෙමඟින් ඔබට පුළුවන් වචන ටයිප් කරන්නවත් වෙලාව නාස්ති නොකර කෙලින්ම වචන පවසලාම තේරුම් හොයාගන්න. හැබැයි මේ "කියන්න... සොයන්න..." ක්‍රියාකාරීත්වය සඳහානම් ඔබේ දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුයි. Wi-Fi මඟින් සබන්ධ වෙන්න පුළුවන්නං මේ ක්‍රියාකාරීත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්වෙයි.

තව දෙයක් තමයි සිංහලෙන් ඉංග්‍රීසියට වචන පරිවර්තනය කරගැනීමේ පහසු‍ව. මේ සඳහා ඔබ සිංහල වචන සිංහල යුනිකේත වලින්ම ටයිප් කරන්න අවශ්‍ය නෑ. ඔබට පුළුවන් සිංග්ලිෂ් වලින් ඔබ සිංහල sms ටයිප් කරන ආකාරයට සිංහල වචන ටයිප් කරන්න. එහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කරන වචන Bhasha Dictionaryය අඳුනගෙන ඔබට එසැණින් ඉංග්‍රීසි පරිවර්තන ලබා දේවි. හැබැයි මේ සඳහාත් අන්තර්ජාලයට සම්බන්ධ වී සිටීම අවශ්‍යයි.

ක්‍රියාකාරීත්වයන්:
  • පැවසීමෙන් හෝ ටයිප් කිරීමෙන් ඉංග්‍රීසි -> සිංහල පරිවර්තන ලබාගන්න
  • සිංහල යුනිකේත හෝ සිංග්ලිෂ් වලින් ටයිප් කිරීමෙන් සිංහල -> ඉංග්‍රීසි පරිවර්තන ලබාගන්න
  • අන්තර්ජාලය නොමැතිව වුවද ඉංග්‍රීසි -> සිංහල පරිවර්තන ලබාගන්න
  • අන්තර්ජාලයට සම්බන්ධ වී සිං‍හල -> ඉංග්‍රීසි පරිවර්තන ලබාගන්න
  • අන්තර්ජාලයට සමබන්ධ වී ඉංග්‍රීසි වචන වල සිංහල මෙන්ම දෙමළ පරිවර්තනද ලබාගන්න  (ඇතැම් වචන වල පමණක්)
  • භාවිතා කරන්නෙ සබැඳි සේවාවද නොබැඳි සේවාවද යන්න ඔබට තීරණය කළ හැක
  • ටයිප් කරන සැණින් පෙර සෙවූ වචන යෝජනා ලබාගන්න
  • ඔබේ ප්‍රියතම වචන තේරුම් ලැයිස්තුවක් පවත්වාගන්න

තිරදසුන්:


    
    




තව දෙයක් කියන්න ඕනෙ. මේ Bhasha Dictionary ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගිය වර්ෂයේ අපි සම්මාන හිමි කරගත් Bhasha Dictionary බහු-ආකාර මධ්‍යගත සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයෙ තවත් එක් ආකාරයක්. මේ නිමැයුමට අපිට ගිය වර්ෂයේ ඉ-ස්වාභිමානී ජාතික සම්මානය හිමිකරගන්න හැකියාව ලැබුනා. ‍Bhasha Dictionary හි අනෙක් ආකාරයන් එනම් SMS, Chat සහ Web ඔස්සේද ඔබට මේ Bhasha Dictioanry සේවාවන් ලබාගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර http://dictionary.bhasha.lk වෙබ් අඩවිය ඔස්සේ බලාගන්න පුළුවන්.




Bhasha Dictionary සඳහා වචන පරිවර්තන සපයන්නෙ කොළඹ සරසවියෙ භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය මඟින්. ඒ නිසා වඩාත් නිරවද්‍ය සහ විශ්වාසවන්ත පරිවර්තන ලබාගන්න ඔබට පුළුවන් වේවි. Bhasha Dictionary සේවාව සඳහා වචන පරිවර්තන ලබාදෙමින් අප සමඟ අත්වැලබැඳගත් කොළඹ සරසවියේ භාෂා තාක්ෂණ පර්යේෂණායතනයටත්, වි‍ශේෂයෙන් එහි ප්‍රධානී ආචාර්ය රුවන් වීරසිංහ මහතාටත් මේ අවස්ථාවේ විශේෂය ස්තූතිය පුදකර සිටින්න කැමතියි.

එහෙනං ඔන්න දැන් අලුත් අවුරුදු තෑග්ගෙන ප්‍රයෝජන ගන්න කාලෙ හරි. දැන්ම ගිහින් Google Play වෙතින් මේ අලුත් අවුරුදු තෑග්ග බාගන්න.





ඔබට ජය!

16 යි ප්‍රතිචාර

Anonymous said...

ඔබට සුභ පතනවා,
සතුටුයි ඇත්තටම,
ඒත් මේක පාවිච්චි කරන්න පුළුවන් තරම් ෆෝන් එකක් නෑ,
පුළුවන් කාලෙක PC වලටත් හදන්න.

Unknown said...

නියමයි..සෑහෙන්න වටිනා වැඩක්...
ජයෙන් ජය~!

Gayan Tharaka said...

සුබපැතුම්..
මං හිතුවෙ නැහැ මේකත් මෙච්චර ඉක්මණට එළියට ඒවි කියලා..

ධනික | Dhanika said...

@Gordonia ceylanica
ස්තූතියි සුභ පැතුමට! ඉදිරියෙදි PC වලටත් හදන්න බලන්නං. ඒත් ඉතිං දැන් Android phone එකක කියන එක මහ‍ ලොකු දෙයක් නෙමෙයි. රු.12000 ඉඳං තියෙනවා.

@Tharindu Darshana (Wikiya)
ස්තූතියි සහෝ! ජය!

@ගයාන් තාරක
ස්තූතියි! අමතක කරන්න එපා, ඉස්සර මං එ‍ක්කෙනෙක්, දැන් අපි Bhasha කියන්නෙ පිරිසක්... :)

සාලිය said...

සුබපැතුම්..
ඇන්ඩ්‍රොයිඩ් වලට වගේම සිමිබියන් සමගත් මේ මගින් වැඩ කරගන්න පුලුවන් නම් මට ගොඩක් වටිනවා...

REAL MEANINGS OF SONGS said...

"ඉංග්‍රීසියෙන් කියවා සිංහලෙන් ලියන්න"
මෙහි අදහස විශ්වය ඉගෙන, දැනුම තම අනන්‍යතාව සහිතව ලොවට දීමයි. ඔබත් එවැන්නෙකි. ඔබගේ සේවයට අපගේ උත්තමාචාරය...!

Amila Chathuranga said...

ධනික අර ප්ලස් වල ප්ලස් වන් බටන් එකකුත් බ්ලොග් එකට දැම්මනං සුටුස් ගාල මේක ප්ලස් එකේ සෙයාර් කරගන්න තිබුන..ප්ලස් වලත් දැන් ටික දෙනෙක් ඉන්නව බ්ලොග් රීඩර්ස්ල...

Vishwajith said...

java app එකක් හදල දෙන්ඩ බැරිද?අපිට android නෑ නේ

ධනික | Dhanika said...

@සාලිය
සිම්බියන් වලට හදන්න පුළුවන්කම තියෙනවනම් නොහදා ඉන්නෑ සහෝ. ප්‍රශ්නෙ තියෙන්නෙ සිම්බියන් වලට විකල්ප ක්‍රමයකින්වත් සිංහල සහය දෙන්න අමාරුකම.

@REAL MEANINGS OF SONGS
උත්තමාචාරයට බොහොමත්ම ස්තූතියි! රටේ සල්ලි වලින් ඉගෙනගෙන රටට වැඩක් නොකළොත් ඒක හරියට හදපු වඩපු අම්මා තාත්තට නොසලකනවා වගේ වැඩක්. :)

@amila chathuranga
අහ්! එළ. ඒකකුත් දාන්නංකො එහෙනං... :D

@Vishwajith Rajapakse
Android මැජික් වගේ උනේ ඉස්සර, දැන් බොහොම අඩු ගනං වලට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙනවා. Java වලට හදන්න පුළුවන්නං හොහදා ඉන්නෑ.

Damith Sriyantha said...

නියමයි අයියේ.....ගොඩක් හොද වැඩක්,ගොඩක් වටිනවා........මමත් ලගදීම android එකකට මාරු වෙන්නයි ඉන්නෙ එතකොට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...සිංහල බස වෙනුවෙන් ඔයා කරන සේවාවට ගොඩක්ම ස්තුතියි....

පොතේ ගුරා said...

Bada 2.0 වලට මේ ඇප්ස් වැඩ කරන්නෙ නෑ නේද?

ධනික | Dhanika said...

@Damith Sriyantha
බොහොම ස්තූතියි මල්ලි! ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙනවනම් ඉතිං අපිම හදපු සිංහල ඇප්ස් 5 ක් තියෙනවා දැන් ඔයාට පාවිච්චි කරන්න. :)

@පොතේ ගුරා
නෑ, Bada 2.0 වල Android apps වැඩ කරන්නෙ නෑ. :P

kumaraya said...

මං කැමතියි ... මේ වගෙ වැදගත් ඒව කොම්පීතර උන්නැහෙලාටත් දාන්න පුලුවන් විදිහට තිබුණ නම් ...

සුජාන් චමිදු රුචිරාන් said...

නියමයි අයියේ.... මෙකනමී ගොඩක් වැදගත්...
(sunhala type karanna amaarui)
මතකයිනෙ අපිව.....?
අපෙන් සුභපැතුමී ඉස්සරහටත් හොදට කරගෙන යන්න

sAm (සෑම්) said...

එදා සිහින උලෙලදී අහගත්තේ මෙහෙම ඇප් එකක් තියෙනවා කියල. දැන් මට ලේසි..

ස්තුති සහෝ !

Unknown said...

First of all, thank you very much for service you have done to our community!
Second, Congratz! You truly deserve to be awarded!

Well' I have some questions on paypal, alertpay, and moneybookers brother. Can you post an article with a comparison between these 3? This will be very useful for everyone. Or atleast give me your personal contact number please. we all need those answers. Thanks again.

rohansenadheera@yahoo.com

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails