Showing posts with label විද්‍යාත්මක. Show all posts
Showing posts with label විද්‍යාත්මක. Show all posts

ස්වභාවික චලන අවිශදතාවය (Natural Motion Blur) - බවු-ටික-විජ්ජා කුප්පියක්



මේ දැක්වෙන්නෙ පසුගිය දිනෙක මගේ කැමරා ඇස බ්ලොග් අඩවියේ පළ කළ සේයාරුවක්. මේ සේයාරුව මම මගේ කැමරා ඇසට අසුකරගත්තෙ බස් එකේ පා පුවරුවෙ ගමන් කරමින් සිටියදී කියලත් මං ඒ සේයාරුවට යටින් ලියලා තිබ්බා. නමුත් මේක දැක්ක ගමන් ඕගොලන්ටත් හිතෙන්න ඇති මේකෙ නම් කිසිම Motion Blur එකක් නෑනෙ කියලා නේ? අපේ බුධාජීව මලයටත් ඔහොම හිතලා තිබුණානෙ. ඉතිං ඔන්න බුධාජීව මලයයි මායි අතර එතනදි comments වලින් පුංචි කතාබහක් ඇති උනා. ඔය පහතින් දැක්වෙන්නෙ ඒ කතාබහ.

ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???

ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ )

ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?