මවිසින් තනු රචිත ගීයක් - ඔබේ රස වින්ඳනයට...
ඔයාලා දන්නවනෙ මගේ බ්ලොගයෙන් මම අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගන්නවට අමතරව ඉඳලා හිටලා මවිසින් ගායනා කරපු ගීතත් ඔයාලගෙ රස වින්ඳනය උදෙසා මේ බ්ලොගයෙ පළ කරනවා කියලා. ඉතිං අද මං මේ පළ කරන ගීතය ගායනා කරන්නෙ මම වගේම මේ ගීතයේ තනු රචනා කළෙත් මමයි. පිරිසක් ඉදිරියෙ ගායනා වුනු මවිසින් තනු රචනා කළ 2 වෙනි ගීතය මෙයයි. (මීට කලින් ප්රථම වතාවට මම ම පද රචනා කරලා තනු නිර්මාණය කෙරුණු සමූහ ගායනයක් ගොඩක් කාලෙකට ඉස්සර මෙන්න මෙතන පළ කළා. නමුත් ඒ ගීතය ගායනයට මම දායක වුනේ නෑ.)