මල් පිට මල් - Dhanika Perera අනුවාදය "යාත්‍රා 2010" යෙන්...

දන්නවනෙ ඉතිං මගේ බ්ලොග් සටහනින් මම දැනුම බෙදාගන්නවට අමතරව ඉඳලා හිටලා ඔයාලට මං ගයපු ගීත එහෙමත් රසවිඳින්න දෙනවා කියලා. සමහර විට මතකත් ඇති මීට කලිනුත් මම මේ ගීතයෙම කලින් ගයපු අවම සංගීතය සහිත පටිගත කිරීමක් පළ කළා. නමුත් අද මේ ඔබට මම රසවිඳින්න දෙන්නෙ ප්‍රසංග වේදිකාව තුළ සම්පූර්ණ සංගීතය සමඟින් ගැයුනු එම ගීතයේ ඉහල ගුණාත්මයෙන් පටිගත කරපු වීඩියෝවක්.

eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු (eBay කුප්පි #6)


කොහොමද ඉතිං? ගොඩක් කාලෙකට පස්සෙ නේද? ඔන්න ඉතිං අපිට අද 3 වසරේ මුල්ම mid එක (mid semester exam එක) ඉවර උනා. eBay ගැන ඊළඟ ලිපිය ලියන එක ටිකෙන් ටික කල් ගිය හින්දා mid එක ඉවරවෙච්ච ගමන් කොහොමහරි ලියනවා කියලා හිතාගෙනයි හිටියෙ. ඉතිං ඔන්න කොහොමහරි හිතාගෙන හි‍ටපු විදියටම අද eBay කුප්පි #6 ලියනවා.

eBay ගැන ලියන්න පටන් අරං දැන් මාස 9 කුත් ගතවුනා. කාලෙ යන ඉක්මණ නේද? දැනුනෙවත් නෑ. ඉතිං කොහොමහරි ඒත් අර ඒ දවස් වල ලියපු ලිපි වලට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නම් ඉතිං හරිම සතුටුයි.  මේ මෑතක් වෙනකල්ම මේ බ්ලොග් සටහනේ වැඩිම ප්‍රතිචාර ගණනකට හිමිකම් කිව්වෙ අර ඇක ජීවිතාන්දරේ ගැන ලියපු ලිපිය. ඔන්න මේ ළඟදි දවසක බැලින්නම් අපේ eBay කුප්පි #3 යි, eBay කුප්පි #5 යි දෙකම ඒ ලිපිය පහුකරලා උඩටම ඇවිත්. ඒත් එක්කම පහුගිය දවස් වල මේ බ්ලොග් සටහනේ Followers ලා සංඛ්‍යාවත් 200 පසුකළා. කියන්න ඕනෙ නෑනෙ ඉතිං කොයිතරම් සතුටුද කියලා. ඉතිං ඒ ප්‍රතිචාර එක් කරන, Follow කරන පාඨක ඔබ හැමොන්ටම ගොඩක් ස්තූතියි! ඔබ සමඟ මේ දැනුම බෙදා ගැනීමෙන් මං ලබන එකම සතුට ඉතිං ඕක තමයි.

මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය එළිදැක්වේ! | Manavaya.lk ~ Sinhala Bio-Wiki Site is launched!



පසුගියදා මොරටුව සරසවියේදී පැවැත්වුනු EXMO 2010 මැවිසුරු ප්‍රදර්ශනයේදී මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය (http://www.manavaya.lk) සාර්ථකව එළිදැක්වුනා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි අති විශාල ජනකායගෙන් බොහෝදෙනෙකුගෙන්ම විශේෂයෙන්ම පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන්, ගුරුවර ගුරුවරි‍යන්ගෙන් වගේම බොහෝ වැඩිහිටියන්ගෙන් මෙම අඩවිය සඳහා සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතිං මේ ලිපිය ලියැවෙන්නෙ මෙලෙස පසුගියදා එළිදැක්වුනු මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය පිළිබඳ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නට නොහැකි වුනු ඔබ සැමව දැනුවත් කරන්නයි.



මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ? (eBay කුප්පි #5)


ඔන්න කාලෙකට පස්සෙ eBay සම්බන්ධ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලියන්නයි හදන්නෙ. පසුගිය ලිපියෙන් පොරොන්දු වුනේ මෙවර ලිපියෙන් eBay Auctions වලින් Bid කරලා භාණ්ඩ අරගන්න හැටි ගැන ලියන්න වුනත්, මේ මෑතකදි අපේ පාඨකයෙක්ගෙ ප්‍රතිචාරයකින් අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුණා ඊට කලින් අද මේ ලියන්න යන දේ ගැන ලිව්වොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ eBay වෙතින් අපි මිලදී ගන්නා භාණ්ඩ වැරදිලාවත් අප වෙත නොලැබෙයි සහ අපි order කරන භාණ්ඩයට වඩා වෙනස් භාණ්ඩයක් අප වෙත ලැබෙයි කියන බිය නිසා තාමත් eBay ‍ගණුදෙනු පටන් ගන්න පසුබට වෙන අයත් ගොඩදෙනෙක් ඉන්නවා. ඉතිං ඔක්කොටම කලින් මේ බොරු බිය නැති කරන්න ඕන නිසයි අද මේ පිළිබඳව ලියන්න හිතුවෙ. 

මවිසින් තනු රචිත ගීයක් - ඔබේ රස වින්ඳනයට...

ඔයාලා දන්නවනෙ මගේ බ්ලොගයෙන් මම අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගන්නවට අමතරව ඉඳලා හිටලා මවිසින් ගායනා කරපු ගීතත් ඔයාලගෙ රස වින්ඳනය උදෙසා මේ බ්ලොගයෙ පළ කරනවා කියලා. ඉතිං අද මං මේ පළ කරන ගීතය ගායනා කරන්නෙ මම වගේම මේ ගීතයේ තනු රචනා කළෙත් මමයි. පිරිසක් ඉදිරියෙ ගායනා වුනු මවිසින් තනු රචනා කළ 2‍ වෙනි ගීතය මෙයයි. (මීට කලින් ප්‍රථම වතාවට මම ම පද රචනා කරලා තනු නිර්මාණය කෙරුණු සමූහ ගායනයක් ගොඩක් කාලෙකට ඉස්සර මෙන්න මෙතන පළ කළා. නමුත් ඒ ගීතය ගායනයට මම දායක වුනේ නෑ.)

eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු! (eBay කුප්පි #4)

eBay ගැන සිංහලෙන් දැනගන්න

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද eBay කුප්පි මාලාවෙ 4 වෙනි ලිපිය ලියන්නයි යන්නෙ. 1, 2, 3 ලිපි ඉතා කෙටි කාලයක් තුළ ලියලා 4 වෙනි ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද උනේ ඇයි කියලා ගොඩ දෙනෙක් හිතනවා ඇති. ඒකටත් පිළිතුරක් දීලම ඉන්නම්කො.

~ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ~ දෙවන වසරට පා තබයි . . . ෴

ඔන්න අද මගේ මේ බ්ලොග් සටහනට වසරක් සපිරෙනවා. ඉතිං මේ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts නම් බ්ලොග් සටහනේ, ගල්-බොරළු කටු-පඳුරු ප්‍රශංසා-විවේචන හා අනේක විධ දෑ මැදින් ආ පුරා වසරක ගමන් මග ගැන ආපසු හැරීබැලීමක් කරන්න, අද මේ ලිපිය යොදාගන්න මම හිතුවා.

ඡන්දෙයි, උපන් දිනෙයි, බ්ලොගේ අර්ධ ශතකෙයි...


අද අප්‍රේල් 8 වෙනිදා. අද මං මගේ ජීවිත ගමනේ 23 වෙනි කණුව පහුකරනවා. අවුරුදු 23ක් කියන්නෙ සාමාන්‍යයෙන් අපේ ජීවිත කාලෙන් තුනෙන් එකක් නැත්නම් හතරෙන් එකක්. එච්චර කල් මං මගේ ජීවිතේ ගත කරපු හැටි ගැන හිතුවොත් ඇත්තටම ඒක මාර විවිධාකාරයි. වෙලාවකට ඒ මම ද කියලත් හිතෙනවා.
හ්ම්...! කොහොම උනත් 'අද' ගැන හිතද්දි නම් ඇත්තටම මට මං ගැන නිහතමානීව සතුටුයි!

සම්පත් Webcard පත PayPal වෙත link & confirm කරන්නෙ කොහොමද? (eBay කුප්පි #3)


 eBay කුප්පි #1 සහ eBay කුප්පි #2 හැමෝම කියවන්න ඇතිනෙ. පසුගිය ලිපියෙ eBay කුප්පි #2 න් අපි කතා කළේ ලංකාවෙ අපිට eBay තුළ සහ අන්තර්ජාලය තුල මුදල් ගණුදෙනු කළ හැකි පහසුම මග වන සම්පත් Webcard ගැනනෙ. ඒ ගැන හඳුන්වාදීමක් එක්කම සම්පත් Webcard එකකට අයදුම් කරන අයුරුත් එදා ලිපියෙන් අපි සාකච්ඡා කළා. ඉතිං දැන් Webcard එකට දැනටමත් අයදුම් කරපු අයට තව දින දෙක තුනකින් සම්පත් card center වෙතින් ඇමතුමක් එයි ඔබේ Webcard එක සූදානම්, එවන්න ඕනා ලඟම ඇති බැංකුවටද නැත්නම් ගෙදරටද කියලා. අර කලින් ලිපියෙ මං සඳහන් කළ හේතු නිසා ඔබ ලඟම ඇති ශාඛාවට ගෙන්වාගන්නවා නම් වඩා පහසුයි.

ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග - Sampath Webcard (eBay කුප්පි #2)



පසුගිය ලිපියෙන් පටන් ගත්ත eBay කුප්පි මාලාවට ලැබෙන ප්‍රතිචාර ගැන නම් බොහොම සතුටුයි. ඒ ප්‍රතිචාර එකතු කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ ලිපියෙ ප්‍රතිචාර‍යකින් ලෝහිත කියලා අපේ සොයුරෙක් කියලා තිබ්බා ඔහු eBay වෙතින් ගෙන්වපු කිලෝ 4.5ක් පමණ බර mini air compressor එකකුත් කිසි අවුලක් නැතුව තැපැල් කාර්යාලයට ආවා කියලා. ඒ පිළිබඳ තැපැල් කාර්යාලයෙන් ඔහුව දැනුවත් කළාම ඔහු තැපැල් කාර්යාලයට ගිහින් ඒ භාණ්ඩය නිදහස් කරගෙන තියෙනවා විනාඩි 5ක් වගේ ඇතුලත. ඉතිං මේකත් අපි හැමෝන්ටම සුභ ආරංචියක් වේවි. මමත් ටිකක් දෙගිඩියාවෙන් හිටියෙ eBay එකෙන් ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ ගෙන්වන්න. ඒත් දැන් ඒ ගැනත් බයවෙන්න දෙයක් නෑ වගේ. අපිත් එක්ක ඔහුගෙ අත්දැකීම බෙදාගෙන අපිව දැනුවත් කරවපු ඒ සොයුරටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

කලින් ලිපියෙදි අපි දැනගත්තනෙ eBay ගැන මූලික තොරතුරු ටිකක්. එදා අපි eBay කුප්පි #1 නැවැත්තුවෙ ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්න යන දේ ගැන පුංචි ඉඟයකුත් දීලා. ඒ තමයි ජොබ්ඇති ජොබ්නැති අපි හැමෝටම ශ්‍රී ලංකාව තුළ ලේසියෙන්ම ලබාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ ගණුදෙනු කළ හැකි VISA කාඩ්පත වන සම්පත් Webcard ගැන තොරතුරු සහ එය PayPal වෙත link කිරීම පිළිබඳ තොරතුරු අරං එන්න පොරොන්දු වෙලා තමයි එදා කුප්පිය නැවැත්තුවෙ. ඉතිං ඔන්න අද ඒ පොරොන්දුව බොහෝ දුරට ඉෂ්ට කරන්නයි යන්නෙ.

eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1



කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාර බොහෝමයකින් තේරුණා හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා. ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. මේ තියෙන්නෙ මං මෙතෙක් කල් eBay එකෙන් ගෙන්නවපු පොඩි පොඩි items අපු ලියුම් කවර.




දැන් ටිකක් බය නැති උණාද? මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑ, ඔක්කොම ගෙදරටම ආවා. පුංචි අවුලක් ගියෙ අර fake pen එකේ විතරයි. නමුත් ඒකටත් මට full refund එකක් ලබාගන්න පුළුවන් උනා. ඒ කියන්නෙ eBay එකෙන් ගණුදෙනු කළා කියලා මට අද වෙනකල් සත පහකවත් පාඩුවක් උනේ නෑ. ඔන්න දැන් හරිනෙ. දැන් බය නෑනෙ පොඩ්ඩක්වත්. එහෙනම් කුප්පිය පටන්ගමු.

ලොව කුඩාතම වාගේ Flash Pen එකක් හිමිකර ගතිමි! - PNY F7 Flip Attaché












ඔන්න භාණ්ඩෙ. කොහොමද? ප්‍රමාණෙ ගැන හිතාගන්න පුළුවන්නෙ නේ? රු.2ට වඩා ටිකයි දිග, රු.5ට වඩා ටිකයි ඝනකම. ඉතිං දැන් ඔය උඩ පිංතූර දෙක බලපූවාම ඔයාලා බලයි මොකද්ද බොලේ දැන් එතකොට USB port එකට ගහන්නෙ කියලා. කලබල වෙන්න එපා. මේ යට පිංතූරත් බලන්නකො. ආ... ඔය තියෙන්නෙ අපූරුවට USB port එකට ගහලා.

සම්පූර්ණයෙන්ම නොමිලේ Mobile News Alerts ලබා ගන්න මෙන්න විදියක්...


කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් ආවා සිංහල බ්ලොගවකාශෙට. විභාගෙත් අවසාන වෙලා ටිකක් දිග නිවාඩුවකුත් ලැබුණු නිසා දැන් ඉතිං ආයෙත් සුපුරුදු විදියට බ්ලොග්කරණයෙ යෙදෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉතිං ඔන්න අද 2010 වර්ෂයෙ මුලින්ම ලියන ලිපියෙන් මං කියන්න හදන්නෙ නොමිලේ Mobile News Alerts ලබා ගන්න පුළුවන් සරළ විදියක් ගැන.