Showing posts with label සේයාරූ. Show all posts
Showing posts with label සේයාරූ. Show all posts

"වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි !"

දවසේ කෙටි කතාව

"සෑර් බලන්නකො... චැහ්......!"
"මොකද බං......?"
"චැහ්....! බලන්නකො.... අපේ ෆිලිම් එක හදලා ඉවර වුනා විතරයි මේවා තහනම් කළානෙ..."
"මොනවද බං.....?"
"ඇයි සෑර් දැන් වැඩිහිටියන්ට පමණයි ෆිලිම්ස් තහනං නොවැ...."
"ඉතිං අපිට මොකද බං......?"
"අපිට මොකද අහන්නෙ.........? අපරාදෙ යට කරපු සල්ලි........"
"ඇයි..........?"
"ඇයි සෑර් ඉතිං දැන් අපි හදපු ෆිලිම් එකත්........"
"ඔව්.... ඉතිං..... කව්ද බං කියන්නෙ අපි හදපු ෆිල්ම් එක එහෙම එකක් කියලා....?"
"ඇයි සෑර් අපි හදපු ෆිලිම් එක......"
"ඔව් ඉතිං..... අපි හදපු ෆිල්ම් එක..............?"
"අපි හදපු ෆිලිම් එක වැඩිහිටියන්ට...."
"වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!"

~
නිමි~

ස්වභාවික චලන අවිශදතාවය (Natural Motion Blur) - බවු-ටික-විජ්ජා කුප්පියක්



මේ දැක්වෙන්නෙ පසුගිය දිනෙක මගේ කැමරා ඇස බ්ලොග් අඩවියේ පළ කළ සේයාරුවක්. මේ සේයාරුව මම මගේ කැමරා ඇසට අසුකරගත්තෙ බස් එකේ පා පුවරුවෙ ගමන් කරමින් සිටියදී කියලත් මං ඒ සේයාරුවට යටින් ලියලා තිබ්බා. නමුත් මේක දැක්ක ගමන් ඕගොලන්ටත් හිතෙන්න ඇති මේකෙ නම් කිසිම Motion Blur එකක් නෑනෙ කියලා නේ? අපේ බුධාජීව මලයටත් ඔහොම හිතලා තිබුණානෙ. ඉතිං ඔන්න බුධාජීව මලයයි මායි අතර එතනදි comments වලින් පුංචි කතාබහක් ඇති උනා. ඔය පහතින් දැක්වෙන්නෙ ඒ කතාබහ.

ඔන්න දැන් සේයාරූ වලට වෙනම බ්ලොග් සටහනක් - කැමරා ඇස

හා හා පුරා කියලා මාත් ඉතිං ඔන්න පටන් ගත්තා සේයාරූ බ්ලොග් සටහනක්. ඊයේ රෑ තමයි නිකමට හිතුණෙ මේ වගේ දෙයක් කරන්න ඕනෙ කියලා. මොකද මාත් ඉතිං ඔය ටිකක් අමුතු ජාතියෙ photos ගන්න කැමතියි. හැබැයි ඉතිං ඔය ඒ වගේ ගන්න photos කව්රුත් වැඩිය බලන්නැති හින්දා (හැමෝම ඉතිං photo එකක් ගත්තම උනන්දුවෙන් බලන්නෙ තමං ඉන්න ඒවයි අඳුරන අය ඉන්න ඒවයි විතරනෙ...) ඒ විදියෙ photos ගන්න එක ටිකක් මගඇරිලයි තිබ්බෙ. මීට පස්සෙ නම් ඉතිං photos ගන්නකොට වෙනදටත් වඩා උනන්දුවෙන් ඒ වගේ photos ටිකක් ගතහැකි බ්ලොග් එකේ පළ කරන්න.


ඊයෙ රෑ අදහස හිතට ආපු ගමන් එහෙං මෙහෙං කෑලි කෑලි ටිකක් එකතු කරලා, වැඩේට සිරා කියල හිතිච්ච තීම් එකකුත් හොයාගෙන හැදුවා බ්ලොග් එක. නම දැම්මෙ "ධනිකගේ කැමරා ඇස| Dhanika's Camera Eye" කියලා. ඒ නම දැම්මෙ පොඩි අනාගත බලාපොරොත්තුවකුත් ඇතිව. ඒ තමයි ඉස්සරහදි මේක‍ට සේයාරූ වගේම මගේ කැමරා ඇසට අසුවුණු චලරූ ත් දාන්න බලාපොරොත්තු වෙනවා. ('කැමරා ඇස' කියලා නම දාපුවම ඉතිං දෙකටම හරිනෙ.. ) හැබැයි පෞද්ගලික සේයාරූ හෝ චලරූ කිසිවක් මේකෙ පළ කරන්නෑ. හැමොන්ටම රසවිඳින්න පුළුවන් කුමන හෝ ආකාරයක කලාත්මක බවකින් සහ වෙනස් බවකින් යුක්ත සේයාරූ හා චලරූ තමයි දාන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගේම ලිපි, නිස‍ඳැස් වැනි කිසි දෙයක් ‍පළ කරන්නෙ නෑ. සේයාරූ සහ චලරූ විතරමයි.