අම්මෝ... මේ ලිපිය කොහෙන් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ. ඒ තරමටම මාර සතුටකින් මං අද ඉන්නෙ.
මගේ ජීවිතේ සතුටුම දවස අද වෙන්නැති. කියලා නිම කරන්න බෑ දැනෙන සතුට.
කලින් ලිපියෙ මං කිව්වනෙ
ලබන සතියෙ field selections එනවා කියලා. මොන ලබන සතියක්ද බඩු කලින්ම ඇවිල්ලා. මං ගොඩ. CSE
(Computer Science & Engineering) වලට select වෙලා. හිතාගන්න පුළුවන් ද මට කොච්චර සතුටුද කියලා?
දැන් ඉතිං තව අවුරුදු 3 කින් මං පරිගණක ඉංජිනේරුවෙක්. මට මාාාාාාර happy!!!
මගේ ජීවිතේ ලොකුම ලොකු ජයග්‍රහණයක් ලබපු අද දවසෙ මට හිතුණා පොඩ්ඩක් මගේ ජීවිත කතාව ලියන්න ඕනෙ කියලා. මොකද මගේ මේ ජීවිතාන්දරේ වැටීම් සහ නැගිටීම් සෑහෙන තිබුණා. මේක ආත්ම වර්ණනාවක් කියලා හිතන්න එපා. යම් විදියක උඩුගං බලා ගිය කතන්දරයක් නිසයි ලියන්නෙ. මේ ජීවිත කතාව තවත් මං වගේ කෙනෙක්ට ශක්තියක් වෙයි කියලා හිතනවා. මුළු ජීවිත කතාවම ලියන්න ගියොත් දිග වැඩිවෙනවා. ඒ හිනදා මං මගේ ජීවිත කතාවෙ ඇකට (academic වලට) අදාල දේවල් විතරක් සැකෙවින් ලියන්නම්.
මොන්ටිසෝරියෙන් පටන්ගන්න ඕන්නෑනෙ. අපි ශිෂ්‍යත්වෙන් පටන්ගමු. මට ශිෂ්‍යත්වෙට තිබ්බෙ
127 යි. ඒ අවුරුද්දෙ pass කරේ 121න්. ඉතිං යන්තං ගොඩ. මං ඉස්සර කොහොමත් හෙන මීටරයක් නෙමෙයි. (දැන් උනත් එහෙමයි

) පස්සෙ පස්සෙ 8,9,10 වෙනකොට නම් පංතියේ 1,2,3 අතරට එන්න පුළුවන් උනා. නමුත් O/L වලදි මං හොඳටම වැටුණා. A 10ක් එයි කියලා හැමෝම හිතං හිටියට මට ආවෙ
A 6යි
B 4යි.
කොටින්ම මට විද්‍යාව ටත් B. ඒ උනත් පොඩිකාලෙ ඉඳන් engineer කෙනෙක් වෙන්න ආසව තිබිච්ච හින්දයි A/L වලට Maths කරන්න ගියෙ.

A/L වලදි මං හොඳටම වැටුණා. O/L කාලෙ හැම විෂයකටම අසූ ගණන් අනූ ගණන් තිබ්බ මට A/L වල ආසවකටවත් කවදාවත් 60ට උඩින් තිබ්බෙ නෑ. හැමදාම හතලිස් ගණන් පනස් ගණන්.
අනිත් එක මගේ A/L ජීවිතේ එක එක විදියෙ බාහිර වැඩ වලින් හොඳටම පිරිලා තිබ්බෙ. ශිෂ්‍ය නායක කෙනෙක් වෙලා හිටපු මට A/L කාලෙදි ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් හම්බුණා. මං ඔය කලා කටයුතු වලට එහෙම පණ ඇරලා. ඉතිං මං ප්‍ර.ශි. වෙලා ඉන්න කාලෙ අපේ ශිෂ්‍යනායක සංගමයෙන් ලොකු විවිධ ප්‍රසංගයක් organize කරා
‘සමාශ්‍ර 2005’ කියලා. ඒක කළුතර town hall එකේ දවස් තුනක් පෙන්නුවා. ඒ වැඩේ ඔක්කොම බරත් පැටවිලා තිබ්බෙ මගේ පිට. ඇයි අර මං හදපු පුංචි software එක -
‘මානවයා’ හැදුවෙත් ඔය A/L දවස් වලම තමයි. ඊට අමතරව උ.පෙ. විද්‍යා සංගමේ ලේකම් වෙලා ඉන්න ගමන් Western band එකේ trumpet එකත් ගැහුවා. ඔන්න ඔය වගේ බාහිර දේවල් වලින් පිරිලා තිබ්බ මගේ A/L ජීවිතේ අධ්‍යාපනයට හම්බුණේ පහලම තැන. ගිරවා subjects නං මට පෙන්නන්නම බෑ. Chemistry එහෙම අජූතයි. කොහොමින් කොහොමින් හරි A/L exam එකට කලින් තිබ්බ අන්තිම වාර විභාගෙත් මට තිබ්බෙ C 2යි S 1යි. Report ගන්න අපෙ අම්මා ඉස්කෝලෙට ගියාම class teacher අම්මට කිව්වෙ මොකද්ද දන්නවද? “මෙයා මේ විදියටම වැඩකරගෙන ගියොත් මෙයාට C 3ක් විතර ගන්න පුළුවන් වෙයි” කිව්වා.
මං බැලුවා මේ වැඩේ හරියන්නෑ, 3ම ගොඩදාන්න ගියොත් 3 ටම කෙළ වෙනවා, ඊට හොඳයි එකක් අතඇරලා ගේමට බහින එක කියලා. අජූත වෙලා තිබ්බ chemistry දැම්මා බල්ලට. මැතයි physicසුයි ගෙදර හිටපු මාස හයේ ගොඩ දැම්මා බොක්කෙන්ම. දන්නවද මගේ results?
AAS - හික්ස්!
කොහොමද result එක, ලංකාවටම එකයි නේ? ආයෙ අමුතුවෙන් කියන්නොන්නෑනෙ S එක මොනාටද කියලා. අර class teacher ට results කියන්න ගියාම මිනිහා විශ්වාස කළේම නෑ. මිනිහා හිතුවෙ මං මේ WWS අරං බයිටට AAS කියනවා කියලා.
ඔය results වලින් මාව select උනා මොරටුවෙම IT වලට. මං ඒකෙ IQ test එකට නොගිය හින්දා ගෙදට්ට ලියුම ආවෙ කොළඹ UCSC එකට select කියලා. IQ test එකට ගිය නැත්තෙ වෙන මුකුත් හින්දා නෙමෙයි දෙවෙනි පාර කරනවා කියලා මං කලින්ම තීරණය කරලා තිබ්බ හන්දා. කොටින්ම මං පළවෙනි පාර විභාගෙට වාඩි උනේම දෙවෙනි පාරත් වාඩිවෙන්න බලාගෙන.
පරිගණක ක්‍ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න මට උවමනාව තිබ්බත් මං හිතුවා IT නොගිහිං කොහොම හරි computer engineer කෙනෙක්ම වෙනවා කියලා.

අන්තිමේදි මට දෙවෙනි පාර විභාගෙ ලියලා
ABB අරගෙන කළුතරින්
20 වෙන්නත් පුළුවන් උනා. (මගේ ඉස්කෝලෙ කළුතර සිරිකුරුස විදුහල) දෙවෙනි පාර විභාගෙ ගොඩදාගන්න අපෙ එක්කෙනත් මට ලොකු සහයෝගයක් දුන්නා. (එයාව අමතක කරලා මේ ලිපිය ලිව්වොත් මං කපෝති

) ඒ සැරේ නම් මට මොරටුවෙ Engineering (MPR) ම කරන්න එන්න පුළුවන් උනා.
අෆොයි... ඒ ආවට පස්සෙනෙ ලොකුම ගේම. මොරටුවට එන්නෙ ඉතිං මුළු ලංකාවෙම පට්ටම බ්‍රයිටො ටිකනෙ. (අපි ඉතිං මේ වැරදිලා වගේ ආපු උන්නෙ

) මං කළුතරින් 20 උනාට island
431. බැච් එකේ ඉන්නෙත් 650 යි. ඉතිං island 431 කියන්නෙ ඉතිං ඔය 650න් 431 වගේනෙ. මං කැම්පස් ආවෙම කොහොමහරි CSE (Computer Science & Engineering) යන්න හිතාගෙන උනාට ආවට පස්සෙ තමයි තේරුණේ වැඩේ ලේසි නෑ කියලා. CSE යන්න අඩු ගානේ semisters දෙකේම overall rank එක පළමු 200 අතරෙ තියෙන්න ඕනෙ. එහෙමයි කියලා වැඩේ අතඅරින්න පුළුවනෑ. දුන්නා මාර ගේමක්. පට්ටම නැහිල්ලක් නැහුණා 1st semester එකේ. ඒ නැහිල්ලෙ ප්‍රතිඵලයක් හැටියට මට 1st semester එකේ
163 වෙන්න පුළුවන් උනා.
ඊළඟ ලොකුම වැටිල්ල වැටුණෙ 2nd semester එකේ. 1st එකේ ගොඩගිය හින්දා 2nd එක වැඩිය ගණන්ගත්තෙ නෑ. ඒ අස්සෙ ADSL ලුත් ගත්තා. ඒ මදිවට මේ සිංහල බ්ලොග් එකකුත් ලියන්න පටන්ග

ත්තා. ඔය ඔක්කොම වැඩ නිසා පට්ටම ලොස් විල්ලක් ලොස් උනේ 2nd එකේදි. අන්තිමේදි 1st එකේ
163 වුනු මං දන්නවද 2nd එකේ කීයද කියලා?
315 - මරුනේ?
Double පල්ලෙහාට බැහැලා. මට ජීවිතේම එපා උනා results දැක්කහම.
Overall rank එක බලනකොට
232. මං කිව්වනෙ CSE යන්න අඩුගානේ 200 ඇතුලෙ ඉන්නෝන කියලා. ඒකයි පහුගිය දවස් ටිකේ මාර අප්සෙට් එකේ හිටියෙ.
හැබැයි පොඩි chance එකකට තිබ්බෙ 1 ඉඳන් 200 වෙනකං ranks තියෙන සමහරු ඉන්නවනෙ ඉල්ලලම civil, mech, chemical වගේ යට ඒවට යන. ඒ වගේ උන් 32ක් හිටියොත් විතරයි මං ගොඩ යන්නෙ. මෙච්චර කාලෙකට 32ක් වගේ ගොඩක් එහෙම යට field වලට ඉල්ලලා ගිහිල්ලා තිබුණ්නෑ. අපේ immediate සින්නන්ගෙ බැච් එකෙත් 225 වගේ වෙනකං විතරයි CSE ගිහින් තිබුණෙ. කොහොමින් කොහොමින් හරි මගේම වාසනාවට මේ පාර සිරා ranks තියෙන ගොඩ දෙනෙක් civil, mech වගේ ඒවට ගිහිල්ලා. අන්තිමේදි මං CSE වලට select. මං දිනුම්! ඔව් අන්තිමේදි මං දිනුම්!

දැන් ඉතිං මගේ ජීවිත ඉල්ලක්කෙ සපුරගෙන අවසන්. තව අවුරුදු 3කින් මං සරසවියෙන් එළියට බහින්නෙ Computer Engineer කෙනෙක් විදයට. දැන් ඉතිං ඒක කාටවත් නවත්තන්න බෑ.
‘මානවයා’ ගෙන් පටන් ගත්තු මගේ පරිගණක ක්‍ෂේත්‍රයේ දිවිගමන එතනින්ම නවත්තන්නැතුව තව ඉස්සරහට කරගෙන යන්න දැන් මට පුළුවන්. ඉදිරියෙදිත් රටට වැඩක් වන වඩා හොඳ නිර්මාණ බිහි කරන්නත් පුළුවන්.
හා හා පුරා කියලා ලබන සඳුදා තමයි
CSE Department එකේ වැඩ පටන් ගන්නෙ. මගේ ගුරු දෙගුරුන් ඥාති මිත්‍රයන් සහ දෙසොහොයුරියන් වගේම මගේ online මිතුරු මිතුරියන් වන ඕගොල්ලො හැමෝටමත් මං මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙනවා වචනෙකින් හරි මගේ මේ දිවිගමනට ශක්තියක් උනාට. ඕගොල්ලො හැමොන්ටම හදවතින්ම ස්තූතියි!
෴
එල එල මචං ඔහොම යං :)
ඔතනට යනකන් දඟලලා ඊට පස්සේ අතෑරලනම් දාන්න එපා..
ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එලනේ!!
සුභ පැතුම්!!
බොක්කෙන්ම සුබ පතනවා මචං ! ඇත්තටම අපිට මට සතුටුයි උඹ ඕකට සිලෙක්ට් වෙච්ච එක ගැන, මොකද ඔය වගේම කඩ ඉමක් මටත් තිබුනා, තවම රිසල්ට් ආවෙ නැතත් මම දන්නවා මම ඒකෙන් පරාදයි කියලා. (Special Degree එකට සිලෙක්ට් වීම)
එල එල.. ඔහොම යාං.... :)
@සමීර විමලරත්න
පිස්සුද බං.. මැරුවත් අතාරින්නෑ දැන්නම්.. මෙච්චර ගේමක් දීලා ගොඩදාගත්තු දේනෙ.. ස්තූතියි මචං සුභ පැතුමට!
(අදයි දන්නෙ උඹටත් 22යි කියලා. අයියෝ මං එදා උඹට අයියා කිව්වනෙ හික්ස්!)
@ප්‍රවීන් ඉන්ද්‍රනාම
බොහොම ස්තුතියි මචං! උඹ ඉතිං සුභපතන්නෙ බොක්කෙන්ම කියලා ආයෙ අමුතුවෙන් කියන්නෝන්නෑ බං... මං දන්නවා.. :)
බයවෙන්නෙපා උඹටත් ඕක සෙට් වෙයි..
yup elakiri massina !!!!! Its great to have a friend like u in the CSE department !!! Lets Rock CSE !!!!!
subha pathum..!!!
එළ කොල්ලෝ එළ.සුභ පතනවා සබද හදවතින්ම සැමදාමත් සාර්ථක වෙන්නට ජීවිත ගමන.
@rclakmal
Thanks Laka! Great to have a friend like u too. Yap! Lets Rock CSE!!!
මේ ඒක නෙමෙයි, කවදා ඉඳන්ඩෝ උඹ මගේ මස්සිනා උනේ...? :D
@Anju
බොහොම ස්තූතියි!
@හසී
ස්තූතියි මචං!
hahahah !!!! IS there any possibility to become "Massina"? then ill apply !!!!! :D :D : D ..eka newei !
danwane u have to come with the Dress Code on monday !!! keep that in mind !!!!!!!!
congratz!!! and thanks for the treat :)
hope we'll have a gr8 time @ CSE!!!!
@rclakmal
අනේ නෑ බං සොරි තමයි.. මට ඉන්නෙ අක්කලා දෙන්නෙක්නෙ... :D
ඔව් මචං මට msg එක හම්බුනා, එළ එළ සඳුදාට dress code ගහන් එන්නම්...
@Nufail
Thanks machan! Yap, aniva deffa we'll have a gr8 time @ CSE!! :-)
අප්පට සිරි... අහන්නත් සන්තෝසයි...
මගේ සුබ පැතුම් අයියට..
එහෙනම් ගොඩේ පාටියක් ඇරේන්ජ් කරමු නේද? :P :P
ela jaya wewa !!!
එළ එළ! මේ A/L ලියන අය විදිහට අපිටත් ඉගෙනගන්න එව්වා බෝමැයි නෙව! :)
ආ උනන්දුව වැඩි කමට වචනත් ලිස්සලා ගියා. ඔන්න එහෙනං අපි
ජයවේවා!
කිව්වා... :)
සුබම සුබ පැතුම්.
මේකෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්තා. මමත් ශීෂ්‍යත්වෙ කෙල කරගත්ත. ඕ ලෙවල් A 6 යි. දැන් ඒ ලෙවල් බයෝ. මමත් කොහොම හරි ගොඩ දානවම තමයි.
@Kanishka
ස්තුතියි මලයො! එහෙනම් වෙලාවක ගොඩේ දි සෙට් වෙමුකො.. :D
@Chrishi
Thanku Thanku!
@Sudaraka
ස්තුතියි මල්ලියො! ඔව් ඔව් මං මේ මගේ ජීවිතාන්දරේ ලිව්වෙත් උඹල වගේ උන්ට පොඩි මොරාල් එකක් දෙන්න තමයි.. එළ එළ A/L ගොඩදාපං නියමෙටම.. එතකොට මෝරා ඇවිත් අපිවත් දැකබලාගතහැකිනෙ... :D
@ඉද්දා
ස්තූතියි! අන්න හරි මලයො.. ජීවිතේ කොයි දේකින්වත් වැටෙන්නෙපා.. කාගෙන පලයන්.. උඹට අනිවා ඩොකෙක් වෙන්න පුළුවන්.. මෙන්න මගෙන් උඹට ගට! ජයවේවා!
එළ කිරි සුභ පැතුම්... උඹ 97 ද ශිෂ්‍යත්වෙ කළේ?
@Thilina
ස්තූතියි! ඔව් මචං 97 තමයි. උඹත් 97 ද? එළ එළ තව මචං කෙනෙක්ව සෙට් උනා... :D
HOT සුභ පැතුම් .............aLL tHE bEST
සුභ පැතුම්
@Ushan
Thanks! HOT වැඩි කමට පිච්චුනාද මන්දා... හික්ස්! :D
@Dimu
ස්තූතියි!
අයියාට මගෙන් සුභ ,මමත් මාර විදිහට ජීවිතේ විවිද දේවල් වලට මූන දීලා තියනවා තාමත් ඒවයි ගොඩ එන්න උත්සහා කරනවා අයියාගේ මේ කතාව මට ලොකු හයියක්
@රන්දීර වීරකෝන්
ස්තූතියි මල්ලි! අපි හැමොන්ටම ජීවිතේ කරදර බාධක එනවා.. මට මල්ලිගෙ වචන වලින්ම තේරෙනවා මල්ලි අමාරුවෙන් නැගිටින්න හදන කොල්ලෙක් කියලා.. අතඅරින්න එපා මල්ලි.. වැටෙන වැටෙන හැම පාරම වැටිලම ඉන්නැතුව කොහොමහරි නැගිටින්න.. කවදාහරි දවසක උඹ කාටවත් වට්ටන්න බැරි චරිතයක් වෙනවා ආයෙ දෙකක් නෑ... මෙන්න මගෙන් උඹටත් ගට! ජයවේවා!
සුභ පැතුම් මචෝ, ඔයාට ඉදිරියේදී රටට වැඩදායි ආඩම්බරයක් වෙන්න පුලුවන් වෙන්නැයි මම පතනවා! මේ ආකාරයෙන්ම නොවුණත් මගේ ඒක නම් මිට වඩා වෙනස්, ඒ අතර පතර වැරදීම් ගොඩාක් එක්ක ඇතැම් වෙලාවට මගේ දෙදවය සරදම් කරලාත් ඇති. ඒ දැන් යාන්තමින් ඒ තත්වයෙන් ඈත් වී මඟකට යනවා, හැබැයි 8 වසර ගාණේ ඉඳන් තිබ්බ බලාපොරොත්තුව නෙමේ තියෙන්නේ 10 වසර ගාණේදි මම පිලිකුල් කරපු විෂය මගේ ප්‍රියතම වෙලා, එහෙම වෙනස් වුණත් ඒක අරමුණක් එහෙමමයි. :)
එල ..එල..අනාගතයට උණුසුම් සුභ පැතුම්.... :)
සුභ පැතුම්!
මගෙනුත් සුභ පැතුම්. හොඳට කරගෙන යන්න, එච්චර අමාරුවක් වෙන එකක් නෑ.
මමත් ඇතුළට ආවෙ CSE, Tronic යන්න හිතාන තමයි, ඒත් මගෙ කම්මැලිකම හරහට හිටිය.
(මුලින්ම කියන්න එපැයි මම කරන එක. මම කරන්නෙ Materials Science and Engineering.)
ඒත් මම දැන් කරන එකෙනුත් හුඟක් ඉස්සරහට යන්න පැති තියෙන නිසා මම සතුටින්. Advanced Ceramics (fabrication of Semiconductor, etc), Nano tech තමා මගේ ඉලක්ක.
මම කරන ෆීල්ඩ් එකෙන් ඒ පැති වලට යන්න කිසිම අමාරුවක් නෑ.
මමත් පරිගණක ක්ෂේත්‍රයට හුඟක් ආස උනත්, මෙතන ඊට වඩා දෙයක් තියෙනව කියල හිතෙනව.
අනික මගෙ ඒ ආසාව ගොඩ දාගන්නත් බැරි කමක් නෑ. (අපේ කට්ටියක් සෙට් වෙලා Web and Graphic Solutions දෙන කොම්පැනියක් පටන් ගත්තනෙ.)
කොහොම හරි කමක් නෑ. ආපහු සැරයක් සුභ පතනව.
@-බිன்ku-
ස්තූතියි මචං! ජීවිතේ ඔහොම තමයි මචෝ. ජීවිතේ අපිට ඕන කරන දේවල්, අපි ආස කරන දේවල් හැමතිස්සෙම අපිට ලැබෙන්නෑ. නමුත් අපිට ලැබෙන දේ අපි සතුටින් බාර ගන්නවනම් අපිට ඒ දෙයින් ඉස්සරහට යන්න කොහෙත්ම බැරිකමක් නෑ. අවශ්‍ය වෙන්නෙ අපි කරන දේ ආසාවෙන් කැපවීමෙන් කිරීමත්, කරන දෙයක් හරියට කිරීමත් විතරයි. මමත් උඹට සුභපතනවා ඔය අධාපන කටයුතු හොඳින් නිම කරලා ආපහු ලංකාවට ඇවිත් මේ රටට වැඩක් කරන්න ලැබේවා කියලා. :)
@panhida
එළ මචං ස්තූතියි!
@ඩෝසන්
ස්තූතියි!
@H. Madhawa Ranga
ස්තූතියි අයියෙ! මාත් පිළිගන්නවා ඒක. ඔය අපි Tronic එක, CSE දෙක, Material අන්තිම කියලා ලේබල් ගහං හිටියට ඔය ඕනම එකක් හරියට කළොත් අනිවා හොඳ තැනකට යන්න පුළුවන්. බිංකුට කිව්වත් වගේ, කරන දෙයක් අශාවෙන් කැපවීමෙන් හරියට කළොත් ඒවායෙ ප්‍රතිඵල අනිවා ලැබෙනවා. අනික මොන field එකේ උනත් අන්තිමේදි engineer කෙනෙක්නෙ. :)
එළ එළ මගේන් සුබපැතුම්
@Manushan
ස්තූතියි මලයණ්ඩි! උඹත් ගොඩදාපං උ.පෙ. සිරාවටම.. මෙන්න මගෙන් ගට! ජයවේවා!
මගේ CSE යාළුවෝ ගොඩට තවත් කෙනෙක්!!!
බොහොම සංතෝශයි මේ ගැන දැන ගන්න ලැබීම. ඉතුරු ටික නම් කොහොමහරි කරගන්න පුලුවන් නේ.
ඒ වගේම මේක කියවනකොට මටත් මගේ ඉතිහාසය ගැන ලියන්න හිතුනා. බලමු ඉස්සරහට!!!
All the best Dhanika. I highly appriciate your BIG affort. I was also a graduate of J'pura university. therefore I clearly know the university life. one day all your dreams come true.ALL THE BEST AGAIN MALLI.
By: Punsiri Karunasena,
Main feature writer,
Roo computer magazine
මල්ලී ඔයා ගැන මට ආඩම්බරයි
සුභ පැතුම්!!!
@deeps
මටත් සංතෝශයි ඔයාගෙ CSE යාළුවෙක් වෙන්න ලැබීම ගැන.
දැන් කඩයිම පසුකරලා නම් ඉවරයි. ඉතුරු ටිකත් කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ... :D
ලියන්න ලියන්න. අපි නොදන්නවා උනාට අපේ ජීවිත කතා වලින් යම් දෙයක් තමන්ගෙ ජීවිතේට ආදර්ශයක් කරගන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. මේ ලිපියෙ කමෙන්ට්ස් දැක්කමයි මටත් එහෙම හිතුණෙ.
@Punsiri
Thanks aiya! Thanks a lot!!!
@ජයමාලි
ස්තූතියි අක්කෙ...!
@පහන්
ස්තූතියි!!!
ධනික මල්ලියෙ, (පුතා කියන්න තරම් මම නාකි නැහැ තාම)
මගෙත් ඒ ලෙවල් කතාව උඹට ටිකයි දෙවෙනි...
වැඩි විස්තර නොලියා සමරිය විතරක් ලියන්නම්.
මමත් ඒ ලෙවල් වලදි වාර විභාග වලට 10-20 වගේ තමයි ගත්තෙ. 1993 අප්‍රේල් වෙනකොටත් එහෙමයි. මට තිබ්බෙ මාස 4යි ගොඩ යන්න. මගෙ පූරුවෙ පිනකට සහ කල්‍යාන මිත්‍ර සේවනයෙ ප්‍රතිඵල ලෙස, මාව හරි මගකට යොමු වුනා. අන්තිමට ඇප්ලයිඩ් A, පියෝ C, අනිත් දෙකට B. මෝරා යන්න පොඩ්ඩක් මදි වුනාට, කොළඹ ආවා උඩින්! අද බොහොම සාර්ථකව ජීවිතේ ගෙවනවා.
ඒ ලෙවල් කාලෙම පටන් ගත්ත ආදර කතාව නම් කසාදෙකට හැරිලා දැන් අපි දෙන්නා මව්පියන් වෙලත් ඉවරයි....
උඹට අති සාර්ථක අනාගතයකට මගෙන් සුබ පැතුම්!
මේව කියවලා තවත් එකෙක් හරි ගොඩ ගියොත් මම සැටිස්!
සුපුන්
ela
එල කිරි...කට්ටියම කොහොම හරි කම්පියුර් පැන ගත්තනෙ...
දැන් ඉතින් සෙට් වෙලා එන දේකට මුණ දෙන්න තමා තියෙන්නේ....
අපි වෙනුවෙන් අපි..
දනිකටයි අපේ සෙට් එකටයි මගෙන් සුභ පැතම්.
@Supun
බොහොම ස්තූතියි අයියෙ!
ඒක ඇත්ත, මාත් මගේ මේ ජීවිතාන්දරේ ලිව්වෙ මේක මං වගේ තවත් කෙනෙක්ට ලොකු ශක්තියක් වේවි කියලා හිතලා. උඩ comments දැක්කම පේනවා ඒ දේ එහෙම වෙලා තියෙනවා කියලා. මටත් සතුටුයි ඒ ගැන.. :)
@Dileepa
එළ මචං එළ.. සුභපැතුමට ස්තූතියි!
දැන් ඉතිං තියෙන්නෙ කට්ටියත් එක්ක සෙට් වෙලා කොහොමහරි ඉතුරුටික ගොඩදාන එක තමයි. :D
congratulations bro
@Duminda
Thanks bro!!!
ඔහොම යමු මල්ලියෙ. දැන් තමයි අමාරුම හරිය තියෙන්නෙ. බලන්නකො නැද්ද කියල.අපිත් හිටියනෙ CSE එකේ...
මගෙත් සුභපැතුම්, දිගටම හොදට උනන්දුවෙන් ඉගෙන ගන්න,
@vidulahasaranga
ඒක නම් ඇත්ත අයියෙ. CSE එකේ වැඩ වැඩී තමයි, ඒත් මං හිතනවා මට ඒ දේවල් වලට ආසාව තියෙන හන්දා දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. කමෙන්ට් එකට ස්තූතියි!
@BEAUTIFUL SRI LANKA
බොහොම ස්තූතියි අයියෙ!
ඔන්න ධනික මලේ මගෙනුත් සුභ පැතුම්! පරක්කු වුණාට සොරි වෙන්න ඕන... දන්නවනේ පහු ගිය කාලෙ මට විභාගයක් තිබුණා.
මේක කියවලා අපට ඉගෙනගන්න දෙයක් තියෙනවා. ඒ වගේම මගේ කතාවත් ටිකක් විතර ඔය වගේ තමයි. හරියටම ඔය වගේ වෙන්න නම් මම 4th year select වෙන්න ඕන. ඒ select වුණොත් වෙන්නෙත් ඔය වගේ සිරා GPA තියෙන උන් ජොබ් වලට ගියොත් විතරයි! :P
@ශාකුන්තල
බොහොම ස්තුතියි අයියෙ! මං දන්නවා පරක්කු උනේ විභාගෙ හින්දා කියලා. :)
බයවෙන්න එපා අයියෙ අයියටත් ඔය කඩයිම ජයගන්න පුළුවන්වෙයි.
මම CS අමාරුවෙන් ගොඩආවා කියලා කිව්වම මේක මේ අපෙ ඉස්කෝලෙ මල්ලි කෙනෙක් මට කියපු දෙයක්. අපි අනික් මිනිස්සුන්ට රැයක් දවාලක් නැතිව පිනට කරන උදව් වල හැටියට මේ ලෝකධර්මතාවයෙන් අපිටත් යම් උදව්වක් ලැබෙනවා මේ ලෝකෙදිම අපේ යම් අස්ථීර අවස්ථා වලදි. (තව උදව් ලැබේවි ඒ ලෝකෙදි) මං විශ්වාස කරන්නෙ මටත් මේ කඩයිම ජයගන්න ඒකත් එක හේතුවක් වෙන්නැති කියලා.
මම UCSC එකෙන් තමයි උපාධිය ගත්තෙ. දැන් අවුරුදු 2ක් විතර වැඩකරන්න පටන් අරන්. කොම්පැනි කාරයොන්ට වැඩිය වැඩක් නැහැ මොනවද කියල තියෙන සුදුසුකම්. ගොඩක්ම මෙහෙදි ඉහල යන්න බලපාන්නෙ ආකල්පයි තමන්ගෙ හැකියාවයි.
එල කිරි මචන්. උඹේ අධිෂ්ඨනයට කැපවීමට හිමි තැන උඹට හම්බ වෙලා තියෙනවා... බොහොම සන්තෝෂයි.. මේ කැපවීම ඉදිරියටත් කරගෙන ගිහින් රටට ජාතියට ආඩම්බරයක් වෙන්න පුලුවන් දෙයක් කරපන්.. කලුර කොල්ලෙක් වශයෙන් උඹ ගැන මට ආඩම්බරයි.... උඹට සදා ජය...
@Gayan Balasooriya
ඒක නම් ඇත්ත. රැකියා සම්බන්ධයෙන් නම් උපාධියට වඩා වටින්නෙ හැකියාවයි දක්‍ෂතාවයයි තමයි. නමුත් මම පළවෙනි පාර විභාගයෙන්ම IT හරි USCS හරි ගිහිල්ලා ඊට පස්සෙ ජීවිතේ පස්සෙ කාලෙක මට හිතුණොත් අපරාදෙ මං දෙවෙනි පාර නොකළෙ කියලා? එහෙම උනොත් මට ගොඩක් කලකිරෙන්න වෙයි මං ගැන. ඒකයි මං දෙවෙනි පාරත් කළේ මගේ උපරිමය අධ්‍යාපනයට යොදවලා.
@Prasad Perera
බොහොම ස්තූතියි අයියෙ! මගෙත් ලොකුම ආසාව සහ අධිෂ්ඨානය අපේ රටට මේ ක්‍ෂේත්‍රයෙන් ලොකු සේවයක් කරන එක තමයි. කළුතර අයියා කෙනෙක්ව හඳුනගන්න ලැබිච්ච එක ගැන මටත් සතුටුයි. :)
ඔව් ඔව් ඕක හන්ද තමයි මමත් දෙපාරක් A/L කලේ. පළවෙනි පාර මට ආවෙ ප්‍රමාන සමීක්ශනේ.
as walata kaduluth awa hugak sathutui malliye.
@Gayan Balasooriya
මට නම් ඉතින් ඒක අවුලක් උනෙ නෑ මං පළවෙනි පාර විභාගෙ ලිව්වෙම දෙවෙනි පාරත් ලියන්න හිතාගෙනම නිසා. ඒත් මට ලොකු බයකට තිබ්බෙ Engineering ඇවිල්ලා බැරිවෙලාවත් CS යන්න බැරි වෙයි කියලා. ඒ ලොකු අභියෝගෙ ජයගත්ත එකටයි අද මට මෙච්චර සතුටු. :D
@Anonymous
මටත් හරිම සතුටුයි අයියෙ/අක්කෙ! මගේ මේ ජීවිත කතාව කියවලා තව කාට හරි ගොඩ යන්න ගටක් ලැබෙනවනම් මට ඊට වඩා සතුටුයි.
අයියා නියම පොරක්නේ..
මගේ උනුසුම් සුබපැතුම්...........
ඉතිරි ටිකත් හොඩට කරගෙන යන්න.....
අයියට සුබ අනාගතයක්..
උදන්ත අනුරාද
ela ela
@Anuradhax3
බොහොම ස්තුතියි මල්ලි..!
@METH GAMAGE
එළ එළ නෙමෙයි මලයො.. ඔයාලත් කොහොමහරි A/L ගොඩදාගන්නවා කියලා අධිෂ්ඨාන කරගන්න ඕනා හොඳද? හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.. :)
සුභපැතුම්, සුභ අනාගතයක්,
@har
බොහොම ස්තූතියි!
වැටි වැටි නැගිටිනකොට තමයි අපේ අඩු පාඩු පේන්නේ. ධනික එ අතින් අනිත් හැමෝටම හොද අදර්ශයක්.තියන අඩු පාඩු අදුනගෙන ඒවා හදාගෙන උත්සහයෙන් ක්‍රියා කරන අය තමයි ජිවිතේ ජය ගන්නේ.
මමත් සුභ පතනවා දයාගේ ප්‍රාර්තනා සපල වෙන්න කියලා.
සිරිවිපුල හාමුදුරුව
කන්දෙගෙදර නැණසල
@sirivipula හාමුදුරුවො
බොහොම ස්තුතියි අපෙ හාමුදුරුවනේ....!
හාමුදුරුනමකගෙන් සුභපැතුමක් ලැබීම ගැන මට ගොඩක් සතුටුයි!
මං හිතනවා නැණසලේ නංගිලා මල්ලිලටත් මගේ ජීවිතාන්දරෙන් ඔවුන්ගෙ ජීවිත වලට යමක් ගන්න පුළුවන් වෙයි කියලා... ඔබ වහන්සෙ මගේ කතාව එයාලටක් කියන්න...
As I told you, I read it before I slept. I AM REALLY REALLY REALLY PROUD OF YOU DHANIKA!!!!! CONGRATS!!!!! I'm really happy for you my friend..... Keep it up!!! You are really courageous.... GOD is ALWAYS with you in whatever you do!!!! gbu..tc..
ශාහ්..............,අයියා හරි දක්සයනෙ!!!. මටත් CS එන්න පුලුවන් උනොත්, හම්මේ,දෙයියන්ගෙම පිහිටයි එහෙනම්
ධනික සහෝදරයා මට ඔබට සුබ පැතීමට ප්‍රමාද වූවාට සමාවන්න. මම ඔබගේ ජීවිත කථාව ගැන ලිපිය කියවූවා .ඔබගේ ජීවිත කතාවෙන් මගේ ජීවිතයට ගතහැකි ආදර්ශ බොහෝයි.මමත් ශ්‍රී ලංකා විවෘත විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ 2008/2009 කණ්ඩායමේ (2008/2009 Batch)පරිගණක ඉංජිනේරු සිසුවෙක් ..
සොයුර ඔබට සදා ජය..
W.A. දුමින්ද කවිරංග ගුණවර්ධන
http://kaviranga.blogspot.com
අයියා මාර පොරක් නේ,කියල වැඩක් නෑ,දිගටම එළටම කරගෙන යන්න,ගොඩක් ඉස්සරහට යන්න පුලුවන්,කාටද එතකොට ඉතින් ආඩම්බර ;)
@marian
Thanks a lot friend!!! You were with me in most of my victories. Thanks for your words! GOD never give up you if you always trust in him. That's what I always believe. And that's what my life is all about. GBU frd!
@ඉශාන් තිළිණ
ස්තූතියි මල්ලි! බැහැයි කියලා දෙයක් නෑ මල්ලි... බැහැලා වැඩ කරන්න.. අපි නම් semisters දෙකක්ම කට්ට කෑවා.. ඕගොලන්ට එකයිනෙ කට්ට කන්න තියෙන්නෙ.. ඔය මාස 4, 5 හොඳට වැඩ කරන්න.. අනිවා මල්ලිටත් CS එන්න බැරි නෑ..
@Duminda
ස්තූතියි සහෝදරයා! මෙතන කිසිම ප්‍රමාදයක් නෑ, ඕනෙම කෙනෙක්ට තව අවුරුදු ගානකට පස්සෙ උනත් මේ ලිපියට ප්‍රතිචාරයක් එක් කරන්න පුළුවන්.. :D
ඔබ කියු ලෙස මගේ ජීවිතාන්දරෙන් ඔබේ ජීවිතයට යම් ආදර්ශයක් ගත හැකි නම් ඊට වඩා තවත් සතුටක් මට නැහැ.. මං මේ ලිපිය ලිව්වෙත් ඒ සඳහාම තමයි.. ඔබේ ජීවිතයටත් මං හදවතින්ම සුභ පතනවා.. ජයවේවා!
@බුද්ධික
ස්තූතියි මල්ලි! අනේ හැබැයි මං මේ ජීවිත කතාව ලිව්වෙනම් මං පොරක් කියලා කියාගන්න නම් නෙමෙයි, කාගෙ හරි වැටිච්ච ජීවිතයකට අත්වැලක් වෙන්න, පුංචි මොරාල් එකක් දෙන්න විතරයි.
ම්... හැබෑටම කාටද එතකොට ආඩම්බර.......? :D
(ඇත්ත ඇත්ත, මගෙ අම්මට තාත්තට, අක්කලා දෙන්නට, මගෙ අරයට සහ මේ ලිපිය කියෝපු ඕගොල්ලො හැමෝන්ටමත් ආඩම්බරයි නෙව!) ;)
මචං මම මේක කියෙව්වෙ අද.............
අද වෙනකොට උඹට තේරනව ඈති උඹ අමාරැවෙ වැටුන කියල නේද..
උඹ විතරක් නෙමෙයි බන් අපි 100 දෙනාම එහෙම තමයි. කැමැත්තෙන් මේ දෙපාර්තමේන්ත=වෙ ඉන්න එකෙක්වත් හොයා ගන්න බෑ දැන්....
mokakda me wenod aiya kyanne ? :O apitat baye bane
@Wenod
නෑ මචං මට කවදාවත් CSE එපා වෙන්නෙ නෑ.. මං කවදත් පරිගණක ක්‍ෂේත්‍රයට ආදරෙයි...
අද වෙනකොට අපේ අධ්‍යයනාංශයෙ (Department එකේ) වැඩ වැඩී කම අපිට ලොකු හිසරදයක් වෙලා තමයි තියෙන්නෙ... ඒත් ඉතිං ඒ වැඩ වැඩිකම නිසා අපි පරිගණක ක්‍ෂේත්‍රයට දක්වන ඇල්ම අඩු වෙන්නෙ නෑනෙ...
අනික තව අවුරුදු දෙකාමාරයිනෙ අපිට මැරෙන්න වෙන්නෙ.. එතනින් එහාට අපේ අනාගතය ගැන බයවෙන්න දෙයක් නෑනෙ.. ඉතිං දැන් කරන්න තියෙන්නෙ අපේ අනාගතේ ගැන හිතලා මේ අභියෝග වලට අමාරුවෙන්හරි මුහුණ දෙන එක විතරයි... :)
@බුද්ධික
CSE Department එකේ ටිකක් වැඩ වැඩී මල්ලි.. ටිකක් මැරෙන්න වෙනවා.. ඒත් ඉතිං ඒ ඔක්කොම අපේ අනාගතය වෙනුවෙන්නෙ...
බයවෙන්න ඕනෙ නෑ, CSE එන්න හිතාගෙන ඉන්නවනම් ටිකක් මැරෙන්න සූදානම් වෙලා එන්න... එච්චරයි! :D :D
good ayye. mamath oyage kathawen godak dewal igana gaththa. mage target ekath CSE karanna. mama dan A/L karanne. oya wage mai matath term test result thiyenne. mama hithanawa mata dan goda enna amuthu shakthiyak labuna liyala. Good ayye.
@Srilanlan
මටත් ගොඩක් සතුටුයි මල්ලි, මගේ මේ කතාව අහලා තව එකෙක් හරි ගොඩ එනවනම්. ජීවිතේ ප්‍රමුඛතාවයන් අඳුනගන්න මල්ලි. පුළුවන් උපරිමෙන් ඔය කාලෙ ඉගෙනගන්න. මල්ලිට බැරි වෙන්නෑ. මං දන්නවා මං campus එකෙන් out වෙන්න කලින් මට මල්ලිව CSE එකේදි දැකගන්න පුළුවන් වෙයි. මල්ලිට ජයවේවා! :)
@Dhanika
anivaryenama ayye mamath oya out wenna kalin CSE karanna enawa mai.
මම පුතා කියල කිව්වට කමක් නැහැ මම හිතන්නෙ... මට අවු. 36ක් ඉවරයි!! සමහර විට මාව මතකත් ඇති... ඔයා මේ තත්ත්වයට ආවට වඩා, මෙච්චර බාහිර දේවල් කරලත් මේ තත්ත්වයට ආව එක ගැන සතුටුයි පුතා. සමහරු අධ්යාපනය විතරක් කරලත් (මම වගේ අය) ඒකවත් හරියට කර ගන්නෙ නැහැනෙ...
මම දූලම දෙන්නෙක්ගෙ අම්මෙක්.. එයාලට ඔයා වගේ වෙන්න ශක්තියක් දෙන්න මේක කියෙවුවම මම අධිෂ්ඪාන කර ගත්තා.. මොරටුව විශ්ව විද්‍යාලයේ, පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යනාංශයට උදේ හවස එන මගේ, දරුවන් දෙන්නාත් මේ අධ්‍යනාංශයේ අධ්‍යාපනයට යොමු කරන්න මගේ හිතේ ආසාවක් නොතිබුනාම නෙමේ.. ඔයා නිසා ඒක වර්ධනය වූවා කිවුවොත් වඩා නිවැරදියි...
අපේ ආගමේ නොවුනත්, ඔයාට පින්...
තනෝජා රාජපක්ෂ ආන්ටි :):)
@තනෝජා රාජපක්‍ෂ
බොහොම ස්තූතියි ආන්ටි! :)
මගේ ඒ ලිපිය කියවලා ඔබ අධිෂ්ටාන කරගෙන තියෙන දේ ගැන මට ගොඩක් සතුටුයි!
අම්මා කෙනෙක් ඇගේ දරුවන් මං වගේ වෙන්න කියලා පතනවා නම්, ඒකෙ ගෞරවය, ස්තූතිය සම්පූර්ණයෙන් හිමිවෙන්න ඕනෙ මගේ අම්මටයි තාත්තටයි. ඒ දෙන්නා මාව මේ විදියට හදපු නිසයි අද මට වෙනත් දෙමව්පියෙක්ගෙ දරුවෙකුට ආදර්ශයක් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මං ඔවුන්ට සදා ණයගැතියි.
ඉතිං මං ප්‍රාර්ථනා කරනවා ඔබේ දරු දෙන්නටත් මටත් වඩා හොඳ සුභ අනාගතයක් හිමි කරලන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා!
නැවත වරක් ඔබට බොහොම ස්තූතියි, බොහොම පිං අම්මා කෙනෙක් විදියට මේ අවංක අදහස් බෙදාගත්තට!
මක්ක කියන්නද සහෝ.උඹට උණුසුම්ම උණුසුම් සුබ පැතුම්.මටත් ඔය ස්ථානෙට එන්න බැරි වෙච්ච එක ගැන දුකයි!ඒ දුකට කවියක් වගේ එකකුත් ලිව්වා.සිරාවටම රොම්බ හැපී!
http://muchalindha.blogspot.com/2009/11/blog-post_27.html
@මුචාලින්ද
බොහොම ස්තූතියි සහෝ..! සරසවි වරම් නොලැබුණා කියලා අප්සෙට් ගන්න එපා මචෝ.. මේකෙ මේ උඹ කියලා තියෙන තරම්ම සොඳුරු අසිරියක් නෑ බං.. වෙලාවකට එපා වෙනවා.. :/
අනික ජීවිතේ ජයගන්න තියෙන එකම විදිය සරසවි යන එකම නෙමෙයිනෙ සහෝ... උඹ ඔය හොඳ ට්‍රැක් එකකට වැටිලානෙ ඉන්නෙ.. කරන දේ මොකක් උනත් තමන් කරන දේ හරියට කරනවනම් කවදාවත් වරදින්නෑ සහෝ... උඹට ජයෙන් ජය! :)
මම එක හුස්මට ඔයාගේ කතාව කියෙව්වා. හරියට ඇහි පිය ගහන්නත් අමතක වුනා. සතුටේ බෑ ඔයා ගැන. ඔයා ඉතිං blog ප්‍රවීණයෙක් නේ. ලස්සනට කතාව ලියලා තියෙනවා.
මම නම් මේ blog world එකට නවකයෙක්. ඔයා උත්සාහවන්තයි. ඒ හන්දාම වාසනාවන්තයි.
සුභ පැතුම්...ධනික.
පරක්කු වෙලා හරි ඔන්න මගෙනුත් සුභ පැතුම් අයියා! අපිට අනාගතයේදී හොඳ පරිගණක ඉංජිනේරුවෙක් දැක ගන්න ලැබේවි!
@නිල් අහස
බොහොම ස්තූතියි සහෝ..! අනේ ඉතිං මං ඔය කියන තරම් ප්‍රවීණයෙක් නෙමෙයි, මගේ බ්ලොග් එකට තාම අවුරුද්දක්වත් නෑ.. :) කොහොම උනත් සුභපැතුමට නම් බොහෝම ස්තූතියි!!
@Shiroshan Randika
බොහොම ස්තූතියි මල්ලි!
මමත් මුලු හදවතින්ම සුභ පතනවා. අපේ රටට තවත් මනුස්සකම දන්න හදුනන පරිඝනක ඉංජිනේරුවෙක් බිහිවෙන්න යන එක ගැන....
@උකුස්සා
බොහොම ස්තූතියි උකුස්සො! මගේ ජීවිතේටම මේ උකුස්සෙක්ගෙන් සුභපැතුමක් ලැබුණාමයි... හි හි.. :D
Nice post!! Welcome to the family (sorry for the late wishes).
Just a little advice, don't give up the game cuz fun is yet to come ;)
@Saliya Ekanayake
Thanks Aiya!
And thanks for the advice. For sure, I'll never give up the game as I'm already experiencing the fun of it. :D
Congratulations malli!
I am also a CSE graduate, and I really like what I have written :)
@Oshani
Thanks akka!
I think you tried to tell that "I realy like what you have written". Thanks for that also! :)
මචන් 10 වෙනි පාරට හරි 11 වෙනි පාරට හරි අද මං උඹේ කතාව කියෙව්වා...
මෙච්චර කල් කියෙව්වට කමෙන්ට් නොකලේ මං බ්ලොග් එකක් ලිව්වේ නැති නිසා... දැන් අව්ලක් නෑනේ හික් හික්... කොහොමත් දැන් අපි ෆීල්ඩ් සිලෙක්ට් වෙලා අවුරුද්දකට කිට්‍ටුයි... හැබැයි උඹේ කතාව මං තාමත් ආසාවෙන් කියවන්නේ උඹේ කතාව ඇතුලෙ මට මාව පේන නිසා..... :) උඹට ජය!!!!!!!!!!!!!!!
මම ඔබේ මේ කතාව කියෙවුවේ බොහොම ආසාවෙන්.සිතුවිලි හොඳනම්, අරමුණ යහපත් නම් ඔබ කවදාහරි ජය ගන්නවමයි. මම ඔබේ බ්ලොග් එක මුලින්ම දැක්කෙ ඊයෙ.අනිත් අයට දැනුවත් වෙන්න සරළව ලියපු හොඳ දේවල් ගොඩාක් මම දැක්කා.මමත් ආණ්ඩුවෙ විශ්වවිද්‍යාලයක ඉගන ගත්තා.මම දැකපු ගොඩාක් දෙනෙක්(කැම්පස් එකේ) ඒගොල්ලෝ ඉගනගත්ත දේවල් බෙදාගන්න කැමති නෑ.යාන්තම් වැඩ ගොඩ දාගන්න අයත් ඇල්බට් අයින්ස්ටයින්ගේ අයියා වගේ පෙනී හිටින්න හදනවා.මම දැං රස්සාවක් කරනවා.මටත් ජීවිතේ එකේක ගොඩක් බලාපොරොත්තු තියනවා.ඒත් මම කැමතියි මට පුළුවන් විදියට මගේ දැනුම අපේ නංගිලා මල්ලිලා එක්ක බෙදාගන්න.මමත් පුළුවන් විදියට ඒක කරන්න උත්සාහ කරනවා.මගේ යාළුවොත් ඒකට උදවු කරනවා.ඒ අතරතුර ඔබ වගේ යහපත් ආකල්ප වලින් යුක්ත, ඇත්ත අනිත් අයත් එක්ක බෙදාගන්න කැමති අයගැන දැනගන්න ලැබීම සතුටට කරුණක්.කොටින්ම ඒක මට inspiration එකක්.ඔබේ නිහතමානීකමට සහ දැනුම බෙදා හදා ගැනීමේ ගුණයට සුභපැතුම්.ඔබට ජය!
@හසිත සංදීප එදිරිසිංහ
හම්මේ මචෝ උඹ ඒච්චර මේ ලිපිය කියෙව්වද? බොහෝම ස්තූතියි මචෝ උඹේ මේ කමෙන්ට් එකට! මගේ මේ ජීවීතාන්දරේ කියවලා කව්රු කව්රු හරි තමන්ගෙ ජීවිතෙන් නැගිටින්න මේක දිරියක් කරගන්නව නම් මට ඊට වඩා සතුටක් නෑ. :)
අපි field select වෙලා තාම අවුරුද්දක් නෑ මචෝ, මාස හයයි. අද වෙනකොට නං මං හුඟාක් සතුටින් ඉන්නෙ CSE එකට select වෙන්න ලැබිච්ච එක ගැන. I love my CSE family a lot!
@Theja Kotuwella
බොහොම ස්තූතියි අයියෙ ඔයාගෙ අවංක සුභපැතුමට!
මං ලිපියෙ ලිව්වත් වගේ 'මම' කියන්නෙ මහ ලොකු මීටරයක් නෙමෙයි. ඒත් මං දන්න දෙයක් තියෙනවනම් මං ගොඩක් ආසයි ඒ දේ නොදන්න අයට තේරෙන විදියට කියලා දෙන්න. මට පුළුවන් විදියට මං ඒ දේ කරනවා. අයියා වගේ අනිත් කෙනෙක්ගෙ හොඳක් දැක්කම නිහතමානීව ඒ හොඳ ගැන ප්‍රශංසා කරන්න පුළුවන් අවංක කෙනෙක් හඳුනගන්න ලැබීම මටත් ලොකු සතුටක්. අයියටත් ජයෙන් ජය!
හිතුන දෙවල් ඔක්කොම ලියන්න නම් මම වෙනම බ්ලොග් එකක් දාන්න වෙනව....:D මෙච්චරයි මගේ බාශාවෙන්
......::::එල කොල්ලෙක්!!!:::::........
@mahesh
බොහොමත්ම ස්තූතියි ඔබටත්! :)
මල්ලි......... මම දැනුයි දන්නෙ ඔයා මොරටුව කැම්පස් එකේ කියලා......මම 2009 pass out වුණා. Textile engineering කලේ.... මම නම් ඒ ලෙවල් වලදි ගොඩක් මහන්සි වුණා....ඒත් කැම්පස් ආවට පස්සේ සෑහෙන නන්නත්තාර වුණා.... කැම්පස් ආපු පමණින්ම engineering කෙනෙක් වෙන්න බෑ.... ඒ ලෙවල් වලදි කාපු කට්ට වගේ දෙතුන් ගුණයක්වත් කන්න වෙනවා..... හොදට ඇකඩමික් වැඩ කරන්න.... මමත් පිස්සු කෙලලා අන්තිමට අවුරුද්දක් ඩිග්‍රිය ගන්න පරක්කු වුණා....අයියා කෙනෙක් වගේ මේ advice කලේ......තරහවෙන්න එපා හොදේ..... wish u all the best...
ජයෙන් ජය මචෝ.....උඔට කරන්න පුලුවන්....
ජයෙන් ජයම වෙන්ඩ ඔනි අපේ ධනුක අයියට.....
එල අයියා!!! මගෙත් හීනෙ engක් තමා!!!! :D
මම අවුරුදු එකහාමාරක් තිස්සේ උඹේ බ්ලොග් එකට ආවාම හෑමදාම මේ පොස්ට් එක ආසාවෙන් කියවනවා... ඒ තරම්ම මම මේ පොස්ට් එකට කැමතියි, කියවන වාරයක් පාසා අලුත් වෙනවා වගේ... පළවෙනි බ්ලොග් මීටිමේ අපි හම්බ වෙලාත්, මම මේ පොස්ට් එකට උඹට විෂ් කරා මතක ඇති...එ‍්ත් මොකද්දෝ හේතුවකට කමෙන්ට් එකක් දාලා යන්න බැරි වෙනවා...අද නම් ඔන්න කමෙන්ට් කරා...
මේ කතාවේ හැටියට, උඹ දැන් මේ ඔක්කොම බලාපොරොත්තු සම්පුර්ණ කර ගත්ත කෙනෙක් අද...
ජීවිතය දිනන්නේ කොහොමද කියලා ඉගන ගන්න,ඔනිම කෙනෙක්ට, මම උනත් කියන්නේ මේ පොස්ට් එක බලන්න කියලයි... මොකද අද කාලයේ තාලයට ගැලපෙන්න වැඩක් කරපු විරයෙක් උඹ...
(උඹ කියලා කිව්වේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට මචං... )
මගේ සුබ පැතුම් මචං... ජයෙන් ජය!!!
niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiii good luck
@Sucha84
බොහොම ස්තූතියි අයියෙ උපදෙසට! ඇත්ත අයියා කියලා තියෙන්නෙ සහතික ඇත්ත. පිස්සු කෙළියොත් අනිවා කෙළ වෙනවා.
@චතුර - නිලංග - දෙවෙනිගුරුගේ
ස්තූතියි මචෝ...!
@isuru lakshitha
ස්තූතියි මල්ලියෙ...! මේ හැබැයි මම ධනික හොඳේ ධනුක නෙමෙයි... ;)
@Pasan Jayawardhana
බරිවෙන්නෑ මල්ලි හොඳට වැඩ කරන්න, ඔයාට පුළුවන්!
@Kanishka Hennayake
බොහොම ස්තූතියි මචෝ...! මට මතකයි පළමු බ්ලොග් හමුවෙදි උඹ මේ ගැන කිව්වා. උඹ ඔය නිතර නිතර මේක කියවන එක ගැන කියද්දි මට මේක කියන්න හිතුනෙ. මම උනත් තවම සම්පූර්ණ නෑ මචෝ... තාමත් මං වැටෙන අවස්ථා තියෙනවා. ඒ වැටෙන වෙලාවදි මමම ලියපු මේ ලිපිය මං ආයෙත් ඇවිත් කියවනවා මචෝ... ඇත්තමයි මගේම වචන වලින් මට මාර ගටක් එන්නෙ.
ඔයා කමෙන්ට් එකේ ලියලා තියෙන හැම වචනෙකටම ගොඩක් ස්තූතියි මචෝ.. මට මං ගැන අහිංසක ආඩම්බරකමක් දැනෙනවා උඹේ ඔය වචන ටික දැක්කම. මං මේක ලිව්වෙත් හැමෝන්ටම මේ කතාවෙන් තමන්ගෙ ජීවිතේට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලයි.. දැන් නං මට ගොඩක් සතුටුයි එදා මේ ලිපිය ලිව්ව එක ගැන. :)
@chulpath
Thanks bro!
මමත් A/L කරනවා වාණිජ අංශයේන් මුල් දවස් වල විභාග වලට පාඩම් නොකරම හොදට ලකුණු එනකොට හිතුවා A/L සිම්පල් කියලා ඒ හින්දම පන්තියේ වැඩවලට වැඩිය උනන්දු උන්නැ පස්සේ එන්න එන්න ලකුණු අඩු වේනකොට හිතිගෙන හිටියෙ විභාගෙට ගන්න වෙන්නේ W3ක් තමා කියල අයියගේ ලිපිය කියෙව්වට පස්සේ කොහොම හරි A/L ගොඩදාන්න පුළුවන් කියලා හිතුනා.
ස්තූතියි අයියේ ඔයාගේ කතාව හැමො එක්කම බෙදා ගත්තට.
A/L වාණිජ කරලා පරිගණක ක්‍ෂේත්‍රයෙන් කැම්පස් යන්න පුළුවන්ද?
භාහිර අංශයේන් හරි යන්න පුළුවනද? කියලා ලිපියක් ලියමුකො අපි කාට කාටත් දැන ගන්න
(මට සිංහල ටිකක් අවුල් වැරදි තියේනවනම් ගනන් ගන්න එපා)
thax ayye....
අඩේ අයියා මම උබට හපන් මගේ කතාවත් o/l වලට එනකම් ඔක A/l ඕකම තමා ,මගෙත් බලාපොරොත්තුව Computer Engineer හැබයි මම උබට වඩා අනගත්තා අයියා.මම කවදාවත් ගිරවා subjects පේන්න බෑ ඒ උනාට මැත කරන්න හිටිය මම තොර ගත්තේ බයෝ දැන් මම මොනව කන්නද කියලා කලපනා කරනවා මම් 2012 ලියන්නත් එපැයි.මෙ සිරාවටම බයෝ කරලා ඔතන්ට එන්න බැරි වෙයිද.මොකෝ දැන් මම subject මාරු කරන්නැයි. අනේ මම වගේ හරකෙක් (*මම වගේ කිසිම කෙනෙක් මෝඩ හෙතු මත අප්පිරියා subject තෝර ගන්න එපා)
@Prabodha
බොහොම හොඳයි මල්ලි... කවදාවත් උත්සාහය අතහරින්න එපා.. කොහොමහරි ගොඩදාහන්... උඹට ජය!!
@ලක්ශාන්
මල්ලිටත් thanks ප්‍රතිචාරෙට!
@සොදුරු ඉසව්ව
අනේ මලයො කියන්න නම් දුකයි තමයි, ඒත් උඹට බොරු කියලා ඔළුව අතගාලා හිත සනසලා වැඩක් නෑනෙ, ඒකයි ඔන්න ඇත්තම කියන්නෙ. Bio කරලා නම් මොරටුවෙ Computer Engineering තියා කොළඹ Computer Science කරන්නවත් යන්න බෑ මලයො.
Bio කරලා මොරටුවට එන්න පුළුවන්කම තියෙන්නෙ ඔය Architecture, QS වගේ ඒවට විතරයි. Computer සම්බන්ධව තියෙන degree වලටනම් bio කරලා යන්න පුළුවන් කම තියෙන්නෙ හරි අඩුවෙන්. ඒත් සැලෙන්න එපා. ඒ පැත්තෙන් කැම්පස් යන්න බැරි උනත්, SCJP, Cisco වගේ course කරලා Computer ක්‍ෂේත්‍රයෙ රැකියාවක් කරන්න බැරි කමක් නෑ.
ඒත් මං නං කියන්නෙ දැන් bio තෝරගත්ත එකේ පුළුවන් උපරිමෙන් ඕක කරලා මොනම හරි degree එකක් ගන්න කැම්පස් ගිහින්. ඒක ගොඩක් වටිනවා.
උඹට ජය!
niyamai machaaa........ohoma yan....
Jayhooo..........Jayhoo......!
I wish you all the best .IT walin ape punchi ratata
world eke best place ekak hambena widiye wadak karanna..............all the bset::::::::::
1 න්ම වැඩේ දෙන්න මගේ බොක්කෙන්ම සුබපැතුම් !
machan uba yakek! mama A/L walata chemistry witharai pass une! mata eewa amaru nisa nemei! aththatama machan uba yakek! uba elama IT enjek weyan! ubata eeka karanna PULUWan! =) ubata man vsh karanawa! mata unanduwak thibbe na! wada puluwan unath unannduwak naththan wadak na! ubata e 2ma thibba! uba weerayek! :) Congtrat Bro!
ඈත්තටම ඔමබ වීරයෙක්..ඒ වගෙම..දෑනුම බෙදාගන්නවා කියන්නේ ගොඩක් උතුම් දෙයක්...ඔබට ජය...!
නියමයි අයියා..අයිය ගිහින් තියන දුරක් දැක්කම ..ඔයා අපිට ආදර්ශයක්..ඔබේ ගමනට මගෙ සුබපැතුම්..අයියට ජයෙන් ජය..මමනම් 89 ..A/L කොරල ඉවරයි මැත කලේ..SSS තිබේ දැන් NIBM එකේ MIS higher diploma එක කරනවා..අයියගේ කතාව මට ලොකු හයියක් අයියේ..ගොඩ යන්න ආසාවක් එනෝ !! මූණු පොතේ අයියට මං request එකක් දැම්ම හොදේ කැමතිනම් ගන්නෝ :))
මචං, මම මේ පෝස්ට් එක කියෙව්වේ උඹ පෝස්ට් එක දාලා හුගක් කාලෙකට පස්සේ. ඒත් ඒ කතාව කියවන්න තරම් වටින එකක් නිසා හුගක් ආසාවෙන් කියෙව්වා. මේ වෙන කොට උඹ ඔටුන්න පළදින්න ආසන්න කුමාරයෙක් වෙලා ඇති. මගේ හද පිරි සුබ පැතුම්. මට නම් උඹ ගිය දුරෙන් දශමයක්වත් යන්න බැරි උන එකෙක්. ඒ දියුණු වුන එවුන්ගේ දියුණුව දිහා බලාගෙන ඉන්න පුලුවන් හොද හිතක් තියනවා කියලා මට හිතෙනවා. උඹේ දියුණුව රටේ යහපතටම යොදවපන් මල්ලී. රටට දැන් ඹ්නෑ වෙලා තියෙන්නේ උඹලා වගේ එවුන්ගේ සේවය මිසක් වැඩ බැරි කයිවාරු ගහන දේශපාලඥයින්ගේ ආගමනය නෙවෙයි. මම නම් දැන් දෙදරැ පියෙක්. ඒත් ජීවිතේ සුභවාදීව විදිනවා. ඉගන ගන්න වයසේ ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට ෆේස් බුක් එකෙන් මිදිලා උඹ වගේ වෙන්න පුලුවන්නම් අපේ රටට ආශ්චර්ය ලගා වෙන එක බිල් ගෙස්ටවත් නවත්වන්න බැරි වෙයි මල්ලී. උඹට සුභ අනාගතයක්.
ඒළඒළඒළඒළ
suba pathuma mchaaann elama thama......
Post a Comment