Windows 7 වලින් errors හදන්නෙ පරිස්සමෙන්....! (මරණයේ සුදු තිරය දුටුවෙමි)

බයවුනාද?

මේක නම් ටිකක් බය වෙන්න ඕනෙ දෙයක් තමයි. අනං මනං කියවන්නැතුව කෙළින්ම කියන්නම්කො කතන්දරේ. Windows 7 පරිශීලනය කරන අය දන්නවා ඇතිනෙ, Windows 7 මෙහෙයුම් පද්ධතිය තියෙන පරිගණකයකට removable drive එකක් ගහපු ගමන් එයා ඒකෙ errors check කරලා, errors තියෙනවනම් අහනවා මේකෙ errors තියෙනවා හදන්නද කියලා.

ඔය යටින් තියෙන්නෙ අන්න එහෙම අහලා එන සංවාද කවුළුව.





පේනවනෙ මේකෙ කියලා තියෙන දේ. සාමාන්‍යයෙන් files write වෙන්න කලින් device එක ගැලෙව්වොතින් එහෙමලු මේ වගේ දෝෂ ඇතිවෙන. මාත් ඉතිං සාමාන්‍යයෙන් ඔය pen එකක් එහෙම ගැහුවම ඔය සංවාද කවුළුව ආවොත් පුරුද්දට වගේ කෙලින්ම Scacn and fix එකට කොටනවා. මෙච්චරකල් නම් කිසි අවුලක් වුනේ නෑ. බඩු වැඩ.

මගේ ලැප ගත්තෙ ලඟඳිනෙ. ගත්ත දවසෙ ඉඳන් pen නම් හැටහුටාමාරක් ගැහුවත් phone එක ගහන්න උවමනාවක් උනේ නෑ. මතකනෙ අර මං මගේ සේයාරූ බ්ලොග් එකේ පළ කළා මගේ සපත්තුවෙ ගුලි වෙලා හිටපු චූටි පූස් පැටියෙක්ගෙ සේයාරුවක්. අන්න ඒ සේයාරුව ලැපට දාගන්න තමයි මං මුල්ම පාරට phone එක ලැපට ගැහුවෙ USB cable එකෙන්. ඔන්න ඉතිං phone එකත් ගහපු ගමන්ම අර කිව්ව සංවාද කවුළුව ආවා phone එකේ (phone memory එකේ) දෝෂ තියෙනවා කියලා. පුරුද්දට මාත් ඉතිං Scan & fix එක එබුවා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. කොටින්ම කිව්වොත් මට මතක් උන්නෑ මං මේ ගැහුවෙ pen එකක් නෙමෙයි phone එක කියලාවත්.

එයා scan කරලා fix කරන කල් මං phone card එක ඇතුලට ගිහින් මට ඕන කරලා තිබ්බ ‍photo එක hard එකට copy තරගත්තා. මෙන්න බොලේ ටික වෙලාවකට පස්සෙ message එකක් එනවා තිබ්බ සියළු දෝෂ හදන්න බැරි උනා කියලා. සමහරවිට දෝෂ හැදි හැදි ඉන්න අතරෙත් මගෙ USB cable එක බුරුල් උනාද දන්නෑ. කොහොමහරි ඉතිං මට ඉතිං ඔක ගානක් උන්නෑ, මං අර photo එක post කරලා එහෙම phone එක ලැපෙන් ගලවලා ON කලා.

මළ හත්ඉලව්වයි, මෙන්න බොලේ phone එක on වෙන්නෑ. ON කරපු ගමන් Sony Ericson logo එක ඇවිල්ලා මුළු තිරේම සුදු වෙනවා, ටික වෙලාවකින් off වෙනවා, ආයෙ ඔන්න සුදු වෙනවා, ආයෙ off වෙනවා. වචන නාස්ති කරන්නෙ මොකටද ඔන්න බලාගන්නකො phone එකට වෙච්චි දේ. මේ තියෙන්නෙ මගේ phone එක.





Phone එක flash light එකක් වෙලා. කොහොමද වැඩේ? ඔන්න ඔහොම නිවි නිවි පත්තු වෙවී තියෙනවා දිගටම. ආයෙ බැටරියම ගලවන්න ඕනෙ ඒක නවත්තන්න. අයියෝ මාර upset එක. Phone එක කැඩුනා කියන්නෙ ඉතිං දන්නවනෙ? මල් පාත්ති පිටින් පිපෙනවා කඩාගන්න විදියක් නෑ. එක එක දේවල් කර කර බැලුවා. ම්හ්..! වැඩක් නෑ. හොඳ වෙලාවට අපෙ අක්කා මට අක්කගෙ phone එක දුන්නා මගේ phone එක හදාගන්නකල් පාවිච්චි කරන්න. නැත්තං ඉතිං අදාළ පාර්ශ්වයන් විසින් මට නඩු දාලා උසාවි ගෙනියලත් තියෙයි දන්නෙම නැතුව.

ජංජාලෙ පැය ගානක් search කරලා කරලා ලෙඩේ හොයාගත්තා. මේකට කියන්නෙ 'මරණයේ සුදු තිරය' කියලලු. (WSOD - White Screen of Death) බලන්නකො search කරද්දි හම්බෙච්ච මෙන්න මේ video එක. ආයෙ දෙකක් නෑ මගේ අවුලමයි.





ලෙඩේ හොයාගත්තට වැඩක් නෑනෙ ඉතිං ලෙඩේ සනීප කරගන්නෙපැයි. ගිය සතියෙ ලෙඩේට වෙදකං කරන්න වෙලාවක් තිබ්බෙ නෑ, කැම්පස් එකේ පුංචි exms වගේකුත් තිබ්බ හින්දා. ඉතිං ඔන්න සතියක්ම අක්කගේ phone එක පාවිච්චි කරලා ඊයෙ තමයි වෙදකම පටන්ගත්තෙ. ලෙඩේට තියෙන්නෙ එක බෙහෙතයි කියලා හොයාගත්තෙත් ජංජාලෙන්ම තමයි. ඒතමයි phone එක flash කරන එක. කොහොමින් කොහොමින් හරි වෙදපොත් (ජංජාලෙ තිබ්බ tutorials) ගණනාවක් කියවලා කියවලා වෙදකම් පටන් ගත්තා. වෙදපොත් වල හරි අපූරු දෙයක් තිබුණානෙ. බැරි වෙලාක්වත් මේ බෙහෙත වැරදුනොත් ලෙඩා මළා කියලා තිබ්බා. මොනා කරන්නද ඉතිං වෙන විකල්පයක් ඇත්තෙම නැති හින්දා වෙදකම කළා.

ජීවිතේට කරලා නැති දෙයක් පත පොත කියවලා කරන්න ගියාම හරියට වෙලා යනවා නොවැ. වරුවක් විතර කට්ට කාලා අන්තිමේ කොහොමහරි ජීවිත අවදානමකට පත්වෙලා හිටපු ලෙඩාව යන්තං ගොඩදාගත්තා. දැන් නම් ලෙඩා හිටියටත් වඩා හොඳට වැඩ. කලින් නොතිබ්බ flash menus එහෙමත් දැන් තියෙනවා. බලන්නකො.

(මගේ phone එකේ video එකක් ගන්න බැරි උනා. මෙන්න මේ video එකේ තියෙන ඔක්කොම flash menusසුත් දැන් මගේ phone එකේ වැඩ)






ඉතිං ඔන්න ඔහොමයි Windows 7 වලින් errors හදන්න ගිහින් නිවි නිවි පත්තුවෙන flash light එකක් බවට පත්වෙච්ච මගෙ phone එක flash කරලාම ගොඩදාගත්තෙ. ඔය Phone එකක් flash කරනවා කියන එක බොහොම පරිස්සමෙන් කරන්න ඕනෙ වැඩක්. වැඩේ ගැස්සුනොත් Phone එක ඉවරයි. දැන් මං Phone එකක් flash කරන හැටි ගැන අත්දුටුවයි සහතිකයි සිංහල tutorial එකක් හදන්නයි ඉන්නෙ ඊළඟ post එකෙන්. (මේ ගැන කඩ්ඩ tutorials නම් ඕනතරම් තියෙනවා ජංජාලෙ)

ඉතිං ඔන්න හැමෝන්ටම කියන්නෙ. Windows 7 වලින් errors හදන්නෙ පරිස්සමෙන්..! මරණයේ සුදු තිරය ඔබේ phone එකටත් අත වනාවි! මං නං මරණයේ දොරකඩ හිටි මගේ ලෙඩාව ගොඩදාගත්තා. නමුත් ඔබට එය එසේ නොවෙන්න පුළුවන්! බලාගෙනයි!!


ප.ලි. : සමස්ථයක් හැටියට ගත් කළ Windows 7 ඉතා හොඳ මෙහෙයුම් පද්ධතියකි. Vista වලට වඩා නම් දස දහස් ගණනක් වේගවත්ය. මට සිදුවුන මේ අකරතැබ්බය හුදෙක් Windows 7 නිසා සිදු වූවක් විය නොහැක. නමුත් පරිස්සම් වීම ඇඟට ගුණය.

12 යි ප්‍රතිචාර

Narada said...

Windows se7en වල අවුලක් වෙන්න බෑ, මොකඳ Portable HDDs, USE Stricks, iPod, Samsung P3 (Samsung's iPod) වගේම මගේ Nokia 3110c එකටත් windows se7en භාවිතා කරන මුල් කාලයේදී scan and fix කරා.

කොහොම වෙනත් මේ විශේෂාංශය එතරම් සාර්ථික නෑ, මොකඳ මගේ 1TBක දෘඩාග තැටියේ දෝෂ පිරිසකසන්න බැරි වුණ නිසා. ඒ වගේම ඒ Hard Disk එක් සම්බන්ධ කර මොහොතකින් Fatal Blue Screen (se7en කියලා වෙනසක් නෑ)දකින්න ගත්තා, අන්තිමේදී openSuSe Bootable Live DVD (ඒ වේලාවේ අත ළඟ තිබ්බේ ඒක) එකේ පිහිටෙන් Hibernate Files මැකුවේ. ඇතැම්විට මේ Search Errors and fix ඒක මෙහෙයුම් පද්ධතියේම දෝෂ පිරිසක්සන්නේ නැතුව ඇති.

ධනික | Dhanika said...

@~බිன்ku
ඒක තමයි මචෝ මාත් අර යටින් ප.ලි. එකක් දාලා ලිව්වෙ මේක Windows 7 වල අවුලක් නෙමෙයි කියලා. වැඩේ තියෙන්නෙ Windows 7 වලට removable device එකක් ගහපු ගමන් Scan and fix කරන්න අහන එක. දන්නැද්ද ඉතිං අපිත් හදිස්සියට දැකපු ගමන් Recommended එකට කොටනවනෙ. මගේ USB cable එකෙත් පොඩි අවුලක් තියෙනවා. මං අර ලිපියෙ කිව්වා වගේ සමහරවිට Scan and fix වෙවී තියෙද්දිත් USB එක බුරුල් වෙන්නැති. එතකොට ඉතිං කොහොමත් අවුලක් හිටිනවනෙ. :)

Narada said...

වෙන්න ඇති මචං.
අනික ඔයා Disk ඒක Scan කරද්දී ඒ Disk එකේ Files වලට Access කරපු ඒකත් වැරදියි නෙව. ඒක අනතුරුදායක වෙන්න පුළුවං මචං.

"හදිස්සියට දැකපු ගමන් Recommended එකට කොටනව"
ඒක නම් හොඳ වැඩක් නෙමේ. අක්තිමට එහෙම කොටලා අල වුණා කියලා බණින්නටවත් Recommended කරපු කෙනෙක් පෙන්න නෑ. :P

Isuru Wijesinghe said...

mala keliyai... mage 4n eketh dan tika dawasaka indan oya lede enawa. math windows 7 use karanne.
mage HSDPA modem eka ( Huawei E 1550 ) safety remove karanna denneth na 7 waladi

Anonymous said...

Great post!

That flash menu is also great!

Can you please include the links you referred to flash the phone?

Keep up the good work! :D

ධනික | Dhanika said...

@~බිன்ku
නෑ මචෝ මං scan and fix කලේ phone memory එක file එක access කලේ phone card එකෙන්.
ඇත්ත තමයි මොකෝ මං අල කරගත්තා කියලා recommand කරපු එකාව හොයාගෙන යන්නයෑ... :P

@සුදු මහත්තයා
Windows 7 වලය සමහර routers එහෙම වැඩකරන්නෑ කියලා නම් එහෙන් මෙහෙන් ඇහෙනවා. බට්ටාව අනතුරක් නැතිව ගලවන්න දෙන්නැත්තෙ ඇයිද දන්නෑ.
Phone එක ගහන එක ගැන නම් පරිස්සම් වෙන්න වෙයි! :)

ධනික | Dhanika said...

@Isuru Perera
Thanks a lot!
Hope to include all the links in the Sinhala Tutorial I'm going to prepare.
In the mean time you can refer some useful English tutorial about flashing a phone from here.

sanjeew said...

ඉක්මනට Phone Flash කරන විදිය ලියන්න

ධනික | Dhanika said...

@BEAUTIFUL SRI LANKA
සතියෙ දවස් වල නම් හොඳටම වැඩ. සති අන්තෙදි ලියන්නම්. :)

Prabhath said...

7 වල ඔය වැ‍‍ඩෙන් ප්‍රයෝජන වෙන වෙලාවලුත් තියෙනවා.1 පාරක් මට වෛරස් 1ක් හම්බුනා ඒක XP වලට තමා ලෙඩ දෙන්නේ Cut , Copy Or send to කියන ඒවා වල click ක‍ලොත් Computer 1ම Stuck වෙනවා.Task Manager වත් ගන්න බෑ.ඉතින් වෛරස් guard නැති මම scan & Fix Use කළා.ලෙඩෙ තියෙන EXE File එහෙම පිටින්ම Delete කරලා දානවා.මගෙ K800 1ත් කිහිප පාරක්ම ඔය විදියට Scan කළා අවුලක් උනේ නම් නෑ.ඒත් සූදානම් ශරීරේ කෝකටත් හො‍දා කියන‍වනේ.. Thanks

Gerrardz said...

I really loved the post so I used my Digg account to digg it.. It's hard to find knowledgeable individuals on this matter, but you sound like you already know what you're talking about! Thanks A rise in Amazing A lot more.
Gerrardz

විමුක්ති said...

W810 Phone eka flash karapu widiha dannako. Thankx

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails