ඔබ දේදුන්න ආකාසයේ..... (මර්වින් පෙරේරා - ආදරණීය සැමරුම)


මර්වින් පෙරේරා සංගීතවේදියාණන් දැයෙන් සමුගෙන අදට වසරකි. මේ ඔහු පිළිබඳ ආදරණිය සැමරුමකි.‍
---


දේ
දුන්න අසීමිත සුන්දරත්වයකින් අහස සරසා, එය දකිනවුන්ගේ සිත්සතන් අප්‍රමාණ චමත්කාරයකින් පුරවා සමුගන්නා සේ මර්වින් පෙරේරා නම් වූ,

සුවිශිෂ්ට ගායකයා
සුදුර්ලභ සංගීතවේදියා
සුමධුර තනු රචකයා

ඒ හැමටම වඩා සුසංවේදී රසවතා අපෙන් සමුගෙන ඇත.

එනමුදු ශ්‍රී ලාංකීය ගීත හා සංගීත ක්‍ෂේත්‍රය තුළ මර්වින් පෙරේරා සළකුණ දේදුන්නක් සේ සැනෙකින් මැකී නොයනු ඇත. එය තව බොහෝ කල් රැඳී තිබෙන තරමට සුවිශේෂීය.

මරණය කාටත් පොදුය. මිනිස් දුබලකම් ද එසේමය. ලෝකයෙන් සමුගන්නා විට උරුමයක් ඉතිරි කොට තබා යා හැකි නම් එය ජයග්‍රහණයකි. මර්වින් පෙරේරා තම දිවි සැරිය අග උරුමයක් ඉතිරි කොට තබා යන අල්පතර මිනිසුන්ගේ ගණයට වැටෙන්නෙකි.

මර්වින් පෙරේරාගේ ගායන, වාදන කුසලතාවය ඔහු මව්කුස පිළිසිඳ ගන්නටත් පෙර සිට පැමිණෙන්නකි. දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් ඔහු එය උරුමයෙන් රැගෙන ආවේය.

දෙවියන් දුන් පඬුරක් ලෙසින් ඔහුව රැක ගන්නට හැකිවුනි නම් ලාංකීය ගී කෙතට ඔහුගෙන් තව බොහෝ නොබොල් අස්වනු නෙලා ගන්නට හැකිව තිබුණි. ඒ ගැන සංතාප විය යුත්තේ මේ රටමය. ඔහුගෙන් අත්වැල් ලැබූ ඔහුව පැසසූ නමුත් ඔහුව දිරිගන්වා ඔසවා නොතැබූවන්මය.

ඔහු මාධ්‍යය පසුපස හෝ බගවතුන් පසුපස නොගියේය. ඔහු අදීන, ඍජු මිනිසෙකු විය. අවාසනාවන්ත ලෙස 1983 ජූලි වර්ජනයට හසුවූ ඔහු වසර ගණනාවක්ම රැකියා විරහිතයෙකු සේ කල් ගෙවූයේ ඒ නිසාය. එම ඍජුභාවය දීන බව අගයන ලෝකයට කුරුසයක් විය. ඔහු අව්‍යාජ මිනිසෙකිය. බොරු මවාපෑම් ඔහු ළඟ නොතිබුණි. විවෘත ජනමාධ්‍ය සංවාද වලදී පවා ඔහු නොසඟවා තම පපුව විවෘත කළේය. ඒ නිර්ව්‍යාජත්වය අතින් ඔහුට සමවූ කලාකරුවෝ අති විරලය. වරක් ඔහු රූපවාහිනී නත්තල් වැඩසටහනක දී දැක්වූ අවංක අදහස් නිසා පූජකවරුන්ගේ දෝෂ දර්ශනයට ඔහු ලක්වූවා අපට මතකය.

ඔහු සංවේදී මිනිසෙකු විය. එය බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. ඔහු අතින් සුසර වී වැයෙන වයලීනයෙන් අති සියුම් නාද රටා ගලා එන්නා සේ තමාගේ මෙන්ම අනිකාගේ දුක්වේදනා අසල ඔහුගේ නෙතින් කඳුළු වැල් ගලා ආවේය. බොහෝ විට ඔහු ප්‍රියයන්ට දැක්වූ ආදරය අප්‍රකාශිත වුවද ඔහුගේ ඉතා සියුම් හදවතෙහි ගැඹුරු පත්ලෙහි ඒ ආදරය වාං දැම්මේය.

ඔහු ගැඹුරක් සහිත මිනිසෙක් විය. බොහෝ ඇසූ පිරූතැන් ඔහු සතු විය. මා ඕ සේතුන්ගේ රතු පොතේ සිට ක්‍රිස්තුස් වහන්සේ ගැනවූ සුවිශේෂ පොත් දක්වා වූ භාවාත්මක කියවීමක් ඔහු සතුව තිබූ නිසා බොහෝ විෂයයන් ගැන ගැඹුරු සාමීචියකට හැකි කම ඔහුට තිබුණි. යන්තම් තොල කට ගා ගත් දැනුමෙන් ප්‍රාඥයන් සේ පෙනීසිටීමට වෙහෙසෙන නව පරපුරට ඔහුගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.

ඔහු අනන්‍යතා සහිත මියුරු ගැඹුරු කටහඬක උරුමකරුවෙකි. ඔහුව අනුකරණය කිරීම අපහසු වූ නිසාම ඔහුගේ ගීත විනාශ වීම වැළකිණ. එය ඔහු ලද භාග්‍යයකි.

පෙර අපර දෙදිග සංගීත සම්ප්‍රදායන් අතැඹුලක් සේ ගත් ඔහු සංගීත ගුරුවරුන් අතරේ කැපී පෙනුනු ප්‍රමාණිකයෙකු විය. ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට වයලීන වාදකයන් අතර මර්වින් පෙරේරා ඉදිරියෙන්ම විය. ඔහු නිර්මාණකරණයේදී නිර්ලෝභී මිනිසෙකු විය. සහෝදර ශිල්පීන්ගේ නිර්මාණ එළිදැක්වීමට ඔහු නිර්ලෝභීව දායක විය. 'ස', 'සත්‍යයේ ගීතය', 'පවන' ආදී ප්‍රසංග සඳහා ඔහු දැක්වූ නිර්මාණ නිර්ලෝභීත්වය ඊට නිදසුන්ය.

සුසංවේදී මිනිසෙකු වූ නිසාම ඔහුගේ තනු රචනා හෘදය සංවේදී විය. ශිල්පීය නිපුණතා නිසා ඒවා අර්ථ පූර්ණද භාවපූර්ණද විය. ඒ නිසාම ඒවා මගින් සදාතනික මිහිරක් විහිදේ. ව්‍යවහරික සංගීත විෂයයෙහි මර්වින් පෙරේරා සුවිශේෂී වන්නේ එසේය.

ඔහුගේ ජනප්‍රියම ගීතය වන 'මේ නගරය' ගීතය පමණක් වුවද ඊට දෙස් දෙයි. සරල ගීයක් වන එහි සංගීතයෙහිද, ප්‍රගුණ කරන ලද කටහඬෙහි සුගායනීය බවෙහිද ඔහුගේ සුවිශේෂතාවය ගැබ්වී ඇත. නුග ගස් පෙළ තව දළුලනවා යි ගයන විට දළු සෙලවෙන එහි ලාලිත්‍යය අපට දැනේ.

රුපියල් ශත ළඟ නොකිලිටි මේ ගුරුවරයාගේ දැනුම් උල්පත ලඟ පුර සඳ දුටු කොද කැකුළු මෙන් විකසිත වූ සිසු පරපුරක් විය. එහෙත් ඔහු ඒ ගැන කයිවාරු ගැසුවා නම් අපට මතක නැත.

මහා සංගීතඥයකුව සිටියදී ළමා සමාජයක පුංචි වැඩකට පවා සහභාගී වීමට තරම් ඔහු නිහතමානී වූ අවස්ථා එමටය. අප කණගාටු වන ඔහුගේ දුබලතාවය වන්නේ ඔහු සටන් නොකොට පසෙකට වී සිටීමයි. නැත්නම් අතහැර දැමීමයි. ඔහු තම හැකියාවන් පවතින රටාව තුළ කළමණාකරණය කළේ නැත. මීවිත හා ඔහුගේ ඇසුර ඔහුගේ ගී පොත තවත් දිගු වීමට බාධාවක් වූවායයි කෙනෙකුට සිතිය හැක. නිර්මාණකරණයට බාධාකාරී වූ අලසකම පසුකාලීනව ඒ ඇසුරෙන් ජනිත වූවාද විය හැක. එහෙත් ඔහුගේ ප්‍රබලකම වන්නේ තමා කළ නිර්මාණ කාර්යයට සාධාරණය ඉටුකිරීමට ගත් අවංක උත්සහයයි. ඊට සාක්ෂි වන්නේ නන්දා මාලනියට ඔහු කළ සංගීත රචනාවන්ය. ඒවා පුළුල්ව විමසිය යුතුය. මේ ඊ‍ට අවස්ථාව නොවේ. ඔහුට සමුදෙන්නට මොහොතයි.

හිතාදර රසවතාණෙනි,

ඔබ ඉපදුණු - හැදුණු වැඩුණු
ඔබ හා අප මුණගැසුණු - මේ වෙරළ ඉම පුරවරයේ
සුනිල්වන් මහා සයුරෙ රළ - පෙර සේම බිඳෙත් දී
නෙරළු තුරු පෙළ - අළුත් ගොබ් අතු පූදද්දී
ඔබ අපෙන් සමු ගනිද්දී - ජීවිතයම සිහිනයකැයි
ඔබේ සමීපතමයන්ට සිතෙන්නට පුළුවන...


ඔබ ඉතිරි කළ ගී සුවඳ කිසිදා මැකී නොයේ. පාවී යාවී සුසුම්.



උපුටා ගැනීම: මර්වින් පෙරේරා සංගීතවේදියාණන්ගේ අවමංගල්‍ය දා බෙදාහැරි පත්‍රිකාවකිනි.

Windows 7 වලින් errors හදන්නෙ පරිස්සමෙන්....! (මරණයේ සුදු තිරය දුටුවෙමි)

බයවුනාද?

මේක නම් ටිකක් බය වෙන්න ඕනෙ දෙයක් තමයි. අනං මනං කියවන්නැතුව කෙළින්ම කියන්නම්කො කතන්දරේ. Windows 7 පරිශීලනය කරන අය දන්නවා ඇතිනෙ, Windows 7 මෙහෙයුම් පද්ධතිය තියෙන පරිගණකයකට removable drive එකක් ගහපු ගමන් එයා ඒකෙ errors check කරලා, errors තියෙනවනම් අහනවා මේකෙ errors තියෙනවා හදන්නද කියලා.

ඔය යටින් තියෙන්නෙ අන්න එහෙම අහලා එන සංවාද කවුළුව.




සිංහල ඉංග්‍රීසියෙන් ලියන්නට සම්මතයක් ? | A Standard ‍for writing Sinhala in English ?

මේ ප්‍රශ්නෙ සෑහෙන කාලයක් තිස්සෙ ඉඳං මගේ හිතේ තිබ්බත් මේ ගැන ලිපියක් ලියන්න ඕනා කියලා හිතුණෙ පසුගිය දවසක වෙච්ච පුංචි සිද්ධියකින් පස්සෙ.

අපේ CSE 08 batch එකේ මුල්ම trip එක පහුගිය දවස්වල අපි ගියෙ දූවිලි ඇල්ල සහ කන්නෙලිය පැත්තෙ. දූලි ඇල්ල නම් මරු. එක දිය ඇළ්ලක් නෙමෙයි දිය ඇලි කීපයක් බැගින් තමයි තියෙන්නෙ, දිය ඇල්ළෙන් ගලන වතුර එක්රැස් වෙන නාන්න පුළුවන් විදියට හදපු ස්වභාවික තටාක කීපයකුත් තියෙනවා. කට්ටිය ඉතිං හිතේ හැටියට නාගත්තා. කන්නෙලියත් හරිම අපූරුයි. කූඩැල්ලො ගලව ගලව ගිය හැටි නම් කවදාවත් අමතක වෙන්නෑ.

ගැටළුව:

ඉතිං ආයෙත් මාතෘකාවට බහිමුකො. මං අර කියපු පුංචි සිද්ධිය වුණේ අපි ගිය trip එකේ photos මූණුපොතේ දැම්මට පස්සෙ. බලන්නකො මෙන්න මේ photo එකට ලැබුණු ප්‍රතිචාර ටික.

ඇඩ්මින් බල නැතිව කෙළින්ම සිංහලෙන් type කරන්න Mozilla ඇඩෝනයක් !



දෙවන වසරෙ වැඩ පටං අරං දැන් මාසයක් හමාරකුත් ගියා දන්නෙම නැතුව. මෙන්න බොලේ ලබන සතියට පස්සෙ සතියෙ මධ්‍ය සමාස විභාගෙත් (mid semester exam) තියෙනවලු. හැබෑටම කාලෙ යන ඉක්මණ නේද? කොහොමින් කොහොමින් හරි දෙක වසරට ආවට පස්සෙ එක වසරෙ වගේ නෙමෙයි නහුතෙටම වැඩ වැඩී. කොටින්ම කිව්වොත් මේ මං බ්ලොග් සටහනක් ලියන්නෙත් සෑහෙන කාලෙකට පස්සෙ. බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් නෑ. (අනේ මගේ බ්ලොග් යාළුවො තරහ වෙලාද දන්නෙත් නෑ මාත් එක්ක.... කාලෙකින් කාටවත් කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා.... අනේ තරහා වෙන්නනම් එපා හො‍ඳේ....)

ඔය වැඩ වැඩිකම හන්දම ආයෙමත් සැරයක් බෝඩිං ජීවිතේකටත් ඇතුලුවෙන්න සිද්ධ උනා. තාම ලැපක්වත් නැති නිසා දැන් ඉතිං ජාලගත වෙනවනම් වෙන්නෙ ඉතිං සරසවියෙ තියෙන පරිගණක විද්‍යාගාර වලට පිං සිද්ධ වෙන්න තමයි. ඒත් ඉතිං කොහෙද ඒවයෙ තියෙන පරිගණක වල සිංහල තියෙන එකක් යෑ...? අපේ සරසවියෙ විතරක් නෙමෙයි හැම සරසවියකම වගේ තත්ත්වෙ ඕකයි දන්න තරමින් නම්... ඔය දේශීයකරණය ගැන ලොකු ලොකු දේවල් කියන කරන මේ සරසවි වල ඉන්න ලොකු ලොකු උදවිය තාම මේ තමන්ගෙ සරසවියෙ තියෙන පරිගණක වලටවත් සිංහල ස්ථාපනය කරන්න පියවර නොගන්න එක නම් ඇත්තටම කණගාටුවට කරුණක්!

හරිත කර්මාන්ත ශාලා වලින් දුම් වෙනුවට විදුලිය අපට!


මිහිල හරිත කර්මාන්ත ශාලාව (රූපය උපුටාගැනීම මෙතනින්)


ශ්‍රී ලංකාව තුල තවත් හරිත කර්මාන්ත ශාලාවක් පසුගියදා යටියන අගලවත්තේදී ආරම්භ වුනා. හිර්දරමනී සමූහ ව්‍යාපාරයට අයත් මෙය හැදින්වෙන්නෙ 'මිහිල හරිත කර්මාන්ත ශාලාව' ලෙසයි. තුල්හිරියේ පිහිටි MAS විධාරක සමාගමට අයත් රෙදිපිළි කර්මාන්ත ශාලවත් ශ‍්‍රී ලංකාවේ ඇති තවත් මෙවැනි හරිත කර්මාන්ත ශාලාවක්.

මොනවද මේ හරිත කර්මාන්ත ශාලා (Green Factory) කියන්නෙ?

මෙන්න රසවිඳින්න "සරත් ස‍ඳේ..." (ජුලියා හි සිංදුව) - ගායනය: මම

ඔන්න කලින් කිව්ව විදියටම අපේ පොඩි උන්ගෙ Freshers' Day එකටත් මම සිංදුවක් ගැයුවා. ඉතිං මෙන්න වෙනදා වගේම මුලින්ම video එක. Video එක play වෙන්න දාලම ඉතුරු ටික කියවමුකො...



Mozilla Thunderbird 3.0 සඳහා සිංහල වදන් සංශෝධන, අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න


පරිගණක භාවිතය සඳහා අපේ මව් භාෂාව භාවිත කරන අප සියළු දෙනාටම Mozilla Thunderbird හි සිංහල වෙළුම පිළිබඳ ආයෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෙ නෑනෙ. ඉතිං මේ සටහන තබන්නේ ලබන නොවැම්බර් මස දී නිකුත් වීමට නියමිත Mozilla Thunderbird 3.0 නිකුතුව පිළිබඳව.

ලබන නොවැම්බර් මස නිකුත් කිරීමට නියමිත මෙම නිකුතුවෙහි සිංහල වෙළුම වැඩිදියුණු කිරීම මේ දින වල මොරටුව සරසවියට අනුබද්ධිත LAKapps ව්‍යාපෘති කණ්ඩායම මගින් සිදුකරමිනුයි පවතින්නෙ. ඊට සමගාමීව මෙම Thunderbird සිංහල වෙළුමෙහි පරිශීලක අතුරුමුහුණත පුනරීක්‍ෂණය කිරීමේ රැස්වීමක් මේ මස 29 වන දින මොරටුව සරසවියේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේදී පැවැත්වීට නියමිතයි.

සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයේදී මහාචාර්ය J.B. දිසානායක මහතා පැවැත්වූ දේශනය

පසුගිය බදාදා (සැප්.2) මොරටුව සරසවි භූමිය තුළ පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූවෙක් ලෙස මේ පිළිබඳ සටහනක් තබන්න හිතාගෙන හිටියත් අද තමයි ඊට ඉඩ කඩක් ලැබුණෙ. විශේෂයෙන්ම මේ සටහන තබන්නෙ මේ සම්මන්ත්‍රණය ට සහභාගී වීමට නොහැකි වූවන් වෙනුවෙන් දෙන්නට දේවල් කීපයක් තියෙන හින්දා.




කනිෂ්ක විසින් කනියාගේ සටහනේ සහ පිටස්තරයා විසින් Out in the open හි මේ සම්මන්ත්‍රණය පිළිබඳ ලිපි පළකරලා තියෙනවා. මෙම සම්මන්ත්‍රණය පිළිබඳව සහ දේශියකරණය පිළිබඳව මගේ මතය මම පිටස්තරයා විසින් මේ පිළිබඳ ලියපු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් පළ කළා. ඉතිං ආයෙමත් මම ඒ පිළිබඳව ලියන්න බලාපොරොත්තු වෙන්නෑ. එහිදී මට සඳහන් කිරීමට නොහැකි වුනු එක් දෙයක් ගැන පමණක් ලියන්නම්.

Type කිරීමේදී පහසුවෙන් සිංහල සහ English අතර මාරුවෙන්න....


පසුගිය දවස් වල මේ බ්ලොගවකාශෙ සැරිසරද්දි මං ඇතැම් තැන් වල දැක්කා බ්ලොග් කර්තෘ වරුන්ගෙන් පාඨකයන් ඉල්ලලා තියෙනවා හැකිනම් ඔය කමෙන්ට් කරද්දි එන Word Verification එක ඉවත් කරන්න කියලා. ඊට හේතුව ලෙස සඳහන් කරලා තිබ්බෙ සිංහල බ්ලොගවකාශෙ ඉඳිද්දි නිතරම සිංහලෙන් යතුරු කරන අතරෙ ඔය Word Verification එකට විතරක් English වලට මාරු වෙන්න සිදුවීම. අපේ මේ සිංහල බ්ලොග් වලට නම් Word Verification දාන ඒක අත්‍යාවශ්‍ය නැති දෙයක් හැටියටයි මාත් දකින්නෙ. මොකද ඕක දාන්නෙ කමෙන්ට් කරන්නෙ මනුශ්‍යයෙක්ද කියන එක තහවුරු කරගන්නනෙ. අපේ මේ සිංහල බ්ලොග් වලට ඉතිං ඕක නොතිබුණා කියලා මහලොකු ගැටළුවක් වෙන එකක් නෑ.

කොහොම නමුත් ඉතිං බ්ලොග් කර්තෘ වරයගෙ කැමැත්ත ඒක නම් අපිට ඒ දේ කරන්න සිදුවෙනවනෙ. ඒ වෙලාවලදි විතරක් නෙමෙයි අපි සිංහලෙන් බ්ලොග් ලිපියක් ලියද්දි උනත් අපිට යම් යම් අවස්ථා වලදි English වලින් යතුරු කරන්න වුවමනා වෙනවා. යතුරුකරණයෙදි සිංහල සහ වෙනත් භාෂා අතර මාරු විය හැකි පහසු ක්‍රමයක් තියෙනව නම් අපේ කාල වේලාව ගොඩක් ඉතුරු කරගත හැකිවේවි කියලා හිතලයි මේ ලිපිය ලියන්න හිතුණෙ. බොහෝ විට මේ දේවල් ගොඩ දෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. නොදන්න අයත් ඇති කියලා උපකල්පනය කරලයි මේ ලියන්නෙ.

"වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි !"

දවසේ කෙටි කතාව

"සෑර් බලන්නකො... චැහ්......!"
"මොකද බං......?"
"චැහ්....! බලන්නකො.... අපේ ෆිලිම් එක හදලා ඉවර වුනා විතරයි මේවා තහනම් කළානෙ..."
"මොනවද බං.....?"
"ඇයි සෑර් දැන් වැඩිහිටියන්ට පමණයි ෆිලිම්ස් තහනං නොවැ...."
"ඉතිං අපිට මොකද බං......?"
"අපිට මොකද අහන්නෙ.........? අපරාදෙ යට කරපු සල්ලි........"
"ඇයි..........?"
"ඇයි සෑර් ඉතිං දැන් අපි හදපු ෆිලිම් එකත්........"
"ඔව්.... ඉතිං..... කව්ද බං කියන්නෙ අපි හදපු ෆිල්ම් එක එහෙම එකක් කියලා....?"
"ඇයි සෑර් අපි හදපු ෆිලිම් එක......"
"ඔව් ඉතිං..... අපි හදපු ෆිල්ම් එක..............?"
"අපි හදපු ෆිලිම් එක වැඩිහිටියන්ට...."
"වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!"

~
නිමි~

ඔන්න Harmony ත් එක්කම රසවිඳින්න - මං live ගයපු සින්දුවක්!

බ්ලොග් එකකින් ඉතිං එළියට දාන්න පුළුවන් ලේඛණ හැකියා විතරක්ම නෙමෙයිනෙ නේ? ඔන්න පොතක්, පත්තරයක්, සඟරාවක් ගත්තොත්නං ඒවායින් එළියට දාන්න පුළුවන් ලේඛණ හැකියා විතරමයි. ඒත් ඉතිං අපි මොකටද මෙච්චර වැඩ දාන්න පුළුවන් බ්ලොග් එකක් ඇතුලෙත් ලේඛණයට විතරක් කොටු වෙන්නෙ. ඉතිං ඔය හින්දා ඔන්න ආයෙමත් කාලෙකට පස්සෙ මං හිතුවා මං ගයපු, මං මාර ආස විදියට ගයපු සින්දුවක් බ්ලොග් එකේ පළ කරන්න.



(මං කලින් පළ සින්දු මෙතනින්, මෙතනින් සහ මෙතනින් නරඹන්න පුළුවන්)


සිංදුව අහන ගමන්ම මේ ටිකත් කියවන්නකො.

ආදරේට අදට අවුරුදු 5 යි!

එයා මට කැමතියි කියලා මං මුලින්ම දැනගත්තෙ 2004-08-11 වෙනිදා. වචනයකින් නම් නෙමෙයි, පුංචිම පුංචි සිනහවකින්. න්න ඔහොම සිනහවෙන් පමණක් ආදරේ කර කර ඉඳලා අවුරුදු එකහමාරකට පමණ පස්සෙ තමයි වචනයෙන් ආ‍දරේ කරන්න පටන් ගත්තෙ. ඒක ටිකක් දිග කතාවක්. මගේ ඇක ජීවිත කතාව මං ලිව්වෙත් ඇක ජීවිතේ ජයගත්ත දවසෙනෙ. මගේ ආදර කතාවත් සම්පූර්ණයෙන් ලියන්නං ආදරේ ජයගන්න දවසට.

(ආදරේ ජයගැනීම කියන්නෙ විවාහයනෙ. ඒකට නම් තව අවුරුදු 4ක් 5ක් වත් යයි. ඒ වෙද්දිත් මේ බ්ලොග් සටහන ලියමින් හිටියොත් විතරයි හැබැයි මගේ ආදරාන්දරේ ලියන්න වෙන්නෙ.
)

කොහොම නමුත් අද අපේ ආදරේට අවුරුදු 5 ක් සපිරෙනවා. දෙන්නටම කොච්චර සතුටුද කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. ඉතිං එදා ඉඳං අද වෙනකං මගේ හැකියා නොහැකියා හොඳ නරක අඩුපාඩු විඳ ගනිමින් මා සමඟ ජීවිතය බෙදා ගත් ඇයටයි මේ ආදරණිය පද වැල........

ස්වභාවික චලන අවිශදතාවය (Natural Motion Blur) - බවු-ටික-විජ්ජා කුප්පියක්



මේ දැක්වෙන්නෙ පසුගිය දිනෙක මගේ කැමරා ඇස බ්ලොග් අඩවියේ පළ කළ සේයාරුවක්. මේ සේයාරුව මම මගේ කැමරා ඇසට අසුකරගත්තෙ බස් එකේ පා පුවරුවෙ ගමන් කරමින් සිටියදී කියලත් මං ඒ සේයාරුවට යටින් ලියලා තිබ්බා. නමුත් මේක දැක්ක ගමන් ඕගොලන්ටත් හිතෙන්න ඇති මේකෙ නම් කිසිම Motion Blur එකක් නෑනෙ කියලා නේ? අපේ බුධාජීව මලයටත් ඔහොම හිතලා තිබුණානෙ. ඉතිං ඔන්න බුධාජීව මලයයි මායි අතර එතනදි comments වලින් පුංචි කතාබහක් ඇති උනා. ඔය පහතින් දැක්වෙන්නෙ ඒ කතාබහ.

පුංචි රැගක්....

හැමෝම මගේ ජීවිතාන්දරේ කියවන්න ඇතිනෙ. ඊට ප්‍රතිචාර දක්වමින් මට සුභපතපු සහ මාව දිරමත් කරපු සියළුම දෙනාටම මුලින්ම මම ආයෙත් ස්තුතිවන්ත වෙනවා. ඒ ලිපියෙ ප්‍රතිචාර දැක්කමයි මටත් හිතුණේ අපි නොහිතුවට අපේ ජීවිත කතාවකින් තමන්ගෙ ජීවිතේට යමක් ලබාගන්න කී දෙනෙක් ඉන්නවද කියලා. මම ආයෙත් කියන්නෙ ජීවිතේ මොනම වැටීමකින්වත් සැලෙන්න එපා. වැටෙන්න වැටෙන්න නැගිටින්න. ඒ වැටීම් වලින් නැගිටිනකොට අපිට ලැබෙන පන්නරය අපේ ජීවිතය ජය ගන්න අපිට ගොඩක් උදව්වෙනවා. මං හිතන්නෙ මමත් මගේ ජීවිතේ ජයගත්තෙ ජීවිතේ යම් කාල වලදි සිදුවුණ වැටීම් වලින් නැගිටීමේදි ලැබූ පන්නරය නිසාමයි කියලා. ඔබ සැමදෙනාටමත් ජීවිතේ ජය ගන්න මං හදවතින්ම සුභ පතනවා.

ඒ ලිපිය අවසානයෙ මං කිව්වනෙ අපේ CSE Department එකේ වැඩ සඳුදා පටන් ගන්නවා කියලා. ඔන්න ඉතිං අර කැම්පස් ආපු මුල් කාලෙ වගේ dress codeඩුත් ගහගෙන ගියා අද. ඇත්තමයි අද නිකං කැම්පස් එකට ගියෙ හරියට අලුත් කැම්පස් එකකට යනවා වගේ. එච්චරට සතුටුයි. උදේ අපිව Department එකට පිළිඅරගෙන පුංචි පුංචි දේශන වගයක් තිබ්බා. ඒ වැඩ ටික නම් ඉතිං 12 විතර වෙද්දි ඉවර උනා.



මං දිනුම්! - කියවන්න සබඳ මේ ජීවිතාන්දරය...

අම්මෝ... මේ ලිපිය කොහෙන් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ. ඒ තරමටම මාර සතුටකින් මං අද ඉන්නෙ. මගේ ජීවිතේ සතුටුම දවස අද වෙන්නැති. කියලා නිම කරන්න බෑ දැනෙන සතුට. කලින් ලිපියෙ මං කිව්වනෙ ලබන සතියෙ field selections එනවා කියලා. මොන ලබන සතියක්ද බඩු කලින්ම ඇවිල්ලා. මං ගොඩ. CSE (Computer Science & Engineering) වලට select වෙලා. හිතාගන්න පුළුවන් ද මට කොච්චර සතුටුද කියලා? දැන් ඉතිං තව අවුරුදු 3 කින් මං පරිගණක ඉංජිනේරුවෙක්. මට මාාාාාාර happy!!!




මගේ ජීවිතේ ලොකුම ලොකු ජයග්‍රහණයක් ලබපු අද දවසෙ මට හිතුණා පොඩ්ඩක් මගේ ජීවිත කතාව ලියන්න ඕනෙ කියලා. මොකද මගේ මේ ජීවිතාන්දරේ වැටීම් සහ නැගිටීම් සෑහෙන තිබුණා. මේක ආත්ම වර්ණනාවක් කියලා හිතන්න එපා. යම් විදියක උඩුගං බලා ගිය කතන්දරයක් නිසයි ලියන්නෙ. මේ ජීවිත කතාව තවත් මං වගේ කෙනෙක්ට ශක්තියක් වෙයි කියලා හිතනවා. මුළු ජීවිත කතාවම ලියන්න ගියොත් දිග වැඩිවෙනවා. ඒ හිනදා මං මගේ ජීවිත කතාවෙ ඇකට (academic වලට) අදාල දේවල් විතරක් සැකෙවින් ලියන්නම්.

Promotion හම්බුණා.....

ගොඩක් කාලෙකින් මේ දවස් වල තොරතුරු ටිකක් ලියන්නත් බැරිවෙච්ච හින්දා අද ටිකක් ලියන්න හිතුණා.

ගිය සතියෙ අපේ ජුන්නො ආවනෙ කැම්පස් එකට. ඉතිං දන්නෙම නැතුව අපිව Level 1 ඉඳන් Level 2 වලට promote උනා. අනේ පව් උන්ගෙ අහිංසක මූණවල් දැක්කහම තගක් දාන්නවත් හිතෙන්නෑ අප්පා. දන්නවනෙ ඉතිං අපේ මොරා කැම්පස් එකේ රැග නෑ කියලා. ඔය රැග නැත්තටම නැති එකටනම් මම පෞද්ගලිකව විරුද්ධයි. කැම්පස් එකක් කිව්වම බැච්ෆිට් එක වැඩිකරන්න පුංචි රැගක්වත් තියෙන්න ඕනා. නැත්තං වෙන්නෙ එකම බැච් එක ඇතුලෙත් එක එක විදියෙ ගැටි ගැහෙන එක. හැබැයි ඉතිං ඔය රැග පුංචියට හරි පටන් ගත්තොත් ඊළඟට වෙන්නෙ ඉතිං ඕක ටිකෙන් ටික උඩු දුවන එකනෙ. එහෙම වෙන එක ඉතිං ඊට වඩා භයානකයි නොවැ. මොනා උනත් අපේ කැම්පස් එකේ ජප්ප නැති එකයි අන්තරේ නැති එකයි නම් ලොකු දෙයක්.

ජුන්නො ආපුවාම මට මකත් උනේ අපිත් ජුන්නො වෙලා හිටපු කා‍ලෙ. Dress code ගහලා පෝලිං ගැහිලා සින්නංගෙ තගෙන් බේරෙන්න පෝලිමේ කට්ටයගෙම නම් ගම් ඉස්කෝල අහ අහා ගිය කාලෙ. ඇත්තමයි අදටත් බැච් එකේ උන්ගෙන් ගොඩක් අයව අඳුරගත්තෙ ඔය ඒ දවස් වල සින්නංගෙ වදේට පෝලිං ගැහිලා නම් ගම් අහ අහා ගිය දවස් වල. රැග නොතිබුණාට එහෙමවත් එකක් තිබ්බ එක නම් ලොකු දෙයක්. අපි dress code යන කාලෙ dress code නැතුව අපේ group එකේ උන් ටික සෙට් වෙච්ච පළවෙනි දවස තමයි මේ photo එකේ තියෙන්නෙ. CSD දවස් වල අපි යාපහුවට ගිය trip එක.

පැය 4 න් හදපු ක්‍ෂණික MOFILM එක...

අෆොයි... කලින් post එක ටිකක් බර වචනෙන් ලිව්ව හින්දද කොහෙදෝ කට්ටිය පත්තරයක් බලනවා වගේ කියවලා ගිහිල්ලා විතරයි, වචනයක්වත් ලියලා ගිහිල්ල නෑ. දැන් මේ කියන්න හදන දේ ඒ බර වචනෙන් කියන්න බැරි හනදයි කලින් post එකේ නොලිව්වවෙ. එදා වැඩමුළුවට ආපු කට්ටිය groups වලට බෙදිලා හැම group එකෙන්ම MOFILM එක ගානෙ හැදුවා කියලා මං කිව්වනෙ. මං හිටපු group එක ඔය MOFILM එක හැදුවෙ කොහොමද කියලයි මේ කියන්න යන්නෙ. අපි හදපු MOFILM එකත් පහලින් බලාගන්න පුළුවන්.



සිව්වන මාධ්‍යය සහ MOFILM ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ප්‍රථම වැඩමුළුව

සිව්වන මාධ්‍යය සහ MOFILM ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ප්‍රථම වැඩමුළුව පසුගිය ජූලි 10 වන දින Hilton Colombo Residence හී දී පැවැත්විය. මොබිටෙල් සමාගම විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව වර්ණවත් කරනු වස් ආරාධිත අමුත්තන් ලෙස පැමිණ සිටියේ හෙළ සිනමාවේ මහා පුරෝගාමියාණන් වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය සහ සිංහල සිනමාවේ අති දක්‍ෂ නළුවෙකු මෙන්ම සිනමා අධ්‍යක්‍ෂ වරයෙකු වන ජැක්සන් ඇන්තනි මහතා යි. වැඩමුළුව සඳහා විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල සිසුන් සහ පාසල් ශිෂ්‍යයින් පැමිණ සිටියහ.

වර්තමානය වන විට සිනමාව, රූපවාහිනිය සහ පරිගණකයෙන් පසු ජංගම දුරකතන තිරය ලොවවටා ජංගම දුරකතන හිමියන්ගේ රසවින්දනයේ සිව්වන මාධ්‍යය බවට පත් වී ඇත. වසර 2006 සිටම USA හි Ithaca College වැනි අධ්‍යාපන ආයතන, Sundance Institute වැනි සිනමා ඇකඩමි, GSM Association ඇතුළු ජංගම දුරකතන සේවාසපයන්නන්, අධ්‍යක්‍ෂකයින් මෙන්ම සිනමා නිෂ්පාදකයින් මෙම "සිව්වන මාධ්‍යය" වන ජංගම දුරකතන තිරය ප්‍රවර්ධනය සඳහා සංකල්ප සහ අන්තර්ගත සකසමින් මූලික පියවර ගෙන ඇත.

ඔන්න දැන් සේයාරූ වලට වෙනම බ්ලොග් සටහනක් - කැමරා ඇස

හා හා පුරා කියලා මාත් ඉතිං ඔන්න පටන් ගත්තා සේයාරූ බ්ලොග් සටහනක්. ඊයේ රෑ තමයි නිකමට හිතුණෙ මේ වගේ දෙයක් කරන්න ඕනෙ කියලා. මොකද මාත් ඉතිං ඔය ටිකක් අමුතු ජාතියෙ photos ගන්න කැමතියි. හැබැයි ඉතිං ඔය ඒ වගේ ගන්න photos කව්රුත් වැඩිය බලන්නැති හින්දා (හැමෝම ඉතිං photo එකක් ගත්තම උනන්දුවෙන් බලන්නෙ තමං ඉන්න ඒවයි අඳුරන අය ඉන්න ඒවයි විතරනෙ...) ඒ විදියෙ photos ගන්න එක ටිකක් මගඇරිලයි තිබ්බෙ. මීට පස්සෙ නම් ඉතිං photos ගන්නකොට වෙනදටත් වඩා උනන්දුවෙන් ඒ වගේ photos ටිකක් ගතහැකි බ්ලොග් එකේ පළ කරන්න.


ඊයෙ රෑ අදහස හිතට ආපු ගමන් එහෙං මෙහෙං කෑලි කෑලි ටිකක් එකතු කරලා, වැඩේට සිරා කියල හිතිච්ච තීම් එකකුත් හොයාගෙන හැදුවා බ්ලොග් එක. නම දැම්මෙ "ධනිකගේ කැමරා ඇස| Dhanika's Camera Eye" කියලා. ඒ නම දැම්මෙ පොඩි අනාගත බලාපොරොත්තුවකුත් ඇතිව. ඒ තමයි ඉස්සරහදි මේක‍ට සේයාරූ වගේම මගේ කැමරා ඇසට අසුවුණු චලරූ ත් දාන්න බලාපොරොත්තු වෙනවා. ('කැමරා ඇස' කියලා නම දාපුවම ඉතිං දෙකටම හරිනෙ.. ) හැබැයි පෞද්ගලික සේයාරූ හෝ චලරූ කිසිවක් මේකෙ පළ කරන්නෑ. හැමොන්ටම රසවිඳින්න පුළුවන් කුමන හෝ ආකාරයක කලාත්මක බවකින් සහ වෙනස් බවකින් යුක්ත සේයාරූ හා චලරූ තමයි දාන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගේම ලිපි, නිස‍ඳැස් වැනි කිසි දෙයක් ‍පළ කරන්නෙ නෑ. සේයාරූ සහ චලරූ විතරමයි.

සිංහල අක්‍ෂර වින්‍යාස මින්පසු ඔබට බාරයි Microsoft Office !

හැමෝම දන්නවනෙ දැන් Microsoft Windows Vista සහ Microsoft Office 2007 දැන් සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් කියලා. දන්නැති අයටත් දැනගන්න ‍පොඩ්ඩක් කියලම ඉන්නංකො. දැනට අපි පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Microsoft Windows Vista මෙහෙයුම් පද්ධතිය සඳහා සහ Microsoft Office 2007 මෘදුකාංග කට්ටලය සඳහා දැන් සිංහල අතුරුමුහුණත් Microsoft Sri Lanka වෙබ් අඩවියෙන් නොමිලේ ම බාගෙන install කරගන්න පුළුවන්.

මෙම Microsoft සිංහලකරණය වීම ගැන එක එක විදියෙ විචාර කීපයක්ම කට්ටිය පහුගිය දවස් වල බ්ලොග් ලිපි වලින් දකින්නැතිනෙ. හැමදේකම ඉතිං පැති දෙකක් තියනවා නොවැ. ඉතිං මං මේ කියන්න හදන්නෙ ඔය Microsoft සිංහලකරණය වීම ගැන මං දැකපු හොඳ පැති කීපයක්.



සමස්ථයක් හැටියට ගත්තම ඉතිං අපිට මේ ගැන සතුටු වෙන්න පුළුවන් අපේ මව් භාෂාව වන සිංහල භාෂාවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග ප්‍රමාණය වැඩි වීම ගැන. විශේෂයෙන් ම Microsoft Office පැකේජය ගැන කතා කළොත් අපිට අකමැත්තෙන් හරි පිළිගන්න වෙනවා එය අපේ රටේ බහුලවම භාවිතා වන මෘදුකාංග කට්ටලය බව. පොඩ්ඩක් මතක් කරලා බලන්න අපි පරිගණකයක් අතගාපු මුල්ම කාලෙ ගැන, මුලින් ම ඉගෙන ගත්ත මෘදුකාංගෙ ගැන, තව පොඩ්ඩක් මතක් කරන්න අපිටම කියලා මුලින් ම පරිගණකයක් මිලදී ගත්ත දවසෙ (මෙහෙයුම් පද්ධතිය දැම්මට පස්සෙ) මුලින් ම පිහිටුවපු මෘදුකාංගෙ මොකද්ද කියලා. Microsoft Office පැකේජය නෙමෙයිද?

මොකද්ද මේ DVI කියන්නෙ ?

DVI කියන අකුරු තුනෙන් නම් කියැවෙන්නෙ Digital Visual Interface (අංකිත දෘෂ්‍ය අතුරුමුහුණත) කියන එක. දැන් බලමු මොකද්ද මේ DVI කියන්නෙ කියලා.

අපි මෙච්රකල් දැනගෙන හිටපු සුලභ දර්ශන ප්‍රමිතීන් (Video Standards) ටික මේවනෙ.

  • VGA - Video Graphics Array
  • SVGA - Super Video Graphics Array
  • VESA SVGA - Video Electronic Standards Association SVGA

මෙතෙක් කල් තිබුණු මේ දර්ශන ප්‍රමිතීන් සියල්ලම වැටෙන්නෙ Analog ගණයට. එනම් මේවායේ දී Source device එකේ සිට Display device එක වෙත දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Analog signals විදයට. DVI හි ඇති වෙනස නම් එහිදී Source device එකේ සිට Display device එක වෙත දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Digital signals ආකාරයට.

දැන් බලමු සරලවම කොහොමද අපේ මොනිටරය මත රූප දිස් වෙන්නෙ කියලා.

අපේ CPU එක මගින් ලබා දෙන රූප විධානයන්ට අනුව එම රූප වලට අදාල නියම ප්‍රතිබිම්භය (Actual image) එනම් 1, 0 ඇසුරෙන් එම රූපය CPU එක වෙනුවෙන් නිපදවීම සිදුකරන්නෙ Display Controller එක මගින් එහි මතකයේ. එය හැඳින්වෙන්නෙ Refresh Buffer යන නමින්. (අපි භාවිත කරන භාෂාවෙන් කිව්වොත් ඔය Display Controller එක කියන්නෙ separate හෝ on board ලෙස ඇති Video card එක. අපි Video memory ලෙස හඳුන්වන්නෙ ඔය Actual image එක තැම්පත් වන මතකය) මෙම Display Controller එක මගින් නිපදවන 1, 0 ඇසුරෙන් ඇති රූපය Display device එකට (මොනිටරයට) සම්ප්‍රේෂණය වූ පසු එහි ඇති Video Controller එක මගින් නැවත එම 1, 0 ඇසුරෙන් ඇති, එක් එක් පික්සලයට අදාල වර්ණය සෑදීමෙන් තමයි අපේ මොනිටරය මත මෙම රූප දිස් වෙන්නෙ.

ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???

ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ )

ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?

මෙතෙක් බිහිවූ ත්‍රාස්‍යජනකතම කෙටි චිත්‍රපටය...

ඔය ත්‍රාස්‍යජනකතම කෙටි චිත්‍රපටය ගැන කියන්න කලින් පොඩ්ඩක් කියලා ඉන්නම්කො මේ දවස් වල වත ගොත ටිකක්. ඊටත් කලින් කියන්න ඕනා මෙන්න මේ ටික. මේ සිංහල බ්ලොග් ලිවීමෙනුත් බිහිවෙලා තියෙන්නෙ යම්කිසි විදියක සමාජයක්. ඕනෙම සමාජයක වගේ මේ සමාජයෙත් සමාජිකයින් අතර ඒ කිව්වෙ මේ අපේ සිංහල බ්ලොග් ලියන යාළු මිත්‍රයින් අතරත් මත ගැටුම් ඇති වීම ස්වභාවිකයි. එහෙම වෙන්න එපැයි ඉතිං. මත වලින් ගැටුනම තමයි අපේ පරිකල්පන ශක්තිය දියුණු වෙන්නෙ, අපේ මතවාද තීව්‍ර වෙන්නෙ. ඒවා ඉතිං ඒ අදාල ලිපිය සම්බන්ධව විතරනෙ. තාවකාලික මතගැටුම් විතරයි, ස්ථීර මතගැටුම් අපි කව්රුත් අතර නෑ. ඉතිං මේ හෙළ සමාජය තුල ඉන්න යාළු මිත්‍රයින් අතර අපි එකිනෙකාට ප්‍රයෝජනවත් හෝ රසවත් වන අපේ ජීවිත අත්දැකීම් බෙදා ගැනීමෙ ඇති වැරැද්දක් නැති බවයි මගේ හැඟීම. ඒ නිසයි මේ දවස් වල වත ගොත ටිකක් සහ අතීත ජීවිත අත්දෑකීම ටිකක් මගේ බ්ලොග් සටහනේ ලියන්න හිතුවේ.

විභාග කටයුතු නිමා කරලා මේ දවස් වල ටිකක් නිදහසේ ඉන්නවා. සරසවියේ කට්ටියක් එක්ක සෙට් වෙලා දින තුනක චාරිකාවකුත් ගියා විභාග මානසිකත්වයෙන් මිදිලා පොඩ්ඩක් ඉහිල් වෙන්න. අපි ගියෙ ලංකාවෙ උසම පෙදෙසට. දුම්රියෙන් බැස්සෙම ලංකාවෙ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන්. හෝට්න් තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, දියළුම ඇල්ල, රාවණා ඇල්ල වගේ ලංකාවෙ සුන්දරම තැන් කීපයකම අපිට සැරිසරන්න ලැබුණා. මෙහෙම යද්දි හිතුණ එක දෙයක් තමයි අපේ මේ පුංචි ලංකාව මොනතරම් සොභාසෞන්ධර්යාත්මක විවිධත්වයකින් පිරුණු රටක්ද කියන එක. විශේෂයෙන්ම හෝට්න් තැන්න රක්‍ෂිතයෙ අඩියෙන් අඩියට දේශගුණික ලක්‍ෂණ එකිනෙකට වෙනස්. ඇත්තටම එය පුදුමසහගතයි. ලංකාවෙ සුන්දරතම ‍ප්‍රදේශයක් වන මෙය රක්‍ෂිතයක් කරපු අයට නම් අපි ශ්‍රී ලාංකිකයො හැටියට ජාති ජාතිත් පිං දෙන්න ඕනා. ‍අපේ මේ චාරිකාවේ ඡායාරූප කීපයක් මෙන්න මෙතනින් කැමතිනම් නරඹන්න පුළුවන්.

මුළු පරිගණකයම එක මෙනුවක් යටතට...

පහුගිය දවස් වල විභාග කටයුතු නිසාවෙන් සෑහෙන කාලෙකින් ජාල ගත වෙන්න ඉඩක් ලැබුන්නෑ. කාලෙකට පස්සෙ අද තමයි බ්ලොග් සටහනක් ලියන්න යතුරු පුවරුවට අත තිබ්බෙ.

මුළු රටම එක කොඩියක් යටතට ආපු ඒ ජයග්‍රහණයෙ උණුසුම තාමත් පහව ගිහින් නෑනෙ. ඉතිං මේ කියන්න හදන්නෙ මුළු රටම එක කොඩියක් යටතට ගත්ත වගේ මුළු පරිගණකයම එක මෙනුවක් යටතට ගන්න පුළුවන් විදියක් ගැන.

අපිට අපේ පරිගණකයෙ ‍drive එකක කොහේ හරි අස්සක මුල්ලක තියෙන file එකක් විවෘත කරගන්න අපි සාමාන්‍යයෙන් කරන්නෙ Start Menu එකේ හරි Desktop එකේ හරි තියෙන My Computer icon එක මත click කරලා, අපිට අවශ්‍ය file එක තියෙන drive එක මත double click කරලා, තව folders කීපයක් මතත් double click කරලා, අන්තිමේට අපිට අවශ්‍ය file එක මත double click කරලා ඒ file එක විවෘත කරගන්න එකනෙ. Control Panel වල තියෙන මොකක් හරි task එකක් විවෘත කරගන්නත් අපිට ඔන්න ඔය වගේ කීප සැරයකම double click කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි My Documents, Shared Documents වැනි folders තුල ඇති file එකක් විවෘත කරගන්නත් අපිට එහෙම කරන්න වෙනවා.

ඉතිං ඔය වගේ හත් අට පාරක් double click කර කර ඉන්නැතුව ඔය කියපු සෑම තැනකට එකම තැනකින් පිවිසෙන්න හැකි නම් අපූරුයි නේද? තවත් ටිකක් විස්තර කරලා කිව්වොත් හරියට Start Menu එකෙන් ගිහිල්ලා Program එකක් විවෘත කරගන්නවා වගේ පරිගණකයේ තියෙන ඕනෑම දෙයක් විවෘත කරගත හැකි නම් අපිට ගොඩක් පහසුවෙන් ඉක්මණින් අපේ වැඩ කරගන්න පුළුවන් වෙයි නේද?

නිදහස් නිවහල් දේශයකට ආරාධනා......


සතුරු බල බිඳ
විකුම් තෙද පා
දිනෙන් දින
ඉදිරියට පා නැග...
ලක් මවුන් බල
විහිදුවා...

යෙන් ජය ගොස
පතුරුවා...

සතුරු බල මුළු
සණු විසුණු කල
ලක් මවුන්ගේ
දිරිය පුතුනේ...
මෙදින එන තුරු
පෙරුම් පිරුවා...
සැවොම එක් වී

බලා සිටියා...
රනින් ලියැවෙන
අද දිනය දුන්
තුති බොහෝ දෙමු

වීර පුතුනේ...
ලෙයින් නැහැවී
දියෙන් තෙත් වී

ඔබ පිදූ දිවි
අනන්තයි...

ඔබේ මෙහෙවර
අමිලමයි...
නෑ යලිත්
කිසිදා සැලෙන්නේ

අපේ විරු ලේ

කෙලෙසකින්වත්...
රජෙක් ඇත

මුළු රටම එක් කල

ඒ රජුන් නෑ
සැලෙන්නේ...

අපට නෑ
බිය
දැනෙන්නේ...

Taboo ගේ අවස්ථිතිය සහ Anonymous ලාගේ පිටකොන්ද

ආගම් භේදයක් නොමැති ශිෂ්ටසම්පන්න සිංහලයෝ පමණක් උපේක්‍ෂාවෙන් මෙම ලිපිය කියවත්වා!

නැවත වරක් මම Taboo සම්බන්ධව ලිපියක් ලිවීමට හේතුව නම් ඔහු විසින් වෙනත් බ්ලොග් අඩවියක මට චෝදනා දෙකක් එල්ල කර තිබීමය. කෙනෙකුට චෝදනාවක් එල්ල කල විට නැවත පෙරළා චෝදනාව කල පුද්ගලයා විසින් චෝදනාවට ලක්වීම ස්වභාවිකය. එම නිසා මම එම චෝදනාවන්ට උපේක්‍ෂාවෙන් පිළිතුරු දෙමි.

ඔහු විසින් මට එල්ල කරන එක් චෝදනාවක් නම් මවිසින් මාගේ ලිපිය ලියා ඇත්තේ ඔහුට විරුද්ධව වාදයක් ඇදගෙන මාගේ අඩවියට හිට් වැඩිකර ගැනීමටය යන්නයි.

එයට පිළිතුර මෙසේයි:

පාප් වහන්සේ සහ ඔටුවෙකු ඉඳිකටු හිලෙන් රිංගවීම යන ලිපිය මවිසින් ලියන්නට හේතුපාදක වූයේ ආගමක් නොඅදහන්නෙකු වන Taboo විසින් මා පිළිපදින කතෝලික ආගමේ නායකයෙකු පිළිබඳ යම් සඳහනක් කර තිබූ නිසා සහ එහි වරදක් ඇතැයි කතෝලිකයෙකු ලෙස මට සිතුණු නිසාවෙන් සහ කතෝලික ආගමේ යම් උපමා කතාවක් පිළිබඳව නොදැනුවත්කම නිසා ඔහු ලියා තිබූ වැරදි කියමනක් නිවැරදි කිරීමට මට උවමනා වීම නිසාවෙනි. නැතුව ඔහු සමඟ වාදයක පැටලී hits වැඩි කර ගැනීමට නොවේ. Hits වැඩි උනාය කියා මට ඇති වන සෙතක්ද නැත.

ආදරය නිර්වචනය කරමුද?

ආදරය

ආදරය යනු කුමක්ද?
ඇසුවොත් ඔබෙන් කුමක් වේද පිළිතුර?
ම්..හ්.. කාටවත් බෑ ,
නිර්වචනය කරන්න ' ආ ද ර ය '
එහෙනම් මේ මිනිස්සු කියන්නෙ...?
ආදරේ අන්ධයි, බොළඳයි, උන්මාදයි, සුන්දරයි, පූජනීයයි කියලා....
අත්දැකීම.....!
ඒ ඒගොල්ලො ආදරේ අත්දැකලා තියෙන හැටි...
ඇස් දෙක පියාගෙන ආදරේ කරපු අය කියනවා
ආදරේ අන්ධයිලු.....!
6, 4 නොදන්න විදියට ආදරේ කරපු අය කියනවා
ආදරේ බොළඳයිලු.....!
පිස්සු හැදිලා වගේ ආදරේ කරපු අය කියනවා
ආදරේ උන්මාදයිලු.....!
ලස්සනට, පවිත්‍රව ආදරේ කරපු අය කියනවා
ආදරේ සුන්දරයිලු.....!
අධ්‍යාත්මයෙන්ම ආදරේ කරලා ආදරේ දිනපු අය කියනවා
ආදරේ පූජනීයයිලු.....!
එතකොට ඔබෙන් ඇහුවොත් මම
ආදරය යනු ?

පාප් වහන්සේ සහ ඉඳිකටු හිලෙන් ඔටුවෙකු රිංගවීම - Taboo ට පිළිතුරක්

මම සිංහල කතෝලිකයෙක්මි. නමුදු මම හැදී වැඩුනේ බහුතර බෞද්ධයින් පිරිසක් වෙසෙන ශ්‍රී ලංකාවේ ඇති බෞද්ධ සංස්කෘතිය තුලය. දෙමව්පියන්ට දොහොත් මුදුන් දී වැඳීම, වැඩිහිටියන්ට ගරු කිරීම වැනි කතෝලික සුද්දන්ගේ නැති හොඳ සිරිත් විරිත් සිංහල කතෝලිකයින් වන අපට නිරායාසයෙන්ම උරුම වන්නේ මෙම බෞද්ධ සංස්කෘතියේ ආභාෂයෙනි. එම නිසා මම බෞද්ධ ආගමට ඉතා ගෞරව කරමි. මගේ මතය නම් ඕනෑම අයෙකුට තමන් කැමති ආගමක් අදහන්නට අයිතියක් ඇත්තා සේම අන් අය අදහන ආගම් වලට ගරු කිරීමට ද අප බැඳී සිටිය යුතු බවයි. විශ්වවිද්‍යාල සිසුවකු වීම නිසාවෙන් වර්තමානයේ වුවද මම වෙසෙන්නේ බෞද්ධ පරිසරයක බහුතර වූ බෞද්ධ මිතුරු මිතුරියන් ඇසුරු කරමින්ය. කෙටි පණිවුඩයක් යැවූවද, ඉ-ලිපියක් යැවූවද අවසානයේ ඔවුන්ට 'බුදු සරණයි' කීමට මම කිසිදා අමතක නොකරමි. ඔවුන් ඊට පිළිතුරු ලෙස පෙරළා මට 'බුදු සරණයි' කීවද 'ජේසු පිහිටයි' කීවද මට කම් නැත. මන්ද මම මේ ආගම් දෙකටම එක සේ ගෞරව කරන බැවිනි.

මා මෙම ලිපිය ලියන්නට හේතුපාදක වූයේ 'සාමාන්‍යයෙන් නොකියන කතා' නම් බ්ලොග් සටහන ලියන Taboo විසින් පළ කරන ලද ලිපියකි. මෙම ලිපියේදී ඔහු පාප් වහන්සේට 'පෝපා' ලෙස ආමන්ත්‍රණ කර ඇත. මෙලෙස ආමන්ත්‍රණය කිරීම ඔහු සාධාරණීකරණය කරන්නේ මෙලෙසය.

ඔන්න මං ආයෙත් සිංදුවක් කිව්වා.. නරඹලා කියන්නකො මං සපිරි තරුව වෙයිද කියලා...

මං ආයෙත් සිංදුවක් කිව්වා කිව්වෙනම් ඇත්තටම. අර සපිරි තරුවේ කතාව නම් බයිටක් හො‍‍ඳේ... :-) මේ සිංදුව මං කිව්වෙ අපේ කැම්පස් එකේ Freshers' Day එකට. (දැන් ටිකක් කල්) දන්නැද්ද ඉතිං Freshers' Day එකේදි ‍ජුන්නංව ටිකක් මඩෝනවනෙ. ඉතිං සිංදුව පටන් ගද්දි නම් පොඩි හූවක් වැදුනා. පස්සෙ කියාගෙන යද්දි නම් කට්ටිය ෆුල් හොල්මං වෙලා සද්දයක් බද්දයක් නැතුව බලාගෙන හිටියා. (පුංචි පම්පෝරියක් හික්..) කොහොමහරි මේ සිංදුවට එදා මට place එකකුත් හම්බුනා. පුළුවන් නම් මේක නරඹලා කියන්නකො බලන්න මට හම්බෙච්ච place එක මොකද්ද කියලා...


ආදරේට ලියැවෙච්ච තවත් නිසඳැසක් - කුළුඳුල් දොඩමළුව

කුළුඳුල් දොඩමළුව

එදා හරිම ලස්සන දවසක්...
ඉර පෑව්වෙ නම් වෙනදා වගේම නැගෙනහිරින්...
හැබැයි ඒ ඉරේ
වෙනදට වඩා අමුතු එළියක් තිබුණා...
මිදුල දිගේ පිපිලා තිබුණු වතු සුදු මල් ටික
පුංචි පිණි බිඳු වලින් තෙත බරිත වෙලා
සුදෝ සුදට දිලිසුණා...
මගේ පුංචි සුරංඟනාවිත් එක්ක
කුළුඳුලේම දොඩමළු වෙන්න
අහිංසක ආශාවකින් පිරුණු හිතට
හිරු එළියෙන් විකසිත වෙච්ච ඒ ලස්සන මල්
අමුතුම අමුතු අලුත්ම අලුත් සුවඳක් එක් කලා...
හැමදාම උදේම සිංදු කියන පුංචි කුරුළු පැටව්
ආදරෙන් හිත උමතු වෙන විදියෙ ලස්සන තනුවක්
හරි හයියෙන් ගැයුවා...
ජීවිතේ පළවෙනි සැරේට කුළුඳුලේම ඇයව හමුවෙන්න
මුළු සොබාදහමම මට ආශිර්වාද කලා...

අපිටම හදාපු ප්‍රථම සිංහල social network එක - නිම්නය.com

ඔන්න අපි මෙච්චර කල් බලාගෙන හිටපු විදියෙ සිංහල social network එකක් පටන් අරං තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම සිංහල සමාජ ජාලය වන නිම්නය.com



මේක ද්විත්ව භාෂා අඩවියක් ලෙසයි හදලා තියෙන්නෙ. සිංහල වගේම ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මෙය භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ඉතා සාර්ථකව දියුණු උනු මෙම ශ්‍රී ලාංකික සමාජ ජාලයට සිංහල එකතු කලේ මේ ලඟදි. ඉතිං තාම ටික ටික සිංහ‍ල භාෂාවෙනුත් සාර්ථකත්වය කරා යමිනුයි තියෙන්නෙ. ඉදිරියෙදි ත්‍රෛ භාෂා අඩවියක් ලෙස දෙමළ භාෂාවත් එකතු වෙන්න නියමිතයි. මෙච්චර කල් facebook එකට සිංහල එන කල් බලාගෙන හිටපු හැමෝන්ටම මේක හොඳ ආරංචියක් වේවි.

ඔන්න මං අලුත් උනා...

ඔන්න මං පොඩ්ඩක් හැඩ වැඩ උනා. මගේ සිතුවිලි බ්ලොග්කරණය කරන්න පටන් ගත්තෙ මීට සති දෙකකට විතර කලින්නෙ. ඒ කාලෙ ඉඳං පොඩ්ඩක් හිතට අල්ලන template එකක් හෙව්වට අද තමයි හරි හමං එකක් හම්බුනේ. ඉතිං මගේ මේ හැඩ රුවට ඕගොල්ලොත් කැමතිද කියලා මට කියන්න ඕනා හොඳද..... :-)

මගේ බ්ලොග් එක පටං අරං සති දෙකකදි නැරඹීම් 600 කටත් වඩා වැඩි වීම ගැන වෙලාවකට මට පුදුමත් හිතෙනවා. ඒ ඉතිං මගේ බ්ලොග් එක බලන්න එන ඕගොල්ලො හින්ද තමයි. මේ බ්ලොග් එකේ වැඩ කිඩ දාන්න උදව් කරපු දසුන් විකසිත අයියාටත් මං ගොඩක් ස්තූතියි කියලා කියනවා. ඒ වගේ මගේ සිතුවිලි බලන්න ආපු ඕගොල්ලො හැමොටමත් මගේ සිතුවිලි වලට ප්‍රතිචාර එක් කරලා මට බ්ලොග් ලියන්න හයියක් වෙච්ච ඕගොල්ලො හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. (Thanks කියනවට වඩා ස්තූතියි කියන එකේ මාර අපේ කමක් තියෙනවා නෙ... :-))

පුංචිම පුංචි නිසඳැසක්....

තණ පතක් වුව මැලවේවි
අධික සැර හිරු රැසට...
නමුත් හිරු නොමැති නම්
තණ පතට මක් වේද....?
මගෙ සිතත් ඒ වගෙයි
මැලවේවි ඔබෙ සැරට...
එහෙත් ඔබ නැතුවමත්
ඉන්නටත් බෑ නොවෙද....?

ගීත නිර්මාණය - මේ ‍දේශයේ අපේ....

මං අපේ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍යනායක වෙලා ඉන්දැද්දි (පටන් ගන්නකොටම පොඩි පම්පොරියක්) අපේ ශිෂ්‍යනායක සංගමයෙන් සංවිධානය කලා 'සමාශ්‍ර 2005' නමින් අමුතුම තාලෙ විවිධ ප්‍රසංගයක්. කළුතර පුරහලේ අපි පාසැල් දර්ශන 4ක් සමග 6.30 මහජන දර්ශනයක් පැවැත්වුවා. ඒක පප්‍රසංගය scripted concert එකක් කිව්වොත් වඩා නිවැරදී. මං තමයි ප්‍රධාන ශිෂයනායක හැටියට වැඩේ ඇදගෙන ගියේ. Script එක ලිව්වෙත් මම. Script එකේ හැටියට ප්‍රසංගය අවසන් වෙන්න ‍ඕනා දේශාභිමානී ගීයකින්. ඔන්න ඔය සඳහා තමයි මම මගේ ප්‍රථම ගීත නිර්මාණය විදියට 'මේ දේශයේ අපේ' ගීතය ලියලා සංගීත නිර්මාණය කලේ෴


මේ දේශය අපේ...



මේ දේශයේ අපේ
ඉතිහාසයේ විරුවන් ලෙසේ සැමදා
යලි පිබිදෙමු පෙරටම යමු
ගොඩනංවමු අප දේශය ශ්‍රී ලංකා...

අපි එක් වෙමු...
Lets get together...
නාම් ඔන්රු වඩුවෝම්...
ගොඩනංවමු අපේ රට ශ්‍රී ලංකා...

සාමය සොයා යමු
කුරිරු යුද්ධයේ ගිනිදැල් නිවා දමලා
සංවේදනා හද පාරනා
දුරු කරවමු අපේ රටින් සැමදා...

මිනිසත්කම රජයමු
ජාති ආගම් කුල භේද හැරදා
එක මවකගේ දරුවන් ලෙසේ
එකම ධජයක් සෙවනේ සුරැකෙමු සැමදා...


පද රචනය සහ තනුව: ධනික කෞශල්‍ය පෙරේරා

මානවයා 1.01 - සිංහල විශ්වකෝෂය පිළිබඳව

මම මේ බ්ලොග් සටහන ලියන්න පටන් ගත්තෙ ලඟඳිනෙ. ඉති මට හිතුණා මං නිර්මාණය කරපු "මානවයා 1.01" - සිංහල විශ්වකෝෂය පිළිබඳව තවමත් නොදන්න අපේ බ්ලොග් ලියන යාළුවෝ තවමත් ඇති කියලා. ඉතිං අන්න ඒ ගොල්ලන්ව දැනුවත් කිරීම සඳහායි මේ 'මානවයා 1.01' පිළිබඳව කෙටි සටහන.


මානවයා 1.01

- මානව ශරීරයේ අවයව සහ පද්ධතීන් පිළිබඳ වූ සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය -

  • අන්තර්ගතය: මානව ශරීරයේ පද්ධතීන් 8ක් සහ අවයව 44ක් පිළිබඳව සියළු කරුණු සහ අවයව හා පද්ධතීන් වල සිංහලෙන් නාමකරණය කරන ලද ත්‍රිමාණ වර්ණ රූපසටහන් 50 කට වැඩි ප්‍රමාණයක් ද සමගින් සිංහලෙන් කරුණු අන්තර්ගතයි.

බ්ලොග් post එකකට .GIF animation එකක් ඇතුලත් කර ගන්නා අයුරු

නිකම්ම නිකං picture එකකට වඩා .GIF animation එකක පොඩි ගතියක් තියෙනවානෙ. මගේ post එකකට දවසක් මං .GIF animation එකක් ඇතුලත් කරද්දී පොඩි ගැටළුවක් මතු උනා. අපි සාමාන්‍යයෙන් post එකකට picture එකක් ඇතුලත් කරන විදියට .GIF animation එකක් ඇතුලත් කලාම ඒක post එකේ පෙන්නන්නෙත් නිකම්ම නිකං picture එකක් විදියට. ඒ කියන්නෙ animate වෙන්නෙ නෑ. ඔය පැත්තෙන් දාලා තියෙන්නෙ ඒ වගේ ඇතුලත් කරපු .GIF animation එකක්.

මං හිතන විදියට මෙතනදි වෙන්නෙ අපි upload කරන picture එක Blogger විසින් save කරගන්න තැනින් එයාට ඒක render කරන්න බෑ animation එකක් විදියට. එයාට ඒක එතැනින් render කරන්න පුළුවන් picture එකක් විදියට විතරයි මගෙ හිතේ. ඉතිං මට හිතුනා අපේ animation එක save වෙන තැන වෙනස් කලොත් වැඩේ හරියයි කියලා. ඔන්න ඉතිං එහෙම කරලා බලපුවාම වැඩේ හරිගියා. හැමෝමත් එක්ක මං භාවිතා කරපු උපක්‍රමේ බෙදා ගන්න ඔනා කියලා හිතිච්ච හින්දයි මේ post එක ලියන්න හිතුවේ. ඔන්න එහෙනම් ක්‍රමේ...

ආදරේට ලියැවෙච්ච නිසඳැස් ටිකක්... පුද්ගලිකයි රහසිගතයි හො‍ඳේ.....

මගේ ආදරේ පටන් ගත්ත කාලේ ඒ කිව්වේ දැනට අවුරුදු තුන හතරකට කලින් :-) මං ලියපු පෙම් නිසඳැස් ටිකක් හරිම අමාරුවෙන් හොයාගත්තා. ඒ කාලෙ ඉතිං A/L වලට පාඩම් කරන ගමන් රෑට රෑට මනෝ පාර ගහගෙන හැමදාම ඉතිං මොනා හරි කුරුටු ගානවා. අපරාදෙ ඒවා තැන් තැන් වල - කොහෙද දන්නෑ. මේ ටිකත් හොයා ගත්තෙ බොහොම අමාරුවෙන් පරණ A/L පොත් අස්සෙ තිබුණ කටුවැඩ කොළ අවුස්සලා. අපරාදෙ ඒ කාලේ මට internet තිබ්බනම් blog එකක් හදලා එකක් නෑර ලියලා තියන්න තිබ්බා. අවුලක් නෑ කලින් ලියපුවා තව කොහෙන් හරි හම්බුනොත් ඉස්සරහට ලියන post වල දාන්නම්කෝ. මේ ඔක්කොම ඉතිං මගෙ අදරණීය කෙලි පොඩ්ඩි වෙනුවෙන් තමයි. අමතක කරන්න එපා... මේවා පුද්ගලිකයි රහසිගතයි හො‍ඳේ.....

  • ස‍ඳේ ඔබ ලිව්වෙ මනෝ ගහගෙන හිතින් විතරක් ආදරේ කරපු කාලේ...
  • කුළුඳුල් කඳුල ලිව්වෙ මනෝ ආදරේ ප්‍රකාශිත ආදරයක් වෙලා මුල් ඇදගෙන පීදීගෙන ආපු කාලේ...
  • කඳුල - ප්‍රේම නිර්වචනය ලිව්වෙත් ඔයිත් එක්කම තමයි...
  • ඔබෙන් දුටු ලෝකය ලිව්වෙ ආදරේ මෝරලා දළු දාලා මල් පිපීගෙන ආපු කාලේ...

මමත් සින්දුවක් කිව්වනේ තර‍ඟෙකට... බලලම කියන්නකො ඊළඟ වටේට යයිද කියලා...

අපේ කැම්පස් එකෙත් තිබුණානේ ඔය හැම තැනම තියෙනවා වගේ සිංදු තරඟයක්.. ඒකෙ නම මේ "පැහැසර" කියලා.. ඔන්න ඉතිං ඒ සිංදු තර‍ඟෙට මමත් සිංදුවක් කිව්වයි කියමුකෝ.. කිව්වෙ අපෙ ජෝතිගෙ 'ඉර සඳ වැඳලා' සිංදුව කියමුකෝ.. අපේ media අයියලා ටික ඉතිං දන්නැද්ද හතරවටෙන් කැමරා තියාගෙන මේක වීඩියෝ කරා කියලත් කියමුකෝ.. මට මේ ළඟදි හම්බුනා ඒ වීඩියෝ එක.. ඉතිං මට හිතුනා හැමෝටම මේක පෙන්නලා මට ලකුණු කීයක් විතර දෙනවද කියලා අහන්න.. ඕං එහෙනං බලාපල්ලකො කොල්ලගෙ වැඩ..



අතීතය නිවැරදි කරීම පිළිබඳ යතාර්ථය෴

දෙමව්පියන්ගේ පෙර වැරදි නිසා බොහෝ දරුවන් සමාජයෙන් කොන් වෙනවා. ඒ දරුවන්ගේ අතේ කිසිම වැරැද්දක් නොතිබුණත් දෙමව්පියන්ගෙ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ ඒ දරුවන්ට. එවන් අයෙකු ගැන අනුකම්පාවෙන් මා අතින් කලකට පෙර ලියැවුනු නිසැදසකි මේ. ඇත්තටම කෙනෙකුගෙ අතීතය නැවත නිවැරදි කරන්න බැරිද?


අතීතය

අතීතයක් ඇත...
සෑම දෙයකටම ඇත...
රටකට, නගරයකට, ගමකට මෙන්ම,
සෑම පුද්ගලයෙකුටම ඇත...

මානවයා 1.01 සිංහල විශ්වකෝෂය එළිදැක්වීම

මාගේ කුළුඳුල් නිර්මාණය වූ "මානවයා 1.01" - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය එළිදැක්වීම පිළිබඳ 2009-04-08 වැනි දින එනම් මගේ උපන් දිනය දින සිංහල සමූහයන් හි පළ කල දැනුම්දීම් ලිපිය.....


-------------------------------------------------------------------------------------------------

මානවයා 1.01

-මානව ශරීරයේ අවයව සහ පද්ධති පිළිබඳ වූ සිංහල විශ්වකෝෂය-

මානවයා 1.01 - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය සියළු ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ!




මෙතැනින් බාගන්න


Step by step guide for Downloading & Installing Sinhala Unicode

If you can not read the Sinhala text in this blog (If you are seeing some square shapes instead of Sinhala text), that means you have not yet installed the Sinhala Unicode to your computer.

You will be able to read the Sinhala text in this blog & the Sinhala text all over the internet by simply downloading & installing the Sinhala/Tamil Unicode KIT. Read the following step by step guide to know how to download & install the Sinhala/Tamil Unicode KIT.



How to Download Sinhala Unicode KIT?



1. Click on the following button.
(Or go to http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html)