Showing posts with label Enabling Sinhala. Show all posts
Showing posts with label Enabling Sinhala. Show all posts

ජංගම දුරකථන සඳහා ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව, "භාෂා හෙළකුරු" එළිදකී!

ආයුබෝවන්! කාලෙකට පස්සෙ ඔන්න අද මම මේ කියන්න හදන්නෙ තවත් අලුත්ම අලුත් නිර්මාණයක් ගැන. මේ වන විට ජංගම දුරකථන වලින් පහසුවෙන්ම අන්තර්ජාලයේ සිංහල කියවිය හැකි බව ඔබ දන්නවනෙ. අද මම මේ කියන්න යන්නෙ ජංගම දුරකථනයෙන් සිංහල ලිවිය හැකි නව නිර්මාණයක් ගැන. 

මීට මාස 10 කට පමණ කලින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා SETT සිංහල/දෙමළ බ්‍රව්සරය එළිදැක්වීමෙන් පසුව මතුවුනු විශාලතම අඩුපාඩුව තමයි සිංහල කියවන්න පුළුවන් උනත් සිංහලෙන් ලියන්න (යතුරු කරන්න) නොහැකි වීම. මොකද සිංහල වෙබ් අඩවි කියවීම විතරක් නෙමෙයි සිංහලෙන් යතුරු කිරීමත් අපි ගොඩ දෙනෙක්ට තියෙන ලොකු අවශ්‍යතාවයක්. සිංහලෙන් ටයිප් කරන්න විදියක් නැති උනොත් අපිට සිංහලෙන් search කරන්නවත්, සිංහලෙන් බ්ලොග් ලියන්නවත්, facebook එකේ සිංහලෙන් කමෙන්ට්ස් දාන්නවත් විදියක් නැති වෙනවා. 



ඉතිං භාෂා හෙළකුරු නිර්මාණය බිහිවෙන්නෙ ඔන්න ඔය ගැටළු සියල්ලටම පොදු පිළියමක් වශයෙන්. ඒ වගේම දැයේ සහ බසේ අවශ්‍යතාවක් වශයෙන්. හෙළකුරු සිංහල යතුරුපුවරුව සහ සිංහල අකුරු ඇතුළත් කිරීමේ ක්‍රමය (Helakuru Sinhala Keyboard Layout+IME) නිර්මාණ‍ය වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක ඕනෑම තැනක සිංහලෙන් යතුරු කළ හැකි ලෙසින්. එනම් SETT බ්‍රව්සරයේ විතරක් නෙමෙයි, messages, facebook, twitter, Gmail වැනි ඕනෑම app එකක් තුළ පවා හෙළකුරු භාවිතා කර සිංහලෙන් යතුරු කරන්න පුළුවන්. 

මේ සඳහා භාවිතා වෙන්නෙ ජංගම දුරකථන සඳහා ප්‍රායෝගිකව පහසුතම ආකාරයෙන් සැකසූ ශබ්දානුකූල යතුරු පුවරු සැකැස්මක් (phonetic keyboard layout). මෙම හෙළකුරු යතුරුපුවරුව ජංගම දුරකථන සඳහා වන ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව ද වෙනවා.



විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් BMICH හිදී භාෂා හෙළකුරු එළිදැක්වීමට එක්වුනු අවස්ථාව


භාෂා හෙළකුරු යතුරුපුවරුව ලබාගන්නෙ කොහොමද?
  1. ඔබේ Android දුරකථනයෙන් Android Market වෙත ගොස් Helakuru සඳහා සොයන්න.
  2. Helakuru යතුරුපුවරුව බාගත කරගෙන ස්ථාපනය කරගන්න.
  3. Settings > Language & Keyboard වෙත ගොස් Helakuru තෝරන්න.
  4. අකුරු ලිවිය යුතු තැන long press කර Input Method තෝරා ඉන්පසු Helakuru තෝරන්න.
ඒත් ඔය යතුරු කරන සිංහල පෙනේවිද?
ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කර තිබෙන හෝ නොතිබෙන ඕනෑම කෙනෙකුට දැන් ඉතිං ඔය ප්‍රශ්නෙ අනිවාර්යෙන් මතුවෙන්න ඇති. මොකද එය තර්කානුකූලයි. ඇන්ඩ්‍රොයිඩ් සඳහා තවමත් සිංහල සහය නැත්නම් අපි මේ ටයිප් කරන සිංහල පේන්න විදියක් නෑ. ඔව් ඒක හරි. ඒත් එහෙමයි කියලා අපිට මුකුත් නොකර ඉන්න බෑනෙ නේද? අන්න ඒ නිසයි ඒ ගැටළුවට හෙළකුරු වෙතින් මෙවැනි පිළියමක් සැපයෙන්නෙ.


හෙළකුරු යතුරුපුවරුව ඔබ කලින් කියූ ආකාරයට ක්‍රියාත්මක කළාට පස්සෙ ඔබට පෙනෙ‍යි ඉහත ආකාරයේ යතුරු පුවරුවක් ඔබ අකුරු ඇතුළත් කරන තැනක් tap කරන හැම විටකදිම දිස්වෙනවා. මේ තමයි හෙළකුරු යතුරුපුවරුව. මෙහි පහළ වම් කෙළවරේ දෙවැනියට ඇති භාෂාව මාරු කරන බොත්තම ඔබා සිංහල සහ ඉංග්‍රීසි භාෂා අතර මාරු වෙන්න පුළුවන්.

මේ බොත්තමෙන් ඔබ සිංහල භාෂාව තේරූ විට ඔබට පෙනෙයි ඉහත රූපයේ ආකාරයට නිල් පැහැති හෙළකුරු පෙරදසුන් තීරුව දිස්වෙනවා. ‍අපි කලින් කතාවුන ගැටළුවට, එහෙමත් නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් මත අපිට සිංහල හරිහැටි නොපෙනීමේ ගැටළුවට පිළියම සැපයෙන්නෙ මෙන්න මේ හෙළකුරු පෙරදසුන් තීරුව හරහායි. ඔබේ දුරකථනයේ සිංහල සහය නොමැති නිසා ඔබ අකුරු ඇතුළත් කරන තැන ඔබ ඇතුළත් කරන සිංහල යුනිකේත අකුරු හරිහැටි නොපෙනුනත්, ඒ ඔබ ඇතුළත් කරන සිංහල අකුරු වලම පෙරදසුනක් ඔබට මේ හෙළකුරු පෙරදසුන් තීරුවෙන් නිවැරදි rendering සහිතවම දැක බලාගන්න පුළුවන්. (එනම් ‍භාෂා හෙළකුරු යතුරුපුවරුව භාවිතා කරන්න ඔබ දුරකථනය root කර තිබීම හෝ සිංහල fonts ස්ථාපනය කර තිබීම කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නෑ.)



හෙළකුරු යතුරුපුවරුවෙ පහල වම් කෙළවරේම ඇති බොත්තමෙන් ඔබට හෙළකුරු සුචිය වෙත පිවිසෙන්න පුළුවන්. හෙළකුරු යතුරුපුවරුව ශබ්දානුකූල (phonetic) යතුරුපුවරුවක් කියලා කලිනුත් කිව්වනෙ. ඉතිං ඒ ආකාරයෙන් ශබ්දානුකූලව සෑම සිංහල අකුරු සංයෝගයක්ම යතුරු කරන ආකාරය මෙම සුචියෙන් ඔබට බලා ගන්න පුළුවන්. සුචියට පිවිසුනු වහා ඔබට පේන්නෙ අකුරු එකතූන් 5ක්. මේ අකුරු එකතූන් 5න් ඔබට යතුරු කරන ආකාරය දැනගත යතු එකතුව තෝරලා අදාළ දේ පහසුවෙන් සහ ඉකිමණින් ඔබට දැනගන්න පුළුවන් වෙයි.

ඉතිං මේ නව නිර්මාණය අපේ භාෂා ලංකා (පුද්) සමාගමේ 4 ‍වැනි නව නිර්මාණය වෙනවා. පසුගියදා පැවති ඉ-ස්වාභිමානී (e-Swabhimani) ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදි ජයග්‍රාහී සම්මාන 3ක් හිමි කරගනිමින් අපේ සමාගම වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියූ සමාගම බවට පත්වූ බව ඔබ අතරින් බොහෝ දෙනෙක් දන්නවා ඇති. මීට කලින් අපි එළිදැක්වූ නිර්මාණයන් වන SETT Browser, SETTdeco යුනිකේත විකේතකය සහ Bhasha Dictionary සඳහායි එම ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වය අපිට හිමිවුනේ.


භාෂා ලංකා (පුද්) සමාගම මේ වසරේදී දිනාගත් ඉ-ස්වාභිමානී ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වය


ඉතිං මේ හතරවැනි නව නිර්මාණයත් පෙර නිර්මාණ 3 තරම්ම වැදගත් සහ ප්‍රයෝනවත් නිර්මාණයක් වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම මෙම නව නිර්මාණයත් ඔබ සැමට සැපයෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ. 

දැයේ අවශ්‍යතාවයන් සහ බසේ අවශ්‍යතාවයන් වන මෙවැනි නිර්මාණයන් අප ඔබ වෙත ලබාදෙන්නෙ එය අපෙන් රටට සිදුවිය යුතු යුතුකමක් ලෙස සලකලා මිසක් වාණිජ්‍යමය අපේක්ෂාවකින් නෙමෙයි. ඉතිං ඔබේ යුතුකමක් ලෙස මෙම නිර්මාණයන් ගැන රටටම කීමෙනුත්, Android Market හරහා මේ සඳහා ratings එක් කිරීමෙනුත්, හෙළකුරු facebook පිටුව හරහා මෙහි ප්‍රවර්ධනය ‍උදෙසා ඔබේ අදහස් උදහස් බෙදා ගැනීමෙනුත් අපට ඔ‍බේ සහයෝගය ලබා දිය හැකි නම් ඉතා අගෙයි. 



ස්තූතියි! ඔබ‍ට ජය!



භාෂා ලංකා (පුද්) සමාගම - මහජනයා සවිබලගන්වමින්
Bhasha Lanka (Pvt) Ltd - Empowering the Masses

SETTdeco හෙවත් SETT යුනිකේත විකේතකය ගැන විජය පරිගණක සඟරාවේ පළවෙයි...

ආයුබෝවන්! ඉතිං ඔන්න පුංචි සුභ ආරංචියක් කියන්නයි යන්නෙ. SETTdeco ~ එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය පිළිබඳ මෙවර 2011 ජූනි මස විජය පරිගණක සඟරාවෙ 17 වෙනි පිටුවෙ අලුත් වෙබ් සේවා පිටුවෙ පළ වෙලා තියෙනවා. ඉතිං මේක අපි කාටත් සතුටුදායක ආරංචියක් නේද? ඔන්න බලාගන්නකො විජය පරිගණක සඟරාවෙ පළ වෙලා තියෙන විස්තරය.

SETT Browser for Android වීඩියෝ දර්ශන පෙළ නරඹන්න


ආයුබෝවන්! මීට ටික කලකට කලින් Android දුරකථන සඳහා නිර්මාණය වුනු SETT Browser නම් ජංගම ගවේශකය ගැන ඔබට මතක ඇති. ඒ නිර්මාණ කාර්යය ගැන ප්‍රශංසා කරමින් බොහොදෙනා ප්‍රතිචාර එක්කෙරුවත් හුඟ දෙනෙක් කණගාටු වුනා එහි ක්‍රියාකාරීත්වය අත්හදා බලන්නවත් නොහැකි වීම ගැන. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, අපි හැමෝගාවම Android දුරකථන නැති නිසා. කොටින්ම කිව්වොත් මං ගාවවත් Android දුරකථනයක් නෑ.

SETT යුනිකේත විකේතකය: Updates - දැන් Internet Explorer සඳහාත් සහය දක්වයි!

ආයු‍බෝවන්! SETT යුනිකේත විකේතකය ගැන කව්රුත් දන්නවා ඇතිනෙ දැන්. (දන්නැත්තං මේ ලිපිය කියවන්න.) මේ විකේතකය එළිදක්වන මොහෙතෙ එය 100% ක් නිවැරදිව සිංහල පෙළ (text) පෙන්වුවෙ Firefox සහ Safari තුළ පමණයි. නමුත් ඔන්න දැන් මේ විකේතකය Internet Explorer වලත් සාර්ථකව වැඩ! 


ඔබේ සිංහල බ්ලොගය/වෙබ් අඩවිය සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවන්න - SETT Unicode Decoder - තවත් නිර්මාණයක්...

ආයුබෝවන්! අද මං කියන්න යන්නෙ තවත් අපූරු නිර්මාණයක් පිළිබඳව. ප්‍රශ්නයක් අහලා ඉන්නද මුලින්ම? සිංහල බ්ලොග් ලියන අපිට තියෙන ලොකුම ගැටළුව මොකක්ද? ම්... අපි සිංහලෙන් බ්ලොග් ලිව්වට අපි ලියන ඒවා කියවන්න පුළුවන් අය, ඒ කියන්නෙ සිංහල යුනිකෝඩ් සහය ඇති පරිගණක තියෙන අය ලංකාවෙ තාම ඉන්නෙ ඉතා සීමීත පිරිසක් වීම, නේද? මොකද ලංකාවෙ බහුතර පරිගණක වල තාම තියෙන්නෙ පෙරනිමි සිංහල සහය නොමැති Windows XP මෙහෙයුම් පද්ධතිය. ඉතිං සිංහල යුනිකෝඩ් ගැන කිසිම දෙයක් නොදන්න (දන්න අය ඉන්නෙ සාපේක්ෂව ඉතා සුළු පිරිසක්) සහ දැනගත්තත් එය ස්ථාපනය කරගන්නට ඕනෑකමක් නැති, ‍අති බහුතර ශ්‍රී ලාංකීක සිංහලයන්ට අපි මේ සිංහලෙන් ලියන කියන දේ කියවීමේ හැකියාවක් නෑ. SETT Unicode Decoder, එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය නිර්මාණය වෙන්නෙ ඔන්න ඔය ගැටළුවට පිළියමක් වශයෙන්. (Update: නව නාමය: SETTdeco)

කොහොමද ඔබේ සිංහල බ්ලොග් අඩවිය නැත්නම් වෙබ් අඩවිය, සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි වුනොත් ?

ජංගම දුරකථනයෙන් සිංහල/දෙමළ වෙබ්පිටු පැහැදිලිව බලන්න - SETT Browser for Android - මාගේ කේවල ව්‍යාපෘතිය!


ආ‍යුබෝවන්! සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අලුත් අවුරුද්දෙ මගේ මුල්ම බ්ලොග් සටහනින් ඔබ සැමට මං තිළිණ කරන්න හදන්නෙ අපූරු පුංචි තෑග්ගක්. ඒ තමයි මගේ පරිගණක මැවිසුරු උපාධියේ තෙවන වසර කේවල ව්‍යාපෘතිය ලෙස මා නිර්මාණය කළ SETT Browser නම් ජංගම දුරකථන අන්තර්ජාල ගවේශකය.





මොකද්ද මේ SETT Browser කියන්නෙ? ඒ ගැන කියන්න කලින් මං ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්.

ඔබ කවදහරි දවසක ඔබේ ජංගම දුරකථනයෙ Web Browser එකෙන් සිංහල බ්ලොග් සටහනකට හෝ වෙනත් මොනයම් හෝ සිංහල වෙබ් අඩවියක් වෙත පිවිසිලා තියෙනවද? සිංහල බ්ලොග් කියවන පාඨකයින් ලෙස ඔබ අනිවාර්යෙන් එසේ කරන්න උත්සාහ කරලා ඇති. නමුත් එලෙස පිවිසි ඔබට දැකගන්න ලැබුනෙ ‍මොනාද? වෙබ් පිටුව පුරාම ඇති කොටු කොටු ටිකක් විතරයි නේද? බලන්න මේ පින්තූරෙ දිහා.

සිංහල යුනිකෝඩ් භාවිතයේ සියලු බාධක බිඳ දැමේ!!! qsFOX - නවතම සිංහල යුනිකෝඩ් අංගෝපාංගය

"මින්මත්තට Sinhala/Tamil Unicode KIT අංගෝපාංග කට්ටලය (හෝ Vista Quick Fix කට්ටලය) ස්ථාපනයකින් තොරව අන්තර්ජාලය තුල සුපුරුදු විදියට සිංහල යුනිකෝඩ් කියවන්නටත්, තමන් කැමති යතුරුපුවරුවක් (විජේසේකර/ශබ්දානුකූල) භාවිතා කර සිංහල යුනිකෝඩ් යතුරුකරන්නටත් පුළුවන් කිව්වොත් ඔබ පිළිගන්නවද? හ්ම්! දැන් ඔබට එය පිළිගන්න වෙනවා."


දැනෙන්නෙ පුදුම සතුටක්!

මෙච්චරකල් අපි හැමෝන්ටම ලොකුම ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණු වැඩසටහනක් නිර්මාණය වෙලා.

දැන් ඔබ ලෝකෙ කොහේ හිටියත්, ඇඩ්මින් බල ඇති/නැති මොන පරිගණකයක් භාවිතා කලත්, සිංහල යුනිකෝඩ් හිතේ හැටියට කියවන්නත්, මෙච්චර කල් ලොකු ගැටළුවක් වෙලා තිබුණු සිංහල යුනිකෝඩ් වලින් හිතේ හැටියට තමන් කැමති යතුරු පුවරුවක් (විජේසේකර/සිංglish) භාවිත කරලා යතුරු කරන්නත් පුළුවන්.

ඔබේ පරිගණකයෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් බල ගැන්වූ ජංගම ගිනිහිවලෙක් [Sinhala Unicode enabled portable firefox] ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් ෆෝන්ට ස්ථාපනය කරලා තිබීමවත් මේ සඳහා අවශ්‍ය වෙන්නෙ නෑ. අවශ්‍ය වෙන්නෙ ඔබේ පරිගණකයේ Firefox 3.5 වෙළුමක් ස්ථාපනය කරලා තිබීම පමණයි. කොටින්ම ඔබ භාවිත කරන්නෙ ඇඩ්මින් බල සහිත පරිගණකයක් වුනත්/නොවුනත් ඔබට මින් ඉදිරියට අන්තර්ජාලය තුල සිංහලෙන් ලියන්න සහ කියවන්න Sinhala/Tamil Unicode KIT එක ස්ථාපනය කර තිබීම අවශ්‍ය වෙන්නෙ නෑ.

මොකද්ද මේ මහා පෙරළිය ?

Type කිරීමේදී පහසුවෙන් සිංහල සහ English අතර මාරුවෙන්න....


පසුගිය දවස් වල මේ බ්ලොගවකාශෙ සැරිසරද්දි මං ඇතැම් තැන් වල දැක්කා බ්ලොග් කර්තෘ වරුන්ගෙන් පාඨකයන් ඉල්ලලා තියෙනවා හැකිනම් ඔය කමෙන්ට් කරද්දි එන Word Verification එක ඉවත් කරන්න කියලා. ඊට හේතුව ලෙස සඳහන් කරලා තිබ්බෙ සිංහල බ්ලොගවකාශෙ ඉඳිද්දි නිතරම සිංහලෙන් යතුරු කරන අතරෙ ඔය Word Verification එකට විතරක් English වලට මාරු වෙන්න සිදුවීම. අපේ මේ සිංහල බ්ලොග් වලට නම් Word Verification දාන ඒක අත්‍යාවශ්‍ය නැති දෙයක් හැටියටයි මාත් දකින්නෙ. මොකද ඕක දාන්නෙ කමෙන්ට් කරන්නෙ මනුශ්‍යයෙක්ද කියන එක තහවුරු කරගන්නනෙ. අපේ මේ සිංහල බ්ලොග් වලට ඉතිං ඕක නොතිබුණා කියලා මහලොකු ගැටළුවක් වෙන එකක් නෑ.

කොහොම නමුත් ඉතිං බ්ලොග් කර්තෘ වරයගෙ කැමැත්ත ඒක නම් අපිට ඒ දේ කරන්න සිදුවෙනවනෙ. ඒ වෙලාවලදි විතරක් නෙමෙයි අපි සිංහලෙන් බ්ලොග් ලිපියක් ලියද්දි උනත් අපිට යම් යම් අවස්ථා වලදි English වලින් යතුරු කරන්න වුවමනා වෙනවා. යතුරුකරණයෙදි සිංහල සහ වෙනත් භාෂා අතර මාරු විය හැකි පහසු ක්‍රමයක් තියෙනව නම් අපේ කාල වේලාව ගොඩක් ඉතුරු කරගත හැකිවේවි කියලා හිතලයි මේ ලිපිය ලියන්න හිතුණෙ. බොහෝ විට මේ දේවල් ගොඩ දෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. නොදන්න අයත් ඇති කියලා උපකල්පනය කරලයි මේ ලියන්නෙ.

Step by step guide for Downloading & Installing Sinhala Unicode

If you can not read the Sinhala text in this blog (If you are seeing some square shapes instead of Sinhala text), that means you have not yet installed the Sinhala Unicode to your computer.

You will be able to read the Sinhala text in this blog & the Sinhala text all over the internet by simply downloading & installing the Sinhala/Tamil Unicode KIT. Read the following step by step guide to know how to download & install the Sinhala/Tamil Unicode KIT.



How to Download Sinhala Unicode KIT?



1. Click on the following button.
(Or go to http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html)