Showing posts with label ගීත නිර්මාණ. Show all posts
Showing posts with label ගීත නිර්මාණ. Show all posts

මවිසින් තනු රචිත ගීයක් - ඔබේ රස වින්ඳනයට...

ඔයාලා දන්නවනෙ මගේ බ්ලොගයෙන් මම අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගන්නවට අමතරව ඉඳලා හිටලා මවිසින් ගායනා කරපු ගීතත් ඔයාලගෙ රස වින්ඳනය උදෙසා මේ බ්ලොගයෙ පළ කරනවා කියලා. ඉතිං අද මං මේ පළ කරන ගීතය ගායනා කරන්නෙ මම වගේම මේ ගීතයේ තනු රචනා කළෙත් මමයි. පිරිසක් ඉදිරියෙ ගායනා වුනු මවිසින් තනු රචනා කළ 2‍ වෙනි ගීතය මෙයයි. (මීට කලින් ප්‍රථම වතාවට මම ම පද රචනා කරලා තනු නිර්මාණය කෙරුණු සමූහ ගායනයක් ගොඩක් කාලෙකට ඉස්සර මෙන්න මෙතන පළ කළා. නමුත් ඒ ගීතය ගායනයට මම දායක වුනේ නෑ.)

ගීත නිර්මාණය - මේ ‍දේශයේ අපේ....

මං අපේ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍යනායක වෙලා ඉන්දැද්දි (පටන් ගන්නකොටම පොඩි පම්පොරියක්) අපේ ශිෂ්‍යනායක සංගමයෙන් සංවිධානය කලා 'සමාශ්‍ර 2005' නමින් අමුතුම තාලෙ විවිධ ප්‍රසංගයක්. කළුතර පුරහලේ අපි පාසැල් දර්ශන 4ක් සමග 6.30 මහජන දර්ශනයක් පැවැත්වුවා. ඒක පප්‍රසංගය scripted concert එකක් කිව්වොත් වඩා නිවැරදී. මං තමයි ප්‍රධාන ශිෂයනායක හැටියට වැඩේ ඇදගෙන ගියේ. Script එක ලිව්වෙත් මම. Script එකේ හැටියට ප්‍රසංගය අවසන් වෙන්න ‍ඕනා දේශාභිමානී ගීයකින්. ඔන්න ඔය සඳහා තමයි මම මගේ ප්‍රථම ගීත නිර්මාණය විදියට 'මේ දේශයේ අපේ' ගීතය ලියලා සංගීත නිර්මාණය කලේ෴


මේ දේශය අපේ...



මේ දේශයේ අපේ
ඉතිහාසයේ විරුවන් ලෙසේ සැමදා
යලි පිබිදෙමු පෙරටම යමු
ගොඩනංවමු අප දේශය ශ්‍රී ලංකා...

අපි එක් වෙමු...
Lets get together...
නාම් ඔන්රු වඩුවෝම්...
ගොඩනංවමු අපේ රට ශ්‍රී ලංකා...

සාමය සොයා යමු
කුරිරු යුද්ධයේ ගිනිදැල් නිවා දමලා
සංවේදනා හද පාරනා
දුරු කරවමු අපේ රටින් සැමදා...

මිනිසත්කම රජයමු
ජාති ආගම් කුල භේද හැරදා
එක මවකගේ දරුවන් ලෙසේ
එකම ධජයක් සෙවනේ සුරැකෙමු සැමදා...


පද රචනය සහ තනුව: ධනික කෞශල්‍ය පෙරේරා