Showing posts with label තාක්‍ෂණික. Show all posts
Showing posts with label තාක්‍ෂණික. Show all posts

අලුත් අවුරුදු තෑග්ග... Bhasha Dictionary

ආයුබෝවන්! සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඔන්න අලුත් අවුරුද්දෙ කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්නෙ ඔයාලට අලුත් අවුරුදු තෑග්ගක් දෙන්න. SETT Browser එකෙන් පටන් ගත්තු තෑගි දෙන එක තාමත් නැවතිලා නෑ ඕං. ඉස්සරනං තෑගි දුන‍්නෙ මං තනියම මහන්සි වෙලානෙ. දැන් තෑ‍ගි දෙන්නෙ ම‍ගේ පුංචි සමාගමේ හැමොන්ගෙම දහඩිය මහන්සියෙන්. ඒ බවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ.

                       


පහුගිය දවස් වලත් ඒ වගේ දීපු තෑගි දෙකක් ගැන මට මේ බ්ලොග් එකේ ලියන්නත් බැරි උනා.‍ කොහොම නමුත් මේ වෙනකොටත් හැමෝම වගේ ඒ තෑගි වලින් ප්‍රයෝජන ගන්න බව නම් දන්නවා. ඒ ගැන බොහොම සතුටුයි.

මේ බ්ලොග් සටහන හරහා මං ඔයාලට කිව්වෙ SETT Browser සිංහල/දෙමළ වෙබ් බ්‍රව්සරය ගැන සහ Bhasha Helakuru ජංගම සිංහල මෘදු-යතුරුපුවරුව ගැන විතරයි. ඊට පස්සෙ අපි එළිදැක්වුවා සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් තුනෙන්ම ලංකාවෙ නවතම පුවත් කියවන්න පුළුවන් පුවත් කියවනයක්. Bhasha Puvath ලෙසින් මුලින් පුවත් ප්‍රභව 4 කින් එළිදක්වපු එහි 2.0 වන නිකුතුවත් අපි නිකුත් කළා පහුගිය මාසයේ පුවත් ප්‍රභව 30 ක් එක්ක.



ඊට පස්සෙ අපේ 4 වන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක විදියට Bhasha Viyunu ජංගම බ්ලොග් කියවනයත් නිකුත් කළා. ඒක නම් සිංහල බ්ලොග් ලියන කියවන අපි හැමෝන්ටම සුභ ආරංචියක්. මොකද සිංහල බ්ලොග්කරණයේ ජංගම යුගයේ ඇරඹීම සටහන් වෙනවා අපේ මේ Bhasha Viyunu ඇප් එකත් එක්ක. එහි ‍මීළඟ නිකුතුවෙදි අපි තමන්ට කැමති බ්ලොග් අඩවි පමණක් කියවන්න පුළුවන් වෙන විදියට හදන්නයි ඉන්නෙ. හැමෝම හැ‍ම ‍බ්ලොග් එකක්ම කියවන්නෙ නැති නිසා දත්ත භාවිතය අඩු කරගන්න එය හොඳ උපක්‍රමයක් වේවි.



ඉතිං අද මේ අලුත් අවුරුදු තෑග්ග විදියට අපි ඔබට තිළිණ කරන්නෙ Bhasha Dictionary ජංගම සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය. කොළඹ සරසවියෙ භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය සමඟින් අත්වැලබැඳගෙන තමයි අපි ඔබට මේ තෑග්ග තිළිණ කරන්නෙ.


Google Play වෙතින් ලබාගන්න:
 https://play.google.com/store/apps/details?id=lk.bhasha.dictionary


Bhasha Dictionary කියන්නෙ ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හරහා සිංහල-ඉංග්‍රීසි තේරුම් ලබාගන්න පුළුවන් ජංගම ශබ්දකෝෂයක්. මෙයින් ඔබට සබැඳිව (online) වගේම නොබැඳිව (offline) උනත් සිංහල-ඉංග්‍රීසි වචන පරිවර්තනය කරගන්න පුළුවන්. (ඒ කියන්නෙ මෙය භාවිතා කිරීම අන්තර්ජාලයට සම්බන්ධ වී තිබීම අත්‍යවශ්‍ය නෑ.) හැබැයි ඉංග්‍රීසියෙන් සිංහලට හරවන්න නොබැඳිව පුළුවන් උනත් සිංහලෙන් ඉංග්‍රීසියට හරවන්න නම් සබැඳිව ඉන්න ඕනෙ. ඒ වගේම සබැඳිව පරිවර්තන හොයන කොට ඔබට ඇතැම් වචන වල සිංහල, ඉංග්‍රීසි වගේම දෙමළ පරිවර්තනද ලබාගන්න පුළුවන්.



Bhasha Dictionary හි තවත් විශේෂත්වයක් තමයි ඔබට වචන පැවසීමෙන් වුනත් තේරුම් හොයන්න පුළුවන් වීම. "කියන්න... සොයන්න..." කියලා අපි සඳහන් කරලා තියෙන්නෙ ඒකයි. මෙමඟින් ඔබට පුළුවන් වචන ටයිප් කරන්නවත් වෙලාව නාස්ති නොකර කෙලින්ම වචන පවසලාම තේරුම් හොයාගන්න. හැබැයි මේ "කියන්න... සොයන්න..." ක්‍රියාකාරීත්වය සඳහානම් ඔබේ දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුයි. Wi-Fi මඟින් සබන්ධ වෙන්න පුළුවන්නං මේ ක්‍රියාකාරීත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්වෙයි.

තව දෙයක් තමයි සිංහලෙන් ඉංග්‍රීසියට වචන පරිවර්තනය කරගැනීමේ පහසු‍ව. මේ සඳහා ඔබ සිංහල වචන සිංහල යුනිකේත වලින්ම ටයිප් කරන්න අවශ්‍ය නෑ. ඔබට පුළුවන් සිංග්ලිෂ් වලින් ඔබ සිංහල sms ටයිප් කරන ආකාරයට සිංහල වචන ටයිප් කරන්න. එහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කරන වචන Bhasha Dictionaryය අඳුනගෙන ඔබට එසැණින් ඉංග්‍රීසි පරිවර්තන ලබා දේවි. හැබැයි මේ සඳහාත් අන්තර්ජාලයට සම්බන්ධ වී සිටීම අවශ්‍යයි.

ක්‍රියාකාරීත්වයන්:
  • පැවසීමෙන් හෝ ටයිප් කිරීමෙන් ඉංග්‍රීසි -> සිංහල පරිවර්තන ලබාගන්න
  • සිංහල යුනිකේත හෝ සිංග්ලිෂ් වලින් ටයිප් කිරීමෙන් සිංහල -> ඉංග්‍රීසි පරිවර්තන ලබාගන්න
  • අන්තර්ජාලය නොමැතිව වුවද ඉංග්‍රීසි -> සිංහල පරිවර්තන ලබාගන්න
  • අන්තර්ජාලයට සම්බන්ධ වී සිං‍හල -> ඉංග්‍රීසි පරිවර්තන ලබාගන්න
  • අන්තර්ජාලයට සමබන්ධ වී ඉංග්‍රීසි වචන වල සිංහල මෙන්ම දෙමළ පරිවර්තනද ලබාගන්න  (ඇතැම් වචන වල පමණක්)
  • භාවිතා කරන්නෙ සබැඳි සේවාවද නොබැඳි සේවාවද යන්න ඔබට තීරණය කළ හැක
  • ටයිප් කරන සැණින් පෙර සෙවූ වචන යෝජනා ලබාගන්න
  • ඔබේ ප්‍රියතම වචන තේරුම් ලැයිස්තුවක් පවත්වාගන්න

තිරදසුන්:


    
    




තව දෙයක් කියන්න ඕනෙ. මේ Bhasha Dictionary ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගිය වර්ෂයේ අපි සම්මාන හිමි කරගත් Bhasha Dictionary බහු-ආකාර මධ්‍යගත සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයෙ තවත් එක් ආකාරයක්. මේ නිමැයුමට අපිට ගිය වර්ෂයේ ඉ-ස්වාභිමානී ජාතික සම්මානය හිමිකරගන්න හැකියාව ලැබුනා. ‍Bhasha Dictionary හි අනෙක් ආකාරයන් එනම් SMS, Chat සහ Web ඔස්සේද ඔබට මේ Bhasha Dictioanry සේවාවන් ලබාගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර http://dictionary.bhasha.lk වෙබ් අඩවිය ඔස්සේ බලාගන්න පුළුවන්.




Bhasha Dictionary සඳහා වචන පරිවර්තන සපයන්නෙ කොළඹ සරසවියෙ භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය මඟින්. ඒ නිසා වඩාත් නිරවද්‍ය සහ විශ්වාසවන්ත පරිවර්තන ලබාගන්න ඔබට පුළුවන් වේවි. Bhasha Dictionary සේවාව සඳහා වචන පරිවර්තන ලබාදෙමින් අප සමඟ අත්වැලබැඳගත් කොළඹ සරසවියේ භාෂා තාක්ෂණ පර්යේෂණායතනයටත්, වි‍ශේෂයෙන් එහි ප්‍රධානී ආචාර්ය රුවන් වීරසිංහ මහතාටත් මේ අවස්ථාවේ විශේෂය ස්තූතිය පුදකර සිටින්න කැමතියි.

එහෙනං ඔන්න දැන් අලුත් අවුරුදු තෑග්ගෙන ප්‍රයෝජන ගන්න කාලෙ හරි. දැන්ම ගිහින් Google Play වෙතින් මේ අලුත් අවුරුදු තෑග්ග බාගන්න.





ඔබට ජය!

ජංගම දුරකථන සඳහා ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව, "භාෂා හෙළකුරු" එළිදකී!

ආයුබෝවන්! කාලෙකට පස්සෙ ඔන්න අද මම මේ කියන්න හදන්නෙ තවත් අලුත්ම අලුත් නිර්මාණයක් ගැන. මේ වන විට ජංගම දුරකථන වලින් පහසුවෙන්ම අන්තර්ජාලයේ සිංහල කියවිය හැකි බව ඔබ දන්නවනෙ. අද මම මේ කියන්න යන්නෙ ජංගම දුරකථනයෙන් සිංහල ලිවිය හැකි නව නිර්මාණයක් ගැන. 

මීට මාස 10 කට පමණ කලින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා SETT සිංහල/දෙමළ බ්‍රව්සරය එළිදැක්වීමෙන් පසුව මතුවුනු විශාලතම අඩුපාඩුව තමයි සිංහල කියවන්න පුළුවන් උනත් සිංහලෙන් ලියන්න (යතුරු කරන්න) නොහැකි වීම. මොකද සිංහල වෙබ් අඩවි කියවීම විතරක් නෙමෙයි සිංහලෙන් යතුරු කිරීමත් අපි ගොඩ දෙනෙක්ට තියෙන ලොකු අවශ්‍යතාවයක්. සිංහලෙන් ටයිප් කරන්න විදියක් නැති උනොත් අපිට සිංහලෙන් search කරන්නවත්, සිංහලෙන් බ්ලොග් ලියන්නවත්, facebook එකේ සිංහලෙන් කමෙන්ට්ස් දාන්නවත් විදියක් නැති වෙනවා. 



ඉතිං භාෂා හෙළකුරු නිර්මාණය බිහිවෙන්නෙ ඔන්න ඔය ගැටළු සියල්ලටම පොදු පිළියමක් වශයෙන්. ඒ වගේම දැයේ සහ බසේ අවශ්‍යතාවක් වශයෙන්. හෙළකුරු සිංහල යතුරුපුවරුව සහ සිංහල අකුරු ඇතුළත් කිරීමේ ක්‍රමය (Helakuru Sinhala Keyboard Layout+IME) නිර්මාණ‍ය වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක ඕනෑම තැනක සිංහලෙන් යතුරු කළ හැකි ලෙසින්. එනම් SETT බ්‍රව්සරයේ විතරක් නෙමෙයි, messages, facebook, twitter, Gmail වැනි ඕනෑම app එකක් තුළ පවා හෙළකුරු භාවිතා කර සිංහලෙන් යතුරු කරන්න පුළුවන්. 

මේ සඳහා භාවිතා වෙන්නෙ ජංගම දුරකථන සඳහා ප්‍රායෝගිකව පහසුතම ආකාරයෙන් සැකසූ ශබ්දානුකූල යතුරු පුවරු සැකැස්මක් (phonetic keyboard layout). මෙම හෙළකුරු යතුරුපුවරුව ජංගම දුරකථන සඳහා වන ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව ද වෙනවා.



විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් BMICH හිදී භාෂා හෙළකුරු එළිදැක්වීමට එක්වුනු අවස්ථාව


භාෂා හෙළකුරු යතුරුපුවරුව ලබාගන්නෙ කොහොමද?
  1. ඔබේ Android දුරකථනයෙන් Android Market වෙත ගොස් Helakuru සඳහා සොයන්න.
  2. Helakuru යතුරුපුවරුව බාගත කරගෙන ස්ථාපනය කරගන්න.
  3. Settings > Language & Keyboard වෙත ගොස් Helakuru තෝරන්න.
  4. අකුරු ලිවිය යුතු තැන long press කර Input Method තෝරා ඉන්පසු Helakuru තෝරන්න.
ඒත් ඔය යතුරු කරන සිංහල පෙනේවිද?
ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කර තිබෙන හෝ නොතිබෙන ඕනෑම කෙනෙකුට දැන් ඉතිං ඔය ප්‍රශ්නෙ අනිවාර්යෙන් මතුවෙන්න ඇති. මොකද එය තර්කානුකූලයි. ඇන්ඩ්‍රොයිඩ් සඳහා තවමත් සිංහල සහය නැත්නම් අපි මේ ටයිප් කරන සිංහල පේන්න විදියක් නෑ. ඔව් ඒක හරි. ඒත් එහෙමයි කියලා අපිට මුකුත් නොකර ඉන්න බෑනෙ නේද? අන්න ඒ නිසයි ඒ ගැටළුවට හෙළකුරු වෙතින් මෙවැනි පිළියමක් සැපයෙන්නෙ.


හෙළකුරු යතුරුපුවරුව ඔබ කලින් කියූ ආකාරයට ක්‍රියාත්මක කළාට පස්සෙ ඔබට පෙනෙ‍යි ඉහත ආකාරයේ යතුරු පුවරුවක් ඔබ අකුරු ඇතුළත් කරන තැනක් tap කරන හැම විටකදිම දිස්වෙනවා. මේ තමයි හෙළකුරු යතුරුපුවරුව. මෙහි පහළ වම් කෙළවරේ දෙවැනියට ඇති භාෂාව මාරු කරන බොත්තම ඔබා සිංහල සහ ඉංග්‍රීසි භාෂා අතර මාරු වෙන්න පුළුවන්.

මේ බොත්තමෙන් ඔබ සිංහල භාෂාව තේරූ විට ඔබට පෙනෙයි ඉහත රූපයේ ආකාරයට නිල් පැහැති හෙළකුරු පෙරදසුන් තීරුව දිස්වෙනවා. ‍අපි කලින් කතාවුන ගැටළුවට, එහෙමත් නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් මත අපිට සිංහල හරිහැටි නොපෙනීමේ ගැටළුවට පිළියම සැපයෙන්නෙ මෙන්න මේ හෙළකුරු පෙරදසුන් තීරුව හරහායි. ඔබේ දුරකථනයේ සිංහල සහය නොමැති නිසා ඔබ අකුරු ඇතුළත් කරන තැන ඔබ ඇතුළත් කරන සිංහල යුනිකේත අකුරු හරිහැටි නොපෙනුනත්, ඒ ඔබ ඇතුළත් කරන සිංහල අකුරු වලම පෙරදසුනක් ඔබට මේ හෙළකුරු පෙරදසුන් තීරුවෙන් නිවැරදි rendering සහිතවම දැක බලාගන්න පුළුවන්. (එනම් ‍භාෂා හෙළකුරු යතුරුපුවරුව භාවිතා කරන්න ඔබ දුරකථනය root කර තිබීම හෝ සිංහල fonts ස්ථාපනය කර තිබීම කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නෑ.)



හෙළකුරු යතුරුපුවරුවෙ පහල වම් කෙළවරේම ඇති බොත්තමෙන් ඔබට හෙළකුරු සුචිය වෙත පිවිසෙන්න පුළුවන්. හෙළකුරු යතුරුපුවරුව ශබ්දානුකූල (phonetic) යතුරුපුවරුවක් කියලා කලිනුත් කිව්වනෙ. ඉතිං ඒ ආකාරයෙන් ශබ්දානුකූලව සෑම සිංහල අකුරු සංයෝගයක්ම යතුරු කරන ආකාරය මෙම සුචියෙන් ඔබට බලා ගන්න පුළුවන්. සුචියට පිවිසුනු වහා ඔබට පේන්නෙ අකුරු එකතූන් 5ක්. මේ අකුරු එකතූන් 5න් ඔබට යතුරු කරන ආකාරය දැනගත යතු එකතුව තෝරලා අදාළ දේ පහසුවෙන් සහ ඉකිමණින් ඔබට දැනගන්න පුළුවන් වෙයි.

ඉතිං මේ නව නිර්මාණය අපේ භාෂා ලංකා (පුද්) සමාගමේ 4 ‍වැනි නව නිර්මාණය වෙනවා. පසුගියදා පැවති ඉ-ස්වාභිමානී (e-Swabhimani) ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදි ජයග්‍රාහී සම්මාන 3ක් හිමි කරගනිමින් අපේ සමාගම වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියූ සමාගම බවට පත්වූ බව ඔබ අතරින් බොහෝ දෙනෙක් දන්නවා ඇති. මීට කලින් අපි එළිදැක්වූ නිර්මාණයන් වන SETT Browser, SETTdeco යුනිකේත විකේතකය සහ Bhasha Dictionary සඳහායි එම ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වය අපිට හිමිවුනේ.


භාෂා ලංකා (පුද්) සමාගම මේ වසරේදී දිනාගත් ඉ-ස්වාභිමානී ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වය


ඉතිං මේ හතරවැනි නව නිර්මාණයත් පෙර නිර්මාණ 3 තරම්ම වැදගත් සහ ප්‍රයෝනවත් නිර්මාණයක් වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම මෙම නව නිර්මාණයත් ඔබ සැමට සැපයෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ. 

දැයේ අවශ්‍යතාවයන් සහ බසේ අවශ්‍යතාවයන් වන මෙවැනි නිර්මාණයන් අප ඔබ වෙත ලබාදෙන්නෙ එය අපෙන් රටට සිදුවිය යුතු යුතුකමක් ලෙස සලකලා මිසක් වාණිජ්‍යමය අපේක්ෂාවකින් නෙමෙයි. ඉතිං ඔබේ යුතුකමක් ලෙස මෙම නිර්මාණයන් ගැන රටටම කීමෙනුත්, Android Market හරහා මේ සඳහා ratings එක් කිරීමෙනුත්, හෙළකුරු facebook පිටුව හරහා මෙහි ප්‍රවර්ධනය ‍උදෙසා ඔබේ අදහස් උදහස් බෙදා ගැනීමෙනුත් අපට ඔ‍බේ සහයෝගය ලබා දිය හැකි නම් ඉතා අගෙයි. 



ස්තූතියි! ඔබ‍ට ජය!



භාෂා ලංකා (පුද්) සමාගම - මහජනයා සවිබලගන්වමින්
Bhasha Lanka (Pvt) Ltd - Empowering the Masses

SETTdeco හෙවත් SETT යුනිකේත විකේතකය ගැන විජය පරිගණක සඟරාවේ පළවෙයි...

ආයුබෝවන්! ඉතිං ඔන්න පුංචි සුභ ආරංචියක් කියන්නයි යන්නෙ. SETTdeco ~ එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය පිළිබඳ මෙවර 2011 ජූනි මස විජය පරිගණක සඟරාවෙ 17 වෙනි පිටුවෙ අලුත් වෙබ් සේවා පිටුවෙ පළ වෙලා තියෙනවා. ඉතිං මේක අපි කාටත් සතුටුදායක ආරංචියක් නේද? ඔන්න බලාගන්නකො විජය පරිගණක සඟරාවෙ පළ වෙලා තියෙන විස්තරය.

ඔබේ සිංහල බ්ලොගය/වෙබ් අඩවිය සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවන්න - SETT Unicode Decoder - තවත් නිර්මාණයක්...

ආයුබෝවන්! අද මං කියන්න යන්නෙ තවත් අපූරු නිර්මාණයක් පිළිබඳව. ප්‍රශ්නයක් අහලා ඉන්නද මුලින්ම? සිංහල බ්ලොග් ලියන අපිට තියෙන ලොකුම ගැටළුව මොකක්ද? ම්... අපි සිංහලෙන් බ්ලොග් ලිව්වට අපි ලියන ඒවා කියවන්න පුළුවන් අය, ඒ කියන්නෙ සිංහල යුනිකෝඩ් සහය ඇති පරිගණක තියෙන අය ලංකාවෙ තාම ඉන්නෙ ඉතා සීමීත පිරිසක් වීම, නේද? මොකද ලංකාවෙ බහුතර පරිගණක වල තාම තියෙන්නෙ පෙරනිමි සිංහල සහය නොමැති Windows XP මෙහෙයුම් පද්ධතිය. ඉතිං සිංහල යුනිකෝඩ් ගැන කිසිම දෙයක් නොදන්න (දන්න අය ඉන්නෙ සාපේක්ෂව ඉතා සුළු පිරිසක්) සහ දැනගත්තත් එය ස්ථාපනය කරගන්නට ඕනෑකමක් නැති, ‍අති බහුතර ශ්‍රී ලාංකීක සිංහලයන්ට අපි මේ සිංහලෙන් ලියන කියන දේ කියවීමේ හැකියාවක් නෑ. SETT Unicode Decoder, එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය නිර්මාණය වෙන්නෙ ඔන්න ඔය ගැටළුවට පිළියමක් වශයෙන්. (Update: නව නාමය: SETTdeco)

කොහොමද ඔබේ සිංහල බ්ලොග් අඩවිය නැත්නම් වෙබ් අඩවිය, සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි වුනොත් ?

මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය එළිදැක්වේ! | Manavaya.lk ~ Sinhala Bio-Wiki Site is launched!



පසුගියදා මොරටුව සරසවියේදී පැවැත්වුනු EXMO 2010 මැවිසුරු ප්‍රදර්ශනයේදී මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය (http://www.manavaya.lk) සාර්ථකව එළිදැක්වුනා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි අති විශාල ජනකායගෙන් බොහෝදෙනෙකුගෙන්ම විශේෂයෙන්ම පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන්, ගුරුවර ගුරුවරි‍යන්ගෙන් වගේම බොහෝ වැඩිහිටියන්ගෙන් මෙම අඩවිය සඳහා සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතිං මේ ලිපිය ලියැවෙන්නෙ මෙලෙස පසුගියදා එළිදැක්වුනු මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය පිළිබඳ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නට නොහැකි වුනු ඔබ සැමව දැනුවත් කරන්නයි.



eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු! (eBay කුප්පි #4)

eBay ගැන සිංහලෙන් දැනගන්න

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද eBay කුප්පි මාලාවෙ 4 වෙනි ලිපිය ලියන්නයි යන්නෙ. 1, 2, 3 ලිපි ඉතා කෙටි කාලයක් තුළ ලියලා 4 වෙනි ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද උනේ ඇයි කියලා ගොඩ දෙනෙක් හිතනවා ඇති. ඒකටත් පිළිතුරක් දීලම ඉන්නම්කො.

සම්පත් Webcard පත PayPal වෙත link & confirm කරන්නෙ කොහොමද? (eBay කුප්පි #3)


 eBay කුප්පි #1 සහ eBay කුප්පි #2 හැමෝම කියවන්න ඇතිනෙ. පසුගිය ලිපියෙ eBay කුප්පි #2 න් අපි කතා කළේ ලංකාවෙ අපිට eBay තුළ සහ අන්තර්ජාලය තුල මුදල් ගණුදෙනු කළ හැකි පහසුම මග වන සම්පත් Webcard ගැනනෙ. ඒ ගැන හඳුන්වාදීමක් එක්කම සම්පත් Webcard එකකට අයදුම් කරන අයුරුත් එදා ලිපියෙන් අපි සාකච්ඡා කළා. ඉතිං දැන් Webcard එකට දැනටමත් අයදුම් කරපු අයට තව දින දෙක තුනකින් සම්පත් card center වෙතින් ඇමතුමක් එයි ඔබේ Webcard එක සූදානම්, එවන්න ඕනා ලඟම ඇති බැංකුවටද නැත්නම් ගෙදරටද කියලා. අර කලින් ලිපියෙ මං සඳහන් කළ හේතු නිසා ඔබ ලඟම ඇති ශාඛාවට ගෙන්වාගන්නවා නම් වඩා පහසුයි.

ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග - Sampath Webcard (eBay කුප්පි #2)



පසුගිය ලිපියෙන් පටන් ගත්ත eBay කුප්පි මාලාවට ලැබෙන ප්‍රතිචාර ගැන නම් බොහොම සතුටුයි. ඒ ප්‍රතිචාර එකතු කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ ලිපියෙ ප්‍රතිචාර‍යකින් ලෝහිත කියලා අපේ සොයුරෙක් කියලා තිබ්බා ඔහු eBay වෙතින් ගෙන්වපු කිලෝ 4.5ක් පමණ බර mini air compressor එකකුත් කිසි අවුලක් නැතුව තැපැල් කාර්යාලයට ආවා කියලා. ඒ පිළිබඳ තැපැල් කාර්යාලයෙන් ඔහුව දැනුවත් කළාම ඔහු තැපැල් කාර්යාලයට ගිහින් ඒ භාණ්ඩය නිදහස් කරගෙන තියෙනවා විනාඩි 5ක් වගේ ඇතුලත. ඉතිං මේකත් අපි හැමෝන්ටම සුභ ආරංචියක් වේවි. මමත් ටිකක් දෙගිඩියාවෙන් හිටියෙ eBay එකෙන් ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ ගෙන්වන්න. ඒත් දැන් ඒ ගැනත් බයවෙන්න දෙයක් නෑ වගේ. අපිත් එක්ක ඔහුගෙ අත්දැකීම බෙදාගෙන අපිව දැනුවත් කරවපු ඒ සොයුරටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

කලින් ලිපියෙදි අපි දැනගත්තනෙ eBay ගැන මූලික තොරතුරු ටිකක්. එදා අපි eBay කුප්පි #1 නැවැත්තුවෙ ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්න යන දේ ගැන පුංචි ඉඟයකුත් දීලා. ඒ තමයි ජොබ්ඇති ජොබ්නැති අපි හැමෝටම ශ්‍රී ලංකාව තුළ ලේසියෙන්ම ලබාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ ගණුදෙනු කළ හැකි VISA කාඩ්පත වන සම්පත් Webcard ගැන තොරතුරු සහ එය PayPal වෙත link කිරීම පිළිබඳ තොරතුරු අරං එන්න පොරොන්දු වෙලා තමයි එදා කුප්පිය නැවැත්තුවෙ. ඉතිං ඔන්න අද ඒ පොරොන්දුව බොහෝ දුරට ඉෂ්ට කරන්නයි යන්නෙ.

eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1



කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාර බොහෝමයකින් තේරුණා හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා. ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. මේ තියෙන්නෙ මං මෙතෙක් කල් eBay එකෙන් ගෙන්නවපු පොඩි පොඩි items අපු ලියුම් කවර.




දැන් ටිකක් බය නැති උණාද? මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑ, ඔක්කොම ගෙදරටම ආවා. පුංචි අවුලක් ගියෙ අර fake pen එකේ විතරයි. නමුත් ඒකටත් මට full refund එකක් ලබාගන්න පුළුවන් උනා. ඒ කියන්නෙ eBay එකෙන් ගණුදෙනු කළා කියලා මට අද වෙනකල් සත පහකවත් පාඩුවක් උනේ නෑ. ඔන්න දැන් හරිනෙ. දැන් බය නෑනෙ පොඩ්ඩක්වත්. එහෙනම් කුප්පිය පටන්ගමු.

ලොව කුඩාතම වාගේ Flash Pen එකක් හිමිකර ගතිමි! - PNY F7 Flip Attaché












ඔන්න භාණ්ඩෙ. කොහොමද? ප්‍රමාණෙ ගැන හිතාගන්න පුළුවන්නෙ නේ? රු.2ට වඩා ටිකයි දිග, රු.5ට වඩා ටිකයි ඝනකම. ඉතිං දැන් ඔය උඩ පිංතූර දෙක බලපූවාම ඔයාලා බලයි මොකද්ද බොලේ දැන් එතකොට USB port එකට ගහන්නෙ කියලා. කලබල වෙන්න එපා. මේ යට පිංතූරත් බලන්නකො. ආ... ඔය තියෙන්නෙ අපූරුවට USB port එකට ගහලා.

සම්පූර්ණයෙන්ම නොමිලේ Mobile News Alerts ලබා ගන්න මෙන්න විදියක්...


කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් ආවා සිංහල බ්ලොගවකාශෙට. විභාගෙත් අවසාන වෙලා ටිකක් දිග නිවාඩුවකුත් ලැබුණු නිසා දැන් ඉතිං ආයෙත් සුපුරුදු විදියට බ්ලොග්කරණයෙ යෙදෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉතිං ඔන්න අද 2010 වර්ෂයෙ මුලින්ම ලියන ලිපියෙන් මං කියන්න හදන්නෙ නොමිලේ Mobile News Alerts ලබා ගන්න පුළුවන් සරළ විදියක් ගැන.

සිංහල යුනිකෝඩ් භාවිතයේ සියලු බාධක බිඳ දැමේ!!! qsFOX - නවතම සිංහල යුනිකෝඩ් අංගෝපාංගය

"මින්මත්තට Sinhala/Tamil Unicode KIT අංගෝපාංග කට්ටලය (හෝ Vista Quick Fix කට්ටලය) ස්ථාපනයකින් තොරව අන්තර්ජාලය තුල සුපුරුදු විදියට සිංහල යුනිකෝඩ් කියවන්නටත්, තමන් කැමති යතුරුපුවරුවක් (විජේසේකර/ශබ්දානුකූල) භාවිතා කර සිංහල යුනිකෝඩ් යතුරුකරන්නටත් පුළුවන් කිව්වොත් ඔබ පිළිගන්නවද? හ්ම්! දැන් ඔබට එය පිළිගන්න වෙනවා."


දැනෙන්නෙ පුදුම සතුටක්!

මෙච්චරකල් අපි හැමෝන්ටම ලොකුම ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණු වැඩසටහනක් නිර්මාණය වෙලා.

දැන් ඔබ ලෝකෙ කොහේ හිටියත්, ඇඩ්මින් බල ඇති/නැති මොන පරිගණකයක් භාවිතා කලත්, සිංහල යුනිකෝඩ් හිතේ හැටියට කියවන්නත්, මෙච්චර කල් ලොකු ගැටළුවක් වෙලා තිබුණු සිංහල යුනිකෝඩ් වලින් හිතේ හැටියට තමන් කැමති යතුරු පුවරුවක් (විජේසේකර/සිංglish) භාවිත කරලා යතුරු කරන්නත් පුළුවන්.

ඔබේ පරිගණකයෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් බල ගැන්වූ ජංගම ගිනිහිවලෙක් [Sinhala Unicode enabled portable firefox] ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් ෆෝන්ට ස්ථාපනය කරලා තිබීමවත් මේ සඳහා අවශ්‍ය වෙන්නෙ නෑ. අවශ්‍ය වෙන්නෙ ඔබේ පරිගණකයේ Firefox 3.5 වෙළුමක් ස්ථාපනය කරලා තිබීම පමණයි. කොටින්ම ඔබ භාවිත කරන්නෙ ඇඩ්මින් බල සහිත පරිගණකයක් වුනත්/නොවුනත් ඔබට මින් ඉදිරියට අන්තර්ජාලය තුල සිංහලෙන් ලියන්න සහ කියවන්න Sinhala/Tamil Unicode KIT එක ස්ථාපනය කර තිබීම අවශ්‍ය වෙන්නෙ නෑ.

මොකද්ද මේ මහා පෙරළිය ?

Windows 7 වලින් errors හදන්නෙ පරිස්සමෙන්....! (මරණයේ සුදු තිරය දුටුවෙමි)

බයවුනාද?

මේක නම් ටිකක් බය වෙන්න ඕනෙ දෙයක් තමයි. අනං මනං කියවන්නැතුව කෙළින්ම කියන්නම්කො කතන්දරේ. Windows 7 පරිශීලනය කරන අය දන්නවා ඇතිනෙ, Windows 7 මෙහෙයුම් පද්ධතිය තියෙන පරිගණකයකට removable drive එකක් ගහපු ගමන් එයා ඒකෙ errors check කරලා, errors තියෙනවනම් අහනවා මේකෙ errors තියෙනවා හදන්නද කියලා.

ඔය යටින් තියෙන්නෙ අන්න එහෙම අහලා එන සංවාද කවුළුව.




ඇඩ්මින් බල නැතිව කෙළින්ම සිංහලෙන් type කරන්න Mozilla ඇඩෝනයක් !



දෙවන වසරෙ වැඩ පටං අරං දැන් මාසයක් හමාරකුත් ගියා දන්නෙම නැතුව. මෙන්න බොලේ ලබන සතියට පස්සෙ සතියෙ මධ්‍ය සමාස විභාගෙත් (mid semester exam) තියෙනවලු. හැබෑටම කාලෙ යන ඉක්මණ නේද? කොහොමින් කොහොමින් හරි දෙක වසරට ආවට පස්සෙ එක වසරෙ වගේ නෙමෙයි නහුතෙටම වැඩ වැඩී. කොටින්ම කිව්වොත් මේ මං බ්ලොග් සටහනක් ලියන්නෙත් සෑහෙන කාලෙකට පස්සෙ. බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් නෑ. (අනේ මගේ බ්ලොග් යාළුවො තරහ වෙලාද දන්නෙත් නෑ මාත් එක්ක.... කාලෙකින් කාටවත් කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා.... අනේ තරහා වෙන්නනම් එපා හො‍ඳේ....)

ඔය වැඩ වැඩිකම හන්දම ආයෙමත් සැරයක් බෝඩිං ජීවිතේකටත් ඇතුලුවෙන්න සිද්ධ උනා. තාම ලැපක්වත් නැති නිසා දැන් ඉතිං ජාලගත වෙනවනම් වෙන්නෙ ඉතිං සරසවියෙ තියෙන පරිගණක විද්‍යාගාර වලට පිං සිද්ධ වෙන්න තමයි. ඒත් ඉතිං කොහෙද ඒවයෙ තියෙන පරිගණක වල සිංහල තියෙන එකක් යෑ...? අපේ සරසවියෙ විතරක් නෙමෙයි හැම සරසවියකම වගේ තත්ත්වෙ ඕකයි දන්න තරමින් නම්... ඔය දේශීයකරණය ගැන ලොකු ලොකු දේවල් කියන කරන මේ සරසවි වල ඉන්න ලොකු ලොකු උදවිය තාම මේ තමන්ගෙ සරසවියෙ තියෙන පරිගණක වලටවත් සිංහල ස්ථාපනය කරන්න පියවර නොගන්න එක නම් ඇත්තටම කණගාටුවට කරුණක්!