මෙම හැකියා දක්‍ෂතා කෙසේනම් අවතක්සේරු කළ හැකිද???
ජීවිතඅත්දැකීම෴
එදින සවස 3ට සරසවියට ඒමේ අරමුණින් මම දවල් 1ට පමණ කොළඹ බලා යන බසයකට ගොඩ විය.
බසයේ වැඩි සෙනඟක් නොවූයෙන් අසුන් ගැනීමට අසුනක්ද මට සම්බ විය.
ටික වේලාවකට පසු සුපුරුදු පරිදි කොන්ගෝවක් (බෙරයක්) රැගත් බස් රථ තුළ ගීත ගායනා කරන තැනැත්තෙකු බසයට ගොඩවිය.
නමුත් ඔහුට පසුපසින් බසයට ගොඩවුනු ඔහුගේ සගයාගේ අත තිබුණේ බස් රථ තුළ දැක නුපුරුදු සංගීත භාණ්ඩයකි. එනම් කී බෝඩයකි. (ඕගන් එකකි)
එය දුටු සැනින් මගේ සිතට නැඟුනේ, සුළඟ කපාගෙන, වාහන නලා ඝෝෂා හඬ මැද ඉදිරියට ඇදෙන මේ සුවිසල් බසයටම, බැටරි දමා වැඩකරන මේ පුංචි කී බෝඩයෙහි ශබ්දය ඇසේද යන්නයි.








