මල් පිට මල් - Dhanika Perera අනුවාදය "යාත්‍රා 2010" යෙන්...

දන්නවනෙ ඉතිං මගේ බ්ලොග් සටහනින් මම දැනුම බෙදාගන්නවට අමතරව ඉඳලා හිටලා ඔයාලට මං ගයපු ගීත එහෙමත් රසවිඳින්න දෙනවා කියලා. සමහර විට මතකත් ඇති මීට කලිනුත් මම මේ ගීතයෙම කලින් ගයපු අවම සංගීතය සහිත පටිගත කිරීමක් පළ කළා. නමුත් අද මේ ඔබට මම රසවිඳින්න දෙන්නෙ ප්‍රසංග වේදිකාව තුළ සම්පූර්ණ සංගීතය සමඟින් ගැයුනු එම ගීතයේ ඉහල ගුණාත්මයෙන් පටිගත කරපු වීඩියෝවක්.





ගීතයට සවන්දෙන ගමන්ම මේ ටිකත් කියවන්නකො.

මේ ගීතය ගායනා කෙරුණෙ පහුගිය දිනවල අපේ මොරටුව සරසවියේ ශ්‍රාස්ත්‍රීය සංගීත සන්සදය මඟින් සංවිධානය කර වේදිකාගත කෙරුණු "යාත්‍රා 2010" නම් සංගීත ප්‍රසංගයෙදී. වෙනත් සරසවි වල වගේ ඉතිං අපිට ප්‍රසංග පවත්වන්න හරිහමන් වේදිකාවක්වත් ‍නැති උනත්, මේ පුංචි වේදිකාව තුළ අපි එදා බොහෝමයක් දේවල් කළා. එදා අපි වේදිකාගත කළ නැටුම්, ගැයුම්, වැයුම් යන හැම හරඹයක්ම, ප්‍රසංගය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්නන් වශයෙන් පැමිණි සංගීතවේදී සුනිල් එදිරිසිංහයන් ඇතුළු ‍බොහෝ දෙනෙකුගෙ ප්‍රශංසාවට ලක්වුනා.

මොරටුව සරසවිය කියපුවාම ඉතිං බොහෝ දෙනෙකුගෙ හිතට එන්නෙ පොතපතට ඇලුනු තාක්ෂණික ශිෂ්‍ය සමූහයක්නෙ. නමුත් සතුටින් කියන්න කැමතියි මේ ප්‍රසංගය සඳහා පූර්ණ වශයෙන්‍ නැටුම්, ගැයුම්, වැයුම්, රැඟුම් ඉදිරිපත් කෙළ් අපේම සරසවිය ශිෂ්‍යයින්. විශේෂයෙන්ම පීඨ භේදයක් ‍නැතිව සෑම පීඨයකම සොයුරු සොයුරියන් මේ ප්‍රසංගය සඳහා දායකත්වය සැපයුවා. ගීතයට සවන් දීලම බලන්නකො මේ ගීතයට අපේ සොයුරන් සංගීතය සපයන අපූරුව.

අහ්! ඔබට කියන්නම ඕනා තව දේකුත් තියෙනවා. ප්‍රසංගය සඳහා නිවේදන කටයුතු කළේ ඔබ මම හොඳින් දන්න හඳුනන අපේ මිතුරෙක්. ඒ තමයි සංදීපගේ මයික්‍රෆෝනය නම් බ්ලොග් සටහන ලියන අපේ සන්දීප. ඉතිං ඔන්න මං ගායනා කරපු ගීතයට ඔහු එක් කළ පෙරවදනින් කොටසකුත් ඔබට මේ වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්.

අවසාන වශයෙන් මේ ගීතය ගායනා කරන්න මට උදව් වුනු හැමෝටම මගේ ස්තූතිය පිරිනමන්නත් ඕනා. මේ ගීතය ගයන්න මට අවස්ථාව ලබා දීපු අපේ ශ්‍රාස්ත්‍රීය සංගීත සන්සදයේ සභාපති සචිත් සොයුරා ඇතුළු සංසදයේ සාමාජිකයින්ටත් හැමෝටමත්, එදා මේ ගීතයට දක්ෂ ලෙස සංගීතය සපයපු අපේ සංසදයේ වාදක සොයුරන් හැමෝටමත්, ගීතයට පෙර වදන සපයපු නිවේදන කටයුතු කළ අපේ සන්දීප සොයුරාටත්, කැමරාකරණයෙන් දායක වුනු සංජය, චන්දික සහ පුන්සිරු යන සොයුරන්ටත්, ගීතයට උණුසුම් ප්‍රතිචාර එක් කරමින් ඔල්වරසන් දුන් එදා ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටි සොයුරු සොයුරියන් හැමෝටමත් මගේ හදපිරි ස්තූතිය පුදකරන්න කැමතියි.

ඉතිං එහෙනං ඔන්න මේ ගීතය රසවිඳින්න හැමෝන්ටම ආරාධනා කරනවා. මේ ගැන ඔබේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එහෙම එපා හොඳේ.

ඔබ‍ට ජය!

9 යි ප්‍රතිචාර

හසී said...

හරිම ලස්සනයි..මම ඒ සින්දුවට ගොඩාක් ආසයි.

DK said...

nyc!!!
hasitha ayya innwa dakka...

nalin said...

ලස්සනම ලස්සනයි....

ධනික අයියට ලස්සනට සිංදු කියන්න පුලුවන් කියල අද තමා දන්නේ..

මරු මරු........

ධනික | Dhanika said...

@හසී
බොහොම ස්තූතියි!

@DK
Thanks! ඔව් ඔව් හසිත (අපි නම් කියන්නෙ සන්දීප) ඉතිං මේ වගේ වැඩක අනිවා ඉන්නවනෙ. :)

@nalin
ස්තූතියි මල්ලි! හෙ හේ... අද හරි ඉතිං දැනගත්තනේ.... :D

තරු අහස said...

ඔයාට ලස්සන වොයිස් එකක්නෙ තියෙන්නෙ ධනික.හොඳ ගායකයෙකුගෙ ‍ලක්ෂණ නොඅඩුව තියෙනවා.

ධනික | Dhanika said...

@තරු අහස
බොහෝම ස්තූතියි සහෝ...! :)

Anonymous said...

බොහොම සතුටුයි මල්ලී.දයාබර සුභාසිංශන මගෙනුත්.

Lakshitha Chathuranga said...

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවා නම් "පට්ටම සිරා" මචන්... සිවිල් ශ්‍රවණාගාරයෙ ඉඳන් යාත්‍රා නරඹපු කෙනෙක් විදියට මට අනිවාර්යයෙන් ඒක කියන්න පුලුවන්...

ඒ වගේම මගේ බ්ලොගයේ සගයෙක් වෙලා මට දුන්නු සහයෝගෙටත් ගොඩක් ස්තූතියි මචන්...

PS: ඊයෙ දවසෙ බොහොම පොඩියට බ්ලොග් කෙරුවාව පටන් ගත්තු මට පොඩි සහයෝගයක් විදියට, මේ පැත්තෙ ඇවිත් යන හැමෝම මගේ අලුත් "පාරාදීසයටත්" ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා හොඳේ...

http://lakshitha2007.blogspot.com/

Unknown said...

නියමයි ... හොඳට රසවින්ද ...

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails