ජංගම දුරකථනයෙන් සිංහල/දෙමළ වෙබ්පිටු පැහැදිලිව බලන්න - SETT Browser for Android - මාගේ කේවල ව්‍යාපෘතිය!


ආ‍යුබෝවන්! සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අලුත් අවුරුද්දෙ මගේ මුල්ම බ්ලොග් සටහනින් ඔබ සැමට මං තිළිණ කරන්න හදන්නෙ අපූරු පුංචි තෑග්ගක්. ඒ තමයි මගේ පරිගණක මැවිසුරු උපාධියේ තෙවන වසර කේවල ව්‍යාපෘතිය ලෙස මා නිර්මාණය කළ SETT Browser නම් ජංගම දුරකථන අන්තර්ජාල ගවේශකය.





මොකද්ද මේ SETT Browser කියන්නෙ? ඒ ගැන කියන්න කලින් මං ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්.

ඔබ කවදහරි දවසක ඔබේ ජංගම දුරකථනයෙ Web Browser එකෙන් සිංහල බ්ලොග් සටහනකට හෝ වෙනත් මොනයම් හෝ සිංහල වෙබ් අඩවියක් වෙත පිවිසිලා තියෙනවද? සිංහල බ්ලොග් කියවන පාඨකයින් ලෙස ඔබ අනිවාර්යෙන් එසේ කරන්න උත්සාහ කරලා ඇති. නමුත් එලෙස පිවිසි ඔබට දැකගන්න ලැබුනෙ ‍මොනාද? වෙබ් පිටුව පුරාම ඇති කොටු කොටු ටිකක් විතරයි නේද? බලන්න මේ පින්තූරෙ දිහා.



SETT Browser ජංගම දුරකථන අන්තර්ජාල ගවේශකය නිර්මාණය වෙන්නෙ ඔන්න ඔය ගැටළුවට පිළියමක් වශයෙන්. මෙතෙක් කල් තමන්ගෙ ජංගම දුරකථනයෙන් සිංහල වෙබ් පිටු කියවන්න බැරිව සිටි හැමෝන්ටම මෙම SETT Browser ගවේශකය ගැන ආරංචිය සුභ ආරංචියක් වේවි. මේ පින්තූරයෙන් දැක්වෙන්නෙ ඉහත පින්තූරෙ තිබුණු වෙබ් අඩවියටම ඔබ SETT Browser ගවේශකයෙන් පිවිසුනොත් ඔබට පෙනෙන ආකාරය.



SETT Browser ලෙස කෙටියෙන් හැඳින්වෙන්නෙ Sinhala-English-Tamil Trilingual Browser කියන එක. ඒ කියන්නෙ මේ Web Browser එකෙන් අපිට සිංහල වගේම දෙමළ වෙබ් පිටුද පැහැදිලිව කියවන්න පුළුවන්. ඒ වගේම තමයි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම ඇති තැන් වල වුවත් ඒ භාෂා තුනෙන්ම ඇති පෙළ (text) එකවර නිවැරදිව පෙන්වන්නත් මෙම browser එකට පුළුවන්.



මෙම අන්තර්ජාල ගවේෂකය නිර්මාණය කරලා තියෙන්නෙ Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය සඳහායි. Android මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක‍ වන ජංගම දුරකථනයක් ඔබ සතුව ඇත් නම් ඔබට මෙම Android app එක පහත දැක්වෙන සබැඳියෙන් (link එකෙන්) බාගත කරගෙන ස්ථාපනය කරගන්න පුළුවන්. එමෙන්ම පහත QR code එක scan කිරීමෙන්ද ඍජුවම ස්ථාපනය කරගන්නත් පුළුවන්.

 

මෙම ගවේශකයෙ තවත් ‍විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි සිංහල දෙමළ වෙබ් පිටු වල ඇති සිංහල/දෙමළ පෙළ (text) කැමතිනම් පහත දැක්වෙන ආකාරයට අක්ෂර පරිවර්තනය (transliterate) කර ඉංග්‍රීසි අකුරු වලින් (latin script එකෙන්) කියවන්න වුනත් මෙමගින් පුළුවන්. මෙම පහසුකම ඇතුලත් කළේ යම් කිසි හේතුවක් ඇතිවයි. එනම්, ඉහත පින්තූර වල ආකාරයට ස්වභාෂා අක්ෂර මාලාවෙන්ම (Native Script) වෙබ් පිටු කියවීමේ හැකියාව මෙම ගවේෂකය හරහා ඔබට ලැබෙන්නෙ Android 2.2 හෝ ඊට ඉහල අනුවාද ඇති දුරකථන වලදි පමණයි. නමුත් මෙසේ ඉංග්‍රීසි (ලතින්) අක්ෂර (Latin script) වලින් සිංහල/දෙමළ වෙබ් පිටු කියවීම ඔබට Android 2.0.1 අනුවාදයට ඉහල ඕනෑම අනුවාදයක් යොදාගෙන කරන්න පුළුවන්.

මේ තියෙන්නෙ එසේ අක්ෂර පරිවර්තනය (transliterate) කර ඉංග්‍රීසි අක්ෂර මාලාවෙන් (Latin script) ඉහත වෙබ් පිටු දිස් වන ආකාරය.


ඔබට ඕනෑම විටක මෙම සිංහල/දෙමළ පෙළ (text) පෙන්වන ආකාරය පහත දැක්වෙන ලෙස SETT Rendering Engine හි විකල්ප ඔස්සේ තෝරාගන්නත් පුළුවන්. Native Script කියන්නෙ සිංහල/දෙමළ අක්ෂර වලින්ම පෙන්වීම, Latin Script කියන්නෙ ඉංග්‍රීසි (ලතින්) අක්ෂර වලින් පෙන්වීම.



මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික පසුබිම සැකෙවින් මෙහෙමයි. මෙම ව්‍යාපෘතිය ගොඩනැගෙන්නෙ විවෘත කේත web browser engine එකක් වන Webkit මත පදනම්ව බිහිවුනු Zirco Browser නම් විවෘත කේත ‍ව්‍යාපෘතිය මතයි. SETT Browser යනු සිංහල/දෙමළ සංකීර්ණ අක්ෂර මාලා පෙළ පෙන්වීම (Sinhala/Tamil Complex Script text Rendering) සඳහා වැඩිදියුණු කරන ලද Zirco Browser හි අනුවාදයක් ලෙස හැඳින්වීම නිවැරදියි. සිංහල/දෙමළ පෙළ ස්වභාෂා අක්ෂර මාලාවෙන් පෙන්වීම සඳහා යොදාගනු ලබන්නෙ මවිසින් නිර්මාණය කරන ලද DhanikaSETT.ttf නම් ත්‍රෛභාෂික යුනිකෝඩ් ‍ෆොන්ටයක්. සිංහල/දෙමළ/ඉංග්‍රීසි අක්ෂර තෙවර්ගයම ඇති තැන් වල එම භාෂා තෙවර්ගයම එකවර නිවරදිව පෙන්වීමට හැකි වන්නෙ මෙම ත්‍රෛභාෂික ෆොන්ටය නිසයි. ඉස්පිලි පාපිලි දෝෂ නොමැතිව ස්වභාෂා වලින් පෙළ පෙන්වීම සිදුකරන්නෙ web browser එකට පූරණය වන වෙබ් පිටු වල ඇති html අන්තර්ගතය ඇල්ගොරිතමයක් මඟින් වෙනස් කරමින් ඉහත සඳහන් කළ ෆොන්ටයේ ඇති විශේෂිත අක්ෂර වලට වෙබ් පිටුවේ ඇති අක්ෂර ගැළපීමෙනුයි. අක්ෂර පරිවර්තනය (transliteration) සඳහා යොදාගන්නේද සිංහල/දෙමළ සඳහා වි‍ශේෂිතව සකසන ලද එවැනි ඇල්ගොරිතමයක්.

අවසන් වශයෙන් මාගේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම සඳහා මා මට සහය වුනු සැමවද මතක් කරන්න කැමතියි. මේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති යෝජනාව භාරගෙන මෙම නිර්මාණය සිදුකිරීම සඳහා මා හට අවස්ථාව ලබා දුන් ආචාර්ය ශහානි වීරවරණ ගුරු මෑණියන්ටද ව්‍යාපෘතිය සඳහා අදහස් උදහස් ලබාදෙමින් සහ පුනරීක්ෂණය කරමින් මා දිරිගැන්වූ ඉසුරු උදාන, කාලිංග ඇතුලත්මුදලි, චාමික වීරසිංහ, මනුරංග පෙරේරා සහ මලින්ත සමරකෝන් යන සොයුරන්ටද මාගේ හදපිරි ස්තූතිය පුදකරන්න කැමතියි.

ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ. මෙම ව්‍යාපෘතිය විවෘත කේත (Open-source) ව්‍යාපෘතියක්. එමනිසා මේ සඳහා උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මෙය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දායකත්වය ලබා දිය හැකියි. ඒ සඳහා යම් කිසි කෙනෙකුට මෙම ව්‍යාපෘතියේ මූල කේතය බාගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් ලිපිනයෙන් මෙම ව්‍යාපෘතියෙ වෙබ් අඩවිය‍ට ගොස් එහි උපදෙස් පරිදි ව්‍යාපෘති රෙපෝසිටරයෙන් (Repository) මූල කේතය බාගැනීමට හෝ අධ්‍යයනය කිරීමට පුළුවන්.



ඒ වගේම මේ සිංහල/දෙමළ/ඉංග්‍රීසි ත්‍රෛභාෂිත අන්තර්ජාල ගවේශකය ගැන ඔබේ අදහස් හා යෝජනා, SETT Browser හි facebook පිටුවට ගොස් එහි ඔබට පළ කරන්නට පුළුවන්. ඔබේ ඒ වටිනා අදහස් මෙම නිර්මාණය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මට ලොකු ශක්තියක් වේවි! ස්තූතියි!

ඔබ‍ට ජය!!


Post a Comment 

සබැඳි ලිපිය: 
SETT Browser for Android වීඩියෝ දර්ශන පෙළ නරඹන්න...


SETT Browser පිළිබඳ තවත් ලිපි:

    90 යි ප්‍රතිචාර

    Lishan Puwakovitage said...

    මේක මාරයි මාරයි කියන්නේ මාරම මාර වැඩක්.., උඹට ජය සහෝදරයා.., ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා..! තව තවත් නව නිර්මාණ කරන්නට වාසනාව ලැබේවා..!
    ජය!!!

    ධනික | Dhanika said...

    @Lishan Puwakowita
    ස්තූතියි මචං මුල්ම ප්‍රතිචාරෙට...! උඹටත් ජයෙන් ජය!

    Unknown said...

    සුබ අලුත් අවුරුද්දක් මචන් !
    මමත් ආසාවෙන් කියෙව්වා ඒත් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් නැහැනේ ටෙස්ට් කරන්න :( කොහොම හරි ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තු ගමන් ටෙස්ට් කරනවා.

    Unknown said...

    symbian walata hadanna balaporoththuwak nedda.symbian wlatath thibunanam godak hodai.thanks

    ධනික | Dhanika said...

    @Dar[K]
    මටත් Android phone එකක් නෑ මචං. මේක test කළේ අපෙ මලින්ත මල්ලිටයි කාලිංග අයියටයි කියලා. ඒ දෙන්නට අනුව නම් "බබා වගේ වැඩ" ලු.‍.. (මලින්තගෙ වචනෙන්..) :D

    @Sapumal
    මටත් ලොකු ඕනකමක් තියෙනවා Symbian වලට හදන්න, මොකද මගේ phone එකත් Symbian. බලමු උත්සාහ කරලා, බැරි වෙන එකක් නෑ. :)

    Ishara said...

    මල්ලි නියමයි වැඩේ. කොහොම හරි ඔයා වටින දෙයක් කරලා තියෙන්නෙ. ඔබට ජය. සිම්බියන් වලටත් ඩිවලොප් කරන්න බලන්න. මොකද ඒකත් ගොඩක් අය අතේ තියෙන එකක් නෙ.

    ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

    සැහ්, මේක නම් නියමම නියමයි..!. ඔන්න මම Android තියන මගේ යාලුවන්ට කිව්වා වැඩේ ගැන. කට්ටිනය මාර ෆන් :) . මේකේ සිංහලෙන් ලියන්නත් පුලුවන්ද?

    අහිංසක අපි වගේ Symbian ළමයින්ට තමා සැමදා දුක :(

    ධනික | Dhanika said...

    @Ishara
    ස්තූතියි අයියෙ..! Symbian වලට වැඩ කරන open-source web browser එකක් තියෙනවනම් මං develop කරපු Sinhala/Tamil Rendering Engine එක ඒකටත් implement කරන පුළුවන්. ඒත් තාම එහෙම එකක් හොයාගන්න හම්බුන්නෑනෙ. :(

    @ඉෂාන් ති‍ළිණ සෝමසිරි
    හි හි... බොහෝම ස්තූතියි! Publicity එකටත් ස්තූතියි! බලමුකො ඉස්සරහට... Symbian වලටත් බැරි වෙන එකක් නෑ. :)

    කාංචනා අමිලානි said...

    මම පාවිච්චි කරන්නෙ එකක්.මේ සොෆ්ට් එක මගේ ෆෝන් එකට වැඩ කරන්නෑනෙ.ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා.ඒත් ඉන්ස්ටෝල් වෙන්නෑ.මොකද කරන්න ඕන කියල කවු‍රැ හරි කියනවද?
    මගේ ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් නෙවෙයිනෙ.ඒකයි ප්‍රශ්නෙ.හරි.මමම විසදා ගත්තා.

    sankalpana.info said...

    සුභපැතුම්!

    පුලුවන්නම් මේක nokia sosy samsung වලට දාන්න පුලුවන් වෙන්න හදන්න.

    GNS said...

    Maxxa!!!

    Malinthe Samarakoon said...

    මං චෙක් කරල බැලුවෙ Android 2.2 උඩ. Samsung i5700 ෆෝන් එකේ. කිසිම ගැටලුවක් නැතිව වැඩ.

    zujith said...

    මේකනම් නියම වැඩක්.. Symbian වලටත් හැදුවොත් අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. ජය

    ධනික | Dhanika said...

    @කාංචනා අමිලානි
    ඔබේ අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි! වෙන කෙනෙක්නම් තමන්ට ප්‍රශ්නයක් මතුවෙලා ඒක තමන්ම විසඳගත්තම ඒ ගැන වෙන කාටවත් කියන්නෑ. ඒත් ඔබ ඔබට මතුවුනු ගැටළුවයි පිළිතුරයි දෙකම අප සමඟ බෙදාගෙන. මාරයි. ස්තූතියි!

    @sankalpana.info
    ස්තූතියි! Symbian වලටත් උත්සාහ කරලා බන්නම්!

    @ගයන්ත
    ස්තූතියි!

    @Malinthe Samarakoon
    මේ app එක test කරලා බලලා ගුණ අගුණ කිව්වට මල්ලිට බොහොම ස්තූතියි! මං මේක හැදුවට තාම මංවත් දැකලා නෑ මේක සැබෑ ජංගම දුරකථනයක වැඩ කරනවා. මාත් මේ Android phone එකක් අතට හම්බෙනකල් ඉන්නෙ මේකෙ video review එකක් කරන්න. :P

    @zujith
    බොහොම ස්තූතියි! බලමු Symbian වලටත් හදන්න...

    Thameera said...

    මැක්සා! ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් තමයි නැත්තෙ :P

    Anonymous said...

    අයිය නම් ලොවෙත් නැති වැඩ්ඩෙක් නෙ අයියේ.
    දන්නවද මේ වගේ එකක් හදන එක මගෙත් අවුරුදු තුනක් තිස්සේ ඉඳන් තියන හීනයක්.
    ඒත් මම ඉතින් දන්න j2me චුට්ට මදි නෙ ඔය වැඩේට. අයියේ පුලුවන් නම් ජාවා එකකුත් හදන්න. ඔයාට බැරි නෑ. එලම කිරි. දාල බලන්න ඇන්ඩ්‍රොයිඩ් එකක් තියා කලර් ඩිස්ප්ලේ ෆෝන් එකක් වත් නෑ. යාලුවෙක්ගෙ එකකට හරි දාල බලන එකත් බලනව.
    එලම කිරි අයියේ. ඔබට ජය. ඔබට ජය කියන්නේ ඉතින් මේ රටටම ජය තමා. එලස් කිරිස් ආ................

    C0de BlUe said...

    නියමයි අයියා , ඕක ජාවා එනේබ්ල් ෆෝන් වලටත් හැදුවා නම් , බොහෝ සාමාන්‍ය ෆෝන් (* ගොඩක් ඒවා වල ජාවා එනේබල් කරලා තියනවානේද ??)වල භාවිතා කල හැකි නේද ? ; ට්‍රයි එකක් දිලා බලන්නම් මොනාද කරන්න පුලුවන් කියලා ..... !!!

    Anonymous said...

    නියමයි මල්ලියෝ උබලා වගේ එවුන් තවත් මේ රටට ලැබෙන්න ඕන. පිට රටකට යන්න හිතුනත් රට ගැන හිතලා වැඩක් කරපන් මල්ලියේ.

    Gayashan said...

    නියම වැඩක් අයියේ...හරිම සන්තෝසයි...!!!
    ඔනන මමත් දන්න දන්න යාළුවන්ට කිව්වා මේ ගැන...
    විකි පිටුවට යන්න දාපු ලින්ක් එක "appears to be broken" කියනවනේ..=(
    මේ blog post එකේ ලින්ක් එක යාළුවන්ට දුන්නට කමක් නෑ නේද? =)

    මෙන්න මේ ලින්ක් එකෙන් ඇන්ඩ්‍රොයිඩ්, PC එකක ටෙස්ට් කරන්න පුලුවන්...උත්සාහ කරල බලන්න අයියෙ..!!!
    http://www.howtogeek.com/howto/21831/how-to-test-drive-google-android-on-your-pc-without-buying-a-phone/

    මහිම මදුරංග said...

    aiye oya kiyana font file 1ka ganna beri wevida?
    nokia 4n 1kakata dala balanna
    plz

    Karvin Mendis said...

    මැක්සා වැඩක්, සිම්බියන් වලටත් හදන්න පුලුවන් නම් ගොඩ්ඩක් කට්ටියට පාවිච්චි කරන්න පුලුවන් වේවි. ඔබට ජය!

    Dee said...

    (C)2011
    ඕක ජාවා එනේබ්ල් ෆෝන් වලටත් හැදුවා නම් , බොහෝ සාමාන්‍ය ෆෝන් (* ගොඩක් ඒවා වල ජාවා එනේබල් කරලා තියනවානේද ??)
    වල භාවිතා කල හැකි නේද ? ;

    ධනික | Dhanika said...

    @Thameera
    ස්තූතියි අයියෙ!

    @raala
    ස්තූතියි! උත්සාහ කළොත් බැරිවෙන්නෑ මල්ලි. මං මේක හදන්න Project Proposal එක දෙද්දි කොහොම හදන්නද කියලා කිසිම idea එකක් තිබ්බෙ නෑ, තිබුන එකම දේ මම මේක කොහොමහරි හදනවා කියන moral එක විතරයි. ඉතිං කොහොමහරි අන්තිමේ හැදුවා. :)

    @Unknown_User/හිඟන්නා, Dil_8
    ස්තූතියි මල්ලි! ඒකනම් එහෙම තමයි. ඒත් Java enable ගොඩක් phone වල JavaScriptවත් CSSවත් වැඩ නෑ, ඒකයි අවුල. :(

    @කි.අප්පුහාමි
    ගොඩක් ස්තූතියි අයියෙ වචන ටිකට! පිට රට යන්න නම් හිතෙන්නෙවත් නෑ අයියෙ... ;)

    @Gayashan Amarasinghe
    ස්තූතියි මල්ලි! අනේ බොහොම ස්තූතියි අර broken link එක ගැන කිව්වට, ඔන්න මං ඒක හැදුවා. අයියෝ මේ පෝස්ට් එකේ ලින්ක් එක ඕන කෙනෙක්ට දෙන්න, කිසි අවුලක් නෑ. මං app එක test කරන්නෙ Android Emulator එකෙන් මල්ලි, ඔයා කියපු එකත් උත්සාහ කරලා බලන්නම්කො.

    @mahima
    Font එක විතරක් install කරාට බෑ මල්ලි. ඒ ‍font එකේ තියෙන special glyphs වලට html content එකේ තියෙන text nodes වල characters map කරන්නත් ඕනෙ. Font එක විතරක් දැම්මොත් පේන්නෙ rendering errors එක්කම තමයි.

    @කාවින් තරන්ග මෙන්ඩිස් | Karvin Mendis
    ස්තූතියි මල්ලි! බලමු, පුළුවන් උනොත් අනිවා හදනවා.

    Unknown said...

    මටනම් ඉතින් තව කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ. Comments ටික කියෙව්වහම තේරෙනවනේ මේ වැඩේ වැදගත්කම සහ ගුණාත්මකභාවය ඉහලයි කියලා. දන්න සිංහලෙන් කිව්වොත් මැක්ස්සා... :P

    මටත් සතුටුයි ගුණ දොස් විචාරලා හරි මේ ව්‍යාපෘතියට සහයෝගය දෙන්න පුලුවන් වීම ගැන. පාඨක ඉල්ලීම් වලට අනුව නම් ඊලඟට තියෙන්නේ Symbian වලට හදන එක තමයි. ඒකටත් ඉතින් අපේ සහයෝගය ඉහලින්ම ලැබෙනවා.

    එහෙනම් ඒ වැඩේට සුභ පතනවා!!!

    Velociraptor said...

    maxaa work bro keep it up.....!

    Anonymous said...

    සුබ පැතුම් මචෝ....වැඩේ නම් සුපිරි

    Anonymous said...

    First of all i must say what a wonder full work Dhanika has done, the rendering is perfect and compare to products like OperaMini that does the same but with far less accuracy and it use images to render Sinhala. but with Dhanika's work. this does with in the device and its faster, use less bandwidth.

    most of all since this use opensource technology, the possibilities are endless. great work Dhanika!

    Kanishka Hennayake said...

    සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
    මේක සුපිරි වැඩක්...හරියට ඔයාගේ (මං දිනුම්! - කියවන්න සබඳ මේ ජීවිතාන්දරය...)පොස්ට් එක වගේ...
    ම‍‍ගේ සුබ පැතුම් මචං... ජයෙන් ජය!!!

    ධනික | Dhanika said...

    @Chamika
    බොහොම ස්තූතියි මචං! Project එක පුරාවටම ඉතිං මං අදහස් බෙදාගත්තෙ උඹත් එක්කනෙ. මං චැට් එකට සෙට් උනාම උඹේ ඇකත් ලොස් කරගෙන මං කියෝපු දේවල් අහගෙන හි‍ටියට ස්තූතියි උඹට! බලමු දෙන්නත් එක්ක try එකක් දාලා Symbian වලටත් හදන්න.

    @Velociraptor
    Thanks a lot bro!

    @roylyfernando
    බොහෝම ස්තූතියි මචෝ...!

    @කාලිංග
    Thanks a lot Kalinga aiya! At the time when I was not sure weather I'll be able to do this, you made me think possitive. That's why I gave the Project Proposal for this even when I had no idea how to do this. And also thanks for testing this & leaving your user review. (Please leave your review in the Project Website also if you don't mind.)

    @Kanishka Hennayake
    බොහෝම ස්තූතියි සහෝ...!

    තිස්ස දොඩන්ගොඩ said...

    ධනික මල්ලී... ඩෝසන් ප්‍රීති කියන අපේ බ්ලොග් කරුවා මෙහෙම දෙයක් කියලා තිබුණා මේ ලඟදී...

    "වැදගත් වන්නේ සුපිරිසිදු චරිත නඩත්තුව ගැන අප්‍රමාණ ලෙස වෙහෙසීම නොව සමාජයට වැඩදායී යමක් කිරීමය.."

    ඔබ ඒවාට ජීවමාන උදාහරණ සපයයි... ජයවේවා මල්ලී...!!!

    Harshana said...

    great work and great news !!! this is a common issue for all smart phone users who reads Sinhala and Tamil from their mobile, will see in near future their will be more android users, for use this kind of services.

    Agric performer said...

    අහා ......නියම වැඩක් ...............මගෙන් උණුසුම් සුභ පැතුම් ......................

    Unknown said...

    එළ!!! Android වල සිංහල හරියට පෙන්නේ නැති එක නම් මහ ඇණයක් වෙලා තිබ්බෙ. මල්ලි framework.apk එකට මොකක් හරි කරල මුලු system එකේම සිංහල හරියට පෙන්නන්න හදාගන්න බැරිවෙයිද?

    Unknown said...

    පුලුවන් නම් මේක android market එකටත් දාන්න :)

    lahirupro said...

    හොද වැඩක් ජයවේවා.....opera mini web browser එකෙත් config:opera කියල type කරලා එන power user menu එකේ show bimap fonts for complex scripts කියන එක දැම්මම සිංහල අකුරු ගොඩක් දුරට සාර්ථකව පේනවා......එත් 100% හරිම නැ සමහර තැන්වලදී වැරදියට වැටෙනවා...නැතිවඅට හොදය්.ඔයා සොෆ්ට්වරේ එක හදල තියෙන්නේ android වලට සිංහල අකුරු හරියට බලාගන්න බැරි windows mobile & symbion තියෙන අය ගැනත් හිතලා ඉදිරියේදී software හදනවනම් එළකිරි........ ඔයාට ජයෙන් ජයම වේවා

    Kanishka said...

    මම හිතන්නේ Forefox mobile එක Open source. ඒකට මේක දාන්න පුලුවං නං ඒක විශාල සේවයක් වෙයි.. පරක්කු වෙලා හරි සුබපතනවා :)
    http://www.mozilla.com/mobile/

    ධනික | Dhanika said...

    @තිස්ස දොඩන්ගොඩ
    බොහොම ස්තූතියි තිස්ස අයියා!
    අයියගෙ වචන මට එදා ඉඳන්ම මාර ශක්තියක් වුනා... මේ වචන ටිකත් එහෙම්මමයි... ස්තූතියි හදවතින්ම!

    @har ‍
    Thanks a lot bro!

    @Achala
    බොහොම ස්තූතියි!

    @Akila
    ස්තූතියි අයියෙ! එහෙම කරන්න විදියක් නෑ අයියෙ, සිංහල complex script එකක් නිසා font එක විතරක් වැඩක් නෑ, map කරන්නත් වෙනවා. මේකෙදි map කරන්නෙ JavaScript එකක් inject කරලා html එක වෙනස් කරලා. ඒත් මුළු system එකටම ඒ දේ කරන්න බෑ. :(

    Android market එක‍ට දාන්නනම් පුළුවන්. ඒත් ඒකෙ developer කෙනෙක් විදිය‍ට register වෙන්න $25 ක් ගෙවන්න ඕනෙ. ඒකයි අවුල. :(

    @lahirupro
    ස්තූතියි! Opera mini වල ඒ දේ වෙන්නෙ මෙහෙමයි. එයාලගෙ server එකේදි එයාලා complex scripts render කරලා අපිට ඒවා bitmap විදියට එවන්නෙ. ඒ නිසා ඒ bitmaps download වෙද්දි සෑහෙන්න ගානක් කැපෙනවා. අනික එයාලගෙ server එකේවත් හරි Sinhala Rendering Engine එකක් නෑ. ඒකයි සෑහෙන්න rendering errors තියෙන්නෙ. ඒ විදියට සිංහල පෙන්නගන්න එක නම් ඕන කෙනෙක්ට නිකම්ම කරගතැහැකි තමන්ගෙ phone එක root කරලා ඒකට සිංහල යුනිකෝඩ් font එකක් install කරගත්තනම්. :P

    අපි Level3 Project එක කරන්න ඕනා open-source projects මත පදනම්වයි. Android open-source නිසයි Android වලට හැදුවෙ. ඉදිරියෙදි Windows mobile සහ Symbian වලටත් හදන්න උත්සාහ කරන්නම්.

    දුමින්ද කවිරංග ගුණවර්ධන said...

    වැඩේ නියමයි මචෝ.. මම codes.google පි‍ටුවට ගිහින් බැලුවා. සුබ පතනවා

    ධනික | Dhanika said...

    @Kanishka | කණියා
    සුභපැතුමට ස්තූතයි! Firefox mobile open-source තමයි. ඒත් ඒකත් symbian වලට වැඩකරන්නෑ. Nokia phones වලින් ඒක වැඩ කරන්නෙ තාම Nokia N900 එකේ විතරයි. ඒකයි අවුල. නැත්තම් Firefox mobile එකට නම් ලේසියෙන්ම මේක implement කරන්න පුළුවන් මොකද ඒකට add-ons හදන්නනත් පුළුවන්. :D

    @දුමින්ද කවිරංග ගුණවර්ධන
    බොහොම ස්තූතයි මචෝ...!

    Lihil Uthpala Subasinghe said...

    ධනික අයියෙ, මෙක නම් නියම project එකක්. මට නම් ඉතින් ඇනරොයිඩ් නෑ. ඒත් ඉතින් මේ software එක නම් සිරා. අයෙ ඒකෙ කතා දෙකක් නෑ. උඩ ගයෂාන් (සීඑස් එකේ) කියන්නෙ මගෙ හොඳම යාලුවෙක්. මට කිවූවා CS එකේ අයිය කෙනෙක් නියම software එකක් හදල කියල. කවුද දන්නෙ ඉතින් ඔයා කියල. :) :) කියල වැඩක් නෑ නියමයි. KEEP IT UP !!!

    Dilan Jayasekara said...

    nokia 1100 එකට මේවා දාන්න පුලුවන්ද දන්නෙ නෑ????

    ධනික | Dhanika said...

    @ලිහිල් (Lihil)
    ස්තූතියි මල්ලි! Android නං ඉතිං මටත් නෑ. බලමු ඉස්සරහට මේක අනිත් OS වලටත් හදන්න. :)

    @dialn
    හික්ස්! දාලම බලන්නකො... :P

    Anonymous said...

    එල...

    pamudu said...

    වැඩේ නම් නියමයි.ඒත් අපිට කොහෙන්ද android phone

    ධනික | Dhanika said...

    @hamparawa
    ස්තූතියි!

    @pamudu
    හ්ම්... මටත් Android phone එකක් නෑ... ඒත් අර "මොනවද මුත්තේ..." සින්දුවෙ කියනවා වගේ අපිට මුකුත් නොකර ඉන්නත් බෑ නේ...

    Unknown said...

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන ශ්‍රී සුබ නව වසරක්...

    ඇත්තටම මචං මේක අති විශිෂ්ට වැඩක්. හදවතින් ම අ‍ගය කරනවා ම‍‍චෝ. මම කලින් දැකල තියෙනවා Android Phone එකට සිංහල දාන හැටි. ඒත් ඒකේ rendering issues ගොඩයි. මේක එළකිරි වැඩක්.

    Maemo-5 (Linux Based) or Symbian-3 OS එකකට මේ program එක ලියන්න බැරි ද? මගේ phone එක නම් Nokia N900 (Maemo 5). Symbian එකට ගැළපෙන්න ලිව්වොත් ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.

    උඹට පුළුවන් සහෝදරයා. ජයවේවා...!

    ධනික | Dhanika said...

    @Tissa
    බොහොම ස්තූතයි මචං...!

    මේක හැදුනෙ මචං open-source කියන සංකල්පයට පිං සිද්ධ වෙන්න තමයි. මමත් වැඩිය FOSS පාවිච්චි නොකළට open-source කියන සංකල්පයෙ අගේ හොඳටම වැටහුවේ මේ project එක කරද්දි තමයි.

    Maemo වලටනම් හදන්න පුළුවන් වෙයි මචෝ ඒක open-source නිසා. ඒත් Symbian වල අවුල තියෙන්නෙ Sybian open-source නෙමෙයිනෙ, අඩු ගානෙ Symbian වලට හදපු open-source browser app එකක්වත් හොයාගන්න නෑ. එහෙම වුනොත් සම්පූර්ණයෙන්ම browser එකක්ම මුල ඉඳං හදන්න වෙනවා. (මේකෙදි මං කළේ Android වලට හදපු open-source browser එකක් අරගෙන ඒක සිංහල/දෙමළ පේන විදියට modify කරපු එක) ඒකයි අවුල.

    ඉස්සරහට බලමු. ලබන මාසෙ මුල අපිට විභාගෙ. විභාගෙ ඉවර වුනාම අයෙත් වැඩේට බහින්න ඕනා. මටත් තියෙන්නෙ Symbian phone එකක්. ඒ නිසා මුකුත් නොකර බෑ. ඇත්ත! උඹ කිව්වත් වගේ, පුළුවන් කියලා හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. උඹටත් ජයෙන් ජය! :)

    Unknown said...

    මචං මම දන්න විදිහට Symbian OS එක Open Source කරල දැන් ටික කාලයක් වෙනවා. Develop කරන අයට බාගන්නත් පුළුවන්.

    http://en.wikipedia.org/wiki/Symbian
    http://www.symbianos.org/intro

    විභාගය ඉහළින් ම ගොඩ යන්න ලැබේවා. ජයෙන් ජය!

    ධනික | Dhanika said...

    @Tissa
    නිවැරදි කළාට ස්තූතියි! මේ ගැන තව දුරටත් මං හොයලා බලන්නම්.
    ඒ අතරතුර ඔබටත් පුළුවන්නං පුංචි උපකාරයක් කරන්න. Symbian වලට හදන වැඩේ ගොඩක් ලේසී Symbian සඳහා හදපු open-source browser app එකක් තියෙනවනම්. (මොකද Symbian සඳහා default එන browser එක අපිට ඕන විදියට modify කරන එක සහ එය නිකුත් කරන එක ටිකක් කරදකාරී වැඩක්.) ඒ නිසා පුළුවන්නං ඒ වගේ app එකක් ගැන දැනගත්තොත් කියන්න. (මාත් සෑහෙන්න හෙව්වා.. ඒත් තාම හොයාගන්න බැරිවුනා..)

    Anonymous said...

    වාව්......... මැක්xආ :) දිගටම මෙවන් ව්‍යපෘති වැඩි වැඩියෙන් කිරීමට ශක්තිය ලැබේවා :)

    සුබ අලුත් අවුරුද්දත් සමගම ජයවේවාzzzzzzz :)

    Rachintha Jayawardhana said...

    අඩෝ කුළු මීමා, ගති වැඩේ බං! සිරා සිරා. දිගටම එක එක එව්වා හදපං. මමත් ඔව්වා ඉගෙන ගත්තට ඒ ගැන වැඩි උනන්දුවක් නැති එක ගැන හුඟක් දුක් වෙනවා. ඒත් උනන්දුවක් නැති නිසාම ආපහු දුක නැති වෙනවා. උඹට ජයෙන් ජය මචං!

    Unknown said...

    http://twitpic.com/3r2ylv
    ස්පෑම් වගේ නම් ලින්ක් එක අයින් කරන්න ;) මේ තියෙන්නේ මම ටෙස්ට් කරන්න බලපු එකක් මගේ බ්ලොග් එක ධනික අයියාගේ බ්‍රව්සරයෙන් පෙන්නන්නේ මේ විදියට.

    Samitha_Kumara said...

    really nice! great work

    චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

    අවංකම හද පතුලෙන්ම මගේ සුභ පැතුම් ! Thu යන්න ටයිප් කරන හැටි පුළුවන් නම් ලියලා එවාපන්. මම යුනිකෝඩ් වලට අළුත් මචං. කොහොම වුනත් වැඩේ එළ. රටට වැඩක් කරන එවුන්ට මම බොක්කෙන්ම කැමතියි. මොකද ඒක පපුව පලාගෙන, හාරගෙන එන Feeling එකක් නිසා. කරන්න බෑ කියලා සමහරු කරන්න හිතන්නෙවත් නැති වැඩක් මේක. අපි අපේ භාෂාවෙන් වැඩ කරන්න හදා ගන්නෙ නැතුව ඒකත් බිල් ගේට්ස් කරලා දෙනකල් බලා ඉදන් හරියන්නෙ නෑනෙ. එළ, ඔහොම යං. ඒ ගමන්ම මටත් පොඩි සප් එකක් ඕනේ සහෝ. මට Singlish to Wijesekara ට්‍රාන්ස්ලේට් කරන ලොජික් එකක් හොයලා දෙන්න පුලුවන් වේවිද ? මම ටච් එකේ ඉන්නම්. ඉදිරියටත් හමුවෙමු. chathudscp@gmail.com මම චතුරංග.

    ධනික | Dhanika said...

    @ජේ.ඩී
    බොහොම ස්තූතියි!!!

    @මුචලින්ද
    අඩෝ උඹ මට කුළු මීමා කිව්වා එහෙනං ඈ..?? :P (හික්ස්!)
    ස්තූතියි ස්තූතියි මචෝ... උඹත් සෙට් වෙයන්, අපිට පුළුවන් විදියට අපේ ර‍ටට සේවයක් කරමු.

    @Dar[K]
    මොන ස්පෑම්ද මල්ලි.. මට කොච්චර සතුටුද ‍ඔහොම එකක් දකිනකො‍ට. අනේ ගොඩක් ස්තූතියි emulator එකත් install කරගෙන මේක check කරලා බැලුවට. මොනාහරි අවුල් හොයාගත්තොත් කියන්න, එතකොට ඒවා හදතැහැකි.

    @Samitha_Kumara
    Thanks a lot for the comment!

    @chathuranga
    බොහොම ස්තූතියි සහෝ! ඇත්තටම ඔබේ කතාව සහතික ඇත්ත. අපිට රට හදන්න බෑ තමයි. ඒත් අපි හැමෝම අපේ ක්ෂේත්‍ර වලින් අපිට පුළුවන් විදියට රටට සේවයක් කළොත් මුළු රටම ටිකෙන් ටික හැදෙයි. සිංහල/දෙමළ කියන්නෙ අපේ භාෂාවන්. ඒවා රැකගන්න ඕනෙත් අපිමයි. බිල් ගේට්ස්ට හෝ වෙනත් ව්‍යාපාරිකයින්ට ආර්ථික වාසි ලබාගන්නට ඇරෙන්න වෙන අමාරුවක් නෑ අපේ භාෂා රකින්න. බෑ කියලා හැමදාම හිටියොත් බෑ ම තමයි. පුළුවන් කියලා හිතාගෙන උත්සාහ කරලා බැරිවුනත් ඒ උත්සාහය සෑහෙන්න වටිනවා.

    ඔබේ ප්‍රශ්නෙනම් පොඩ්ඩක් පැහැදිලි මදි සහෝ. Singlish සහ විජේසේකර කියන්නෙ සිංහල යුනිකෝඩ් වලින් යතුරු කළ හැකි එ‍කිනෙකට වෙනස් ක්‍රම 2ක්. ඒ දෙක අතර පරිවර්තනයක් කියලා එකක් නෑ. Email හරහා මං සම්බන්ධ වෙන්නම්. ඔබේ ප්‍රශ්නෙ ගැන සහ ඔබ‍ට ගැටළු තියෙන අකුරු ගැනත් ඒ හරහා දැනුවත් කරන්නම්. ඔබට ජය! :)

    Unknown said...

    @ ධනික | Dhanika
    එල දැනට නම් කිසිම අවුලක් නෑ. emulator එකේ නිසා වෙන්න ඇති පොඩ්ඩක් ස්ලො ගතියක් තියෙනවා. අහ් මගේ අතින් වැරදිලා එකපාරක් ඩිෆොල්ට් බ්‍රොව්සෙර් එක විදියට සෙටින්ග්ස් වෙනස් වුනා. ආයි පරණ තිබ්බ විදියට හදාගන්න බැරිවෙයිද? බ්‍රව්සර් එක open කරාම SETT එක එන්නේ අනිත් එක එන්නේ නැ

    ධනික | Dhanika said...

    @Dar[K]
    අවුලක් නැත්තෙ මොකෝ? අර ඔයා දාපු screenshot එකේම 'ප්‍රේ' යන්නෙ අවුලක් තිබ්බනෙ, මාත් ඒකෙනුයි දැක්කෙ. ඔන්න ඒ අවුලයි, තව අපේ දසුන් සමීර අයියා පෙන්නලා දීපූ පොඩි අවුලකුයි, දෙමළ අකුරු 2ක තව පොඩි අවුලකුයි ඔක්කොම හදලා package name එකත් unique කරලා ඔන්න මං SETT 1.1.1 නිකුතුව එළිදැක්වුවා. ඒකත් දාගෙන බලන්න.
    Slow වෙන්නෙනම් emulator එක හින්දා තමයි සහෝ. Default browser එක නම් settings වලින් වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනා. පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න.

    සු... said...

    වැඩේ නම් ගොඩක් හොඳයි. ඒත් අපිට කොහෙන්ද Android.Symbian වලට හදන්න උත්සහ කරන්න. Good luck machoooo..

    Unknown said...

    වැඩේ නම් නියමයි මචන්, අනේ ඉතින් මට තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් 2.1 එකක්. ඒකට ඉතින් සිංහල පේන්නෙ නැහැනෙ.

    ධනික | Dhanika said...

    @සු...
    ස්තූතියි! මටත් ඉතිං Android නෑ. අනිවාර්යෙන් Symbian වලට හදන්න උත්සාහ කරන්නම්. බැරි වෙන එකක් නෑ.

    @නොදරුවා
    බොහොම ස්තූතියි මචං!
    ඒත් මට උඹෙ කමෙන්ට් එක දැක්කම සින්දුවක් මතක් උනා. "මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි..." අහලා ඇතිනෙ? උඹ මේ Android 2.1 ක් ති‍යාගෙනත් සිංහල පෙන්නෑ කියලා දුක්වෙනවා, මට අඩුගානෙ Android phone එකක්වත් නෑ. :)

    Anonymous said...

    වැඩේ නම් සුපිරිම සුපිරි මල්ලියෝ... ෆෝන් එක කන්න හිතෙනවා. නියමෙටම නියමයි කියන්න වචන නෑ....

    සුපිරි අනාගතයකට සුභ පැතුම්..

    රබෙල්...

    Unknown said...

    @ Dhanika >
    අනේ එහෙම කියන්න එපා බං. උඹල වගේ උන් මේ වගේ දේවල් කරන එකෙන් අපි ලබන ප්‍රයෝජනය කියල නිම කරන්න බැහැ.

    Unknown said...

    මචන්..මම GALAXY Tab එකේ ටෙස්ට් කලා..නමුත් ටිකක් ක්‍රැෂ්වෙනව වගේ..රෙන්ඩෙරින්ග් වෙලාවකට වැඩ වෙලාවකට අව්ල්...සමහර වෙලාවට වෙබ් එකේ ෆෙරේම් එක විතරයි ලොඩ් වෙන්නෙ.නමුත් හොද උත්සහයක්..ජය

    ධනික | Dhanika said...

    @magelokaya
    හෙ..හේ... ස්තූතියි ස්තූතියි! අනේ ඉතිං ඒ උනාට ඕක කන්න එපා ෆෝන් එක පව්නෙ... :P

    @නොදරුවා
    නෑ මචෝ මට නිකං හිතිච්ච නිසා කිව්වෙ, ඒක වැඩිය ගණංගන්නෙපා. මං කරන දේකින් අනිත් අය හරි යම් ප්‍රයෝජනයක් ලබනවනම් මට ඒක ලොකු සතුටක්! මට ඒ ඇති! :)

    @valantine
    ම්... Version 1.1.0 එකේ පොඩි crash වෙන ලෙඩක් තිබුණා මචෝ. ඒක Version 1.1.1 ඒකේ හදලා තියෙන්නෙ. Version 1.1.1 එක පොඩ්ඩක් දාලා බලන්නකො. ඒකෙ මුකුත් අවුල් තිබ්බොත් කියන්න.

    Unknown said...

    ane aiye mata mage sony ericsson c903 aka flash karanna keyala denawada. eke on weddi sony ericsson keyala wetila swisscom kiyala wetenawa

    Unknown said...

    aka hodata weda. mata theme marukaraganna one

    skagcss said...

    oba thumata JATA weawa..!!!
    adeeee ohoma sinhala Browser 1kk thiyanawa kiyala danageana hitiye na... mea blog 1 gana danagatheth Bhagya රාජපක්ෂ commented karala thibuna Hasitha Jayasooriya ge blog 1 gana FB 1k....

    monawa unath niyama wadakk... simbion walatath hadagathoth ai ake watinakama kiyala wadakk na....

    weaherakk gilapu akata aggala kajjada ahuwalu lol....

    android walata browser 1 hadapu oba thumata simbion walata hadana 1 amaru weana 1kk na... a wageama simbion open source browser 1kk ikkmanatama obathumata hmbaweanna kiyala prarthana karanawa....

    JAYAWEAWA....!!

    skagcss said...

    ape basawata mea wage seawayakk karata obata pin

    apith kamathi sinhala browser 1 pavichi karanna athi android 4n 1 kk nathi nisa thamai aula....

    a nisa hamoo lagama thiyana simbion walatath haduwoth pina thawa godakk wadi weanawa.... :)
    a nisa simbion walata browser 1 ikkmanatama hadanna labeawa kiyala prarthana karanawa...

    aheama haduwa dawasaka skagcss@gmail.com e mail 1 ta a wisthara awanawanam thawath pin ..... :P

    CHARITH SAMARASINGHE

    Unknown said...

    2.1 වලටත් සිංහල වැඩ කරන විදියට හදන්න අයියා...දැනට වැඩ අනිත් විදියට...
    ඔබට ජයෙන් ජය!!!!

    ධනික | Dhanika said...

    @Tharuka
    මගේ කලින් තිබ්බ SE phone එක මං flash කරේ මෙන්න මේ tutorials දෙකේ උදව්වෙන්. පොඩ්ඩක් මේ දෙක කියවලා බලන්න.
    1. http://www.akshayy.com/sonyericsson/crossflashing/flash-s500-to-w580/
    2. http://shortstoryhero.blogspot.com/2008/02/sony-ericsson-wsod-fix-found.html

    @skagcss
    හෙ හේ... මරු උපහැරණ ටික... බොහෝමත්ම ස්තූතියි සියලුම පිං වලට... :)
    මටත් Android එකක් නෑ, මටත් තියෙන්නෙ Symbion එකක්. ඒ නිසා මටත් මේක Symbion වලට හදන්න දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. බලමු... බැරි වෙන එකක් නෑ.

    @Tharindu Darshana (විකියා)
    ස්තූතියි මල්ලි! 2.1 වලට Android platform එකෙන් Webfonts සඳහා සහය දක්වන්නෑ මල්ලි, ඒකයි අවුල. ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ 2.0.1 වල සහ 2.1 වල විතරයි. 1.5 සහ 1.6 වල ඒ අවුල නෑ. ඒ නිසා 1.5/1.6 සඳහා SETT එකේ අනුවාදයක් නිකුත් කරන්න හිතාගෙනයි ඉන්නෙ.

    රොෂාන් බන්ධුල said...

    ස්තුතියි ඔබේ ව්‍යායාමයට. අන්ද්‍රොයිඩි ෆෝන් වලින් සිංහල යුනිකෝඩ් දිස්වීම සඳහා ක්‍රමයක් නැද්ද

    ධනික | Dhanika said...

    @රොෂාන් බන්දුල
    ඔබේ ප්‍රතිචාරයටත් බොහොම ස්තූතියි! Android මෙහෙයුම් පද්ධතියෙන් සංකීර්ණ අක්ෂර මාලා (Complex Scripts) සඳහා සහය දක්වන තෙක් Android දුරකථන තුළ සිංහල නිවැරදිව දිස්කරගත නොහැකියි. නමුත් සිංහල යුනිකෝඩ් ෆොන්ටයක් ස්ථාපනය කරගැනීමෙන් දෝෂ සහිතව වුවත් යම්තාක් දුරකට සිංහල කියවිය හැකියි.

    ඔබේ දැනගැන්ම සඳහා: Android සඳහා 'අන්ද්‍රොයිඩ්' ලෙස භාවිතා කිරීම වැරදියි. එය වෙළඳ නාමයක් (trade name). වෙළඳ නාම අපට පරිවර්තනය කළ නොහැකියි, කළ හැක්කේ අවශ්‍යනම් 'ඇන්ඩ්‍රොයිඩ්' ලෙස අක්ෂර පරිවර්තනය (transliterate) කිරීම පමණයි.

    රොෂාන් බන්ධුල said...

    @ Dhanika මම ඇන්ද්‍රොඩ් ෆෝන් එකට සිංහල යුනිකෝඩ් මේ ආකාරයට http://www.youtube.com/user/mobb247isbrown දැම්ම ගැටළුව සිංහල අකුරු ඇලපිලි ඉස්පිලි සමග ඔබේ බ්‍රවුසරයේ ආකාරයට නොපෙනෙන එක විතරයි. දැන් සිංහල ටයිප් කරන්න ඇන්ද්‍රොයිඩි සඳහා යතුරුපුවරුවක් තිබ්බ නම් හරි සිංහල යුනිකේතයෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් නිවැරදිව නපෙනුනත්. ඔබ ඒ සඳහා උත්සහයක් යම් ගන්නව නම් අවශ්‍ය බර පැන සහ මහන්සිය වෙනුවෙන් මට උදව් කරන්නත් පුලුවන්. ස්තුතියි ඔබට, සුභ දවසක්!! රොෂාන්

    Unknown said...

    වැඩේ නම් හොදයිග එත් මගේ දුරකථනය ඇන්ඩොයිඩ් 2.1.
    ඒකට වැඩ කරන් නැ.

    මහේෂ් කූරගම said...

    ෂා නියමයි

    වින්ඩෝස් මොබයිල් වලටත් හදන්න ට්‍රයි එකක් දෙමු ද?

    අත්හදා බැලීම් වලට මගේ ASUS P535 එකත් ඕන වෙලාවක ලෑස්තියි. ඒකෙ තියෙන්නෙ Windows Mobile 6.0 Professional

    namila007 said...

    ගොඩාක් ස්තූතිය්.... ඇන්ඩ්‍රොයිඩ් 2.3.3 වලත් සුපිරියට වැඩ

    Susa said...

    Is SETT browser compatible only for the web pages that have written by uni-codes? (ex. when viewing www.lankadeepa.lk through SETT browser, fonts cannot read)

    sagra said...

    ගොඩාක් වටින ඈගයීමකට ලක්විය යුතු වෑඩක් සෑම්බියන් ඔපරේටර්ස් වලටත් හදන්න ඔයාට සුභ අනාගතයක් සහෝ

    sagra said...

    ගොඩාක් වටින ඈගයීමකට ලක්විය යුතු වෑඩක් සෑම්බියන් ඔපරේටර්ස් වලටත් හදන්න ඔයාට සුභ අනාගතයක් සහෝ

    Unknown said...

    එල අයියා...ඔයා නියම කොලු වෙඩ කාරයේක්.... පුලුවන්නම් Symbion වලටත් හදන්නකො... බුදු සරණයි

    Dimuthu said...

    නියම වැඩක්. මමත් install කරගත්තා.
    එළට වැඩ.

    OHG Docs said...

    බොස් සිම්බියන් කොඩ් එලියට දැම්මා නෙද?...පුලුවන්නම් කියල දෙන්නකො කොහොමද සිම්බියන් වලය සින්හල ෆොන්ට්ස් දාන්නේ කියල.....

    Thusitha Jagoda said...

    සුපිරි වැඩක් අයියේ........ අපි ඉතින් Symbian නේ පාවිච්චි කරන්නේ.. අපිටත් විකල්පයක් දෙන්න. සුභ අනාගතයක්

    නජාත් අක්‍රම් said...

    symbian හරි java හරි වලිනුත් sett එක හදලා දෙන්නකෝ.. android කළා නම් java බැරි වෙන්න විදියක් නෑ නේ අයියේ..

    CM said...

    උඹේ බ්‍රවුසරෙංම ඇවිත් තමයි බ්ලොග් එක කියවන්නෙත්...බාන්ඩෙ ටොයිස්....
    ඩ්‍රොයිඩ ලස්සනට සිංහල පෙන්නනව දැක්කහම ආසාවෙ බෑ...:D
    ඉස්සර මමත් මේවයෙ කොටු බලල අනන්ත හූල්ලනව...
    උඹේ වැඩේ නියමයි මචං.අපිටත් මේකෙ v2 හම්බුනා නං තවත් වටිනව...:) ;)
    ජය වේවා...

    CM said...

    උඹේ බ්‍රවුසරෙංම ඇවිත් තමයි බ්ලොග් එක කියවන්නෙත්...බාන්ඩෙ ටොයිස්....
    ඩ්‍රොයිඩ ලස්සනට සිංහල පෙන්නනව දැක්කහම ආසාවෙ බෑ...:D
    ඉස්සර මමත් මේවයෙ කොටු බලල අනන්ත හූල්ලනව...
    උඹේ වැඩේ නියමයි මචං.අපිටත් මේකෙ v2 හම්බුනා නං තවත් වටිනව...:) ;)
    ජය වේවා...

    Mahesh said...

    ගොඩක් හොද වැඩක්. ඔබට ජය!

    Unknown said...

    කියල වැඩක් නෑ අයියෙ...වැඩෙ එල කිරි.මම ඉන්නෙ මැලෙසියාවෙ.සිoහල අකුරක් දකින්නත් ආසයි.මම පාවිච්චි කරන්නෙ samsung galaxy s3 1ක්.ගින්දර වගෙ වැඩ.මම මේ comment 1 දාන්නේ සිoහලෙන් ඔයගෙ page 1. ඒත් ඔයගෙ comment box 1 පරණ විදිහටම කොටු තමයි display වෙන්නෙ.comment 1 save වුනම තමයි බලන්න වෙන්නෙ.ලoකවෙ විතරක් නෙවෙයි මැලේසියවෙ ඉන්න අපිටත් බොහොම වටින app 1ක්.මම කිව්ව issue 1ත් පොඩ්ඩක් බලන්න.1ට helpful information ඕනෙ නම් ඕන වෙලවක අපි ready.පුලුවන් නම් සිoහල typing app 1කුත් හදන්න.මොකද මේ app 1 "o" type කරන්න බැ.

    Unknown said...

    ගින්දර වැඩෙ අයියේ.මම use කරන්නේ samsung galaxy s3 1ක්.සිoහල typing app 1ක් මම download කරගෙන තියනවා.1න් තමා මේක type කරන්නෙ.but ඔයගෙ blog 1 comment box 1 display වෙන්නේ කොටු විදිහට.මම හිතන්නේ මගේ typing app 1 issue 1ක්.මොකද මේකේ "o" type කරන්න බෑ.පුලුවන්නම් එහෙම app 1කුත් හදන්න බලන්න.මැලේසියාවෙ ඉන්න අපිට සින්හල අකුරක් දකිනකොටත් අසයි.ගොඩක් ස්තුතියි.ඔයාට ජයෙන් ජය...

    Unknown said...

    Thank you very much.... Mage thiyenne samsung galaxy s2 ekak (korian). SETT borwser eka niyameta weda. mage phone ekata fontmizer walin sinhala font demmata penne ne. Puluwannam mekata sinhala font ekak danna kiyala denna.
    Thank you
    Dasanayaka

    Post a Comment

    පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
    දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
    [භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

    Related Posts with Thumbnails