~ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ~ දෙවන වසරට පා තබයි . . . ෴

ඔන්න අද මගේ මේ බ්ලොග් සටහනට වසරක් සපිරෙනවා. ඉතිං මේ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts නම් බ්ලොග් සටහනේ, ගල්-බොරළු කටු-පඳුරු ප්‍රශංසා-විවේචන හා අනේක විධ දෑ මැදින් ආ පුරා වසරක ගමන් මග ගැන ආපසු හැරීබැලීමක් කරන්න, අද මේ ලිපිය යොදාගන්න මම හිතුවා.

ඡන්දෙයි, උපන් දිනෙයි, බ්ලොගේ අර්ධ ශතකෙයි...


අද අප්‍රේල් 8 වෙනිදා. අද මං මගේ ජීවිත ගමනේ 23 වෙනි කණුව පහුකරනවා. අවුරුදු 23ක් කියන්නෙ සාමාන්‍යයෙන් අපේ ජීවිත කාලෙන් තුනෙන් එකක් නැත්නම් හතරෙන් එකක්. එච්චර කල් මං මගේ ජීවිතේ ගත කරපු හැටි ගැන හිතුවොත් ඇත්තටම ඒක මාර විවිධාකාරයි. වෙලාවකට ඒ මම ද කියලත් හිතෙනවා.
හ්ම්...! කොහොම උනත් 'අද' ගැන හිතද්දි නම් ඇත්තටම මට මං ගැන නිහතමානීව සතුටුයි!