ඡන්දෙයි, උපන් දිනෙයි, බ්ලොගේ අර්ධ ශතකෙයි...


අද අප්‍රේල් 8 වෙනිදා. අද මං මගේ ජීවිත ගමනේ 23 වෙනි කණුව පහුකරනවා. අවුරුදු 23ක් කියන්නෙ සාමාන්‍යයෙන් අපේ ජීවිත කාලෙන් තුනෙන් එකක් නැත්නම් හතරෙන් එකක්. එච්චර කල් මං මගේ ජීවිතේ ගත කරපු හැටි ගැන හිතුවොත් ඇත්තටම ඒක මාර විවිධාකාරයි. වෙලාවකට ඒ මම ද කියලත් හිතෙනවා.
හ්ම්...! කොහොම උනත් 'අද' ගැන හිතද්දි නම් ඇත්තටම මට මං ගැන නිහතමානීව සතුටුයි!



අප්‍රේල් 8 කියන දවස අපේ රටට වැදගත් දවසක්. ඒ තමයි කොළඹට හරියටම ඉහළින් ඉර මුදුන් වෙන දවස් දෙකෙන් එකක් තමයි අප්‍රේල් 8. අනෙක් දවස සැප්තැම්බර් 5. ඒ විධියට අද දවස අපේ රටට වැදගත් උනත් අප්‍රේල් 8 කියන දවස ගැන අපේ රටේ වැඩිපුරම කතාබහ උනේ මේ අවුරුද්දෙ වෙන්න ඕනා. ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි මේ ඡන්දෙ නිසා. හැම වේදිකාවක වගේම රූපවාහිනියෙ ගුවන් විදුලියෙ එහෙමත් අප්‍රේල් 8 ගැන වැඩිපුරම මට ඇහුණෙ මේ අවුරුද්දෙ තමයි. මොනා උනත් අද මේ රටට අවැඩක් නොවී වැඩක් වෙන්න කියන එක තමයි මගේ එකම පැතුම!

ඊළඟට කියන්න තියෙන්නෙ මගේ මේ බ්ලොග් සටහන ගැන. මං සිංහල බ්ලොග්කරණයට පිවිසිලා තාම වසරක්වත් නෑ. (වසරකට ටිකක් කිට්ටුයි) ඒ උනත් විශේෂත්වෙ තමයි අද මං මේ ලියන්නෙ මගේ බ්ලොග් සටහනේ 50 වෙනි ලිපිය. ඉතිං මේ මගේ උපන් දිනේ දවසෙම මට බැට් එක උස්සලා මගේ බ්ලොග් සටහනේ අර්ධ ශතකෙත් සමරන්න පුළුවන් වෙච්ච එක ගැන හුඟක් සතුටුයි!

අද උදේ මූණුපොතේ සැරිසරද්දි තමයි දැක්කෙ, මගේ විතරක් නෙමෙයි, අපේ තවත් සහෘද්දයෙක්ගෙ උපන් දිනෙත් අදමයි. ඒ තමයි අපේ කුෂාන් අයියා. ඉතිං ඔන්න කුෂාන් අයියටත් මගේ උණුසුම් උපන් දින සුභපැතුම්!

හ්ම්....! දැන් 23ක් ඉවරයි. ආ මඟ කෙටියි, යා යුතු මඟ දුරයි තමයි! ඉදිරිය කොහොම වුනත් මෙතෙක් කල් කටු පඳුරු ගල් බොරළු මැදින් කාගෙන ආවා වගේම ඉදිරියටත් මේ ගමන යනවා මගෙ උපරිමයෙන්. ම‍ට ජීවිතය දීපු අම්මා තාත්තා වගේම ආදරයෙන් මාව බලාගත්තු මගේ අක්කලා දෙන්නවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවෙ. අවුරුදු 23ක් පුරාටව මගේ වටේ සිටි එයාලට මං සදා ණයගැතියි!

එදා මෙදා තුර මඅතින් ලියැවුණු සෑම වදනක්ම පැසසූ විචාරූ සැමරූ ඔබ සැම දෙනාටමත් මූණුපොතින් උපන්දින සුභපැතුම් එක් කළ සැම දෙනාටමත් මගේ හදවතින්ම ස්තූතියි!


"ජීවිතය ඇත්තේ ජීවත් වන්නට නොව ජීවත් කරවන්නටයි!"

32 යි ප්‍රතිචාර

Anonymous said...

සුභ උපන්දිනයක් වේවා ධනික

Indika said...

Wishing all the best for your Blog mchn.May u able to carry out this forever n give thoughts n knowledge to the society.May God grant u strength to do all ur future works.Wish u a Happy B'Day with many Happy returning memories bro.....

ධනික | Dhanika said...

@පහන්
ස්තූතියි සහෝ..!

@Indika
Thanks a lot bro... Thanks for all your wishes! :)

දිල් said...

මගෙනුත් උපන්දින සුබ පැතුම් ධනික...
ඒ වගේම හොඳ සිතුවිලිවලින් බොහෝ ඉදිරියට යාමට හැකිවේවා !

Anonymous said...

එළ එළ. ඕන් එහෙනම් චූටි අයියේ ( විහිලුවට ) ඔයාට සුභම සුභ උපන් දිනයක් වෙවා.............

LishWish said...

සුභම සුභ උපන්දිනයක් වේවා...!!!

හසී said...

සුභ උපන්දිනයක් වේවා!

Hasitha Gunasinghe said...

දිගු ගමනකට කෙටි සුභ පැතුමක්.................

හෙළයා said...

සුබ උපන්දිනයක් වේවා සහෝදරයා

මම said...

ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා ධනික අයියේ....

ධනික | Dhanika said...

බොහොම ස්තූතියි හැමෝටම..! :)

දුකා said...

උපන්දිනේටත් .. . ශතකයටත් . . . ඉදිරි ගමනටත් හදපිරි සුභ පැතුම් මල්ලියෝ . . .

දුකා said...

සමාවෙන්න ශතකයට නෙමෙයි අර්ධ ශතකයට . .. . !

රොකියා | Udara said...

උපන්දිනේටත් .. . අර්ධ ශතකයටත් . . . ඉදිරි ගමනටත් හදපිරි සුභ පැතුම් මල්ලියෝ . . .
ඔන්න දුකාට වැරදුනු එක මම හදලා දැම්මා.

ධනික | Dhanika said...

@දුකා
බොහෝම ස්තූතියි අයියෝ... (අයියෝ කිව්වෙ මේ අයියේ කියන එක හො‍ඳේ.. ඔයා දාපු විදියටම දාන්න එපැයි..) ;)

@රොකියා | Udara
එළ එළ... අයියාටත් ස්තූතියි! :)

Raven said...

අර්ධ ශතකයට සහ උපන් දිනයට සුබ පතනවා මිත්‍රයා. තවත් බොහෝ දුර ගමනක් යන්නට ආසිරි පතමි.

Kanishka said...

හැපිම හැපි බර්ත් ඩේ එකක් වෙන්ඩ ඕන ඕං :D

බණ්ඩාර said...

සුභ උපන්දිනයක් වේවා..!!

Anonymous said...

සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ :)

Rajeew said...

ඔන්න මගෙනුත් උපන්දින සුභ පැතුම් .. සාර්ථක අනාතයකට සුභාශින්ශන ... :)

කතන්දර Kathandara said...

මගේ අවුරුදු 23 උපන් දිනය ඬෙනකොට මං හිත හදාගෙන පාඩම් කරන්න සෙට් වෙලයි හිටියෙ. මාසයයි සතියකින් සේරම අවසානයක් වුනා.
හොඳ කලදසාවක් පතමි.

Thilina said...

සුභ උපන්දිනයක්.. & අර්ධ ශතකයටත් සුභ පැතුම්. සුභ අනාගතයක්

ධනික | Dhanika said...

ස්තූතියි හැමෝටම...! :)

Thameera said...

සුබ උපන්දිනයක්!

Indranama said...

සුබ උපන්දිනයක් වේවා! ඒ වගේම 50 වෙනි පෝස්ට් එකටත් මගේ සුබපැතුම්....

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

සුභම සුභ happyම happy උපන් දිනයක් වේවා ධනික අයියේ.

ඒ වගේම ඔයාගේ බ්ලොග් කෙරුවාවටත් සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා :)

( අපිට පාටි කට්ටක් හම්බෙයි නේද?? O_o)

ධනික | Dhanika said...

ස්තූතියි හැමෝටම!

@ඉශාන් තිළිණ
හම්බෙයි හම්බෙයි... බලං හිටපං.. හිහ්.. හිහ්.. :D

Unknown said...

බ්ලොග් අර්ධ ශතකයයි, උපන්දිනයයි එකට වැටුන එකට සුභ පතන​​වා.

අවුල තියෙන්නේ ඡන්දෙත් මේවා අස්සට ආපු එක. ලංකාවේ ඡන්ද ක​වදත් චාටර්නේ!!!

ධනික | Dhanika said...

@Chami
බොහොම ස්තූතියි!
ඒක නම් ඇත්ත තමයි... :D

Jay said...

උපන්දිනේටත් .. . අර්ධ ශතකයටත් සුභ පතන​​වා.

Unknown said...

Happy birthday and All the best for your blog....!!! Hope you will keep up the good work.

ධනික | Dhanika said...

ස්තුතියි හැමෝටම!

@lohitha
Thanks bro! Sure, I'll never give up this work! :)

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails