මාගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාව - සියලු ශ්‍රී ලාංකික නවක ව්‍යවසායකයින්ට දිරියක්ම වේවා!
ආයුබෝවන්! හැමෝන්ටම සුභම සුභ අලුත් අවුරුද්දක්!
අලුත් අවුරුද්දෙ මුලින්ම මේ කියන්න යන්නෙ මං ගැනම පුංචි තොරතුරුක්. මේ බ්ලොගය ආරම්භයේ පටන් සිටි පාඨකයින්ට මතක ඇති මං මේ බ්ලොගය ඇරඹුවෙ සරසවි ශිෂ්‍යයෙක් ලෙස. නමුත් අද වන විට මම ව්‍යවසායකයෙක්. ඉතිං මං ගැන සහ මවිසින් ආරම්භ කරපු නව සමාගම පිළිබඳ සිංහල ලිපියක් පසුගිය සතියේ 'තරුණයා' ජාතික පුවත්පතේ පළවුනා. මෙම ලිපිය අපේ රටේ ඉන්න නවක ව්‍යවසායකයින්ට දිරියක්ම වෙයි කියලා හිතනවා.
පුවත්පත් සාකච්ඡාව මෙතැන සිට...
ධනික කෞශල්‍ය පෙරේරා නම් වූ මෙම තරුණයා තාරුණ්‍යයේ පසුවන බොහොමයක් තරුණයන්ට ආදර්ශවත් චරිතයක්. මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේ අවසන් වසර උපාධි අපේක්ෂකයෙකු වන මොහු අන්තර්ජාලය තුළ ලිවීම්කරණයේද යෙදී සිටී. ධනික මෘදුකාංග නිෂ්පාදනය තුළ මෙරට දී මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන්ද ජයග්‍රහණ මෙන්ම පැසසුම් ලබා ඇත. ගායනයේද සුවිශේෂී හැකියාවක් පෙන්නුම් කරන ධනික මෙවර තරුණයා සමග එක්කර ගනු ලබන්නේ තරුණයෙක් වශයෙන් ඔහු තුළ පවතින්නා වූ සුවිශේෂීතාවන් නිසාමය.
"මගේ ගම පයාගල. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි. මම මුලින්ම අධ්‍යාපන කටයුතු හදාරනු ලැබුවේ කළුතර සිරිකුරුස විදුහලෙන්. 1993 වසරේ පාසලට ඇතුළත් වුනු මම 2005 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධූරයද දැරුවා. ඊට අමතරව පාසලේ නාට්‍ය කණ්ඩායමේ, ගායනා කණ්ඩායමේ, බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක් වුනු මම, උසස් පෙළ කාලයේ පාසලේ ජ්‍යේෂ්ට විද්‍යා සංගමයේ ලේකම් ධූරයද දැරුවා. මේ සියලු බාහිර වැඩකටයුතුත් සමඟ 2006 වසරේ ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට A සම්මාන 2 ක් සහ S සම්මානයක් ලබාගන්න සමත් වුණා. නමුත් එයින් මා තේරී පත්වුනේ මොරටුව සරසවියෙ තොරතුරු තාක්ෂණ පීඨයට පමණයි. පොඩි කාලේ ඉඳලා පරිගණක ඉංජිනේරුවෙකු වෙන්න තිබුනු ආසාව නිසාම 2007 වසරේ උසස් පෙළ විභාගයට දෙවෙනි වරටත් පෙනී සිටියා. එහිදී A සම්මාන 1 ක් සහ B සම්මාන 2 ක් හිමිකරගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ 20 වැනියා බවට පත්වීමටත්, මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයට තේරී පත්වීමටත් මට හැකියාව ලැබුණා.
2008 වසරේ මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වුනු මට 2009 වර්ෂයේදී පරිගණක විද්‍යා හා ඉංජිනේරු (CSE) අධ්‍යයනාංශයට තේරී පත්වෙමින් පරිගණක ඉංජිනේරුවෙකු වීම සඳහා මා තුළ තිබූ සිහිනය සැබෑ කරගැනීමේ අඩිතාලම සපයා ගන්නට හැකියාව ලැබුණා. දැනට මා මේ සිටින්නේ මගේ ඒ සිහිනය සැබෑ කරගැනීමේ අවසාන වසරේ. නමුත් මේ අධ්‍යයන කටයුතු සිදුකරන අතරතුරදීම සරසවියේ පැවත්වෙන නාට්‍ය හා ගායනා ප්‍රසංග සඳහාත්, වාර්ෂිකව සංවිධානය කරන නත්තල් බැති ගී ප්‍රසංග සඳහාත් මා නොඅඩුවම දායක වෙනවා."
තාක්ෂණික වශයෙන් නිර්මාණවලට එළඹීම සහ ඒ තුල වෘත්තිය සකසා ගත් ආකාරය පිලිබඳවත් අප ධනිකගෙන් විමසීමක් කළා.
"තාක්ෂණික වශයෙන් නිර්මාණ වලට එළැඹිම ඇරඹෙන්නෙ මගේ උසස් පෙළ කාලයේදීමයි. උසස් පෙළ ව්‍යාපෘතිය ලෙසින් මා නිර්මාණය කළේ 'මානවයා' නම් සිංහල පරිගණක වැඩසටහනක්. මිනිස් සිරුරේ අවයව පද්ධති ගැන සියලුම තොරතුරු රූප සටහන්ද සමඟින් සිංහලෙන් ලබාගත හැකි මෙම නිර්මාණය සඳහා 2007 වර්ෂයේදී මට යොවුන් පරිගණක විද්‍යාඥයා 2007 නම් ජාතික තරඟයේ රිදී සම්මානය හිමි කරගන්නටත් හැකියාව ලැබුණා.
ඉන් අනතුරුව මා සරසවි පැමිනුණු පසුව සරසවියේ තෙවැනි වසරේදි කේවල ව්‍යාපෘතියක් කිරීමට නියමිතව තිබුණා. මෙම කේවල ව්‍යාපෘතිය සඳහාත් මා නිර්මාණය කළේ සිංහල මෘදුකාංගයක්. SETT Browser නම් වූ මෙම මෘදුකාංගය, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති ජංගම දුරකථන වලින් සිංහල/දෙමළ වෙබ් අඩවි නිවැරදිව කියවිය හැකි ජංගම දුරකථන වෙබ් බ්‍රව්සරයක්. මේ සඳහා 2011 ජූලි මාසයේ ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති mBillionth නම් දකුණු ආසියානු ජංගම මෘදුකාංග සම්මාන උළලේදී m-Inclusion නම් කාණ්ඩය යටතේ ජයග්‍රාහී සම්මානය දිනා ගන්නටත්, 2011 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවති ඉ-ස්වාභිමානී නම් ජාතික ඉ-අන්තර්ගත සම්මාන උළලේදී m-Content නම් කාණ්ඩය යටතේ ජයග්‍රාහී සම්මානය දිනා ගන්නටත් මට හැකියාව ලැබුනා.
SETT Browser නිර්මාණය බිහිකිරීමෙන් අනතුරුව 2011 අප්‍රේල් මාසයේදි SETTdeco නම් තවත් නව නිර්මාණයක් මා අතින් බිහිවුනා. එය පරිගණකයේ සිංහල සහය ඇති නැති ඕනෑම අයෙකුට සිංහල වෙබ් අඩවි කියවිය හැකි කරවන වෙබ් සේවාවක්. අද වන විට එය සෑම සිංහල බ්ලොග් අඩවියකම පාහේ භාවිතා වනු දැකගත හැකියි. ඉන් පසුව මා තෙවැනි නව නිර්මාණය ලෙස වෙනස් ආකාරයක සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයක්ද නිර්මාණය කළා.
මේ නිර්මාණ කටයුතු සිදුවූයේ මා සරසවියේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී වුවත්, දේශීය භාෂා නිර්මාණ සම්බන්ධයෙන් මා තුළ තිබෙන දැඩි නිර්මාණලෝලී බව නිසා ඒ සඳහාම කැපවුණු ආයතනයක් ආරම්භ කිරීමට ඒ වන විට මට අවශ්‍ය වුනා. 2011 ජූලි මාසයේදි www.bhasha.lk වෙබ් වසම ලියාපදිංචි වන්නේත්, 2011 ඔක්තෝම්බර් මාසයේදී Bhasha Lanka (Private) Limited නමින් සංස්ථාපිත සමාගමක් ලියාපදිංචි වන්නේත් එහි ප්‍රතිඵල වශයෙනුයි.
ඉහතදී සඳහන් කළ නව නිර්මාණ ත්‍රිත්වය Bhasha SETT Browser, Bhasha SETTdeco සහ Bhasha Dictionary ලෙස නාමිකව වෙනස් වන්නේ මෙම සමාගම ඇරඹීමත් සමඟයි. මෙලෙස නාමිකව වෙනස් වුනු නිර්මාණ ත්‍රිත්වයටම 2011 නොවැම්බර් මස පැවති ඉ-ස්වාභිමානී ජාතික ඉ-අන්තර්ගත සම්මාන උළලේදී ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වයක් හිමි කරගන්නත්, එම සම්මාන උළලේදී ජයග්‍රාහී සම්මාන වැඩිම ගණනකට හිමිකම් කියමින් වසරේ හොඳම තොරතුරු තාක්ෂණ සමාගම බවට පත්වන්නෙත් අප භාෂා ලංකා සමාගමට හැකියාව ලැබුණා.
මෙම සම්මාන ලැබීමෙන් අනතුරුවත් 2011 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී අප සමාගමෙන් තවත් නව නිර්මාණයක් එළිදක්වනු ලැබුවා. නමින් 'හෙළකුරු' වන එය ජංගම දුරකථනයෙන් සිංහල යතුරු කළ හැකි ප්‍රථම සහ එකම ශබ්දානුකූල මෘදු යතුරුපුවරුව ලෙස හැඳින්විය හැකියි. එයද මේ වන විට සැමගේ ප්‍රශංසාවට ලක් වෙමින් තිබෙනවා.
අද වන විට මම මොරටුව සරසවියෙ අවසන් වසර උපාධිඅපේක්‍ෂකයෙකු වුවත්, මම මගේම සමාගමේ නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂකද වනවා. සරසවි අධ්‍යාපන කටයුතු නිමා කිරීමටත් පෙර මගේ වෘත්තීය තීරණය වී අවසන්.
මගේ වෘත්තිය තොරතුරු තාක්ෂණය හා බැඳුනත් ඊටත් වඩා මා සතුටු වන්නේ මා ව්‍යවසායකයකු වීම පිළිබඳව. මෙන්න මේ තුළ මා සැබෑවටම දේශපාලනිකව මෙන්ම සමාජයීයවද වෙනසක් සිදු විය යුතු යැයි සිතනවා. අපේ රටේ තවමත් ව්‍යවසායකත්වය පිළිබඳ නිසි පැහැදීමක් නැහැ. පාසැල් සිසුවෙකු හෝ වේවා, සරසවි සිසුවෙකු හෝ වේවා හැමෝම බලාගෙන ඉන්නෙ අධ්‍යාපන කටයතු නිමාකරලා රැකියාවක් හොයාගන්න විතරයි. තමන්ගේම දෙයක් පටන්ගන්න සිතන අය බොහෝම අඩුයි. එයට හේතුව අපේම දේශපාලනික, සමාජයීය සහ සංස්කෘතික බලපෑම්. මෙන්න මේ තත්ත්වය වෙනස් විය යුතුයි.
උපාධිදාරියා යනු සමාජයේ අන් අයට වඩා දැනුමින් පොහොසත් වූවෙක්. අඩුම තරමින් උපාධිදාරියාවත් රැකියා සොයන්නකු නොවී රැකියා තනන්නෙකු විය යුතුයි. දේශපාලනිකව සිදුවිය යුත්තේ අපේ රටේ ආයතන ඇරඹීමට අන් රටවලට ඇරයුම් කිරීමට වඩා අපේ රටේම සිටින ව්‍යවසායකයින්ට අත දී ඔවුන්ව ඔසවා තැබීමත්, අපේ රටේ ජනයා තුළ ව්‍යවසායකත්වය පිළිබඳ තිබෙන දුර්මත නැති කරමින් ව්‍යවසායකත්වයට මඟ පෑදිමත් යන කරුණුයි.
තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය ගත්තොත් ඒ අංශයේ ව්‍යවසායකයින්ට දැනට ලැබෙන සහයෝගය ගැන නම් ඉතාම සතුටුයි. මේ වන විට ICTA ආයතනය මඟින් තොරතුරු තාක්ෂණය සම්බන්ධ එවන් ව්‍යවසායකයින් සඳහා විවිධ විෂයයේ උපදේශනයන් ලබාදීමත්, අලුත බිහිවුණු ආයතන සඳහා මූල්‍ය අරමුදල් සැපයීමත් Spiralation නම් ව්‍යාපෘතියක් හරහා සිදු වෙමින් තිබෙනවා. මෙවන් අතහිත දීම් සෑම ක්‍ෂේත්‍රයකම සිදු විය යුතුයි. ඊටත් වඩා සමාජයෙන් මේ පිළිබඳ ඇති දුර්මත තුරන් විය යුතුයි."
ධනික කලාවටක් ළැදියාවක් දක්වන්නෙක්. වත්මන් කලාව තුළ පවත්නා කඩාවැටීම් තරුණයෙකු ලෙසින් විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව විමසීමක් කළ විට ධනික පවසා සිටියේ,
"වත්මන් කලාව ගැන මට කතා කරන්න පුළුවන් රසිකයයෙක්, ප්‍රේක්‍ෂකයෙක්, ශ්‍රාවකයෙක් සහ පාඨකයෙක් ලෙස පමණයි. මා සිතන හැටියට කලාවේ යම් කඩා වැටීමක් තිබේ නම් ඒ සඳහා මූලිකවම වගකිව යුත්තෙ මාධ්‍ය. මොකද තවමත් හොඳ නිර්මාණ බිහි නොවෙනවා නොවෙයි. නමුත් මාධ්‍ය තුලින් ඒ හොඳ නිර්මාණයන් සමාජගත නොවීම හෝ අඩුවීම නිසාවෙන්, දිනෙන් දින නිර්මාණකරුවන්ද පෙළඹෙන්නෙ මාධ්‍ය තුළින් සමාජගත කරවිය හැකි නිර්මාණ බිහි කිරීමට පමණයි."
වෘත්තීමය ජීවිතයේ ඉදිරි අරමුණු පිළිබඳව ධනික අවසාන වශයෙන් පවසා සිටියා.
"මගේ වෘත්තියට මා තවම පිවිසුනා පමණයි. මගේ සමාගම ආරම්භ කර මාස කීපයක් ඇතුළත ජාත්‍යන්තර සම්මානයක් සහ ජාතික සම්මාන ත්‍රිත්වයක් හිමි වීමෙන් පමණක් මා සාර්ථක යැයි මා සිතන්නේ නෑ. මේ ආරම්භය පමණයි, තව බොහෝ දෑ ඇත්තෙ ඉදිරියටයි.
ඉදිරි අරමුණු ගැන කතා කළොත් මට මගේ සමාගමේ දැක්ම ගැන යම් සඳහනක් කළ යුතුයි. භාෂා ලංකා සමාගමේ දැක්ම "මහජනයා සවිබලගන්වමින්" (Empowering the Masses) යන්නයි. තොරතුරු තාක්ෂණය ගත්තොත් එයින් සිදුවන මූලිකම දෙය ජනයාගෙ ජීවිතය වඩා පහසු කිරීමයි. එහෙමත් නැත්නම් සවිබලගැන්වීමයි. නමුත් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඇත්තේ ජනගහණයෙන් 10% කට පමණයි. ඒ නිසා අප තොරතුරු තාක්ෂණය යොදාගනිමින් කොතරම් මෘදුකාංග නිර්මාණය කළත්, ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන තුරාවට ඒවායින් ප්‍රයෝජන ලබාගත හැක්කෙ ලංකාවේ ජනගහණයෙන් 10% කට පමණයි. එම නිසා මෙම මෘදුකාංග වලින් මහජනයාට වාසි අත්පත්කර දීමට නම්, 100% ක් මහජනයා සවිබලගැන්වීමට නම්, අනිවාර්යයෙන්ම දේශීය භාෂා මෘදුකාංග නිර්මාණය වීම හෝ දැනට තිබෙන මෘදුකාංග දේශීයකරණය වීම සිදු විය යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම තොරතුරු තාක්ෂණ දේශීයකරණ සමාගම ලෙස භාෂා ලංකා සමාගම මා විසින් ඇරඹුවේ මෙන්න මේ කාරණා ඉටු කිරීම සඳහායි. ඒ අනුව අප විසින් දැනටත් ඉදිරියටත් නව දේශීය භාෂා මෘදුකාංග බිහිකිරීම සහ දැනට තිබෙන මෘදුකාංග දේශීයකරණය සඳහා අවශ්‍ය සේවා සැපයීම සිදුකරනු ලබනවා. මේ අනුව අපගේ ඉදිරි අරමුණ වන්නේ "මහජනයා සවිබලගැන්වීම" යන අපගේ දැක්ම යාථාර්ථයක් බවට පත් කිරීමයි.
කෙසේ නමුත් අද වන විට මගේ වෘත්තියේ සහ ජීවිතයේ යම් සාර්ථකත්වයක් තිබේ නම් ඊට අතහිත දුන් සැමට තුති පිදීම මගේ යුතුකම වනවා. මගේ පවුලේ සියලුම දෙනාට සහ පාසලේ සහ සරසවියෙ ගුරුවරුන් ආචාර්යවරුන් සැමටත්, සැබෑ ජීවිතයේදී සහ අන්තර්ජාලය හරහා මට අතහිත දුන් නෑ හිත මිතුරන් සැමටත්, සමාගම ආරම්භ කිරීම සඳහා මා හා එක්වුනු චාමික වීරසිංහ සහ ඉෂාරා ප්‍රනාන්දු යන නිළධාරීන්ටත්, අප නව සමාගම සමඟ නොපැකිලව ව්‍යාපාරික සබඳතා ගොඩනඟාගත් Etisalat ආයතනයට සහ LTRL ආයතනයටත් මගේ ස්තූතිය පුද කරනවා."
රචින්ත ජයවර්ධන
තරුණයා 2011-12-31
------------
මෙම පුවත්පත් සාකච්ඡාව පැවත්වූ අපේ බ්ලොග් අවකාශයේම ඉන්න මිතුරෙක් වන රචින්ත ජයවර්ධන සොයුරාට සහ තරුණයා පුවත්පත ප්‍රකාශයට පත් කරන විජය පුවත්පත් සමාගමට මගේ සහ අප සමාගමේ අවංක ස්තූතිය!
෴
.
මගෙනුත් ඔබට සුභ පැතුම්. මටත් තියෙනවා ඔය ව්‍යවසායකත්වය ගැන හෙන උණක්. අපේ රටේ ඉන්නෙ ලෝකේ හොදම වැඩකරයෝ කියලා දවසක මං පෙන්නනවා අපේ රට කන එවුන්ට. ලොකේ ඉහලටම ගිහින් අපේ රට බබලවපන්....
සුභපැතුම්........!!!
Nyamai boss...apita one ape rata idirayatama genyana.oyala wage aya...
ෆට්ටයි...මගෙනුත් සුබ පැතුම්!
ධනික අයියටත්,හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
මගෙන් ඔයාට සුභ පැතුම් අයියේ...මං Internet ගත්ත දවසෙ ඉඳලා අයියගෙ මේ blog 1 කියවනවා.(හැබැයි කමෙන්ට් කරන්න නං බැරි උනා )මං blog එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත වගේම ඔයාගෙ ජීවිත කතාවෙනුත් ගොඩක් දේ ඉගෙනගත්ත.අයියෙ මාත් ආසවෙන් ඉන්නෙ ඔයා වගෙ CSE එකට එන්න මට ඒකට sup එක දෙනවනේද?
ඔය ආටිකල් එක blog එකින් බලන්න කලින් මං පත්තරෙනුත් කියෙව්වා.මට ලොකු සතුටක් දැනුනා මොකද මෙහෙ විතරක් නෙවෙ පිටරටදිත් සම්මාන ගත්තු ධනික අයියා ගැන මෙහෙම ලොකු ආටිකල් එකක් පත්තරෙ දැක්කම යාලුවෙක් විදියට අපිට අවංක සතුටක් දැනෙනවානෙ...
***ඔයල වගෙ කට්ටිය හිටියොත් අපෙ රට අසියාවෙ විතරක් නෙවෙ ලොකෙම ආශ්චර්යය කරන්න පුලුවන්.***
<<* දිගටම ඔයාගෙ ගමන යන්න මං හදවතින් ම සුභ පතනව *>>
මෙන්න මගේ ආචාරය !
ජය වේවා!
@Namal Attanayake
බොහොම ස්තූතියි සහෝ! අනිවා, අපේ රටේ මිනිස්සු දක්ෂයි. එකම දේ මේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. ආකල්පමය වෙනසක් සිදු වුනු දාක අපේ රට අනිවා ලෝකෙ ඉහළම රටක් වෙනවා, ඒක වළක්වන්න කාටවත් බෑ.
@නිලන්‍ත
ස්තූතියි!
@chesterme
ස්තූතියි! රටට වැඩ නොකළ තාට වැඩ කළත් වැඩක් නෑ සහෝ! :)
@ලහිරු
බොහොම ස්තූතියි!
@Tharindu Randika
මල්ලි මං ලියන දේවල් වලින් ගොඩක් දෙවල් ඉගෙනගත්තා නම් මට ගොඩක් සතුටුයි. CSE එන්න තියෙන ආශාව කොතනකදිවත් අතඅරින්න එපා, කාගෙන වැඩ කරන්න. අනිවා ඔයාට එන්න පුළුවන්.
මම හැමදාම කියනවා වගේ තාමත් කියනවා මල්ලි, මම මහ ලොකු ඇක ඩයල් එකක් (බ්‍රයිට් පොරක්) නෙමෙයි. ඒත් මං මට ආස දේ මට ඕන දේ කොහොමහරි කරගන්නවා ඒ දේ වෙනුවෙන් කැපවෙලා. තමන්ට උවමනා දෙයක් ලබාගන්න නම් දැඩි කැපවීමක් කරන්න වෙනවා මල්ලි, ඒ කැපවීම කළොත් කවදාවත් වරදින්නෑ.
@පෙදරේරුවා නොහොත් මේසන් බාස්
බොහොස ස්තූතියි බාසුන්නැහේ! :D
@arunishapiro
ස්තූතියි! ඔබටත් ජය!
හැමදාම වගේ අදත් මගෙන් උනුසුම් සුභපැතුම් අයියේ,...!!
උණුසුම් සුභපැතුම් ධනික සහෝ.....!
ඔහොම යං
ebay, paypal වගේ දේවල් ගැන දැන ගත්තේ ඔබ නිසා. ඒ දැන ගත්ත දේවල් ජීවිතයට ගොඩාක් ප්‍රයෝජනවත්. දැනුම මුදලට යටවුන සමාජයට ඔබ හොද ආදර්ශයක්. යන්න ඉදිරියටම, ඔබට ජය!!
Congtaz,...............
සුභ පැතුම් ධනික
ජය වේවා මල්ලී. උඹ සැබෑ දක්ෂයෙක්!
අයියේ මගෙනුත් සුභ පැතුම්. ඇත්තටම ලංකාවේ මිනිස්සු ගොඩක් දක්ෂයි. කාටවත් ඒක නෑ කියන්න බෑ. වෙලා තියෙන්නේ හැමෝම උපාධිය ඉවර කරලා රටේ පිලිගත් සමාගමක හරි, රජයේ ආයතනයක හරි රැකියාවක් හොයාගෙන යෑම. ඊට පස්සේ රැකියා නෑ කියලා උද්ගෝෂණ කරන එක. එහෙම නැතුව ඔයා වගේ තමන්ගේම දෙයක් ගැන හිතනවනම් මෙලහකට ලංකාව ගොඩක් දියුණු රටක්.
ජය වේවා ! ලොක්කා.
මම මේ ලිපියනම් කියෙව්වෙ නෑ. පත්තරේ දාලා තිබිච්ච එක කියෙව්වා. මමත් ඔයාගේ බ්ලොග් පාඨකයෙක් විදිහට ඔයාගේ බ්ලොග් කියවලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි ඒ හැමදේටම හොඳේ. ඉස්සරහටම යන්න මෙන්න අපෙනුත් සුභපැතුම්.
suba pathum obata
jaya wawa...
මගෙත් සුබ පැතුම්
සුබ පැතුම් මගෙ මිත්‍රයා !!
උඹ ඉතින් හැබෑ දක්‍ෂයෙක් දක්‍ෂයාට නියම තැන ලැබෙනකොට ඉතින් අපිටත් ගොඩක් සන්තෝසයි .
කියන්න දෙයක් නෑ ධනික සහෝ... ඇඬෙනවා...
උඹ මගේ බ්ලොග් ගුරා. උඹ වගේ එකෙක්ගෙන් උදව් අරන් මං බ්ලොග් රචනයට ආපු එකත් මට ආඩම්බරයක්. ඒ පෙන්නපු පාර ඇවිත් දිගේ උඹ මට පාර පෙන්නුවා වගේම මමත් තව 4-5 දෙනෙක්ටම බ්ලොග් පාර පෙන්නලා දීලා තියේ...
කොහොම වුනත්, අර කිව්වා වගේම මේ මදි... හොඳ දේවල් තව ඉස්සරහටයි. හොඳ වැඩ කාරයෙක් කවදාවත් කරපු දෙයින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ධනික සහෝ... අනාගතේ රටට පාර පෙන්නන්නේ උඹලා වගේ කොල්ලෝ තමයි.
ඔහොම යං, අපි හැමදාම උඹේ පස්සේන් සහෝ...!!! ජයෙන් ජය !!!
සුභ පැතුම් සහෝ......!!!!
සුබ පැතුම් ධනික අයියෙ..............
JAYA WEWA.SUBA PETUM.................
ධනික,
කරුණාකර මෙහි කියැවෙන සෙට් ඩිකෝ ගැටළුවට විසඳුමක් දිය හැකිදැයි බලන්න.
සුබ පැතුම් ධනික අයියෙ
පට්ට.... මගෙන් සුභ පැතුම්!
ඇත්තටම ගොඩක් සතුටුයි ධනික ,ඔයාගෙ සොෆ්ට් වෙයා ගැන දැන ගත්තට ඒව ඔයාගෙ කියල දැන ගත්තෙ අද.කැම්පස් කොල්ලෙක් හැටියට මේ ලිපිය කියවද්දි මට ඔයා ගැන ලොකු ආඩම්බරයක් ඇතිඋනා.පුලුවන් උපරිමයටම යන්න.අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා.
නියමයි අයියෙ...
මමත් සිංහල බ්ලොග් කරණය ගැන ගොඩක් දේ දැන ගත්තේ ඔයාගෙ මේ බ්ලොග් එකෙන්......
ඇත්තටම ගොඩක් සතුටුයි..ඔයාගෙන් බිහි වෙන මේ නව නිර්මාණ,නව අදහස් ගොඩක් වටිනවා...අපේ රටට ගොඩක් ලොකු සේවයක් කරන්න පුළුවන් ඔයාට...
ජාත්‍යන්තරයේ අපේ පුංචි රටේ නමත් රදවන්න,දිදුලවන්න ඔයාට ශක්තිය දෛර්ය ලැබෙන්න කියල ඉතසිතින්ම පතනවා....
හැමදාමත් අපි ඔයත් එක්ක.....ජයම වේවා!!!!!
සතුටුයි ආඩම්බරයි ඔබ ගැන . දැක්කම හිතුනේ නැහැ මෙතරම් දක්ෂයෙක් කියල . ඒක තමයි ඔබේ සුවිශේෂත්වය . සරලයි ..ඒත් නියම වැඩකාරයෙක්
ධනික ඔයාගෙන් තමයි ගොඩක් අය ebay සහ paypal ගැන දැන ගත්තෙ.ඒක කවුරුත් දන්නව.pay pal මුදල් ලන්කාවට ගෙන්න ගන්න විදියක් ගැන විදියක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් බොහොම පින් මචන්.
ගොඩක් සතුටුයි අයියේ... මගෙන් සුබ පැතුම්......
කාලෙකින් අන්තර්ජාලයට ආවෙ අද.
සතුටුයි ආඩම්බරයි ඔබ ගැන
මගෙනුත් සුභපැතුම් !!!
Post a Comment