ජංගම දුරකථන සඳහා ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව, "භාෂා හෙළකුරු" එළිදකී!

ආයුබෝවන්! කාලෙකට පස්සෙ ඔන්න අද මම මේ කියන්න හදන්නෙ තවත් අලුත්ම අලුත් නිර්මාණයක් ගැන. මේ වන විට ජංගම දුරකථන වලින් පහසුවෙන්ම අන්තර්ජාලයේ සිංහල කියවිය හැකි බව ඔබ දන්නවනෙ. අද මම මේ කියන්න යන්නෙ ජංගම දුරකථනයෙන් සිංහල ලිවිය හැකි නව නිර්මාණයක් ගැන. 

මීට මාස 10 කට පමණ කලින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා SETT සිංහල/දෙමළ බ්‍රව්සරය එළිදැක්වීමෙන් පසුව මතුවුනු විශාලතම අඩුපාඩුව තමයි සිංහල කියවන්න පුළුවන් උනත් සිංහලෙන් ලියන්න (යතුරු කරන්න) නොහැකි වීම. මොකද සිංහල වෙබ් අඩවි කියවීම විතරක් නෙමෙයි සිංහලෙන් යතුරු කිරීමත් අපි ගොඩ දෙනෙක්ට තියෙන ලොකු අවශ්‍යතාවයක්. සිංහලෙන් ටයිප් කරන්න විදියක් නැති උනොත් අපිට සිංහලෙන් search කරන්නවත්, සිංහලෙන් බ්ලොග් ලියන්නවත්, facebook එකේ සිංහලෙන් කමෙන්ට්ස් දාන්නවත් විදියක් නැති වෙනවා. 



ඉතිං භාෂා හෙළකුරු නිර්මාණය බිහිවෙන්නෙ ඔන්න ඔය ගැටළු සියල්ලටම පොදු පිළියමක් වශයෙන්. ඒ වගේම දැයේ සහ බසේ අවශ්‍යතාවක් වශයෙන්. හෙළකුරු සිංහල යතුරුපුවරුව සහ සිංහල අකුරු ඇතුළත් කිරීමේ ක්‍රමය (Helakuru Sinhala Keyboard Layout+IME) නිර්මාණ‍ය වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක ඕනෑම තැනක සිංහලෙන් යතුරු කළ හැකි ලෙසින්. එනම් SETT බ්‍රව්සරයේ විතරක් නෙමෙයි, messages, facebook, twitter, Gmail වැනි ඕනෑම app එකක් තුළ පවා හෙළකුරු භාවිතා කර සිංහලෙන් යතුරු කරන්න පුළුවන්. 

මේ සඳහා භාවිතා වෙන්නෙ ජංගම දුරකථන සඳහා ප්‍රායෝගිකව පහසුතම ආකාරයෙන් සැකසූ ශබ්දානුකූල යතුරු පුවරු සැකැස්මක් (phonetic keyboard layout). මෙම හෙළකුරු යතුරුපුවරුව ජංගම දුරකථන සඳහා වන ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව ද වෙනවා.



විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් BMICH හිදී භාෂා හෙළකුරු එළිදැක්වීමට එක්වුනු අවස්ථාව


භාෂා හෙළකුරු යතුරුපුවරුව ලබාගන්නෙ කොහොමද?
  1. ඔබේ Android දුරකථනයෙන් Android Market වෙත ගොස් Helakuru සඳහා සොයන්න.
  2. Helakuru යතුරුපුවරුව බාගත කරගෙන ස්ථාපනය කරගන්න.
  3. Settings > Language & Keyboard වෙත ගොස් Helakuru තෝරන්න.
  4. අකුරු ලිවිය යුතු තැන long press කර Input Method තෝරා ඉන්පසු Helakuru තෝරන්න.
ඒත් ඔය යතුරු කරන සිංහල පෙනේවිද?
ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කර තිබෙන හෝ නොතිබෙන ඕනෑම කෙනෙකුට දැන් ඉතිං ඔය ප්‍රශ්නෙ අනිවාර්යෙන් මතුවෙන්න ඇති. මොකද එය තර්කානුකූලයි. ඇන්ඩ්‍රොයිඩ් සඳහා තවමත් සිංහල සහය නැත්නම් අපි මේ ටයිප් කරන සිංහල පේන්න විදියක් නෑ. ඔව් ඒක හරි. ඒත් එහෙමයි කියලා අපිට මුකුත් නොකර ඉන්න බෑනෙ නේද? අන්න ඒ නිසයි ඒ ගැටළුවට හෙළකුරු වෙතින් මෙවැනි පිළියමක් සැපයෙන්නෙ.


හෙළකුරු යතුරුපුවරුව ඔබ කලින් කියූ ආකාරයට ක්‍රියාත්මක කළාට පස්සෙ ඔබට පෙනෙ‍යි ඉහත ආකාරයේ යතුරු පුවරුවක් ඔබ අකුරු ඇතුළත් කරන තැනක් tap කරන හැම විටකදිම දිස්වෙනවා. මේ තමයි හෙළකුරු යතුරුපුවරුව. මෙහි පහළ වම් කෙළවරේ දෙවැනියට ඇති භාෂාව මාරු කරන බොත්තම ඔබා සිංහල සහ ඉංග්‍රීසි භාෂා අතර මාරු වෙන්න පුළුවන්.

මේ බොත්තමෙන් ඔබ සිංහල භාෂාව තේරූ විට ඔබට පෙනෙයි ඉහත රූපයේ ආකාරයට නිල් පැහැති හෙළකුරු පෙරදසුන් තීරුව දිස්වෙනවා. ‍අපි කලින් කතාවුන ගැටළුවට, එහෙමත් නැත්නම් ඇන්ඩ්‍රොයිඩ් මත අපිට සිංහල හරිහැටි නොපෙනීමේ ගැටළුවට පිළියම සැපයෙන්නෙ මෙන්න මේ හෙළකුරු පෙරදසුන් තීරුව හරහායි. ඔබේ දුරකථනයේ සිංහල සහය නොමැති නිසා ඔබ අකුරු ඇතුළත් කරන තැන ඔබ ඇතුළත් කරන සිංහල යුනිකේත අකුරු හරිහැටි නොපෙනුනත්, ඒ ඔබ ඇතුළත් කරන සිංහල අකුරු වලම පෙරදසුනක් ඔබට මේ හෙළකුරු පෙරදසුන් තීරුවෙන් නිවැරදි rendering සහිතවම දැක බලාගන්න පුළුවන්. (එනම් ‍භාෂා හෙළකුරු යතුරුපුවරුව භාවිතා කරන්න ඔබ දුරකථනය root කර තිබීම හෝ සිංහල fonts ස්ථාපනය කර තිබීම කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නෑ.)



හෙළකුරු යතුරුපුවරුවෙ පහල වම් කෙළවරේම ඇති බොත්තමෙන් ඔබට හෙළකුරු සුචිය වෙත පිවිසෙන්න පුළුවන්. හෙළකුරු යතුරුපුවරුව ශබ්දානුකූල (phonetic) යතුරුපුවරුවක් කියලා කලිනුත් කිව්වනෙ. ඉතිං ඒ ආකාරයෙන් ශබ්දානුකූලව සෑම සිංහල අකුරු සංයෝගයක්ම යතුරු කරන ආකාරය මෙම සුචියෙන් ඔබට බලා ගන්න පුළුවන්. සුචියට පිවිසුනු වහා ඔබට පේන්නෙ අකුරු එකතූන් 5ක්. මේ අකුරු එකතූන් 5න් ඔබට යතුරු කරන ආකාරය දැනගත යතු එකතුව තෝරලා අදාළ දේ පහසුවෙන් සහ ඉකිමණින් ඔබට දැනගන්න පුළුවන් වෙයි.

ඉතිං මේ නව නිර්මාණය අපේ භාෂා ලංකා (පුද්) සමාගමේ 4 ‍වැනි නව නිර්මාණය වෙනවා. පසුගියදා පැවති ඉ-ස්වාභිමානී (e-Swabhimani) ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදි ජයග්‍රාහී සම්මාන 3ක් හිමි කරගනිමින් අපේ සමාගම වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියූ සමාගම බවට පත්වූ බව ඔබ අතරින් බොහෝ දෙනෙක් දන්නවා ඇති. මීට කලින් අපි එළිදැක්වූ නිර්මාණයන් වන SETT Browser, SETTdeco යුනිකේත විකේතකය සහ Bhasha Dictionary සඳහායි එම ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වය අපිට හිමිවුනේ.


භාෂා ලංකා (පුද්) සමාගම මේ වසරේදී දිනාගත් ඉ-ස්වාභිමානී ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වය


ඉතිං මේ හතරවැනි නව නිර්මාණයත් පෙර නිර්මාණ 3 තරම්ම වැදගත් සහ ප්‍රයෝනවත් නිර්මාණයක් වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම මෙම නව නිර්මාණයත් ඔබ සැමට සැපයෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ. 

දැයේ අවශ්‍යතාවයන් සහ බසේ අවශ්‍යතාවයන් වන මෙවැනි නිර්මාණයන් අප ඔබ වෙත ලබාදෙන්නෙ එය අපෙන් රටට සිදුවිය යුතු යුතුකමක් ලෙස සලකලා මිසක් වාණිජ්‍යමය අපේක්ෂාවකින් නෙමෙයි. ඉතිං ඔබේ යුතුකමක් ලෙස මෙම නිර්මාණයන් ගැන රටටම කීමෙනුත්, Android Market හරහා මේ සඳහා ratings එක් කිරීමෙනුත්, හෙළකුරු facebook පිටුව හරහා මෙහි ප්‍රවර්ධනය ‍උදෙසා ඔබේ අදහස් උදහස් බෙදා ගැනීමෙනුත් අපට ඔ‍බේ සහයෝගය ලබා දිය හැකි නම් ඉතා අගෙයි. 



ස්තූතියි! ඔබ‍ට ජය!



භාෂා ලංකා (පුද්) සමාගම - මහජනයා සවිබලගන්වමින්
Bhasha Lanka (Pvt) Ltd - Empowering the Masses

33 යි ප්‍රතිචාර

ඔබ නොදු‍ටු ලොවක්..... said...

එළ එළ ...

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

සුබ පතනවා , එළම වැඩක් , තව අලුත් වැඩ කරන්න දිරි ලැබේවා !

harshadura said...

Maxa wadak ayye!! fattai

CBTBlogger said...

හදවතින්ම සුබ පතනව අයියේ, නව අලුත් අලුත් දේවල් කරන්න පුලුවන් වේවා කියල පතනව......!

Dakshina said...

සුභ පැතුම් අයියා. තවත් ඉදිරියට සිංහල භාෂාව ෙගනයන්න ඔබට හැකිෙව්වා...

Deeps said...

keep rocking!! proud of you ayya..I'm still a nokia user, so cannot test this.anyways as I have heard, this is working nicely

Ishara said...

සුබපැතුම්

Praboda Ariyasinghe said...

සිරා සිරා.... තව තව ලංකාවට IT වැඩකරන්න ලැබේවායි පතමි.. :D

Anonymous said...

Ado,,ela machan,,

Shyamin Ayesh Fernando said...

එල එල අයියා දිගටම ලියන්න .....

Indranama said...

ජයවේවා! මැක්සා වැඩක්!!

Sameera Lokuliyana said...

තවත් මෙවැනි දෑ නිර්මාණයට හැකියාව ධෛර්යය ලැබේවා

සෝරෝ said...

නියමයී.... බොහොම පිං...

මමත් ‍දාගන්න ට්‍රයි කරනවා..... :)

ජය වේවා...!!

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ධනික සහෝ.... කාලෙකින් ආයෙත් ඔයාගේ බ්ලොග් එක පැත්තේ එන්න සැලැස්වුවාට පිං... මාසයකට සැරයක් වත් මොන මොනවා හරි ලියන්න....

නිර්මාණය ගැන නම් කියන්න දෙයක් නෑ සහෝ... හැමදාම වගේ අදත් මගේ හද පිරි සතුට සමගින් සුභ පැතුම් ඔබට !!! මේ වගේ නිර්මාණ තුලින් ඉක්මන් පෝසතෙක් වෙන්න හැකියාව තිබියදීත් උගත් දෙයින් රටට නොමිලේ සේවය සලසන ඔබට මම හිස නමා ආචාර කරන්නෙමි. ජයෙන් ජය සහෝ... සිංහල සයිබර් අවකාශයේ පරිච්ඡේද දෙක තුනක්ම දැනටමත් ඔයාගේ නමට ලියවිලා ඉවරයි... ඒ නම තව තවත් බැබලේවා, මීටත් වඩා විශිෂ්ඨ නිර්මාණ අපේ රටට දායාද කරන්නට ඔබට ශක්තිය ලැබේවා කියලා පතමින් මගේ සුභ පැතුම් පිළිගන්න... ජයෙන් ජය !!!

bt4u said...

සුභ පැතුම් අයියා... මෙවැනි නිර්මාණ කිරිමට හැකියාව ධෛර්යය ලැබේවා..

Dhanushka Gunasinghe's Hard Code said...

ධනික මේ නිර්මාණය ඉතාම වටිනවා, මටත් ඔය ප්‍රශ්නේ සෑහෙන කාලෙක ඉදල තිබුන දුරකථනයේ සිංහල ටයිප් කිරීම සම්බන්දව. ඉතාවටිනා App එකක්. ඔබට සුභ පැතුම්

Unknown said...

මට නම් ඇන්ඩ්‍රොයිඩ් එකක් නෑ. ඒත් දන්න කියන සේරටම ලින්ක් එක දෙනවා. තව ඒවා හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා..ගත්තු දවසක දාගන්න බැරියෑ

cc89 said...

එල අයියා......!!!

ප්‍රියන්ත said...

නියම වැඩක් සහෝ. අනිත් ෆෝන්ස් ගැනත් ටිකක් හොයලා බැලුවොත් හොඳයි වගේ, නොකියා වගේ ෆෝන් වලටත් සිංහල දාන්න පුලුවන් නම් හොඳයි...

Beetle said...

මමත් දාගත්තා...එළට වැඩ... තරු පහක්ම දුන්නා... :)

Gayan Tharaka said...

රූට් නොකර සිංහල කියවන්නයි ලියන්නයි දැන් පුලුවන්.
සෙට් බ්‍රවුසරේයි.. හෙලකුරුයි එකතු උනාම හරි.
ස්තූතියි මචෝ... ඔන්න අපිත් යූස් කරනවා.

sumi said...

niyama wedak.aettatama goda watinawa ayye liyana hema deyakma.tawa liyanna.tanzzzzzzzzzzzzzzzzzz

Nuwanga said...

Niyamma wadak. congratulations !
Mamma dakka oya infotel ekka paththe innawwa. Ayye oya loku wadakka hitappu nisa mamma kaththa nokaramma awwa

සහන් සටහන් said...

නියමයි සහෝ.... මේ ඇප් එක ගැන මම දැනගත්ත විදිහ වගේම ඇප් එකත් නියමයි.

අවතාර් said...

android wagema anik phone walatath aduma tharame nokia walatawath me pahasukama denawanam eka sahenna watinawa.kohoma wethath dhanika bro wade ela.

Meth Visula said...

nice work

sami uyan said...

Nice work dha,
I wondered if there is a free app for sinhala typing in apple i phones...seems to be like not.the currently available "type sinhala" app by facegroom is £0.69.Have you thought of utilising this for i phone market.?

Udara Jayakody said...

Niyamai ayye... aththatama supiri... mama oyata suba pathanawa... oya ape ratata sampathak...

Raveendra said...

great... and cant u develop this to work with nokia n8 (symbian OS) ?

raveendra

Tharindu said...

නියමයි දනික අයියා...සියල්ලම මන් බා ගත්තා..පරිගනකයේ සින්හල යුනිකෝඩ් කැලේ.ගින්දර වගේ පේනවා...

Tharindu said...

නියමයි දනික අයියා...සියල්ලම මන් බා ගත්තා..පරිගනකයේ සින්හල යුනිකෝඩ් කැලේ.ගින්දර වගේ පේනවා...

vimukthi said...

symbian walata nadda?

Unknown said...

keep UP ! keep UP ! keep UP ! keep UP ! keep UP ! keep UP !

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails