ගීත නිර්මාණය - මේ ‍දේශයේ අපේ....

මං අපේ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍යනායක වෙලා ඉන්දැද්දි (පටන් ගන්නකොටම පොඩි පම්පොරියක්) අපේ ශිෂ්‍යනායක සංගමයෙන් සංවිධානය කලා 'සමාශ්‍ර 2005' නමින් අමුතුම තාලෙ විවිධ ප්‍රසංගයක්. කළුතර පුරහලේ අපි පාසැල් දර්ශන 4ක් සමග 6.30 මහජන දර්ශනයක් පැවැත්වුවා. ඒක පප්‍රසංගය scripted concert එකක් කිව්වොත් වඩා නිවැරදී. මං තමයි ප්‍රධාන ශිෂයනායක හැටියට වැඩේ ඇදගෙන ගියේ. Script එක ලිව්වෙත් මම. Script එකේ හැටියට ප්‍රසංගය අවසන් වෙන්න ‍ඕනා දේශාභිමානී ගීයකින්. ඔන්න ඔය සඳහා තමයි මම මගේ ප්‍රථම ගීත නිර්මාණය විදියට 'මේ දේශයේ අපේ' ගීතය ලියලා සංගීත නිර්මාණය කලේ෴


මේ දේශය අපේ...



මේ දේශයේ අපේ
ඉතිහාසයේ විරුවන් ලෙසේ සැමදා
යලි පිබිදෙමු පෙරටම යමු
ගොඩනංවමු අප දේශය ශ්‍රී ලංකා...

අපි එක් වෙමු...
Lets get together...
නාම් ඔන්රු වඩුවෝම්...
ගොඩනංවමු අපේ රට ශ්‍රී ලංකා...

සාමය සොයා යමු
කුරිරු යුද්ධයේ ගිනිදැල් නිවා දමලා
සංවේදනා හද පාරනා
දුරු කරවමු අපේ රටින් සැමදා...

මිනිසත්කම රජයමු
ජාති ආගම් කුල භේද හැරදා
එක මවකගේ දරුවන් ලෙසේ
එකම ධජයක් සෙවනේ සුරැකෙමු සැමදා...


පද රචනය සහ තනුව: ධනික කෞශල්‍ය පෙරේරා


ගීයට සවන්දෙන්න, නරඹන්න මෙතැනින්;




2 යි ප්‍රතිචාර

RanDil said...

මල්ලී හරි දක්ෂයෙක්නේ බලාගෙන යද්දී :-)

ධනික | Dhanika said...

හෙ..හේ.. කොලර් එක උස්සගන්නත් හිතෙනවා ඉතිං ඔහොම කියද්දි.. :-) මේ ලෝකෙ හුඟක් දක්ෂයෝ ඉන්නවා අයියේ.. ප්‍රශ්නෙ තියෙන්නෙ දක්ෂයො හැමෝම ඔවුන්ගෙ ඒ දක්ෂකම් වලින් ප්‍රයෝජන ගන්නැති එක...

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails