මවිසින් තනු රචිත ගීයක් - ඔබේ රස වින්ඳනයට...

ඔයාලා දන්නවනෙ මගේ බ්ලොගයෙන් මම අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගන්නවට අමතරව ඉඳලා හිටලා මවිසින් ගායනා කරපු ගීතත් ඔයාලගෙ රස වින්ඳනය උදෙසා මේ බ්ලොගයෙ පළ කරනවා කියලා. ඉතිං අද මං මේ පළ කරන ගීතය ගායනා කරන්නෙ මම වගේම මේ ගීතයේ තනු රචනා කළෙත් මමයි. පිරිසක් ඉදිරියෙ ගායනා වුනු මවිසින් තනු රචනා කළ 2‍ වෙනි ගීතය මෙයයි. (මීට කලින් ප්‍රථම වතාවට මම ම පද රචනා කරලා තනු නිර්මාණය කෙරුණු සමූහ ගායනයක් ගොඩක් කාලෙකට ඉස්සර මෙන්න මෙතන පළ කළා. නමුත් ඒ ගීතය ගායනයට මම දායක වුනේ නෑ.)





ගීතය නිර්මාණය වුනේ කුමක් වෙනුවෙන්ද කියලත් කියන්න එපැයි. මේ ගීතය නිර්මාණය වුනේ පියතුමෙක් වෙනුවෙන්. මේ බ්ලොගය කියවන බහුතර අපේ බොදුනු සොයුරු සොයුරියන්ගෙ දැනගැන්ම උදෙසා පසුබිම කතාවත් කියලම ඉන්නම්කො. අපේ මොරටුව සරසවියෙ වගේම කොළඹ, ජ'පුර, කැළනිය, පේරා වගේ හැම සරසවියකම කතෝලික ශිෂ්‍ය සංසද තියෙනවා. කොළඹ කලාපයේ ඒ කිව්වෙ මොරටුව, කොළඹ, ජ'පුර, කැළණිය සරසවි භාරව එක් පිය‍තුමෙකුත් පේරා භාරව තවත් පියතුමෙකුත් තමයි මේ සංසද භාරව කටයුතු කරන්නෙ. (පේරා වල ශිෂ්‍ය සංඛ්‍යාව ඉතා විශාල නිසා අපේ කොළඹ කලාපයෙම ඉන්න කිතුනු ශිෂ්‍යයින්ට වඩා වැඩි පිරිසක් ඉන්නවා පේරා වල..)

ඉතිං අපේ කොළඹ කලාපය භාරව වර්ෂ 2002 සිට අවුරුදු 8 කට ආසන්න කාලයක් පුරා කටයුතු කළේ ගරු එඩ්මන් තිලකරත්න කියන පියතුමා. අවුරුදු 8 ක් තිස්සේ කොළඹ කලාපයෙ සරසවි සිසු කැලත් එක්ක හිටපු එතුමා පසුගිය දා අපෙන් වෙන්වෙලා වෙනත් මීසමක වැඩ භාරගත්තා. ඉතිං ඒ හේතුව නිමිත්තෙන් එතුමන් වෙනුවෙන් පැවති සමුගැනීමේ උත්සවය වෙනුවෙන් තමයි මේ ගීතය නිර්මාණය වෙලා ගායනා වුනේ.

තනු රචනාව ගැනත් යමක් කියන්න එපැයි. මේ තනුව යෙදුනෙ ටිකක් දුලභ තාලයකට. 123 12 කියලා සාමාන්‍යයෙන් count කරන 5/8 කියන time එ‍කට තමයි තනුව යෙදුනෙ. මේ time එක ටිකක් දුලභයි කියලා කිව්වෙ මේ time එකෙන් තනු යෙදුනු ප්‍රසිද්ධ ගීතයක් විදියට මගේ මතකයට නැගෙන්නෙ 'සබඳ අපි කඳු නොවෙමු' කියන ගීතය පමණයි. ඇත්තම කිව්වොත් මේ ගීතයෙ පද රචනාවට අනුව මේ time එක හැර වෙන time එකකට මෙයට තනුවක් යොදන්න බැහැ. ඒ නිසයි ඔය දුලභ time එකෙන් ගීතය නිර්මාණය වුනේ.

ගීතයෙ පද රචනාව අපේම සරසවියෙ ක්‍ෂාන්ති පෙරේරා සොයුරියගෙන්. ගීටාර් 2ක් පමණක් භාවිතා කරලා සැපයුනු තත් සංගීතයට පණ දුන්නේ කවදත් මං ගයපු ගීත වලට මට සංගීතය සපයපු මගේ සුමිතුරා පියුම් සහ කැලණිය සරසවියෙ අපේ සුමිතුරෙක් වන වන ධනංජන සොයුරා. ඔවුන්ට මගේ ස්තූතිය නොමඳව පුද කරන්න කැමතියි.

ඉතිං මෙච්චර කල් මං ගයපු ගීත වලට ප්‍රතිචාර එක් කරපු ඔයාලගෙන් ‍මගේ මේ තනු රචනාව ගැනත් මං අදහස් දැනගන්න කැමතියි. එදා ගීතය ගැයුනු දවසෙ පොඩ්ඩක් හෙම්බිරිස්සා ගතියකින් හිටපු නිසා ගායනයෙන් නං එදා ගීතයට 100%ක් සාධාරණය ඉෂ්ට කරන්න බැරි උනා. (ගීතයේ අන්තරා කොටසෙ අවසානම ස්වරය එහෙම පොඩ්ඩක් අල්ලගන්න අමාරු උනේ ඔය හංදා..)

ඉතිං කොහොම නමුත් අවසාන වශයෙන් මේ නිර්මාණය, සරසවි කතෝලික ශිෂ්‍ය සංසදයේ කොළඹ කලාපය භාරව අවුරුදු 8 ක් පුරා අප වෙනුවෙන් සේවය කළ ගරු එඩ්මන් තිලකරත්න පියතුමන්ට සදා උපහාරයක්ම වේවායි පතන ගමන්ම එතුමාගේ ඉදිරි ගමනට ආශිර්වාදක්ම වේවායි මං ප්‍රාර්ථනා කරනවා!


වියලි බිම තෙමාලන වැහි බිඳක් වී
අඳුරු නුඹ කුසට පෑයූ සඳක් වී
සරසවිය නම් ලොවට කඳුළු බිඳු එක් කරං
ඔබයි බැස යන සඳ...

රැඳී ඇති මතක මං පෙත් කරා
ඉගිල සිත ගෙවුනු කාලය පුරා
ලැබූ ඔවදන් සුවඳ සිත් දරා
පතමු නිරතුරු සතුට දිවි පුරා...

ලබැඳි මිතුරේ පියේ සොහොයුරේ
තබන පියවර සමිඳු මඟ දිගේ
වෙන් වුවද මේ සොඳුරු මං පෙතේ
කිසිඳු දින හදවතින් වෙන් නොවේ...

14 යි ප්‍රතිචාර

uditha said...

ගායනය හොදයි

Indika said...

Mchn...Wish u all da best!!!!.Keep t going mchn...And thanks for this creation.

තිස්ස දොඩන්ගොඩ said...

ඉතින් කියලම වැඩක් නෑ මල්ලියා...!!
මගේ විනෝදාංශය ඉතින් සිංදු (පරණ, හද්දා පරණ -HP-) අහන එක තමා... අලුත් සිංදු අහන්නේම නැති තරම්... ඒ golden oldies එක්ක එක පෙලට තියන්න තරම් ලස්සන සිංදුවක් තමා මට අහන්න ලැබුනේ දැන්...
කතොලික ශිෂ්‍ය සංසදය අපි ඉන්න කාලෙත් බොහොම ලස්සනට කා එක්කවත් ගැටීමක් නැතිව හොඳ සංහිඳියාවකින් වැඩ කරපු පිරිසක්...
ඔබේ ගායනයෙන් පිදුම් ලත් උතුමන් වැනි උදවිය, දරුවන් මෙහෙයවූ ආකාරයට සාක්ෂියක් ඒක....
මම ඉතින් සංගීතය මෙලෝ හසරක් හදාරපු කෙනෙක් නෙමෙයි... රස විඳින කෙනෙක් .. මගේ හැටියට මං උපරීමයෙන් රස වින්දා... පද රචනය කල සොයුරියටත් සංගීතය සැපයූ සොයුරන්ටත් මගේ ස්තූතිය..
ප.ලි: හෙම්බිරිස්සාවෙන් ගුණක් මිස අගුණයක් වෙලා නෑ ගීතයට නම්... :-)

ධනික | Dhanika said...

@uditha
ස්තූතියි! ඒත් මං නං වැඩිය තෘප්තිමත් නෑ...

@Indika
Thanks a lot machan! And thanks for giving me this chance to do this creation. :)

ධනික | Dhanika said...

@තිස්ස දොඩන්ගොඩ
ඇත්තම කියන්නද තිස්ස අයියා... ඊයෙ මේ ලිපිය දාලා මං ටිකක් අවුලෙන් හිටියෙ වැඩිය කට්ටියගෙන් ප්‍රතිචාර නැති නිසා...
අම්මෝ.. දැන් මේ අයියගෙන් හම්බෙච්ච ප්‍රතිචාරෙ නම් මට ප්‍රතිචාර 100කටත් වඩා වටිනවා.. බොහොම ස්තූතියි!

"ඒ golden oldies එක්ක එක පෙලට තියන්න තරම් ලස්සන සිංදුවක් තමා මට අහන්න ලැබුනේ දැන්..."
මගේ මේ පුංචි නිර්මාණෙට මෙච්චර අගයක් වැඩිද මන්දා... :D [හැබැයි මාරම සතුටුයි ඔයාගෙ මේ වචන දැක්කම]

හෙම්බිරිස්සාවත් හොඳට හිටින තැන් තියෙනෙවා එහෙනං නේද..? :D
අයියගෙ අවංක අදහස් දැක්වීමට ආයෙත් ස්තූතියි අයියෙ! :)

සරත් ගුණතුංග said...

ධනික මහත්මයා, ඔබ සංගීතයට විශේෂයෙන් කිතුණු ආගමට සම්බන්ධ සංගීතයට කැම්ති බව දන්නවා. ඔබේ නිර්මානය සුන්දරයි, තනුව සරලයි නමුත් ලස්සනයි, ශාන්තයි. ඔබේ හැකියාව තව තවත් දියුණු වේවා කියල මම ප්‍රාර්ථනා කරනව.

ධනික | Dhanika said...

@සරත් ගුණතුංග
බොහොමත්ම ස්තූතියි වෛද්‍ය තුමෙනි! ඔබේ මේ අදහස් දැක්වීම මං ඉතා අගය කොට සළකනවා. ස්තූතියි ඔබට!

Hasitha Gunasinghe said...

"පූජා ච පූජනීයානං" ඒ කියන්නේ පිදිය යුත්තන් පිදීම මංගල හෙවත් යහපත් කාර්යයක් විදිහට තමා බුදු හාමුදුරුවොත් දක්වලා තියෙන්නේ. ඇත්තටම ප්‍රශංසනීය වැඩක්

Hasitha Gunasinghe said...

අහ් සිංදුව ගැන මට කියන්න අමතක වුණානේ. ඒකත් එලම එල. සුපර් ස්ටාර් season 4 එකක් පටන් ගන්න කතාවකුත් තියෙනවා ඕන්... :)

ධනික | Dhanika said...

@Hasitha
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර දෙකටම! කිතුනු දහමෙ බුදු දහමෙ විතරක් නෙමෙයි හැම දහමකම අභ්‍යන්තර ඵලය මිනිසුන් යහ මඟ යැවීමනෙ. අපි ටිකක් පරිකල්පිතව හිතලා බැලුවොක් ඔය හැම දහමකම ඉගැන්වීමේ බොහෝදුරට සමානයි. :)

සින්දුව ගැන දක්වපු ප්‍රතිචාරෙටත් බොහොම ස්තූතියි!
හැබැයි සුපර් ස්ටාර්ස් වෙන්න ගිහින් තියෙන කාඩ් එකත් කුඩු කරගන්නවට වඩා හොඳයි මට නම් මේ ඉන්න විදියට තියෙන කාඩ් එක තියාගෙන සුවෙන් සැපෙන් ඉන්නවා... :D

Hasitha Gunasinghe said...

ඔයාගේ කතාවට එකඟයි අයියා.............

H_boy said...

ධනික ඈත්තටම හොදයි..කිව්වත් වගේ ​සෙම්ප්‍රනිශ්‍යාව නිසා ගීතයට තාත්වික බවක් මිසක් හානියක් නම් වෙලා නැ කියලයි මගේ හැගීම.
කොහොම වෙතත්, ගායනය, සංගීතය සහ පද රචනය කියන කරැණු කාරනා 3ම අසාධාරණයකින් තොරව සාධාරණය ඉටු කරලා කියලයි මට නම් හිතෙන්නේ මචන්..
අධ්‍යාපනයත් එක්කම මේ වගේ දේවල්ත් වැඩි දියුණු කර ගෙන ඉදිරියට යන්න අපේ ධනික සහෝදරයාට තව තවත් හැකියාව ශක්තිය ලැබේවා කියලා ඔන්න මම හද පතුලින්ම ප්‍රාර්ථනා කරනවා !!!!

ධනික | Dhanika said...

@Hirantha
බොහොම ස්තූතියි මචං! මං වෙනුවෙන් මේ ප්‍රතිචාරෙ එක් කරන්න උඹ වැය කරපු කාලෙටත් ගොඩක් ස්තූතියි!! :)

GG said...

malli this is excellent!I was there. I remember your singing.keep it up bro!Love to see your all round performance in future too.God bless!
P.S.just found this blog from a link in fb.

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails