දෙවන වසරෙ වැඩ පටං අරං දැන් මාසයක් හමාරකුත් ගියා දන්නෙම නැතුව. මෙන්න බොලේ ලබන සතියට පස්සෙ සතියෙ මධ්‍ය සමාස විභාගෙත් (mid semester exam) තියෙනවලු.
හැබෑටම කාලෙ යන ඉක්මණ නේද? කොහොමින් කොහොමින් හරි දෙක වසරට ආවට පස්සෙ එක වසරෙ වගේ නෙමෙයි නහුතෙටම වැඩ වැඩී.

කොටින්ම කිව්වොත් මේ මං බ්ලොග් සටහනක් ලියන්නෙත් සෑහෙන කාලෙකට පස්සෙ. බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් නෑ. (අනේ මගේ බ්ලොග් යාළුවො තරහ වෙලාද දන්නෙත් නෑ මාත් එක්ක.... කාලෙකින් කාටවත් කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා.... අනේ තරහා වෙන්නනම් එපා හොඳේ....

)
ඔය වැඩ වැඩිකම හන්දම ආයෙමත් සැරයක් බෝඩිං ජීවිතේකටත් ඇතුලුවෙන්න සිද්ධ උනා. තාම ලැපක්වත් නැති නිසා දැන් ඉතිං ජාලගත වෙනවනම් වෙන්නෙ ඉතිං සරසවියෙ තියෙන පරිගණක විද්‍යාගාර වලට පිං සිද්ධ වෙන්න තමයි. ඒත් ඉතිං කොහෙද ඒවයෙ තියෙන පරිගණක වල සිංහල තියෙන එකක් යෑ...?

අපේ සරසවියෙ විතරක් නෙමෙයි හැම සරසවියකම වගේ තත්ත්වෙ ඕකයි දන්න තරමින් නම්... ඔය දේශීයකරණය ගැන ලොකු ලොකු දේවල් කියන කරන මේ සරසවි වල ඉන්න ලොකු ලොකු උදවිය තාම මේ තමන්ගෙ සරසවියෙ තියෙන පරිගණක වලටවත් සිංහල ස්ථාපනය කරන්න පියවර නොගන්න එක නම් ඇත්තටම කණගාටුවට කරුණක්!