ඇඩ්මින් බල නැතිව කෙළින්ම සිංහලෙන් type කරන්න Mozilla ඇඩෝනයක් !



දෙවන වසරෙ වැඩ පටං අරං දැන් මාසයක් හමාරකුත් ගියා දන්නෙම නැතුව. මෙන්න බොලේ ලබන සතියට පස්සෙ සතියෙ මධ්‍ය සමාස විභාගෙත් (mid semester exam) තියෙනවලු. හැබෑටම කාලෙ යන ඉක්මණ නේද? කොහොමින් කොහොමින් හරි දෙක වසරට ආවට පස්සෙ එක වසරෙ වගේ නෙමෙයි නහුතෙටම වැඩ වැඩී. කොටින්ම කිව්වොත් මේ මං බ්ලොග් සටහනක් ලියන්නෙත් සෑහෙන කාලෙකට පස්සෙ. බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් නෑ. (අනේ මගේ බ්ලොග් යාළුවො තරහ වෙලාද දන්නෙත් නෑ මාත් එක්ක.... කාලෙකින් කාටවත් කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා.... අනේ තරහා වෙන්නනම් එපා හො‍ඳේ....)

ඔය වැඩ වැඩිකම හන්දම ආයෙමත් සැරයක් බෝඩිං ජීවිතේකටත් ඇතුලුවෙන්න සිද්ධ උනා. තාම ලැපක්වත් නැති නිසා දැන් ඉතිං ජාලගත වෙනවනම් වෙන්නෙ ඉතිං සරසවියෙ තියෙන පරිගණක විද්‍යාගාර වලට පිං සිද්ධ වෙන්න තමයි. ඒත් ඉතිං කොහෙද ඒවයෙ තියෙන පරිගණක වල සිංහල තියෙන එකක් යෑ...? අපේ සරසවියෙ විතරක් නෙමෙයි හැම සරසවියකම වගේ තත්ත්වෙ ඕකයි දන්න තරමින් නම්... ඔය දේශීයකරණය ගැන ලොකු ලොකු දේවල් කියන කරන මේ සරසවි වල ඉන්න ලොකු ලොකු උදවිය තාම මේ තමන්ගෙ සරසවියෙ තියෙන පරිගණක වලටවත් සිංහල ස්ථාපනය කරන්න පියවර නොගන්න එක නම් ඇත්තටම කණගාටුවට කරුණක්!

ඒ කොයි හැටි වෙතත් ජාලගත වෙන්න තියෙන එකම මග ඔය පරිගණක ටිකනෙ. ඉතිං නැති දේ ගැන අඬ අඬ ඉන්නැතුව තියෙන දෙයින් අපේ වැඩේ කරගන්න එපැයි. සිංහල යුනිකෝඩ් බලයලත් ජංගම ගිනිහිවලා (Sinhala Unicode enabled portable Firefox) තියෙන හින්දා යන්තං සිංහල කියවගන්න නම් පුළුවන්. හැබැයි ඉතිං පරිගණකෙකට ප්‍රවිශ්ට (login) වෙන හැම සැරේකම ෆොන්ට් එක අතින් (manually) ස්ථාපනය කරන්න වෙනවා. ඒ උනත් ඉතිං සිංහල කියවගන්න එහෙම හරි දෙයක් තියෙන එක ලොකු දෙයක්.

සිංහල කියවීමේ හැකියාව ඒ විදියට ලබා ගත්තට සිංහලෙන් යතුරුකරන්න නම් ඉතිං වෙන විකල්පයක් නෑ එසැණින් පරිවර්තකයෙම පිහිට පතන්න වෙනවා. හැබැයි එසැණින් පරිවර්තකයෙ තියෙන අවාසියක් තමයි හැම තිස්සෙම සිංහලෙන් ලියන්න ඕන දේ එතැන ලියලා පරිවර්තනය කරගන්න සිදුවීම. කෙලින්ම අපිට සිංහලෙන් ලියන්න ඕන තැනම ලියන්න හැකියාවක් නෑ. (චැට් කරන්න එහෙම නම් කොහොමත් බෑ...)

ඉතිං ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් හොයද්දි තමයි මට මේ ගිනිහිවලාගෙ ඇඩෝනය (Firefox add-on) හම්බුනේ.

SinhalaKey :: Add-ons for Firefox
(මෙතනින් ඇඩෝනය ස්ථාපනය කරගන්න)

මේ ඇඩෝනය ස්ථාපනය කලාට පස්සෙ අපිට සිංලෙන් ලියන්න ඕන උනාම කරන්න තියෙන්නෙ මෙච්චරයි. සිංහලෙන් ලියන්න ඕන තැන right click කරලා එන මෙනුවෙන් [යතුරුපුවරුව --> සිංහල] ලෙස තෝරන්න. එහෙමත් නැත්තම් Alt + F2 ඔබන්න. ඊට පස්සෙ ඔබ යතුරුකරන අකුරු වදින්නෙ සිංහලෙන්, ශබ්දානුකූලව [Phonetically]. ඒ කියන්නෙ ඔබ Alt + F2 ඔබලා 'mama' අකුරු යතුරු කළොත් තිරයෙ දිස් වෙන්නෙ 'මම' කියන අකුරු. ආයෙ ඉංග්‍රීසි වලට මාරු වෙන්න ඕනනං කරන්න තියෙන්නෙ F2 ඔබන එක විතරයි.



ඉතිං ඔය විදියට තිරය මත කෙලින්ම සිංහලෙන් යතුරුකිරීමේ හැකියාව මේ ඇඩෝනය මගින් ලැබෙනවා. හැබැයි ඉතිං තාම මේ මගින් යතුරුකිරීමේ හැකියාව තියෙන්නෙ ශබ්දානුකූලව විතරයි. ඉදිරියෙදි මෙය විජේසේකර ක්‍රමයටත් දියුණු කරන බව මේ ඇඩෝනයෙ නිල වෙබ් පිටුවෙනම් දක්වලා තියෙනවා. විජේසේකර යතුරුපුවරුවට හුරුවෙලා ඉන්න හැමෝටමත් එතකොට මෙයින් මහත් පහසුවක් සැලසේවි. (මාත් මේ බලං ඉන්නෙ මේකෙ විජේසේකර එක එනකං....)



[මේ තියෙන්නෙ දැනට මේ ඇඩෝනය භාවිතා කරන ශබ්දානුකූල අක්‍ෂර සම්මුතිය]

මොනා උනත් දැන් ඉතිං කාර්යාල වලින්, කැම්පස් ලැබ් වලින් වගේ ඇඩ්මින් බල නැති පරිගණක වලින් සිංහල යුනිකෝඩ් බලයලත් ජංගම ගිනිහිවලව යොදාගෙන සිංහල ලියන කියවන අපිට, මින් පස්සෙ හැමඑකම එසැණින් පරිවර්තකයෙන් copy paste කර කර නොඉඳ කෙලින්ම අදාළ තැනේම සිංහලෙන් යතුරුකරන්න පුළුවන්.

16 යි ප්‍රතිචාර

සහන් සටහන් said...

හප්පේ මේක නම් ඉතින් දෙයියෙක් ටොක්කන් ඇන්නා වගේ..... තැන්කූ වේවා. විජේ සේක‍්ර කීබෝඩ් මොකටද මේ හොදටම ඇති, බැලුම දුන්නම තව පුම්බලත් ඉල්ලන්න ඕනද (ඒක නෙමේ මේකෙන් බින්දුවයි සසඤ්ඤක අකුරු ලියන්නේ කොහොමද)

Chanaka Aruna Munasinghe said...

ඉතාම වැදගත්. ස්තුතියි

Naliya said...

මම දැන්න්ම වැඩෙ ක‍ර ගත්තා.බොහොම ස්තුති.අඩ්ඩොනයෙන් මුල්ම comment එක ඔයාට

ධනික | Dhanika said...

@සහන්
ස්තූතියි ප්‍රතිචාරෙට! විජේසේකර එකට ඇබ්බැහි වෙච්ච මං වගේ අයට phonetic ටිකක් කරදරයි, ඒකයි. ඒත් ඉතිං මුකුත්ම නැතුවට වඩා මේක තියෙන එක ලොකුම ලොකු දෙයක්! බැලුම පුම්බගන්න (මේක විජේසේකරේට හරියන්න හදාගන්න) විදියක් දන්නවනම් ආයෙත් පුම්බලා ඉල්ලන්නෑ... :D
පොඩ්ඩක් Tools --> Add-ons වලට ගිහින් මේ ඇඩෝනයේ help එක බලන්න. ඒකෙ ඔය ලිපියෙ දක්වලා තියෙන යතුරු සම්මුතිය ඇති.

ධනික | Dhanika said...

@Chanaka Aruna Munasinghe
ස්තූතියි!

@Naliya
බොහොම ස්තූතියි comment එකට... දැන් ඉතිං කොහේ ඉඳං අපේ ලිපි කියෙව්වත් comments දාන්න පුළුවන්නෙ නේ.... :D

යූත්මැක්ස් said...

Supiri Wedakne.... Thankoooooo

සහන් සටහන් said...

තව පොඩි උදව්වක් ඕන "ඹ" සහ "ඳ" (සඤ්ඤක) අකුරු Help එකේ නෑ නේද? ඒ ටික කොටන විදිහ පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

ධනික | Dhanika said...

@යූත්මැක්ස්
ස්තූතියි ප්‍රතිචාරෙට!

@සහන්
මේකෙන් සඤ්ඤක අකුරු කොටන්න විදියක් නම් මටත් හම්බුන්නෑ... මාත් සඤ්ඤක අකුරු කොටන්න ඕන උනාම ඉතිං එසැණින් පරිවර්තකයෙන් copy කරගන්න එක තමයි කරන්නෙ... නිකං හම්බෙච්ච අස්සයගෙ දත් ගයින්නෙ මොකටද නේද..? ඇඩ්මින් බල නැතිව කෙළින්ම සිංහල කොටන්න විදියක් නැතුවටම වඩා මේ අකුරු ටිකවත් කොටාගන්න විදියක් තියෙන එක මදෑ.... :P

Kanishka said...

එල ගො‍ඩක් වටිනව අපිට මේක :D තැන්කූ වේවා :)

Akhila said...

බොහොම වටින වැඩක්, ස්තුතියි

Chrishi said...

ජය වේවා !!! බොහොමත් ස්තූතියි !!

ධනික | Dhanika said...

@කණියා, අඛිල, Chrishi
එළ එළ... කට්ටියටම ප්‍රයෝජනවත් කියලා දන්න හින්දා තමයි මේ ගැන ලියන්න හිතුවෙ... ස්තූතියි ප්‍රතිචාර වලට...!

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

ධනික සහෝදරයා මේ ඇඩෝනය ගැන ලියපු එකත් ලොකු දෙයක්.ජය වේවා

ධනික | Dhanika said...

@Duminda
බොහොම ස්තූතියි සහෝදරයා! ජයවේවා! :)

සහන් සටහන් said...

මේ ඇඩෝනෙ කව්ද හැදුවේ

ධනික | Dhanika said...

@සහන්
අනේ මම නම් නෙමෙයි... ;)
මේක හදලා තියෙන්නෙ මංජුල කියලා සොයුරෙක්...
වැඩි විස්තර ඕනෙ නම් මෙතනින් බලන්න.
http://risingofsilversurfer.blogspot.com/2008/01/sinhalakey-extension-release.html

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails