"වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි !"
දවසේ කෙටි කතාව
"සෑර් බලන්නකො... චැහ්......!"
"මොකද බං......?"
"චැහ්....! බලන්නකො.... අපේ ෆිලිම් එක හදලා ඉවර වුනා විතරයි මේවා තහනම් කළානෙ..."
"මොනවද බං.....?"
"ඇයි සෑර් දැන් වැඩිහිටියන්ට පමණයි ෆිලිම්ස් තහනං නොවැ...."
"ඉතිං අපිට මොකද බං......?"
"අපිට මොකද අහන්නෙ.........? අපරාදෙ යට කරපු සල්ලි........"
"ඇයි..........?"
"ඇයි සෑර් ඉතිං දැන් අපි හදපු ෆිලිම් එකත්........"
"ඔව්.... ඉතිං..... කව්ද බං කියන්නෙ අපි හදපු ෆිල්ම් එක එහෙම එකක් කියලා....?"
"ඇයි සෑර් අපි හදපු ෆිලිම් එක......"
"ඔව් ඉතිං..... අපි හදපු ෆිල්ම් එක..............?"
"අපි හදපු ෆිලිම් එක වැඩිහිටියන්ට...."
"වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!"
~නිමි~
දවසේ පිංතූරය
(විශාල කර බැලීම සඳහා පිංතූරය මත ක්ලික් කරන්න)
දවසේ සාකච්ඡාව
මෙතෙක් කල් ශ්‍රී ලංකාව තුළ 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපට ප්‍රදර්ශණය කෙරිණ. ප්‍රායෝගික සත්‍යය කුමක් වුවත් ඒවා නැරඹූවේ වැඩිහිටියන් පමණක් යැයි සෛද්ධාන්තිකව අපට උපකල්පනය කළ හැකිය. මන්දයත් ඒවා නැරඹීට නීතිමය අවසරය තිබුණේ වැඩිහිටියන්ට පමණක් බැවින් සහ පොඩිහිටියන්ට ඒවා නැරඹීම නීතිමය වශයෙන් තහනම් වූ බැවිනි.
නමුත් මින් ඉදිරියට 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපට ප්‍රදර්ශණය වන්නේ නැත. ප්‍රදර්ශණය වන්නේ 'වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි' චිත්‍රපට පමණි. 'වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි' යන්නෙහි අර්ථය කුමක්ද? වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යන්නෙන්, පොඩිහිටියන්ට සුදුසු නොවන බවක් වත්, පොඩිහිටියන්ට තහනම් බවක් වත් කියැවෙන්නේ නෑ නොවේද? වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යනු පොඩිහිටියන්ටත් තරමක් දුරට හෝ සුදුසුයි යන්න නොවේද?
෴
හික් හික්.......... :D
බී පෙ සී
siraaawata
හික් හික් :D මාත් එන ගමන් කටුබැද්ද හන්දියෙ ඕක දැක්ක :D
හික්z..
නියමයි. මට ඕක දැක්කම පොඩි ළමයෙක් වෙලා හිටියනං හොඳයි කියල හිතුනා.
@ushan, manushan, Kanishka, පොතේ ගුරා
සිරාවට මටත් මේක දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා ඔයාලට වගේම... :D
@DragonD
සිරාවට නේන්නං...
@Kanishka
මාත් ඔය photo එක ගත්තෙ අද කැම්පස් ගිහින් එද්දි කටුබැද්ද හන්දියෙදි තමයි... :D
@ශාකුන්තල
ඇත්ත නේන්නං... ඔය කිව්වමයි මටත් හිතුණෙ ළමයෙක් වෙලා හිටියනම් මරුනෙ කියලා... :D
බිපෙසි..
පල නොකියා පලා බෙදීම!
@Anu
මේවට වෙන මොනා කරන්නද බිපෙසි ඇරෙන්න නේද? :D
@-බිன்ku-
සහතික ඇත්ත..!
@DH
I have your comment in my mail box. Wonder why you deleted your comment. Anyway the problem is unlike in US here we are not having such a system of Rating movies. Anyway thanks for the information & for the link.
@හැමෝටම
ඉහත DH විසින් පළ කළ ප්‍රතිචාරය ඉවත් කරන ලද්දෙ මා විසින් නොවේ. එය ඉවත්කරගෙන ඇත්තේ ඔහු විසින්ම බව කරුණාවෙන් සළකන්න.
අපේ අයත් වැඩේ අතාරින්නේ නැ වගේ....
maaara soya ganeemak ne malayo . . . hikz
@panhinda
සිංහල ජාතිය කිසිදා පසු නොබසින ජාතියක් නෙව! :D
@දුකා
හි හි... සොයාගැනීමක් නෙමෙයි දුකා අයියෙ සොයන්නැතුවම පෙනිච්ච දෙයක්... :D
Post a Comment