මානවයා 1.01 සිංහල විශ්වකෝෂය එළිදැක්වීම

මාගේ කුළුඳුල් නිර්මාණය වූ "මානවයා 1.01" - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය එළිදැක්වීම පිළිබඳ 2009-04-08 වැනි දින එනම් මගේ උපන් දිනය දින සිංහල සමූහයන් හි පළ කල දැනුම්දීම් ලිපිය.....


-------------------------------------------------------------------------------------------------

මානවයා 1.01

-මානව ශරීරයේ අවයව සහ පද්ධති පිළිබඳ වූ සිංහල විශ්වකෝෂය-

මානවයා 1.01 - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය සියළු ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ!



මෙතැනින් බාගන්න




-------------------------------------------------------------------------------------------------

හිතාදර සිංහලයෙනි,

ආයුබෝවන් !!!

සිංහල යුනිකෝඩ් භාවිතා කරන අප සියලුම දෙනාගෙ පරම අභිප්‍රාය තමයි තොරතුරු තාක්ෂණ ‍ක්ෂේත්‍රය තුල, එහෙමත් නැත්නම් පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රය තුල අපේ මව් බස වන සිංහල භාෂාවේ භාවිතය ව්‍යාප්ත කරලීම. එහෙම නේද? මේ සඳහා සිංහල වෙබ් අඩවි, බ්ලොග් අඩවි වගේම සිංහලෙන් සෑදූ මෘදුකාංගත් ඉතා විශාල දායකත්වයක් සපයනවා. ඉතිං සිංහලෙන් නිර්මාණය වන මෘදුකාංග පිළිබඳවත් අපේ මේ සිංහල යුනිකෝඩ් භාවිතා කරන සෑම කෙනෙක්ම සෙවිල්ලෙන් ඉන්න බව නොරහසක්.

මේ කියන්න හදන්නෙ එහෙම කල එලි බහින තවත් සිංහල මෘදුකාංගයක් ගැන.
"මානවයා 1.01" ලෙසයි මෙය නම් කරලා තියෙන්නෙ.
හැඳින්වීම: මානව ශරීරයේ අවයව සහ පද්ධතීන් පිළිබඳ වූ සිංහල විශ්වකෝශය.

සිංහලෙන් දත්ත සහ රූප ඇතුලත් ජීවවිද්‍යාත්මක විශ්වකෝශයක් තමයි මේ මානවයා 1.01 කියන්නෙ. ඔව් අපේ ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට වගේම අපිටත් මේක ප්‍රයෝජනවත් වේවි! මොකද අපිට අපේ ශරීරය ගැන දැනගන්න වයස ප්‍රශ්නයක් නෑනෙ.

මෙම මෘදුකාංගය ශ්‍රී ලංකා පාසල් ජාලය (SchoolNet) මගින් ද පිළිඅරගෙන පාසල් ජාල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ගිහින් බලන්න.

මගේ ප්‍රථම නිර්මාණය වන මේ මෘදුකාංගය පාසල් ජාලය සඳහා නොමිලේ ලබා දුන්නා වගේම අප රට වැසි සියළුම දෙනාට පරිශීලනය කල හැකි ලෙස නොමිලේ ලබා දෙන්න මම අද මෙය සයිබර් අවකාශයට මුදාහරිනවා. අද (අප්‍රේල් 8) මගේ උපන් දිනය දවසෙ මා මෙය සියළු ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදෙන්නෙ මගේ උපන් දිනයට මම මගේ රටට ලබා දෙන තිලිණයක් ලෙසයි.

මෙම සිංහල විශ්වකෝශය භාගත කරගෙන පරිශීලනය කරලා මට ඔබේ අදහස් උදහස් ලියන්න. වැඩිය නෑ 13.3MB විතරයි. එය අද ඔබ මට ලබා දෙන උපන් දින තෑග්ගක් වේවි!

මෙතැනින් භාගත කරන්න

භාගත කරන්න කලින් මෙහි ක්‍රියාකාරිත්වයේ තිරදර්ශනයක් (screencast) නරඹන්න කැමති නම මෙතැනින් බලන්න.




ඔබට බොහෝ තුති!
සිංහලය වැජඹේවා...!


-------------------------------------------------------------------------------------------------



1 යි ප්‍රතිචාර

Uraj Deemantha said...

බොහෝම ස්තූතියි යාලුවා.........!!

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails