අතීතය නිවැරදි කරීම පිළිබඳ යතාර්ථය෴

දෙමව්පියන්ගේ පෙර වැරදි නිසා බොහෝ දරුවන් සමාජයෙන් කොන් වෙනවා. ඒ දරුවන්ගේ අතේ කිසිම වැරැද්දක් නොතිබුණත් දෙමව්පියන්ගෙ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ ඒ දරුවන්ට. එවන් අයෙකු ගැන අනුකම්පාවෙන් මා අතින් කලකට පෙර ලියැවුනු නිසැදසකි මේ. ඇත්තටම කෙනෙකුගෙ අතීතය නැවත නිවැරදි කරන්න බැරිද?


අතීතය

අතීතයක් ඇත...
සෑම දෙයකටම ඇත...
රටකට, නගරයකට, ගමකට මෙන්ම,
සෑම පුද්ගලයෙකුටම ඇත...
කිසිවෙකුගේ අතීතය හොඳ නම්,
සමාජය ඔහු පිළිගන්නේ හොඳ තැනැත්තෙකු ලෙසය...
එහෙත්,
කිසිවෙකුගේ අතීතයේ මොනයම් හෝ කැළලක් ඇත්නම්
ඔහු වර්තමානයේ කෙතරම් හොඳ වුවත්
සමාජයෙහි ඔහු කෙරෙහි ඇති ආකල්පය
වැරදි ආකල්පයකි...
අතීතය නැවතත් නිවැරදි කල නොහැකි වීම
බොහෝ දෙනාට ඇති අපහසුතාවයකි...
කෙනෙකු පිළිබඳ සමාජයේ ඇති වැරදි ආකල්පය
ඔහුට මෙන්ම ඔහුගේ දරු මුණුබුරන්ටද බලපානු ඇත...
කිරීමට ඇත්තේ එක දෙයකි...
එනම්,
අනාගතයේදී අපේ අතීතය හොඳයයි කියා
සමාජය තුල ආකල්පයක් ඇති කිරීමට
අපි අපගේ වර්තමානය හැඩගස්වා ගත යුතුය...
යතාර්ථය නම් එයයි.....!

5 යි ප්‍රතිචාර

Anonymous said...

ඔන්න හා පුරා කියලා ලියනවා... දිගටම ලියන්න...අපි කැමතියි හොද දේවල් කියවන්න.... මානවයට ජය වේවා !!!!

ධනික | Dhanika said...

@ පිස්සා

හා හා පුරා කියලා මට ලිව්වට බොහෝ තුති!
ඉස්සරහට තව හොඳ හොඳ දේවල් ලියැවෙයි...!

Anonymous said...

සුභ පැතුම් !! ගී ගයන, ගී ලියන, නිසදැස්, ලියන මානවයා 1.01 තව තවත් වැඩි දියුණු වී 120.0 වෙන කල් යන්න වරම්...

Narada said...

සුභ පැතුම් මානවයෝ! ඔබට රට වෙනුවෙන් සේවය කරන්න ශක්තිය ලැබේවා! මග පෙන්විම ලැබේවා!

Wickasitha said...

මානවයට ජය වේවා

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails