මුළු පරිගණකයම එක මෙනුවක් යටතට...

පහුගිය දවස් වල විභාග කටයුතු නිසාවෙන් සෑහෙන කාලෙකින් ජාල ගත වෙන්න ඉඩක් ලැබුන්නෑ. කාලෙකට පස්සෙ අද තමයි බ්ලොග් සටහනක් ලියන්න යතුරු පුවරුවට අත තිබ්බෙ.

මුළු රටම එක කොඩියක් යටතට ආපු ඒ ජයග්‍රහණයෙ උණුසුම තාමත් පහව ගිහින් නෑනෙ. ඉතිං මේ කියන්න හදන්නෙ මුළු රටම එක කොඩියක් යටතට ගත්ත වගේ මුළු පරිගණකයම එක මෙනුවක් යටතට ගන්න පුළුවන් විදියක් ගැන.

අපිට අපේ පරිගණකයෙ ‍drive එකක කොහේ හරි අස්සක මුල්ලක තියෙන file එකක් විවෘත කරගන්න අපි සාමාන්‍යයෙන් කරන්නෙ Start Menu එකේ හරි Desktop එකේ හරි තියෙන My Computer icon එක මත click කරලා, අපිට අවශ්‍ය file එක තියෙන drive එක මත double click කරලා, තව folders කීපයක් මතත් double click කරලා, අන්තිමේට අපිට අවශ්‍ය file එක මත double click කරලා ඒ file එක විවෘත කරගන්න එකනෙ. Control Panel වල තියෙන මොකක් හරි task එකක් විවෘත කරගන්නත් අපිට ඔන්න ඔය වගේ කීප සැරයකම double click කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි My Documents, Shared Documents වැනි folders තුල ඇති file එකක් විවෘත කරගන්නත් අපිට එහෙම කරන්න වෙනවා.

ඉතිං ඔය වගේ හත් අට පාරක් double click කර කර ඉන්නැතුව ඔය කියපු සෑම තැනකට එකම තැනකින් පිවිසෙන්න හැකි නම් අපූරුයි නේද? තවත් ටිකක් විස්තර කරලා කිව්වොත් හරියට Start Menu එකෙන් ගිහිල්ලා Program එකක් විවෘත කරගන්නවා වගේ පරිගණකයේ තියෙන ඕනෑම දෙයක් විවෘත කරගත හැකි නම් අපිට ගොඩක් පහසුවෙන් ඉක්මණින් අපේ වැඩ කරගන්න පුළුවන් වෙයි නේද?

මේ සඳහා කරන්න තියෙන්නෙ පුංචිම පුංචි සරල දෙයක්. ඔබේ Task Bar එක මත right click කලාම ඔබට දිස්වේවි ඔය රූපයේ දක්වලා තියෙනවා වගේ මෙනුවක්. ඒ මෙනුවෙන් Toolbars තෝරා එයින් New Toolbar තෝරන්න.




එවිට විවෘතවෙන මෙන්න මේ කවුළුවෙන් My Computer තෝරා OK කරන්න.




එතකොට ඔබට පෙනේවි task bar එක මත My Computer කියලා මේ රූපයේ තියෙන විදිය‍ට >> සලකුණත් සමග දිස්වෙනවා.



ඔය >> සලකුණ මත වරක් click කරාම ඔබට පෙනේවි අර ඉහත කියපු සියල්ලම ඇතුලත් මෙනුවක් දිස්වෙනවා. මේ මෙනුව දිගේ අපිට පරිගණකයේ තිබෙන ඕනෑම තැනකට එක් වරක්වත් click නොකර යන්න පුළුවන්. කලින් සඳහන් කලා වගේ My Computer හි තිබෙන drives (Floppy, Hard drives, Optical drives, Removable drives), Control Panel, My Documents, Shared Documents කියන ඕනෑම එකක් තුලට එකම මෙනුවක් හරහා ගොස් එක් වරක්වත් double click නොකර ඒ තුල ඇති ඕනෑම දෙයක් පහසුවෙන් ඉක්මණින් විවෘත කරගන්න පුළුවන්.

මෙහි තිබෙන තවත් පහසුවක් තමයි files විශාල ප්‍රමාණයක් තිබෙන folder එකක් මෙනුව දිගේ ගොස් විවෘත වූ විට එහි තිබෙන files සියල්ල දිස් කල නොහැකි විට මෙනුවේ යටම පහලට ඊතලයක් දිස්වීම. එම ඊතලය මත mouse pointer එක තැබූ විට එම list එකේ පහලට යන්න පුළුවන් වගේම ඒ මත mouse pointer එක තබාගෙන අපිට අවශ්‍ය file එකේ මුලකුර යතුරු පුවරුවෙන් එබූ විට එම අකුරින් පටන් ගන්නා files list එක එසැණින් දිස් කරවාගන්න පුළුවන්. මේ මගින් විශාල files ප්‍රමාණයක් ඇති folder එකක් තුල ඇති file එකක් උනත් පහසුවෙන් සොයා විවෘත කරගන්න පුළුවන්.





මේ පුංචි මෙනුව ඔබ භාවිතා කරන්න පටන් ගත්තට පස්සෙ ඔබේ Desktop එක මත ඇති My Computer icon එක දිහා ආයෙ කවදාවත් ඔබට බලන්නවත් ඕන වෙන එකක් නැහැ...

9 යි ප්‍රතිචාර

පැතා said...

එල කිරි කොල්ලෝ

Deeps said...

niyamayi

ධනික | Dhanika said...

ස්තූතියි දෙන්නටම...!

කාලිංග said...

පොඩ්ඩක් my computer එක desktop එකේ උඩ කොනටම ඇදලා අතාරින්න :) ඒකත් මෙනු එකක් වෙනවා.. මෙනු කිවුවාට my computer tool bar එකක්... මේකම folder එකකට උනත් කරන්න පුලුවන් folder එකක් හදලා ඒක ඇතුලට shortcut දාල folder එක desktop එකේ, උඩ, පැත්තක කොනටම ගෙනිහිල්ලා ඇතැරිය ගමන්, ඒක toolbar එකක් වෙනවා.

Sasika Nanayakkara said...

ආ මරැ මරැ..දැන් ඉතින් ඔළුවවටේ අත යවලා නහය අල්ලන්න ඔනේ නැහැනේ.

ධනික | Dhanika said...

@කාලිංග අයියා
ස්තූතියි ඒකත් කිව්වට :) නමුත් එලෙස පුළුවන් වෙන්නෙ නිශ්චිත තැනක් විවෘත කරගන්න විතරයි. ඇතුලට යන්න බෑනේ? නමුත් task bar එකේ මෙනු එක හදාගත්තම ඕන තැනක් ඇතුලට යන්න පුළුවන් වගේම කොහේ හිටියත් අපිට වැඩේ කරගන්නත් පුළුවන්. ආයේ desktop එකට එන්න ඕන වෙන්නෙ නෑ. අනිත් එක My Computer වලට විතරක් නෙමෙයි ඉහත දක්වලා තියෙන හැම තැනකටම එකම මෙනුවකින් යන්න පුළුවන් :)

තුෂ් said...

ඇත්තටම මටත් එපා වෙලා තිබුණෙ "CLICK" කරල..... මේ දේ මීට පෙර කරල තිබුණත් අවශ්‍යතාවය අනුව ප්‍රයෝජනය ගන්න බැරි උනා....
ඇත්තටම ස්තූතියි..... ඔබට

rane said...

ම‍රු ම‍රු

Unknown said...

Oyage Blog Eka Balanna Pramada Unata Pasutevenawa.Saralay,Pahasuy.Obata Jaya.

Mama
saman

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails