මෙතෙක් බිහිවූ ත්‍රාස්‍යජනකතම කෙටි චිත්‍රපටය...

ඔය ත්‍රාස්‍යජනකතම කෙටි චිත්‍රපටය ගැන කියන්න කලින් පොඩ්ඩක් කියලා ඉන්නම්කො මේ දවස් වල වත ගොත ටිකක්. ඊටත් කලින් කියන්න ඕනා මෙන්න මේ ටික. මේ සිංහල බ්ලොග් ලිවීමෙනුත් බිහිවෙලා තියෙන්නෙ යම්කිසි විදියක සමාජයක්. ඕනෙම සමාජයක වගේ මේ සමාජයෙත් සමාජිකයින් අතර ඒ කිව්වෙ මේ අපේ සිංහල බ්ලොග් ලියන යාළු මිත්‍රයින් අතරත් මත ගැටුම් ඇති වීම ස්වභාවිකයි. එහෙම වෙන්න එපැයි ඉතිං. මත වලින් ගැටුනම තමයි අපේ පරිකල්පන ශක්තිය දියුණු වෙන්නෙ, අපේ මතවාද තීව්‍ර වෙන්නෙ. ඒවා ඉතිං ඒ අදාල ලිපිය සම්බන්ධව විතරනෙ. තාවකාලික මතගැටුම් විතරයි, ස්ථීර මතගැටුම් අපි කව්රුත් අතර නෑ. ඉතිං මේ හෙළ සමාජය තුල ඉන්න යාළු මිත්‍රයින් අතර අපි එකිනෙකාට ප්‍රයෝජනවත් හෝ රසවත් වන අපේ ජීවිත අත්දැකීම් බෙදා ගැනීමෙ ඇති වැරැද්දක් නැති බවයි මගේ හැඟීම. ඒ නිසයි මේ දවස් වල වත ගොත ටිකක් සහ අතීත ජීවිත අත්දෑකීම ටිකක් මගේ බ්ලොග් සටහනේ ලියන්න හිතුවේ.

විභාග කටයුතු නිමා කරලා මේ දවස් වල ටිකක් නිදහසේ ඉන්නවා. සරසවියේ කට්ටියක් එක්ක සෙට් වෙලා දින තුනක චාරිකාවකුත් ගියා විභාග මානසිකත්වයෙන් මිදිලා පොඩ්ඩක් ඉහිල් වෙන්න. අපි ගියෙ ලංකාවෙ උසම පෙදෙසට. දුම්රියෙන් බැස්සෙම ලංකාවෙ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන්. හෝට්න් තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, දියළුම ඇල්ල, රාවණා ඇල්ල වගේ ලංකාවෙ සුන්දරම තැන් කීපයකම අපිට සැරිසරන්න ලැබුණා. මෙහෙම යද්දි හිතුණ එක දෙයක් තමයි අපේ මේ පුංචි ලංකාව මොනතරම් සොභාසෞන්ධර්යාත්මක විවිධත්වයකින් පිරුණු රටක්ද කියන එක. විශේෂයෙන්ම හෝට්න් තැන්න රක්‍ෂිතයෙ අඩියෙන් අඩියට දේශගුණික ලක්‍ෂණ එකිනෙකට වෙනස්. ඇත්තටම එය පුදුමසහගතයි. ලංකාවෙ සුන්දරතම ‍ප්‍රදේශයක් වන මෙය රක්‍ෂිතයක් කරපු අයට නම් අපි ශ්‍රී ලාංකිකයො හැටියට ජාති ජාතිත් පිං දෙන්න ඕනා. ‍අපේ මේ චාරිකාවේ ඡායාරූප කීපයක් මෙන්න මෙතනින් කැමතිනම් නරඹන්න පුළුවන්.

කලින් කිව්වනෙ මේ දවස් වල විභාග කටයුතු නිමා කරලා නිදහසේ ඉන්නෙ කියලා. හැබැයි අපිට නිවාඩුව නම් එක සතියයි. :( මේ දවස් වල ගත වෙන්නෙ June Term එක. ඉතිං හදාරන්නෙ එච්චර හිතට වදයක් නැති තාක්‍ෂණික නොවන විෂයයන්. තෝරගන්න විෂයන් ලෙස උත්තර භාරතීය ශ්‍රාස්ත්‍රීය සංගීතය සහ දෘශ්‍ය නිර්මාණය (Video Production) තමයි මං තෝරගත්තෙ. Video Production ගැන කිව්වමයි මට මතක් උනේ මගේ බ්ලොග් සටහනේ පළ කරන්නම ඕන දෙයක් තාම පළ කලේ නෑනෙ කියලා.

සරසවි දිවියේ පළමු සාමාසයෙ මං ගත කලේ බෝඩිං ජීවිතයක්. දන්නවනෙ ඉතිං බෝඩිං වල ඉන්නකොට ඉඳලා හිටලා පොඩ්ඩක් පිස්සු කෙළිනවා කියලා :) මේ වැඩේ කලේ අපේ කුළුඳුල් සාමාසික විභාගෙට ඇකදාන (පාඩම් කරන) කාලෙ. ඒ කාලෙ ඉතිං කට්ටියත් එක්ක රෑ 2, 3 වෙනකල් ඇකදානවා. බොඩිමේ හිටපු අපේ බැචාලා දෙන්නෙක්ට පොඩි පිස්සුවක් තිබ්බා බයිටට අංගම් පොර කෙළ ගන්න. ඉතිං දවසක් රෑ පට්ටටම ඇකලොස් වෙච්ච (පාඩම් කෙරෙන්නෙම නැති)‍ වෙලාවක කට්ටියත් එක්ක කතා උනා අංගම්පොර වලින් කෙටි චිත්‍රපටියක් හදන්න. කතා, තිරපිටපත්, දර්ශන කෝණ ඔක්කොම එවෙලෙට හිතෙන ඒවා. නළුවො ටික නම් හරි. වැඩේට නිළියකුත් ඕනැ උනානෙ. රෑ 12ට විතර නිළියක් හොයාගන්නෙ කොහොමද? ඔව්වත් ප්‍රශ්නද අපි පුංචි උපක්‍රමයකින් නිළියක්ව import කර ගත්තා.

ඔන්න දැන් ඉතිං shooting කරගෙන යනවා. කැමරාව SE W810i phone එකක්. අපේ බෝඩිම තිබ්බෙ උඩ තට්ටුවක. අපේ අංගම් නළුවො දෙන්නා අරෙහෙට පයිනවා මෙහෙට පයිනවා කෑ ගහනවා උඩ තට්ටුවෙ පොළව දඩස් දඩස් ගානවා. මෙන්න බොලේ සද්දෙ ඇහිලද කොහෙද යට තට්ටුවෙ හිටපු බෝඩිමේ ඇන්ටිත් ඇහැරිලා අපිට බර බරේ දාන්න ගත්තනෙ. මොනා කරන්නද film එකේ ඉතුරු ටික සද්දයක් බද්දයක් නැතුව ශේප් එකේ කලා.

අපේ බෝඩිමේ නම 'බාvilla'. ඉතිං අපි මෙකට නම දැම්මා 'අංගම් in බාvilla' කියලා. මම රඟපෑවෙ නම් නෑ. මං දායක උනේ editting වලට. කෑලි කෑලි කපලා කොටලා එකතු කරලා පසුතල සංගීත එහෙම මුසු කරලා සංස්කරණ කාර්යය කලේ මම. වැඩේට දායක වුනු අනිත් අයගෙ නම් ගම් චිත්‍රපටිය අවසානයෙ ඇති.

අංගම් in බාvilla බලලම කියන්නකො බලන්න මෙතෙක් බිහිවුනු ත්‍රස්‍යජනකම කෙටි චිත්‍රපටිය මේක නෙමෙයිද කියලා... හි.. හි..



13 යි ප්‍රතිචාර

පොතේ ගුරා said...

හික් හික් හික්...ගති බන්z..තව episodes බලාපොරොත්තු වෙනව..

Anonymous said...

ela film eka machan. thawa keli tikak dapan. meke kellek widiyata raangapanne kollek neda?

Deeps said...

Vid production කේ mobile film assignment එකට මේකම දීල දාන්න..හිනා කාලා මැරෙනවා. අර කොස්සෙන් ගහල පන්නන කෑල්ල තමා නියම සීන් එක

ධනික | Dhanika said...

@Anonymous
ඔව් මචං.. නැතුව ඉතිං මහ රෑ 12ට විතර කොල්ලන්ගෙ බෝඩිමකට කෙල්ලෙක් එයි යෑ... :) කොහොමද අපේ නිළියත් එළනේ... ස්තූතියි film එක එළ කිව්වට.

@deeps
"හිනා කාලා මැරැනවා" කිව්ව එකටනම් ගොඩක් සතුටුයි. මොකද ඉතිං අද කාලෙ ගොඩක් comedy film වලට හිනා යන්නෑනෙ. හිනා කෑවට නම් කමක් නෑ ඉතිං කාලා මැරෙන්න නම් එපා හො‍ඳේ... :)

Chamitha said...

හෙ හේ. මරු වැඩක්:D

Anonymous said...

එලනේ..බැයිද අංගම් වැඩ කැලිටිකක් කියල දෙන්න.. :D

ධනික | Dhanika said...

@Chamitha
ස්තූතියි!

@panhinda
හි.. හි.. අපෝ මේ මට නම් බෑ.. අපෙ අංගම් නළුවො දෙන්න තමයි වැඩේට දස්ස.. ළඟදිම අපේ බෝඩිමේ අංගම් class එකක් දාන්න ඉන්නෙ.. දැම්මම කියන්නම්කෝ... :)
(හැබැයි ඉතිං class එකේ ගාන නම් ටිකක් සැරයි හො‍ඳේ..)

ධනික | Dhanika said...

@පොතේගුරා
තව episodes නම් ඉතිං shoot කරන්න වෙන්නෙ වෙන location එකක තමයි. දැන් මං බෝඩිමේ නෑනෙ. දැන් කැම්පස් යන්නෙ ගෙදර ඉඳං. බලමුකො try එකක් දාලා "අංගම් in බාvilla 2" හදන්න... :)

සමීර විමලරත්න said...

Looking forward for අංගම් in බාvilla 2 ☻
එලනේ කොල්ලා... කියල වැඩක් නැහැ... උපරිමයි...
තව දෙයක් බෝඩිමේ ඉඳලා හිටලා පිස්සු කෙළින එක ගැන සතුටු වෙන්න full time නැතුව /wahaha

ධනික | Dhanika said...

@Sameera
ස්තූතියි ස්තූතියි! අංගම් in බාvilla 2 හැදුවොත් කියන්නම්කො... :) Full time පිස්සු කෙළන්න වෙලාවක් නෑ.. ඒ තරමට වැඩ.. ඔය ඉඳලා හිටලා ඔය වගේ පිස්සුවක් කෙළියොත් ඇරෙන්න..

දුකා said...

පිස්සු කොර. . .බඩ රිදෙනවා . . . හිනා වෙලාම . . .

Shirosh said...

මම මේ දැනුයි දැක්කේ! එළ චිත්‍රපටයක්. තියෙන අවම සම්පත් වලින් උපරිම ත්‍රාසය නිර්මාණය කරලා තියෙනවා. වීඩියෝ එඩිටින් පාරත් එළම තමා!

ධනික | Dhanika said...

@දුක්ගන්නාරාළ
හෙ.. හේ... අනේ මංදා මට බඩේ අමාරුවට බේත් දෙන්න වෙයිද දන්නෙත් නෑ... :D

@Shiroshan Randika
අයියෝ මල්ලි මේ දැකලා තියෙන්නෙ හරියටම අවුරුද්දකට කලින් ලියපු ලිපියක්... එළ එළ... ස්තූතියි ප්‍රතිචාරෙට! :D

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails