ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???

ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ )

ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?

මමත් ඉඳලා හිටලා මේ අත්දැකීමට මුහුණදෙනවා. මුල දි මට හිතුණෙ කලින් දැකපු හීනයක ඇති දෙයක් අපේ සිතින් සංසන්දනය කරනවද දන්නෑ කියලා. මේ ගැන කතාබහ කරද්දි දැනගත්තා මෙහෙම වෙන්නෙ මට විතරක් නෙමෙයි ගොඩක් අයට ඉඳලා හිටලා මෙහෙම වෙනවා කියලා. මෙහිදි ඇත්තටම සිදුවෙන්නෙ මොකක්ද කියලා දැනගන්න ආස හිතිච්ච නිසා හොයලා බලද්දි දැනගන්නට ලැබුණෙ මෙන්න මේ වගේ දෙයක්.

හැමෝම දන්නවනෙ අපිට වස්තූන් පෙනෙන්නෙ යම් වස්තුවක සිට එන ආලෝක කිරණ ඇසේ කණීනිකාව තුලින් ගිහින් අක්‍ෂි කාචයෙන් දෘෂටි විතානය මත නාභිගත වෙලා දෘෂ්ටි විතානයෙන් නිපද වන සංඥා, දෘෂ්ටි ස්නායුව හරහා මොළේට ගිහාම කියලා. ඉතිං අපිට ඇස් දෙකක් තියෙන නිසා මේ ඇස් දෙකෙන්ම නිපදවන සංඥා මොළේට යනවා. ඇසේ නිවැරදි ක්‍රියාකාරීත්වයෙදී මේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙකම තත්පරෙන් දාහෙන් පංගුවකවත් වෙනසක් නැතුව හරියටම එකම වෙලාවෙදි මොළේට යා යුතුයි. එම සංඥා දෙකේ සංකලනයෙන් අපිට වස්තූන් ත්‍රිමාණව පෙනෙන්නෙ අන්න එතකොටයි.

අර මං කිව්වනෙ සමහරවෙලාවට අපිට වර්තමානයේ සිදුවන දේ මීට පෙර සිදුවෙලා තියෙනවා වගේ හිතෙන්නෙ අපේ ඇසේ තියෙන තාක්‍ෂණික දෝෂයක් නිසා කියලා. අන්න ඒ තාක්‍ෂණික දෝෂය තමයි ඇතැම් වෙලාවට අපේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙක මොළේට යන්නෙ පුංචි කාල අන්තරයකින් වීම. එනම් එක් ඇසකින් නිකුත් කරන සංඥාව මොළේට ගිහින් පුංචිම පුංචි කාලයකට (fraction of a second) පස්සෙ තමයි අනෙක් ඇසෙන් නිකුත් කරන සංඥාව මොළේට යන්නෙ. මෙහෙම වෙන්නෙ ගොඩක් කලාතුරකින්. මෙතනදි වෙන්නෙ මෙන්න මේකයි. මුලින් ආපු සංඥාව මොළේට ගිය ගමන් එය අපේ මතකයේ තැම්පත් වෙනවා. ඊළඟට එම සංඥාවම ආයෙමත් අනෙක් ඇසෙන් ආපුවම අපිට ඒක දැනෙන්නෙ අපේ අතීත මතකයේ තිබ්බ දෙයක් නැවත සිදුවෙනවා වගේ. ඉතිං හරිනෙ. තත්පරෙන් පංගුවකට කලින් ඒ දේම අපේ මතකයෙ තැම්පත් උනානෙ.

ඔබත් මේ අත්දැකීමට මූණ දී තිබේ නම් හෝ නොතිබේ නම් සටහනක් තබා යන්න අමතක කරන්න එපා. මෙම අත්දැකීම සෑම කෙනෙක්ටම පොදු දෙයක්ද නැත්නම් පිරිසකට පමණක් සීමා වුනු දෙයක්ද කියලා එතකොට අපිට තහවුරු කරගතහැකි. මේ සංසිද්ධිය පිළිබඳ මේ පැහැදිලි කිරීම හරියටම නිවැරදි ද කියලා නම් දන්නෙ නෑ. මේ ගැන වැඩිදුර දන්නවනම් ඒ පිළිබඳව අපවත් දැනුවත් කරන්න. මෙම සංසිද්ධියේ වෛද්‍ය විද්‍යාත්මක නාමය හා වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කාට හෝ ඉදිරිපත් කරන්න පුළුවන් නම් එය හැමෝන්ටම ප්‍රයෝජනවත් වේවි.

43 යි ප්‍රතිචාර

පොතේ ගුරා said...

ඇත්තමයි..මේ ලිපිය කියෙව්වම මතක් උනේ..මේ සිද්දිය වෙලා තියෙනව දෙතුන් පාරක්..දැන් වෙන දේ කලින් හීනෙන් දැකල තියෙනව වගේ හැගීමක් තමයි දැනෙන්නෙ..හිත මාර විදියට අවුල් වෙනව එතකොට..

GNS said...

හ්ම් හ්ම්!!

මටත් ඔය වගේ එවුවා වෙනව නම් තමයි... :)

Travel Ceylon said...

ඇත්ත තමයි මටත් බොහෝ වෙලාවට ඔහොම වෙනවා. මගෙ නම් එක ඇහැක් දුර්වලයි කාලෙක ඉදන්ම.

Narada said...

අපෝ පොඩි කාලේ නම් මම හිතං හිටියේ මට අනාගතය පේනවාවත්ද කියලා ඔය සිද්ධිය හින්දා. දැන් නම් මතක ඇති කාලේක වුණේ නෑ අතීතයේ එව්වා මතක් වෙන ඒක හැරෙන්න. ස්තුතියි ඔත්තුවට!

ධනික | Dhanika said...

@තාරක සමරණායක
මේ සංසිද්ධිය ඇසේ දුර්වලකමක් නිසා සිදුවෙන්නක් කියලා සිතන්න අමාරුයි. කිසිම දුර්වලකමක් නැති දෑසක් ඇති අය පවා මේ අත්දැකීමට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා ඔබට මෙය නිතර සිදුවන්නෙ ඔබේ ඇස දුර්වල නිසා කියා සිතන්න එපා. මං හිතන්නෙ මෙය ස්වභාවික දෙයක්.

@-බිன்ku-
හි.. හි.. මටත් ඉස්සර ඔහොම හිතුණා - මේක මට විතරක් තියෙන අනාගතේ කලින් පේන විශේෂ හැකියාවක් කියලා.. ඒ නිසා ඇත්ත සිද්ධිය දැනගත්තම ටිකක් දුකත් හිතුණා.. :)

ශාකුන්තල | Shaakunthala said...

RT: @Binku: අපෝ පොඩි කාලේ නම් මම හිතං හිටියේ මට අනාගතය පේනවාවත්ද කියලා ඔය සිද්ධිය හින්දා. දැන් නම් මතක ඇති කාලේක වුණේ නෑ අතීතයේ එව්වා මතක් වෙන ඒක හැරෙන්න. ස්තුතියි ඔත්තුවට!

Indranama said...

ඕක‍ට නේද Deja Vu කියන්නේ ?

ශාකුන්තල | Shaakunthala said...

Deja Vu කිව්වම මට මතක් වුණේ The Matrix චිත්‍රපටයෙ එන දර්ශනයක්. Neo එකම විධියෙ කළු බළලෙක්ව දෙවරක් දකින දර්ශනය.

ධනික | Dhanika said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම
මේ සංසිද්ධියට කියන වෛද්‍ය විද්‍යාත්මක නාමය ඒකද කියලා නම් හරියටම දන්නෙ නෑ. Deja Vu සම්බන්ධවත් මෙවැනි පැහිදිලි කිරීමක් නම් තියෙනවා. ස්තූතියි දැනුවත් කළාට!

Anonymous said...

අනේ ඔව් මටත් ඕක වෙලා තියනවා. සමහරවිට කවදාවත්ම ගියපු නැති තැන් වලදි. ඒ වෙලාවට නම් හිතෙන්නෙ අනාගතේ පේනවා හරි අතීතේ (ගිය ආත්මේ කියල හිතමු) වත් මෙහේ හිටියද කියල.දැනුවත් කළාට ස්තූතියි.

shaney said...

niyamaii,,Thanks bro,,

Anonymous said...

මටත් ඔය දේ වෙලා තියෙනවා...මට හිතෙන්නේ මේකට තව පැහැදිලි කීරිම් ඇති...මේ පිලිබදව කිව්ව එක ලොකු දෙයක්...

Supun Sudaraka said...

අපොයි. මටත් ඔහොම කීප වතාවක්ම වෙලා තියෙනවා. මේ ළඟදිත් වුනා මට මතක විදිහට. මටත් හිතුනේ අර කියලා තියෙනවා වගේ මට අනාගතේ පේනවාදෝ කියලා හිතිච්ච එක තමයි...

sameeras said...

matanam me lipiyath kalin dakala thibuna wage ne...

ධනික | Dhanika said...

@sameeras
ආයෙ දෙකක් නෑ, මේ ලිපිය කියවද්දිත් ඔබේ ඇස් දෙකේ ඔය තාක්‍ෂණික දෝෂෙ ඇතිවෙන්නැති :)
(තාක්‍ෂණික දෝෂයක් කිව්වට මේක දෝෂයක්ම නෙමෙයි, සාමාන්‍ය දෙයක් වගේ)

budhajeewa said...

මාරයි.. මටත් ඕක වෙලා තියනව නෙ.

budhajeewa said...

මිනිස් සිරුර කියන්නේ ඉතාමත් විශිෂ්ඨ දුර්වල නිර්මාණයක්.

("විශිෂ්ඨ" සහ "දුර්වල" කියන වචන දෙකම, එකම දෙයක් විස්තර කරන්නට මම යොදාගත් පළමුවැනි අවස්ථාව !)

ධනික | Dhanika said...

@Supun Budhajeewa
මිනිස් සිරුර දුර්වලයි කියන්න බෑ. මිනිස් සිරුර යන්ත්‍රයක් හැටියට සැලකුවොත් එය තමයි මේ ලෝකෙ තිබෙන තාක්‍ෂණික දෝෂ අඩුතම, නිරවද්‍යතාවයෙන් වැඩිතම සහ දියුණුතම තාක්‍ෂණයෙන් සමන්විත යන්ත්‍රය.
මිනිස් ඇසක් සලකන්න. මිනිස් ඇස සතු Auto-Iris controlling, Auto-Focussing සහ Auto-White balancing හැකියාවන් දැනට ලෝකෙ තිබෙන හොඳම කැමරාව සතුවවත් නෑ. මිනිස් ඇස එතරම්ම දියුණු උපකරණයක්. මිනිසා විසින් සොයා දියුණු කළ විද්‍යාව හා තාක්‍ෂණයවත් තවමත් එතරම් දියුණු තත්ත්වයකට පත් වී නෑ. කවදා හෝ එවැනි දියුණු තත්ත්වයකට මිනිසා විසින් සොයා දියුණු කළ විද්‍යාව හා තාක්‍ෂණය පත් වුනොත් දැනට තිබෙන Nanotech යුගය අවසන් වී Biotech යුගය ආරම්භ වේවි.

ශාකුන්තල | Shaakunthala said...

@Budhajeewa,
මැෂිම දුර්වල වෙන්න හේතුව OS එක පිස්සු කෙළීම.

Deeps said...

මටත් ඔහොම වෙලා තියනවා. මම හිතාගෙන හිටියේ ගිය ආත්මේ වෙච්ච දෙයක් හරි මීට කලින් හීනෙන් දැකපු දෙයක් නිසා වෙන්න ඇති කියලා

ධනික | Dhanika said...

සංවාදයෙන් පෙනෙන විදියට නම් මේ සංසිද්ධියට දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි හැමෝම මූණ දීලා තියෙනවා වගේ. දැනට ප්‍රතිචාර එක් කරපු හැමෝම මෙය අත්විඳලා තියෙනවා. එයින් පුංචි නිගමනයකට එන්න පුළුවන් මෙය සෑම කෙනෙකුටම ඇති විය හැකි සාමාන්‍ය තත්ත්වයක් කියලා.
මෙම අත්දැකීම කෙදිනකවත් අත්විඳලා නැති කෙනෙක් ඉන්නව නම් සටහනක් තබලා යන්න අමතක කරන්න එපා. එහෙම අය ඉන්නව නම් අපේ නිගමනය වෙනස් කරන්න වේවි.

Anonymous said...

මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා. ඒත් ‍එහෙම වෙන එකට හේතුව ඕක කියල පිළිගන්න හිතෙන්නේ නෑ. අනේ මංදා ඇයි කියලා. :|

සරත් ගුණතුංග said...

බටහිර වෛද්‍ය මතයෙන් මේක පැහැදිලි කරන්න අමාරුයි. ඒ මතය දෝශ සහිතයි. මතකයත් මොලයත් අතර ඇති සම්බන්ධතාවය විස්තර කරන්න අමාරුයි. කෙනෙක් මිය ගියාට පස්සෙ මොලය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනව. එතකොට 'මතකය' මොලයෙ තිබුන නම් ඒ 'මතකයත්'සහමුලින්ම විනාශ වෙන්න ඕන. නමුත් එහෙම වෙනවද? එහෙම වෙනව නම් පෙර භව ගැන කතා කරන අය ඒ 'මතකය' රැගෙන යන්නෙ කොහේද? අපේ 'මතකය' ඉතාමත් සියුම්, ඒ වගේම බලවත්. ඒ මතකය ගැබ් වෙලා තියෙන්නෙ කොහේද කියල කියන්න අමාරුයි. කොහේ තිබ්බත්, උන්හිටි ගමන් කෙනෙකුට ඒ පිලිබඳව 'flash back'දැනෙන්න පුලුවන්. මේ බව අජාන් චා හිමි උන්වහන්සේගේ රචනවල විස්තර කරල තියෙනව, සතිය, මණැස සහ සම්පජඤ්ඤය වශයෙන්.

ධනික | Dhanika said...

@සරත් ගුණතුංග මහතා
ඔබ වැනි වෛද්‍ය තුමෙක් මේ පිළිබඳ අදහස් දැක්වීම ඉතා අගය කොට සලකනවා. නමුත් පංච ඉන්ද්‍රීයන්ගෙන් අපේ මොළයට ලබා දෙන සංවේදන නේද සාමාන්‍යයෙන් අපේ මතකයෙ රැ‍ඳෙන්නෙ. (අපට ඇසෙන දේ, දකින දේ, දැනෙන දේ වගේ) කෙසේ නමුත් මේ පැහැදිලි කිරීම හරියටම නිවැරදිද කියා මා ද නොදන්නා බව මා ලිපියේ දී පැවසුවා. මමත් කැමතියි මේ පිළිබඳ වැඩිදුර දැනගන්න.

Unknown said...

මෙක කියවද්දි Deja Vu (http://www.imdb.com/title/tt0453467/) ෆිල්ම් එක මතක් උනා.ඒ ෆිල්ම් එක නම් සිරා.ධනික මේ කියන සිද්ධිය Déjà vu වල එක වර්ගයක්.නමුත් ධනිකගෙ පැහැදිලි කිරිමෙ නම් පොඩි ප්‍රශ්නයක් තියනව.මොකද එක ඇසක් පමණක් පෙනෙන අයත් මේ ස්ංසිධියට මුහුන පානවලු.ඒ කියන්නෙ මෙක සිද්ධ වෙනන්න තවත් හෙතු තියෙනව කියන එක.

ධනික | Dhanika said...

@manu
Déjà Vu ගැන විකිපීඩියාවෙ තියෙන විස්තරේ (http://en.wikipedia.org/wiki/Deja_vu) එක පැහැදිලි කිරීමක් ලෙස මෙයද දැක්වෙනවා. නමුත් අපි මේ අත්දකින දෙය Déjà Vu කියන තත්ත්වයම ද කියන එක ප්‍රශ්නයක්. අනික මේක මගේ පැහැදිලි කිරීමක් නම් නොවෙයි. මමත් මේ පිළිබඳ හොයා බලද්දි දැනගත්තු දෙයක් විතරයි. ඒකයි මේ පැහැදිලි කිරීම හරියටම නිවැරදිද කියලා නොදන්න බව සඳහන් කලේ. තනි ඇසක් ඇති අය පවා මෙයට මුහුණ දෙන බව කලින් අසා තිබුණ්නෑ. ස්තූතියි දැනුවත් කලාට!

සරත් ගුණතුංග said...

deja vu කියන වචනය ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥයෙක් වූ එමිලේ බොයිරැක් විසින් නිර්මානය කරන ලද වචනයක්. එයින් ඔහු අදහස් කලේ "මෑත අතීතයේදී සිදු වූ බව මතක ඇත". යන අදහසයි. මෙවැනි අත් දැකීමක, තමාට ඒ සිදුවීම ඉතාමත්ම හුරුපුරුදු දෙයක් වශයෙන් මතක තිබීමත් එක්තරා සන්ධිස්ථානයක්. ඪ් සාමාන්‍ය වශයෙන් ගත් කල දුර්ලභ නොවන සිද්ධියක්. 70% පමන ජනයා ඒ බව වාර්තා කරල තියෙනව කියල සාහිත්‍යයේ තියෙනව.

ධනික | Dhanika said...

@සරත් ගුණතුංග මහතා
ඉතා විටිනා තොරතුරු ටිකක්. ස්තූතියි අප සැමව දැනුවත් කළාට!

Meth Visula said...

ගොධක් කල් උථ්ථරයක් හොය හොය හිතපු ප්‍රස්නයක්
තැන්කු

ධනික | Dhanika said...

@METH GAMAGE
ප්‍රශ්නෙට දළ වශයෙන් හෝ උත්තරයක් ලැබුණා නම් මට සතුටුයි ඒ ගැන.. ස්තූතියි!

Neerajie said...

thank you soooooo much for the information. that's correct me too has experienced such incidents. you really made me understood what is going there. i made surprised about your knowladge. it is genius thanks a lot again. neerajie

ධනික | Dhanika said...

@Neerajie
Welcome & Thanks for your comment! Don't be surprised about my knowledge. This is just something I got to know from others when discussing about this incident. :)

maneendra said...

this has happened to me also...nice explanation.keep it up

ධනික | Dhanika said...

@maneendra
Glad to know it. Thanks for your comment!

Unknown said...

thnkx ayye... matath wela tiyena wedak tama oka....

ට්‍රාන්ස්ෆෝමර් said...

එතකොට උපතින්ම හො ශල්යකර්මයකින් එක් ඈසක් අහිමි පුද්ගලයෙකුට මෙ අත්දෑකිම ලබන්ඩ බෑරිද?

ManjulaMB said...

මටත් මේක පොඩි කලේ ඉදලම දැනිල තියෙනවා. නමුත් මම නම් මේක කොහෙත්ම ඇස් වල අවුලක් නිසා වෙනවා කියල හිතන්නේ නැ. මොකද මම Arthur C. Clark ගේ පොතක කියවල තියෙනවා ඕක, එකේ තියෙන්නේ ඔය සිද්දිය එක්තරා විදියක අනාගතය දැකීමක් විදියට (මට පොතේ නම මතක නැ, මම grade 8-9 විතර ඉද්දි කියවපු පොතක් space Odyssey 2001,2010,2061,3001 ඔය පොත් වලින් එකක් වෙන්න පුළුවන් ) .. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ටිකක් හොයල බලන්න .

ඕක ගැන වෙන කෙනෙක් එක්ක කතා කරන්න තේරෙන්නේ නැතිව හිටියත් මම ඔය වගේ දෙයක් වෙනවා කියල දැනුන ගමන් මීලගට වෙන්නේ මේකයි කියල මම ම guess කරනවා පුදුමයකට එක ඒ විදියටම වෙනවා (තප්පර කීපයක පොඩි scene එකක් ගැන මම මේ kiyanne). ඉතින් තවත් මේක ඇස් වල ප්‍රශ්නයක් කියල හිතනවා ද ?..
...මේ වගේ දෙයක් ගැන කතා කරපු එක ගැන ගොඩක් ඉස්තුති.

ධනික | Dhanika said...

@ManjulaMB
මේ ගැන ඔබේ අත්දැකීම් වගේම අදහස් අපිත් එක්ක බෙදා ගත්ත එකට ඔබට ස්තූතියි!
මේ පැහැදිලි කිරීම මගේ පැහැදිලි කිරීමක් නොවන බවත් 100%ක් නිවැරදි නොවිය හැකි බවත් මං ලිපියෙම කියලා තියෙනවා. මමත් මේ දෙය නිතරම අත්දකින කෙනෙක් විදියට මටත් ඕන වුනේ මේ දෙය හැමෝටම පොදු දෙයක්ද යන්නත් මේ ගැන අනිත් අ‍ය දරණ අදහස් මොනාද යන්නත් සොයලා බලන්නයි. මේ ලිපිය ලිව්වෙ ඒ අරමුණින්.

මම සහ තවත් බොහෝ අය මේ ගැන දැනගන්න කලින් හිතාගෙන හිටියෙ ඔබ වගේම මෙය අනාගතය දැකීමක් විදියට තමයි. නමුත් මීට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙන්න ඕනා නේද? මා ලියා තිබෙන්නෙ එක්තරා ආකාරයේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. මෙයට වෙනත් විද්‍යාත්මක පැහැදිලිකිරීම් වුවත් තිබෙන්න පුළුවන්. ඔබ සඳහන් කළ Arthur C. Clark ගෙ පොත ගැන සඳහනක් කරනවනම්, අමතක කරන්න එපා Arthur C. Clark යනු ශ්‍රේෂ්ඨ විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් බව.

Sucha84 said...

මට නම් මේ වගේ දෙයක් කවදාවත් වෙලා නෑ........

ManjulaMB said...

Dhanika> ඔව් මමත් ඔබගේ අදහසත් එක්ක එකග වෙනවා. මට තවමත් මේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් හොයා ගන්න බැරි උනා. නමුත් ඔබ Arthur C. Clark ගැන කියපු දෙය සමග එකග වෙන්න අමාරුයි. මොකද ඔහු විද්‍යා ප්‍රබන්ද රචකයෙක් උනත් ඔහුගේ ඒ සෑම දෙයක් පිටුපසම පිළිගත හැකි විද්‍යාත්මක පසු බිමක් තියෙනවා...

Danishka said...

මේ දේ මටත් දැනිලා තියෙනවා. නමුත් මේහෙම ඇසක දුර්වල තාවයක් නිසා සිදු වෙනවා නම් අපි කිසි දිනෙක ගිය නැති තැන් වල යද්දි ඒ හැම තැනම කලින් ගියා වගේ පේන්න ඔනා නේද? දුර්වල තාවයක් නම් හිටිගමන් එන්න පුලුවන් නමුත් හැම දෙනාටම එක ලෙසම කලකට පසු වගේ වෙන්නේ බැනේද?

පසු ගිය මාස ගණනාව පුවාරම පියාගේ සහ මවගේ ඇස් ශෛල්‍ය කර්මවලට ලක් කිරිමේ කටයුතු සඳහා අක්‍ෂි සායන වල වැඩි කාලයක් ගැවසෙද්දි දැනගත්ත දෙයක් නම් කෙනෙක්ට හිටි ගමන් ක්‍ෂණික අන්දභාවය එන්න පුලුවන් කියන එක. ඒකට හේතුව ඇහේ ප්‍රශර් කියලත් කිය උනා. සමාවෙන්න මේක මාතෘකාවෙන් පිට උනත් මෙම ලිපියට එන එක්කෙනෙක් හරි පූර්ව ඇස් පරික්ෂාවකින් ඇස් දෙක පරිස්සන් කරගත්තොත් ලොකු දෙයක්.

saliya said...

මටත් ඔක උන අව්ස්තා ඔනෙ තරම් තියනව

Anonymous said...

මටත් ඔය වගේ එවුවා වෙනව නම් තමයි

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails