Mozilla Thunderbird 3.0 සඳහා සිංහල වදන් සංශෝධන, අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න


පරිගණක භාවිතය සඳහා අපේ මව් භාෂාව භාවිත කරන අප සියළු දෙනාටම Mozilla Thunderbird හි සිංහල වෙළුම පිළිබඳ ආයෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෙ නෑනෙ. ඉතිං මේ සටහන තබන්නේ ලබන නොවැම්බර් මස දී නිකුත් වීමට නියමිත Mozilla Thunderbird 3.0 නිකුතුව පිළිබඳව.

ලබන නොවැම්බර් මස නිකුත් කිරීමට නියමිත මෙම නිකුතුවෙහි සිංහල වෙළුම වැඩිදියුණු කිරීම මේ දින වල මොරටුව සරසවියට අනුබද්ධිත LAKapps ව්‍යාපෘති කණ්ඩායම මගින් සිදුකරමිනුයි පවතින්නෙ. ඊට සමගාමීව මෙම Thunderbird සිංහල වෙළුමෙහි පරිශීලක අතුරුමුහුණත පුනරීක්‍ෂණය කිරීමේ රැස්වීමක් මේ මස 29 වන දින මොරටුව සරසවියේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේදී පැවැත්වීට නියමිතයි.

පසුගිය දින මොරටුව සරසවියේදී පැවැත්වුනු සියබසින් නිමවූ පරිගණක පද්ධති සහ යෙදුම් පිළිබඳව පැවති සමුමන්ත්‍රණයට මොරටුව සරසවිය නියෝජනය කරමින් සහභාගී වූ අයටත් මෙම සමාලෝචන රැස්වීමට සහභාගී වීම සඳහා ඇරයුම් ලැබී තිබෙනවා. ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වීමට මටත් අවස්ථාවක් උදා වෙලා තියෙනවා.

මෙම රැස්වීමෙහි අරමුණ ලෙස සටහන් වී තිබෙන්නෙ Thunderbird හි සිංහල වෙළුමෙහි අභිවෘද්ධිය සඳහා අදහස් හා යෝජනා සාකච්ඡා කිරීම සහ දැනට පවතින සිංහල වෙළුමෙහි ඇති සිංහල වදන් සංශෝධනය සඳහා වඩා සුදුසු සිංහල වදන් තෝරාගැනීමයි.

ඉතිං මම ඔබ සියළු දෙනාගෙනුත් ඉල්ලන්න කැමතියි දැනට භාවිතාවේ තිබෙන Mozilla Thunderbird 3.0 beta4 හි සිංහල නිකුතුව පරිශීලනය කර බලා එය වැඩිදියුණු කිරීම සඳහා ඔබේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න කියලා. විශේෂයෙන්ම දැනට එහි භාවිතා වන සිංහල වදන් සංශෝධනය විය යුතු යැයි ඔබට හැ‍ඟේ නම් එම දැනට පවතින වචනය සහ ඒ සඳහා ඔබ යෝජනා කරන වචන මෙම ලිපියට ප්‍රතිචාර වශයෙන් ඉදරිපත් කරන්න. එවිට මෙම ලිපියේ ප්‍රතිචාර ලෙස සටහන් වන ඔබ සියළු දෙනාගේම යෝජනා 29 වන දින පැවැත්වීමට නියමිත සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් කරන්නට අපට හැකිවේවි.

Mozilla Thunderbird 3.0 beta4 හි සිංහල නිකුතුව මෙතනින් ඔබට භාගත කරගත හැකියි.

සිංහල භාෂාවෙන් පරිගණක භාවිතයට හුරු වී ඇති අපි සැමට, සිංහලෙන් පරිශීලනය කළ හැකි විවෘත මෘදුකාංග වැඩිදියුණු කිරීම සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට වැඩි අයිතියක් ඇති බවයි මගේ නම් හැඟීම. ඉතිං මේ සඳහා අපේ හඬට මෙලෙසවත් ඉඩක් විවර වීම ගැන අපි කාටත් සතුටු විය හැකියි.

මේ සඳහා අදහස්, යෝජනා හා සිංහල වදන් සංශෝධන ඉදිරිපත් කරමින් ‍Mozilla Thunderbird 3.0 හි සිංහල නිකුතුව වැඩිදියුණු කිරීමට දායක වන ඔබ සියළු දෙනාට ස්තූතියි!


7 යි ප්‍රතිචාර

Narada said...

මම දැනටමත් Thunderbird 2.0 භාවිතා කරනවා Gmail IMAP හා Zindus ඇඩෝනය හරහා Gmail contracts භාවිතා කරනවා. මේක නිසා අනෙකට අපදාවක් නොවුණොත් හොඳා.

වැඩේට මම කැමති! සුභ පැතුම් මිත්‍රය!!

උෂාන් කෝදාගොඩ විතාරණ said...

අහන්නත් සන්තෝසයි
දැන් සිංහලත් පොරක් වෙන්න යන්නේ

ධනික | Dhanika said...

@-බිன்ku-
දැනටමත් භාවිතා කරන කෙනෙක් විදියට මෙච්චර කල් දැකපු අඩුපාඩු, නො‍ගැලපෙන සිංහල වදන් එහෙම තියෙනව නම් කියන්න මචෝ...

@ushan
නැතුව නැතුව... සිංහල දැනටමත් පොරක් තමයි මචෝ...

@හැමෝටම
මෙයට දායක වීමට කැමති ඔබ සියළු දෙනාට ඉහත දක්වා ඇති සබැඳුමෙන් දැනට පවතින Thunderbird 3.0 බීටා4 නිකුතුව භාගත කරගෙන පරිශීලනය කර බලා, සිංහල වදන් සංශෝධන හා වෙනත් යෝජනා මෙහි ඉදිරිපත් කළ හැකියි.

Narada said...

ධනික, ඔබ සතුව තියෙනවා නම් Thunderbirdහි ඉංශ්‍රිසි පාඨයන්/ වචන එහෙම, මට එවන්න. මම ‍උත්සහයක් දෙන්නම්.

3b4 ඒක පට්ට, Zindus Add-on ඒක වැඩ නෑ තමා. ඒත් මේපාර ගොඩාක් වෙනස්කම් කරලා කව ලේසයි එක්ක.

ධනික | Dhanika said...

@-බිன்ku-
එහෙම එකතුවක් නම් නෑ මචෝ... දැනට තිබෙන 3.0 beta4 එක ඔබ පාවිච්චි කරනකොට දැකපු නොගැලපෙන සිංහල වචන එහෙම තියෙනව නම් ඒ සඳහා වඩා සුදුසු වචන යෝජනා කරන්න ඔබට පුළුවන්..

Narada said...

http://twitpic.com/jdn1k/full

මෙහිදි මම හෙව්ව ROSS යන්න සඳහන් කෙනෙක්ගෙන ආපු මේල් එකක් තිබිලත් result එකක් පෙන්වුවේ නෑ. ඒ වගේම මෙහි check box වලත් Result Page ඒකත් අමුතුයි.

ධනික | Dhanika said...

@-බිன்ku-
ඔබට බොහොම ස්තුතියි මේ සඳහා අදහස් දක්වමින් දායක වුනාට.
දේශීයකරණය පිළිබඳ මහා අරගල කරන බ්ලොගවකාශයේ බොහෝ දෙනා මෙවැනි අවස්ථාවක් ලද විටකදී මුනිවත රැකීම ඇත්තටම බොහොම කණගාටුදායකයි.

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails