සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයේදී මහාචාර්ය J.B. දිසානායක මහතා පැවැත්වූ දේශනය

පසුගිය බදාදා (සැප්.2) මොරටුව සරසවි භූමිය තුළ පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූවෙක් ලෙස මේ පිළිබඳ සටහනක් තබන්න හිතාගෙන හිටියත් අද තමයි ඊට ඉඩ කඩක් ලැබුණෙ. විශේෂයෙන්ම මේ සටහන තබන්නෙ මේ සම්මන්ත්‍රණය ට සහභාගී වීමට නොහැකි වූවන් වෙනුවෙන් දෙන්නට දේවල් කීපයක් තියෙන හින්දා.




කනිෂ්ක විසින් කනියාගේ සටහනේ සහ පිටස්තරයා විසින් Out in the open හි මේ සම්මන්ත්‍රණය පිළිබඳ ලිපි පළකරලා තියෙනවා. මෙම සම්මන්ත්‍රණය පිළිබඳව සහ දේශියකරණය පිළිබඳව මගේ මතය මම පිටස්තරයා විසින් මේ පිළිබඳ ලියපු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් පළ කළා. ඉතිං ආයෙමත් මම ඒ පිළිබඳව ලියන්න බලාපොරොත්තු වෙන්නෑ. එහිදී මට සඳහන් කිරීමට නොහැකි වුනු එක් දෙයක් ගැන පමණක් ලියන්නම්.




එම ප්‍රතිචාරයේදි මා කියූ පරිදි දේශීයකරණය සම්බන්ධ‍යෙන් මෙවැනි සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය වීම නම් මහත් සතුටට කරුණක්. ඊටත් වඩා අපිට ඒ ගැන සතුටු විය හැකි දෙයක් තමයි මෙම සම්මන්ත්‍රණ මාලාව විද්වතුන්ට පමණක් සීමා නොවී දේශීයකරණය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට විවෘත වීම. මෙතෙක් කල් අපි දේශීයකරණය සම්බන්ධව විද්වතුන්ගේ ක්‍රියාකලාප විවේචනය කරමින් සිටියත් අපේ අදහස් උදහස් වගකිවයුත්තන්ට ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහ වගකිවයුත්තන් සමග ඒ පිළිබඳ සාකාච්ඡා කිරීමේ හැකියාවක් තිබුණෙ නෑ. නමුත් දැන් මේ සම්මන්ත්‍රණ මාලාව මගින් අපිට ඒ අවස්ථාව උදා වී තිබෙනවා. දැනුවත් වීම අඩු නිසාදෝ විද්වතුන්ට අමතරව මෙවර සැසිවාරයට සහභාගී වුනේ සුළු පිරිසක්. නමුත් ඉදිරි සැසිවාර වලදී එම පිරිස වැඩිවෙතැයි අපේක්‍ෂා කරන්න පුළුවන්.



එදා සම්මන්ත්‍රණයේදී ප්‍රධාන ආරාධිතයාණන් වශයෙන් සහභාගී වුනු, සිංහල භාෂාව පළිබඳ හසල දැනුමක් ඇති විද්වතෙකු වන මහාචාර්ය J.B. දිසානායක මහතා පැවැත්වූ ප්‍රධාන දේශනය කාගේත් අවධානයට ලක්වුනා. භාෂා පරිවර්තනය පිළිබඳව පැවැත්වූ එම සම්මන්ත්‍රණය ඉතා හරවත් මෙන්ම රසවත් එකක් වුනා. දේශීයකරණය සහ සිංහල භාෂා පරිවර්තනය ගැන උනන්දුවක් දක්වන සෑම සියළු දෙනෙක්ම අනිවාර්යයෙන් සවන් දිය යුතුව තිබූ දේශනයක් හැටියටයි මං මේ දේශනය දැක්කෙ.

මේ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට නොහැකි වූ බහුතර ඔබ සැමගේ ප්‍රයෝජනය තකා එතුමන්ගේ එම දේශනය පටිගත කරගන්න මට පුළුවන්කම ලැබුණා. විනාඩි 45ක් පමණ වෙලා පැවැත්වූ මෙම දේශනයේ පළමු වාක්‍ය දෙක තුන නම් පටිගත වුනේ නෑ. ඒකට හේතුවුනේ වෙන මුකුත් නෙමෙයි, මේ දක්වලා තියෙන ඡායාරූපෙ ගන්නයි, පටිගත කරන්නයි යොදාගත්තෙ එකම උපකරණය. (Phone එක) ඉතිං ඡායාරූපය අරගෙන පටිගත කරන්න පටන් ගන්නකොට වාක්‍ය දෙක තුනක් කියවිලා ඉවරයි. මගේ මතකයෙ හැටියට එම මගහැරුණු වාක්‍ය දෙක තුනේදි කියැවුනේ මෙන්න මේ වගේ දෙයක්.

මීට වසර ගණනාවකට පමණ පෙර මහාචාර්ය තුමා නියැලී සිට ඇත්තෙ machine translation එහෙමත් නැත්නම් යාන්ත්‍රික පරිවවර්තනයේ. එම කාලයේදී ඒ සඳහා භාවිත කොට තිබුණෙ ඉතාම ප්‍රාථමික තාක්‍ෂණයක්. ඒ පිළිබඳව එතුමන් විසින් වසර 64 කට පමණ පෙර, එනම් එදින සම්මන්ත්‍රණයට ඇවිත් සිටි බොහෝ දෙනා ඉපදෙන්නටත් පෙර එතුමන් විසින් රචිත පොතක් ගැනත් යම් සඳහනක් කළා. එම පොත ගැන කළ සඳහනේ සිට ඉන් ඉදිරියට එතුමන්ගේ කතාව සම්පූර්ණයෙන්ම පටිගත වී තිබෙනවා. පහත සබැඳුමෙන් බාගත කරගෙන ඔබට එයට සවන් දිය හැකියි.


මහාචාර්ය J.B. දිසානායක මහතාගේ දේශනය - 1 කොටස
(විනාඩි 21)


මහාචාර්ය J.B. දිසානායක මහතාගේ දේශනය - 2 කොටස
(විනාඩි 23)


(සීමාසහිත අන්තර්ජාල පහසුකමක් භාවිත කරයි නම් amr ගොනුව බාගෙන mp3 වලට convert කරගත හැක)


දේශියකරණය ගැන හෝ පාරිභාෂික වචන සිංහලට පරිවර්තනය කිරීම ගැන මදක් හෝ උනන්දුවත් ඇත්නම් ඔබ මෙය‍ට අනිවාර්යෙන් සවන් දිය යුතුයි. වෙනමම මිනිත්තු 45ක් වෙන්කරගෙන මෙයට සවන් දුන්නත් පාඩු නෑ. මිනිත්තුවක් සවන් දුන්නොත් ඊළඟ මිනිත්තුවට සවන්දෙන්න හිතේවි ඔබට. එතරම් හරවත් සහ රසවත් දේශනයක් එය. මං හිතන්නෙ එදා සම්මන්ත්‍රණයට සහභාගී වුනු අපේ සිංහල බ්ලොග් මිතුරනුත් ඊට එකඟ වේවි.

දේශනයන්හී වැදගත්කම ඇරුණහම සිංහල බ්ලොග් ලියන අපිට එදා සම්මන්ත්‍රණය ඉතා විශේෂ එකක් වුනා. එනම් මෙතෙක් කල් නොදැක හඳුනපු අදහස් වලින් වාද විවාද කරගත් සයිබර් අවකාශයීය සිංහල බ්ලොග් මිතුරන් කීප දෙනෙක්ව දැක හඳුනගන්නත්, අදහස් බෙදා ගන්නත් එදා හැකියාව ලැබුණා. දසුන් සමීර, තමීර, මාධව, කනිෂ්ක, රවිමල්, පහන්, චමිල (පිටස්තරයා), ආගන්තුකයා, කරුමක්කාරයා, සහ මධුර ශබ්දකෝෂය තනපු මධුර කුලතුංග, diGIT ජාලගත සඟරාව මෙහෙයවන ගිහාන් (W.G.T. Fernando) යන සොයුරන් වගේම කපුටා.com හි සොයුරන් දෙදෙනෙක්වත් මෙහිදී හඳුනගන්න ලැබුණා වගේම සම්මන්ත්‍රණය අවසානයෙදි මොරටුව සරසවි දොරටුව අසල පැයක් පමණ වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් අවස්ථාවක් ලැබුණා. ඇත්තටම එවෙලෙ අපි ගොඩක් දෙනෙක්ට දැනුණ ලොකු අවශ්‍යතාවයක් තමයි මේ එදිනෙදා නොදැක චැට් කරන, කමෙන්ට් කරන, යතුරුපුවරුවට කොටලා තිරයේ ලියැවෙන අකුරු වලින් අදහස් හුවමාරු කරගන්න අපේ මේ සිංහල බ්ලොග්කරුවන්ගෙ සුහද හමුවක අවශ්‍යතාවය. බලමු ඉදරියෙදිවත් එහෙම දෙයක් සිදුවෙයිද කියලා.


(මේ ඉන්නෙ එදා හමුවුනු සිංහල බ්ලොග් මිතුරන් කීපදෙනෙක්. ‍ඉන්නෙ කව්රු කව්රුද කියලා දැනගන්න ඕනෙ නම් සේයාරුව මත ක්ලික් කරලා බලාගන්න. සේයාරුව කැමරා ඇසට හසුකරගත් කරුමක්කාරයාට ස්තූතිය!)


ඒ අතුරු කතාවක්. ආයෙමත් සම්මන්ත්‍රණය දිහාවට හැරුණොත් මේ සම්මන්ත්‍රණයෙ මුල ඉඳන් අගට ගත්තු ඡායාරූප කීපයක් ඔබට මෙතනින් බලාගන්න පුළුවන්. සම්මන්ත්‍රණයට සහභාගී වූනු විද්වතුන් වගේම එහිදී ඉදිරිපත් කෙ‍රුණු කරුණු කීපයක් පිළිබඳවද එයින් ඔබට දළ අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි. ඒ වගේම මෙහිදී පැවැත්වූ අනෙකුත් දේශන වලින් උකහා ගත්තු නව දැනුමත් ඉදිරියෙදි ඔබ සැමගේ ප්‍රයෝජනය සඳහා ගෙන ඒමටත් බලාපොරොත්තු වෙනවා.

දැන්මම කියලා තියන්නම්. මෙම සම්මන්ත්‍රණ මාලාවෙ මීළඟ සැසිවාරය ලබන වසරේ මාර්තු මාසයෙදි මොරටුව සරසවි භූමියේ පැවැත්වෙන්නට නියමිත බවයි මෙහි සංවිධායක මණ්ඩලයෙ සභාපත් ධූරය හොබවන මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පැවසුවෙ. ඉතිං පද්ධති හා යෙදුම් දේශීයකරණය ගැන සහ පාරිභාශික වචන සිංහලට පරිවර්තනය කිරීම ගැන උනන්දුවක් දක්වන සියළුම දෙනාට මෙහි ඊළඟ සැසිවාරයට සහභාගී වෙන්න පුළුවන්. පළමු සැසිවාරයෙදි සංවාදය සඳහා ලැබුණු කාලය ඉතා මඳ වුවත් මීළඟ සැසිවාරයේදි සංවාදය සඳහා වැඩි ඉඩක් ලැබේයයි බලාපොරොත්තුවෙන්න පුළුවන්. මෙතෙක් කල් යතුරුපුවරුවෙ යතුරු වලට කොටලා කොටලා සංවාදයෙ යෙදුණු සියල්ලන්ට මුහුණට මුහුණ බලාගෙන හරවත් සංවාදයක යෙදී දේශීයකරණය සම්බන්ධයෙන් දැනට අපිට තියෙන ගැටළු වලට උත්තර සෙවීමට මෙහි ඊළඟ සැසිවාරය නිසැකවම තෝතැන්නක් වේවි. තවමත් නොදැක හඳුනන ඔබ සියළු දෙනාගෙන් කීපදෙනෙක්වවත් දැක හඳුනගන්නත් ඉන් අවකාශයක් ලැබේවි.

19 යි ප්‍රතිචාර

Akkandi said...

For the first time I visited this blog. Very informative. Hereafter I will be a regular visitor. Good effort. Thanx.

ධනික | Dhanika said...

@අක්කණ්ඩි
Thank You!

wayaba withthi said...

කතාව බාගත්තා ඒත් ඇහෙන් නෑ මෙක convert කරලාම දාන්න නැත්නම් ඔයා ගේ ටියුබ් එකට පටවලා ආපසු ගෙනත් දාන්න ස්තුතියි.

Kanishka said...

හික් :P ඉස්සරහ පෝලිමට වෙලා නිකන් ඉඳල නෑ නේද එහෙනම් :D
මගෙත් බලාපොරොත්තුම ඊලග සම්මන්ත්‍රණය මීට වඩා හොදින් කෙරෙයි කියන එක.. එතෙක් අපි බලා හිඳිමු..

Thameera said...

ෂහ් උඹ මරු ඩයල් එකනෙ. රෙකෝඩුත් කරලා. එල එල.
ඔය amr එක mp3වත් කරල දාන්නකො. උබුන්ටුවල අහන්න බෑ වගේ.

ධනික | Dhanika said...

@wayaba withthi
Convert කරලම නොදැම්මෙ විනාඩි 45ක් mp3 කළාම සෑහෙන ලොකු file size එකක් එන හින්දා... දැන් පොඩ්ඩක් හොයලා බලද්දි low quality convert කරන්න පුළුවන් software එකක් හම්බුනා... (ImTOO MPEG Encoder) මෙච්චර අමාරුවෙන් record කරපු එක අහන්න බැරි උනොත් වැඩක් නෑනෙ... Convert කරලම දාන්නම්... පොඩ්ඩක් ඉන්න...

@Kanishka
එහෙම තමයි ඩෝ අපේ වැඩ... මෙච්චර හරියක් කරගත්තු මගෙ බුදු ෆෝන් එකට උඹ 'ෆෝන් කබල' කිව්වනේ උඹෙ බ්ලොග් එකේ.... හරි හරි.. බලාගම්මුකෝ.... :D

@තමීර
හිකිස්! :D යන තැනකින් ඉතිං අපිට වගේම අනික් අයටත් ප්‍රයෝජනවත් දෙයක් අරං එන්නෙපැයි... ඒකයි ඔය වගේ දෙයක් කරන්න හිතුවේ... මේ දැන් mp3 එක upload කර කර ඉන්නෙ.. තව ටිකකින් දාන්නම්...

සමීර විමලරත්න said...

මම්ත් එන්න කියලා දත කට මැදගෙන හිටියට කෝ ඉතින් මගුල් වැඩක් සෙට්වුනානේ :'(
මේකටනම් බොහොම ස්තුතියි කොල්ලො! :D

ධනික | Dhanika said...

@සමීර විමලරත්න
අපරාදෙ... එන්නනෙ තිබ්බෙ කොහොමහරි... :)

@හැමෝටම
ඔන්න මං ඉහත amr ගොනු දෙක mp3 වලට convert කරලම පළ කළා... කැමති ගොනුවක් බාගෙන දේශනයට සවන්දෙන්න....

NUWAN said...

නියමයි මල්ලී.බ්ලොග් යාලුවො ටිකත් සෙට් වෙලානෙ.

ධනික | Dhanika said...

@NUWAN"s lane
නියමයි නේන්නං අයියෙ... හැබැයි ඉතිං ටික දෙනයි සෙට් උනේ... ඊළඟ එකේදිවත් සෙට් වෙමුකො කට්ටියම... :D

budhajeewa said...

චැහ්.. ළඟපාතක හිටියනං ඇවිල්ල ඔළුව දාල යන්න තිබ්බා. මේ.. ඕක "වැඩිහිටියන්ට වඩාත් සුදුසු" නෙවෙයි නේ ? :P

පිටස්තරයා said...

එදා තිබුන දේවල් වලින් හොඳයි කියන්න පුලුවන් ටිකෙන් එකක්. ඔහුගේ වයසේ ඉන්න අනිත් අයට වැඩිය නම් ඔහුගේ අදහස් ඉතාමත් නවීනයි.

ධනික | Dhanika said...

@Supun Budhajeewa
අපොයි නෑ... :O
Prof. Gihan Dias ට mail එකක් දාලා සහභාගී වෙන්න කැමතියි කියලා දන්වන්න විතරයි තිබුණෙ... ඒකමයි මං කිව්වෙ දේශීයකරණය ගැන උනන්දුවක් දක්වන ඕනම කෙනෙක්ට මේක විවෘත වීම ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන් කියලා... අපරාදෙ මලයටත් පොඩ්ඩක් ඔළුව දාලා යන්න එන්නනෙ තිබ්බෙ... :D

@පිටස්තරයා
ඇත්තමයි, ඔහු මේ දේශනයෙදි ගොඩක් විවෘතව තම අදහස් ප්‍රකාශ කිරීම, එම දේශනය වඩාත් හරවත් මෙන්ම රසවත් වෙන්න හේතුවුනා. අපේ රට හදන්න නම් අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ වගේ නවීණ අදහස් තියෙන නිදහස්ව සිතන මිනිස්සු තමයි.

Unknown said...

hey malli, its a great work you have done by recording this valuble speech. keep it up bro. thanks for uploading

ධනික | Dhanika said...

@Nipun
Thanks Aiya!

ආගන්තුකයා | Stranger said...

එල තමා මතවාදී අරගලයක් තිබුනත් අපි ඔය වගේ දෙයක් පටන් ගත්ත එක ගැන නම් කාටත් ස්තූති කරන්න ඕනි අපි හැමෝටම පුළුවන් වෙලාවක හමුව සෙට් කරමු..

ධනික | Dhanika said...

@ආගන්තුකයා
ඒක නම් ඇත්ත...
අනිවා අනිවා... වෙලාවක් දාගෙන හමුව සෙට් කරගමුකො කට්ටියට ආයෙමත් සෙට් වෙන්න.... :D

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

කණිශ්ක අයියත් මට මේක ගැන කිව්වා,බලමුකො ලබන අවුරුද්දෙ එකටවත් එන්න පින ලැබෙයිද කියලා :(

rick said...

good job great work

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails