මෙන්න රසවිඳින්න "සරත් ස‍ඳේ..." (ජුලියා හි සිංදුව) - ගායනය: මම

ඔන්න කලින් කිව්ව විදියටම අපේ පොඩි උන්ගෙ Freshers' Day එකටත් මම සිංදුවක් ගැයුවා. ඉතිං මෙන්න වෙනදා වගේම මුලින්ම video එක. Video එක play වෙන්න දාලම ඉතුරු ටික කියවමුකො...





අපේ පොඩි උන්ගෙ, ඒ කිව්වෙ මේ අපේ ජුන්නන්ගෙ Freshers' Day එක තිබුණෙ ගිය මාසෙ 24 වෙනිදා. (ඒත් කොහෙද මේ video එක හම්බුනේ ඊයෙනෙ) මේ Freshers' Day එකේ ඔක්කොම සංවිධාන කටයුතු කෙරුණෙ අපේ ජුන්නන්ගෙ immediate සින්නො වන අපේ බැච් එකෙන්. මතකයිනෙ මං ගියපාර අපේ Freshers' Day එකට ගයපු සිංදුව. (අපේ ජෝතිපාල මහත්තයගෙ 'ඉර සඳ වැඳලා' සිංදුව) මේ සැරේ නම් ගැයුවෙ ටිකක් නව පරපුරේ සංගීතයත් එක්ක මුසුවුනු සිංදුවක්. අයෙ ඉතිං අරව මෙව්වා කිය කිය ඉන්නෝන්නෑනෙ, ලිපියෙ මාතෘකාවෙන්ම කට්ටිය දන්නවනෙ මොකද්ද සිංදුව කියලා. 'ජුලියා' චිත්‍රපටියෙ එන බාචී සුසාන් සහ චරිත් අ‍බේසිංහ විසින් ගායනා කරන 'සරත් ස‍ඳේ' සිංදුව තමයි මේ පාර මං ගැයුවෙ.

හෆොයි... මොනා කලත් ඉතිං කරදර බාධක කියන ඒවා හැමදාම අපේ හොඳම මිත්‍රයො වගේ කවදාවත් අපිව දාලා යන්නැතුව අපේ ජීවිතේ පස්සෙන්ම එනවනෙ. මතක ඇතිනෙ ගියපාර අපේ Freshers' Day එකේදිත් සිංදුව ගැයුවෙ කොහොමද කියලා. මේ පාර නම් එහෙම අවුලක් උනේ නෑ, සංවිධානය කලේ අපේ උන් නිසා කල්තියාම music, voice ‍හොඳට practise කළා. අනේ ඔහොම ලස්සන්ට practise කර කර ඉන්නකොට මට හැදුනනෙ මහ ජරා හෙම්බිරිස්සාවකුයි සෙමකුයි. නහය block වෙලා ‍හොඳටම. මේ සිංදුවෙ අර 'න්' වලින් අදින්න තියෙන කෑලි ගොඩයි. (හැඟුම් විහඟුන්... , සිතුම් සියොතුන්... , ඔබේ දෙනුවන්... , මාගේ දෙනුවන්... වගේ ඒවා) ඉතිං නහය block උනාම න් එක ශබ්ද කරන්න බෑ. (පොඩ්ඩක් නහය වහලා න් එක ශබ්ද කරලා බලන්නකො) ඉතිං සිංදුව කියාගන්නම බැරි තත්ත්වයක් තිබුණෙ. ඒ මදිවට සෙම. සෙම් කාරයො දන්නවා ඇති පපුවෙ සෙම තියෙන කොට වෙනදා වගේ ගොඩක් හුස්ම ගන්න බෑ. උඩට ගන්න හුස්ම ටික ඉක්මන්ට ඉවර වෙනවා. ඉතිං අර මේ සිංදුවෙ තියෙන ගොඩාක් ඇදලා කියන කෑලි කියන්න හුස්ම ගොඩාක් ගන්න ඕනෙ. තේරෙනවනෙ දැන් මට වෙච්ච දේ.

ඔය දවස් වල practise කරද්දි දවස් 2ක් මං fail උනා සිංදුව කියාගන්න බැරුව. මටත් මාර අප්සෙට්. අනිත් උන්ටත් අප්සෙට්. පස්සෙ මං කිව්වා එදාටත් අසනීපෙන් හිටියොත් මං සිංදුව කියන්නෑ කියලා. මං හින්දා මුළු බැච් එකම චාටර් වෙන්නෝනෑනෙ. කොහොමින් කොහොමින් හරි සංගීතය සපයපු අපේ බැචාලා ටික මාව දිරිමත් කළා එදාට උඹට ඕක කියන්න පුළුවන්, බෙහෙත් බීලා සනීප වෙයං කියලා. බෙහෙත් බීලා ටිකක් සුවයක් ලැබුණත් ඔය සිංදුවෙ තියෙන උඩම ස්වරය, higher G [උච්ච ප] (සිතුම් සියොතුන්... එකේ සිතුම් එක කියන ස්වරය) නම් සෙමත් එක්ක කොහොමටවත් කියාගන්න බැරි උනා. ඉතිං මේ සිංදුව කියන්නම ඕනයි කියලා අපේ සංගීතය සපයපු බැචාලා කියපු නිසා pitch එක චුට්ටක් පහත් කරලා කියලා බැලුවා. එතකොට නම් ඒ උඩම ස්වරය යංතං කියාගන්න පුළුවන් උනා. (ඒත් වෙනදා වගේ මගේ කටහඬින් නෙමෙයි, අර ටෙලිපෝං එකෙන් ඇහෙනවා වගේ හෙම්බිරිස්සා කටහඬකින් )

ඊළඟ හදිය සිද්ධ උනේ ඔන්න Freshers' Day එක දවසෙ මගේ වාරෙ ආවම. ඔය pitch එක පහත් කරන එකට සංගීතයෙදි කියන්නෙ Transpose කරනවා කියලා. දැන් තියෙන ගොඩක් කී බෝඩ් වල (ඔය අකුරු කොටන එව්වයි නෙමෙයි හො‍ඳේ...) මේ Transpose කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නෙ එහෙම කළාම කී බෝඩ් එක play කරන කෙනා සාමාන්‍ය pitch එකේ play කරනකොට ඇහෙන්නෙ Transpose කරපු pitch එකෙන්. ඉතිං ඔන්න අපේ එක කී බෝඩ් එකක් ගහපු මධුකයා ආයෙ වෙනස් කරපු pitch එකෙන් practise කරනවා වෙනුවට කළේ කී බෝඩ් එකෙන් Transpose කරලා practise කරපු එක. මොකද මිනිහා ඒ pitch එකේ සිරාවටම සිංදුව practise කරලා තිබුණෙ. අනිත් උන් නම් වෙනස් කරපු pitch එකෙන්ම practise කරලා තමයි play ක‍ළේ.

ඉතිං ඔන්න එදා මං stage එකට නැගලා සිංදුව කීයාගෙන යද්දි මට ඇහෙනවා මේ කී බෝඩ් එක හොඳටම out (ඍතියෙන් පිට). හත්වලාමයි මොකද වෙලා තියෙන්නෙ බැලින්නම්! මධුකයාට ඒ වෙලාවෙ කී බෝඩ් එකෙන් Transpose කරන්න අමතක වෙලා. පොඩ්ඩක් හොඳට අහන්නකො මුල්ම පද පේළි තුන හතර. Strings වගේ නාදයකින් ඇහෙන කී බෝඩ් හඬ ඍතියෙන් පිට කියලා දැනේවි හොඳට ඇහුවොත්. අම්මෝ හොඳ වෙලාවට ඔය පළවෙනි පේළි තුන හතරෙන් පස්සෙ මිනිහට මතක් වෙලා පටස් ගාලා Transpose කරගෙන. ඒ හින්දා යංතං සිංදුව ගොඩදාගත්තා.

මගේ සිංදුව එදා ගැයුණෙ අවසානයට පෙර ගීය ලෙස. ඒ වෙනකොට මට කලින් අපේ බැචාලා බැචීලා තවත් සිරා සින්දු 10ක් 11ක් hit කරලයි තිබුණෙ. ඉතිං අපේ නංගිලා මල්ලිලා ටික පුටු වල වාඩි වෙලා සාවධානව සිංදුව අහගෙන හිටියට අපේ කස්ටිය නම් ඒ වෙද්දි පට්ටටම ෆෝම් වෙලා හිටියෙ. Video එකෙන් බලාගන්න පුළුවන් සිංදුවට ලැබිච්ච අපේ උන්ගෙ cheer එක. අසනීප තත්ත්වෙ නිසා මට සිරාවටම සිංදුව කියාගන්න නොහැකි උනත් අපේ උන්ගෙන් ලැබිච්ච maxa cheer එක නම් මට ගොඩක් ලොකු සතුටක් වගේම ශක්තියක් උනා ඒ වෙලාවෙ සිංදුව කියාගන්න. ඒ වගේම Freshers' Day එක අවසානයෙදි අපේ බැචාලා සහ විශේෂයෙන්ම බැචීලගෙන් ලැබිච්ච හොඳ ප්‍රතිචාරත් මට ලොකු සතුටක් උනා. (හැබෑටම එදයි මං දන්නෙ කෙල්ලො මේ සිංදුවට මෙච්චර ආසයි කියලා)

අහ්! සංගීතය සපයපු අපේ මිතුරන්ව නම් කොහොමටවත් අමතක කරන්න බෑ. ලීඩ් ගිටාරයෙන් සහ සංගීතය මෙහෙයවමින් සචියා, ඩ්‍රම පළපු රංගයා, රිදම් ගහපු පියුමා, දිනේෂ්, චතුරයා, කී බෝඩ් එකෙන් රයන් සහ මධුකයා සහ බේස් ගිටාර් ගහපු L3 අයියටත් මගේ උපරිම ස්තුතිය පරිනමන්න ඕනෙ. ඒ වගේම එදා මට maxa cheer එකක් දීපු මගේ බැචාලා බැචීලා හැමෝටමත් පස්සෙ ඇවිත් හම්බෙලා, msg කරලා ප්‍රතිචාර දක්වපු හැමෝටමත් බොහොමත්ම ස්තූතියි!

ඉතිං ඔන්න ඕගොලන්ටත් පුළුවන් මේ සිංදුව රසවිඳලා සහ මේ ලිපිය කියවලා වෙනදා වගේම මේ ගැන අදහස් දක්වලා යන්න. අනේ හැබැයි මට තාම ටිකක් කණගාටුයි එදා අසනීපෙන් හිටියෙ නැත්නම් මීට වඩා හොඳට සිංදුව කියාගන්න තිබ්බනෙ කියලා. මොනා උනත් ඉතිං අපි ලද දෙයින් සතුටු වෙන්න ඉගෙනගන්න එපැයි. මෙහෙමවත් එදා මට කියාගන්න ලැබිච්ච එක නම් ලොකු දෙයක්!

17 යි ප්‍රතිචාර

Indranama said...

එල එල !
වීඩියෝ එකේ සවුන්ඩ් අවුල් නිසා ටිකක් රසවින්දනයට බාධා උනත් වැඩේ නියමයි... !

ධනික | Dhanika said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම
අහ්! ස්තූතියි මචං! උඹත් ඉතිං music ගැන දන්න එකානෙ... Transpose හුටපටේ මීටර්නෙ... වීඩියෝ එකේ නම් සවුන්ඩ්ස් එච්චරම අවුලක් නෑ බං... අපේ උන් පස්සෙ ඉඳන් කෑ ගහන හංදා හරියට ඇහෙන්නෑ සිංදුව...

Unknown said...

මෙක ලේසියන් කියන්න පුලුවන් සින්දුවක් නම් නෙවයි.සෑහෙන්න ස්වර පරාසයක් මේකෙ තියනව.ඒ උනාට ධනික සිරාවටම කිව්වා.ඇත්තට අහද්දි Video එකටත් වඩා හොඳට තිබ්බා.

රොකියා | Udara said...

හොඳයි හොඳයි , කොහොමහරි වැඩේ ගොඩ දාගත්තනම්.
දැන් කොහොමද අසනීප තත්වෙ එහෙම ?

ධනික | Dhanika said...

@manu
ස්තූතියි මචෝ! එදා ඇත්තටම අහගෙන හිටියෙ ඉතිං උඹලනෙ... මාත් හිතනවා video එකේ ඇහෙනවට වඩා හොඳට එදා music එහෙමත් තියෙන්න ඇති කියලා... මේකෙ වැඩියෙන් ඇහෙන්නෙ අපේ උන්ගෙ සද්දෙනෙ... :D

@රොකියා
දැන් නම් හොඳයි අයියෙ.. ස්තූතියි ඇහුවට! කරුමෙ කියන්නෙ ඔය වගේ වැඩක් සෙට් වෙන වෙලාවලටමනෙ මටත් මේ ජරා ලෙඩ හැදෙන්නෙ..

උෂාන් කෝදාගොඩ විතාරණ said...

අයියේ ඔයා චුට්ටක් ස්පීඩ් වැඩී නේ කිවුව
මල් පිට මල් නම් ගතී :D
මීට කලාවේදී විශෘරද මිස්ටර් උෂාන්

ධනික | Dhanika said...

@ushan
අනේ මල්ලියෙ speed එක (Tempo එක) තියෙන්නෙ ඉතිං music දෙන අය අතේනෙ...
හ්ම්.. ඇත්ත තමයි, මල් පිට මල් තරං සිරාවට නං මේක කියවුන්නෑ තමයි.. මොනා කරන්නද අසනීපෙන්නෙ හිටියෙ.. :(

Anonymous said...

එළ එළ මුල් ටිකේ නම් පොඩි අස්පට් ගතියක් ආවත් ටිකක් වෙලා යද්දි තමා හොදට රසවින්දේ
අයියන්ඩිට දැන් සනීපද

ධනික | Dhanika said...

@manushan
ඒකනෙ මලයණ්ඩියෙ මුල් ටිකේනෙ අර transpose අවුල උනේ...
දැන් නම් සනීපයි... ස්තූතියි ඇහුවට! :)

Anju said...

hembirissawa unaata me lassanata kiyala tiyenne..!!

ධනික | Dhanika said...

@Anju
බොහොම ස්තූතියි අක්කෙ/අයියෙ!! :)

Deeps said...

hmmm chik me machine eke video eka thiyana thana nikan kotuwak witaranei penne..mona wadayakda manda..kohoma unath sathutuyi karala thiyana wadeta.. leda gathiyana ehema dan arila athi neda?

Deeps said...

just watched the video..great!!! apith lagadi welcome eka thiyanna yanawa, kattiya ekka enna barida sound manage karanna???

ධනික | Dhanika said...

@deeps
බොහොම ස්තූතියි! කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ?
ආරාධනා පත්ත‍රයක් එහෙම එව්වොත් ඉතින් එන්න බැරි කමක් නැ... :D

චාම‍ර වීරසිංහ said...

මටත් කියන්න තියෙන්නේ music අවුල් කියන එකයි music නැතිව පොඩි keyboard (piano part)එක විත‍රක් තිබ්බනම් අයියා ගොඩේ ගොඩ...........එල........මට හිතෙනවා Sටර්ස්
ත‍රගයකට යන්න කාලය හ‍රි වගේ..........එල ජය වෙවා....................

ධනික | Dhanika said...

@චාම‍ර වීරසිංහ
ස්තූතියි මල්ලි! මුල් ටිකේ music පොඩ්ඩක් අවුල් තමයි.
හපෝ ඔය Sටර්ස් තරඟ වලට ගිහිල්ලා නිකං චාටර් වෙනවට වඩා හොඳයි මේ ඉන්න විදියටම ඉන්න එක.. :D

sampath said...

ඔය තරමට කියා ගන්න පුලුවන් කියන්නෙ ගොඩ නේ.....එල..එල..

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails