හරිත කර්මාන්ත ශාලා වලින් දුම් වෙනුවට විදුලිය අපට!


මිහිල හරිත කර්මාන්ත ශාලාව (රූපය උපුටාගැනීම මෙතනින්)


ශ්‍රී ලංකාව තුල තවත් හරිත කර්මාන්ත ශාලාවක් පසුගියදා යටියන අගලවත්තේදී ආරම්භ වුනා. හිර්දරමනී සමූහ ව්‍යාපාරයට අයත් මෙය හැදින්වෙන්නෙ 'මිහිල හරිත කර්මාන්ත ශාලාව' ලෙසයි. තුල්හිරියේ පිහිටි MAS විධාරක සමාගමට අයත් රෙදිපිළි කර්මාන්ත ශාලවත් ශ‍්‍රී ලංකාවේ ඇති තවත් මෙවැනි හරිත කර්මාන්ත ශාලාවක්.

මොනවද මේ හරිත කර්මාන්ත ශාලා (Green Factory) කියන්නෙ?

හරිත කර්මාන්ත ශාලා කියන්නෙ සරළවම පරිසර හිතකාමී කර්මාන්ත ශාලා. සාමාන්‍ය කර්මාන්ත ශාලා වලින්, පූර්ණ ලෙස දහනය නොවූ කාබන් සහ තවත් රසායන ද‍්‍රව්‍ය දුම් සමඟ වායුගෝලයට එකතු වීම, අපවිත‍්‍ර ජලය, උණුසුම් ජලය සහ තවත් බොහෝ අපද‍්‍රව්‍ය පරිසරයට බැහැර වීම වැනි බොහෝමයක් ක‍්‍රියාවලීන් නිසා නිරන්තරයෙන්ම පරිසර දූෂණය වීම සිදුවෙනවා. මේවායේ අතුරු ප‍්‍රතිඵල ලෙස අම්ල වැසි ඇතිවීම, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම වැනි මිනිසාට බෙහෙවින් අහිතකර තත්ත්වයන් උදාවිය හැකියි.

හරිත කර්මාන්ත ශාලා ඉදිකරන්නේ මෙවැනි පරිසර හිතකාමී නොවන ක‍්‍රියාවලීන්ගෙන් තොරව හෝ ඒවා අවම වන ලෙස. හැකිතාක් පූර්ණ දහනයන් සිදුකිරීම, නොදිරන ද‍්‍රව්‍ය භාවිතය අවම කිරීම, ඉවතලන ජලය සංරක්‍ෂණය, ඉවතලන අපද‍්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය, ක‍්‍රමවත්ව අපද‍්‍රව්‍ය බැහැරකරන ක‍්‍රම අනුගමනය කිරීම වැනි පරිසර හිතකාමී ක‍්‍රියාවලීන් මේ සදහා යොදාගැනෙනවා. එම නිසා මේ හරිත කර්මාන්ත ශාලා වලින් පරිසරය සුරැකෙනවා වගේම මිනිසාගේ අනාගතයද සුරක්‍ෂිත වීම සිදුවෙනවා.

පරිසර හිතකාමී නොවන ක‍්‍රියාවන්ගෙන් තොර වීම වගේම ශක්ති හානිය අවම කිරීමත් මේ හරිත කර්මාන්ත ශාලා වල ලක්‍ෂණයක්. කර්මාන්ත ශාලාවේ ක‍්‍රියාවලීන් සදහා අවශ්‍ය ශක්තියෙන් වැඩි ප‍්‍රතිශතයක් ස්වයංව ජනනය කරගැනීම මෙහිදී සිදුවෙනවා. බොහෝවිට එය සිදුවන්නේ සූර්ය කෝෂ රාශියකින් සමන්විත සූර්ය පැනල මගින් විදුලිය නිපදවාගැනීම මගින්.

මෙලෙස නිපදවන විදුලිය වැඩ කරන දින වලදී කර්මාන්ත ශාලාවේ ශක්ති අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා යොදා ගැනෙන අතර, නිවාඩු දින වලදී එලෙස නිපදවන විදුලිය, ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ස්ථාපිත කරනු ලබන ආයාත නිර්යාත විදුලි මීටරයක් හරහා ජාතික විදුලි ජාලයට එක් කෙරෙනවා.

    ආයාත නිර්යාත (import export) විදුලි මීටරයක් කියන්නෙ?

    අපේ නිවෙස් වල සාමාන්‍යයෙන් තියෙන්නෙ ආයාත විදුලි මීටර. එහිදී අප ආයාත කරන (පරිභෝජනය කරන) විදුලි ඒකක ගණනය වීම සිදුවන්නෙ තැටියක් යම් දිශාවකට කැරකීම මගින්. ආයාත නිර්යාත විදුලි මීටරයක් හරහා විදුලිය ආයාත කිරීමේදීත් එම තැටිය කැරකෙන්නෙ එම දිශාවටමයි. නමුත් විදුලිය නිර්යාත කිරීමේදී එම තැටිය අනෙක් දිශාවට කැරකෙනවා. එවිට අවසානයේදී [ගෙවීම් සිදුකළ යුතු විදුලි ඒකක = ආයාත කළ විදුලි ඒකක - නිර්යාත කළ විදුලි ඒකක] ලෙසයි විදුලි ඒකක ගණනය වීම සිදුවන්නෙ.

සංවර්ධනය කරා යන ශ‍්‍රී ලංකාව තුළ මෙවැනි හරිත කර්මාන්ත ශාලා තව තවත් ඉදිවීම මගින් උදාවන්නේ රටටත් අපටත් සුභදායක අනාගතයක්. විශේෂයෙන්ම පරිසර දූෂණය වැළැක්වීම සදහාත් බලශක්ති අර්බුධය හමුවේ නොසෑලී සිටීමටත් මෙවැනි හරිත කර්මාන්ත ශාලා ඉදිවීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක්.

නමුත් ගැටලුව නම් සාමාන්‍ය කර්මාන්ත ශාලාවක් ඉදිකීරීමේදී දැරීමට සිදුවන වියදම මෙන් දෙතුන් ගුණයක වියදමක් දරමින්, මෙවැනි හරිත තර්මාන්ත ශාලා ඉදිකිරීමට දේශීය සහ විදේශීය ආයෝජකයන්ගෙන් කීයෙන් කීදෙනෙක් පෙළඹේද යන්නයි.

6 යි ප්‍රතිචාර

උෂාන් කෝදාගොඩ විතාරණ said...

මේව රටේ ඉදිවීම අපේ වාසනාවක්
ඊටත් ගල් අඟුරු තෙල් වලට යන විදේශ විනිමයත් ඉතිරියි (මුලික පිරිවැය වැඩි උනත්)

SIDATH said...

අනේ වාසනාවන් !

Times Eye said...

great post

ධනික | Dhanika said...

@ushan, ත'ර්ඩ් මෑන්
ඇත්තටම මේවා ඉදිවීම වාසනාවක් තමයි. නමුත් ගොඩක් ආයෝජකයන්ට අවශ්‍ය පරිසර දූෂණය නවත්වන්නවත් විදේශ විනිමය ඉතුරු කරන්නවත් නෙමෙයිනෙ. ලාභ ලබන්න විතරයිනෙ. අන්න ඒකයි අවුල! :(

ධනික | Dhanika said...

@Times Eye
Thank You!

sumi said...

WATINA LIPIYAKDIGATAMA LIYANNA

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails