මෙම හැකියා දක්‍ෂතා කෙසේනම් අවතක්සේරු කළ හැකිද???




ජීවිතඅත්දැකීම෴


එදින සවස 3ට සරසවියට ඒමේ අරමුණින් මම දවල් 1ට පමණ කොළඹ බලා යන බසයකට ගොඩ විය.

බසයේ වැඩි සෙනඟක් නොවූයෙන් අසුන් ගැනීමට අසුනක්ද මට සම්බ විය.

ටික වේලාවකට පසු සුපුරුදු පරිදි කොන්ගෝවක් (බෙරයක්) රැගත් බස් රථ තුළ ගීත ගායනා කරන තැනැත්තෙකු බසයට ගොඩවිය.

නමුත් ඔහුට පසුපසින් බසයට ගොඩවුනු ඔහුගේ සගයාගේ අත තිබුණේ බස් රථ තුළ දැක නුපුරුදු සංගීත භාණ්ඩයකි. එනම් කී බෝඩයකි. (ඕගන් එකකි)

එය දුටු සැනින් මගේ සිතට නැඟුනේ, සුළඟ කපාගෙන, වාහන නලා ඝෝෂා හඬ මැද ඉදිරියට ඇදෙන මේ සුවිසල් බසයටම, බැටරි දමා වැඩකරන මේ පුංචි කී බෝඩයෙහි ශබ්දය ඇසේද යන්නයි.

මීළඟට මා මවිත කරමින්, ඔහුගේ බෑගයෙන් ඔහු ඉවතට ගත් දෙයකින්, මගේ සිතේ නැගුණ ඒ පැණයට එකෙණෙහිම පිළිතුරක් ලැබිණ. එය නම් කළු පැහැති පෙට්ටියකි. බැටරි වලින් වැඩ කරන ලෙස සකසා ගත් Amp එකක් සහ Speaker එකක් ඇතුලත් ජංගම ශබ්ද විකාශන පෙට්ටියක් බව එය දුටු විගස මට වැටහුණි.

එම පෙට්ටිය බසයේ රාක්කය මත තැබූ ඔහු බෑගයේ තිබූ රැහැනක් (කේබල් එකක්) ගෙන එම පෙට්ටිය සහ කී බෝඩය සම්බන්ධ කළේය.

ගීත ගායනය ඇරඹින.

කොන්ගෝ එක අතගත් පුද්ගලයා එයින් තාල තබද්දී ගීතයේ මුල්ඛණ්ඩ (introductions), අන්තර්ඛණ්ඩ (interludes), අනුඛණ්ඩ (parts) කී බෝඩයෙන් අපූරුවට වැයින. කී බෝඩයෙන් උපදින නාදයන් රැහැන දිගේ රාක්කය මත තැබූ ජංගම ශබ්ද විකාශන පෙට්ටියට ගොස් මුළු බසයටම ඇසෙන ශබ්දයකින් එමගින් විකාශනය විය.

දෙවෙනි ගීතයද වැයෙමින් ගායනය විය. කී බෝඩය වයන මේ පුද්ගලයාගේ දක්‍ෂතාවය මා මවිත කළේය. මේ සුවිශේසී දක්‍ෂතාවය කතාබහට ලක්කල යුතු එකක් නොවේදැයි මට සිතෙන්නට විය.

තෙවන ගීතයද ආරම්භ විය. මට තවත් ඉවසා සිටිය නොහැකි විය. ප්‍රසිද්ධ ස්ථාන වල රූගත කිරීම නීති විරෝධී බව දැන දැනත් මේ දක්‍ෂතාවය හමුවේ මා එම නීති බිඳදමින් පැපරාසිකරණයේ යෙදෙන්නට විය.

මා තවත් කුල්මත් කරමින් ‍තෙවෙනි ගීතය ලෙස ගායනය වුනේ මා ප්‍රිය කරන මියුරු ගීයකි. බසයේ සිටි මගීන් සියල්ලටම රහසේ එම ගීතය ගයන වයන මොවුන්ගේ මෙම දක්‍ෂතාවයන් මාගේ ජංගම දුරකතන කැමරා මතකයේ තැම්පත් විය.

ගායනය මෙන්ම වාදනයද සෑහෙන්න අපහසු මෙම ගීතයට මෙම කී බෝඩ් වාදකයා සංගීතය සපයන අපූරුව
ඔබේ දෑසින්ම නරඹන්න...
ඔබේ දෙසවනින්ම සවන්දෙන්න...


සැඩ සුළඟ පරයා අස්ප වේගයෙන් ඉදිරියට ඇදෙන, වරින් වර තද කරන තිරිංගයන්ගෙන් ගැස්සි ගැස්සී ඉදිරියට ඇදෙන මේ බසය තුළ, එක අතකින් කී බෝඩය අල්ලාගෙන, අනිත් අතින් කී බෝඩය වයමින්, අසුනකට හේත්තු වීමෙන් පමණක් සමබරතාවය රැකගෙන, එක ස්වරයක්වත් නොවරදවා, මොහු මෙම ගීතයේ මුල්ඛණ්ඩ, අන්තර්ඛණ්ඩ, අනුඛණ්ඩ සියල්ලම මුල් ගීතයේ ලෙසටම වයන අපූරුව බලන්න.

නාද මතක තබාගැනීමේ හැකියාවක්වත් නොමැති, නාදයේ අංකය එබීමෙන් පමණක් නාද මාරු කළ හැකි, මේ පුංචි කී බෝඩයෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ගනිමින්, මුල් ගීතයේ වැයෙන සියළුම සංගීත භාණ්ඩ වල නාද (ගීටාර් නද, වයලින් නද, බටනලා නද) උචිත ලෙස මාරු කරමින් ගීතයට පරිපූර්ණ ලෙස සංගීතය සපයන අපූරුව බලන්න.

අද සමහරක් මංගල උත්සව වල සංගීතය සපයන, යුගල සංගීත කණ්ඩායම් (two piece band) වල කී බෝඩ් වාදකයන්ටවත් මෙම ගීතයට මෙතරම් අපූරුවට සංගීතය සැපයිය හැකිදැයි ප්‍රශ්නයක් මගේ හිතට නැගිණ. ගායනය කෙසේ වෙතත්, ගැස්සි ගැස්සී යන බසයක් තුළ, එක ස්වරයක්වත් නොවරදවා කී බෝඩය වයන මේ තැනැත්තාගේ මෙම සුවිශේෂී වාදන දක්‍ෂතාවය අපට කෙලෙසකින්වත් අවතක්සේරු කළ හැකිද? මෙම සුවිශේෂී දක්‍ෂතාවය බසයක් බසයක් ගානේ අවතක්සේරු විය යුතුද? මෙවැනි ප්‍රශ්න කිරීම් මගේ සිතට ගලා ආවේය.

තෙවෙනි ගීතය ගැයීමෙන් පසු තවත් ගීත දෙක තුනක්ම වාදනය වෙමින් ගායනය වීමෙන් පසු කොන්ගෝව වැයූ පුද්ගලයා මුදල් එක්රැස් කරන්නට විය. ඔවුන්ගේ හැකියාව මා මෙන්ම බසයේ සිටි බොහෝ මගීන්ට වැටහුණු නිසාවෙන් යැදීමකින් තොරවම ඔවුන් වෙත මුදල් ගලා ආවේය.

කී බෝඩය වැයූ පුද්ගලයා කළු පෙට්ටිය සහ ආම්පන්න බෑගයේ දමාගෙන බසයෙන් සමුගැනීමට සැරසෙද්දී මොහුට කීමට දෙයක් සහ මොහුගෙන් ඇසීමට දෙයක් මා සිත තුළ කැකෑරෙමින් තිබුණද, ටික වේලාවකට මට එය අසනවාද නොඅසනවාද යන්න දෙගිඩියාවක් විය. මා සිටි අසුන ඉදිරියේම ඔහු සිටි නිසාවෙන් අවසානයේ මා එය ඔහුගෙන් අසන්නට තීරණය කළෙමි. ඔහුගේ අතට තට්ටුවක් දැමූ මා මෙසේ ඇසීය.

"ඇයි band එකක් පටන් ගන්නෙ නැත්තෙ? මාර හැකියාවක්නෙ තියෙන්නෙ."

මා ඇසූ එම පැණයට පිළිතුරු ලෙස ඔහු මා දෙස බලා සිහින්ව සිනාසුනා පමණි.‍

ඒ සිහින් සිනහව තුළ ගැබ්ව තිබූ වාක්‍ය ගණනක දෙය මට වටහා ගත හැකි විය.
නමුත් මට එය වචනයෙන් විස්තර කළ නොහැක.

27 යි ප්‍රතිචාර

Anjula Malshan said...

ධනික අයියේ මටත් මේ දෙන්නා කොච්චියේ යදිදි හම්බවෙලා තියෙනවා..ඇත්තටම මේ දෙන්නාට මාර හැකියාවක් තියෙන්නෙ....මොනා කරන්නද එයාලට දෛවය දිලා තියෙන්නේ මේවගේ ජීවිතයක් තමයි......

budhajeewa said...

මේ අයට මුලින් තල්ලුවක් දුන්නොත් ඉදිරියට යන්න බැරි අය නෙවෙයි. ඒ නිසා බස් රථ තුල ජීවිත කාලකණ්නි කර ගැනීම ඒ අයගේ වරදක්. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවක් පිළිබඳ මහින්ද අයියා මේ දින වල කතා කරයි. එවන් පහසුකමක ප්‍රයෝජනය මේ අය නොගන්නේ ඇයි?

GNS said...

siraa weda karuwo dennek.. elatama sinduwa kiyanawa...

sanjeew said...

මමත් මේ අය කෝච්චියෙදි දැකල තියෙනව, හොද හැකියාවක් ඇති අය

ධනික | Dhanika said...

@මල්$han
ඒත් ඉතිං මල්ලි ඔය දෛවය කියන දේ කාටවත්ම වෙනස් කරන්න බැරිද? මම නං හිතන්නෙ අපේ ඊළඟ මොහොතෙ දෛවය තීරණය වෙන්නෙ අපි මේ මොහොතෙ කරන දේ අනුව.

@Supun Budhajeewa
වැරැද්ද සම්පූර්ණයෙන් ඒ අය පිට පටවන්නත් බෑ නේද? වෙන කුමන හෝ විකල්පයක් තියෙනවනම් මේ වගේ තත්ත්වෙකට පත්වෙන්න අපි කිසිම කෙනෙක් කැමති නෑනෙ.
[ මං දැනං හිටියෙ නෑනෙ මල්ලි මෙච්චර නාකී කියලා.. ("මහින්ද අයියා") :D :D ]

ධනික | Dhanika said...

@ගයන්ත, BEAUTIFUL SRI LANKA
ඇත්තෙන්ම ඔව්. ඔබේ අදහස් බෙදා ගත්තට ස්තූතියි!

malee_msg said...

මම මේ දෙන්නා ගැන කතාවෙනවා අහලා තිබ්බට දැකලා තිබ්බේ නැහැ.. බොහොම ස්තූතියි විඩියෝ එකට.. ඇත්තටම හරිම දකෂතාවයක් තියන අය..! අනේ මන්දා මේ ව‍ගේ දකෂ කම් දැක්කම දුකත් හිතෙනවා.. මේ අයයි.. නැති දකෂ කම් මවා පෙන්වන්න හදන අය ගැනයි..

ධනික | Dhanika said...

@malee_msg
කලේ නීතිවිරෝධී වැඩක් උනත් රූගත කලේ මේ ගැන නොදන්න අයව දැනුවත් කරන්නමයි. ස්තුතියි!
මටත් ඇත්තටම එදා ඔවුන්ගෙ මේ දක්‍ෂතා දකිත්දි දුක හිතුණා, අනේ හැබෑට මේ වගේ දක්‍ෂතාවයක් බසයක් බසයක් ගානෙ අවතක්සේරු වෙන්න ඕනෙද කියලා. :(

rane said...

මේවා දෑක්කහම ජීවිතය හා ජීවත්වීම ගෑන පුදුම හිතෙනවා ...දක්ශතාව අපූරුයි.අයියා ඉල්ලගත්තේ නෑද්ද mobile num එක වත් අපේ පෑදුරකට එහෙම ගෙන්නන්න පුලුවන්නේ එතකොට....

Anju said...

හැබෑ දක්ෂයන් දෙන්නෙක් ..!!

Tharanga said...

ඇත්තටම දක්ෂයෙක්...ඉස්සරහට යන්න කව්රුහරි උදවු කරනවනම් කොච්චර හොදද!!!

ධනික | Dhanika said...

@රන්දීර වීරකෝන්
මං අර ප්‍රශ්නෙ අහපු වෙලාවෙ ඔහු මං දිහා බලලා ලාවට හිනාවෙනකොට, ඒ හිනාව තුළ කියාගන්න බැරි ගුප්ත දේවල් ගොඩක් සැඟවිලා තිබ්බා මල්ලි. ඒකෙන් මටත් ඔහු ගැන දුක හිතුණා මිසක් ආයෙත් ඔහුගෙන් යමක් අහන්න හිතුනෙ නෑ.

@Anju
හ්ම්! ඇත්තටම!

ධනික | Dhanika said...

@Tharanga
ඔව් අක්කෙ, ඒකම තමයි මටත් හිතුණේ.

Indranama said...

මමත් මේ දෙන්නා දැකලා තියෙනවා කාලෙකට කලින්, හැබැයි 138 බස් එකකදීද කොහෙද මතක හැටියට.
අඩු මිල කීබෝඩ් එකකින් මේ තරම් වැඩ දාන එක නං මාරම මාරයි තමා.

බෑන්ඩ් එකක් පටං ගන්න මේ වගේ අහිංසක මිනිස්සුන්ට කෝ සල්ලි O_o

ධනික | Dhanika said...

@ඉන්දරේ
ඔව් මචං...
අර තරංගා අක්කා කිව්වත් වගේ මේ වගේ අයගෙ මේ සුවිශේෂී දක්‍ෂතා අවතක්සේරු වෙන්නට නොදී මේ අයට ඉස්සරහට යන්න කව්රුහරි උදව් කරනවනම් කොච්චර හොඳද?

මාස්ටර් said...

ක‍රන්න තහනම් වුනත් මේක Video ක‍රපු එක නම් හොඳයි. බොරුවට කොන්ඩ වවා ගෙන යකඩ කෑලි එල්ල ගෙන බෑන්ඩ් වල ප්ලේ ක‍රන්න එවුන්ට වැඩිය මේ දෙන්න කරන වැඩේ කොච්චර හොඳද.

රවා said...

අපි ලංකවෙ ඉන්නෙ. මෙ දෙන්නට උඩට එන්න දෙන්නෙ නැහැ. ඔයා කරපු දෙ හොදයි.

ධනික | Dhanika said...

@මාස්ටර්
ඔව්, නීති විරෝධී දෙයක් උනත් මම මේක රූගත කළේ යහපත් අරමුණකින්නෙ. මොවුන්ගෙ දත්‍ෂතාවය අගය කරන්නනෙ.

@රවා
ඒක නම් ඇත්ත. ස්තූතියි!

Meth Visula said...

මොනව කරන්නද ඉථින් අපිථ් ......
කැලේ පිපුනු මල් කැලේතම යන්න නොදී රැක ගන්න ඕනේ

බිඟූ said...

අඩෝ..! මාර සිරානේ....

මෙන්න නියම වැඩ කරුවෝ...

/බිඟුවා...!

තිස්ස දොඩන්ගොඩ said...

පුතා උඹ හරිම සංවේදී මනුස්සයෙක්...! මෙතුවක් කාලෙට බ්ලොග් එකක මම දැක්ක හොඳම වාර්තාකරනය මේකයි.. .. ඕගොල්ලො වාගේ මිනිස්සු මොන සමාජ තලයක හිටියක් රටට ලෝකෙට සෙතක් කරන බව විස්වාසයි... එදා බ්ලොග් කරුවන්ගේ මීටිමේදී වචනයක් දෙකක් කතාකලාම පුතාගේ නිහතමානීකමත් මට හොඳටම තේරුනා... අපේ දරුවන්ගේ හෙට දවස ඔබලා ලස්සන කරාවි... මගෙ සුභ පැතුම්...

ධනික | Dhanika said...

@METH
කැලේ?

@නිශාන්ත අනුරුද්ධ
සිරාවට!

ධනික | Dhanika said...

@තිස්ස1969
බොහොම ස්තූතියි මාමෙ! හරිම සතුටුයි ඔබ වගේ වියතෙකුගෙන් ඔය වගේ ප්‍රශංසාවක් ලැබීම ගැන! :)

වෙන කෙනෙකුගෙ හොඳක් හෝ නරකක් දැක්කම ඒ බව ඔහුගෙ මූණටම අවංකවම කියන අය ඉන්නෙ බොහෝම අතලොස්සයි. ඔබත් එවැනි අවංක මිනිසෙක්!

හෙළයා said...

සහෝදරයා..ලංකාවේ ඔය වගේ මිනිස්සු විවිධ ක්ෂේත්‍ර වල වැඩ කරනවා. බොහෝවිට ආර්ථික ගැටලු නිසා ඒ වැඩි දෙනෙක් ඉන්න ඕනෙ තැන නෙවෙයි ඉන්නේ...දවසක ඒක වෙනස් කරන්න අපි හැමෝටම පුලුවන් වෙයි කියලා පතනවා...

Dileepa Pathirana said...

මටත් ඔය ජෝඩුව අපේ පාරෙ බස් වලදි සෙට් වෙලා තියෙනව. ‍මාරම ටැලන්ටඩ්. ලගදි නම් සෙට් උනේ නෑ..මේ වගේ ‍බ්ලොග් එකකින් ඒ දෙන්න ගැන නැවත වරක අහ ගන්න ලෑබීම මාර සතුටක්...

ධනික | Dhanika said...

@හෙලයා - Helaya
ඒක ඇත්ත සහෝ.. ඒත් ඒ දවස කවදා උදාවෙයිද?

@Dileepa Pathirana
මොවුන් දෙන්නගෙ දක්ෂතාවය ගැන ලියලා, අපේ රටේ ඉන්න මේ වගේ මිනිස්සු ගැන මොහොතක් හිතන්න ඔබ සැමව යොමුකරවන්න ලැබීම ගැන මටත් සතුටුයි. ඒත් මේ දෙන්නා ගැන නම් මාර දුකයි.

Unknown said...

නම් මාර දුකයි.එක් අතකින් සතුටුයි හොරවෑඩ නොකර මේ වගේ හෑකියාවක් පෙන්නන එක ගෑන.... "අපිටත් යමක් පුලුවන් කියලා"

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails