සිංහල යුනිකෝඩ් භාවිතයේ සියලු බාධක බිඳ දැමේ!!! qsFOX - නවතම සිංහල යුනිකෝඩ් අංගෝපාංගය

"මින්මත්තට Sinhala/Tamil Unicode KIT අංගෝපාංග කට්ටලය (හෝ Vista Quick Fix කට්ටලය) ස්ථාපනයකින් තොරව අන්තර්ජාලය තුල සුපුරුදු විදියට සිංහල යුනිකෝඩ් කියවන්නටත්, තමන් කැමති යතුරුපුවරුවක් (විජේසේකර/ශබ්දානුකූල) භාවිතා කර සිංහල යුනිකෝඩ් යතුරුකරන්නටත් පුළුවන් කිව්වොත් ඔබ පිළිගන්නවද? හ්ම්! දැන් ඔබට එය පිළිගන්න වෙනවා."


දැනෙන්නෙ පුදුම සතුටක්!

මෙච්චරකල් අපි හැමෝන්ටම ලොකුම ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණු වැඩසටහනක් නිර්මාණය වෙලා.

දැන් ඔබ ලෝකෙ කොහේ හිටියත්, ඇඩ්මින් බල ඇති/නැති මොන පරිගණකයක් භාවිතා කලත්, සිංහල යුනිකෝඩ් හිතේ හැටියට කියවන්නත්, මෙච්චර කල් ලොකු ගැටළුවක් වෙලා තිබුණු සිංහල යුනිකෝඩ් වලින් හිතේ හැටියට තමන් කැමති යතුරු පුවරුවක් (විජේසේකර/සිංglish) භාවිත කරලා යතුරු කරන්නත් පුළුවන්.

ඔබේ පරිගණකයෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් බල ගැන්වූ ජංගම ගිනිහිවලෙක් [Sinhala Unicode enabled portable firefox] ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් ෆෝන්ට ස්ථාපනය කරලා තිබීමවත් මේ සඳහා අවශ්‍ය වෙන්නෙ නෑ. අවශ්‍ය වෙන්නෙ ඔබේ පරිගණකයේ Firefox 3.5 වෙළුමක් ස්ථාපනය කරලා තිබීම පමණයි. කොටින්ම ඔබ භාවිත කරන්නෙ ඇඩ්මින් බල සහිත පරිගණකයක් වුනත්/නොවුනත් ඔබට මින් ඉදිරියට අන්තර්ජාලය තුල සිංහලෙන් ලියන්න සහ කියවන්න Sinhala/Tamil Unicode KIT එක ස්ථාපනය කර තිබීම අවශ්‍ය වෙන්නෙ නෑ.

මොකද්ද මේ මහා පෙරළිය ?

මේ මහා පුළුවන්කම ලැබිලා තියෙන්නෙ එකම එක මොසිල්ලා ඇඩෝනයක් නිසා. මේ ඇඩෝනයෙ නම qsFOX. ඒ කිව්වෙ Quick Sinhala for Firefox (ගිනිහිවලා සඳහා ක්‍ෂණික සිංහල).


qsFOX 1.0 (මෙතනින් ඇඩෝනය බාගන්න)

http://qsfox.mozdev.org (ඇඩෝනයෙ නිළ වෙබ් අඩවිය)



මේ ඇඩෝනය ස්ථාපනය කළාම ඔබේ Firefox status bar එකට අලුතින් අයිකන දෙකක් එකතුවෙනවා. දකුණු පැත්තෙ තිබෙන EN ලෙස සඳහන් අයිකනයෙන් දැක්වෙන්නෙ දැනට ක්‍රියාත්මක යතුරුපුවරුව. එහි දැක්වෙන්නෙ 'EN' නම් ඉංග්‍රීසි යතුරුපුවරුව (F8), 'වි' නම් විජේසේකර යතුරුපුවරුව (F9), 'සි' නම් සිංglish යතුරුපුවරුව (F12). මේ අයිකනය මත ක්ලික් කිරිමෙන් වගේම වරහන් තුළ දක්වපු යතුරුපුවරු කෙටිමං (Keyboard shortcuts) මගිනුත් ඔබට සක්‍රීය යතුරුපුවරුව තෝරගන්න පුළුවන්. (හරියට අපි language bar එකෙන් යතුරුකරන භාෂාව තෝරනවා වගේ) වම් පැත්තෙ තියෙන qsFOX අයිකනයෙන් ඔබට මේ ඇඩෝනයෙ භාවිතාවන යතුරුපුවරු සම්මුතීන් සහ ඇඩෝනය පිළිබඳ විස්තර බලාගන්න පුළුවන්. ඔය පහලින් දැක්වෙන්නෙ qsFOX අයිකනය ක්ලික්කල විට දිස්වන ආකාරය.



මේ වටිනා නිර්මාණයේ නිර්මාණ කාර්යය (developed by) මොරටුව සරසවියෙ, පරිගණක විද්‍යා හා මැවිසුරු අධ්‍යයනාංශයෙ තෙවන වසර සොයුරෙකු වන ඉසුරු උදාන සොයුරාගෙන්. ව්‍යාපෘති සංකල්පය (concept) කොළඹ සරසවියෙ පරිගණක අධ්‍යයන ආයතනයෙ තෙවන වසරෙ සොයුරෙක් සහ අපේ සහෝදර සිංහල බ්ලොග්කරුවෙක් වන පහන් සොයුරාගෙන්. මේ දෙන්නම පාසල් කාලයෙ ඉඳං යාළු මිත්‍රයො බව තමයි ආරංචිය.

තව පුංචි දෙයක් තියෙනවා කියන්න. යම් නිර්මාණයක් බිහිවෙද්දි ඒක නිර්මාණය වෙන්නෙ මොරටුවෙන්ද, කොළඹින්ද, ජපුරෙන්ද, පේරෙන්ද, රුහුණෙන්ද, SLIIT එකෙන්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ නිර්මාණයෙන් අපේ රටට වෙන සේවය කෙබඳුද කියන එක. නේද? කොහෙන් නිර්මාණය වුනත් ඒකෙ ඵල ප්‍රයෝජනය තියෙන්නෙ අපි හැමෝන්ටමනෙ නේද? නැතුව හදපු තැන අයට විතරක් නෙමෙයිනෙ. ඉතිං අපි හැමෝම මේ නිර්මාණයෙන් ප්‍රයෝජන ගමු.

අපේ මේ සිංහල බ්ලොග්කරණයට මේ වගේ අංග උපාංග එකතු වීමෙන් වෙන්නෙ සිංහල බ්ලොග්කරණය තව තවත් දිරිගැන්වෙන එක. කොටින්ම දැන් අපිට වැඩපලේදි සරසවියෙදි විතරක් නෙමෙයි අපේ නංගිලා මල්ලිලාට උනත් කිසිම කරදරයක් නැතුව ඉස්කෝලෙදි උනත් බ්ලොග් පෝස්ටයක් ලියලා පළ කරන්න පුළුවන් දැන්.

මේ සිංහල බ්ලොග්කරණය දිනෙන් දින දිරිගැන්වීමෙන් වෙන්නෙ මේ අන්තර්ජාලයෙ තියෙන සිංහල අන්තර්ගතය (Content එක) දිනෙන් දින වැඩි වර්ධනය වෙන එක. ඉතිං ඒකම නේද අපේ මේ සිංහල බ්ලොග්කරුවන්ගෙ ඒකායන අරමුණ? මේ අන්තර්ජාලයෙ තිබෙන සිංහල අන්තර්ගතය වැඩි උනොත් විතරයි කවදාහරි දවසක අපිට අන්තර්ජාලයේ තිබෙන ඕනෑම දැනුමක් සිංහලෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නෙ. මේ සඳහා සිංහල බ්ලොග්කරුවන්ගෙන් ඉටුවෙන සේවය නම් අමිලයි. ඒත් ඉතිං තාම ඒක වගකිවයුත්තන්ට නොතේරීම නම් කණගාටුදායකයි.

‍ඒ මොනා උනත් අපි කරමු අපේ වැඩේ. අපිට ලැබෙන මේ සෑම අංගෝපාංගයකින්ම සන්නද්ධ වෙලා උරදෙමු මේ අන්තර්ජාලයේ තිබෙන සිංහල අන්තර්ගතය වැඩි වර්ධනය කරන්නට!

සිංහල බ්ලොග්කරුවන්ට ජය!
මේ විශිෂ්ට නිර්මාණය බිහි කළ ඉසුරු උදාන සහ සංකල්පය සැපයූ පහන් යන සොයුරන්ට ප්‍රණාමය!


යාවත්කාලීනකරණය
මෙම qsFox ඇඩෝනය පිළිබඳ එහි නිර්මාපකයාණන් (developer) වන ඉසුරු උදාන ඉංග්‍රීසි බසින් පළ කළ ලිපිය:
http://mytecheye.blogspot.com/2009/12/qsfox.html

20 යි ප්‍රතිචාර

Anonymous said...

මේ ගැන දැනුවත් කරන්න සම්බන්ද උනාට ස්තුතියි. අනෙ අම්මෝ ගාලා තියෙන බටර් පාර. :D. ඉසුරු සිංහල බ්ලොග් කියෙව්වට සිංහල ටයිපින් අකුරක්වත් බැරුව හිටියේ. project එක ඉවර වෙන කොට මෑන් සිංග්ලිෂ් වලින් මාත් එක්ක චැට් කරනවා. :D

ධනික | Dhanika said...

@පහන්
බටර් ගෑමක් නෙමෙයි. ප්‍රශංසාවට ලක් විය යුත්තන් ප්‍රශංසාවට ලක්කිරීමක් පමණයි කරලා තිබෙන්නෙ. :)
මේ වගේ නිර්මාණයක් බිහිකරන්න ඉසුරු උදාන සොයුරව පෙළඹවීම ගැන ඔබට ස්තූතියි!

මල්$han said...

අනේ සමාවෙන්න ඕනේ අයියේ...අමතක වුනා නොවැ Comment 1 දාන්න.දැනටමත් මං නම් මුහුණුපොතේ Share කොරලා හමාරයි.ඇත්තටම මාත් සැහෙන්න පුරස්නෙකින් තමයි හිටියේ.singලිෂ් යතුරුලියනය සම්බන්ධයෙන්.ඒකට හොඳ පිළියමක් මේක.බොහෝමත් ස්තූතියි දැනුවත් කළාට ධනික අයියේ...

Anonymous said...

අස්පට සිරි එලකිරිස්
XP වලදි අයේ Sinhala/Tamil Unicode KIT එක දාන්නේ නැතුව සිංහල පාවිච්චි කරන්න පුලුවන් එක නම් ලොකූ උදව්වක්
මේ කිරි කිරිස් එක හදපු අපේ අය්යණ්ඩිලා දෙන්නට මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න සුබ පැතුම් !!!
ජය වේවා!!.........

ධනික | Dhanika said...

@මල්$han
අයියෝ සමාව ඉල්ලනෙ මොකටද මල්ලියෙ. අමතක වෙන එක අපි කාටත් වෙන දෙයක් නෙව! :)
මේ ලිපිය මූණුපොතේ share කළාට මල්ලිටක් ස්තූතියි!

@manushan
ඔව් ඔව් Sinhala/Tamil Unicode KIT එක දාපුවම අම්බානෙකට slow වෙන P3, P4 වගේ machines වලටත් මේක කදිම ආදේශයක් සිංහල දාගන්න.

Isuru Udana said...

ඕක මම කලෙ මගේ level3 project 1 විදියට. final demo එකෙන් පස්සෙ source code 1 release කරන්න මම හිතන් ඉන්නෙ. ඕන කෙනෙක්ට source1 release කරනකම්ම ඉන්න ඕන නෑ. xpi 1 extract කරල බලන්න.:) just simple as that. bugs එහෙමත් ඇති. එවත් දන්වා එවන්න.

පුළුවන්නම් addon1 ගැන comments http://qsfox.mozdev.org/comments.html හි හෝ https://addons.mozilla.org/en-US/firefox/addon/53146 හි කරන්න. එක මගේ demo1 ගොඩ දාන්න උදව්වක් වේවි.

දුකා said...

නියමයි . . . හරිම ප්‍රයෝජනවත් . . . ස්තූතියි මේ ගැන ලිව්වට . .

ධනික | Dhanika said...

@Isuru Udana
ආ මේ ඉන්නෙ වැඩකරු. :)
අයෙමත් සැරයක් කෘතඥ වෙනවා ඔබට, මෙවැනි අගනා නිර්මාණයක් බිහි කිරීම ගැන! ඔබ දාපු සබැඳුම් දෙක සබැඳිලා නැති නිසා නැවතවරක් දාන්නම්.

@හැමෝටම
මේ නිර්මාණ කාර්යය සිදුකල ඉසුරු උදාන සොයුරගෙ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා මෙතනට හෝ මෙතනට මෙම ඇඩෝනය පිළිබඳ ඔබේ අදහස් උදහස් යොමු කරන්න.
ස්තූතියි!

@දුකා
අපි අපි ඉන්නෙ ඉතිං එකිනෙකාට ප්‍රයෝජනවත් දෑ බෙදාහදා ගන්නනෙ. :D
ස්තූතියි ප්‍රතිචාරෙට!

Madhawa Habarakada said...

එල කිරි වැඩක්. මම තාම ට්‍රයි කලේ නෑ, මම අද ඒක දාන්න ට්‍රයි කළා, error එකක් ඇවිල්ල install උනේ නෑ, ආපහු බලන්න ඕනෙ, මම ගෙදර පාවිච්චි කරන්නෙ 3.0. ඒත් මම ඒක දාන්න ට්‍රයි කළේ නම් 3.5.5 එකකට, බලමුකො ආපහු.
කොහොම හරි මේක හරිම ප්‍රයෝජනවත්, ආපහු kit එක දාන්න දුක් විඳින්න ඕනෙ නෑනෙ... ඔහොම යං Good luck.

Unknown said...

එලකිරි ඉසුරු අය්යා... හොද නිර්මානණයක්....!!!
@dhanika; thanks for publishing this...!!

ධනික | Dhanika said...

@H. Madhawa Ranga
මගේ පරිගණකයෙ නම් කිසි අවුලක් නැතුව වැඩ. ආයෙ පාරක් උත්සහ කරලා බලන්න වැඩනොකරන්න හේතුවක් නෑ.

@suneth
ඔව් ඇත්තටම මේක ඉසුරු අයියගෙ විශිෂ්ට නිර්මාණයක්.
ප්‍රතිචාරෙට ස්තූතියි මචං!

Kanishka said...

හොඳ නිර්මාණයක් බිහි වෙන්න හොඳ අදහසක් තියෙන්න ඕන.. ඒවගේම අදහසක් නිකන් තිබුනට මදි, කවුරු හරි ඒක ක්‍රියාවට නංවන්න ඕන..

මම හිතනව මේ ඇඩොන් එකේ ලින්ක් එකක් අපේ සංසදේ වෙබ් අඩවියටත් යයි කියල.

මොනව උනත් කරල තියෙන්නෙ හොඳ වැඩක් ඉසුරු,පහන් දෙදෙනාටම මගෙ උනුසුම් සුබ පැතුම්..

ශාකුන්තල | Shaakunthala said...

"තව පුංචි දෙයක් තියෙනවා කියන්න. යම් නිර්මාණයක් බිහිවෙද්දි ඒක නිර්මාණය වෙන්නෙ මොරටුවෙන්ද, කොළඹින්ද, ජපුරෙන්ද, පේරෙන්ද, රුහුණෙන්ද, SLIIT එකෙන්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ නිර්මාණයෙන් අපේ රටට වෙන සේවය කෙබඳුද කියන එක. නේද? කොහෙන් නිර්මාණය වුනත් ඒකෙ ඵල ප්‍රයෝජනය තියෙන්නෙ අපි හැමෝන්ටමනෙ නේද? නැතුව හදපු තැන අයට විතරක් නෙමෙයිනෙ. ඉතිං අපි හැමෝම මේ නිර්මාණයෙන් ප්‍රයෝජන ගමු."

වටිනා කියමනක්! කොතනින් හරි හොඳ නිර්මාණයක් බිහි වෙද්දි ඒ දේ අගය කිරීමත් හැමදෙනාම එකතු වෙලා ඒකට සහය දීමත් අනිවාර්යයෙන් සිදු විය යුත්තක්. වඩා හොඳ ඉදිරි ගමනක් තියෙන්නෙ එවිටයි.

Comment කරන අය comment එක මෙන්න මේ වෙබ් පිටුවෙ පළ කළොත් මෙය නිර්මාණය කළ කෙනාට ලොකු උදව්වක් වෙයි:
https://addons.mozilla.org/en-US/firefox/addon/53146

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

nice work . Thanks to you for informing that news.

ධනික | Dhanika said...

@ශාකුන්තල
ඔව් ඇත්තටම අපි හැමෝගෙම ඒකායන අරමුණ වෙන්න ඕනා රටට වැඩක් කිරීම. මේක අපි හැමොන්ගෙම රටනෙ... :)

@Duminda
Welcome & Thanks for ur comment!

Meth Visula said...

niyamai niyamai..
keep it up
good work

ධනික | Dhanika said...

@Kanishka | කණියා
ඔව් ඇත්තටම මෙය නිර්මාණශීලී සංකල්පයක සහ දක්‍ෂ නිර්මාණ කාර්යයක සංකලනයක්!
මෙහි සබැඳුම් සංසදේ වෙබ් අඩවියටත් ගියොත් සංසදේට අලුතින් එකතු වෙන අයටත් මේ ගැන දැනුවත් වෙලා මෙහි ඵල ප්‍රයෝජන අත්විඳින්න පුළුවන් වේවි!

@METH GAMAGE
Thanks!

Meth Visula said...

හරි හරි දැන් සින්හල වැඩ/////
ජය ‍වෙවා

ධනික | Dhanika said...

මෙම qsFox ඇඩෝනය පිළිබඳ එහි නිර්මාපකයාණන් වන ඉසුරු උදාන ලියූ බ්ලොග් සටහන:
http://mytecheye.blogspot.com/2009/12/qsfox.html

Unknown said...

niyamai niyamai..
keep it up

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails