සුභ නත්තලක් වේවා! - මෙන්න ඔබට මගෙන් පුංචි නත්තල් තෑග්ගක්...

හැමෝන්ටම මුලින්ම සාමය සමගිය සමාදානය පිරි සුභම සුභ නත්තලක් වේවා!

දන්නවනෙ මගේ බ්ලොගයෙ මම ලිපි පළ කරනවට අමතරව ඉඳලා හිටලා මං ගායනා කරපු ගීත එහෙම ඔයාලට රසවිඳින්න දෙනවා කියලා. ඉතිං අද මම දෙන්න හදන්නෙ ගීතයක් නම් නෙමෙයි. මේ නත්තල් දවසෙ මං අද ඔයාලට තිලිණ කරන්නෙ මං ගයපු සිංහල ගීතිකාවක්.







මේ සිංහල ගීතිකාව ("මගෙ දිවි පණ නල") මං ගායනා කලේ පහුගිය දෙසැම්බර් 3 වෙනිදා අපේ සරසවියෙ පැවැත්වුන නත්තල් බැති ගී ප්‍රසංගයෙදි.

සුළුතර කතෝලික පිරිසක් ඉන්න මොරටුව සරසවියෙ එදා පවත්වපු මේ ප්‍රසංගය නරඹන්න නම් ආගම් භේදයකින් තොරව ශාලාව පිරෙන්න සෙනඟක් ඇවිල්ලා හිටියා. ඒ ගැන නම් අපිට ගොඩක් සතුටුයි. එදා අපේ නත්තල් බැති ගී ප්‍රසංගය නරඹන්න ඇවිත් අපිව දිරිමත් කරවපු අපේ සහෝදර බොදුනු සහ අන්‍යාගම් වල සියලුම සොයුරු සොයුරියන්ට මේ වෙලාවෙ ඉතාමත් ගෞරවයෙන් ස්තූතිය පුදකරනවා.

එදා මං ගයපු මේ ගීතිකාවට සහය ගායනයෙන් සම්බන්ධ වුනු අපේ පළමු වසර මල්ලිලා දෙනනටත්, සංගීතය සපයපු පියුම්, මනෝජ්, රයන්, ශිහාර අයියා ඇතුළු සොයුරන්ටත්, විශේෂයෙන්ම, සරසවියෙ පැවැත්වෙන ඕනෙම සංගීත කටයුත්තකදි ඔවුන්ගෙ උපරිම දායකත්වය ලබාදෙන, කතෝලික අපි කට්ටියත් එක්ක දවස් ගානක් රෑ නිදිවරාගෙන පුහුණුවීම් කටයුතු කරලා මේ ප්‍රසංගය ඩ්‍රම්ස් වාදනයෙන් සහ ගීටාර් වාදනයෙන් විචිත්‍රවත් කරපු රංග සහ සචිත් යන ‍අපේ බොදුනු සොයුරන් දෙන්නටත් අති විශේෂ ස්තූතියක් මේ වෙලාවෙ පුදකරන්න ඕනෙ.

ඉතිං එහෙනම් කට්ටය අද නත්තල් දවසෙ නිවාඩු පාඩුවෙ මේ ගීතිකාව රසවිඳින්නකො.

ඔන්න එහෙනම් ආයෙමත් සැරයක් අපේ සිංහල බ්ලොග් සංසදේ සියළුම මිතුරු මිතුරියන්ටත්, පාඨක ඔබ සැමටත්,

සුභම සුභ නත්තලක් වේවා !!!


10 යි ප්‍රතිචාර

Anju said...

ලස්සනයි ...!!!

Thameera said...

මරු! සුබ නත්තලක් වේවා!

Indranama said...

මරු ඈ.. !
සිරාවටම මැක්සා... අර රෙකෝඩිං එකේ සවුන්ඩ්ස් කචල් නිසා තමයි පොඩ්ඩක් රස විඳීමට බාධා වෙලා තියෙන්නේ.

සුබ නත්තලක් වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

malee_msg said...

ශා.. ලස්සනයි... ඔයාට සුභ නත්තලක්!!!

ධනික | Dhanika said...

@Anju
ස්තූතියි! :)

@තමීර
ස්තූතියි අයියෙ! ඔයාටක් එසේම වේවා! :)

@ඉන්දරේ
ස්තූතියි මචං! කැමරාවෙන් රෙකෝඩ් වෙච්ච සවුන්ඩ්ස්නෙ. ඒකයි පොඩ්ඩක් කචල්. උඹටක් සුභ නත්තලක්! ජයවේවා! :)

@malee_msg
ස්තුතියි! ඔයාටක් එසේම වේවා! :)

Supun Sudaraka said...

එළ එළ! නත්තල් සුබපැතුම එකතු කරන්න නම් පරක්කුයි. ඒත් කමක් නෑ..

සුබ නත්තලක් වේවා!

ධනික | Dhanika said...

@Supun Sudaraka
අයියෝ මොන පරක්කුවක්ද?
පොඩි මල්ලිටත් එසේම වේවා! :)

Anonymous said...

දැන් පරක්කුයි විශ් කරන්න.. මේ දැන් මතක් උනේ උඹ කැතලික් නේද කියලා..
හපොයි සමාවෙලා පරක්කු වුනු මගේ සුබ පැතුමත් බාරගන්න...

ධනික | Dhanika said...

@පිස්සා
පරක්කු උනාට මොකෝ මචං, සුභ පතන්නෙ හදවතින් නම් ඒකනෙ වටින්නෙ... බොහොම ස්තූතියි උඹෙ සුභ පැතුමට!
උඹටත් සුභ නත්තලක් වේවා!! :D

Shyamin Ayesh Fernando said...

aiye mata oyagen dana ganna deyak tiyenawa puluwannam mata oyage mail address eka denawada. metana post karanna bari nam mail ekak wat ewannakoo. info@saonline.tk

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails