මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ? (eBay කුප්පි #5)
කුප්පිය පටන් ගන්න කලින් තව සුභ ආරංචි ටිකකුත් තියෙනවා කියන්න. අපේ මේ eBay ලිපි පෙළ මුල ඉඳලම කියවලා eBay වෙතින් ගණුදෙනු කිරීම ආරම්භ කරපු ගොඩදෙනෙක්ට දැන් එයාලා මිලදී ගත්ත භාණ්ඩ ගෙදරටම ඇවිල්ලා. ඒ පිළිබඳ ගොඩ දෙනෙක් අපේ පහුගිය ලිපි වලට ප්‍රතිචාර එක් කිරීමෙන් වගේම fb හරහා සහ email එවීමෙනුත් මාව දැනුවත් කරලා වගේම ස්තූති කරලා තිබුනා.
තව පුංචි කණගාටුදායක දෙයකුත් තියෙනවා කියන්න. පසුගිය දවසක ප්‍රසිද්ධ ලාංකීය ෆෝරමයක eBay සම්බන්ධව මං ලියපු පළමු ලිපි 2 ම එහෙම්පිටින්ම පිටපත් කරලා පළ කරලා තිබුණා කව්රු හෝ කෙනෙක්. මගේ බ්ලොග් සටහනට සබැඳියක් (link එකක්) තියා ඒ ගැන කිසිම සඳහනක්වත් නොමැතිව හරියට තමන් ලියපු ලිපියක් වගේ තමයි ඒ ලිපි 2 පළ කරලා තිබුනේ. අනුන්ගෙ ලිපි වලින් ලකුණු දාගන්න හදන ඒ වගේ අය ගැන නම් මට හරිම කණගාටුයි.
අද කුප්පිය පටන් ගන්න කලින් මට කලින් කුප්පි වලදි කියන්න අතපසු වුනු දේවල් 2 ක් තියෙනවා ඔයාලා කලබල වෙන්න ඉඩ තියෙන. ඉතිං ඒ නිසා දැන්ම ඒ ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්.
- ඔබ ඔබේ සම්පත් Webcard එක PayPal වෙත සාර්ථකව link කළාට පසුත්, ඔබේ PayPal ගිණුමෙ ශේෂය පෙන්වන්නෙ USD 0.00 ලෙසයි. මේ ගැන කලබල වෙන්න එපා. ලංකාවෙ කාඩ්පත් PayPal වෙත link කළත් එම කාඩ්පත් වල ඇති ශේෂය දැනගන්න PayPal ට හැකියාවක් නෑ. ඒ නිසයි ඔහොම පෙන්වන්නෙ. නමුත් ඔබේ කාඩ්පතේ මුදල් තිබෙනවනම් එම මුදලට සරිලන ලෙස ඔබට PayPal වෙතින් ඕනෙම ගෙවීමක් කරන්න පුළුවන්. එතනදි PayPal කරන්නෙ ඔබේ කාඩ්පතෙන් මුදල් හර කරගෙන ඍජුවම ඔබ මුදල් ගෙවන්නාගෙ ගිණුමට ඒ මුදල් බැර කිරීම. එම නිසා PayPal හි දැක්වෙන ශේෂය හැම විටම දිස්වන්නෙ USD 0.00 ලෙසයි.
- අපි ebay වෙතින් භාණ්ඩයක් මිල දී අරං PayPal වෙතින් ඒ සඳහා ගෙවීම කළාට පසුව අපේ email ගිණුමට ලැබෙන එම ගණුදෙනුවෙ ලදුපතේ (receipt එකේ) අපේ Shipping Adress එක තියෙන තැන බැලුවොත් ඔබට පෙනෙයි ඊට ඉදිරියෙන් Unconfirmed කියලා සටහන් වෙලා තියෙනවා. මේ පිළිබඳවත් කලබල වෙන්න එපා. අපි අපේ ලිපිනය PayPal වෙත confirm කළත් නොකළත්, ඔය සඳහන් වෙන ලිපිනයට ඔබේ භාණ්ඩ ලැබෙනවා. (USA වලින් පිට අපේ ලිපිනයන් PayPal වෙත confirm කිරීමේ හැකියාවක් මං දන්න තරමින්නං නෑ) ඒ නිසා ඔබේ ලිපිනය Unconfirmed ලෙස සටහන් වී තිබුණට ගැටළුවක් නෑ.
අද කුප්පිය
හ්ම්... දැන් එහෙනම් අද කුප්පිය පටන්ගමු. eBay වෙතින් මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ කියලා හොයලා බලන්න කලින්, අපි බලන්‍න එපැයි එහෙම දෙයක් වෙන්න ඉඩකඩ තියෙනවද කියලා. ඔව්, එහෙම වීමේ ඉතාම ඉතාම ඉතාම සුළු හැකියාවක් තියෙනවා.
හැබැයි ඉතිං ඒ වගේ දෙයක් උනා කියලා අපිට පාඩුවක් වෙන්නෙ නෑ. ඒ කොහොමද? මේ වගේ දෙයක් වුනොත් අපිට පාඩුවත් සිදු නොවෙන්න eBay වෙතින් අපිට විකල්ප 2 ක් සපයනවා.
එකක් තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය මිලදී ගැනීම සඳහා අප වැය කළ මුළු මුදල (භාණ්ඩයේ මිල + ප්‍රවාහන ගාස්තුව) අපිට නැවත ගෙවීම. මේකට කියන්නෙ Refund කරනවා කියලා.
අනෙක තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය වෙනුවට එවැනිම දෝෂ රහිත භාණ්ඩයක් නැවත වරක් අප වෙත එවීම. මේකට කියන්නෙ Replacement Item එකක් එවනවා කියලා.
මේ විකල්ප දෙකින් එකක් තෝරාගෙන අපිට සිදුවුනු පාඩුව මඟහරවාගැනීමට අපි යම් පියවර කීපයක් අනුගමනය කළ යුතුයි. එය කරන්නෙ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරමු.
eBay වෙතින් අප මිලදී ගන්නා භාණ්ඩයක් අප වෙත ලැබෙන්න කොපමණ කාලයක් ගතවෙනවද?
- මෙය මීට පෙරත් අප සාකච්ඡා කළා. භාණ්ඩයක් අප වෙත ලැබෙන්න යන කාලය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. Seller ඉන්න රට, අපිට භාණ්ඩය එවන තැපැල් සේවාව වගේ දේවල් මත එය රඳා පවතිනවා. කොහොම නමුත් බොහෝ භාණ්ඩ සතියක් දෙකක් ඇතුලත අප වෙත ලැබෙනවා.
භාණ්ඩයක් අප වෙත නොලැබුණු ලෙස අප සැලකිය යුත්තේ කොපමණ කාලයකට පසුද?
- ඇතැම් භාණ්ඩ වල භාණ්ඩ විස්තරයේ (Item description එකේ) සඳහන් වෙනවා එම භාණ්ඩය එක් එක් රට වලට ලැබීමට ගතවන කාලය. එවැනි භාණ්ඩ නොලැබුණු ලෙස සැලකිය යුත්තේ ඒ සඳහන් කර ඇති කාලයට පසුයි. එලෙස සඳහනක් නොමැති භාණ්ඩ සාමාන්‍යයෙන් දින 21 සිට උපරිම ලෙස දින 28 ක් යන තුරුත් නොලැබුණහොත් එම භාණ්ඩය නොලැබුණු ලෙස අපට සලකන්න පුළුවන්.
භාණ්ඩයක් දෝෂ සහිත ලෙස අප සැලකිය යුත්තේ කොහොමද?
- eBay හි ඇති සෑම භාණ්ඩයකටම අදාල භාණ්ඩ විස්තරයක් (Item description එකක්) ඔබට දැක බලාගන්න පුළුවන්. ඔබට ලැබුණු භාණ්ඩය එම විස්තරයේ සඳහන් වී තිබූ භාණ්ඩයට වඩා වෙනස් නම් හෝ, ඔබට ලැබුණු භාණ්ඩය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම් ඔබට එය දෝෂ සහිත භාණ්ඩයක් ලෙස සලකන්න පුළුවන්.
භාණ්ඩයක් අප වෙත නොලැබුණු බව හෝ ලැබුණු භාණ්ඩය දෝෂ සහිත බව තහවුරු කරගත් පසු අප කළ යුත්තේ කුමක්ද?
- මෙවැනි අවස්ථාවක අප මුලින්ම කළ යුත්තේ මේ පිළිබඳ අදාළ භාණ්ඩයේ Seller ට දැනුම් දීම. මෙය කරන්නෙ මෙහෙමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිසෙන්න. ඉන්පසු එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Contact Seller යන්න තෝරන්න.
- මෙලෙස තේරූ විට දිස්වන පිටුවෙන් නැවතත් Contact Seller යන්න තෝරන්න. එවිට ඔබට Seller වෙත eBay Message එකක් යැවිය හැකි තිරයක් දිස්වේවි. මෙහිදී ඔබට seller ට දැනුම් දිය යුතු දේ සඳහන් කර ඔහුට/ඇයට ඔබේ ගැටළුව දැනුම් දෙන්න පුළුවන්.
මේ පිළිබඳ Seller ව දැනුවත් කළ පසු සිදුවන්නේ කුමක්ද?
- නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩයක් පිළිබඳව අප එහි Seller ට දැනුම් දුන් පසු බොහෝ විට බොහෝ Sellers ලා ඒ භාණ්ඩය වෙනුවට Full refund එකක් හෝ Replacement item එකක් ලබාදෙන්න කැමති වෙනවා. මොකද එහිදී ඔවුන්ට සිදුවන සුළු පාඩුවට වඩා අප විසින් ඔවුන්ට Negative Feedback එකක් ලබාදුනහොත් ඔවුන්ට සිදුවන පාඩුව වඩා වැඩි නිසා.
දෝෂ සහිත භාණ්ඩයකට Refund එකක් ගැනීමට එම භාණ්ඩය නැවත Seller වෙත යැවිය යුතුද?
- මෙය රඳාපවතින්නෙ Seller මතයි. අපි භාණ්ඩය දෝෂ සහිත බව Sellerට පැමිණිලි කළ පසු ඇතැම් Sellersලා අපෙන් ඉල්ලනවා Refund එකක් දීමට හෝ Replacement Item එකක් එවීමට නම්, දෝෂ සහිත භාණ්ඩය ඔවුන් වෙත නැවත එවන ලෙස. එලෙස ඉල්ලුවහොත් අපිට එම දෝෂසහිත භාණ්ඩය නැවත එම Sellerගේ ලිපිනයට තැපෑලෙන් යැවීමට සිදුවෙනවා. (නමුත් කලබල වෙන්න එපා. දෝෂ සහිත භාණ්ඩයක් අප වෙත ලැබීමේ ඉඩකඩ ඉතාම අඩුයි. එහෙම ලැබුණත් දෝෂ සහිත භාණ්ඩය නැවත එවන ලෙස ඉල්ලන්නෙ ඉතාම සුළු Sellersලා පිරිසක් විතරයි.)
මේ පිළිබඳව Seller ව දැනුවත් කළ පසු Seller ගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති නම් මොකද කරන්‍නෙ?
- භාණ්ඩ නොලැබීම පිළිබඳව හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබීම පිළිබඳව අදාළ Seller ව දැනුවත් කළත් සමහර Sellers ලා ඒ පිළිබඳව කිසිඳු පියවරක් ගන්නෙ නෑ. මෙලෙස වුනොත් අපිට මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්න පුළුවන්.
මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්නෙ කොහොමද?
- මෙය කරන්නෙත් ඉහතදී Seller ව දැනුවත් කළ ආකාරයටමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිස කලින් විස්තර කල පරිදිම එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Resolve a problem යන්න තෝරන්න.
- මෙලෙස තේරූ විට ඔබට දිස්වෙයි මෙන්න මෙවැනි ගැටළු කීපයක්. එයින් ඔබට අදාළ ගැටළුව තෝරා ගන්න.
- අදාළ ගැටළුව තේරූ විට ඊළඟට දිස්වන පිටුවෙන් ඔබෙන් අහයි ඔබ මේ පිළිබඳව Seller ව දැනුවත් කළාද යන වග. අපි දැනටමත් Seller ව දැනුවත් කර ඇති නිසා එයට 'Yes' ලෙස පිළිතුරු දෙන්න. එවිට ඔබ වෙත දිස්වෙයි Online Case එකක් ඇරඹිය හැකි පහත දැක්වෙන පිටුව. එහි ඇති 'Open a case online' තේරීමෙන් ඔබට Online Case එකක් open කර අදාළ තොරතුරු ලබා දී දින කීපයක් ඇතුලත ඔබේ ගැටළුව විසඳා ගන්න පුළුවන්.
- හිතන්න අපේ සාමාන්‍ය වෙළඳපොළ ගැන. අපි වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගෙන ඒ භාණ්ඩය දෝෂ සහිත නම් අපි එය මුලින්ම අරං යන්නෙ ගත්ත වෙළෙන්ඳා ලඟටනෙ. ඒ වෙළෙන්ඳා ඒ දෝෂ සහිත භාණ්ඩය බාරගෙන ඒ වෙනුවට වෙන භාණ්ඩයක් දුන්නෙ නැත්තම් හෝ ඒ භාණ්ඩයේ මිල අපිට නැවත ගෙව්වෙ නැත්තම් අපි මොකද කරන්නෙ? අපිට ඒ පිළිබඳව නීති මගින් කටයුතු කරන්න වෙනවා. ඕනෙ නම් අපිට ඒ ගැන නඩු කියන්න උනත් පුළුවන්. ඒ වුනත් සාමාන්‍ය වෙළඳ පොළේ සිදුවන ඒ වගේ අලාභ පියවගන්න අපි නඩුදාන්න ගියෙ නැතත් eBay ගණුදෙනුවකදි අපිට සිදුවන අලාභයක් පියවගන්න නම් අපිට ලේසියෙන්ම නඩුවක් දාලා ලේසියෙන්ම ඒ අලාභය පියවගන්න පුළුවන්. ඔන්න ඔහොම eBay තුළ අපට වුනු අලාභයක් පියවගන්න අපි අන්තර්ජාලය හරහා දාන නඩුවකට තමයි Online case එකක් කියන්නෙ.
- මෙතනදි පැමිණිලිකරු වෙන්නෙ අපි (Buyer). වගඋත්තරකරු වෙන්නෙ Seller. eBay අඩවිය තමයි විනිශ්චයකරු ලෙස ක්‍රියා කරන්නෙ. ඉහත කියලා දීපු විදියට Online Case එකක් open කළාම eBay අඩවිය උත්සාහ කරනවා Seller ලවා අපට සිදුවුනු පාඩුව පියවලා දෙන්න. ඒත් eBay අඩවියටත් නොහැකි වුනොත් මේ පිළිබඳ Seller ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගන්න, එතකොට මොකද දන්නවද වෙන්නෙ? අන්න එතකොට මේ නඩුවෙ විනිශ්චයකරු වන eBay අඩවිය ඉදිරිපත් වෙනවා අපිට සිදුවුනු අලාභය පියවන්න. (සැබෑ ජීවිතෙත් විනිශ්යකාරවරු ඔය විදියට පැමිණිලිකරුවන්ගෙ අලාභ පියවන්න ගියොත් මරුනේ...? හික්ස්!
) එහිදී ඔබේ නඩුව අවසානයෙදී කෙලෙස හෝ ඔබේ අලාභය පියවෙන ආකාරයේ තීන්දුවක් ඔබට ලැබෙනවා.
eBay Buyer Protection කියන්නෙ මොකක්ද?
- ඔබ eBay අඩවියට යන එන විට නිතර දකින්න ඇති eBay Buyer Protection කියලා හැම තැනම දිස්වෙනවා. ඔන්න ඔය eBay Buyer Protection එකෙන් තමයි අර කිව්ව දේ වෙන්නෙ. භාණ්ඩ මිලදී ගැනීමේ ගැටළුවකට අදාළ භාණ්ඩයේ Seller විසඳුමක් ලබා නොදුනහොත් ඒ සඳහා eBay අඩවිය මැදිහත් වී විසඳුමක් ලබා දීම තමයි මෙහිදී සිදුවෙන්නෙ.
- බොහෝ විට මෙහිදී අවසානයේ Buyer ට එනම් අපිට Full Refund එකක් ලැබෙනවා. නමුත් මේ refund එක ලැබෙන්නෙ මුදල් හැටියට නෙමෙයි. කූපනයක් (Coupon එකක්) හැටියට. හිතන්න ඔබට $13 ක භාණ්ඩයකින් අලාභයක් සිදුවෙනවා කියලා. එවිට ඔබට eBay Buyer Protection වෙතින් පහත දැක්වෙන ආකාරයේ $13 ක Coupon එකක් ලැබෙනවා. එවිට ඔබ ඊළඟට මිලදී ගන්නා භාණ්ඩයක් සඳහා ගෙවීම් කිරීමට ඔබට මෙම කූපනයේ ඇති Redemption Code යන කේතය යොදාගන්න පුළුවන්.
eBay ගණුදෙනු වලින් අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්ද?
- අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්. නමුත් අපිට ඒ අලාභ පියවාගැනීමටත් පුළුවන්. ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන ඔබ දැනුවත් නම් ඔබට කිසිදිනෙත eBay ගණුදෙනු වලින් අලාභයක් සිදු වෙන්නෙ නෑ. eBay ගණුදෙනු වලින් සිදුවුනු අලාභ ගැන ඔබට යම් කෙනෙක් කිව්වොත් එකත් එකටම ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන නොදන්නා කෙනෙක්. ඉතිං දැන් ඔබ අලාභ පියවාගන්නා ආකාරය ගැන හොඳින් දැනුවත් නිසා ඔබට බය නැතුව eBay ගණුදෙනු කරගෙන යන්න පුළුවන්.
හ්ම්... ඔන්න අදට කුප්පිය නිමා කරන්නයි යන්නෙ. මං හිතන්නෙ අද කුප්පියෙන් ඔයාලා හැමෝන්ටම වැදගත් වෙන කරුණු ගනණාවක් ගැන කතාබහ උනා. සාරාංශයක් වශයෙන් කියන්න තියෙන්නෙ, eBay වෙතින් අපි කරන ගණුදෙනු වලින් අපිට මොනම ආකාරයේවත් පාඩුවක් සිදුවෙන්නෙ නෑ. (අත්දුටුවයි.. සහතිකයි..
මේ ලිපි පෙළ මෙතෙක් දුර ලියාගෙන ආවෙ මෙතෙක් ලියූ හැම ලිපියකටම ඔයාලා හැමෝම ලබාදුන් නොමසුරු ප්‍රතිචාර නිසා. ඉතිං මෙතෙක් කල් ඒ සෑම ලිපියකට ප්‍රතිචාර එක් කළ හැමෝටම මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මේ ලිපි පෙළෙන් ඔයාලා හැමෝම වැඩි වැඩියෙන් ප්‍රයෝජනයක් ලබනවනම් මට ගොඩක් සතුටුයි.
ඔබට ජය!
෴
eBay උපකාරක ලිපි පටුන >>
Post a Comment
.
niyamai..kuppiya anakan godak kal balan hetiya..mulma prathicharaya magen.
ෂා!!! ධනික අයියා නියමෙට පැහැදිලි කරලා තියෙනවා......උපරිමයි.. :)
Nice Article, Well done :)
(USA වලින් පිට අපේ ලිපිනයන් PayPal වෙත confirm කිරීමේ හැකියාවක් මං දන්න තරමින්නං නෑ)
ලංකාවෙ ගිණුමක් කන්ෆර්ම් කරන්න පුලුවන්, යවන්න යුටිලිටි බිල් එකක ස්කෑන් කොපි එකයි, ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ ඇඩ්‍රස් එක පේන කොටසේ ස්කෑන් කොපි එකකුයි!
දැන් ලොක්කා අපිට ඔය ඩැමේජ් වෙච්ච බඩුවක් යවන්න උනොත් කොහොමද යවන්නේ? මේ ආටිකල් ටික සිරා!
@crazy movies
ඔබේ මුල්ම ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි! :)
@මල්$han
ස්තූතියි මල්ලි...! :)
@Kanishka | කණියා
Thanks bro!
@වැම්පයර්
මේ පිළිබඳව PayPal අඩවියෙ සඳහන් වෙන්නෙ මෙන්න මෙහෙම.
"Most addresses outside the U.S. can't be confirmed at this time."
මෙන්න මෙතන බලන්න: How do I confirm an address?
ඒක මම දන්නවා මචන්. මම නම් ඇඩ්‍රස් කන්ෆර්ම් කරගෙන ඉන්නේ. මොකද ලොකු පේමන්ට් යවද්දි ඒක ඕන වෙනවා. කරලා බලන්න ඕන නම්. මගේ කන්ෆර්ම් කලා.
මේ තියෙන්නේ පේ පෑල් වලින් මට ලැබුනු මේල් කොටසක්!
Please provide a copy of each of the
following items:
- A current utility bill. The bill must show your name and address exactly
as they appear in your PayPal account.
-Confirm your credit card
To further process your appeal, please follow the instructions listed below
to Link and Confirm a Card.
Once you have added a credit card to your PayPal account, view the 'Credit
Card' page in the 'Profile' of your PayPal account. If the status of the
card is 'Enter PayPal code', you will need to start the Link and Confirm a
Card Process.
පේ පෑල් වල පවර් එක සම්පූර්ණයෙන් අන්ලොක් කරගැනීමට ඇඩ්‍රස් කන්ෆමේශන් අත්‍යවශ්‍යයි!
බොහොම ස්තුතියි මලයෝ. දැන් නම් හිතේ බයක් නෑ.
@මුචලින්ද
ස්තූතියි මචෝ ප්‍රතිචාරෙට! එහෙම වුනොත් මචං අපිට ඒ භාණ්ඩය තැපෑලෙන් තමයි ආයෙ Seller ගෙ ලිපිනයට යවන්න වෙන්නෙ. නමුත් ඔය කියන විදියට අපිට දෝෂ සහිත භාණ්ඩයක් ලැබීමේ ඉඩකඩ ඉතාමත්ම අඩුයි. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න ඕනෙ නෑ. :P
@වැම්පයර්
ස්තූතියි ඔබේ අත්දැකීම් අප සමඟ බෙදාහදා ගත්තට!
මට මේ පිළිබඳව අත්දැකීම් නොමැති නිසයි මං PayPal අඩවියෙ දක්වා තිබෙන දෙය සඳහන් කළේ.
කොහොම නමුත් අපේ ලිපිනය PayPal වෙත confirm කළත් නොකළත් eBay වෙතින් අප මිලදී ගන්නා භාණ්ඩ අපේ ගෙදරටම එනවා. ඒ පිළිබඳව බිය විය යුතු නැති බවයි මට මූලික වශයෙන් කියන්න වුවමනා කළේ.
ඔබට නැවතත් ස්තූතියි!
ela machn ela.machn uba dannawanam lankawe apita ebay sell karanna puluwan widiya ganat kiyala denna
ඔබ හරි, ඒත් සමහර ඊ බේ සෙලර්ස් ලා වගකීම ගැනීම ප්‍රතික්ශේප කරනවා වෙනත් ශිපින් ඇඩ්‍රස් වලට ශිප් කලාම.
අනික විශාල මුදල් ගෙවීම් පේ පෑල් මගින් ස්වයංක්‍රීයව අත්හිටවනවා ඇඩ්‍රස් කන්ෆර්මේශන් නැත්නම්!
බොහොම ස්තුතී අයියේ මේගැන කියාදුන්නට
@කාංචන දිනූක
අයියගෙ ප්‍රතිචාරෙටත් ගොඩක් ස්තූතියි අයියෙ!
@Suga
ස්තූතියි මචං! eBay එක හරහා අපිට භාණ්ඩ sell කරන්න පුළුවන්. නමුත් Sri Lankan PayPal ගිණුම් වලට මුදල් ලබාගැනීමේ පහසුකම තවමත් නෑ. නමුත් වෙනත් රටක ලිපිනයකින් PayPal ගිණුමක් හදාගත්තොත් ඔබට එයට මුදල් ලැබෙන පරිදි ඔබේ eBay Seller ගිණුම සකසා ගන්න පුළුවන්. දැනටමත් eBay හරහා භාණ්ඩ sell කරන අපේ පාඨකයො ඉන්නවා.
@Lasindu Nadishan Tharuka
ඔබේ ප්‍රතිචාරෙටත් ස්තූතියි මල්ලි! :)
වැදගත් ලිපියක්.. බොහොම ස්තුතියි..
එල.
ඔන්න තව සතියක් යන්න කලින් මමත් ඔය ඔන්ලයින් ගනුදෙනුකාරයෙක් වෙන්නයි යන්නේ....මට අවුලක් උනොත්
වැඩිදුර තොරතුරු ඕනේ :) ...........
මම ඔයාගේ ebay ලිපි මුල ඉදලම කියවනවා.නොදන්න ගොඩක් දේවල් දෑනගත්තා.තවත් මේ වගේ ලිපි ලියන්න.ඔයාට බොහෝම ඉස්තුතියි........
@සුද්දා
ඔබේ ප්‍රතිචාරෙටත් ස්තූතියි!
@සහන්
අනිවා... ඕන දෙයක් අහන්න... දන්න තරමින් උදව් කරන්නම්... :D
@රන්දික කුලතුංග
මේ ලිපි පෙළ බොහෝමයක් දෙනා කියෙව්වත් ප්‍රතිචාරයක් එක් කරලා යන්න තරම් කෘතඥ වෙන්නෙ බොහොම ටික දෙනයි. ඉතිං ඔබ ඇතුළු මේ ප්‍රතිචාර එක් කරන හැමෝටම ගොඩක් ස්තූතියි!
ඇත්තටම ගොඩාක් සතුටුයි. හැම විටම ආත්මාර්ථකාමී ලෝකෙක,හැම දේම මිලකරන ලෝකෙක, මේ වගේ තමන් දන්න දේ අනෙක් අයට නොමිලේම කියාදෙන්න තරම් සත්භාවයක් ඇති මිනිසුන් විශාල සංඛ්‍යාවක් මේ සිංහල බ්ලොග් කරුවන් අතර සිටීම ගැන.
ඔබ හැමට කෙදිනකවත් වරදින්නෙ නෑ.
ස්තූතියි
මගේ paypal ගිනුමට commercial bank එකේ credit card එක link කරලා තියෙනවා. මේක ප්‍රශ්ණයක්ද ebuy ගනුදෙනු වලට සම්පත් බැංකුවේ ගිනුමක් තියෙන්න ඕනමද ?
කියලා දෙන්න.
මචො ඔක ඉවර වෙලා yahoo shopping ගැනත් කියල දුන්න්නොත් නරකද?
මම එකෙන් මිල ගනන් බලන්න යනකොයට zip cord එක ඉල්ලනවා මම094 දුන්නම වැරදිලු. නම්බර් 5 එන්න ඔනිලු :(
අ.ඒ විතරක් නෙවෙයි china mobile ගන්න direct web ටිකකුත් දන්නවනම් එවපන්
මෙ මගෙ email eka kelumwijewardena@gmail.com
@Manjula Peiris
වෙනත් කෙනෙක්ගෙ හොඳ දෙයක් අගය කරන්න ඉදිරිපත් වෙන අයත් අද ඉන්නෙ බොහොම ටිකයි. ඔබටත් බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරය එක් කරන්න ඔබ වැය කළ කාලයට!
eBay ගණුදෙනු කිරීමට ඔබට අවශ්‍ය වෙන්නෙ ඔබේ PayPal ගිණූමට ඕනෑම Visa, Master Card හෝ American Express කාඩ්පතක් link කර තිබීම පමණයි. මෙහිදී සම්පත් Webacard එක ගැන පමණක් විශේෂ සඳහනක් කරලා තියෙන්නෙ එය ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලබාගන්න පුළුවන් පෙරගෙවුම් කාඩ්පතක් නිසා.
@සිංහලබ්ලොග්
මට ලියන්න පුළුවන් මං දන්න දෙයක් ගැනනෙ මචෝ. අනෙක eBay shopping කරන්න දැනගත්තොත් Yahoo! shopping කරන්න ආයෙ අමුතුවෙන් කියලා දෙන්නෝනෙ නෑ කියලයි මං නං හිතන්නෙ. :P
Zip code එක කියන්නෙ මචෝ තැපැල් කේතයක්. එය නගරයෙන් නගරයට වෙනස්. මෙන්න මෙතනින් ඔබට ලංකාවෙ ඕනෙම තැනක Zip code එක හොයා ගන්න පුළුවන්.
http://www.geopostcodes.com/srilanka_zip_codes
භාණ්ඩයක් අප වෙත නොලැබුණු විට Seller කැමති වුනොත් මුදල් ආපසු ලබා දෙන්න, ලංකාවේ paypal ගිණුමක් හරහා Webcard ගිණුමට ආපසු මුදල් එකතු වෙනවාද.........?
@පුබුදු
ඔව්. අප කළ ගෙවීමකට අපට ලැබෙන නැවත ගෙවීමක් (Refund එකක්) අපේ PayPal ගිණුම හරහා Webcard ගිණුමට බැර වෙනවා. හැබැයි ඒ සඳහා සතියක් පමණ ගතවෙනවා.
(මතකද ඔබ Webcard ගිණුම PayPal වෙත confirm කිරීමෙදි PayPal වෙතින් කපා ගන්ත මුදල? ඒ මුදලත් නැවතත් ඔබේ Webcard ගිණුමට බැර උනානෙ refund එකක් ලෙස. මෙහිදී සිදුවන්නෙත් අන්න ඒ වගේ දෙයක්.)
මචො මම හොයගත්තා මගේ cord එක තැන්යු වේවා.
අ... mobile අඩුවට ගන්න web ටිකක් ගැනත් කිවුවිත් නරකද?
@ධනික
බොහොම ස්තුතියි.........
මේ ලිපිය ලියාලා තියෙන විදියනම් උපරිමයි සහෝදරයා..!! මම මේ වෙනකොට ebay කුප්පි ගැන ලියාපු ලිපිවල වල links කීප සැරයක් ම යාලුවන්ට බෙදුවා..! ඒ අය මේ වෙන විට සාර්ථක විසඳුම් ලබා තියෙනවා..! මේ ඔක්කොම උඹ නිසයි සහෝ..! ජයෙන් ජය ම පතනවා..! :D
@LishWish
බොහොම ස්තූතියි සහෝ උඹේ වචන වලට...! මේ ලිපි පෙළ ගැන උඹේ යාළුවන්ව දැනුවත් කළාට උඹටත් ගොඩක් ස්තූතියි! කවුරු කවුරු හරි මේ ලිපි පෙළන් ප්‍රයෝජනයක් ගන්නවනම් තමයි මටත් මේ මං ලියන දේවල් ගැන අහිංසක සතුටක් ලබන්න පුළුවන්. උඹටත් ජයෙන් ජය...! :)
ගොඩක් වටිනා ලිපියක් මමත් Ebay හරහා මිලදීගැනීම් 10ක් විතර කරලා තියෙනවා කිසි ප්‍රශ්නයක් තාම නම් වෙලා නෑ. ඒත් refund ගැන දැනගත්තේ අදයි. ගොඩාක් ස්තූතියි.
Paypal confirm කරගන්න පුළුවන් වැම්පයර් කියපු විදිහට මාත් confirm කරගෙන ඉන්නේ.
ඔබට ජය
Congratz and thanks alot brother It is really userfull...Keep it writing about ebay..Now I m also feel ilke opening a account for me also...:-)
Paypal confirm karana widihath kiyala dipan macho uba kiyala dena ewa bokkatama wadinawa :D
@Ishan
බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට! දැන් ඉතිං Refunds ගැනත් දැනගත්ත හින්දා බය නැතුව ගණුදෙනු කළහැකි දිගටම නේ... :D
@Indika
Thanks a lot machan!
Yeah! That's my purpose of writing these posts. Make you like eBay shopping!! :D
@සිංහලබ්ලොග්
PayPal confirm කරන විදිය මචෝ මං eBay කුප්පි #3 ලිපියෙ ලිව්වා. මේ ලිපියෙදි මං පුංචි සටහනක් තැබුවෙ PayPal වෙත ලබා දී ඇති අපේ ලිපිනය confirm කිරීම අත්‍යවශ්‍ය නැති බවත්, එය 'Unconfirmed' ලෙස සටහන් වී තිබීම පිළිබඳව බිය විය යුතු නැති බවත් කියන්නයි. මේ දෙක පටලවගන්න එපා. :)
refund seen eka gena mama godak bayen hitiye.
ada a gena denagaththa. thanks a lot. digatama me wage harawath lipi apita labadenna obata shakthiya lebenna kiyala mama prarthana karanawa
මචො ලැබුන බදඩුවක් ලෙබුනෙ නැහැ කියල බොරඋවට සල්ලි ගත්තොත් ebay ලට මොකද වෙන්නෙ ලන්කවෙ ඉන්නෙ අවන්ක බුවාලනෙ.
@W.K Rohantha
බොහොම ස්තූතියි මල්ලි!
@සිංහලබ්ලොග්
එහෙම බොරුවට Refunds ගන්න බෑ. Seller කෙනෙක් Buyer කෙනෙක්ට ප්‍රවාහනය කරන භාණ්ඩයක් ගැන eBay අඩවිය සියලුම කරුණු සොයා බලනවා (track කරනවා). Seller කෙනෙක් අපට එවපු භාණ්ඩයක්, අදාළ තැපැල් සේවාවෙන් අප වෙත භාර දීලා නම් (deliver කරලා නම්) ඒ ගැන eBay අඩවියට වාර්තා වෙනවා. අපි අපිට ලැබුනු භාණ්ඩයක් ගැන බොරුවට නොලැබුණු ලෙස පැමිණිලි කළොත් ඔවුන් අපේ eBay ගිණුම අවලංගු කරන්න පවා ඉඩ තියෙනවා. ඒ නිසා අපේ අලාභ පියවාගන්න තිබෙන විධික්‍රමයෙන් අපි අයුතු ප්‍රයෝජන ලබන්න කිසිවිටෙකත් නොපෙළඹිය යුතුයි. සැම විටම අවංකව කටයුතු කළ යුතුයි. :)
ඔන්න ධනික යාලුවට බොහෝම ස්තුතියි සහ බොහොම පිං කියලම කොමෙන්ටුව දාන්න පටන් ගන්නෙ,
ඔයාගෙ විස්තරාත්මක ලිපි පෙළ නිසාම මමත් සම්පත් වෙබ්කාඩ් එකක් ඇරගෙන සියල්ලම පහසුවෙන් කරගෙන ඊ බොක්ක පැත්තෙ කඩේ ගොහිං ගත්ත බඩුත් ගෙදරටම ගෙන්න ගත්ත.
දැනට ඔය පොඩි පොඩි කෑලි බෑලි 14 ක් බිඩ් කරල දිනුව.ඒවයින් 5-6ක්ම ගෙදරටත් ආව!!
පුංචි ප්‍රශ්නයක් වෙලා ( සෙලර් කියපු ගානට වඩා ලොකු මුදලක් ගෙවනකොට ඉල්ලල තිබුන )E bay ලයිවු හෙල්ප් ඒජන්ට් කෙනෙක් එක්ක චැට් කරල ඒක විසඳ ගත්ත.
ඉතින් ඔබේ මේ අවංක සත්කාර්යයට මගේ සුබපැතුම්!!
ධනික අයියට tnq වෙන්න මමත් web card එකක් ගත්තා....
තව තවත් post ලියන්න දහිරිය ලැබේවා!
???? ගැටළුවක් ????
මම web card එක conform කරගත්තට පසු කීප වරක්ම godaddy හා ebay හරහා මුදල් ගෙවීමට උත්සාහ කළ නමුදු ඒ සැමවිටම “Your account access is limited” ලෙස දන්වා සිටින අතර යළි සක්රිවය කිරීමේදී මුර පද, ආරක්ෂක පැන ආදිය යළි පිහිටුවීමටද, ලිපිනය සනාථ කිරීමට විවිධ ලිපි උඩුගත කිරීමටද සිදුවිය. එලෙස Account එක සක්රිදය කළද නැවත නැවත පෙර ගැටලුවම ඇතිවේ.
ඔවුන් මෙලෙස වීමට හේතු මෙසේ දක්වයි.
“Jul 4, 2010: We have reason to believe that your account was accessed by a third party. Because protecting the security of your account is our primary concern, we have limited access to sensitive PayPal account features. We understand that this may be an inconvenience but please understand that this temporary limitation is for your protection.”
මෙලෙස වීමට හේතුව වැරදි ගෙවීමේ ක්රeමයක්ද?
සහායවිය හැකිද?
post එකට tnq......
@ඉන්දික
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරෙට!
අත්දැකීම් බෙදා ගැනීම ගැනත් ගොඩක් ස්තූතියි!
(ඔබේ eBay සිංහලකරණය කිරීමත් මරු ආ... "ඊ බොක්ක" හික්ස්! :D)
ස්තූතියි ඔබට , නියමයි , ඊ බේ එකෙන් බඩු විකුණන විදිය ගැන මුකුත් දන්නවද??
මම web card එකෙන් මුලින්ම කලේ blog එකට domain එකක් ගත්තු එක. ඔන්න ධනික අයියගෙ සහයෙන් තමයි මගෙ blog එක හැදුනෙ.
තව බඩු වගයකුත් මග එනව
තව තව ලියන්න
අපි දෙන්නං Comments
තැන්කූ...........
@බුද්ධික කසුන්
ඔබේ ප්‍රතිචාරෙටත් ස්තූතියි!
eBay එකෙන් භාණ්ඩ විකිණිම ගැන ලොකු දැනුමක්නං නෑ. දන්න ටික කියන්නම්. Sri Lankan PayPal ගිණුමකින් eBay seller කෙනෙක් වෙන්න බෑ. මොකද ඊට මුදල් ලබාගන්න බැරි නිසා. නමුත් ඔබ වෙන රටක ලිපිනයකින් PayPal ගිණුමක් හැදුවොත් ඊට මුදල් ලබාගන්න පුළුවන්. ඒ මුදල් PayPal ගිණුම හරහා ඔබේ Webcard පතට ලබාගන්නත් පුළුවන්. නමුත් Webcard එකේ ඇති මුදල් අතට ගන්න (cash කරගන්න) පුළුවන්කමක්නං නෑ. කොහොමනමුත් මේ විදියට දැනටමත් අපේ පාඨකයො කීප දෙනෙක්ම eBay sellerලා වෙලා ඉන්නවා. මෙතන බලන්න.
@Turcy
බොහොම සතුටුයි ඔබේ බ්ලොග් එක හදන්න මේ ලිපි පෙළ උදව්වක් උනානම්. ඔබටත් බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරෙට!
blog එකක් හැදුව කිව්වට මොකක්ද කියල කියන්න බැරිවුනානේ, ඒ පැත්තෙ ඇවිත්යන්න, ඕං url එක.
http://blog.turcy.info
මචො මට මාර වැඩක් නේ උනෙ :( මගෙ තුබුන පරන පොන් කට්ටක් ebay එකට දැම්ම විකුන්නන
(විකිනුනා තියා එකෙක් වත් බලලා තිබුනෙත් නැ හික්...)
මෙන්න සති දෙකකට පස්සෙ මට ලියුමක් එවනව ebay ලා සදහා උන්ගෙ ගාන 2.5$ ගෙවනකම් මට ebay තහනම් ලු....
මම දැන් මොකද කරන්නෙ.....
@Turcy
අනිවා අනිවා.. ඔන්න මං මේ දැන් ඔබේ බ්ලොගය පැත්තෙ රවුමක් දාලා ආවා. ගිහිං බලන්නකො... කමෙන්ට් එකකුත් දාලා ඇති.. :D
@සිංහලබ්ලොග්
මාර වැඩේ තමයි. ඔය ප්‍රශ්නෙනම් මගෙන් අහලා වැඩක් නෑ මචෝ, මං දන්නෙ eBay වලින් භාණ්ඩ ගන්න හැටිනෙ. භාණ්ඩ විකිණීම ගැන මට අත්දැකීම් නෑ. ඒ හින්දමයි මීට කලින් ප්‍රතිචාර දෙක තුනකදිම ඒ බව වැඩිය නොදන්න බව කිව්වෙ. කෝකටත් භාණ්ඩ විකුණන්න උත්සහ කරන්න කලින් ඒ පිළිබඳ වැඩි දුර අධ්‍යයනයක් කරලා හිටියොත් හොඳයි. එහෙම කළා නම් ඔහොම ගැටළු මතුවෙන්නෑනෙ. කණගාටුයි ඔබට මේ පිළිබඳව මට සහය වෙන්න නොහැකි උනාට!
niyamai niyamai
dannam baya nathuwa ganna puluwan :)
mama kalin ooka gana ahala thibunath echchara sure ekak thibune na,,,,
thnkx :-)
ebay නම් ඇත්තටම විශ්වාසනීය සේවාවක්.
මම මේක කියන්නෙ අද්දැකීමෙන්මයි. මම මේ ලිපිය කියෙව්වට පස්සෙ තමයි ebay එක්ක ගනුදෙනු කලේ. ටිකක් බයෙන් බයෙන් නොඉවසිල්ලෙන්. මේ නොඉවසිල්ල නිසාම මම Guitar Pedal එකක් කියලා හිතලා Order කරලා තියෙන්නෙ Guitar Pedal Book එකකට. මම ඒක දැනගත්තෙ මට Item එක එවන්න ඉස්සල්ලා එවපු මේල් එකෙන්.
ඒක දැක්ක ගමන් දෙලෝ රත්වුනා. මම හිතුවා මගේ සල්ලි ටික කපෝති කියලා. එත් නිකමට වගේ ඒ වෙලාවෙම Seller ට මැසේජ් එකක් දැම්මා සොරි මට වැරදීමක් වුනා කියලා. ඊට පස්සෙ පැය කීපයක් ඇතුලත ආයෙත් මේල් එකක් ආවා Order එක Cancel කරන්න සල්ලි Refund කරන්නම් කියලා.
ඔන්න ඊයෙ මගේ Credit Card එකටම සල්ලි එවලා තිබුනා.
ගොඩාක් ස්තුතියි ධනුක මේවා කියලා දෙනවට. දැන්නම් කිසිම බයක් නෑ.
මේ තියෙන්නේ ඒ මේල් එක.
Dear hmrpeiris,
Hello. Item will ship tomorrow (Monday). We emailed once already. One last try... do you understand that this item is a display item. It is an advertisement picturing the American Metal pedal. The $5 item is NOT a guitar effect pedal. It is an advertisement. Please let us know. Thank you.
- zimmermantwin
මටමනෙ වෙන්නෙ.
tripod එකක් ඕඩර් කලා. shipping charges එහෙම බලලා මුදල් ගෙව්වට පස්සෙ කියනවා තවත් සල්ලි ඕනලු එවන්නනම් කියලා. මෙහෙමත් වෙනවද ? ebay වල. කව්රැ හරි කියනවද ඉල්ලන ඉතිරි මුදලත් ගෙව්වට කමක් නැද්ද ? කියලා.
මේ තියෙන්නෙ ඒ මේල් එක.
Hi,
Thanks for your payment.
Recently the lost mail rate from Hong Kong to your country is very high.
So, hope you can add usd 2.2 for register mail fee ( tracking no. will be
provided ).
Otherwise, I am sorry to say that I can only full refund to you.
Thanks Rex
@METH GAMAGE
ප්‍රතිචාරෙට බොහොම ස්තූතියි මල්ලි! :)
@Manjula Peiris
ඔබේ පළමු ප්‍රතිචාරෙ දක්වලා තියෙන විදියට ඇත්තටම eBay කියන්නෙ ඉතාමත් විශ්වාසනීය සේවාවක් තමයි. ඔබට සිදුවුනු ඒ අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි!
දෙවන ප්‍රතිචාරෙ කියලා තියෙන දේ නම් සැකසහිතයි. මොකද eBay sellersලා බැඳිලා ඉන්නවා අපි යම් භාණ්ඩයකට මුදල් ගෙව්වොත් ඒ භාණ්ඩය අප වෙත එවන්න. මේ විදියට නැවත මුදල් ඉල්ලන්න එයාලට බෑ. නමුත් ඔබ මේ පිළිබඳව eBay වෙත පැමිණිලි කළත් අවසානයෙදි ඔබට වෙන්න ඉඩතියෙන්නෙ Full Refund එකක් හම්බෙන එක තමයි. ඉතිං Refund කරන්න කැමතියි කියලා දැනටමත් seller ඔබට දන්වලා තියෙන එකේ Refund එක ඉල්ලගන්න එක ඇඟට ගුණයි. නැත්තං වෙන්නෙ මේකයි, ඔබ ඔය ඉල්ලලා තියෙන මුදලත් ගෙව්වොත් සමහර විට ඔබට භාණ්ඩය ලැබෙයි. හැබැයි බැරිවෙලාවත් ඔබට භාණ්ඩය නොලැබුණොත්, ඔබ එය eBay වෙත පැමිණිලි කළ විට ඔබට Refund එකක් හැටියට ලැබෙන්නෙ ඔබ eBay අඩවිය හරහා seller වෙත මුලින් ගෙවපු මුදල විතරයි. ඔබ පෞද්ගලිකය sellerට ගෙවන්න යන USD 2.2 ආයෙ හම්බෙන්නෑ. ඒ නිසා ඒ ගැන හිතලා ගෙවනවද නැද්ද කියලා තීරණය කරන්න.
[ ප.ලි. මම ධනුක නෙමෙයි ධනික හොඳේ... ;) ]
ebay eke bid karala api win kaloth, bid karapu item eka aniwaryen gannama oneda...? ehema nokaloth mokada wenne..??
macho mata tiyana prasnaya tamayi samahara sellers lage live feed 0, register welath dawas kipayayi.me wage ayagen godk aduwata badu mila tibunoth ganna eka narakada ?
Danika Malli, Mataloku awlak thiyanawa.
mallige lipi kiyawala onna math wadeta bassa.
eth wade anuna wage.
plaweni prashne mama ebay eken order 1k karala via paypal pay kara. eth thawama seller eka ship karala na. mama email karata response karanneth na. sathiyakata wadiy dan.
deveni 1. ebay ekata mage webcard eken $1 k gihin thiyanawa. ebay eke $1ka transaction 1k una kiyala pennanne naha.
mama ehema mokuth kare na. habai ebay eken eka welawaka creditcard verification 1k illuwa. ethakota mama webcard details dunna. eth a welawe salli gannawa kiyala thibune na. adahasak thiyanawada me mokada kiyala.
:(
@Dayan
අනිවාර්යයෙන් මිලදී ගන්න ඕනෙ නෑ. Sellerව contact කරලා බේරුමක් කරගන්න පුළුවන්. Seller ගෙවන්නම කියලා ඔබ නොගෙවා හිටියොත් eBay වෙතින් ඔබට ඒ මාසය තුලදි මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය සීමා කිරීම වැනි සම්බාධක පණවන්න පුළුවන්. මේ ගැන මං ඉදිරියෙදි විස්තරාත්මකව ලියන්නයි ඉන්නෙ.
@සිංහලබ්ලොග්
eBay platform එක තුළ ඕනම කෙනෙක්ගෙන් භාණ්ඩ මිලට ගැනීමේ අවදානමක් නෑ. මොකද ගැටළුවක් වුනොත් අපිට refund එකක් ගන්න පුළුවන් නිසා. නමුත් කොයිම වෙලාවකවත් seller කිව්වොත් ගණුදෙනුව eBay එකෙන් පිට කරන්න ඕනෙ කියලා, ඒකට කැමති වෙන්න එපා. මොකද එහෙම කරලා වැඩේ ගැස්සුනොත් අපිට කොහෙන්වත් refunds ලැබෙන්නෑ.
@කාංචන දිනූක
බයවෙන්න එපා අයියෙ ඔයාට මුකුත් අවුලක් වෙලා නෑ.
1. සමහර sellersලා භාණ්ඩය ship කරාට අර shipped කියන icon එක පේන්නෙ නෑ. ඒ ගැන හිතන්න එපා. තාම සතියයිනෙ. තව ටික දවසකින් ගෙදරටම එයි.
2. $1 ගානක් කැපෙන්නෙ ඔයා card එක confirm කරනකොට. මේ ගැන මං eBay කුප්පි #3 ලිපියෙදි ලිව්වා. ඒක කියවන්න.
නෑ මල්ලි paypal එකට නෙවි. දැන් paypal confermation එකට $1.95ක් යනවා. ඒක හරි. මේක වුනේ මම පොඩි ටෝච් කෑල්ලකුත් ගෙන්න ගත්තට පස්සේ. මේ $1 ගිහින් තියෙන්නේ ebay එකට. භාණ්ඩ වලට කරන ලද ගෙවීම් වලට අමතරව. paypal හරහා නෙවේ. මට email එකක් වත් ආවේ නෑ මේ ගැන කියලා. නමුත් ebay san jose කියලා තියෙන්නේ. discription එකක් නෑ.
Ado Dhanika, patta kuppiya... mama mage ebay first item eka (earphone1k) gennagattha. dan thawa thawa ewa gennanna balanna one...
Thanks.
@කාංචන දිනූක
අයියා මොනම වෙලාවකවත් eBay එකට ඔයාගෙ webcard තොරතුරු ලබාදුන්නෑනෙ? හැම ගණුදෙනුවක්ම කළේ Paypal එක හරහානෙ? ඉතිං කොහොමද eBay එක ඔයාගෙ card එකෙන් සල්ලි ගන්නෙ? ඒක කීයටවත් වෙන්න බැරි වැඩක්.
(ඔයා මොනම වෙලාවක හරි eBay එකට ඔයාගෙ webcard අංකයයි එහි මුරපදයයි දුන්නද කියලා මතක් කරලා බලන්න. වැරදිලාවත් එහෙම දුන්නානම් ඉතිං ඒ වෙලාවෙ තමයි ඔය විදියට ගානක් කැපෙන්න පුළුවන්කමක් තියෙන්නෙ.)
@Miniruwan
එළ එළ මිනියා... ස්තූතියි උඹේ ප්‍රතිචාරෙට... දැන් ඉතිං දිගට හරහට ගනිං... :D :D
ebay එකෙන් verification එකකට කියලා credit card details ඉල්ලුවා. ebay එකෙන් නිසා මම දුන්නා. විස්තරේ කියෙව්වෙත් නෑ. මටත් හිතෙන්නේ එතනදි තමයි කැපෙන්න ඇත්තේ. ඒත් මට email එකක් වත් එව්වේ නැති එකයි මට තියන අවුල. මේ ගැන ebay එකෙන් අහන්න තැනක් හරි email එකක් හරි හෙව්වා. හමුවුනේ නෑ. :( කොහොම වුනත් මම දැන් ebay verified user කෙනෙක්. LOL :D
Thank You Danika...!!!
machan dhanika mama portable hard ekak purchase kara porakagen...miniha maa ekka communicate kalath ekka ship kara ehema kiyala........dan mage myebay ekata giyama thiyenawa miniha no longer registerd in ebay kiyala.....man purchase karala dan sathi eka hamaarak withara.......man dan mokada karanne thawa poddak balanneda naththan dan ma ebay ekata kiyanneda?????
මෙවගේ අපිව දෙනුවත් කිරීම ගෙන ඔයාට ගොඩක් ස්තූතියි
ධනික අයියේ, මම web card එකකට apply කලා, තව සති දෙකකින් වගෙ ලැබෙයි. මට දැන ගන්න ඔනෙ, ඔය chaina MP4 player" එකක් වගෙ ගෙන්න ගත්තොත් ගෙදරට එයි ද?? මොකද එව ගොඩක් ලොකු නොවුනට. 1" X 5" X 5" වගේ ප්‍රමාණයෙ පෙට්ටියක් තියෙනවනෙ..........
@කාංචන දිනූක
හොඳයි හොඳයි... :)
@Dayan
You are welcome!
@Tharindu
තව ටිකක් ඉවසන්න. මොකද ඔබ දැන්ම මේ ගැන eBay වෙත පැමිණිලි කළත්, eBay මඟින් උනත් කියයි තව ටිකක් ඉවසන්න කියලා. සති 2ක් 3ක් පහුවෙලත් භාණ්ඩය ලැබුණෙ නැත්නම් eBay අඩවියට පැමිණිලි කරන්න. දැන් seller no longer registered in eBay නිසා අනිවාර්යෙන් ඔබට eBay වෙතින් refunf එකක් ලැබෙයි. (මටත් ඔය වගේ වැඩක් වෙලා eBay එකෙන් Coupon එකක් ලැබුණා.)
@keewic
බොහොම ස්තූතියි මල්ලි ප්‍රතිචාරෙට! බයවෙන්න එපා, ඒ වගේ ඒවා අනිවා ගෙදරටම එනවා. eBay වලින් අපි ගන්න ගොඩක් භාණ්ඩ තැපෑලෙන් එන්නෙ Original Box එකේ නෙමෙයි. Box එක නැතුව, ඉතුරු ටික සීල් පිට. නමුත් Box වල එන ඔයිට වඩා ලොකු දේවල් පවා අවුලක් නැතුව ගෙදරට එනවා. (මට දැනට ඇවිත් තියෙන ලොකුම box එක 7"x7"x3" වගේ.)
macho... ube lipi pela nam niyamai.... mama serama kiyewwa. elzzzzzzzzzzzzzzzzzz...
@-HacKrisH-
ස්තූතියි මචෝ ප්‍රතිචාරෙට! :)
bohomathma isthuthi advise ekata machan.......great series of letters for the beginners on ebay....U ROCK!!!!!!!
මම eBay ගැන ගොඩක් දේවල් දැන ගත්තා. ඒකත් ඔයාගේ මේ ලිපිය නිසා (මම කුප්පි 5ටම ආවා.). ඒ ගැන ස්තූති වෙන්න ඕනේ.
නමුත් මට පොඩි Prob එකක් තියෙනවා,
අපි eBay එකෙන් බඩු ගෙන්න ගනිද්දි ලoකාවෙන් tax ගහනවද?
හලෝ ධනික යාලූ, තව පොඩි අවුලක් ආවා, තරහ නැතුව මේකටත් පිළිතුරක් දෙන්න. මේකයි ගැටලුව, මට Sony Ericsson BST-41 කියන battery එක ගෙන්න ගන්න ඕනෙ, ඒත් ebay එකෙන් ගත්ත කීප දෙනෙකුටම chainese fake battery ඇවිත් තිබ්බ, (forum එකක දැක්ක) මං බැලුවෙ sony site එකෙන් ගෙන්න ගන්න. එයාල ඒත් paypal accept නෑ, visa, master, American express විතරයි, web card එක visa නිසා payment කරන්න පුලුවන්ද?? අනික එයාල ලංකාවට ship කරනවද දන්නෙත් නෑ. ගැටලුව ටිකක් දිගයි ඒත්..............
Here are some Coolest Items I recommended to buy from Ebay
http://buysfromebay.blogspot.com/
@ගිශාන්
Yes in theory you have to pay tax if the item is stopped at your post office. However most of the time small items post office do not charge any tax even if the item is stopped at post office. Mainly if the item value is over 10,000 Rs. there is a good chance you get a tax.
Anyway better to prepare pay tax if you're importing any item. Also don't be scared about tax because most of the time the tax amount is very less. Recently government slash the import tax on electronic items and now you will get even less tax amount.
@keewic
I think it's better to buy from ebay "TOP-RATED SELLER". There would be very less chance you get fake from top rated seller. On the other hand if you try to get from "sony site" there will not be any guarantee you will get the item. If it lost in the mailing there will not be any way to reimburse the paid amount. In ebay if you get a fake one or if you didn't receive the item you can get the money back.
@lohitha,
Thank you very much bro :)
@lolitha,
thnx macho
Kasun
Hello Dhanika ayiye,
mama ada thamai oyage adawiyata awe. ada mama ebay acc ekakuth haduwa. mata paypal acc ekak nam kalin idala thibba. mama oyage lipi meke thiyena comment okkama kiyewwa.aththatama oya nam niyama porak. ayiye mata podi prasnayak thiyenawa lankawe paypal acc walata salli danna bane. eth wena rataka widiyata thiddoth puluwanne a nisa web card eka ekata link karala eke salli web card ekata danna puluwanne passe a webcard eken ebay wala gewimak karama a baduwa yanne ara paypal wala thiyena wena rataka address ekatada?
@ගිශාන්
ඔබේ ප්‍රතිචාරෙට ස්තූතියි! ඔබ ඇසූ පැණයට ලෝහිත සහෝදරයා දුන් පිළිතුර ප්‍රමාණවත් කියා හිතනවා.
@keewic
ගැටළු කියන ඒවා ඉතිං දිගයි නේන්නම්... :P
ලෝහිත සහෝදරයා ඔබට දුන් පිළිතුර ප්‍රමාණවත් ඇතිනෙ.
@lohitha
I was so busy past days due to my uni semester end exams. Thanks a lot for your replies added for our readers' questions on behalf of me during that time! :)
@Kasun Madhuranga
ප්‍රතිචාරෙට බොහොම ස්තූතියි! ඔබේ ප්‍රශ්නෙන්ම තේරෙනවා ඔබ මේ ගැන හුඟක් හොයලා බලලා තියෙන බව. ඔබ කියූ කරුණු හරි. වෙන රටක PayPal ගිණුමකින් යම් භාණ්ඩයකට ගෙවීමක් කළොත් ඒ භාණ්ඩය ප්‍රවාහනය වෙන්නෙ අර PayPal ගිණුමෙ තියෙන ඒ රටේ ලිපිනයට. අපි හදන PayPal ගිණුමකට අපේ primary address එකට අමතරව වෙනත් addresses එක් කරන්න පුළුවන් උනත්, වෙන රටක address එකක් එක් කරන්න බෑ. ඒ රටේම වෙන address එකක් විතරයි එක් කරන්න පුළුවන්. :(
@ධනික අයියා :-
ලොහිත අයියා හොදට උත්තර දීල තිබුනා.කොහොම උනත් මමත් ඕඩර් කරා කූලින් ෆැන් එකක්. දැන් තියෙන්නේ ඒක එනකම් බලන් ඉන්න.
macho thank you thank you....man sira upset1 hitiye....digatama liyanna.
ethakota Dhanika ayiye ekata mokada karanna puluwan. ethakota wena rataka widiyata paypal ekak hadala wadak nane.
මට නම් ලොකු සතුටක් දැනෙනව මේ ලිපි කියවල ඉවරවුනහම.වෙනවෙනම මේව ගැන හොයන්න ගියානම් මාසයක්වත් හොයන්න වෙනව.මම ලිපි 5ම බැලුවත් Comment එකක් නම් තිබ්බෙ මෙතන විතරයි.මමත් ram එකක් ගෙන්න ගන්න ඕන.ලංකාවෙ Address එකක් ලියනකොට postal Code එක දැම්මහම Post office එකේ අයට පහසුයි.මම මේ ගැන ලිපියක් ලිව්ව.මම බ්ලොග් ලිවීමට අලුත්.මගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත් ඒක ගැන comment එකක් තියල යනවනම් බොහොම ස්තුතියි.
http://staryblogger.blogspot.com/
.මේ ලිපි පෙල ලිව්වට ධනික අයියට බොහොම ස්තුතියි.ඉදිරියටත් ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න.
ගොඩක් දේවල් අයියේ EBAY එකේ ලාබයි....ඒත් ඉතින් shipping cost එකත් එක්ක බලපුවහම පාඩුයි....
Ebay වගෙ ලාබ බඩු තියෙන online shopping කරන්න පුලුවන් අනෙක් site මොනවද...?
Hey my dear Friend,
oya kamathi nam me site ekta gihin balanna.
http://easysitestowork.blogspot.com meke oyata one wena oya nodanna web site
godak athi. me link eka copy karala thiyaganna issarahata aluthen ena
wadagath website meke danawa.
Thank you.
http://laughterkp99.blogspot.com
mekath mage site ekak mekath puluwan aya balanna.
ඔක්කොමත් හරි කියමුකෝ....අවුල තමයි ලන්කාවේ tax.ඊ ලග කුප්පිය දාන්න ලන්කාවේ tax වදින්නේ කොහොමද කියල...එ කිව්වෙ item එකේ size 1ටද,value 1ටද,එහෙමත් නෑත්නම් ගෙනවන කෙනාගේ luck 1ටද :P වගේ දේවල්.....
මොකද tax වෑදුනොත් e-bay එකෙන් ගෙනවපු එකෙ ලාබේ නෑති වෙනවා.:( :(
suppose lohitha may be able to give a great help on this.....
ආහ් අමතක වුනා.sry bro.මෙතෙක් කියල දිපු ඒවට ගොඩා.......ක් පින්..
@ගිශාන්
අහ්! එළ එළ...
@රොෂාන් එරංග
Welcome machan!
@Kasun Madhuranga
ඔව් මල්ලි, හැබැයි ඒ PayPal ගිණුමට අපේ webcard එක link කරලා තිබ්බොත් අනිත් අය අපට එවන මුදල් කෙලින්ම කාඩ් එකට බැර වෙන්න පුළුවන්. ඒත් ඉතිං ඊළඟට අවුල තියෙන්නෙ webdard එකට බැර වෙච්ච මුදලක් cash හැටියට අපේ අතට ගන්න විදියක් නැති එක. :(
@ඉසුර නිර්මාල්(Isura Nirmal)
ස්තූතියි මල්ලි අදහස් දැක්වීමට! මං ඔයාගෙ ඒ ලිපි 2ත් කියෙව්වා, කමෙන්ට් එකකුත් දාලා ඇති... බලන්නකො... :)
@තරිඳු සුරාජ් චතුරංග
නෑ මල්ලි... Shipping cost එක එක්ක වුනත් ගොඩක් දේවල් ලාභයි. හරියට search කළොත් හොයාගන්න පුළුවන් වෙයි. eBay වගේ තව සයිට් එකක් තමයි Amzon.com.
@mahesh
ඔබේ අදහස් දැක්වීම් වලට ස්තූතියි!
ඔව් ඇත්තටම tax ගැන නම් මට අත්දැකීම් අඩුයි. මොකද මං දැනට eBay එකෙන් භාණ්ඩ 100කටත් වඩා ගෙන්නගෙන තිබුතත් ඒ එකකටවත් තාම මට නම් tax වැදුනෙ නම් නෑ ඒකයි. (කොහොමත් මං ලොකු ලොකු භාණ්ඩ ගෙන්නලා නෑ. ඔක්කොම<10,000 වගේ)Tax ගැන නම් ඉතිං ලෝහිතට තියෙන අත්දැකීම් බහුලයි.
මට හිතෙන විදියට නම් භාණ්ඩයෙ ප්‍රමාණය හා වටිනාකම යන දෙකේම බලපෑමක් තියෙනවා. වටිනාකම ගොඩක් වැඩි වුනත් භාණ්ඩය ඉතා කුඩා නම් (processor එකක් වගේ) tax වලට අහු නොවෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණෙ විශාල වුනත් වටිනාකම අඩු නම් එත් අහු නොවෙන්න පුළුවන්. දෙකම වැඩි නම් තමයි අවුල. හැබැයි ඔය කොහොම උනත් ගෙවන කෙනාගෙ luck එකේ බලපෑම වැඩී වගේ... හික්! :D
හැබැයි සහෝ eBay එකේ බහුතර භාණ්ඩ වලට tax වැදුනත් මෙහෙ ගානට වඩා අඩුවට අරගන්න පුළුවන්. (විශේෂයෙන්ම lap එහෙම)
thanks ayya
ලිපි ටික නම් maxxa
අපි used mobile එකක් ගත්තම ටැක්ස් ගෙවන්න ඕනෙද?
ethakota ape rate address thiyena paypal ekakatai wena rataka address thiyena paypal ekakatai, oya dekatama ekama web card eka link karanna barida?
මට තියෙන පුරස්නෙ තමයි මට ක්‍රෙඩික් කාඩ් ගන්න වයස මදි ඒත් sufe with moneyඑකෙත් onbux එකෙත් මුදල් තියෙනවා මෙහි එකට paypal ලිපිනයට දැම්මත් මුදල් පාස් කරන්නැ එකට මුදල් දාගත්තොත් ක්‍රෙඩික් නැතුව shopin කරන්න පුලුවන්නෙ මේගැටලුව නිරාකරනය කරල දෙන්න පුලුවන්නම් පෝස්ට් එකක්දාන්න බැරිනම් මේල් එකක් එවන්න
මට මේල් ලිපිනෙ කියන්න අමතක උනානෙ මාර වැඩේ..
rd115243@gmail.com
alertpay account එකෙන් paypal account එකට මුදල් Transfer කරන්නෙ කොහොමද?
මේ ආටිකල් ටික නම් නියමයි......
අනෙ මට eBay එකන් sells කරන විදිය කියල දෙන්නකො.....
මේ වගේ, :
http://www.elakiri.com/forum/showthread.php?t=734503
Dhanika aiye, mama iPhone ekak genna ganna hithan innawa eBay eken. eth eka lankawata awama mata tax walata loku ganak gewanna weida? ehema nathuwa bande relese kara ganna kramayak thiyenawada? pahadala denna puluwannam.
දනික අයියෙ මම කුප්පි 5ම කියෙව්ව,ඇතටම මම ඊ-බොක්ක ගන දැනගෙන හිටියත් ගනුදෙනු කරල තිබුනෙ නැ, 1 ක් මට වෙබ් කඩ් 1 ක් තිබුනෙ නැති කම හා ඊ-බොක්ක ගන තොරතුරු දන්නෙ නති කම, මෙ කුප්පි ටිකෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්ත සහ බය නැති උනා,ඇත්තටම ගොඩක් පින් ඔයගෙ දැනුම හ අත්දකිම් හැමොන්ටම බෙදා දෙනවට ! :ඩි
හැබැයි මෙව කරන්න ගිහින් කරදරෙ වටුනොත්......................
ඒත් අහන්නෙ ඔයගෙන්ම තමයි හොද් :ඩි :ඩි
onna maath solar power torch ekak order kala.bohama sthuti apiata me gana kiyala dunnata.bohoma pin.....!!!
ebay ගැන තිබුණ හැම ලිපියක්ම වගේ කියෙව්වා ඒත් පුරස්නෙ කියන්නේ ඔක්කොම කාඩ් වර්ග තියෙන්නේ 18+ අයට පුලුවන්නම් හැමෝටම භාවි කළහැකි කාඩ් එකක් හොයලා දෙන්න.
මීළග ලිපියත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා>>>
hey, my dad is in Australia. he ordered a tomtom GPS navigator($150) from eBay, but it didn't receive it. After a month later he asked about it from the seller(he is a UK guy), then he said i have already sent it. then father was waiting until it receives. But he didn't get it.
Then dad complain about it to eBay, but eBay accept complains within 3 months of the date of purchase only.
The guy who sell it didn't give any positive replies until that 3 months going.
Before you buy, please check out first how many feedback s that seller has..
පට්ට බ්ලොග් එකක් මචන්.... මාර useful... මට පොඩ් ගටලුවක් තියනව ebay එක සම්බන්දයෙන්. මම පොඩ් item එකක් ගත්තා (3 days ago) ebay එකෙන්, මම මුලින්ම payment එකක් කලාට පස්සෙ normally මුලින්ම වෙන්නෙ මම ගත්ත එක්කෙනා(seller) positive feedback එකක් මට එවන එකනේ... but මට තාම පොසිටිව්(+) feedback එකක් එවල නැහැ. ඒත් ඒ item එක Ship කරල කියලා පෙන්නනවා.. seller (+)feedback එකක් මට එවන්නෙ නැතිව ship කරල තිබුනොත් ඒක ගැටලුවක් වෙනවද.... දන්න එක්කෙනෙක් ඉන්නවනම් මට කියන්න. මොකද මේක තම්යි මම මුලින්ම ගන බඩුව..
mama ebay eken item ekak order kala, dan dawas 5k welath seller eka ship karala wath naha,habai mama sellerta private message keepayak yawwa eka thavama reply ekak wath ewwe naha, pay karanna kalin nam eka mata message ewwa item eka hodai kiyala.Dan message 3k yawwa thavama reply naha. mehema unama thava 21 days withara balan edalada complain ekak danna wenne. nathnam kohomada meka resolve kara ganne mata poddak pahadili karanavada?? hbai me seller feed back 0 ekkenek :(
අනේ මච0 මම මුලින්ම ඕඩර් කරපු item එක දවස් 30 ක්. ගිහිල්ලත් තාම ආවෙ නැහැ නෙ.... මම සෙලර් ව සම්බන්ද කලහම එයා කිව්වා replacement item එකක් එවන්නම් කියල... මට තියන පුරෂ්නය තමයි මම එතකොට feedback(+) එක යවන්න ඕනි ඒ replacement item එක ආවට පස්සෙ ද? බ්ට් ebay එක කියනව මට දැම්මම feedback එක යවන්න කියල.. බට් එහෙම කොලොත්, හදිස්සියෙවසත් ඒකත් ආවෙ නැතම් මට feedback එකක් යවන්න විදිහක් නැහෙ.. උදව් මී....................
නියමෙටම නියමයි අයියා පේපෑල් ගැනත් මේ වගේ විස්තරයක් දෙන්න
ගොඩක් වටිනවා අනික ඔයාට හොදට විස්තර කරලා කියලා දෙන්න තේරෙනවා
එළ එළ නියමට ලියල තියනවා
අයියේ මගේ PAYPAL ACCOUNT එක LIMIT වෙලා..
(DEBIT CARD එක CONFIRM කරලා තියෙන්නේ...)
1.Photo ID
2.Credit Card Statement
3.Proof of Address
ඉල්ලනවා...
LIMIT එක අයින් කරනකන්,
1.ACCOUNT එක CLOSE කරන්න බැහැ....
2.Debit Card එක remove කරන්න බැහැ..
3.බඩු ගන්න බැහැ....
මට මේකට විසඳුමක් දෙන්නකෝ..........
බොහොම ස්තුතියි
@roshi
Welcome!
@dimuthu, Kavindu
Tax ගැන ලියපු ඊළඟ ලිපිය කියවන්න.
@Kasun Madhuranga
බෑ. එකම කාඩ් එකක් Paypal accounts 2කට link කරන්න බෑ.
@ruwandhananjaya
මුදල් ලබාගැනීම ශ්‍රී ලංකාවෙ Paypal accounts වලට කරන්න බෑ. ඒ සඳහා ඔබට වෙන රටක address එකකින් Paypal account එකක් හදාගන්න වෙනවා.
@Somalal
එහෙම කිරීමේ පිළිගත් නිළ ක්‍රමයක් නෑ. නමුත් ඇතැම් තෙවෙනි පාර්ශයවක අධාරයෙන් එහෙම කරගන්න පුළුවන්කමක් තියෙනවා.
@Sameera
ස්තූතියි! eBay එකෙන් sell කරන හැටි ගැන ඉදිරියෙදි ලියන්නම්.
@K2H
බොහොම ස්තූතියි! හරි හරි අවුලක් නෑ, ඕනදෙයක් අහන්න... :)
@ibm
සතුටුයි ඒ ගැන ආයෙත් මෙතැනට ඇවිත් කියලා යන්න කෘතඥ වුනාට! :)
@ruwandhananjaya
18ට අඩු අයට භාවිතා කරන්න පුළුවන් කාඩ් නෑ මල්ලි. ඒත් ඔයාට අම්මගෙ හරි තාත්තගෙ හරි කාඩ් එකක් භාවිතා කරන්න ගැටළුවක් නෑ.
@Tharaka Dilshan
Your father should have known that he should open an online case on eBay within 3 months. Without doing that, just blaming about ebay is not fair.
@tharindu prabash
බොහොම ස්තූතියි! ඔය feedback ගැන වැඩිය හිතන්න එපා. ඒක වෛකල්පිත (optional) දෙයක් විතරයි. ඒවා දාන්න ඕනා පිළිවෙළක් කියලා එකක් නෑ. ඕන්නං නොදා වුනත් ඉන්න පුළුවන්. :)
@s Manthrividana
බයවෙන්නෙපා. සමහර වෙලාවට seller item එක ship කරලා ඇති. ගොඩක් sellersලගෙ items ship කරාට Shipped icon එක පේන්නෙ නෑ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි seller reply කරන්නැත්තං ඔයාට ඕන වෙලාවක case එකක් open කරන්න පුළුවන්.
@parakrama
ස්තූතියි මල්ලි! Paypal ගැන මං මීට කලින් ලිව්වා. බලන්න.
@CRICKET
ස්තූතියි! :)
@danu91
Account එකක් limit වෙන එක මල්ලි ඉබේ වෙන්නෑනෙ. ඔයාගෙ මොකක්හරි නොමනා ක්‍රියාකාරකම්ක් නිසා තමයි එහෙම වෙන්නැත්තෙ. (සමහර වෙලාවට ඔයා order කරපු items වලට pay නොකර ඉඳලා ඇති) ඕකට නම් ඉතිං වෙන විසඳුමක් නෑ. එක්කො ඔය ඉල්ලලා තියෙන documents යවලා account එක ආයෙ ආයෙ හදාගන්න. නැත්තං ඉතිං ඔය account එක අතඇරලා දාලා වෙන email address එකකින් වෙන account එකක් හදාගන්න. :P
මම අවුරුද්දක කාලයක පටන ඊබේ එකෙන් බඩු ගෙන්න ගන්නවා. අද වෙනකම් හරියටම ඒවා ගෙදරටම පියුන් මාමා ගෙනහල්ලා දුන්නා. අද තමයි ඔයාගේ මේ බ්ලොග් එක දැකලා කියෙව්වේ. බ්ලොග් එක නම් ඇත්තටම නියමයි. පට්ට බ්ලොග් එකක්. මට භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ කියලා මම යාළුවන්ගෙන් අහගෙන තිබුනට මේ බ්ලොග් එක බැලුවහම තමයි හරියටම තේරුම්ගියේ මොනවද කරන්න ඕනි කියලා. මේවගේ ලිපි ලියනවට ගොඩාක් ස්තූතියි සහෝ... මොකද මමත් ඊබේ එකෙන් මුලින්ම බඩු ගෙන්න ගන්න පුදුම බයකින් හිටියේ. මුලින්ම ගෙන්න ගත්තේ ඩොලර් 4 ක දෙයක්. ඒක හරියට ආවහම බය ටිකක් අඩු උනා. දැන්නම් මේ බ්ලොග් බැලුවහම හිතේ තිබුන බය නැති වෙලාම ගියා. thank u again
බොහෝම ස්තූතියි,
නොදන්න ගොඩාක් දේවල් ඔයාගේ මේ ලිපි පෙළින් දෑනගත්තා,
ඔබට ජය ප්‍රාර්ථනා කරනවා!
aneee mama ebay eken ganna badu walin 20%-30% withara deeval hambu uneee nehene... eeeka nisaa mama denata ambaanata sellers lagen refunds aran thiyanawa(aapu nethi badu 10kata witharara 2month ethulatha refunds 10k withara aran thiyanawa).. meewidihata digatama giyoth mage account eka thahanam karaida danneth nehe... kawuru hari refunds limit gena danna kenek innawanam ikmanata reply ekak dennakoooo...
maxxa kuppiya machan... thanx alot
help me quickly.man ebay ekn 2.4G Wireless Optical Mouse USB Receiver 3500 BLUe ekak gathaaa eka mata awith 7days walin pase eke middle wheel eka wada karane nathiwa giyaa.man seller ta kiuwahama eya kiuwa refund karanam new mouse ekak ship karanam kiyala,mata eka delivery une na.dan seller ge time END lu.mage msg walata respond karaneth naa.man mokda karana ona.
lahiruwap@gmail.com walata puluwan nam reply karanna
ඇත්තටම යහපත් සමාජ සත්කාරයක්.... ඔබට ජය....
Broadband Dongle wage dewal e-bay eken gennanakota tax wadinawada...?
thanks a lot
great wadak machan tax gana poddak kiyanna puluwannam hondai
නියමයි
ඔබ ජය
ඇත්තටම යහපත් සමාජ සත්කාරයක්.ඔබට ගොඩක් පින් අත් වෙවි...මම අද මේ ලිපි පෙලම කියෙව්වා...මේතන තමයි comment කරන්නේ හොදද...ඒ ගෑන සමාව අත් වෙන්න ඔනේ...මම අදමයි ඔයාගේ blog එකට අවේ e bay ගෑන google එකේන් විස්තර හොයන කොට...ඔයාගේ bolg එක ගොඩක් හොදයි..මම සුබ පතනවා..ගොඩක් මහන්සි වෙලා තියෙනවා..ඔයට සුබ අනාගතයක්...කරන කියනා හෑම දෙයක් ම හරි යන්න ඔනේ...බුදු සරණයි... මම සුදාරක රන්ග,හන්වෑල්ලේන්..
පට්ට ආටිකල් එක.
බොහෝම THANX...!!!
hodatama hodaii....niyami
niyamai...thawath me wage artical danna
100%ක් එළම එළ... මෙච්චරකල් ඕවා දැනං හිටියේ නෑ
ධනික මල්ලී ඔයා මේවිදියට අපිව දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මම මීටකලින් ඊබේ එකෙන් PenDrive
එකක් Purchase කලා බඩු ගෙදරටම අවා.පස්සේ මගේ PayPal Balance එක
දන්නේනැති නිසා USD 11.99 ක භාන්ඩයක් Purchase කරන්න ගිහින් Error එකක් අවා.
පස්සේ ඒක නවත්තලා වෙන මිල අඩු භාන්ඩයක් වෙන Seller කෙනෙක් ගෙන් Purchaseකලා.
දැන් සතියක් වෙනවා Shipකලා කියලා කිසිම Responce එකක්වත් Mail එකක්වත් තාම නෑ.
කලින් Order කරපු USD 11.99 භාන්ඩය Cancel කරන්න ඔනිද?.ඒක කරන්නේ කොහොමද?
මගෙ Buying Reminders ලිස්ට් එකේ I need to pay for 3 itemsකියලා තියෙනවා.
අවුලක් වේයිද
මේකනම් ගොඩක් වටිනා ලිපියක්.... ගොඩක් ස්තුති මචෝ....
ධනික අයියෙ. ebay ගැන අ යන්න ඉගෙනගත්තෙ මං මෙ ලිපි ටික කියවල.මං වෙබ් කාඩ් එකකුත් ඕඩර් කරා.සති 2ක් යනව කිව්ව.පින් ඔයාට මේ ගැන කියල දුන්නට.මේකෙ තියෙනව ටොප් රේටඩ් සෙලර්ස්ල කියල ජාතියක්.ඒ අයගෙ බඩු ශුවර්ද? හැබැයි එයාලගෙ බඩු නං ටිකක් ගනං.අපි බිට් කරනකොට රේටඩ් සෙලර්ස්ල ගෙන්ම කරේ නෑ කියල අවුලක් නෑ නේද? පොඩ්ඩක් කියන්න.
boho vita 45days pahuwenna kalin Refund 1 illaganna 1 thamai hoda. mokada 45 days iwara unata passe seller Replacement Item 1k awala thibbath 1 post 1di nathi wennath puku wan, hodama 1 thamai Refund 1 illagena seller ta positive 1kuth dila ayemath a bandaya miladi ganimai. athalota awadanama adui. mama me kiyanne mage addakimen. mama 16GB pen 3kata aka para money gewwa. namuth awe 1i. mama seller ta
kiwwama aya aye 2k post lara kiwwa. namuth thama nam awe naha. dan 3month ago.mama kiyan de harida waradida, mata Email 1k awanna. dimuthukr@gmail.com
ධනික කොල්ලෝ,
මම Phone Battery 1ක් ගෙන්නුවා ගියමාසෙ 01/08/2011, ට්‍රැක් කරලා බැලුවාහම මේක තමා කියන්නේ. Processed through Sort Facility, Aug-31-11, 09:37 AM, JAMAICA, NY, 11430.
මට දැනගන්න ඔනේ මේක ලංකාවට එන්න තව ගොඩක් කල් යයිද කියලයි මට මේකට රේගු බදු ගෙවන්න වෙනවද කීයක් විතර වෙයිද?
ගත්තෙ malcomwireless
Subtotal: US $7.68
Shipping & handling: US $0.99
Total: US $8.67
pattay pattay pattay pattay!!!!!!!!!!!!!!!!!!
සමහර භණ්ඩ ගෙන්වීමේ දී එම භාණ්ඩය යටින්
"Shipping: Not Available to Sri Lanka"
මේසේ සදහන් වෙනවෙ...ඇයි ඒ...?
Patta machan
Hungak wedagath unaa
Obata Thanxxxx! :D:D
thnq wewa godak dewal igana gattha me lipi tiken.......math onna ude pandarama tikaka loku ganaka baddak milata gattha.aida nadda balagena inne.....
අයියෙ නියම වැඩක් මෙිකනමි.ගොඩක් වටිනවා.මට මෙහෙම problem ඒකක් උනා.මම ඒක දාන්නමි.උත්තරයක් දෙන්න පුථවන්ද?
first i get item in eBay and i pay for it
after i get its its broken(software problem)
i contact with the seller and they said return the item.
i send it to them
they agree to send my money back.but there going more than 60 days.
then they said they can't refunded back.
then they try to send money using Paypal service and other option
but Paypal said"Currently PayPal accounts in Sri Lanka are only able
to send
payments. This recipient is not eligible to receive funds"
so how i get my money back.please help me soon
*****do you know any other way to get my money back*****
moneybookers කියන්නේ මොකද්ද?
මම මෑතකදී ඊබේ එකෙන් LG KM900 Arena ජංගම දුරකථනයක් 108.88USD මුදලක් දී මිළදී ගත්ත නමුත් මම එය මිලදී ගෙන දවස් කීපයකට පසු එම සෙලර් විසින් එය Ship කරන්න හොහැකි බව පවසා මට Full Refund එකක් ලබා දුන්න. දැන් මගේ පේපැල් ගිණුමෙහි මගේ Sampath Bank Web Card එකට මුදල් Refund කළ බවට සඳහන් කර තිබෙනවා. නමුත් තවමත් මගේ බැංකු ගිණුමට මුදල් ලැබී නෑ. එසේ මුදල් හර වීමට දවස් කීයක් පමණ ගතවෙනවා ද?
A current utility bill මේ මොක්ද්ද!!!! මම දන්නේ නැහැ!! addres aka meken confin karanna puluwanida
Hello ,
mata danaganna podi prashnayak thiyanawa....mama dan ebay eken item ekak gaththa...dan dawas 18k withara wenawa....eeth trcking number ekak nam na....eeka aulak wei da ?pls reply ,,, Thanks
bohoma sthuthi danika.. godak watina lipiyak
mata danaganna deyak tiyenawa..mata pramaanayen vishaala,watinakama 90000k pamana wana studio speaker system ekak e bay eka haraha genweeme awadaanamak tiyenawada?........mama balaporottuwen inne ee item eka ebay eken order karanna.mkada ee item eka lankawe ganna na..puluwan nam mata mekata visadumak denna..
maxxxxxxa service...
meka nam godak watina lipiyak me dewal thniyama hoyagththa hati nam maru thami elama thamaiiiiiiiiiiiiiiiiii
mama ebay iken item 1ka gatha aka dan ship karala
.item 1ke tracking number 1ka hoyanne komada?
mama ebay 1ken item 1ka gatha ika dan ship karala .tracking number 1ka balnne komada?
ele , niyamai machan
mata mehema awlak thiyanwa..mama ebay 1kn phone 1k win kara...mata paypal eka podi awlak una a hinda dawas 2k 3k yana hinda seller kiyanwa western union haraha ewnna kiyala me wade safty neneda??????
Machan Dhanika Saho, Mama ebay gana godak kaalyaka indala unanduwen hitapu kenek. Eth ebay walin items genna ganna eka mata maha aulak wela hitapu time ekakadi tamai ahamben wage oyage blog eka read karanna labune.!!! Itin eka mata loku udawwak una. Eth pay karanna mata tibune HNB debit card ekak witarai. Mama Sampath web card ekak gannawada kiyalath hituwa. Eth oyage blog details wala hatiyata 16 digit & Card verification number ekakuth mage HNB debit card eke tibuna. Itin eken mama paypal link karala try kala. Muladi podi aul giyath passe niyama widiyata pay una. Danata mama podi podi items 10 witara order kala. Ewa okkoma kisi aulak natuwa awa wagema mata ebay walin kisima paaduwak me weddi wela na. Mata attatama hitenawa Lankawe shop wala inna sellerslata wada ebay sellersla gana godak sure karanna puluwan. Onima problom ekak sellersla contact karala visadaganna puluwan. Itin Dhanika mata me karapu udawwata mama oyata godak thanks karanawa wagema Dhanikage blog eka balana hama yaluwekutama kiyanawa Dhanika blog eke dala tiyena widiyatama ebay ekath ekka join wenna oyalata wardinne na. Thank you very much Dhanika. Good Luck...!! sincerely Madawa.
Good Job...
Thanks aiyya blogs walata.. mama okkoma read kara.. Okkoma hodata theeruna..
thnkx machan.. thanks alot...
machan ape post master kadala gaththoth aka hoya ganne kohomada..?
mobile eken paypal ekat credit danna puluwand?
nice machan usefu .mata galaxy s2 ekak ganna ona 400$.bt bayai bun aulak waida?
ebay gana godak igena gaththa thanks
godak hodai. mamath 2012-06-15 ithala e-bay ekka ganudenu karanava. ur lipi godak vadagath mata.thank you.
mata loku prashnayak awa. mage kalin dapu podi badu 2a awa. eth ita passe dapu badu 2a thama awe na. 1k 2012/09/02 damma. anika 2012/09/12 damma. bt me 2ama mata awe na. dan enna oni kale hari. man seller wa conct karala msg 1akuth yauwa. ehanuth ewala thibba post service check karannam kiyala. 1 wara 2k mehema une ai? dan man karanna oni mokakda?
mata loku prashnayak awa. mage kalin dapu podi badu 2a awa. eth ita passe dapu badu 2a thama awe na. 1k 2012/09/02 damma. anika 2012/09/12 damma. bt me 2ama mata awe na. dan maseta wadiyen giya man seller wa conct karala msg 1akuth yauwa. ea aya kiyanawa post service check karala balannam kiyala. 1 wara 2k mehema une ai? dan man mokada karanne?
E bay kuppi 4 link hoya ganna bae machan.mata a link 1ka danna.plz
Post a Comment