eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම (eBay කුප්පි #7)


ආයුබෝවන්! ඉතිං කොහොමද? කාලෙකට පස්සෙ නේද?  කොහොමහරි ඉතිං ඔන්න ආ‍යෙමත් eBay ගැන කුප්පියක් දාන්න වෙලාවක් හොයාගත්තා. ඊට කලින් ඉතිං අලුත් අලුත් තොරතුරු ටිකකුත් කියලා ඉන්න එපැයි නේද? 

මෙන්න මේවයි අලුත් තොරතුරු. දැන් මගේ සරසවි ජීවිතේ අවුරුදු දෙකහමාරක් ඉවරයි. ඉතිං මේ දවස් වල නං සරසවියෙ නෙමෙයි ඉන්නෙ. මේ දවස් වල අපිට training. මට නං සෙට් උනේ කොම්පඤ්ඤ වීදියෙ company එකක්. (මගේ fb යාළුවො නං දන්නවා ඇති.. ) ඉතිං කොහොමහරි ඒ නිසා මේ දවස් වල පාඩම් වැඩකටයුතු නං නෑ. ඒ වුනත් තාම මේ job කිරිල්ල හුරු නැති හින්දා සතියෙ දවස් වලට මාර මහන්සියි.  වැඩ ඇරිලා ගෙදර ආපු ගමන් නිදියගන්න එක තමයි කරන්නෙ. සති අන්තෙ විතරයි වෙන වැඩක් කරන්න ඉතුරු වෙන්නෙ. හ්ම්.. එව්වා නං ඉතිං හුරු උනාම හරියයි නේද? 

මාස 6ක්ම තියෙනවා training යන්න. ඉතිං ඔය මාස හයේ පාඩම් වැඩ නැති නිසා තව තව development වැඩ ටිකකුත් කරන්නයි හිතං ඉන්නෙ. පහුගිය දවස් වල නිකුත් කරපු SETT එක ගැන කියවන්න ඇතිනෙ නේද? ඉතිං ඕක හින්දි භාෂාවටත් හදන්න කියලා හින්දි පරිශීලකයින්ගෙන් ආපු ඉල්ලීම් නිසා මේ දවස් වල මං ඒක හින්දි වලටත් හදමිනුයි ඉන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ ලාවට දෙමළ ඉගෙනගෙන තිබුණු හින්දා දෙමළ වලටනං ලේසියෙන්ම හැදුවා. ඒත් ඉතිං අපි හින්දි දන්න එකක්යෑ. (හින්දි ෆිල්ම් බැලුවට හින්දි දන්නෑනෙ...) ඒ නිසා ඉතිං ඒක හින්දි වලට හදන්න මේ දවස් වල හින්දි හෝඩියත් පොඩ්ඩක් ලාවට හදාරණවා. ඊට අමතරව Android වලට සිංහල keypad layout එකකුත් හදන්න පටන් අරං තියෙන්නෙ. ඔන්න ඔය වැඩකටයුතු වලට කාලය යොදවන ගමන් මේ මගේ සිංහල බ්ලොග් එකත් අලුතෙන් පටන් ගත්තු ඉංග්‍රීසි බ්ලොග් එකත් අයෙත් ක්‍රියාකාරී කරලා ගන්න ඕනෙ.

හ්ම්.. පම්පෝරිය අහං හිටියා ඇති නේද?  අනේ ඉතිං පම්පෝරියක්නං නෙමෙයි ඕං හොඳද... බ්ලොග් ලිපියක් ලි‍යන්නෙ කාලෙකින්නෙ, ඒකයි ඉතිං පොඩි overall update එකක් දුන්නෙ මං ගැන මගෙ online යාළුවන්ට.

ඕං එහෙනං කුප්පිය පටන් ගත්තා.

දැන් මේ ලිපිය කියවන‍ ගොඩක් අය මීට කලින් අපේ මේ ලිපි පෙළේ පළවුනු අනිත් ලිපි හැම එකක්ම කියවලා ඇති කියලා හිතනවා. (එහෙම කියවලා නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න මෙතනට ගිහින් කියවන්න) ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ ලිපි පෙළින් අපි ගොඩක් උත්සාහ කළේ eBay වෙතින් භාණ්ඩ මිලදී ගන්න විදිය ගැන 'අ' යන්නෙ ඉඳන් පාඨකයාට කියා දෙනවට වඩා, මෙවැනි අන්තර්ජාල ගණුදෙනු ගැන පාඨකයාගේ හිතේ ඇති බොරු බිය නැති කරලා මෙවැනි අන්තර්ජාල ගණුදෙනු වලට පඨකයාව හුරු කරවන්නයි කියන එක. ඒ නිසාමයි eBay ගිණුමක් හදාගන්නා විදිය, PayPal ගිණුමක් හදාගන්නා විදිය වැනි පුංචි පුංචි දේවල් ගැන මේ ලිපි මාලාව හරහා කියා නොදුන්නෙ. මොකද එවැනි දේවල් ඕනම කෙනෙක්ට ස්වඋත්සාහයෙන් කරගන්න පුළුවන් දේවල්. eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩය තෝරාගන්න ආකාරය මේ ලිපි මාලාව හරහා කියා දුන්නෙත් තෝරගත්තු භාණ්ඩයක් ඇණවුම් කර මිලදී ගන්න විදිය කියා නොදුන්නෙත් මෙන්න මේ කාරණය නිසාමයි. මොකද තමන්ට අවශ්‍ය භාණ්ඩය තෝරා ගත්තු කෙනාට ඕකෙ Buy it Now බොත්තම ඔබලා Payapal username password දීලා Paypal වෙතින් මුදල් ගෙවන එක ආයෙ අමුතුවෙන් කියා දිය යුතු දෙයක් හැටියට නෙමෙයි මම දැක්කෙ.

නමුත් eBay Auctions වලින් භාණ්ඩ මිලිදී ගැනීම එහෙමත් නැත්නම් eBay වල bid කර භාණ්ඩ මිලදී ගැනීම නම් ඒ ගණයට අයත් වෙන්නෙ නෑ. ඉතිං අන්න ඒ නිසයි eBay Auctions වලින් bid කර භාණ්ඩ මිලිදී ගන්නා ආකාරය ගැන අද මේ කුප්පිය දාන්නෙ. එහෙනං දැන් වෙනදා වගේම අපේ සුපුරුදු ප්‍රශ්නෝත්තර ක්‍රමයට යමු.



eBay Auctions නැත්නම් eBay bidding කියන්නෙ මොකද්ද?
  • eBay ගැන මුල්ම ලිපියෙදි අපි, මේ eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ කිව්වා මතක ඇති. මෙන්න‍ මේ පොළේ කෙලින්ම ගිහින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ වගේම වෙන්දේසි කරන භාණ්ඩත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ වගේ eBay තුළ භාණ්ඩ වෙන්දේසි කිරීම් වලට තමයි eBay Auctions කියලා කියන්නෙ. මෙවැනි වෙන්දේසි වල ලංසු තියෙන එකට තමයි bid කරනවා කියලා කියන්නෙ.

eBay Auctions තුළ bid කරන්න පුළුවන් කාටද?
  • විශේෂයක් නෑ. eBay ගිණුමක් තියෙන ඕනෑම කෙනෙක්ට eBay Auctions (වෙන්දේසි) තුළ bid කරන්න (ලංසු තියන්න) පුළුවන්.

eBay තුළ මෙසේ වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ අපි හඳුනගන්නෙ කොහොමද?
  • එක විදියක් තමයි භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නම ඉදිරියේ 0 Bids, 1 Bid, 6 Bids [2] ලෙස දැනට ඒ භාණ්ඩය සඳහා ඇති Bids ගණන (ලංසු ගණන) සටහන් වී තිබීමෙන්.
  • අනෙක් විදිය තමයි සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහලින් ඇති Auctions only ටැබය [1] එබීමෙන්. මෙසේ Auctions only ටැබය එබීමෙන් වෙන්දේසියේ දමා ඇති භාණ්ඩ පමණක් දැක්වෙන ලැයිස්තුවක් අපට ලබාගන්න පුළුවන්.


eBay වෙන්දේසියක් (Auction එකක්) සාමාන්‍ය වෙන්දේසියකින් වෙනස් වෙන්නෙ කොහොමද?
  • සාමාන්‍යයෙන් සැබෑ ජීවිතේ වෙන්දේසියක් සිදු කරන්නෙ යම් පුද්ගලයෙක් මැදිහත් වෙලා. ඒ පුද්ගලයා වෙන්දේසියෙ ආරම්භක වටිනාකම පැවසුවායින් පසුව ගැනුම්කරුවෙකුට පුළුවන් ඊට වැඩි අගයක් පවසලා ලංසුවක් තබන්න. ඊටපසු තවත් වෙනත් ගැණුම්කරුවෙකුට පුළුවන් ඊටත් වැඩි අගයක් පවසලා වැඩි ලංසුවක් තබන්න. මෙසේ කෙමෙන් මෙන් එම භාණ්ඩයේ වටිනාකම වැඩි වෙලා අවසානයේ එම භාණ්ඩය හිමිවෙන්නෙ, ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලෙස මැදිහත්කරු පවසත්දිත්, කිසිවෙකුත් තවත් ලංසු තබන්නට ඉදිරිපත් නොවුනහොත්, එම භාණ්ඩයට වැඩිම ලංසුව තැබූ ගැණුම්කරුටයි.
  • eBay තුළ වෙන්දේසි වලදි මෙලෙස පුද්ගලයෙක් මැදිහත් වෙන්නෙ නෑ. eBay වෙන්දේසි සිදුවෙන්නෙ යම් කාල සීමාවක් උපයෝගී කරගෙන. eBay තුළ සෑම වෙන්දේසියකටම එම වෙන්දේසිය අවසන් වන නිශ්චිත වේලාවක් (ending time එකක්) තිබෙනවා. වෙන්දේසිය (Auction එක) අවසානයේ භාණ්ඩය හිමිවෙන්නෙ මෙන්න මේ වේලාව වෙද්දි භාණ්ඩ සඳහා වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි (buyerටයි).

eBay Auction එකක් අවසානයේ භාණ්ඩය මිල දී ගත හැක්කේ කාටද?
  • ඉහතදී සඳහන් කළ පරිදි අවසානයේ භාණ්ඩය මිලදී ගත හැකි වන්නේ වෙන්දේසිය (Auction එක) අවසන් වන වේලාවෙදි වැඩිම ලංසුව (bid එක) තබා ඇති ගැනුම්කරුටයි.

යම් භාණ්ඩයක වෙන්දේසිය අවසන් වල වේලාව අපි දැනගන්නෙ කොහොමද?
  • මෙයත් භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩයේ නමට ඉදිරියෙන් සඳහන් වී තිබෙනවා. බොහෝ විට මෙය සඳහන් වෙන්නෙ වෙන්දේසිය අවසන් වීමට ඉතිරි වී ඇති කාලය, එනම් Time left format ලෙසින්.
  • අවශ්‍යවනම් මෙය වෙන්දේසිය අවසන් වන දිනය සහ වේලාව‍ ලෙසින් දැකගන්නත් ඔබට පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ Custom view වෙත ගොස් 'Show time in:' යන පසුතලය (setting එක) Date format ලෙස වෙනස් කිරීමෙන් පුළුවන්. [3]


ඇතැම් eBay Auction භාණඩ වල මිල ඉතාම අඩුයි. මෙසේ වන්නේ කොහොමද?
  • මෙලෙස ඉතා අඩු‍වෙන් සටහන් වෙන්නෙ ඇත්තටම ඒ භාණ්ඩයේ විකුණුම් මිල නෙමෙයි. එලෙස සටහන් වෙන්නෙ එ‍ම භාණ්ඩය සඳහා මේ වන විට තබා ඇති වැඩිම ලංසුවයි (current bid එකයි). Auctions එකක් ආරම්භ කළ සැනින් ඕනෑම භාණ්ඩයක current bid එක ඉතා අඩුයි. එය සීඝ්‍ර ලෙස වැඩි වෙන්නෙ Auction එකක් අවසාන වන අන්තිම විනාඩි කීපයෙයි.

අපිට Auction එකකට bid කරන්න පුළුවන් කොයි වෙලාවෙද?
  • Auction එකක් ආරම්භ කළායින් පසු ඕනෑම වේලාවක (එනම් search results list එකක ඇති ඕනෑම Auction භාණ්ඩයකට) අපිට bid කරන්න පුළුවන්. නමුත් එලෙස bid කළ භාණ්ඩයේ Auction එක අවසන් වන තෙක් අපි අවධානයෙන් සිටිය යුතුයි.

ඉක්මණින් අවසාන වන Auctoin භාණ්ඩ වල ලැයිස්තුවක් අපට ලබාගන්න බැරිද?
  • පුළුවන්. මේ සඳහා කරන්න තියෙන්නෙ ඔබේ භාණ්ඩ සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුව (search results list එක) Time: ending soonest ලෙස sort කිරීමයි. [4]

යම් භාණ්ඩයක් සඳහා Bid කරන්නෙ කොහොමද?
  • යම් භාණ්ඩයක භාණ්ඩ විස්තරයට (item description එකට) ඉහලින් (සාමාන්‍ය භාණ්ඩයක අපි Buy it Now බොත්තම ඔබන තැන) Auction භාණ්ඩ වල සටහන් වෙන්නෙ Place bid කියලා බොත්තමක්. ඊට ඉදිරියෙන් Current bid සහ Your max bid ලෙස සඳහන් වෙනවා. මෙහි Current bid ලෙස සඳහන් වෙන්නෙ එම භාණ්ඩය සඳහා මේ වන විට ඇති වැඩිම ලංසුවයි. You max bid යන තැන අපිට අපේ වැඩිම bid එක සඳහන් කර Place bid බොත්තම ඔබා අපේ bid එක තබන්න පුළුවන්. අපිට සඳහන් කළ හැකි අවම bid එක එහි යටින් වරහන් තුළ සඳහන් වී තිබෙනවා. ඊට වැඩි ඕනෑම අගයක් අපිට bid කරන්න පුළුවන්.


Your max bid යන්නෙන් හැඟවෙන්නෙ කුමක්ද?
  • මෙහෙමයි. ඔබ Your max bid එක ලෙස කුමන අගයක් තැබුවත්, ඔබ bid කළායින් පසුව ඒ භාණ්ඩයේ Current bid එක වන්නෙ අර වරහන් තුළ සඳහන් වී තිබූ අගයයි. (වෙන අයෙක් ඊට වැඩි අගයක් max bid ලෙස තබා නොමැතිනම්) ඔබ max bid ලෙස සඳහන් කළ යුත්තේ ඔබට එම භාණ්ඩය සඳහා වියදම් කළ හැකි වැඩිම අගයයි. එනම් වෙනත් ගැනුම්කරුවෙක් ඔබ bid කළායින් පසුව ඇති current bid එකටත් වඩා වැඩි අගයක් bid කළහොත්, ඔහුගේ එම bid එකට වැඩි අගයක් ඉබේම අපේ නමින් bid වෙනවා. ඔහු ඊටත් වැඩි අගයක් නැවත bid කළොත්, නැවතත් ඔහුගේ bid එකට වැඩි අගයක් අපේ නමින් bid වෙනවා. මෙලෙස අප තැබූ max bid අගය වන තෙක්ම මෙලෙස අප වෙනුවෙන් bid කිරීම eBay අඩවිය විසින් සිදුකරනු ලබනවා.

අවසානයේ අපට භාණ්ඩය දිනාගත හැකි වන්නේ කොහොමද?
  • Auction එක අවසාන වල වේලාව වන විටත්, ඔබ තැබූ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් කිසිම ගැනුම්කරුවකු විසින් bid නොකෙරුවහොත් ඔබට එම භාණ්ඩයේ දිනුම (භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාව) හිමිවෙනවා. මෙලෙස ඔබ දිනා ගත් භාණ්ඩය මිලදී ගැනීමේදී ඔබට ගෙවන්නට සිදුවෙන්නෙ ඔබ තැබූ max bid අගය හෝ ඊට අඩු අගයක් පමණයි.
භාණ්ඩයක් අප දිනූ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.




අපේ max bid අගයට වඩා වැඩි අගයක් වෙනත් ගැනුම්කරුවකු bid ක‍ළහොත්?
  • මෙසේ වුවහොත් ඒ බව අපව eBay අඩවිය මඟින් email එකක් එවීමෙන් දැනුවත් කරනවා. ඉන්පසු අපට අවශ්‍යනම් අපේ max bid අගය නැවතත් වැඩි කරන්න පුළුවන්.

වෙනත් ගැනුම්කරුවකු අපේ bid එකට වඩා වැඩි අගයක් bid කළ විට ඒ බව අපට දැනුම්දෙමින් eBay වෙතින් අප වෙත එවන email එක.



අප bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීම අනිවාර්යයිද?
  • ඔව්. අප යම්කිසි භාණ්ඩයකට bid කර ඒ භාණ්ඩයේ දිනුම හිමිවුනොත් අප එම භාණ්ඩ මිලදී ගැනීමට බැඳී සිටිනවා.

Bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීමට අපට නොහැකි වුවහොත්?
  • මෙසේ සිදුවීමෙන් අපේ eBay ගිණුමෙ කීර්ති නාමයට හානියක් වෙනවා. ඒ හේතුවෙන් අප ඉදිරියෙදි සිදුකරන ඇතැම් ගණුදෙනු වලට අපට සම්බාධක පැනවෙන්න පුළුවන්. ඇතැම් sellersලා මෙවන් buyersලාට තවදුරටත් භාණ්ඩ ලබා දෙන්නෙ එසැණින්ම Pay ක‍ළහොත් පමණක් වන අතර ඇතැම් sellersලා මෙවන් buyersලාට භාණ්ඩ විකිණීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මෙවන් මුදල් නොගෙවීම් කීපයක් සිදුවීම ඇතැම් විට අපේ eBay ගිණුම සම්පූර්ණයෙන් වසා දැමීමට පවා හේතුවෙන්න පුළුවන්. එමනිසා ඔබ මිලදී ගන්න අපේක්ෂා කරන භාණ්ඩ වලට පමණක් bid කිරීමට වගබලාගත යුතුයි.

Bid කිරීම සඳහා භාණ්ඩයක් තෝරාගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
  • ඇතැම් භාණ්ඩ වල current bid එක ඉතා අඩු වුනත් එම භාණ්ඩය සඳහා ප්‍රවාහන ගාස්තු (shipping cost) පැවතිය හැකියි. එම නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ search result list එකේ ප්‍රවාහන ගාස්තුත් දැකබලා ගැනීමට Custom view වෙත ගොස් Show shipping cost යන්න ටික් කරන්න.
  • Auctions වෙතින් ඔබට භාණ්ඩයක් දිනාගෙන මිලදී ගැනීමට නම් Auction එක අවසාන වන තෙක්ම සිටිය යුතු වෙනවා. එමනිසා සැමවිටම Auction එක අවසාන වීමට ඉතිරි වී ඇති කාලය ගැන සැලකිලිමත් වෙන්න.
  • ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට හදිස්සි නම් search results list එක Time: ending soonest ලෙස sort කර ඉක්මණින්ම අවසාන වන භාණ්ඩයක් සඳහා bid කරන්න.
  • ඕනෑම Auction එකක current bid එක සීඝ්‍ර ලෙස වැඩි වන්නෙ Auction එක අවසාන වීමට පෙර අන්තිම විනාඩි කීපයේ බව මතක තබාගන්න. ඔබ bid කළ භාණ්ඩයක Auction එකෙහි අවසාන විනාඩි කීපය eBay අඩවියට පිවිස අවධානයෙන් සිටීමට වගබලාගන්න.
  • ඔබ මින් පෙර bid කර නොමැති නම් සාමාන්‍යයෙන් මිල අඩු භාණ්ඩයක් සඳහා මුලින්ම bid කර ඒ පිළිබඳ අත්දැකීමක් ලබාගන්න. ඔබේ දැනුමට ඔබේ අත්දැකීම්ද එකතු කරගත් පසු මිල වැඩි භාණ්ඩ වෙත යන්න.


ඔන්න එහෙනං අද කුප්පියත් ඉවරයි. සෑහෙන්න දිගයි නේද අද ලිපිය?  මොනාකරන්නද ඉතිං මේ ගැන කියන්න තියෙන දේවල් ඔක්කොම ටික කියන්න එපැයි. ඉතිං ඔන්න දැන් අපේ eBay කුප්පි මාලාවෙ භාණ්ඩ මිලදී ගැනීම (buying) ගැන syllabus එක නම් ගොඩක් දුරට cover වගේ.  තව මේ ගැන දැනගන්න ඕනා දේවල් එහෙම තියෙනවනම් කියන්න. එහෙමවුනොත් ඒ දේවල් කැටි කරලා ආයෙමත් කුප්පියක් දාන්නම්. eBay කුප්පි මාලාවෙ භාණ්ඩ විකිණීම ගැන syllabus එක තමයි ඉස්සරහට තියෙන්නෙ. ඉතිං ඒ දේවල් ගැන පුංචි බලාපොරොත්තුවකුත් ඔබේ හිතේ ඇතිකරලා අදට මේ ලිපිය නිමා කරනවා.

එහෙනං ඔබට ජයෙන් ජය! 


(මේ ලිපිය ලියන මොහෙතෙ මට නං ජය නෑ. පුංචි අකරතැබ්බයකට මුහුණ දීලා ඉන්නෙ. ගිය බදාදා වැඩ ඇරිලා කෝච්චිය අල්ලගන්න station එකට දුවද්දි වළලුකර ගාවින් කකුළ පෙරළුනා. ඊයෙයි පෙරේද‍යි දෙකේම වැඩට ගියෙ නෑ. දැන් මේ පත්තු බැඳගෙන ඇඳට වෙලා තමයි ඉන්නෙ.   මේ දේ ලිපිය මුලින් කිව්වෙ නැත්තෙ අසුභ දේවල් මුලින් කියන්න හොඳ නැති නිසා. මොනා කරන්නද... ජීවිතේ හැටි ‍ඔහොම තමයි නේද? )


103 යි ප්‍රතිචාර

caesars said...

Nicely written and easy to understand.

ධනික | Dhanika said...

@caesars
Thanks a lot for the 1st comment!

sorry.com said...

thanks boss.

Arana said...

eBay වල Bid කරනව වගේම bidhere වලත් Bid කරන්න පුලුවන්ද

Sahan Thathsara said...

ebay wala ape address confirm karanne kohomada...mama payment eka kalama ena email eke ..address eka issarahin unconfirmed kiyala wetenawa,...ai e?

Miniruwan said...

Thanks Dhanika... I was waiting for this one..

Get well soon..!!!

Kanishka said...

මෙතන පොඩ් ගැටලුවක් තියේ.. මම බලලා තියේ සමහර Auction වල අපි ගිහිං bid කරපු ගමන් automatically ඊට වඩා වැඩි ගානකිං බිඩ් වෙනවා.. මම කීප පාරක් bid කරලා බැලුවා.. ඒත් එමමයි.. මට නම් හිතෙන්නේ සමහරු buyerව රවට්ටනවා කියලා. අවශ්‍ය මිල එනකන් buyerව outbid කරාම හරිනේ.

ධනික | Dhanika said...

@sorry.com
Welcome boss. :P

@Ad.com
ඒ ගැන නම් හරියට දන්නෑ. හැබැයි online bidding systems හැම එකකම වගේ සිදුවන්නෙ මෙවැනි ක්‍රියාවලියක් තමයි.

@සංචාරක | Traveller
ඔය address එක unconfirmed කියලා සඳහන් වී තිබීම ගැටළුවක් කරගන්න එපා. Address එක confirm කිරීම අත්‍යවශ්‍ය නෑ. මේ ගැන වැඩිවිස්තර අවශ්‍ය නම් මෙතන බලන්න.

@Miniruwan
Thanks a lot machan!

@Kanishka | කණියා
ඔබ ලිපිය සම්පූර්ණයෙන් කියවලා නෑ වගේ. "Your max bid යන්නෙන් හැඟවෙන්නෙ කුමක්ද?" කියන කොටස නැවතත් කියවන්න.
අප bid කළ සැනින් automatically ඊට වැඩි ගානක් bid වී අපේ bid එක outbid වෙන්නෙ, අපට කලින් bid කළ කිසිවෙකු ඔහුගේ max bid එක ලෙස අප තැබූ bid එකට වඩා වැඩි අගයක් තබා ඇති විටයි. එවිට ඔහුගේ max bid අගයට වඩා වැඩි අගයක් අප bid කරන තුරුම අපේ bid එක outbid වීම සිදුවෙන්න පුළුවන්.

desh said...

Thanks a lot machan...keep it up...

admin said...

niyama lipiyak digatama liyanna

Kanishka said...

@ධනික
එල දැං තේරුනා සිද්ධිය :D

ධනික | Dhanika said...

@desh
Thanks a lot for your comment machan!

@Ruwan
බොහොම ස්තූතියි!

@Kanishka | කණියා
ඒකනේ... හරියට කුප්පිය දාගත්තානං තේරෙනවා... මීට පස්සෙ ළමයා මං කුප්පි දාද්දි නිදියගන්නෙහෙම නෑ හො‍‍ඳේ... හික්ස්! :P :P ;)

Anonymous said...

godak wadagath lipiya ita wada kakula hoda karan inna thankxxxxxxxxxxxxxxxxx!

RuwanDj said...

භාණ්ඩේට paypal මගින් pay කරන හැටිත් කිවුවනම් ඔ්කොම සම් පුර්ණයිනේ.. ඕකත් කොටලා දාන්න.

RuwanDj said...

ලංකාවේ තැපැල් විශ්වාස කරන්න බැරි හින්දා Fedex,DHL,UPS ගැනත් කියලා දෙන්න. එයාලා ගෙදරටම ආරක්ෂිතව ගෙනල්ලත්දෙන වනේ.

Unknown said...

eBay Auctions තුළ bid කරන්න පුළුවන් කාටද? කියන එකට උත්තරේ පොඩ්ඩක් වැරදියි වාගේ. සමහර sellersලා ඒ අයගේ බඩුවලට bid කරන්න දෙන්නේ මොකක් හරි මුදල් ගෙවන ක්‍රමයක් ebay account එකට connect කරල තිබුනොත් විතරයි. ඒක දාලා ඇත්තේ බොරුවට bid කරලා සල්ලි නොදී මාරු වෙන එක නවත්තන්න වෙන්න ඇති. පොඩ්ඩක් ඕක හොයලා බලලා කියන්නකෝ

Anonymous said...

ගොඩක් හොදයි අයියා .busy උනත් ප්ලුවන් ඉක්මනට අනිත් පොස්ට් එකත් දාන්න.

රන්දික කුලතුංග said...

ආයෙත් e-bay ගැන දැනුවත් කරලා පෝස්ට් දාන්න පටන් ගත්තු එක ගැන නම් ගොඩාක් සතුටුයි...ඔහොම යන්......ඔහොම යන්......

ධනික | Dhanika said...

@prabathw7
ඔබටත් බොහොම ස්තූතියි!

@Ruwan Dhananjaya
Paypal මඟින් pay කරන හැටි ගැන ඉතිං අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ. භාණ්ඩ විස්තරේ උඩ තියෙන Buy it now එබුවා, ඊට පස්සෙ Pay කරන්න Paypal username, password දුන්නා, confirm කරලා pay කරා එච්චරයි.
Fedex, DHL, UPS ගැනනම් ඉස්සරහට තව කියන්නම්.

@Chamika
ඔව්, ඒක මචං Auctions වලට විතරක් නෙමෙයි Buy it Now ඒවටත් පොදුයි. ඔය ඇතැම් sellersලා (ටිකක් ලොකු එක දෙන උන්) ඔවුන්ගෙ භාණ්ඩ මිලදී ගන්න දෙන්න (Auctions හෝ Buy it Now හරහා) buyerගෙ eBay ගිණුමට මොකක්හරි payment method එකක් සම්බන්ධ කරලා තියෙනවානම් විතරයි. ඒත් මෙතනදි මං ඒ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙන්නෙ පොදුවෙ. පොදුවෙ ගත්තම bid කරන්න එහෙම දෙයක් අත්‍යවශ්‍ය නෑ.

@මෝල්ඩර් ෆයිල්ස්
ස්තූතියි මල්ලි! හැකි ඉක්මණින් ලියන්නම්. :)

@රන්දික කුලතුංග
අහ්! නැවතිලා කියලද හිතං හිටියෙ? අනේ නෑ, දන්නැද්ද ඉතිං වෙලා තියෙන හැටියට එපැයි ලියන්න. :P

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ආයුබෝං කිව්වා ඕං... හරිම සතුටුයි ආයෙත් බ්ලොග් එක මතක් වුනාට. අපි බයෙන් උන්නේ බ්ලොග් කෙරුවාව අමතක වෙලාද කියලා. අළුත් ජොබ් එකට සුභ පැතුම් !!! කකුලත් ඉක්මනින්ම සුවවේවා කියලා පතන්නම්. ජයෙන් ජය !!!

ධනික | Dhanika said...

@චතුරංග පෙරේරා | chathuranga Perera
ආයුබෝං.. ආයුබෝං... අහ්! අපි එහෙම බ්ලෝග් කෙරුවාව අමතක කරන්නෑ... :P
අලුත් ජොබ් එකට පතපු සුභ පැතුමටයි කකුළ සුව වෙන්න පතපු ප්‍රාර්ථනාවටයි දෙකටම බොහෝම ස්තූතියි! ඔබටත් ජයෙන් ජය !!!:)

පුබුදු අලහකෝන් said...

Machan danuka Niyama Lipiyak Machan..Godak dewal Igena gaththa..

Mata dana ganna One Pita Rata Idan Badu Gennanna Puluwan Laba ma Method Eka Mokakda?Mama Ahala ThiyanaWa HKPOST Labai Kiyala.Eka Eththakda?

Unknown said...

Kuppi tika nam niyamai... Anywway LCD/LED TV ekak e bay eken geneema wasidayakada?

ධනික | Dhanika said...

@Pubudu
බොහොම ස්තූතියි මචං ප්‍රතිචාරෙට! ඒත් මම දනුක නෙමෙයි ධනික හො‍ඳේ.. ;)
පිට රට ඉඳන් ලංකාවට භාණ්ඩ ගෙන්වගන්න තියෙන ලාභම ක්‍රමයනම් ඉතිං සාමාන්‍ය තැපෑල තමයි. අනෙක් සේවාවන් හැම එකේම ගාස්තු ඊට වඩා වැඩියි.

@chathura
බොහොම ස්තූතියි! අනිවාර්යයෙන් ලාභදායී නම් ඇති. ඒත් එච්චර ලොකු භාණ්ඩයක් මීට කලින් ගෙන්වපු කෙනෙක් ඉන්නවද කියලා ටිකක් හොයලා බලන්න.‍ මේ ගැන හරිහැටි නොදැන කිසිදෙයක් නිර්දේශ කරන්න බැහැ.

sanju geemantha said...

Ayye mama Oyage Blog eka Okkoma kiyewwa.Oya kiyala thiyana widiyata. Sampath web card ekak hadagaththa.

Ayye WebCard Eka verify kalama Eke thiyana sheshaya pennanawada.

Ayye mama verify karala bux site ekakata mudaluth demma. Eth Sheshaya Paypal eke Pennanedda.

mama Paypal Gena Tikai danne

Madhawa Habarakada said...

මේ බිඩ් කිරිල්ල නම් මට වෙලාවකට එපා වෙනව, මම ඉතින් හුඟක් වෙලාවට buy it now ඒව තමා ගන්නෙ.
අර "You are being outbid" එකට මමත් දෙයක් එකතු කරන්නම්. ebay වල සිස්ටම් එකක් තියෙනව. අපිව outbid උනොත් automatically ආපහු bid කරන. අනිත් කෙනෙක් එහෙම කරල තියෙනව නම් අපි බිඩ් කරන වාරයක් පාසා ඒක එනව. ලිමිට් එකක් දීල ඒ ගාන වෙනකම් බිඩ් එක raise කරන්න කියල දාල තියන්න පුළුවන්. FF ඇඩෝන වලත් මෙහෙම ඒව තියෙනවද කොහෙද.
ලිපිය ඉතාම හොඳයි.
Training එකට සුභ පතනවා. කකුල ඉක්මනට සනීප වේවාත් පතනවා. මගෙත් එක පාරක් කැම්පස් එකේදි කකුල පෙරලිල දවස් 2ක් විතර ඇවිදගන්නවත් බැරුව හිටිය. :(

Hiran47 said...

යාළුවා: හරිම ලස්සනට, හරිම සරලව මේ ලිපි පෙල ලියල තියෙනවා. සෑහෙන වැදගත් වැඩක්... Thumbs Up!
දිගටම කරගෙන යන්න... ජය වේවා! :)

ධනික | Dhanika said...

@sanju
කාඩ් එක verify කරා කියලා කාඩ් එකේ ශේෂය Paypal ගිණුමෙ ශේෂය ලෙස පෙන්වන්නෙ නෑ. ඒ ගැන කරදර වෙන්න එපා.

නමුත් ඔබ හැදුවෙ Sri Lankan Paypal account එකක් නම් bux site වලින් හෝ කිසිම විදියකින් ඔබ වෙත එවන මුදල් receive කිරීමේ හැකියාවක් නෑ.

@Madhawa Habarakada
අයියා ඔය කියපු දේ මම ලිපියෙ විස්තර කරලා තියෙනවා "Your max bid යන්නෙන් හැඟවෙන්නෙ කුමක්ද?" යන ප්‍රශ්නය යටතේ. ඒක දකින්නැතුව ඇති මගෙ හිතේ.

හැම සුභපැතුමකටම බොහොම ස්තූතියි අයියෙ! ඒත් තාමත් මම ගෙදර ඉන්නෙ, තාම කකුළට බෙහෙත් කරනවා. :(

@Hiran47
බොහොම ස්තූතියි යාළුවා! ඔය වගේ ප්‍රතිචාර දැක්කම අවංකවම මාර සතුටක් දැනෙන්නෙ. :)

sanju geemantha said...

Ow ayye mama paypal hadala thiyenne Srilankan vdiyata.E kiyanne Ayye mama Bux Site ekakin paypal Ekata money withdraw kaloth e mudal Apita lebennedda.....

Mama Ebay Eken podi Buy Parak dannai heduwe...
Ayye mekata visaduma thiyanawada...E kiyanne Bux walin dana salli...Paypal ekata danna.

Anne Ayye Ikamnata pilithurak denna..

ධනික | Dhanika said...

@sanju geemantha
මං දීපු පිළිතුර කියෙව්වෙ නැද්ද? Sri Lankan විදියට Paypal account එක හැදුවනම් මුදල් receive කරන්න බෑ කියලා මම කිව්වනෙ. :P
මේකට සම්මත විසඳුමක් නම් නෑ. ඒත් USA හෝ UK විදියට Paypal account එකක් හදාගත්තොත් නම් මුදල් receive කරන්න පුළුවන්, හැබැයි ඒත් ඒ මුදල් අතට ගන්න බෑ. Online payments වලට වියදම් කරන්න නම් පුළුවන්. මේ ගැනත් මම ඉදිරියෙදි ලිපියක් ලියන්නම්.

Krishan Fernando said...

yaluwa ...thanks for ur blog.it's pretty clear.

apita aleartpay haraha ebay pay karanna widiyak nadda ??

Unknown said...

Hi machn, blogs tika ela..math me web card 1k dala awe. ebay eke 128GB pen 1k auction tiyenawa 30$ kata wge..ewat fake da machan echchara adu?uba gatta fake 1 wabe 128GB1kut tiyenawa...32$wage auction(1 hour more)bt, japan,5years warrenty,60 Day money back machan?
Sura(pera campus-2nd Yr)

Ranul Hashika Gomas said...

mama meken pita prashnayak ahanna thiyenawa.blog walata dana flag counter walin ekama pariganakayen keepawarayak giyama ewath count wenawada.thawa pahala thiyena singreesi bawithatyen liyapu akuru penawada.
පේනවද?

Ranul Hashika Gomas said...

thawa ekak oyage lipiya gana kiyanna bari wunane.ebay gana dana ganna hugak asawen hitiye. dan ekath hari.ela!!!internet money ganath lipi tikak liyanna.

fox said...

mama ebay gana hoya hoya hitiye.oyage campus eke senior aiya kenek thamai link eka dunne.oyage lipi tika patta.e wage wadagath sinhala lipi hoyaganna hari adui.harima amaruwen thami webcard eka gatte(adress eki id ekei case ekak nisa)hena kattak kala card eka gatta.ebay eken items 4k order kala.okkoma gedarata awa.ekak bid karalath baluwa.ekath awa.dan itin google androide 4n ekaka thamai meelanga target eka.habai medawaswala $ ekathu karanawa. August exam iwara wela thamai ganna balaporoththuwa.k thank v. much n keep posting such good things! JAYA -SRI : )

දගයා said...

Thanks... මචං මම සියලුම ලිපි කියෙව්වා. මෙච්චර කාලයක් eBay ගැටලුවක් වෙලා තිබුනෙ.
දැන් ඒකත් හරි.
එත් තව පුංචි ගැටලුවක් තියනවා.

මගේ e-Bay Account එක delete කරන්න පුලුවන්ද ?

premalal said...

ඔයගෙන් මට පොඩි දෙයක් දැනගන්න තියනවා.

මම ebay එකෙන් ram එකක් ගත්තා. saler කීවා ඒකට shipping වලදි වගකීමක් ගන්න බැ, ඕනි නම් full refund එකක් දෙන්නම් කියලා. මම හා කිව. මට paypal එකෙන් e-mail එකක් ආව full refund එක හරි කියල. මට දැනගන්න ඕනි ඒ මුදල මට ලැබෙන්නෙ කොහොමද ? කොච්චර විතර දවසක් යයිද ? කියලා.

අපි මේ විදියට ebay එක්ක ගනුදෙනු කරන්නෙ ඔයාගෙ ebay ලිපි මාලාව නිසා. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි !

premalalhpk@yahoo.com

රුවන් සම්පත් වික්‍රමතිලක - Ruwan Sampath Waickramathilaka said...

dear
mata dana ganna ona Ppaypal natuwa alart pay walinn khomada Payment karanne keyala poddakk e gana kewott odaii
thanks

thushan said...

maxxa bolg ekak continue karan yanna digatama all the best budy.lap top genna ganna nam kohoma da eka karanne

දගයා said...

මචං ධනික,
මම ගිය සතියෙ Sampath web card එකක් apply කලා. මගෙන් ගත්තෙ 2500/= විතරයි. අවුරැද්දක් ගියාට පස්සෙ 500/= ගෙවන්න ඕනෙ කිවුවා.

මාත් වැඩේට බහින්න යන්නෙ.
මචං මේ සේරම උබ නිසා තමයි. මේක නවත්තන්න එපා දිගටම කරගෙන පලයං.
ඉඩක් ලැබෙන හැම වෙලාවකම අලුත් දේවල් එකතු කරපං.
මගෙන් සුභ පැතුම්.....!

රෙහාන් said...

machan podi udawwak.. meka me lipiyata sambandha deyak nam neweyi.. eth api kohomada lankawe buyers la wen karala hoyaganne? ehema kramayak thiyenawada?

mohammed fawaz said...

man me okkama lipi tika kiyawalama cmnts ekak damu kiyala hithuwa.eththatama mara watina lipi tikak......meth ekkama kohamada items sells karanne kiyalath denuwath kara nam ekath watinawa....tnx

ANURA said...

ඉ-බෙ කඩෙ බඩු ගන්න විකුනන සියලුඩෙනා එකට එකතු කිරිම ඉතා හොද ක්‍රියවක් ඒ
වගෙම අපි අපි වෙනුවෙන් වෑඩ කෙරිමද කලයුතුවේ කුරුනෑගල චින්තක සහො. මට
සපොර්ට් කලා.ඒ වගෙම මෙම කන්ඩයමේ සිටියුතු කෙනෙක් තමා එස්. එල්, සොන් හි
මහේශ් අපි සියලුඩෙනා ලන්කාවේ උන් වෙනුවෙන් කලහකි උපරිමය කලයුතුවේ.
මගේ පොඩි අදහසක්
ඉ-බේ නීව් සෙලෙර්ස්ලට පරනසෙල්ස්ලා හෙල්ප් කරන්න පුලුවන්නම් කොතරම් හොදද
නෙව් සෙලෙර්ස්ලාගෙ item එකක් buyකරන්න . (feed back sadaha) lankawe api
apema kenekge list item gamu. may gena obe adahasa liyanna

priyantha guruge---

matugama

Unknown said...

‍බොහොම ස්තුතියි. මල්ලිට මේ දවස්වල දුරකතනයක් ගන්න හොය හොය හිටියේ. මේ ලිපිය නිසා ‍ගොඩක් ප්‍රයෝජනයක් වුනා. ඇත්තටම පේපැල් එක වෙරිෆයි කරගෙන බිඩ් කරලා එය දිනා ගන්න හැටි. දුරකතන ගෙන්විමේදි විදුලි සන්දේශ නියාමන කොමිසන් සබාවේ අනුමැතිය ලබාගෙන කරන්න ඔන කියන එක එහෙම වැදගත් දෙයක් දැනගන්න ලැබිම. ඔයාට පිං හොද පව්ලක් ලැබෙන්න ඕන...

LAKMAL said...

godak watina lipi pelak

Unknown said...

එල අයියා....නියමයි හොදේ...මෙගේන් සුබ පෑතුම් සමගින් ගොඩක් පින් කරන සෙවයට

osanda said...

niyama wadak......!!!!!!

mama ebay 1n genwapu bau wagayak custom 1n release kara ganna giyama ethana hitapu Custom Officer kiwwa,badu gennana kota ekama namin money send karanna epa kyla,api mehen onama ratakata karan payment 1 custom 1ta Link wenawa kwwa.ita passe kalekadi custom 1n ehema wadipura money send karana aya check karanawa kwwa.....So frnds,,,Mokakda meke aththa naththa....????

madu071 said...

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ......
ඒ උනාට ධනිකගේ සිතුවිලි වල තියෙනවාගගග

Dayan said...

ගොඩක් ස්තුතියි මේ කරන සේවයට...මමත් ගොඩක් නොදන්න දෙවල් දැන ගත්තා.....දිගටම කරගෙන යන්න සුභ පැතුම්........!!!

peace said...

දැනුවත් කිරීම ඉතාම වටිනව.
payment method වල
paypal - accepted / preferred කියන්නෙ මොකද්ද මචං?
ඒ දෙකේ වෙනස ?

දගයා said...

මම මුලින්ම ගන්නපු 4.1 USB hub එක අද තමයි මට හම්බ උනේ. සති 2 විතර ගියේ. කිසිම අඋලක් උනේ නෑ ගෙදරටම ආවා. රැ 130/= විතර උනේ.
කිසිම අඋලක් නෑ hub එක ගින්දර වගේ වැඩ.

Thanks.. මචං ධනික

Ramesh Lakruwan said...
This comment has been removed by the author.
Ramesh Lakruwan said...

මට මේක සෙට් උනේ Android ලිපිය දැකල. කිසි අවුලක් නැතුව Nike Jerseyයක් HK වලින් ගෙන්නුවා වෙබ් කාඩ් එකෙන්....... ඔඩර් කරලා දවස් 7 යි ගියේ !!
ලිපි ටික සෑහෙන අගය කල යුතුයි. ජය !!

Lasith said...

මචන් eBay එකෙන් ගෙන්නන එකක box එකේ size එක
Box Size: About 45 x 19 x 8cm
අව්ලක් වෙයිද?

UDAYANGA said...

mama bid kala .......ada balanakota mehema msg ekak thibuna.. "You're the highest bidder but the reserve price has not been met." Y MEHEMA WETENNE FRIEND................?

Unknown said...

අමාරැවෙන් යරි ලිපිය ලිව්වට ස්තූතියි.....!!

madhushanka said...

මචන් අපේ paypal ගිනුමේ මුදල් වෑඩි කර ගන්නෙ කොහොමද? ඒකට අපිට සම්පත් වෙබ් කාඩ් එකට සල්ලි එකතු කරන්න ඔනෙද?
eg:-
මට රුපියල් 40000 වටින බඩුවක් ගන්න කොට කොහොමට මගෙ ebay account එකට ගානක් add කරගන්නෙ කොහොමද?

madhushanka said...

HNB Visa International Debit Card කඩ්පතේ වාසි අවාසි
කුප්පිය නැද්දෝ

The HUMAN said...

ebay ගෑන මේ බ්ලොගයේ තිබුන සියලුම ලිපි මම කියෙවුවා... ඈත්තටම මට මේ සම්බන්ධව කිසිම දෑනුමක් තිබුනේ නෑ.ebay ගෑන තිබුන ගෑටලු ගොඩක් මේ ලිපි පෙල මගින් නිරාකරනය කරගත්තා...දෑන් මම ආසවෙන් ඉන්නේ ලබාගත්ත දෑනුම ක්‍රියවට නගන්නයි...මේ ලිපි පෙල ඉතාමත් සරලව,තේරෙන ආකාරයන් ලියපු ධනික සහෝදරයාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා...!ඔබට ජය... :)
(මේ ලිපි කියවන්න බ්ලොගයේ ලින්ක් එක ලබා දුන් facebook-technical සපෝට් page එකේ ලුචින සහෝටත් ස්තුතියි..!)

admin@bedtimestoriesandkids said...

mama illala sitinawa perch karapu ekak cancel karana widiha.e wagema buy karana piyawarwal tikai pala karala ilaga lipiya liyanna kiyala ikmanata

දිලීප said...

මේ අයියා ලිපිටිකනම් මාර විදියට වැදගත් උනා තෑන්කී.මේ Ebay එකෙන් බඩු අපිට විකුනන්නත් පුලුවන් නේද?විකුනන හැටිගැනත් පුලුවන්නම් ලිපියක් දාන්න.ඔබට ජය...!

Anonymous said...

HELP me.. man eye account1n mage 4n1 wikunanna heduwa. un kisima aulak nethuwa wikunanna lesthi una. salli illuweth ne. paypal pass1 witharai illuwe. eth ada ude baladdi mage account1 suspend????. mokada me? kohomada man goda enne?

The HUMAN said...

ධනික මිත්‍රයා.ඔබ ebay සම්බන්දව ලියා ඈති සියලුම ලිපි මම ආසාවෙන් කියෙවුවා.ඉතිං මම ඉස්සරලාම ebay එකෙන් ගත්තු භාණ්ඩය දවස් කීපයකට කලින් මට ලෑබුනා.ඒ පොඩි led torch එකක්.ඒ ගෑන විස්තර මම මගෙ බ්ලොග් එකේ දෑම්මා ( http://haripara.blogspot.com/2011/09/ebay.html )දෑන් මට කිසිම බයක් නෑතුව ebay එකෙන් ගනුදෙනු කරන්න හොද අවබෝධයක් තියනවා.ඊට මග පාදාදුන් ඔබට මාගේ ස්තුතිය.

නිලන්‍ත said...

ඔන්න ධනික මමත් ඔයාගේ මගපෙන්වීම අනුව පලවෙනි ebay භාණ්ඩය ඇනවුම් කළා. හැබැයි මම පාවිච්චි කලේ HNB Debit Card එකක්. හැබැයි Card එක Paypal එකට link කරන්න කලින් Card Center එකට කතා කරලා online payments සඳහා(ebay වැනි) Card එක active කරගන්න ඕනි. ඒ අය සාමාන්‍යයෙන් Card එක active කරන්නේ නිශ්චිත කාල සීමාවකට. ඒ කියන්නේ අපි කියන දවසේ අපි කියන කාල සීමාවකට. පැය 2-3 වගේ. ඒත් අපිට ඕනි නම් ඕනි වෙලාවක පාවිච්චිය සඳහා ස්ථිරවම Card එක active කරගන්නත් පුළුවන්. හැබැයි එතකොට අවදානම වැඩි බවත් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. නමුත් e-banking සේවය නිසා අපේ account එක ගැන නිරතුරුවම අවධානයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම ලොකු මුදලක් account එකේ නොදා ඉඳීමෙනුත් cyber හොරුන් ගෙන් වෙන හානිය අඩුකරගන්නත් පුළුවන්නේ. එහෙනම් බලමු තව සති 2-3ක්. මගේ රුපියල් 2000ට මොකද උනේ බලන්න. ඒවගේම ධනිකගෙන් තව ඉල්ලීමක් තියෙනවා. හැකිනම් Fedex, DHL වැනි corrie සේවා ගැනත් එක මේ ebay එක්ක පටලවා ගන්න විදිහ ගැනත් විස්තරාත්මක කුප්පියක් දාන්න. එක මම වගේ නොදැනුවත් අයට ලොකු උපකාරයක්‌. අවසානයේ ඔබට බොහොමත්ම ස්තුතියි.

Yasith said...

niyamaaaaaaae
lankawe kunuharpa,opadupa blog site wlin minissu winasa kranna hadana kale me wge wdagath dewal dnawata oyata kawadawat waradinna.

udara said...

meka gon prasnayakada manda? mata ebay eke search karanakota hambauna "Instant sale" kiyala ekak eke thiyena item wala gananam adui.eth eka gena hariyatata therenne ne.mata poddak help ekak denawada?

http://instantsale.ebay.com/?utm_source=ebay&utm_medium=link&utm_campaign=DCP

Network said...

Thank you very mach DHANIKA
JAYA !

sandaru.hack said...

godak ewage shiping tiyenne US witarane.lankawata genna ganna puluwan ewa witarak display wenna search settings hadanne kohomada?

udara said...

ebay eken purchase karanakota thawath ganak kapa gannawada $11.50 kiyanne samanyayen Rs kiyak withara wenawada?

නිලන්‍ත said...

ඔන්න ධනික වැඩේ හරි. මම Oder කරපු භාණ්ඩේ ගෙදරටම ආවා. කිසි අවුලක්උනේ නැ. Oder කරලා දවස් 6 කින් බඩු ගෙදර. ඔබගේ මේ ලිපි පෙළ සම්බන්ධයෙන් නැවතත් මගේ ස්තුතිය. පුළුවන් නම් ඊළඟ කුප්පිය දානකොට $50-60 ක කිලෝ 3-4 ක බඩුවක් ගෙනාවොත් මොකක් වෙයිද කියල පැහැදිලි කරනවද? ඔබට ජය.

රුවන් සම්පත් වික්‍රමතිලක - Ruwan Sampath Waickramathilaka said...

makzaaaaaaaa

Dewage said...

VERY GOOD ARTICLE.මම පොඩි අදහසක් දාන්නම් මම ඉන්නේ සෞදි අරාබියේ මම මෙහෙ ඉන්න අතරේ මොබයිල් කීපයක් ගෙන්වලා තියෙනවා අපි කරන්නේ direct shipping ගෙන්වන්නේ නෙතුව http://www.aramex.com මේ අය හරහා ගෙන්වනවා direct ගෙන්වනකොට $50 වගේ යනවනම් aramex හරහා ගෙන්වන්කොට $26 වගේ තමා වෙන්නේ මෙයාලගේ Item tracking service එකකුත් තියෙනවා එයාල දෙන tracking no, හරහා අපේ item එක කොඉහරියේද තියෙන්නේ කියල track කරන්ඩ පුළුවන් ලංකාවට එනකල්ම ලංකාවේ office එක තියෙන්නේ paliyagoda, try කරලා බලන්ඩ.

Anonymous said...

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබ‍්ඳ අපව දැනුවත් කරන ඔබට බොහොමත්ම ස්තූතියි.

මම යසික

Asanka said...

ගොඩාක් ස්තූතියි. ඔන්න මමත් වෙබ් කාඩ් 1 ගත්තා.

kandyangate said...

සොයුර
ඔබ කියා දුන් පරිදිම කටයුතු කරලා ඊයේ දින මම වෙබ් කාඩ් එකක් ගත්තා.ශ්‍රි ලාංකිකයන්ට මෙබඳු දේවල් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට ස්තූතිය පුද තරනවා.වැඩේ කරගෙන යද්දි මතු වන ගැටළු වලට ඔබේ සහාය ලැබෙයි කියා සිතනවා.

kandyangate said...

ඔබ කියා දුන් පරිදිම කටයුතු කරලා ඊයේ දින මම වෙබ් කාඩ් එකක් ගත්තා.ශ්රි ලාංකිකයන්ට මෙබඳු දේවල් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට ස්තූතිය පුද තරනවා.වැඩේ කරගෙන යද්දි මතු වන ගැටළු වලදි ඔබේ සහාය ලැබේ යැයි විශ්වාස කරනවා.

buddhika maduranga said...

මමත් පොඩි ටෝච් එකක් ඉල්ලුවා බලමු................

අමිෂ ගුණවර්ධන said...

සිරා මචන් උබේ මේ බ්ලොග් එක. මාත් නෙට් එකේ පොඩි ජොබක් කරලා සල්ලි වගයක් හොයාගත්තා. හැබැයි ඒ සල්ලි ගත්තේ alertpay account එකට. ලංකාවට paypal සල්ලී ගන්න බෑනේ. පස්සේ නෙට් එකේ හොයලා හොයලා සයිට් එකක් හොයාගත්තා www.technodiscount24.com කියලා. මම මේකෙන් බඩු ගෙන්න ගත්තා. නමුත් මේ ලගදි ඉදන් alertpay accept කරනේ නෑ.(මේකෙන් මගේ බඩටත් වැදුනා).නමුත් ඒ සයිට් එක තාම Moneybookers and Libertyreserve accept කරනවා.පස්සේ නෙට් එකේ හොයදී තාම දනුකගේ බ්ලොග් එක දැක්කේ.පස්සේ මාත් bid කරලා බඩු කීපයක්ම ගත්තා. ඒත් ඒවා ගතේ මගේ යාළුවෙකු මාර්ගයෙන් .පස්සේ සම්පත් වෙබ් කාර්ඩ් එක ගැන දැන ගතේත් මේ සයිට් එකෙන්ම තමා.මං වෙබ් කාර්ඩ් එකට අප්ලයි කරලා තියෙනේ. අර මම මුලින් ගත සියිට‍ එකට වඩා ebay හරි සක්‍රීයයි.ඉක්මනට ship කරනවා.ඉතින් මම මේ සටහන තිබ්බේ මමත් මේ බ්ලොග් ඒකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත නිසා.මේ විදියට දැනුම බෙදාගන්න එක ගොඩක් පින්...ඉදිරියටම කරගෙන්න යන්න..ජය වේවා... ඒ වගේම ඉදිරියේදී paypa සල්ලි receive කරන පහසුකමත් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

අසංක said...

ස්තුතියි ලිපියට නියම ලිපියක්

Lasitha Tharanga said...

Bill me later කියලා අලුත් option ඒකක් තිෙයනවා ඒ්ක ගැනත් ලිපියක් දාන්න පුළුවන්නම් වටිනවා

OVITIGALA said...

මම bid එකක් තියලා ටික වෙලාවක් ගියාම මට හිතෙනවා ම​ගේ bid එක අයින් කරගන්න ඕනා කියල. එහෙම කරන්න පුළුවන්ද? ඒක කරන්නේ කොහොමද?

Sameera Narasinghe said...

great work machan

Dega said...

ධනික අයියේ ඔයාගේ වැඩේ නම් ගින්දර මට පොඩි ප්‍රෂ්නයක් උනා මම ඊබේ එකෙන් ගෙන්න ගත්ත ඹරලෝසුවක් වැඩ කරන්නේ නැතුව ගියා එක පාරටම ඒත් ඒ වෙනකොට මම නෙගෙටිව් ෆීඩ් බැක් එකත් ඒ සෙලර්ට දීල ඉවරයි....මම ඊට පස්සේ ආයේ ඒ සෙලර්ට මේල් කලා ඒ සෙලර් 26 වෙනකන් නෑලු....අද මට ඊබේ එකෙන් මේල් එකක් ඇවිත් තිබ්බ මේ වගේ Do not respond to the sender if this message requests that you complete the transaction outside of eBay. This type of offer is against eBay policy, may be fraudulent, and is not covered by buyer protection programs අයියේ මට ආයේ බඩු ගන්න බැරි වෙයිද? ඇයි මෙහෙම වෙන්නේ.....! අනේ පුලුවන් නම් මේකට පිලිතුරක් දෙනවද?

Wijebandara said...

ධනික අයියගෙ සිතුවිලි නිසා මටත් e bay පිස්සුසව හැදුනා.ඔන්න ඉතින් අද මගෙ පලවෙනි භාන්ඩෙ ගෙදරටම ආවා.($1.99)හරියටම සති 2ක් ගියා.දැන් ඉතින් දිගටම බඩු ගන්නවා.(පිස්සු හැදෙන එවනෙ තියෙන්නෙත්)ධනික අයියට බොහොම ස්තුතියි.තවත් මෙවගෙ ලිපි ලියන්න ශක්තිය ලැබෙවා.

Wijebandara said...

ධනික අයියේ ඔයා කියපු විදියට මම eBay එකට සෙට් වුනා.කිසිම ප්‍රශ්නයක් උනෙ නැ.අද මගෙ පලවෙනි භාන්ඩෙ ($1.99) ගෙදරටම ආවා.හරියටම සති 2යි ගියෙ.eBay එකෙන් බඩු ගන්න බය වෙන්න ඔනි නැ. හරිම සරලයි.ධනික අයියේ ඔයාට බොහොම ස්තුතියි.

Amila4216 said...

ධනික අයියේ මේක නම් සිරාම වැඩක්, මම කුප්පි 7 ම කියෙව්වා. ebay, paypal ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියෙ නැති මම, දැන් ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔයාගෙ වටිනා කාලය අපි වෙනුවෙන් යෙදෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි.

rumesh said...

ayya simple data entry site gana dannawada.

Ishan iluka said...

ha ha dan nam goda aaaaaaaaaa

WWE said...

machan help me mama loku amaruwaka wetila inne ban paypal account ekk hadaddi eka site ekka tibuna Nationality eka malesiyan denna netnam eka lankawata set wenne ne kiyala sampath webcard eka link kalata pasee awulak nedda ban mokkda ban mama karanne mama { P T C } {BIDADVERTISER} karanne ban

WWE said...

machan help me mama loku amaruwaka wetila inne ban paypal account ekk hadaddi eka site ekka tibuna Nationality eka malesiyan denna netnam eka lankawata set wenne ne kiyala sampath webcard eka link kalata pasee awulak nedda ban mokkda ban mama karanne mama { P T C } {BIDADVERTISER} karanne ban

WWE said...

danika mage mole awul wela tiyenne website ekka tibuna paypal malesiyan detaila dala hadaganna one netnam salli widraw karanda be kiyala ahema case ekk tiynawada sampath webcard eka link kalata passee credit widraw karanna puluwanda please help me

WWE said...

danika mokada mata coment danda beri

Best TO Best Ptc Site said...

DHANIKA...............
.............. aiya mama ebay 1n gennapu phone 1k upset nisa a ye EMS haraka yawwa china walata. seller ta 1 hmbaunata passe aya Refund 1 dunne natnam kohomada Complain 1k danne. dan 1 buy karala 60days out. mama case 1k open kala. ebay 1n thamai kiwwe Returnd karanna kiyala. dan case 1 close. mokada karanna puluwan. help 1k denna,

Best TO Best Ptc Site said...

dhanika aiya mama ebay 1n gennapu phone 1k upset nisa a ye EMS haraka yawwa china walata. seller ta 1 hmbaunata passe aya Refund 1 dunne natnam kohomada Complain 1k danne. dan 1 buy karala 60days out. mama case 1k open kala. ebay 1n thamai kiwwe Returnd karanna kiyala. dan case 1 close. mokada karanna puluwan. help 1k denna,

Best TO Best Ptc Site said...

dhanika aiya mama ebay 1n gennapu phone 1k upset nisa a ye EMS haraka yawwa china walata. seller ta 1 hmbaunata passe aya Refund 1 dunne natnam kohomada Complain 1k danne. dan 1 buy karala 60days out. mama case 1k open kala. ebay 1n thamai kiwwe Returnd karanna kiyala. dan case 1 close. mokada karanna puluwan. help 1k denna,

Mana said...

මාර සෙට් එකක් නේ ඉන්නෙ මෙතන. මමත් eBay එකෙන් පොඩි පොඩි ඒවා ගෙන්නනවා. ඒත් මෙතන මට ඉගෙන ගන්න දේවල් තිබ්බා. ඒකට හැමෝටම පින්. මේ වෙනකන් අවුලක් නෑ. ඉස්සරහට වෙන්න තියෙන අවුලක් ලිහාගන්න විස්තර හොයද්දි තමයි “දනික” ඇතුළු ඔයාල ටික සෙට් වුනේ.

මගේ PayPal එක ලංකාවේ එකක්. Card එක Sampath Web Card. ගත්තෙ පොඩි පොඩි දේවල්. හැමදේම ගෙදරටම ආවා.

1. Buy ගැන තියෙන්නෙ එක ගැටළුවයි. My ebay  Purchases history එකේ More actions වල තියෙන “Cell one like this” වලින් මොකද වෙන්නේ?

ඉස්සරහට වෙන්න තියෙන අවුල මේකයි

2. PayPal වලින් සල්ලි ලබාගන්න අපේ රට Accept කරන්නෙ නැති නිසා සමහර අය කියනවා USA හෝ Malasian Account එකක් හදන්න කියල. එතකොට USA හෝ Malasia වල නිවැරදි ලිපිනයක් අපි දෙන්න ඕනද?
3. PayPal එකෙයි eBay එකෙයි ලිපින දෙකක් වුනාට අවුලක් නැද්ද?
4. එහෙම දුන්නත් ලිපිනය Verify කරන්නෙ කොහොමද?
5. අපි විකුණපු දෙයක් යවන්නෙ ලංකාවේ මොන ආයතනයක් හරහාද?
6. පාර්සල් එක අලවන්න කලින් එයාලට පෙන්නන්න ඕනද?
7. Buyer ට ඒක ලැබුණා කියල දැන ගන්නෙ කොහොමද?

අවුල් ජාලයක් නේද? ඒත් මේ ටික නොදැන කොහොමද SELL කරන්නනේ. “දනික සහෝ” හරි වෙන දන්න කෙනෙක් හරි මට පිහිටක් වෙනවද?

mgamage1979@gmail.com මේකට mail කරත් කමක් නෑ.

dhgate.com එකත් නියමයි. eBay වගේමයි. ගෙදරටම එව්වා. ඔයාලත් බලන්න.

Mana said...

මාර සෙට් එකක් නේ ඉන්නෙ මෙතන. මමත් eBay එකෙන් පොඩි පොඩි ඒවා ගෙන්නනවා. ඒත් මෙතන මට ඉගෙන ගන්න දේවල් තිබ්බා. ඒකට හැමෝටම පින්. මේ වෙනකන් අවුලක් නෑ. ඉස්සරහට වෙන්න තියෙන අවුලක් ලිහාගන්න විස්තර හොයද්දි තමයි “දනික” ඇතුළු ඔයාල ටික සෙට් වුනේ.

මගේ PayPal එක ලංකාවේ එකක්. Card එක Sampath Web Card. ගත්තෙ පොඩි පොඩි දේවල්. හැමදේම ගෙදරටම ආවා.

1. Buy ගැන තියෙන්නෙ එක ගැටළුවයි. My ebay  Purchases history එකේ More actions වල තියෙන “Cell one like this” වලින් මොකද වෙන්නේ?

ඉස්සරහට වෙන්න තියෙන අවුල මේකයි


2. PayPal වලින් සල්ලි ලබාගන්න අපේ රට Accept කරන්නෙ නැති නිසා සමහර අය කියනවා USA හෝ Malasian Account එකක් හදන්න කියල. එතකොට USA හෝ Malasia වල නිවැරදි ලිපිනයක් අපි දෙන්න ඕනද?
3. PayPal එකෙයි eBay එකෙයි ලිපින දෙකක් වුනාට අවුලක් නැද්ද?
4. එහෙම දුන්නත් ලිපිනය Verify කරන්නෙ කොහොමද?
5. අපි විකුණපු දෙයක් යවන්නෙ ලංකාවේ මොන ආයතනයක් හරහාද?
6. පාර්සල් එක අලවන්න කලින් එයාලට පෙන්නන්න ඕනද?
7. Buyer ට ඒක ලැබුණා කියල දැන ගන්නෙ කොහොමද?


අවුල් ජාලයක් නේද? ඒත් මේ ටික නොදැන කොහොමද SELL කරන්නනේ. “දනික සහෝ” හරි වෙන දන්න කෙනෙක් හරි සිංහලෙන් මට පිහිටක් වෙනවද?

mgamage1979@gmail.com මේකට mail කරත් කමක් නෑ.

dhgate.com එකත් නියමයි. eBay වගේමයි. ගෙදරටම එව්වා. ඔයාලත් බලන්න.

දිලාන් said...

මම පලමු වතාවට එකෙන් භාණ්ඩයක් විකුණුවා. මිලදි ගත් අය ඉන්නේ ඇමරිකාවේ, මම ඉන්නේ කටාර් වල.

1) එම භාණ්ඩය සාමාන්‍ය තැපැලෙන් යැවිම ප්‍රමාණවත්ද?
2) භාණ්ඩය යැවිමෙන් පසු Tracking number එක E bay වලට ඇතුලු කරන ලෙස සදහන් වෙනවා නේද? සාමානය තැපැලෙන් යවනකොට එහෙම Tracking number 1ක් ලබෙනවාද?

Suresh said...

Niyama wedak oya karanne Dhanika aiya!!!
Jaya pita jaya lebewa....

serpclixer said...

thanks bro me kiyala dena dewal walata...

mata podi aulak thiyenawa ayiye mama paypal account ekak haduwa bt country eka dunne malaysia kiyala. mata eka use karanna tikak withara bayayi. kiyala denna puluwanda ape rate indan kohomada valid paypal account ekak hadaganne kiyala?? plz loku udauwak....

ssjb said...

නියම ලිපියක් ස්තුතියි ලිපියට

Unknown said...

a

Unknown said...

mama bid karana ganama tawa kenek, a welawema bid karala tebunoth, ape dennatama a baduwa laebenawada?

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails