ඔබේ සිංහල බ්ලොගය/වෙබ් අඩවිය සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවන්න - SETT Unicode Decoder - තවත් නිර්මාණයක්...
ආයුබෝවන්! අද මං කියන්න යන්නෙ තවත් අපූරු නිර්මාණයක් පිළිබඳව. ප්‍රශ්නයක් අහලා ඉන්නද මුලින්ම? සිංහල බ්ලොග් ලියන අපිට තියෙන ලොකුම ගැටළුව මොකක්ද? ම්... අපි සිංහලෙන් බ්ලොග් ලිව්වට අපි ලියන ඒවා කියවන්න පුළුවන් අය, ඒ කියන්නෙ සිංහල යුනිකෝඩ් සහය ඇති පරිගණක තියෙන අය ලංකාවෙ තාම ඉන්නෙ ඉතා සීමීත පිරිසක් වීම, නේද?
මොකද ලංකාවෙ බහුතර පරිගණක වල තාම තියෙන්නෙ පෙරනිමි සිංහල සහය නොමැති Windows XP මෙහෙයුම් පද්ධතිය. ඉතිං සිංහල යුනිකෝඩ් ගැන කිසිම දෙයක් නොදන්න (දන්න අය ඉන්නෙ සාපේක්ෂව ඉතා සුළු පිරිසක්) සහ දැනගත්තත් එය ස්ථාපනය කරගන්නට ඕනෑකමක් නැති, අති බහුතර ශ්‍රී ලාංකීක සිංහලයන්ට අපි මේ සිංහලෙන් ලියන කියන දේ කියවීමේ හැකියාවක් නෑ. SETT Unicode Decoder, එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය නිර්මාණය වෙන්නෙ ඔන්න ඔය ගැටළුවට පිළියමක් වශයෙන්. (Update: නව නාමය: SETTdeco)
SETT යුනිකේත විකේතකයට පුළුවන් ඔන්න ඔය දේ කරන්න. SETT යුනිකේත විකේතකය කියන්නෙ සරලවම web widget එකක් හරහා සපයනු ලබන වෙබ් සේවාවක්. ඕනෑම කෙනෙක්ට පුළුවන් තමන්ගෙ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට මේ widget එක බොහොම පහසුවෙන් එක් කරගන්න. ඔබ ඔබේ බ්ලොගයට/වෙබ් අඩවියට මේ widget එක එක් කළායින් පස්සෙ, ඔබේ සිංහල අඩවිය ලෝකෙ ඉන්න ඕනෑම පාඨකයෙක්ට ඕනෑම පරිගණකයකින්* කියවන්න පුළුවන්. සරලයි පුදුමයි නේ?
දැන් ඔබේ හිතේ ඇත්තෙ මෙන්න මේ ප්‍රශ්නෙ නේද? මේ widget එක ඔබේ බ්ලොගයට හෝ වෙබ් අඩවියට එක් කර ගැනීමට මහ ලොකු පරිගණක දැනුමක් අවශ්‍ය නෑ. ඉතාම පහසුවෙන් මෙය කරගන්න පුළුවන්.
පහත දැක්වෙන්නෙ මෙම widget එක සඳහාම නිර්මාණය වුනු නිළ වෙබ් අඩවිය.
- SETT Unicode Decoder අඩවියෙ Get Widget කියන පිටුවට යන්න.
- එතැන ඔබට මෙම විජෙට්ටුව ඔබේ අඩවියෙ දිස් වන ආකාරය කැමති අයුරින් සකසා ගන්න.
(විජෙට්ටුව දිස් වන භාෂාව, වර්ණ තේමාව සහ විශාලත්වය වැනි දෑ වෙනස් කරගන්න පුළුවන්.) - විජෙට්ටුව දිස් වන ආකාරය ඔබ කැමති ලෙස සකසා ගත් පසු Get Code බොත්තම ඔබා විජෙට්ටුවේ කේතය (code එක) copy කරගන්න.
- මෙසේ copy කරගත් කේතය ඔබේ බ්ලොගයේ හෝ වෙබ් අඩවියෙ විජෙට්ටුව දිස් වීමට අවශ්‍ය ඕනෑම තැනක html අන්තර්ගතයක් ලෙස paste කරගන්න.
SETT යුනිකේත විකේතකය ඔබේ අඩවියට ඇතුලත් කළාට පසු වෙන්නෙ මේකයි. යම් පාඨකයෙක් ඔබේ අඩවියට පැමිණි විගස SETT විකේතකයෙන් පරීක්ෂා කරනු ලබනවා එම පාඨකයාගෙ පරිගණකය සිංහල යුනිකෝඩ් සඳහා සහය දක්වනවද නැද්ද කියලා. එම පාඨකයාගෙ පරිගණකයේ සිංහල සහය ඇත්නම් SETT විකේතකයෙන් අඩවියට කිසිඳු බලපෑමක් කරන්නෙ නෑ. නමුත් එම පාඨකයගෙ පරිගණකයේ සිංහල සහය නැත්නම් ඔබේ අඩවියේ ඇති සිංහල යුනිකෝඩ් අන්තර්ගතයන්, SETT විකේතකය මඟින් විකේතනය (decode) කර, නිසි ආකාරයෙන් පෙන්වනු ලබනවා.
පහත දැක්වෙන්නෙ සිංහල සහය නොමැති Windows XP පරිගණකක Firefox තුළ මේ සිංහල බ්ලොගය දිස් වන ආකාරය. (SETT විකේතකය අඩවියට ඇතුලත් කිරීමට පෙර)
පහත දැක්වෙන්නෙ සිංහල සහය නොමැකි එම Windows XP පරිගණකයෙන්ම SETT යුනිකේත විකේතකය අඩවියට එක් කළායින් පසු අඩවිය දිස් වන ආකාරය.
මෙතැනදි ඇති වාසිය මේකයි. ඉහත අවස්ථා දෙකේදීම පාඨකයාගෙ පරිගණකයේ කිසිඳු වෙනසක් නෑ. ඒ කියන්නෙ අපේ අඩවිය කියවීමට පාඨකයා අමතර කිසි දෙයක් කරන්න ඕනෙ නෑ. ඉතිං අපේ පාඨකයො සිංහල යුනිකෝඩ් ගැන දන්නවද නැද්ද, එය ස්ථාපනය කරගන්න හැටි දන්නවද නැද්ද කියන එක මෙතැනදි අදාළ වෙන්නෙ නෑ. මෙතනදි කළ යුත්තේ අපි, එනම් අඩවි කර්තෘවරුන් විසින් මෙම විජෙට්ටුව තමන්ගෙ අඩවියට ඇතුලත් කරගැනීම පමණයි.
මෙම විජෙට්ටුවෙ UI එක එහෙමත් නැත්නම් අතුරු මුහුණත ඔබේ අඩවියෙ දිස් වෙන්නෙ එකම ආකාරයට නෙමෙයි. එය දිස් වෙන්නෙ කොහොමද කියන එක ඔබේ පාඨකයාගෙ පරිගණකයේ සිංහල සහය තිබේද නැද්ද යන්න මත රඳා පවතිනවා.
සිංහල සහය ඇති පාඨකයෙක් නම් ඔහුට/ඇයට මෙම විජෙට්ටුව දිස් වන්නෙ මේ ආකාරයට. යම් පාඨකයෙක් මෙය ක්ලික් කළහොත් ඔහුව රැගෙන යන්නෙ මෙම විජෙට්ටුවේ නිළ වෙබ් අඩවියට.
සිංහල සහය නොමැති පාඨකයෙක් නම් ඔහුට/ඇයට මෙම විජෙට්ටුව දිස් වන්නෙ මේ ආකාරයට. යම් පාඨකයෙක් මෙය ක්ලික් කළහොත් ඔහුව රැගෙන යන්නෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගැනීම සඳහා උපදෙස් අඩංගු සියබස් අඩවියෙ සිංහල ගන්න යන වෙබ් පිටුව වෙත.
මෙමඟින්, මෙම විජෙට්ටුවෙන් සිංහල සහය නැති පාඨකයන්ට අපේ සිංහල අඩවිය කියවීමට පහසුකම සලසනවා වගේම, තවම සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගෙන නැති පාඨකයන්ට, එය ස්ථාපනය කර ගැනීම සඳහා පිටුවහලක් ලෙස ඒ පිළිබඳ දැනුම් දීමක් සහ අදාළ ස්ථාපන උපදෙස් වෙත යොමු කරවීමක්ද (link කිරීමෙන්) සිදු කරනු ලබනවා.
ඉතිං අද අප්‍රේල් 8 මගේ උපන් දිනේ දවසෙ මෙම SETT Unicode Decoder | SETT යුනිකේත විකේතකය ශ්‍රී ලාංකික සිංහල/දෙමළ සැම වෙනුවෙන් එළි දැක්වීමට හැකි වීම ගැන මට හරිම සතුටුයි. මෙය මගේ උපන් දිනය වෙනුවෙන් මගේ මව් රටට පිදෙන පුංචි තිළිණයක්. ඉතිං කොහොමනමුත් මේ වෙලාවෙ මෙම විජෙට්ටුවේ පරීක්ෂණ කටයුතු සඳහා මට සහය වුනු හිරන්ත, දිලීප, චතුංග, චාමික, මිනිරුවන්, කාවින්ද ඇතුළු මට සහය වුනු හැමෝටමත්, Wordpress බ්ලොග් සඳහා මෙය එක් කරගන්නා ආකාරය පිළිබඳ තිරපිටපත් සහ උපදෙස් සැපයූ ඉන්ද්‍රනාමටත්, facebook හරහා මෙම විජෙට්ටුව ගැන තොරතුරු බෙදාහදාගත් සැමටත් ස්තූතිවන්ත වෙන්න කැමතියි. තව දෙයක් කියන්න ඕනෙ. මෙය මගේ සරසවි ව්‍යාපෘතියක් එහෙම නෙමෙයි. හුදෙක් හිතට ආපු අදහසක් ක්‍රියාවට නැංවීමක් පමණයි.
ඉතිං ඔබත් ඔබේ සිංහල/දෙමළ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට මෙම SETT යුනිකේත විකේතකය එක් කරගෙන ඔබේ අඩවිය ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවන්න. මේ පිළිබඳව අන් අයවත් දැනුවත් කරන්න. අන්තර්ජාලය තුළ සිංහල හඬ නංවන්නත් සිංහල යුනිකෝඩ් පිළිබඳ දැනුම ප්‍රචාරය කරන්නත් ඔබේ අඩවියට එක් කරන මෙම විජෙට්ටුව එවිට ප්‍රයෝජනවත් වේවි.
මෙම විකේතකය පිළිබඳ ඔබේ අදහස් උදහස් යෝජනා සියල්ල මෙහි නිළ අඩවියෙ Comments පිටුවට එක් කරන්නත් ඔබට පුළුවන්. මෙම විජෙට්ටුව තව දුරටත් වැඩි දියුණු කිරීම සඳහා සහ තව තවත් මෙවන් නිර්මාණ බිහි කිරීමට ඔබේ ඒ වටිනා අදහස් උදහස් මට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
අඩවියේ ඇති ප්‍රතිචාර බලන්න:
ඔබට ජය!
෴
Update1: SETT යුනිකේත විකේතකය දැන් Firfox සහ Chrome වලට අමතරව Internet Explorer සඳහාද සහය දක්වයි.
Update2: SETTdeco හෙවත් SETT යුනිකේත විකේතකය ගැන විජය පරිගණක සඟරාවේ පළවෙයි...
.
හොඳ භාණ්ඩයක් වගේ. ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. අඩවිය පූරණේ වෙද්දි එන පොප්අප් දැන්වීම අයින් කලොත් තව හොඳයි.
නියමයි. උපරිමයි. ගොඩක් වැදගත් වැඩක්. බුද්ධාජීව අයිය කිව්ව වගේ පොප් අප් එක නැති කරන්න පුළුවන්නම් හොඳයි.
සුභ උපන් දිනයක් අයියේ......!
නියමයි මේක නම්... හොද විජෙට්ටුවක්.. ජය වේවා..!!
අමතක උනානේ.. සුභ උපංදිනයක් වේවා.. කේක් නම් ඉල්ලන්න බැ වගේ :D :D
එල කිරි ධනික අයියේ...මේක ගැන එදා මට ප්‍රවින් අයියා කිව්වා.මෂ් හිතුවේ නෑ මෙච්චර ඉකමනට මේක ඔයා නිකුත් කරයි කියලා.තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)
niyamai ado!
මේක අන්තර්ජාලයේ සිංහල බාවිතයේ එක් පෙරළිකාර සන්ධිස්ථානයක් කියලා හඳුන්වන්න කැමතියි.
සුබ පැතුම් මචං!!
niyamai aiya.oyage projects walata subapathanawa.mata mathakai o/l walin passe (2008) ekale katta kapu hati.sinhalen kiyawanna.ela ela keep it up
නියමයි අයියේ.මෙහෙම එකක් හැදුවට තැන්කිව් වේවා...මීට පස්සේ අපට අනේ යුනිකෝඩ් එක දාන්න කෝ කියල කිය කිය යන්න ඕන නැ...
උපන්දිනේලු නේද?සුභ උපන්දිනයක්!
වාව්... නියමායි කොල්ලෝ.... නියම වැඩක්...
සුබ උපන්දිනයක් කියන ගමන් ඉදිරියටත් මේ වගේ සුපිරි වැඩ කෑලි එලියට දාන්න ලැබේවා...!!!
කාටත් හරිම වටින විජෙට්ටුවක්නෙ...ඊයේ උපන්දිනේට මම නම් මුහුණු පොතට විශ් කළා..
අයියා ගෙ විජෙට්ටුව ටර්නිං පොයින්ට් එකක් වෙයි වගේ..
සුබ පැතුම් තව වරක්
ගොඩක් පිං මේක හැදුවට නම්...
සුභ උපන්දිනයක් වේවා...!!
ආයෙ මොනවද නියමයි තමයි...කේක් ඕන නෑ ඔය දීල තියෙන්නෙ ඇට්ටි හැලෙන්න කට්ටියටම :D
අඩේ මේක එලම එල වැඩක්.....
ඒ වගේම සුභම සුභ උපන්දිනයක් වේවා සහෝ!!!!!!!!
කියලා වැඩක් නෑ ධනික මලයෝ...
අවසානයි...!
කොහොම ස්තූති කරන්නද මන්දා...!
නියමයි සහෝ..!
සුබ උපන්දිනයක් වේවා...!
නියමයි කියන්නෙ නියමේටම නියමයි!
ela thama aiyya mara maxxxxxxxxxx wadek
`````[̲̅̅H̲̅][̲̅̅A̲̅][̲̅̅P̲̅][̲̅̅P̲̅][̲̅̅Y̲̅]**[̲̅̅B̲̅][̲̅̅I̲̅][̲̅̅R̲̅][̲̅̅T̲̅][̲̅̅H̲̅][̲̅̅D̲̅]..........
ලොල්ය.. සුබ උපන්දිනයක් වේවා... ඒ වගේම උපන්දිනේ වෙනුවෙන් ඔයැයි අපිට දුන්නු තෑග්ගටත් බෝම ස්තූති.. :D ඕන් මගෙන් තෑග්ගක්... මම මේක ශෙයාර් කරා.. :D
නියම වැඩක්, සෑහෙන්න වැදගත්
සුබ උපන්දිනයක් වගේම ... එලකිරි වැඩක් අයියා !!!
සුභ පැතුම්..!! ජයෙන් ජයම පතනවා..!!!
බොහෝම වැදගත් නිර්මාණයක් අය්යේ සුභපැතුම් ඉස්සරහට තවත් මේ වගෙ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා
ඒ වගේම සුබ උපන් දිනයකුත් වේවා : )
මේකනම් නියමම වැඩක්. කියන්න වචන නෑ. මේ වගේ දෙයක් හදන්න හිත ආපු එකම ලොකූ දෙයක්. ඇත්තටම බොහොම ස්තූතියි. මමත් මේක එකතු කරගන්නවා. බොහෝම ස්තූතියි.
පට්ටයි........එක කිරි වැඩක් !!!
එලම එල මැක්සා අයියා........
ඒ වගේම සුභම සුභ උපන්දිනේකට හදවතින්ම සුභ පැතුම්...!!!
ස්තූතියි මලයා...ඒ වගේම සුභ උපන් දිනයක් වේවා..!
මුලින්ම සහෝ... සුභම සුභ උපන් දිනයක් !!! 25 වෙන්න ඇති නේද ?
ඉතින්... මට මේ වැඩේ ගැන නම් කියන්න වචන මදි. තාම check කලේවත් නෑ. එළට ඇති කියලා හිතනවා. මාස 2 1/2 කට කලින් ඔයාගේ SETT බ්‍රවුසර් එක නිසා බ්ලොගින් වලට ආපු මම අද ඔයාගේ විජට් එක මගේම බ්ලොග් එකට දාගන්නවා. සෑහෙන සතුටුයි සහෝ... නියමයි...
අනිවා... මම මේක දන්න නොදන්න හැමෝටම කියනවා. එළම තමයි. මේ වගේ වැඩ නවත්තන්න නම් එපා. උඹ කවදා හරි මේ රටේ වෙනසක් කරයි කියලා මට හිතෙනවා. ඒ බලාපොරොත්තු නැති කරන්න එපා කොල්ලෝ.
එනම් ධනික සහෝ... සිංහලයට ජයවේවා... සුභ උපන් දිනයක් වේවා.
ප්‍රතිචාර එක් කරපු හැමෝන්ටම ස්තූතියි!
මෙම විජෙට්ටුවෙ නිළ අඩවිය ඉංග්‍රීසි භෂාවෙන් විතරනෙ මුලින් හදලා තිබ්බෙ. ඉතිං උදේ වරුවම ඒක සිංහලටත් හැරෙව්වා. දැන් ඔන්න මුළු අඩවියම සිංහල-ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කියවන්න පුළුවන්.
අනේ තරහා වෙන්න එපා. ඔය උඩ තියෙන ප්‍රතිචාර ඔක්කොටම එකින් එක ප්‍රතිචාර දක්වන්නම්. කැමති අය තරහා නැතුව විජෙට්ටුවෙ නිළ අඩවියටත් ප්‍රතිචාර දක්වන්න. ඒක මට සෑහෙන ශක්තියක්!
wow niyami nee
oya mulu sri lankawa tama cake dila thiyene oyage birthday ekata HAPPY BIRTHDAY aiya..
mara watinwa aiyaaa,thanks goadak..................
නියමයි මචෝ....... ඔන්න මාත් දැම්මා.
සිරා වැඩක්.. මේක නම් මාරම වටිනවා..
නියමයි අයියා...කාලීන ගැටලුවකට නියම විසඳුමක්....
නියමයි! අයියේ නියමයි! එක පැත්තකින් සිංහල ස්ථාපනය කරවන්න උනන්දු කරවන ගමන් අනෙක් පැත්තෙන් සිංහල නොපෙනෙන ප්‍රශ්නෙත් විසදනවා. මං හිතන්නේ ඕනෑම සිංහල/දෙමළ අඩවියකට අනිවාර්යෙන් එක්කළ යුතු ගැජැට්ටුවක්. බොහොම වටින නිර්මාණයක්! ජය වේවා!!
@budhajeewa
බොහොම ස්තූතියි මල්ලි!
ඒ pop-up msg එක එන්නෙ Test Widget එකේදි විතරයි. ඔන්න මං දැන් මගේ බ්ලොගයෙන් Test Widget එක අයින් කරලා හරි එක දැම්මා.
@සුදු මහත්තයා
ස්තූතියි! දැන් pop-up එන්නෑ. :D
@Bunny
ස්තූතියි! හෙ හේ... කේක් එක මේ විජට් එක කියලා හිතාගන්නකෝ... :D
@මල්$han
මේ අදහස හිතට ඇවිත් ටිකක් කල් මල්ලි, ඒත් ඉතිං දන්නැද්ද ටිකෙන් ටික කල්ගියා. පස්සෙ ඒ පාර තමයි හිතාගත්තෙ කොහොම හරි මගේ උපන්දිනේට කලින් හදලා එදාට කොහොමහරි launch කරනවා කියලා. ඉතිං ඔන්න ඒ දේ කළා. :)
@මුචලින්ද
ස්තූතියි ඩෝ...! :D
@Pravin Indranama
ස්තූතියි මචං! ඒ හැඳින්වීමටනම් මම ගොඩක් ගරු කරනවා මචෝ. ඇත්තටම ඒක ඒ විදියට උනොත් මට ගොඩක් සතුටුයි. :)
@fox
ස්තතියි! එහෙම තමයි නේ... මුලින් දණගාලා එපැයි නැගිටින්න... ඉපදිච්ච ගමන් නැගිට්ටොත් ඒකෙ කිසි ගතියක් නෑනෙ නේ... :P
@කුරුං ගුරුං
ස්තූතියි මල්ලි! ඔන්න ඕක තමයි මටත් මේක හදන්න තිබ්බ moral එක. ඔය ප්‍රශ්නෙ හින්දමයි මාත් කල්පනා කළේ අනිත් අයට සිංහල install කරගන්න කියලා කියනවට වඩා මේකට වෙන විසඳුමක් නැද්ද කියලා. ඉතිං කොහොමහරි යම් මට්ටමකට සාර්ථක විසඳුමක් හම්බුනා.
@චමිදේවා
ස්තූතිය මචෝ! අපිට තියෙන ප්‍රශ්න විසඳගන්න මේ වගේ වැඩ කෑලි නොහදා ඉන්න බෑනෙ... මොකෝ බිල් ගේට්ස් ඇවිත් අපිට හදලාදෙනවයෑ...? :D :D
@නීනු නෙරංජි
අහ්! ස්තූතියි නංගි! උපන්දින සුභපැතුමනං ඊයෙම දැක්කා. ඒකටත් ස්තූතියි! ඔව් නංගි මේක එහෙම උනොත්නම් මට සෑහෙන සතුටුයි.
@සෝරෝ
ස්තූතියි! ගොඩක් පිං ඔබටත් මට පිං අනුමෝදම් කළාට.
@hare :-)
හෙ හේ... ස්තූතියි යාළුවා!
@..ChAnDiKa..
ස්තූතියි ස්තූතියි! :)
@තිස්ස දොඩන්ගොඩ
අයියගෙ ප්‍රතිචාරෙ ලැබෙනකල් මං හැමදාම මඟ බලං ඉන්නවා කියලා දන්නවනෙ. බොහොම ස්තූතියි අයියෙ වචන ටිකට!
@හසී
ස්තූතියි සහෝ...!
@Hasitha ජයසූරිය
ස්තූතියි මචෝ!
@gayish2011
බොහොම ස්තූතියි මචං!
@සුළඟිල්ල | pinkie
ස්තූතියි සහෝ ශෙයාර් කරාට!
@DarKneT | ඉෂාර
ස්තූතියි!
@C0de BlUe
ස්තුතියි මල්ලි...!
@Lishan Puwakowita
බොහොම ස්තූතියි මචං!
@Manushan
ස්තූතියි මල්ලි! ප්‍රාර්ථනා හැම එකකටම ගොඩක් ස්තූතියි!
@අනුරාධ
ස්තූතියි සහෝ! ඇත්තටම ඒ ගැන නං මටත් ගොඩක් සතුටුයි!
@ෆැන්ටසි
ස්තූතියි මචං!
@෴ හසියා ෴
බොහොම ස්තූතියි සහෝ!
@මාරයාගේ හෝරාව
ස්තූතියි අයියෙ!
@චතුරංග පෙරේරා | chathuranga Perera
අහ් ස්තූතියි සහෝ! හපොයි 25ක් නෑ තාම 24 යි. :D
ඇත්තම කියන්නද... ඔයාගෙ කමෙන්ට් එක කියවද්දි ඇස් වලට කඳුළු ආවා සහෝ.
මතකද මං දවසක් කිව්වා රට වෙනස් වෙනකල් අපිට බලං ඉන්න බෑ, රට වෙනස් වෙන්න නම් අපි වෙනස්වෙන්න ඕනෙ කියලා? රට වෙනස් කරන එක එක්කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සහෝ, ඒකට අපි හැමෝම තමතමන්ගෙ ක්‍ෂේත්‍ර වලින් රටට ඉටුවෙන්න ඕනා යුතුකම් ඉටුකරන්න ඕනා. අපි හැමෝම එහෙම කළොත් විතරයි කවදහරි දවසක අපේ රට වෙනස් වෙන්නෙ. හැබැයි කවදාහරි එහෙම වුනු දාක අපිට ඒ වෙනසට හිමිකම් කියන්න පුළුවන් වෙන්නෙත් අද අපි අපේ යුතුකම් ඉටු කරලා තිබ්බොත් විතරයි.
සුබ උපන්දිනයක් වේවා මචං මේක පුදුම හිතෙන නිර්මාණයක් .. උඹ හැබෑ දක්‍ෂයෙක් මචෝ !
සුබ උපන්දිනයකට සුබ පතන ගමන්ම මේ වැඩේට හදවතින්ම ස්තූතියි කියනවා. ඇත්තටම සිරා වැඩක්.. මේක නම් මාරම වටිනවා..
හාමිනේ ගේ අයි-ෆොන් එකේ සෆාරි වලින් දැන් කතන්දර බලන්න පුළුවන්. වෙල් ඩන්. ස්තුතියි.
It works for Safari browser in iPhones. Excellent. Thanks.
Agree with Budhajeewa. Remove that pop-up.
ස්තූතියි. ඒ වගේම සුබ උපන් දිනයක්.
@ලහිරු රාමනයක
බොහොම ස්තූතියි මල්ලි! හි හි.. දැන් ඉතිං බදාගන්නැතුව කට්ටියක් එක බෙදාගෙනම කේක් කන එකයි ඇත්තෙ... :D
@සහන්
අහ්! එළ ස්තූතියි!
@Kanishka | කණියා
ස්තූතියි මල්ලි!
@Tishan Pubudu
ඔව් ඇත්තටම මේක තව සෑහෙන කාලෙකට කාලීන ගැටළුවක් වෙයි. මොකද Windows XP ට දීර්ඝ ආයු කාලයක් තියෙන බවයි පේන්නෙ ලංකාව තුළ. ඉතිං මේ ප්‍රශ්නෙ කාලයට බාරදීලා හිටියොත් හරියන්නෑ අපිම විසඳගන්නවා මිසක්.
@Shiroshan Randika
ඔව් ඇත්තටම මේකෙන් සිංහල යුනිකෝඩ් භාවිතය හැම පැත්තකින්ම ව්‍යාප්ත කරන්නයි මටත් ඕනැ වුනේ. සිංහල බ්ලොග් වලට පමණක් නෙමෙයි සිංහල විකිපීඩියාව වැනි සිංහල යුනිකෝඩ් මහා පරිමාණයෙන් භාවිත වන අඩවි වලටත් මෙය එක් වෙනවනම් හොඳයි.
@හිස් අහස
ස්තූතියි මචෝ! පුදුමයි ඒත් ඇත්තයි නේ...? :D
@roylyfernando
බොහොම ස්තූතියි අයියෙ!
@Kathandara
ෂහ්! මරුනෙ. අඩී සිරාවට මටත් අමතක වෙලා තිබ්බෙ මේක smartphones වලත් වැඩ කියලා. පොතේ හැටියට, CSS web fonts සඳහා සහය දක්වන ඕනෑම mobile web browser එකක මේ විජෙට්ටුව වැඩ කරන්න ඕනා. කොහෙද ඉතිං අපිට ඔව්වා නෑනෙ test කරලා බලන්නවත්. :P
And a very big special thank to you for the first ever confirmation comment on this post that my widget works well. No doubt on desktop browsers if you are confirming that it works even with a mobile browser. Thanks a lot!
Appreciate if you can confirm this on here also.
මචෝ . . . අද තමයි මම මේ පැත්තෙ ආවෙ. මමත් උඹේ විජෙට් එක එල්ලගත්ත. පුලුවං විදියට ෆීඩ් බැක් එකක් දෙන්නං . . . . .
නියමයි අය්යා
මේක නම් නියම වැඩක් දැං ඉතිං සිංහල යුනිකොඩ් ඔනෙ නෑ, තව එකක් සුභ උපන් දිනයක්......
maxa machan!
jaya wewaaaa
අගේ ඇති දවසක... අගේ ඇති වැඩක්... ගොඩක් ස්තූතියි මල්ලි ....
නියමයි! මගේ අවසන් වසර ව්‍යාපෘතියටත් මීට සමාන මෘදුකාංගයක් නිර්මාණය කරන්න අදහස් කර සිටිනවා. මේ වගේ දෙයක් ලබාදීම වෙනුවෙන් ඔබට ස්තූතියි!
එල එල තව තවත් මේ වගේ දෙවල් කරන්න ශක්තිය හා ධෛර්්‍ය ඔයාට ලැබනේන කියලා මම සුභ පතනවා.
එල එල..
මේක නම් හරිම වටින වැඩක් මල්ලී.
ලංකාවේ හැමෝටම උඹේ උපන් දිනේ දවසේ ලබා දුන් අගනා දායාදයක්.
තමන්ගෙන් රටට කෙරෙන්න ඕන යුතුකම් ඉෂ්ඨ කරන උඹලා වගේ තරුණයෝ අපේ රටේ හෙට දවස භාර ගන්න ඉතාම සුදුසු අයයි මල්ලී. . .
උඹේ උපන්දිනයක් අපි හමෝටම අමතක නොවන දවක් කලා මළේ උඹ. .
උඹට ජය
නියම වැඩක්!!
සුබපැතුම් සහෝ...........!
බොහොම ස්තුතියි සහෝ. අගනා නිර්මාණයක්. ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා...!!!
ජය වේවා....තව තවත් අළුත් වැඩ කරන්න නවමු අදහස් වලින් ඔය ඔළුව බර වේවා....
@ඕනයා
එළකිරි. Test කරලා බලලා feedback එකක් දියන්කො.
@Lahiru Udayanga
ස්තූතියි මල්ලි!
@කුක්කා
ස්තූතියි ස්තූතියි! සිංහල යුනිකෝඩ් ඕන්නෑ කියන්න එපා කුක්කො, සිංහල යුනිකෝඩ් නිසා තමයි අපිට මේ හැම සෙල්ලමම දාන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
@AmilaArt
ස්තූතියි මචෝ! ජයවේවා!
@සොඳුරු සිත
අගේ ඇති කමෙන්ට් එකටත් බොහොම ස්තූතියි!
@දසුන් සමීර වීරසිංහ
ස්තූතියි අයියෙ! ඕන දෙයක් තියෙනවනම් අහන්න. ඔයාගෙ ව්‍යාපෘතියටත් පුළුවන් හැටියට උපරිමයෙන් උදව් කරන්නම්. මේක test කරලා දීපු feedback එකටත් බොහොම ස්තූතියි!
@Asanka
ස්තූතියි සහෝ!
@Aruna liyanage
එල.
@දුකා
බොහොමත්ම ස්තූතියි අයියෙ! අපි හැමෝන්ටම තම තමන්ගෙ ක්ෂේත්‍රයෙන් රට වෙනුවෙන් ඉටු කරන්න පුළුවන් යුතුකම් තියෙනවා අයියෙ. අපේ රට ගොඩගන්න පුළුවන් හැමෝම එකතුවෙලා රට වෙනුවෙන් තමන්ගෙන් වෙන්නෝන යුතුකම් ඉටුකළොත් විතරයි.
@අහස් ගඟ
ස්තූතියි සහෝ!
@blog gadol
ස්තූතියි සහෝ, ප්‍රාර්ථනයට!
@ගීත් (සහෘදයා)
ස්තූතියි ස්තූතියි! අම්මෝ දැන්නං හොඳටම ඔළුව බර වෙලා තියෙන්නෙ. ඔයා කිව්ව ඒවයින්නං නෙමෙයි සෙමෙන් බරවෙලා.. :D (විහිළුක් කළේ හොඳද.. බොහොම ස්තූතියි ඒ අගනා පැතුමට...)
මේ කාලේ හැටියට වටිනාකම කියලා නිම කරන්න බැරි වැඩක් තමා අයියේ ඔයා කරලා තියෙන්නේ. මේ වගේ රත්තරන් අදහස් තව තවත් පහළ වේවා !!!
Well done Malli. Keep up the good work!
මචන් මේක දැම්මම ඔපෙරා මිනි වලින් සිංහල නැති උනාම ඉමේජ් හැටියට බලන එක නම් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා එහෙම කියවන්න පුළුවන් බ්ලොග් මේක දැම්මම කියවන්න නම් බැහැ
හැමදාම වගේ මේකට ප්‍රතිචාරයක් දාන්න නම් ටිකක් ප්‍රමාද උනා, මේකනම් කියල වැඩක් නෑ අයියේ, ඇත්තටම වටිනව :)
ස්තූතියි මල්ලි!!!
සිරා වෑඩක් මචන්...ගොඩක් වටිනවා..!!
බොහොම ස්තුතියි ධනික........ එලම එල වැඩක්............
100% ක් සිංහල හරියට පේන්නෙ නැහැ නේද ඕක දැම්මට......... කොහොම උනත් එල වැඩක්.......
@Hasitha
බොහොම ස්තූතියි මල්ලි! පැතුමට අනේකවාරයක් ස්තූතියි!
@Indika
Thanks a lot aiya!
@ම
බොහොම ස්තූතියි මේ අවුල ගැන කිව්වට! ඔන්න දැන් මං මේ අවුල හැදුවා. දැන් Opera Mini තුළදි SETT විකේතකයෙන් වෙබ් අඩවියට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ. ඒ නිසා දැන් ඉස්සර වගේම Opera Mini වල bitmap fonts වලින් සිංහල කියවන්න පුළුවන් වෙන්න ඕනෙ. පොඩ්ඩක් test කරලා බලලා තව මුකුත් අවුල් තිබ්බොත් කියන්න.
@Lasindu Nadishan
අයියෝ... පොඩ්ඩක් ප්‍රමාද වුනාට මොකද... අදහස් දැක්වීමනෙ වටින්නෙ. ස්තූතියි මල්ලි!
@චමිත්
ප්‍රතිචාරෙට ස්තූතියි අයියෙ!
@Durapix
බොහොම ස්තූතියි මචං!
@කල්හාර දිසානායක
ස්තූතියි! Firefox සහ Safari තුළදි 100% ක් හරියටම කිසිම අවුලක් නැතුව සිංහල පේනවා. IE සහ Chrome තුළදි සිංහල අකුරු විතරක් පේනවා, rendering තාම අවුල්. ඒ අවුල් ටිකත් ටික ටික හදාගෙන යනවා. ඉස්සරහට මේක පූර්ණ විසඳුමක් (complete solution) එකක් වේවි.
ඉතාමත්ම අගෙයි! මේක සිංහල යුනිකෝඩ් අඩවි තියෙන හැමෝම අගය කළ යුතු දෙයක් අතර සිංහල යුනිකේත භාවිතා කරන වෙබ් අඩවි සියල්ලම භාවිතා කල යුතු සම්මතයක් බවට පත් විය යුතුයි. මගේ සහ ලංකානෙට් ආයතනයේ අයගෙන් සුභ පැතුම්! නොසැලී ඉදිරියටම යන්න!
Opera 11 වලත් ටෙස්ට් කලා අව්ලක් නෑ,
එත් ටෙස්ට් එක Win07 වලදි තමා කලේ..
ගොඩක් ස්තූතියි සහෝ...
හරිම වටින විජෙට්ටුවක් !
ඇත්තටම ඉතා අනගි කර්තව්‍යයක්.. කියන්න වචන නෑ...
තව තවත් මෙවැනි නිර්මාණ කරන්නට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා !
මම ඔබේ විජට්ටුව අපගේ වෙබ් අඩවියකට ඇතුළු කරනු ලැබුවා. එහිදී මම පරීක්ෂණ කළේ ෆයර් ෆොක්ස් 4 සමග, එවිට සාර්ථක ලෙස වැඩ කළා. නමුත් මම ළගදී ෆයර් ෆොක්ස් 5 සමග අත්හදා බැලූවිට එය ක්‍රියා කලේ නැහැ. මට වෙනත් බ්‍රවුසර් මගින් මෙය පරීක්ෂා කලේ නම් නැහැ.
- ඔබට ස්තූතියි.
මගේ බ්ලොග් එකටත් දෑම්ම අය්යේ www.lattapattaweb.blogspot.com
html අන්තර්ගතයක් ලෙස paste කරගන්න" kiyana eka terenne ne ne...
(mage tiyenne "gossip lanka" format ekata hadapu blog ekak...)
Post a Comment