SETT යුනිකේත විකේතකය: Updates - දැන් Internet Explorer සඳහාත් සහය දක්වයි!

ආයු‍බෝවන්! SETT යුනිකේත විකේතකය ගැන කව්රුත් දන්නවා ඇතිනෙ දැන්. (දන්නැත්තං මේ ලිපිය කියවන්න.) මේ විකේතකය එළිදක්වන මොහෙතෙ එය 100% ක් නිවැරදිව සිංහල පෙළ (text) පෙන්වුවෙ Firefox සහ Safari තුළ පමණයි. නමුත් ඔන්න දැන් මේ විකේතකය Internet Explorer වලත් සාර්ථකව වැඩ! 


~ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ~ තෙවන වසරට පා තබයි . . . ෴



ආ‍යුබෝවන්! ඔන්න කියන්නත් සන්තෝසයි,  මගේ මේ හෙළ බ්ලොග් සටහනට අදට වසර දෙකක් සපිරෙනවා. ඉතිං මේ සටහන ලියැවෙන්නෙ අන්න ඒ දෙවර්ෂ පූර්ණය නි‍මිත්තෙන්. 

ඔබේ සිංහල බ්ලොගය/වෙබ් අඩවිය සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවන්න - SETT Unicode Decoder - තවත් නිර්මාණයක්...

ආයුබෝවන්! අද මං කියන්න යන්නෙ තවත් අපූරු නිර්මාණයක් පිළිබඳව. ප්‍රශ්නයක් අහලා ඉන්නද මුලින්ම? සිංහල බ්ලොග් ලියන අපිට තියෙන ලොකුම ගැටළුව මොකක්ද? ම්... අපි සිංහලෙන් බ්ලොග් ලිව්වට අපි ලියන ඒවා කියවන්න පුළුවන් අය, ඒ කියන්නෙ සිංහල යුනිකෝඩ් සහය ඇති පරිගණක තියෙන අය ලංකාවෙ තාම ඉන්නෙ ඉතා සීමීත පිරිසක් වීම, නේද? මොකද ලංකාවෙ බහුතර පරිගණක වල තාම තියෙන්නෙ පෙරනිමි සිංහල සහය නොමැති Windows XP මෙහෙයුම් පද්ධතිය. ඉතිං සිංහල යුනිකෝඩ් ගැන කිසිම දෙයක් නොදන්න (දන්න අය ඉන්නෙ සාපේක්ෂව ඉතා සුළු පිරිසක්) සහ දැනගත්තත් එය ස්ථාපනය කරගන්නට ඕනෑකමක් නැති, ‍අති බහුතර ශ්‍රී ලාංකීක සිංහලයන්ට අපි මේ සිංහලෙන් ලියන කියන දේ කියවීමේ හැකියාවක් නෑ. SETT Unicode Decoder, එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය නිර්මාණය වෙන්නෙ ඔන්න ඔය ගැටළුවට පිළියමක් වශයෙන්. (Update: නව නාමය: SETTdeco)

කොහොමද ඔබේ සිංහල බ්ලොග් අඩවිය නැත්නම් වෙබ් අඩවිය, සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි වුනොත් ?