~ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ~ තෙවන වසරට පා තබයි . . . ෴



ආ‍යුබෝවන්! ඔන්න කියන්නත් සන්තෝසයි,  මගේ මේ හෙළ බ්ලොග් සටහනට අදට වසර දෙකක් සපිරෙනවා. ඉතිං මේ සටහන ලියැවෙන්නෙ අන්න ඒ දෙවර්ෂ පූර්ණය නි‍මිත්තෙන්. 

2009 වර්ෂයෙදි තමන්ටම කියලා අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්තට පස්සෙ මේ සිංහල බ්ලොග්කරණයට මං පිවිසුනු හැටි, මීට හරියටම වසරකට කලින් අද වගේ දවසක, මේ බ්ලොග් සටහනට වසරක් සපිරුණු දා සටහනක් තැබුවා ඇතැම්විට කියවන්න ඇති. ඉතිං ඒ අතීත කතාව ආයෙමත් කියන්න යන්නෑ. ඒත් අද මේ ‍තෙවන වසර‍ට පා තබන දවසෙ එදා ඒ සටහන ලිව්වට පස්සෙ ගෙවුනු පසුගිය වසරක කාලය ගැන පුංචි හැරී බැලීමක් කරන්න කැමතියි.


බ්ලොග්කරණය තුළ පළමු වසර තුළදි මගේ අතින් ලියැවුනු ලිපි ගණන 50 ක් වුනත් දෙවන වසර තුළදි  ලියැවුනේ ලිපි 10 ක් පමණයි. ඒ අනුව අද මේ ලියැවෙන්නෙ මේ බ්ලොග් සටහනේ 61 වෙනි ලිපිය. දෙවැනි වර්ෂයේ ලිව්ව ලිපි ගාන පළමු වර්ෂයෙන් පහෙන් එකක් වීම ගැන නම් සෑහෙන්න දුකයි.  ඒත් ඉතිං මොනා කරන්නද, එන්න එන්න වයසට යනකොට ජීවිතේ වගකීම් වැඩිවෙනවනෙ, වගකීම් වැඩිවෙද්දි ඉතිං ජීවිතේ ටිකෙන් ටික පෙරට වඩා කාර්යබහුලත් වෙනවා.  ඒත් ඉතිං ලිපි ගාන පහෙන් එකකින් අඩුවෙන්න තරම් නම් මං තාම කාර්යබහුල නෑ. ඒ නිසා ඒ ගැන නම් පාඨක ඔබ හැමගෙන් සමාව අයදින්නම වෙනවා. 

ලියැවුනු ලිපි ගාන පහෙන් එකක් වුනාට පාඨක ප්‍රතිචාර නම් ‍එහෙම වුනේ නෑ.  මට මතකයි මේ බ්ලොගයට වසරක් සපිරුණු දා ලියපු ලිපියෙදි මං ගොඩක් සතුටු වුනා ලිපි 50 කට ඒ වෙද්දි Followersලා 140+ ක් සිටීම ගැන. නමුත් දැන් මේ වෙනකොට මුළු ලිපි ගාන 60 ක් වෙද්දි Followersලා 300 කටත් වඩා මේ බ්ලොගය වටා එක් රොක් වී හමාරයි.  ඉතිං ඔන්න ලොකු කමකට කියනවා එහෙම නෙමෙයි. මේ Followersලා ගාන ගැන නම් මට කියාගන්න බැරි තරම් අප්‍රමාණ අහිංසක සතුටක් තියෙන්නෙ. ඇත්තමයි!  මේ 300 දෙනා අතරින් සැබෑ ජීවිතේ මං දන්න කියන අය 20 ක් 30 ක් වත් නැතුව ඇති. මේ බහුතරය මාව දැකලාවත් නැති අන්තර්ජාලීය පාඨකයො. ඉතිං මගේ මේ සිංහල බ්ලොග් සටහන follow කරන ඒ පාඨක ඔබ හැමෝටම මං මේ වෙලාවෙ හිස නමා ස්තූතිය පුද කරන්න කැමතියි. 


ඒ වගේම තමයි මේ බ්ලොග් සටහන කියවන සහ ප්‍රතිචාර එක් කරන පාඨකයින්. වසරක් සපිරෙන දා Histat සංඛ්‍යාලේඛණ අනුව visits 10,000 කට සහ page hits 21,000 කට ආසන්න ප්‍රමාණයක් තිබුණු මේ බ්ලොගයට අද වසර දෙකක් සපිරෙද්දි visits 28,000 කට සහ page hits 77,000 කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. Blogger stats අනුව නම් පහුගිය මාස 10 යෙදි පමණක් page views 67,000ස් ගානක් තියෙනවා.  (බ්ලොගය ආරම්භයේ සිට සංඛ්‍යාලේඛණ සඳහා භාවිතා කරපු Histats එච්චර නිරවද්‍ය නැති හැඩයි.) ඉතිං කොහොම වුනත් ම‍ගේ ‍අතින් ලියැවුනු මේ ලිපි කියවපු ඒ තරම් ප්‍රමාණයක් පාඨක ඔබ හැමෝටමත්, තමන්ගෙ වටිනා කාලය වැය කරමින් ඒ ලිපි වලට ප්‍රතිචාර එක්කරන්නත් කෘතඥ වුනු පාඨක හැමෝන්ටමත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. 


ලියැවුනු ලිපි ගැන කතා කළොත් නම් පහුගිය වසර තුළ තාක්ෂණික ලිපි වලට සහ eBay සම්බන්ධ ලිපි වලට සීමා වුනු බවයි පේන්නෙ. ඒ ගැන නම් එතරම් සතුටක් නෑ. ඒත් මේ බ්ලොගය හරහා පළවුනු අපේ eBay උපකාරක ලිපි මාලාව නිසාවෙන් අන්තර්ජාලීය ගණුදෙනු වලට යොමු වුනු දහසකුත් ශ්‍රී ලාංකිකයන් ගැන හිතද්දි නම් සෑහෙන්න සතුටුයි. පසුගිය වසර දෙක තුළදි ඒ ලිපි මාලාව හරහා ලියැවුනේ eBay වෙතින් භාණ්ඩ මිලදී ගැනීම ගැන පමණක් වුනත් ඉදිරියෙදි eBay හරහා මුළු ලෝකෙටම භාණ්ඩ විකිණීම ගැනත් කියාදෙන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නෙ.


ඊට අමතරව මගේ පෞද්ගලික බ්ලොගය ලෙස, මෙය හරහා පසුගිය දිනවලදි ම'අතින් බිහිවුනු මෘදුකාංගමය නිර්මාණ පිළිබඳ පුවත් පාඨක ඔබ සැම වෙත ගෙන ඒමට හැකි වීම ගැනත් සෑහෙන්න සතුටුයි.

සිංහල/දෙමළ වෙබ් අඩවි පැහැදිලිව කියවිය හැකි එකම Android ගවේශකය වන SETT Browser පිළිබඳ පුවත ප්‍රථමයෙන්ම ඔබ වෙත ගෙන ආවේ මේ ‍බ්ලොග් සටහන හරහා බව ඔබට මතක ඇති. අද මේ වෙනකොට ඒ SETT Browser ගවේශකයේ බාගැනීම් සංඛ්‍යාව 1000 ත් පහුකරලා.  ඒ වගේම තමයි සිංහල/දෙමළ වෙබ් අඩවි හෝ බ්ලොග් සටහන් ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවිය හැකි ලාංකීය වෙබ් විජෙට්ටුව වන SETT යුනිකේත විකේතකය පිළිබඳ පුවත ප්‍රථමයෙන්ම ඔබ වෙත ගෙන ආවෙත් මේ බ්ලොග් සටහන හරහාමයි. කියන්නත් සන්තෝසයි ඒ පුවත ඔබ වෙත ගෙනැවිත් සති 3 කටත් අඩු කාලයක් ඇතුලතදි අද වෙනකොට ඒ විකේතකය සිංහල අඩවි 272 කට ඇතුලත් කරගෙන අවසන්.  (කලින් Firefox සහ Safari සඳහා පමණක් පූර්ණව සහය දැක්වූ මේ විජෙට්ටුව දැන් Internet Explorer සඳහාත් සහය දක්වනවා. නමුත් IE වල තවම rendering නම් අවුල්. ඒවා ඉස්සරහදි හැදෙයි. SETT යුනිකේත විකේතකයේ ඇති දෝෂ පිළිබඳ මෙතැනට ඇවිත් වාර්තා කරන්න කියලත් ඔබ හැමොන්ගෙන්ම ඉල්ලන්න කැමතියි.)

පසුගිය වර්ෂ දෙක පුරාම මේ බ්ලොග් සටහනේ ලියැවුනු ලිපි ගැන පුංචි සමාලෝචනයක් කළොත් වැඩිම ප්‍රතිචාර ලැබුනු ලිපි 10 මෙසේ දක්වන්න පුළුවන්:
  1. සම්පත් Webcard පත PayPal වෙත link & confirm කරන්නෙ කොහොමද? (eBay කුප්පි #3) - ප්‍රතිචාර 138
  2. මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ? (eBay කුප්පි #5) - ප්‍රතිචාර 109
  3. මං දිනුම්! - කියවන්න සබඳ මේ ජීවිතාන්දරය... - ප්‍රතිචාර 102
  4. eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1 - ප්‍රතිචාර 85
  5. ජංගම දුරකථනයෙන් සිංහල/දෙමළ වෙබ්පිටු පැහැදිලිව බලන්න - SETT Browser for Android - මාගේ කේවල ව්‍යාපෘතිය! - ප්‍රතිචාර 75
  6. eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු (eBay කුප්පි #6) - ප්‍රතිචාර 64
  7. ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග - Sampath Webcard (eBay කුප්පි #2) - ප්‍රතිචාර 63
  8. ඔබේ සිංහල බ්ලොගය/වෙබ් අඩවිය සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවන්න - SETT Unicode Decoder - තවත් නිර්මාණයක්... - ප්‍රතිචාර 62
  9. eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු! (eBay කුප්පි #4) - ප්‍රතිචාර 56
  10. පාප් වහන්සේ සහ ඉඳිකටු හිලෙන් ඔටුවෙකු රිංගවීම - Taboo ට පිළිතුරක් - ප්‍රතිචාර 47

ඉතිං මේ පා නගන තෙවැනි වර්ෂයේදිත් ඔබ වෙනුවෙන් තව තවත් ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා වගේම තව තවත් නිර්මාණ කටයුතුත් සිදුකරන්නත්, ඒවා ගැන මේ බ්ලොගය හරහා ඔබව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ කටයුතු හැම එකකටම ශක්තිය ලැබෙන්නෙ ඔබගෙන්. මොකද කිසිඳු ආර්ථික වාසියක් අපේක්ෂා නොකර මේ කරන නිර්මාණ කටයුතුත්, ලියැවෙන ලිපිත් ඔබ වෙනුවෙන් නිර්මාණය වෙන්නෙ, ලියැවෙන්නෙ හුදෙක් ඔබෙන් ලැබෙන ප්‍රතිචාර වල, අදහස් දැක්වීම් වල, ‍කොටින්ම කිව්වොත් ඔබේ වචන වල බලයෙන්. 

ඉතිං පසුගිය වර්ෂ දෙක පුරාම ඒ බලය මට ලබාදුන්නු, ‍එදා මෙදා තුර ලියවුණු සෑම ලිපියකටම සහ  ම'අතින් බිහිවුනු සෑම නිර්මාණ කාර්යයකටම ඔබේ වටිනා කාලය කැප කරමින් අදහස් එක් කරපු පාඨක ඔබ සියළුම දෙනාටම මගේ හදවතින්ම පිදෙන ගෞරවනීය ස්තූතිය නැවත වරක් හිස නමා පුද කර සිටින්න කැමතියි. ඔබේ ඒ නොමසුරු සහයෝගය ලැබෙන තුරාවට ඔබ වෙනුවෙන් යමක් කරන්නට මගේ කාලයෙන් බිඳක් සැමදාම වැය වේවි! එසේ කරනා තුරාවට ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts හෙළ බ්ලොගවකාශයේ සදා රැ‍ඳී තියේවි! ම'අතින් තව තවත් නිර්මාණ බිහිවේවි! එසේ සිදුවෙනා තුරාවට එහි ගෞරවය ඔබටම හිමි වේවි!!!

ස්තූතියි!


Post a comment
.

18 යි ප්‍රතිචාර

චමිදේවා said...

වසර දෙකක් පුරාවට බ්ලොග් අවකාශයේ ඉඳලා අන්තර්ජාලයට වටිනා දෑ එක් කල ඔබට තව තවත් එවන් දෑ එක්කරන්න ශක්තිය ලැබේවා...
ජය....!

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

වසර දෙකක් දෙකක් පුරා මේ බ්ලොග් එක හරහා ඔයා‍ගෙ දැනුම හුවමාරු කර ගත්තට ගොඩාක් ස්තූතී.. ඉදිරියට මීටත් වඩා කරගෙන යන්න පුළුවන් වෙන්න කියප ප්‍රාර්ථනා කරනව.. අපෙන් සුභ පැතුම්!

Tishan Pubudu said...

දිගු අනාගතයට සුභ පැතුම් අයියා.....හැමදාම වගේ අලුත් දේවල් කරන්න ලැබේවා....ධනිකගේ සිතුවිලි කියන්නේ මම කියවන හොඳම බ්ලොග් එක

ධනික | Dhanika said...

@චමිදේවා
බොහොම ස්තූතියි මුල්ම ප්‍රතිචාරෙට! ඔබ‍ටත් ජයෙන් ජය!

@Yohan Kanishka | යොහාන් කණිෂ්ක
ස්තූතියි! ඉදිරියෙදි මීටත් වඩා හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා.

@Tishan Pubudu
බොහොම ස්තූතියි මල්ලි! අවංකව අදහස් ප්‍රකාශ කළාට ඊටත් වඩා ස්තූතියි! ඔය වගේ ප්‍රතිචාර දකිද්දි මාර සතුටක් දැනෙන්නෙ. :)

@හුදකලා යාත්‍රිකයා
අහ්! අපේ eBay කුප්පි ටික නේද? ඉන්නකො මං තව ලියන්නම්කො. ස්තූතියි ප්‍රතිචාරෙට! :)

Anonymous said...

අවුරැදු දෙකක් ලිව්වා වගේ ඉදිරියටත් ලියන්න ලැබේවා කියලා මම සුභ පතනවා.

~ChAnDiKa~ said...

තවත් දිගු කාලයක් බ්ලොග් ලියන්නට ශක්තිය ලැබේවා!!!! සුභ පැතුම් සහෝ!!!

Thanoja Rajapaksha said...

සුභ පතනවා හදවතින්ම තව තවත් දැනුම ලබන්නටත් ලද දැනුම බෙදන්නටත් අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබ අදහන ධර්මයේ බලයෙන් නිරතුරුවම ලැබේවා කියලා පුතා... :)

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

මුලින්ම සුභ පැතුම් සහෝ... අමුතුවෙන් සුභ පතන්න දෙයක් නෑ. හැමදාම ඔයාට අපේ සුභ පැතුම් තියෙනවා.

ධනික සහෝ... මේ බ්ලොග් එක මටත් සෑහෙන්න වැදගත්. මොකද මමමත් බ්ලොග්කරණයට ආවේ අහම්බෙන් ඔයාගේ බ්ලොග් එකට ආපු නිසා. ඒ නිසා මට තවත් සතුටුයි.

අනෙක් කාරණය, මම කලිනුත් කිව්වා වගේ ඔයා අපේ හෙල බ්ලොග් කලාවේ පෙරලියක් කළ, ඉදිරියට ඊටත් වඩා දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. අපි වගේ පාඨකයෝ ඔය ගැන තියලා තියෙන ඒ දැවැන්ත බලාපොරොත්තුව අමතක කරන්න එපා. මගේ ආදර්ශවත් බ්ලොග් කරුවා තවත් ඉදිරියට යනවා දකින එක තමයි අපේ සතුට. මොනවා වුනත් උඹ අපේ එකෙක් නේ බං.

හදවතින්ම සුභ පතමි. ඉදිරියටත් ලග රැදෙමි...

හෙලයට ජය. අභිමානවත් හෙළ පුතුන්ට ජයෙන් ජය !!!

අලුත් කොල්ලා | The New Guy said...

සුභ පැතුම් මචන්...දිගටම හොඳ දේවල් ටිකක් කරමු.

ඔය යුනිකෝඩ් විකේතකය ගූගල් ක්‍රෝම් වලට සපෝට් කරන්ඩ හදන්ඩ බැරිද?

Hasitha Gunasinghe said...

පෝස්ට් වැඩිය නොලිව්වත් ඔයා ලියලා තියෙන පොඩ්ඩෙන් වුණත් වෙලා තියෙන සේවය විශිෂ්ඨයි. තවත් දිගු ගමනකට සුභ පැතුම් අයියා !!!

කෙෂාන් විදුරංග said...

එළ එළ අයියේ දිගටම ලියමු සුභ පැතුම්

ධනික | Dhanika said...

@Nadun
බොහොම ස්තූතියි!

@..ChAnDiKa..
ස්තූතියි සහෝ...!

@තනෝජා රාජපක්‍ෂ
බොහොමත්ම ස්තූතියි ආන්ටි! හැමදාස ආන්ටිගෙ වචන මට ලොකු ශක්තියක් වුනා වගේ මේ වචන ටිකත් මට සෑහෙන්න ලොකු ශක්තියක්. ස්තූතියි!

@චතුරංග පෙරේරා
ස්තූතියි සහෝ! තව කෙනෙක්ට මේ සිංහල බ්ලොග්කරණයට පිවිසෙන්න මගේ මේ බ්ලොග් සටහන පිටුවහලක් වුනා නම් ඒ ගැන මට සෑහෙන්න සතුටුයි! :)

අර කිව්ව බලාපොරොත්තු මට කවදාවත් අමතක වෙන්නෑ සහෝ. ඒ ගැන බය වෙන්න එපා. මගේ මව් රටට මගෙන් ඉටුවිය යුතු යුතුකම්, මම කවදා කොතැනක හිටියත් මට අමතක වෙන්නෙ නෑ. ඒක සහතිකයි!

@අළුත් කොල්ලා
ස්තූතියි මචං! Linux, Mac වල නම් Chrome වල 100% ක් වැඩ. Win XP වල තාම Chrome වලදි rendering අවුල්. ඒත් සිංහල අකුරු ටික පේනවා. මේ එක එක OS වලදි එක එක browsers ක්‍රියා කරන්නෙ එක එක විදියට. පිස්සු හැදෙනවා හැම එකටම හරියන්න cross-OS & cross-browser supported development එකක් කරන්න ගියාම. :P
දැනට තියෙන අවුල් තව ඉස්සරහදි හැදෙයි. ඉවසං ඉන්නකො. :)

@Hasitha
ඔව් ඒ ගැන මට ගොඩක් සතුටුයි! ස්තූතියි මල්ලි!!

@කෙෂාන් විදුරංග
ස්තූතියි මල්ලි!
(දෙවන තෙවන අවුල ඔයාටම පස්සෙ වැටෙහෙන්න ඇති නේ?)

Dhanushka Gunasinghe's Hard Code said...

නියමයි ධනික,ධනිකගේ සිතුවිලි වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත, ඉදිරියටත් ජය

Kanishka said...

සුබපැතුම්.. දිගටම මේ ‍වගේ ලියන්න ශක්තිය ලැබේවායි පතනවා :)

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මගේ උණුසුම් සුභ පැතුම් !!!

රොබින් said...

සුබ පැතුම් මිත්‍රයා. බ්ලොග්කරණයට ඔබ කර ඇති සේවයත් විශිටයි. අගය කරනවා.

shiwantha said...

i have no word's to thanks you. however your service to srilanka is excellent

sleh4 said...

machan mata podi deyak danaganna one.meken ahanna bari deyak.call karanawada 077 950 3800

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails