පුංචි රැගක්....
හැමෝම මගේ ජීවිතාන්දරේ කියවන්න ඇතිනෙ. ඊට ප්‍රතිචාර දක්වමින් මට සුභපතපු සහ මාව දිරමත් කරපු සියළුම දෙනාටම මුලින්ම මම ආයෙත් ස්තුතිවන්ත වෙනවා. ඒ ලිපියෙ ප්‍රතිචාර දැක්කමයි මටත් හිතුණේ අපි නොහිතුවට අපේ ජීවිත කතාවකින් තමන්ගෙ ජීවිතේට යමක් ලබාගන්න කී දෙනෙක් ඉන්නවද කියලා. මම ආයෙත් කියන්නෙ ජීවිතේ මොනම වැටීමකින්වත් සැලෙන්න එපා. වැටෙන්න වැටෙන්න නැගිටින්න. ඒ වැටීම් වලින් නැගිටිනකොට අපිට ලැබෙන පන්නරය අපේ ජීවිතය ජය ගන්න අපිට ගොඩක් උදව්වෙනවා. මං හිතන්නෙ මමත් මගේ ජීවිතේ ජයගත්තෙ ජීවිතේ යම් කාල වලදි සිදුවුණ වැටීම් වලින් නැගිටීමේදි ලැබූ පන්නරය නිසාමයි කියලා. ඔබ සැමදෙනාටමත් ජීවිතේ ජය ගන්න මං හදවතින්ම සුභ පතනවා.
ඒ ලිපිය අවසානයෙ මං කිව්වනෙ අපේ CSE Department එකේ වැඩ සඳුදා පටන් ගන්නවා කියලා. ඔන්න ඉතිං අර කැම්පස් ආපු මුල් කාලෙ වගේ dress codeඩුත් ගහගෙන ගියා අද. ඇත්තමයි අද නිකං කැම්පස් එකට ගියෙ හරියට අලුත් කැම්පස් එකකට යනවා වගේ. එච්චරට සතුටුයි. උදේ අපිව Department එකට පිළිඅරගෙන පුංචි පුංචි දේශන වගයක් තිබ්බා. ඒ වැඩ ටික නම් ඉතිං 12 විතර වෙද්දි ඉවර උනා.
ඔන්න ඊට පස්සෙ තමයි අපේ CSE එකේ අයියල අක්කලා ටික අපිව පිළිගත්තෙ. දන්නවනෙ ඉතිං කැම්පස් එකේ අයියලා අක්කලා මල්ලිලා නංගිලව පිළිගන්න විදිය. සාමාන්‍යයෙන් ඉතිං රැගක් දෙද්දි video එකක් ගන්න හම්බෙන්නෙ කලාතුරකින්නෙ. මගේ phone කට්ටෙ පිහිටෙන් අද මට ඒ වගේ වැඩක් කරගන්න පුළුවන් උනා. මේවට රැගක් කියලා කිව්වොත් අපේ අනෙක් කැම්පස් වල කට්ටිය මට හිනා වෙයි.
මේක මේ රැගක්ම නෙමෙයි, අයියලා අක්කලා පොඩ්ඩක් නංගිලා මල්ලිලා එක්ක සුහද වෙන්න කරපු දෙයක් විතරයි හොඳද? (ලංකාවෙ සමහර කැම්පස් වල තියෙන ඇත්ත රැග තියෙන්නෙ මීට ගොඩක් එහා... අපේ ඉතිං එහෙම රැගක් නෑනෙ..)
(වීඩියෝ එක නම් එච්චර quality නෑ.. මගේ phone කට්ටෙන්නෙ ගත්තෙ.. ගණන් ගන්නෙපා හොඳේ..)
Video එක play වෙන්න දාලා මේ ටික කියවන්නකො. සින්දුව අහන ගමන් මේ ටික කියවලා ඉවරකරන්න. සින්දුවෙන් පසසෙ තියෙන්නෙ රැග. බලන්නම ඕනා ඒ ටික. හිනාකාලා මැරෙනවා. සින්දුව ඉවර වෙච්ච ගමන් තියෙන එක නම් මිස් කරගන්නම එපා හොඳේ. අපේ මනූගෙ 101011010112 බැනිල්ල!
අෆොයි අද මුලින්ම රැග් උනේ මාව. (ආයෙ කියනවා, මේක මේ රැග කිව්වට රැගක් නෙමෙයි හොඳේ..) අපේ උන් ටික ඉතිං සින්දුවක් කියන්න කිව්වොත් මුලින්ම බිල්ලට දෙන්නෙ මාව තමයි. අයියෝ Freshers' Day එකට සින්දුවක් කියලා මං කොරගත්ත වින්නැහියක් තමයි ඒ. අවුලක් නෑ ඉතිං batch එකේ නම බේරගන්නත් එක්ක ගිහින් සිංදුවක් [මේ නිහඬ බව බිඳින්න..] කිව්වා.
මීට කලින් මං ගයපු සිංදු මේ බ්ලොග් සටහනේ දැම්මත් මං වාදනය කර කරම ගයපු සින්දුවක් දාන්න බැරි උනා මයෙ හිතේ. ඕං අද එහෙනම් බලාගන්න.
(අදහස් ලියලා යන්නත් අමතක කරන්නෙපා..)
පස්සෙ වෙන උන් ටිකක්ව නටවන්නත් මට සිංදුවක් [මල් පිට මල්..] කියන්න උනා. සිංදු දෙකක්ම කියපු හින්දා ආයෙ වෙන දේවල් වලට මාව බයිට් උන්නෑ. මං ඔක්කොම phone එකෙන් video කළත් ඒකට මුකුත් අවුලක් උනෙත් නෑ. හැබැයි ඉතිං ඔහොම වීඩියෝ කර කර ඉන්න ගිහිං ආයෙමත් පොඩ්ඩක් (Dress code ගහන් හිටපු නැති) අපේ එකෙක්ගෙන්ම බයිට් උනා. උගේ රැගට දීලා තිබ්බෙ මාව බයිට් කරන්න. පොඩ්ඩක් බලන්නකො video clip එකේ 10:50 විතර.
එහෙනම් වැඩි කතා ඕන්නෑ. පොඩ්ඩක් හිනාවෙන්නත් එක්ක බලන්නකො මේ වීඩියෝ එක. කට්ටියට බලන්න පුළුවන් විදියට edit කරලා තියෙන්නෙ. ටිකක් දිගයි. හැබැයි හොඳට හිනාවෙන්න පුළුවන්. වෙලා තියෙන වෙලාවක බලන්න. (Time line එකේ ඔනෙම තැනක් select කරලා බලන්න. එතන ඉඳං buffer වෙලා පෙනෙයි. ඕක මේ blogger ගේ videos වල තියෙන පොඩි වාසියක්.)
අද දවසෙ අපි කරපු දේවල් වල සේයාරූ ටිකක් බලන්න කැමති නම් මගේ මූණුපොතේ මෙන්න මෙතනින් නරඹන්නත් පුළුවන්...
෴
011010000110100100100000011001100111001001101111011011010010000001101101011000010110111001110101 2
@manu
එළ එළ මනු... උඹ එදා නියෙමෙට ඔය 10101111 101011112 බැනිල්ල කරා ආ... නියමයි! :D
එහෙමද සී එස් කට්ටිය බනින්නේ? හරි ශෝක් නේ..
@deeps
මේ එන්නෙපා CS එකට මුකුත් කියන්න හරිද... 101110101010 01010101001111011011 110100100110100112 හරිද? X-|
එල එල
අර මැදදි අයියා කෙනෙක් කියන්නෙ මොකක්ද "අපි හැමෝම #$^&%$$%^ බලනවා " කියලා
මේ මොකක්ද 10101111 101011112 Binary ද
@මනුශාන්
ඒකනෙ මල්ලි, මිනිහට රැගට දුන්නෙ වැල් ගැන (ගස්වැල් ගැන) කතාකරන්න.. මිනහා වෙන මොනවද ගැන කියවන්න ගත්තනෙ... :D
ආ මේ 01101012 කතාවද? මේකනෙ මල්ලි ඉතිං CS කරන අපේ මුළු ජීවිතේම යන්නෙ 1 0 වලින්නෙ. ඉතිං ඔය අපේ මනුවයි (මනුරංග) තව කෙල්ලෙකුයි ඔය එදා 1 0 වලින් බැණ ගත්තා.
හොඳටම තද උනාම තමයි 2 එක එළියට පැන්නෙ.. (හරියට සිංහලෙන් බනින කොට සුද්ද සිංහල පයිනවා වගේ.. හික්ස්!) :D
අපටත් රැග් එකට දුන්නා ඔය බැණගැනිල්ල. :D
හැබැයි ඒකෙදි එකෙක් බයිනරි වලින් බණිනකොට අනිත් එකා හෙක්සා වලින් බණින්න ඕනා... මාරම ආතල්. :D :D :D
හික් හිහ් හී
@ශාකුන්තල
ආ ඇත්තද... හෙක්සා වලිනුත් බැන්න නම් පට්ටම ආතල් ඇති නේ... අපේ මනුවට මේ බයිනරි වල කුණුහරුපයක් ('2') පිටවුනානෙ.. නැත්තං තව ටිකක් වෙලා ආතල් එක ගන්න තිබුණා... :D :D
@මනුශාන්
:D :D :D
ඔව් මට ඇහුණා කට්ටිය දෙක නෑ, දෙක නෑ කිය කිය කෑ ගහනවා. :D
@ශාකුන්තල
හි හි... ඇහුණද? :D
[මේ 2 නෑ කිව්වෙ බයිනරි වල 2 නෑ කියලා හොඳේ.... ;) :D ]
අපිටත් එහෙනම් ලබන සඳුදට මේ ආනිසංසම තමා :D
@ඉශාන් තිළිණ
අහ්! මල්ලි CS select ද? එළ එළ සුභපැතුම්!
වරෙන්කො සඳුදට... දෙන්නම් උඹලට... :D (බොරුවට ඈ)
Post a Comment