SETT Browser සිංහල/දෙමළ ජංගම වෙබ් බ්‍රව්සරය mBillionth South Asian Mobile Awards 2011 හී දී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි ෴

ආයුබෝවන්! මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ තවත් එක් ජයග්‍රහණයක් ගැන නම් නෙමෙයි. මේ මගේ ජීවිතේ මෙතෙක් මා ලද සුවිශාලතම ජයග්‍රහණය. මේ වර්ෂය මුලදි මවිසින් නිර්මාණය කර එළිදැක්වූ SETT Browser for Android නම් සිංහල/දෙමළ ‍ජංගම දුරකථන වෙබ් බ්‍රව්සරය පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි හී පැවැත්වුනු mBillionth South Asian Mobile Awards 2011 නම් දකුණු ආසියානු සම්මාන උළලේදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුනා. මේ ලිපිය ලියැවෙන්නෙ එම ලද ජයග්‍රහණය පිළිබඳව.


mBillionth 2011 ජයග්‍රාහී සම්මානය

ඉන්දියාවේ Digital Empowerment Foundation නම් පදනම මඟින් වාර්ශිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල සඳහා මෙවර රටවල් 7 කින් නාමයෝජනා 200 ක් ඉදිරිපත් වී තිබුණා. මේ අතුරින් 137 ක් ඉන්දියාවෙන්ද, 19 ක් ශ්‍රී ලංකාවෙන්ද, 16 ක් බංගලාදේශයෙන්ද, පකිස්ථානයෙන් සහ නේපාලයෙන් 6 බැගින්ද, ඇෆ්ගනිස්ථානයෙන් සහ භූතානයෙන් 1 බැගින්ද ලෙස ඉදිරිපත් වී තිබුණා.


මේ අතරින් අවසාන වටයට තේරී පත් වුනේ නාම යෝජනා 52 ක් පමණයි. එම 52 ට ඉන්දියාවෙන් 36 ක් සහ ශ්‍රී ලංකාවෙන් 6 ක් ඇතුලත් වුනා.


මෙම අවසාන 52 අතුරින් ජයග්‍රාහී සම්මානලාභීන් බවට පත් වුනේ නාමයෝජනා 32 ක් පමණයි. මෙම 32 අතර රැ‍ඳෙමින් mBillionth South Asian Mobile Awards 2011 සම්මාන උළෙලේ ජයග්‍රාහී සම්මානලාභියෙකු වන්නට මට හැකියාව ලැබුනා.

mBillionth 2011 ජයග්‍රාහී සම්මානය හිමිකරගත් මොහොත

SETT Browser සඳහා ජයග්‍රාහී සම්මානය නිවේදනය කළ වීඩියෝ පටය

mBillionth 2011 ජයග්‍රාහී සම්මානය සහ සහතිකය සමඟින්

mBillionth 2011 ජයග්‍රාහකයින් සියල්ල

ජයග්‍රාහී සම්මානය ලබාගත් පසුව මා විසින් කළ කෙටි කථනය ජාත්‍යන්තර සභාවක් හමුවේ මා විසින් කරන ලද ප්‍රථම කථනය වුනා. ඉතා කෙටි කථනයක් වුවත් එමඟින් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ හොඳ ප්‍රතිරූපයක් ගොඩ නඟන්නට සුළුවෙන් හෝ මට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව නම් සෑහෙන්න සතුටුයි.


mBillionth 2011 ජයග්‍රාහී සම්මානය හිමිකරගැනීමෙන් පසු මා විසින් කළ කෙටි කථනය




m-Inclusion නම් කාණ්ඩය යටතේ SETT Browser සඳහා මා ජයග්‍රාහී සම්මානය හිමි කරගනිද්දී m-Infrastructure කාණ්ඩය යටතේ ශ්‍රි ලංකාවේ Etisalat ආයතනය Appzone සඳහාත්, m-Travel & Tourism කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවේ Mobitel ආයතනය MTicketing සඳහා ජයග්‍රාහී සම්මාන හිමි කරගත්තා.

අවසාන වටයට තේරුණු 52 අතුරින් ශ්‍රී ලංකාවේ Etisalat ආයතනය, Mobite ආයතනය සහ මම ජයග්‍රාහී සම්මාන හිමි කරගනිද්දී, ශ්‍රී ලංකාවේ තරිඳු දසනායක Word Puzzle සඳහා සහ ‍ෆාත්හි මොහොමඩ් Cheer your team සඳහා අවසන්වට (finalist) සම්මාන හිමි කරගත්තා.

mBillionth හි නිර්මාතෘ ඔසාමා මන්සාර් සහ ශ්‍රී ලංකාවෙන් mBillionth වෙත ගිය පිරිස

මෙම සම්මාන උළෙලට සමගාමීව එදින දවස පුරා පැවති mBillionth Innovation Haat නම් ප්‍රදර්ශනයේදී මාගේ SETT Browser නිර්මාණය පිළිබඳව ලොවටම කියන්නත් මවිසින් ආරම්භ කරන ලද Bhasha Language Services & Solutions ආයතනය නිළ වශයෙන් එළිදක්වන්නත් හැකියාව ලැබුණා.


mBillionth Innovation Haat හි මාගේ ප්‍රදර්ශන කුටිය


ඒ අතරවාරයේදී ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් ඉදිරියේ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටින්නත් අවස්ථාවක් උදා වුනා. ඒ Mint නම් අන්තර්ජාල රූපවාහිනී නාලිකාව ඉදිරියේයි.

ප්‍රථම වරට ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවකින් මා හා සම්මුඛ සාකාච්ඡාවක් පැවැත්වූ නිවේදිකාව

ඉතිං මේ ලැබුණු ජාත්‍යන්තර සම්මානය මගේ ජීවිතේ ලොකුම ලොකු ජයග්‍රහණයක්. රටවල් 7 කින් ඉදිරිපත්වුනු නිර්මාණ 200 ක් අතුරින් ජයග්‍රාහී සම්මානයක් හිමි කරගැනීමත්, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකථන සේවා සැපයුම් ආයතන දෙකක් වන Etisalat සහ Mobitel ආයතන වලට හිමි වුනු සම මට්ටමේ ජයග්‍රාහී සම්මානයක් හිමිකරගැනීමට හැකි වීමත් ගැන සෑහෙන්න සතුටුයි.


ඊටත් වඩා එදින සම්මාන උළෙලේදී ජයග්‍රාහී සම්මාන හිමි කරගත් ලාබාලතම ජයග්‍රාහකයා වන්නත් එකම කේවල ජයග්‍රාහකයා වන්නත් ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඉතිං මේ ජය සතුට සමරන මොහොතේ මගේ දිවි ගමනට අත්වැලක් වුන මගේ දෙමාපිය සොයුරු සොයුරි නෑ හිත මිතුරන් වගේම ඔබ හැමෝටමත් ඉත සිතින් මාගේ ස්තූතිය පුද කරන්න කැමතියි.

ඔබ සැමට ස්තූතියි!



.

104 යි ප්‍රතිචාර

Sanjaya සිතුවිලි said...

සුබපැතුම් .... මල්ලි , තවත් මෙවැනි දේවල් කරන්න ,,ශක්තිය ..ලැබේවා....

Isura Nirmal said...

සුභ පැතුම් ධනික අයියෙ. මේ වගේ නිර්මාණ ඉදිරියේදිත් දායාද කරන්න ශක්තිය ධෙර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව!

Unknown said...

සුභ පැතුම් සහෝ... ජයෙන් ජයම වේවා..

Anjula Malshan said...

අඩේ.... තව මේවගේ ඒවා කරන්න සුබපැතුම්

Unknown said...

සුභ පැතුම් ධනික අයියෙ.

චමිදේවා said...

සතුටුයි සහෝ බොහොම සතුටුයි...!!
තවත් ඉදිරියට යන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා...!

CBTBlogger said...

හරිම සතු‍ටුයි අයියේ, අපිත් එක්ක ඉන්න සිංහල බ්ලොග් කරුවෙකුගෙ ජයග්‍රහනය ගෑන.හදවතින්ම සුභ පතනව අයියේ,.....................

ඉදිරියටත් මේවගේ නව නිපයුම් කරන්න හැකියාව හා ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව....!!!!!

Narada said...

සුභ පැතුම්, මචං සහෝදරය!

Kanishka said...

wow, මගෙන් උනුසුම් සුබපැතුම් :)
සතුටුයි සතුටුයි :)

තිස්ස දොඩන්ගොඩ said...

"හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ..."

දෑ හිතකාමි ලක් පුතෙක් මෙබඳු සම්මාන ලැබීම බොහෝ අගනාය..

මගේම දරුවෙක් සම්මානයක් ලද්දා වැනි සතුටක් බුක්ති විඳිමි..

ජයවේවා මල්ලී..!

Unknown said...

සුභ පැතුම් :)

gayathra said...

සුබපැතුම්! ජයවේවා! :)

Buddhi said...

මේ වගේ නිර්මාණ ඉදිරියේ දිත් සාර්ථකව නිර්මාණය කරන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

සුභ පැතුම් ධනික අයියේ!

Lishan Puwakovitage said...

උපරිමයි..! ඉදිරියටම යන්න ජය ශක්තිය ලැබේවා..!

පූසා said...

සුභ පැතුම් අයියේ....
ශ්‍රී ලාංකිකයෙක් හැටියටත් සිංහල බ්ලොග් කරුවෙක් විදිහටත් මේ වගේ දේවක් දකින කොට පුදුම සතුටක් ඇතිවෙන්නේ :)
තව ඉස්සරහට මීටත් වඩා විශිෂ්ඨ නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)

පොතේ ගුරා said...

සුබපැතුම් සහෝදරයා,ලංකාවටම ආඩම්බරයක්.. :)

Kalum Meshantha Fernando said...

congratulations machoo....great!!!

kotuwegedara.com said...

සුභ පැතුම් හදවතින්ම. සතුටුයි කියලා නිමකරන්න බැරි තරම්.

Jay said...

බොහොම සතුටුයි.. හදවතින්ම සුභ පතනවා මල්ලි..!
:)

ItalyDilan said...

සුභ පැතුම් මලේ

ශාකුන්තල | Shaakunthala said...

සුභ පැතුම්, ධනික.... :)
උඹට වරදින්නෙ නෑ කොල්ලෝ.... බොහෝම සන්තෝෂයි ජාත්‍යන්තරව ලබපු මේ ජයග්‍රහණය ගැන.

Buru Babe said...

ධනික හින්දා තමයි ඇත්තෙන්ම මම අදටත් බොහෝ බ්ලොග් කියවන්නේ. ඔයා හින්දම තමයි මම හිතන්නේ ඇන්ඩ්‍රොයිඩ් මට මේ ත‍රම් ෆැමිලිය උනෙත්.
බොහොම සතුටුයි මල්ලි.
සුභ අනාගතයක්...

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

elakiri

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

බොහොම සතු‍ටුයි මචන්
ඉදිරියටත් මේවා ගේ නිර්මාණ කරන්න.. ජය

රන්දික කුලතුංග said...

ඔබේ ජයග්‍රහනය ගැන මම හදවතින්ම සුබපතනවා සහෝදරයා.තව ඉදිරියට ගොඩාක් දේවල් කරන්න හැකියාව ලැබේවා.....!!!!

Stzjxfpun said...
This comment has been removed by the author.
Unknown said...

congrats ayya all the very best!

ෆැන්ටසි said...

සුභ පැතුම් අයියේ .....සුභ අනාගතයක්!!

smedia said...

සුභ පැතුම් සහෝදරයා !! we PROUD OF U

Unknown said...

උනුසුම්‌ සුබපැතුම්...

Deeps said...

සුභ පැතුම් අයියේ!!

Rachintha Jayawardhana said...

අඩෝ ධනිකයා, ජය වේවා මචං!

තීර්ථ යාත්‍රිකයා said...

සුභ පැතුම් ධනික,හුඟාක් සන්තෝෂයි මේ ගැන.ජය...

Anonymous said...

සුභ පැතුම්..!!

චේජනා said...

ඉතසිතින්ම සුබ පැතුම්!

Sanj said...

සුභ පැතුම් !

The HUMAN said...

ඔබ ලෑබු මේ ජයග්‍රහනය, තවත් මෙවෑනිම ජයග්‍රහන රෑසක් ලෑබෙන්නාවූ ජය මාවතක ආරම්භයම වේවා...!

අරවින්ද චන්ද්‍රපද්ම said...

සුබ පැතුම් ධනික. ඇත්තටම ඔබ ගැන අපි ආඩම්බර වෙනවා.

hare :-) said...

චහ්.. මාර සන්තෝසයක් දැණෙන්නෙ... මොනව වුණත් උඹ හෙන කාලෙකට කලින් පටන්ගත්තු ගමනෙ මේ තවත් එකම එක සන්ධිස්ථානයක් විතරයි. මේවයින් තවත් දිරිමත් වෙලා මේ රටට පුළුවන් තාක් කල් වැඩක් කරපන් මලයා...

මුළු හිතින්ම සුභ පැතුම්!

Dilanka Madhawa said...

අඩේ අයියෙ ඔන්න මගෙනුත් බොක්කෙන්ම සුභපැතුම්

Anu said...

සුභ පැතුම්.. !!!

කුරුණෑගල හිමි said...

හරිම ආඩම්බරයි. ඔයාගේ මේ ජයග්‍රහණයට මගේ සුභ පැතුම්....! තව තවත් මේ වගේ නිර්මාණ කරලා ඔයාට මේ ලෝකයේම ඉන්න සුපිරිම දක්ෂයෙක් වෙන්න වාසනාව ලැබේවා....! අනිවාරයෙන්ම මේ ගමන නවත්වන්න කාටවත් බෑ. ඔයා මේ ලෝකේ සුපිරිම දක්ෂයෙක් වෙනවා මයි.

Ishara Premadasa said...

මගේනුත් උණුසුම් සුභ පැතුම් වේවා සහෝදරයා,මේ විස්තරේ දැනගෙන ගොඩක් කල් උනාට අද තමා බ්ලොග් එක කියවන්න ලැබුනේ, ඉස්සරහට මීටත් වඩා ලොකු ජයග්‍රහණ ලැබෙන්න කියා හදවතින්ම පතනවා!

ජේ.ඩී said...

ජයවේවා සහෝදරයා........ තවත් මේවගේ නිර්මාණ කරන්න ශක්තිය ලබේ වාzzzzzzz :D

Asanka said...

එල මචං නියමයි හැමෝටම ලැබෙන දේයක් නෙමෙයි නේ සුභපතනවා තවත් ජය ලබන්න කියලා.

dakshika said...

නියමයි මච්න්... හදවතින්ම කිව්වොත් :අති විශිෂ්ඨයි....!:

හිස් අහස said...

මචං උඹනම් හැබෑම දක්‍ෂයෙක් !! .. තව තවත් මේ වගේ වටිනා දේවල් ලේකෙට බිහිකරන්න ලැබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා

අපේ කොල්ලෙක් මෙහෙම වැඩ පෙන්නද්දී අපිට කොයිතරම් ආඩම්බරද

Dakshina said...

සුභ පැතුම් අයියේ....!

Gayashan said...

පිළිගන්න මගේත් හද පිරි සුභ පැතුම් අයියේ...!!! නියමයි...!!!

රවා said...

මෙවා දකිද්දි සන්තොසෙ ඉතිරෙනවා

Indranama said...

සොරි වෙන්ටෝනැ, දැනුයි පෝස්ට් එක දැක්කේ.
මගේ උණුසුම් සුබපැතුම් මචෝ! තව තවත් ජයග්‍රහණ හිමිකරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!..

Geeth Nuwan said...

සුභපැතුම් අයියෙ... නියමයි..!!!

kumaraya said...

බොහොම හොඳයි කොල්ලො ..... නියමයි ....

thusithaltr said...

ඔබේ නිර්මාණාත්මක හැකියාවට අපගේ හෘදයාංගම සුබපැතුම් ධනික.

said...

චීයර්ස් මචන්!!!

Nuwanga said...

සුභ පැතුම් ධනික අයියෙ. මේ වගේ නිර්මාණ කරන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

namila007 said...

අති විශිෂ්ටයි ..... මගෙන් සුබ පැතුම් :)

Pathum Herath said...

සුභ පැතුම් මචන්...

CD Athuraliya said...

දිගු ගමනකට හදවතින්ම සුබපැතුම්! ඔබේ වචන ජයග්‍රහණය තරම්ම වටිනවා!

Eranga Jayalatharachchi said...

Congratulations!
Keep up the good work.

ගිශාන් said...

ඔයා නම් නියමයි ධනික අයියේ.මෙන්න මගෙනුත් සුභ පැතුම්.

Anonymous said...

goodluck dhanika..!!

Dedunu Dhananjaya said...

හදවතින්ම සුභ පැතුම් සහෝදරයා!!!!!! ජය !!!!!!

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

පොඩ්ඩක් ප්‍රමාද වුනා සහෝ...!!! මම ඉතින් කලින්ම සුභ පැතුවා නොවැ... කොහොම වුනත්..., කියන්න වචන නෑ... ඒ තරම්ම සතුටුයි... ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙන්න පුළුවන් ඔයාලා වගේ වැඩකරුවෝ හින්දා තමයි...

‘භාෂා‘ එක්ක දිගු ගමනක් යන්න ශක්තිය...!!! ජයෙන් ජයම වේවා...!!!

Unknown said...

අපේ රටේ ඉඳන් වෙනත් රටවල් වෙනුවෙන් වැඩ කරන සොෆ්ට්වෙයා ඉංජිනේරුවරුන්ට ඔබ හොඳ ආදර්ශයක් මල්ලි. මම හිතන්නේ ඔයාගේ මේ නිර්මාණය ජාත්‍යන්තරව ඇගයීමකට ලක් වුනා වගේ දේශීයවත් හරියාකාර ඇගයීමකට ලක් විය යුතු දෙයක්. ඔබට ලැබුනු ජයග්‍රහණය ගැන අවංකවම සතුටු වෙනවා. මෘදුකාංග නිර්මාණයෙන් ලංකාව, ලෝකයේ හොඳ තැනක ඉන්නවා කියලා අනෙකුත් රටවල් වලින් ඉදිරිපත් වුන ගණනත් එක්ක සංසන්දනය කළාම පැහැදිලි වෙනවා. (විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක බැලුවම) ඔබට ජය වේවා!

තාරක වීරසේකර

Tonya Heroux said...

බොහොම සතුටුයි.. හදවතින්ම සුභ පතනවා

හා පැටික්කි (MS) said...

සුභ පැතුම් අයියා ඉදිරියටත් මෙවන් දේ තුලින් ලෝකයට යාමට අවස්ථාව ලැබේවා.....!!!!!

ශානි said...

සුභ පැතුම් අයියා

කතන්දර Kathandara said...

Well done Dhanika

නාකියා said...

මට නම් උඹව අපේ කාලයේ යෝධයෙක්...
සුභ පැතුම් සහෝදරයා...

ධනික | Dhanika said...

සුභපතමු හැ‍මදෙනාටම බොහෝමත්ම ස්තූතියි!

ඔබේ ඔය පුංචි වචන දෙක තුන මගේ ජීවිතේට ගොඩාක් වටිනවා. ඒ වටිනාකම කියලා නිම කරන්න බෑ. මගේ ජීවිතේ වැටුනු තැන් වලදි ගොඩ එන්නත්, රිදුනු තැන් වලදි සුව වෙන්නත් එදා මෙදා තුර ඔබ මා ගැන ලියපු ඔබේ ඔය පුංචි වදන් වැකි මට ගොඩාක් උදව්වුනා. ඒ හැම දේටම මම ඔබ හැමොන්ටම ණය ගැතියි!

නැවත වරක් ඔබට බොහෝම ස්තූතියි!

෴ .:GiniMakara :.෴ said...

Wish you all the best bro !!

෴ .:GiniMakara :.෴ said...

Is this Browser working with Samsung GALAXY Tab 10.1 ??

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

ممممممممممممممممممممممممممممممممممممممممممم
ලක්මෑණියන් හරි පිංකාරි කියන්නේ ඔබවගේ පුතුන් රටට දයාදයකල දේමව්පියන්ටත් එක්ක සහෝ... ගොඩාක් සතුටුයි
ඔබගේ සිතේහිපරිදි සෑම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨවේවා කියා
මේ හිරු එළියත් එත සිතින් ප්‍රර්ථනා කරනවා !!!
ඔබට සදා ජය !!!
هههههههههههههههههههههههههههههههههههههههههه

දඩබ්බරී said...

ගොඩක් සතුටුයි හදවතින්ම සුබ පතනවා අයියේ..!! තව තවත් මේ වගේ නිර්මාණ හරහා ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න අයියට වාසනාව ලැබේවා..

වැප් said...

අඩේ ‍බොහොම සතුටුයි

෴ හසියා ෴ said...

ගොඩාක් සතුටුයි අයියා.... නියමයි....
මේවගේ දේවල් තව තවත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....

ජීවිතේ මල් said...

රට ගැන, බ්ලොග් ගැන , කොටින්ම උඹ ගැන පුදුම ආඩම්බරයක් දැනුනා.. එවන් රටක රට වැසියන් වී, එවන් අවකාශයක බ්ලොග්කරුවන් වී අපිටත් අභිමානයක් දැනුනා !

ජය වේවා !!!!!!!!!!! ඇරඹුම බොහෝ ඉදිරි ජය සලකුනු පෙන්වයි!!!
ජයෙන් ජය!!!!

සෝරෝ said...

ජයෙන් ජය...!!

Bunny said...

චූටි ඉරිසියාවක් එක්කම.. සුභ පැතුම් එක්කරමි :D :D

ගොලුවා මං said...

සුබපැතුම් මිතුරේ.......

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

සුභම සුභ පැතුම් අයියේ. සුභ පතන්න මෙච්චර පරක්කු වෙච්ච එක ගැනනම් මට සමාවෙන්න. අයියා ඉන්න තැන දැකලා එකම අධ්‍යනාංශයේ ඉන්න කෙනෙක් විදියට මට හරිම සතුටුයි. අයියා ඇත්තටම අපිට ආදර්ශයක්.

අපේ ගොඩක් අය ඇකම අල්ලන් දඟලනවා මිස ප්‍රායෝගිකව දෙයක් කරන්න බලන්නේ නැහැනේ. මට තවම මතකයි එක දවසක්(මම CSE ආපුම දවස් වල) අයියා කිව්වා "මම ඇක ඩයල් එකක් නෙමේ මල්ලී" කියලා. ඇකම අල්ලන් දඟලන අයට අයියා හොද ආදර්ශයක්.

අයියා කැම්පස් එකෙන් පිටවෙන්නත් කලින්ම company එකකුත් පටන් අරන් අපිට තවත් ලොකු ආර්ශයක් දීලා තියනවා.

මගේ සුභ පැතුම් අයියේ. Company එකත් වැඩි දියුණු කරගෙන දිගු ගමනක් යන්න ඔයාට තව තවත් ශක්තිය, ධෛර්ය්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :-)

Madhawa Habarakada said...

එල කිරි මල්ලි. මුළු හිතින්ම සුපිරි අනාගතයකට සුභ පතනවා. අපිට ආඩම්බරයක්.

මහිම මදුරංග said...

සුභ පැතුම් සහෝ... ජයෙන් ජයම වේවා..

ei - blog.electronicinside.com said...

තමන් සතු දැනුම අන් යත් සමග බෙදා හදා ගන්න ඔබ වැන්නවුන් මෙවැනි සම්මානයන්ගෙන් පිදුම් ලැබීම අරුමයක් නොවේ. මෙය ආරම්භයක් පමණකි. යන්න ඉදිරියටම! ඔබට ජයෙන් ජය!!

Gayan Tharaka said...

මගෙනුත් සුභ පැතුම් ධනික..
ජය වේවා!!

Unknown said...

සුභ පැතුම්.. !!!
මේවගේ දේවල් තව තවත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....

Damith said...

my congratulation friend!

Dinumadushan said...

maka mama android phone akata dapuwahama kiyanawa etisalate user lata witarai kiyala makata mokada karanna puluwan

Shahen Dulash said...

gud job bro.... keep it up...congrats!!!!!!

saman said...

AYYE MAMA OYAGE HEMA BLOG SATAHANAKMA KIYAWANAWA.EBAY GENA LIYALA TIBUNA HEMA VISTARAYAKMA KYEWA.AEHEMA KIYAWALA HNB DEBED CARD AEKAKUT ARAGENA PAYPAL ACCOUNT HADAGATTA.AET PAY KARANNA BEHA.ARRO AEKAKA AENAWA.MATA PULUWANNAM UDAW KARANNA.E MAIL AEKA SAMAN.SILVA37@GMAIL.COM

හර්ෂණ පතිරාජ රණතුංග said...

godak sathutui....ela wedak...wish u all the best...

GG said...

malli elakiri!You are a proud of our island!Jayen jaya!!!

OVITIGALA said...

ගොඩක් සතුටුයි.

Kasun Nadeeshana said...

එල එල පට්ට. දිගටම මේ වගේ දේවල් කරලා ශ්‍රී ලාංකික නම ජාත්‍යන්තරයට ගෙන යන්නට හැකි වේවා!!!!!!

Mr.Hasi said...

Anagathaye thawa thawa nawa nirmana karanna labewai suba pathanawa!

Kauwa Ekanayake said...

Congratulations machan! all the best for future, way to go!

My favourite songs said...

Niyamai aiyee.. Maxxa

chaminda said...

දිගටම මේ වගේ දේවල් කරලා ශ්‍රී ලාංකික නම ජාත්‍යන්තරයට ගෙන යන්නට
මුළු හිතින්ම සුපිරි අනාගතයකට සුභ පතනවා..............

෴මඃ෴ said...

You have bridged a big vaccum in Sinhala ICT and Mobile. Pl. continue your work
Good Luck!

Niranjan Meegammana

Anonymous said...

godak stutui

සුදීක said...

ඔයා කරන ලද තත්පර ගානේ කථාව දැක්කාම මගේ ඇස් දෙකට කඳුළු ආවා. මට මෙතනදි සතුටු වෙන්න කාරනා කිහිපයක්ම තියෙනවා. ශ්‍රීලාංකිකයකු වීම, බ්ලොග් කරුවකු වීම්, බෙන්තර ඉපදිලා කළුතර පාසල් ගිය කෙනෙක් හැටියට පයාගල කියන ගම මගේ අස්ල්වැසි ගමක් ලෙස මට දැනීම. මේ කොහොම වුනත් මම දිනුවා වගේ සතුටක් මගේ හිතට ආවා. විජට් එක මගේ බ්ලොග් එකෙත් ස්ථාපනය කරල තියෙනව. ඒක ගැන මට තිබුනේ පුදුමාකාර සතුටක්. මගේ ඩුප්ලිකේට් ඇන්ඩ්‍රොයිඩ් අයිපෑඩ් එකට සිංහල දාගන්න විදියක් නැතුව දස අතේ කල්ප්නා කරමිනි ඉඳිද්දී තමයි මේක දැක්කේ. දැන් මට ගෙදර යනකම් ඉවසුමක් නෑ. නිහතමානීව ඉදිරියට යන්න. මීට වඩා ලොකු දෙයක් කරන්න ශක්තිය දහිරිය ලැබේවා !!! කියල මම පතනවා.

homedecor said...

ශ්‍රි ලන්කිකයකු වශයෙන් ගොඩාක් සත්ටුයි මම සුබ පතනව ඔබට මගෙ හදවතින්ම.

ඔයාගෙ බ්ලොග් එක කියෙව්වට අද තමි මම ලියන්න ගත්තෙ මගෙ ඇඩ්සෙන්ස් එකවුන්ට් අකේ ටැක්ස් ඉන්ෆොමේශන් වලට ඇතුලත් කල යුත්තෙ කුමක්ද මට වෙරිපිකේශන් ගැන හිතා ගන්න අමාරුයි මෙගැන කියල දුන්නොත් හැමොටම ඒක වැදගත් වේවි

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails